ජංගි කතාවක් – කෙල්ලන් ඉන්න තැන් හොයන අළුත් ක්‍රමයක්

ඉස්කෝලෙ කාලෙ මායි අර සිඬාලේප කතාවෙයි කිම්බ කතාවෙයි උන්න සංකයයි තව එකෙකුයි තමයි එකටම වගේ උන්නෙ. තව එකෙක් කියල නම නොකිය හිටියෙ අද කතාවෙ මිනිහ කතා නායක හන්ද. කවුද කියල එලි උනොත් මං දොට්ට පහලට ගිහිල්ලත් ඉවරයි. ඒත් කතාව කියන්න ලේසි වෙන්න අපි මිනිහට කියමු ඒ.ජේ කියල [ඔය මිනිහගෙ මුල් අකුරු දෙකක්] නෑ නෑ මේ අර ප්‍රේමදාසගෙ සෙරෙප්පුවලින් සුප් හදන්න බලං උන්න ඒ.ජේ නෙමෙයි වෙන එකෙක්.

අපි තුන්දෙනාගෙන් ඒ.ජේ යි මමයි උන්නෙ එක පන්තියෙ. සංක අල්ලපු පන්තියෙ. ඒත් යාළුකමට පන්ති මොනවද. උදේ පාන්දර ඉඳල ඉස්කෝලෙ අරිනකන් එක දහ දොලොස් පාරකට වැඩිය අපි තුන්දෙනා මුනගැහෙනව. පන්ති දෙකේම ඕෆ් පීරියඩ් එකක් උනොත් තුන්දෙනාම එකම පන්තියකදි අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්නං උඩ පිට්ටනියෙ මැයි ගස්යට වාඩිවෙලා කොකු අදිනව. ඔය මැයි මලේ රේනු වලින් කොකු ඇදිල්ල වෙනම කලාවක්. ඒක ගැන පස්සෙ කියන්න බැරිය. [ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට ගියපු කට්ටිය එහෙම දන්නව ඇති විස්තරේ]

මේ වෙනකොට අපි දොලහ වසරෙ මුල හරියෙම. ඔය ඉතිං නැට්ටට කිරි උනන කාලෙ නෙව. අපේ ඒ.ජේ ටත් ඔන්න පිළිබඳ හිතක් පහල වෙච්චි. වෙන කවුරුවත් ගැන නෙමෙයි අර නෝටි අක්ක උගන්නපු ඉස්කෝලෙ නංගි බබෙක්ට. උදේ හවා අපේ ඉස්කෝලෙ මැදින් ගෑණු ළමයි දෙතුන්දාහක් උඩට පල්ලෙහාට යනකොට ඔහොම කොල්ලෙක්ට නොහිතුනානං ඉතිං ඌ ගැන කියන්න දෙයක් නෑ.

“ඉස්කෝලෙ මැදින් ගෑණු ළමයි දෙතුන්දාහක් උඩට පල්ලෙහාට යනව ?? ” ඔව් ඔව් ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ගැන දන්න කට්ටිය විතරේ දන්නවනෙව. හැමදාම උදේ හත හමාරටයි හසව දෙකටයි අපි ස්වයංවර මංගල්ලෙට ලේස්තිවෙනව. අනේ එහෙමත් දවස්. අපේ කොල්ලෙන්ගෙ හොඳ වැඩිකමටද කෙල්ලන්ගෙ හොඳ කමටද මන්ද ඉස්කෝලෙ ට්‍රැ‍ෆික් යුනිට් එකේ කොල්ලන්ට මහ පාරෙ වාහන ආම්බාං කරනවට අමතරව ඉස්කෝලෙ මැදින් වැටිල තියෙන පාරෙ අඩි දහයෙන් දහයට වගේ හරි මැදින් හිටගෙන ඉන්නත් තිබුන. දැං එක පැත්තක කොල්ලො යනව අනිත් පැත්තෙන් කෙල්ලො යනව. හරිම සාම කාමී ළමයි. ඕකුන් උන්නෙ නැත්නං බලන්න තිබුන අපේ අයියල කෙල්ලංගෙ අතින් අල්ලං ඉස්කෝලෙ එනව. [ඔය ට්‍රැ‍ෆික් කොල්ලන් හැමෝම සෙට් කරන් උන්නෙ උඩහ ඉස්කෝලෙ කෙල්ලො තමයි ඇයි ඉතිං හැමදාම උදේ පාන්දර උන් දිහා බලාගෙන ඉන්නෙ නීතියෙන්ම අවසර උන්ට තිබුනනෙ]

ඒ.ජේ ටත් හිත වැ‍ටුනෙ ඔන්න ඔය ළමයකුට තමයි. දැං ඉතිං මේක වෙනදටත් වැඩිය උදෙන් ඉස්කෝලෙ එනව හෙනම හෙන පිලිවෙලට. උදේ ආව වෙලේ ඉඳං සංකටයි මටයි කනුකුණු ගානව පාරට යන්න මුගෙ ජිඟිරිපාං කෙල්ල බලන්න. ඇයි ඉතිං දවසටම බලාගන්න වෙන්නෙ උදේට එකපාරයි දවල්ට ඉස්කෝලෙ ඇරුනම එකපාරයි නෙ. අපි දෙන්නටත් මොකෝ අනුන්ගෙ හරි කෙල්ලෙක් බලන්න තියෙනවනං. ඔය දෙතුන්දාහක් කෙල්ලො අස්සෙ අපෙත් බඹා කොටපු එකී උන්නොත් එපා කියයි. ඉතිං අපිත් යනව මේකව මැදිකරං දෙපැත්තෙන්.

ඔන්න බොලේ කෙල්ල ඉස්සරහටම එනව. බොබ් කට් කපාපු කොට මොඩ්ල් කෙල්ලෙක්. හරිම සිරියාවයි. යකෝ මේ කෙල්ල කොහෙන් පාත් උනාද අපි මේ ඉන්නව ඇහැට දැකල නෑනෙ මේහෙව් එකක්. කෙල්ලගෙ අතේ නෙට් බෝලෙකුත්. ඈ ඕයි මේකි කොට වැඩි නැද්ද නෙට්බෝල් ගහන්න? [මේ සේරම මට හිතිච්ච මිසක් කටෙන් පිටවෙච්ච දේවල් නං නෙමෙයි]

ඔන්න ඔහොම සතියක් විතර ගියා. හැමදාම උදේට ඒ.ජේ කෙහෙල් ඇවරි හිනාව දාගෙන අපි දෙන්නවත් දෙපැත්තෙන් තියාගෙන පල්ලෙහාට යනව ආයෙම හවසට පුස්තකාලෙ ඉස්සරහ තියෙන නෝටිස් බෝඩ් එක ලඟ ‍රැකල ඉඳල පස්සෙන් යනව. ඔතනින් එහාට මෙලෝ දෙයක් වෙන්නෙ නෑ. දැං මේ රුටීන් එක අපි දෙන්නට එපාම වෙලා.

මචං ඔහොම ගිහිල්ල හරියන්නෙ නෑ. කෙල්ල කැමතියිද කියල දන්නෙත් නෑ නේද?

මේ උදේ පාන්දර උඩට පල්ලෙහාට ගිහිල්ල හැමෝටම නෝන්ඩි වෙලා බං අපි. පස්සෙන් ගියා ඇති දැන් ඉතිං අහපන්. බැරිම තැන සංකය කිව්ව.

එහෙම කොහොමෙයි බං එක පාරටම අහන්නෙ, අනික මේකි පොත්ත රතුවට උන්නට කවුද දන්නෙ කොහේ කාගෙ කවුද කියල. අන්තිමට මට හෙන මරාලයක් කරගහන්න වෙයි. උඹල නං කියයි.

එහෙනං ඔකිගෙ යාළුවෙක්ගෙන් වත් අහල බලහං, අර කෙමෙස්ට්‍රි ක්ලාස් එනව නේද ඕකිත් එක්ක එන කළු එක.

පිස්සුද ඕයි. එක එකාගෙන් ඔය මඟුල් අහල අන්තිමට මං ඒ කෙල්ලට නෝන්ඩි වෙන්න වෙන්නෙ. අනික කෙල්ලටත් හොඳ නෑ නෙ බං.

මුගෙ ගනං. බොට අහන්න බැරිනං නිකා හි‍ටු. මීට පස්සෙ මං නෙවෙයි උඹත් එක්ක මේ ක‍ටු කන්න එන්නෙ. නවම් ‍තෝත් මුගෙත් එක්ක යනව නෙවෙයි. සංකයට මළ පැනල අරූට අම්ම මෝ නැතුව බනිනව.

හරි හරි බොලව්, ඉඳපල්ල මං පොටක් පාදගන්නකං. අනේ එතකං හොඳ එවුන් දෙන්න වගේ වරකො මාත් එක්ක. ඒ.ජේ නාහෙන් අඬනව.

හරි, එන්නං මේ සතියෙ විතරයි. උඹ අහනවනං අහපං, ඊට පස්සෙ අපි නෑ තොගෙ මඟුල් වලට. කෙල්ලොන්ට උනත් මෙහෙම පාච්චල් වෙන්න බෑ ඕයි. සංකය ආපහු බෙරිහන් දෙනව.

ඒ සතියත් සුපුරුදු විදියට පාරෙම ගෙවුන. දැං අර මං කලින් කිව්ව පාර දෙකට බෙදන්න මැද්දෙන් හිටන් ඉන්න ට්‍රැ‍ෆික් කොල්ලන්ටත් මොකක් හරි සීන් එකක් කියල තේරිලා. උන් ඉස්සරහින් යනකොට දානව කින්ඩි හිනාවක්, ආයිත් වසන්න හිතෙන්නෙ නෑ.

ඔන්න ඊලඟ සිකුරාද ඒ.ජේ එනව අපි දෙන්න ගාවට මහ හිඟන මුනක් දමාගෙන. දැං අපි දන්නව මොකක් හරි මහ චාටර් වැඩක් තමයි කියල.

මචං මං කෙල්ල ඉන්න පැත්ත හොයා ගත්ත හෙට යමන්ද?

බෑ කියන්නෙ මොන හිතකින්ද මෙ මූණ දිහා බලාගෙන. අනික බෑ කිව්වොත් මූ මෙතනම බිම වාඩිවෙලා අඬන සයිස්.

හා යමං.

එහනං බොලා දෙන්න හවස හතරට විතර කලේගාන හන්දියට වරෙල්ල. අනේ වරද්දන්න එපා බොලව් හොඳේ?

හරි හරි අපි එන්නං උඹ පුටාර් එක අරං වරෙන්. මගෙ එකේ ඩබල් දාන්නෙ බෑ බං. පොල්ල  ජොයින්ට් එකෙන් දිරල.

ඔන්න දැං සෙනසුරාදා අපි දෙන්න හන්දියට වෙලා බලං ඉන්නව මූ එනෙකං. කොල්ල එනව පුටාරෙ පැදං. අප්පට සිරි පොර ටී එකක් ඇඳල ඊට උඩින් බොත්තන් නොදාපු කො‍ටු කො‍ටු අත්දිග ෂර්ට් ඒකක් ඇඳල ඩෙනිමක් ගහල රබර් ක‍ටු දෙකකුත් දාගෙන එනව. [ඩෙක් ෂූස් නැද්ද ඇහුව ? මොන අපි ඒ කාලෙ ඕව්ව ගැන අහලවත් නෑ. අනික ඉස්කෝලෙටයි මඟුල් ගෙදරකයි හියොත් ඇරෙන්න අපි දාන සපත්තු]

යමල්ල යමල්ල පරක්කු වෙලා කියල ඒ.ජේ සංකයවත් හන්දියෙන් දාගෙන පදිනව වක්වැල්ල පාරෙ. මං උන් දෙන්නට ඉස්සරහින් පදිනව.

ඔය ඉස්සරහ බෝක්කුවට මෙහායින් දකුනට හරෝපන් ඒ.ජේ මහ අබ්ලික් වොයිස් එකකින් කෑගහනව . සංකය දාගෙන පැදල පොරට අම්බානක හති.

හරි හරි මචන් මේ හරියෙ තමයි ගෙවල් තියෙනව කිව්වෙ. බැහැල හෙමින් යමල්ල.

මොන මඟුලක්ද බං, ගෙවල් දන්නවනං යමංකො බයිසිකලෙන්ම යමංකො.

ඉන්න පාර විතරයි බං මම දන්නෙ.

අනේ හරකො, ඉන්න පාරක් විතරක් දැනගෙන කෙල්ලෙක් හොයාගන්න පුළුවන්ද? මොකෝ ඒකි ඉන්නෙ පාරෙද?

නෑ මචං. ගෙවල් තියෙන්නෙ මේ පාරෙ අයිනෙ. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල බලමු.

එහෙම කියල මේක බයිසිකලෙත් තල්ලු කරන් අපි දෙන්නත් ඉස්සර කරන් යනව. අපිට මොකෝ අපේ කෙල්ලෙක්ය කියල වගක් නැතුව අපි මුගෙ පස්සෙන් යනව.

මචං නවම්, මොකෝ බං අරූ අර වතු වලට එබි එබි කරන්නෙ?

අනේ මන්ද බං. ගුටි කන පොටක්ද දන්නෙ නෑ.

මේ කෝකටත් අපි දෙන්න ටිකක් පහු වෙලා යමු. නැත්නං මුගෙ හරක් වැඩ වලට අපිටයි කන්න වෙන්නෙ.

හ්ම්..

එකපාරටම ඒ.ජේ නැවතුනා ගෙයක් ලඟ, පොර වැට ගාවටම ගිහිල්ල වත්තට එබිකං කරනව. පාත් වෙනව. ආයෙමත් ඉස්සෙනව ආපහු ඩිගක් ඉස්සරහට ගිහිල්ල ආයෙමත් පාත් වෙනව ඉස්සෙනව මේකට මොකෝ වෙලා තියෙන්නෙ ?

හරි හරි මචං මේක තමයි ගෙදර. දැං කවුරුවත් දකින්න කලිං යමල්ල. කට කනේ තියං ඒ.ජේ කියනව.

සිරාද, බර අත්තක් වගේ නේ, කෝ කෙල්ල හිටියද ගෙදර. මොකෝ උඹත් එක්ක හිනා උනැයි?

කෙල්ල කොහේද බං අද ගෙදර, ඒකිට අද ගුරුගේ ගෙ පිචිස් ක්ලාස්නෙ.

මොන රෙද්දක්ද බං, කෙල්ල ගෙදරත් නෑ කියල දැන ගෙනද මෙහෙම කට්ට කෑවෙ. එතකොට උඹ කොහොමෙයි දන්නෙ මේ ඒකිගෙ ගෙදරමෙයි කියල?

උඹලට පිස්සුද, ගෙදර ඉන්න දවසක මෙහෙම ඇවිල්ල මාට්‍ටු උනොත් නෝන්ඩිනෙ බං. මේ ඒකිගෙ ගෙදරම තමයි.

උඹ කොහොමෙයි හරියටම කියෙන්නෙ.

ෂෝට වැලේ තිබුන බං

ෂෝට? මොන ෂෝටක්ද බං බොට පිස්සුද?

ඒකි නෙට්බෝල් ප්‍රැක්ටිස් කරනකොට සායට යටින් අඳින රතු ෂෝට බං !

67 Responses to ජංගි කතාවක් – කෙල්ලන් ඉන්න තැන් හොයන අළුත් ක්‍රමයක්

  1. Ruwan පවසන්නේ:

    අඩේ……. පරණ කතාවක් මතක් වුනා…. එදානම් කෙල්ලගේ තාත්තාට මාට්ටු වෙලා නූලෙන් බේරිලා ආවේ… අහු වුනා නම් පොර අපේ නූල් කපන්නෙ එදා.. පට්ට කතාව

  2. ගෝල්ඩ් fish පවසන්නේ:

    යකෝ ඌ කොහොමද ෂෝට දැක්කේ… මොනා වුනත් පට්ට ක්‍රමේ ඇ….

    • නවම් පවසන්නේ:

      අපිටත් ඔය ප්‍රශ්ණෙම ආව. ඇහුවට මූ කිව්වෙම නෑ. අන්තිමට කෙල්ලට කියනව කියල බය කලාම තමයි පොර කිව්වෙ. මේක අපි දෙන්නට හොරෙන් කෙල්ල ඉස්කෝලෙ නෙට්බෝල් ප්‍රැක්ටිස් කරනව බලන්න ගිහිල්ල. කෙල්ලගෙ ඉස්කෝලෙයි අපේ ඉස්කෝලෙයි තිබුනෙ එකම වත්තෙ වගේ නිසා ඕන වෙලාවක අපේ ඉස්කෝලෙ කන්ද මුදුනෙ තියන බුදුපිළිමෙ ගාවට ගියාම ඔය සෙල්ලම් කරන ගෑණු දැරිවියො බලාගන්න ඇහැකි.

  3. රත්ගමයා පවසන්නේ:

    හික්…මේක ටියුශ්න් ක්ලාස් වල උගනන්න ඕනා කුප්ප වැඩක්…
    හික්…….රතු ශෝට

  4. blog gadol පවසන්නේ:

    හික් හික්!! චීයා, කැත ළමයි

  5. viswe පවසන්නේ:

    ඒ රතු ෂෝට හැර වෙනත් රතු ෂෝටවල් නැතැයි..

  6. හුටා… මාර කෙරමෙ නේ. දැන් ඔන්න මට මාර ප්‍රශ්ණයක් ලු. ඒ කාලෙ රතු ෂෝටවල් ඇන්දේ ඒ පාරෙ හිටපු ඒ ගෑනු දැරිවි විතරැයි?

    • නවම් පවසන්නේ:

      හා දැං සේරම මගෙන් අර අඹ පුරස්නෙ අහනව නේද? මං දන්නෙ නෑ බොලව්. කොහොම හරි ඒක තමයි ගෙදර. අනික ඌ ඔය උඩපනින කෙල්ලගෙ තව මොනව හරි ඇඳුම් කැඩුම් දැක්කද දන්නෙ නෑ නෙව. මං ඕව අහන්න ගියේ නෑ බං :D

  7. කුරුං ගුරුං පවසන්නේ:

    නයිස් ටු මාස්ටු අයියේ මමත් ජූල් ගහ තියෙන ඉස්කෝලේ තමා.අපිත් දන්නව ඔය කතා වලත් තියෙන අරුම….
    හෙ හෙ….

    http://kgdilanka.blogspot.com/search/label/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0

  8. abeetha පවසන්නේ:

    හික් හික්…. මරු මරු…. සිරා කතාව…. උඹලත් කරලා තියෙන වැඩ අම්මපා…

  9. ..ChAnDiKa.. පවසන්නේ:

    ඉතිං අවසානෙට මොකෑ වුනේ අයියා. කෙල්ල සැට් වුනැයි…. :D

  10. Ravi පවසන්නේ:

    ඒ……….බාං, නවං මලේ උඹ අලුතෙං ඉතිහාසය ලියන්ඩෙයි මේ ලක ලැහැත්තිය?

    අර කියාපු ඒ. ජේ.ගොයිය සුප් හදල බොන්න හැදුවෙ ජේ. ආර්. ගෙ නෙවෙයි කොල්ලො, ප්‍රේමදාසගෙ සෙරෙප්පු වලින් නෙව,

  11. පූසා පවසන්නේ:

    චීයා වල්ල්ල්ල්ල්ල්ල්ල්ල් :D

    • නවම් පවසන්නේ:

      නෑ නෑ ඌ ජංගි බලල තියෙන්නෙ වල් කමකට නෙවී. කෙල්ලග ගෙදර හොයාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නෙව [එහෙමයි අපි "‍තෝ අපිට බොරුව දාල ප්‍රැක්ටිස් කරනව බලන්න ගියා නේද වලත්තය" කියල ඇහුවම]

  12. Bunny පවසන්නේ:

    අප්පට බොල :-D

    ගාල්ලෙ කොල්ලෙක් හැටියට මට හෙන සතුටුයි :P

  13. මධුරංග පවසන්නේ:

    අඩේ සිරාම සීන් එකක්. අපි කැම්පස් ආපු දවස්වලත් ඔය වගේ සීන් එකක් උනා. දවසක් සීනියර් බැච් එකක අයියා කෙනෙක් ඇහුවා කොහොමද හොස්ටල් එකක් පිරිමි හොස්ටල් එකක්ද ගෑනු හොස්ටල් එකක් ද කියලා අදුන ගන්නේ කියලා.

    එතකොට අපේ එකෙක් කිව්වා වැලේ වනලා තියෙන රෙදි වලින් තමයි කියන්න වෙන්නේ කියලා. මේකත් ඔයිට වෙනස් නෑ. පට්ට කතාව නවම්…. :)

  14. රංග පවසන්නේ:

    හප්පා ගාල්ලෙ කොල්ලෙක් වීම ගැන මටත් ආඩම්බර හිතෙනව

  15. රංගයා පවසන්නේ:

    ඊයා…. ඔයාල හරි වල්….!!!

  16. arunishapiro පවසන්නේ:

    ෂර්ලොක් හෝම්ස් පරාදයි නෙව. පොඩි කොල්ලන්ගේ සෙනෙහස සොයා යන ගවේෂණ නවතන රෙදි වේලන මැෂින් බහුල නොවේවා කියා පතමි!!

  17. හිස් අහස පවසන්නේ:

    අනේ පවු ඒ අහිංසකයට තමන්ගේ ලවු එක ලැබුනයි ? හැබැයි ඉතින් ඔහොම හරියටම කියන්න බෑ මේක කෙල්ලගෙම සෝට කියලා . කවුද දන්නේ කෙල්ලගේ අම්ම ෆුට්බෝල ගහන කොට අඳින සෝටද කියලා .

    හූන කීව වගේ කියන්නේ කෙල්ල ජේවීපී …

    • නවම් පවසන්නේ:

      ඒක නං වෙන්න බෑ මලේ, අම්ම බැරල් එකක් වගේ බං, ආයෙ ඒ ෂෝට අතකට අන්දන්නත් බෑ. කෙල්ලගෙ තාත්ත හෙන ජෙප්ප, ඡන්දෙත් ඉල්ලුව පහුගිය කාලෙ. [ඔන්න බලපන් රතු ෂෝටෙන් සාත්තර කියන්න ඇහැකි නෙව] කෙල්ලගෙනං වැඩි මනාපයක් නොතිබුන හන්දද කොහේද ඒ පාට යටට ඇන්දෙ. :D

  18. Razika පවසන්නේ:

    10 පන්තියේදි විතරයි බෙල් එකට කලින් පන්තියට වාර්තා කලේ…..
    ජූල්ගස් හන්දියේ ඉස්කෝලෙට ගියපු අය හේතුව දන්නවා ඇතිනේ…..

    කතාව ජංගි උනත් ෆට්ටය… රතු ශෝට! හික්ස්..

  19. Shane පවසන්නේ:

    Dude can you increase your font really hard to read

    • නවම් පවසන්නේ:

      Hey Shane, it’s increased now. thanks buddy ! hope every one will be happy with the new font size :)

      • arunishapiro පවසන්නේ:

        නවම් මල්ලී, මටත් කියලා දෙන්න පුළුවන් ද අකුරු සයිස් වැඩි කරන හැටි? ස්තූතියි.

        • නවම් පවසන්නේ:

          මම පාවිච්චිකරන්නෙ ‍ෆ්‍රී වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් එකක් නිසා තීම් එකේ CSS වලින් ෆොන්ට් සයිස් වෙනස් කරන්න බෑ. ඒක නිසා මාත් ඔය ප්‍රශ්ණෙට උත්තර හෙව්ව සෑහෙන්න. අන්තිමට හරිම සරළ ක්‍රමයක් හම්බුවුනා. හැබැයි මේ ක්‍රමයේදී අකුරු ලොකු කරන්න පුළුවන් වෙන්නෙ පෝස්ට් එකේ විතරයි, අනිත් ලින්ක්ස් වල වෙනස් වෙන්නෙ නෑ [හරියට මගේ බ්ලොග් එකේ වගේ]

          සාමාන්‍ය විදියට නව ලිපියක් එක් කරන කොටසට ගිහිල්ල ලිපිය එක් කරන්න.
          ඊලඟට එම ලිපි එකතුකරන පි‍ටුවේම තියෙන HTML කියන ටැබ් එක ක්ලික් කරන්න
          එතකොට එම ලිපියම කෝඩ් දෙකතුනකුත් එක්ක පෙන්නෙයි.
          ලිපියෙ අකුරු පටන්ගන්න තැනට මේක පේස්ට් කරන්න ඊලඟට ලිපියෙ අවසානයට එකතු කරන්න
          ඒ කෝඩ් දෙක අතරෙ තියෙන හැමදෙයක්ම font size=”3″ වලින් පෙන්නයි
          අකුරු තව ලොකු වෙන්න ඕනෙ නම් font size එක කියන තැනට වෙනස් අගයක් දෙන්න.

          මම හොයාගත්තෙ මෙතනින් : http://en.forums.wordpress.com/topic/how-to-change-letter-sizes-and-fonts-in-a-post?replies=15

  20. කොට ජීවිතේ පවසන්නේ:

    චීයා… බලන්න ඉතින් කරන වැඩ… :D

  21. කලු මල්ලි පවසන්නේ:

    මෙන්න මූට මදය ගහලෝ.!!!
    අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ තිබුන ගෙදර මතක් වෙනෝ……..මටත් මදය ගහලෝ…….!!!!

  22. Alchemiya පවසන්නේ:

    අපෙත් හිටියා ජංගි ගුණේ කියලා හාදයෙක්….
    මිනිහට නං ඔය වගේ සිද්ධියක් නෙවෙයි වුනේ… ඒ වුනාට ඒක මෙතන කියන්න ගියොත් ටිකක් හරි නෑ වගේ….
    කොහෙද, මගේ බ්ලොග් එකේ ඔය වගේ වල් පල් ලියන්න බෑ නෙව… නැත්තං මටත් තියෙනවා කතා හැට හුටහමාරක් ලියන්න..
    ඒ මදිවට දැන් වෙලාවත් බොහොම අඩුයි…. වැඩ අහස උසට…
    කොහොමෙයි පැටියා ?

    • නවම් පවසන්නේ:

      අප්පට සිරි, ජංගි ගුනේ ! එහෙනං ෂුවර් එකටම පොර වැල් වලින් උස්සන එකෙක් වෙන්න ඇති. හික් !

      පොඩ්ඩ හොඳින් ඉන්නව ඇල්කෙමියො. දැං බඩගානව. පෙරලෙනව, බත් එහෙමත් කනව බෙරිවෙන්න හදල දුන්නම.

  23. වෙරංගා පවසන්නේ:

    අනේ අපි නම් ඔය මැද්දෑවෙන් යද්දි වටපිට බැලුවෙ නෑ.
    බිම බලාගෙනමයි ගියේ ඕන්.
    ට්‍රැපික් යුනිට් අයියලා හරිම ගණන් නෙව..:D

  24. dial පවසන්නේ:

    macho uda iskole pinki nangi mathakada mamath umbe iskolema thamai

  25. Beetle පවසන්නේ:

    ජංගියි පාර කියන්නේ…. :)

  26. Tin Tin පවසන්නේ:

    හෙහ්..හෙහ්…හෙහ්…

  27. බලන්න . . . . බලන්න වැලක තියන ජංගි ගනන . . . .

  28. Chinthana පවසන්නේ:

    මාර කතාව තමයි.කොටු දාන වැඩක්නෙ වෙලා තියෙන්නේ.
    ———
    ආ නවම් අයියල අපේ ගෙවල් ගාවට ඇවිත් තියෙන්නේ.ඔය කියන අක්කා කවුද කියල හොයාගන්නද? දැන් මොකද A.J. ට සෙට්ද?

  29. ගැනු ලමයෙක් එක්ක යාලු වෙන කාලේ කරන පිස්සු වැඩ ජීවිතේට අමතක වෙන්නේ නැ.දැන් ඒ කාලේ යාලුවෝ අපි කරපු වැඩ මතක් කරනකොට හිතෙනවා කොච්චර භයානක වැඩද කලේ කියලා ඒ වගෙම කොච්චර විනොදජනකද කියලා . ගැනු ලමයාගෙන් යාලු වෙන්න අහද්දි දැනෙන හැගීම් , හාට් එක පුපුරන්න වගේ ගැහෙන හැටි .. කියලා නිම කරන්න බෑ.

    මොනවා වුණත් මරු යාලුවෝ ටික

  30. Nadun Dissanayake පවසන්නේ:

    හපෝ… මූ නම් නියම මනුස්සයෙක්නේ.. ෂෝට විතරද බන් වැලේ තිබුනේ :P

  31. පිණිබිඳු පවසන්නේ:

    කෙල්ලගෙ ගෙදර හොයාගත්ත හැටි කෙල්ල පස්සෙ දැනගත්තද?

  32. l පවසන්නේ:

    Ada thama kalekata passe blog 1 baluwe.
    Oya kalla gana matath mathakai.
    SAC 1 ekekuth oya paththe karakuna wage mathakai. :D

  33. malmi පවසන්නේ:

    ඔයාෙග් ෙපා්ස්ට් කියවන්න අාෙව් අදමයිෙන්. මට අැත්තටම කාෙලකට පස්ෙස ෙහාදට හිනාෙවන්න අවස්තාවක් ලැබුනා. ෙෂා්ට ෙකෙස් ෙවතත් ඔයාට පිං.

  34. Ravi පවසන්නේ:

    red colour sort adinne oya kiyana kella witarak nam dakala tiyenne A kellagema gedara tamai

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers