දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පි‍ටුවක් හන්ද නෙව අපි දෙන්න එක වහලක් යටට උනේ.

කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?

අම්මප එක අතකට ඒ කාලෙ හම්බ උනානං මෙච්චර දුරක් නේන්නත් තිබුන නේද? ඒ කාලෙ මොනව කියල තේරෙන වයසක් ද. අනික අර ඔහෙගෙයි මගෙයි ඕ-ලෙවල් කාලෙ ගත්තු අයි.ඩී පින්තූර දෙකේ හැටියට කීයටවත් ලඟින් තියන්න ඇහැක් දෙන්නෙක්ය.

ඊටත් ඉතිං වැරදිලාවත් මයෙ හිත ගිහිල්ල පස්සෙං ආවනං ඔයැයිගෙ ඉස්සර කොල්ල මට අම්බානක ගහල මදි පාඩුවට ගෙදර ගිහිල්ලත් කන්න ඔතල දෙයි නෙව. එහම හිතෙන කොටනං මගෙ පූරුවෙ පිනකට තමයි ඇහැ ගැහුනෙ නැත්තෙ. වැරදිලාවත් එහෙම උනානං බලන්න තිබුන ර‍ඟේ.

යකාගෙ හැටියටයි විමානෙ කිව්ව වගේ අපි දෙන්න තකට තක, මට ඩෝං යන තරමට ඔහේ කට පියං ඉන්න එක නං පූරුවෙ වාසනාවක්ම තමයි, නැත්නං අපි දෙන්න කා කොටාගෙන කොහෙං අහවර වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.

කට කෑවත් කියන්න තියනදේ කියන්න එපැයි. ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ.

තාම ඇවිල්ල තියෙන්නෙ යාන්තං අවුරුදු දෙකයි. තව කොච්චාර යන්න තියනවද කියල මතක් වෙනකොටත් සරුවාංගෙම හීතල වෙලා යනව සන්තෝසෙට.

ඔහෙට හිතාගන්න ඇහැක චූටි මැණිකෙ තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම අපි දෙන්න කොහොම ඉඳියිද කියල. මට නං හිතෙන්න අපේ කොළු පැටිය රට ගියාම අපි දෙන්න තනිවෙයි ය කියල. පැන්සොං ගියපු නර්ස් නෝන කෙනෙකුයි මැනේජර් මහත්තයෙකුයි ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ.

සමහර වෙලාවට අපෙ කොළුව අපිදෙන්නත් අරං යයි නේද? අපි ඌව බලාගත්තු විදියට ඌ අපිවත් බලාගනියි නේද ? කවුරු කාට කියන්න ඇහැක්ද ඕව, ඒත් ඉතිං කවුරු ආව ගියත් ඔහේ මාත් එක්ක නොවැ ඒ මදෑ.

ඒ වෙනකොට මයෙ තට්ටෙ පෑදිලා තියෙයි, දතුත් හැලිල තියෙයි, අතපයත් වලංගු නැතිවෙලා ඇසුත් නොපෙනී යයිද මංද, ඒත් මොනව වෙනස් උනත් අද වගේම එදාටත් මේ පීනස් ලෙඩේනං අඩුවක් නැතුව තියෙයි නේ. කරුමේ කරුමේ !

මොකෝ හිනාවෙන්නෙ, ඔහේටත් ඒ ආනිසංසෙම තමයි, මොකෝ වයසට යන්නෙ මං විතරෙයි. ඔහෙගෙත් දත් හැලිල හම ‍රැලි වැටිල මයෙ ගානටම එයි. ඊටත් වැඩි වෙයිද කියන්න බෑ. ඒක හන්ද දැන්ම ඉඳල එක එක කිරීං ජාති උලල පරිස්සං වෙන්ට හොඳා, එහෙම හැඩට උන්නොත් කාටෙයි ආඩම්බර. තට්ට නාකියෙක් ලමිස්සියෙක් බැඳල කියල මයෙ නාකි යාළුවොයි අහල පහල ඉන්න එවුනුයි ඉරිසියාවෙ පැලෙයි නේද එතකොට. උන්ට හොඳම වැඩේ. ඉරිසියාකාර හැත්ත.

ඒ මොනව උනත් තාමත් ඉස්සර වගේම බැරි උනත් ඉඳල හිටල ඔයි උකුලෙ තියං ඔළුව අතගාන එකනං අමතක වෙන එකක් නෑ නෙව. හැබැයි අතගාල අහවර වෙලා නාකි කෝලං කියල මයෙ තට්ටෙට ටොක්කක් අනිනව එහෙම නෙවෙයි හොඳේ….. නාකි උනත් මං ඔහේ එක්ක නැතුව වෙන කවුරු එක්ක කෝලං කරන්නෙයි චූටිමැණිකෙ.

82 Responses to දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

  1. ඉන්දරේ පවසන්නේ:

    සිරා ලිපිය නවම් අයියේ…
    ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. ආ ඔබ දෙපලට විතරක් නෙමෙයි, පුතාටත්, අනාගතේ ඔය කැදැල්ලට එකතු වෙන්න ඉන්න දරුවන්ටත් :D

  2. පිණිබිඳු පවසන්නේ:

    නවම් අයියා චූටි මැනිකෙ සහ පුතු පැටියගෙ කැදැල්ලට තෙරුවන් සරණයි. තව චිරාත් කාලයක් ඔහොම ගුටිකාගෙන ටොකු ඇණගෙන ඉන්න වරම් ලැබේවා.

  3. Bindi පවසන්නේ:

    වෙන්න තියෙන දේ වලක්වන්න බැහැනේ . ලස්සන ෆොටෝ ටික . ඔහොම යන්.. අපේ සුබ පැතුම් දෙන්නටම .

    ……මල් විතරක් නෙමේ
    කටුත් හරියට තිබුනේ
    ඇනුණු කටු විසිකර
    නෙලමු මල් දිවි උයනේ
    ..සිනහ වාගෙයි මිණිකැට
    කඳුලුත් ගෙනෙයි මුතු කැට..
    එකට අරගෙන ගානට
    අමුනමුද ජිවිතේ මාලෙට….

    ඔය මන් අපි දෙන්නට මිට ටික දවසකට උඩදී ලිව්ව පද ටිකක් . ඔය දෙන්නටත් අදට ගැලපෙන බව සිතුන

  4. පූසා පවසන්නේ:

    අපූරුවට ලියලා……
    සුභ පැතුම්……
    අයියණ්ඩිටයි පවුලේ හැමෝටමයි නීරෝගිමත් ප්‍රීතිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා :)

  5. Santhusha පවසන්නේ:

    harima sathutuin aiye. subama suba anagathayak oyalage punchi pawulata.. :)

  6. ගෝල්ඩ් fish පවසන්නේ:

    අයියා හිරේ වැටිලා අවුරුද් දෙකයි…. කමක් නෑ ඕක ඉතිං රොමැන්ටික් හිරයක්නේ…. තුන්දෙනාටම සුභ අනාගතයක්….

  7. පන්සල් හංදිය පවසන්නේ:

    අඩේ ඔන්න මගෙනුත් සුබ පැතුම්, උඹයි මායි බැඳලා තියෙන්නෙ එක ලඟනෙ බැලුවාම. මමත් බැඳලා අවුරුදු 7 ගිය සැප්තැම්බර් තිහට ………….

    අවුරුදු එකොලහයි මුලු ලව් ස්ටෝරියටම …….

    ලේසි නැහැ බං කසාද ජීවිතේ කියන එකත් ……….

  8. සාතන් පවසන්නේ:

    නවම් අයියාට හා චූටිමැණිකේ අක්කාට උණුසුම් සුභ පැතුම්!…

    ඒ වගේම චූටි මැණිකෙ අක්කට අවුරුද්දක් හමාරක් යන්න කලින් හොඳට උයන්න පුළුවන් වෙන්න කියලත් කියන්නම්කො ;)

  9. sanjaya සිතුවිලි පවසන්නේ:

    සුබ පැතුම් …. දිගු ගමනකට ..

  10. මධුරංග පවසන්නේ:

    සියලුම දෙනාට මගෙන් සුබ පැතුම් !!!
    ඒ වගේම පුතු පැටියා ඇතුලු පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි !!!!

  11. අම්මප මචං . . . අවුරුදු දෙකක් චූටි මැනිකෙ උයන එවුව කෑව කියන්නෙ උඹට තෑගි දෙන්න ඕනෙම තමයි . . . ඊටත් උඹ වගේ මෙලෝ රහක් නැති ගස් ගොබිලෙකුට අවුරුදු දෙකක් තිස්සෙ බත් තම්බ තම්බ දුන්නු ඒ කෙල්ලව අදහන්න ඕනෙ . . . . .

    ප.ලි.
    උඹ බැඳල අවුරුදු දෙකද ??? අඩේ මම ගිය 2වෙනිදට අවුරුදු තුනයි බං කසාද බැඳල . . .

    ප.ප.ලි.
    කරුමයක් තියනව නං ගෙවන්න . . . . අපි ඒක ගෙවන්නම ඕනෙ මචං. . . . . .

  12. Ravi පවසන්නේ:

    දිවිය බෝ දුක් පිරුනු,
    මාවතකි කටු ඇනෙන,
    කටු ඇනී රිදෙන පය,
    තබා මා උකුල මත,
    ඇඟිලි තුඩගින් රැගෙන,
    ඇනුනු ඒ විස කටුව,
    ඇනුනු තැන නුඹේ පය,
    සෙමින් පිරිමදින්නෙමි,
    සදාතන ආදරෙන්,
    නොනිමෙනා සෙනෙහසින්,

    නවම්…..හරිම අපූරුයි……….උන්නු හැටියට මලා මදැයි…..පිය බිරිඳට මීටත් වඩා දෙන්ට පුලුවන් සහතිකේ මොකක්ද බොල?…………හෙහ්, හෙහ්,

  13. හංසකිංකිණි පවසන්නේ:

    අනේ නවම් අයියෙ, ඇස්වලට කඳුලුත් ආව කියවල… අයියටයි චූටි මැණිකෙටයි සුබම සුබ අනාගතයක ප්‍රාර්තනා කරනව!!

  14. Gimhani පවසන්නේ:

    මරු කතාව නාකි කෝලම් ….
    …සුභ පතනව ඔබ දෙපලට ..

  15. Observer පවසන්නේ:

    තාම අවරුදු දෙකය් නේද? ඔබීගෙය්, මගෙය්, රෙකොර්ඩ් එක කඩන්න සිංහල බ්ලොග් අවකාශේ කව්රුවත් ඉන්නවද?
    වැඩිය නැහැ, යාන්තං අවරුදු තිස් දෙකය් තාම, වයස නෙමේ, බැඳල බොලේ, බැඳල.
    පෝස්ට් එකේ අග හරියෙ කියපු දේවල් දැන් අපි දෙන්න අත්දකිනව, ස්කයිප්පුවෙන් කතා කරන ඒවයෙ ඉඳන්ම.

    දරු පැටියන් හත් අට දෙනෙකු එක්ක, ජොලි පවුල් ජීවිතයක් ගත කිරීමට ලැබේවාය් ප්‍රාර්ථනා කරනව. (අපිට නං දෙන්නය් ඉන්නෙ)

  16. buddie-බුඩී පවසන්නේ:

    happa hari ma shoi nawam
    ela ela congrats kiwwa ehenum :)

  17. දුකා පවසන්නේ:

    අඩෝ කඳුලු එනකම් හිනා වුනා බන් මේක කියෝලා . . .

    ලියපු දේවල් නිසා නෙමේ . .

    උබලගේ ආදරේ තරම ගැන දැනිලා . . .

    හැපි ඇනිවසරියක් වේවා . .

    මගේ වෙඩින් ඇනිවසරියත් මේ මාසෙ බන් . .

    පොටෝ කෑල්ලක් එල්ලලා වචන දහයක් ලියන්ට ඕන ඕන් . . .

  18. //තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ//

    හරිම නිර්භීත කොල්ලෙක්!

    වැඩි වැඩියෙන් ටොකු හම්බවෙන අනාගතයකට සුභ පැතුම්!! :D

  19. දුශ් පවසන්නේ:

    “කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?” හේ හේ..
    සුබ පැතුම් මගෙනුත්..!
    හිරයක් ගන්න තව අවුරුද්දු දෙකක් තුනක් තියනවා.. අනේ අපි නම් හරි අසාවෙන් හිර බත් කන්න බලන් ඉන්නේ.. කලාම නැ අප්පා..

  20. ෴ සොඳුරු සිත ෴ පවසන්නේ:

    සංශෝධිත-
    අම්මප චූටි මැණිකෙ , ඔහෙත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීල දීල , ඉන්ජෙක්සන් කටු කැඩෙනකම් ඇනල ඇනල , ආව නෙව මෙහෙවු ලෙඩෙක් හෙයාන. අම්මප පීනස කියන්නේ කවරදාකවත් හොඳ වෙන්නෙ නැති ලෙඩක්ය කියල කියන්නේ. චූටි මැණිකෙ, මම මේ ඔහෙට කියන්නේ ,පීනස නම් හොඳ කරාට කාරි නැතිවා. හැබැයි දැන් චුටි මැණිකෙගෙ සුදු මහත්තයට හැදිල තියෙන මේ අපූරු ලෙඩේ නම් සුව කරන්න යන්න එපා. ඔය ලෙඩේ ඔය ගාණටම ජීවිතකාලෙටම තියා ගත්ත නම් සතුටින් ඔහෙල දෙන්නටයි අර රං කැටි පුතාටයි ජීවත් වෙන්න පුලුවන් ඕං ………….

    වර්ධන වුවාට කාරි නැතිවා , මර්ධනය කරන්න නම් යන්න එපා.

    ඔන්න මයෙ සොඳුරු සිතෙනුත් , චුටි මැණිකෙටයි , චුටි මැණිකෙගෙ සුදු මහත්තයටයි, රන්කැටියටයි හදවත පුරෝල එකක් සුබාශිංසන……

    ආවඩා ආයුබෝ වේවා……….

    • නවම් පවසන්නේ:

      //අම්මප චූටි මැණිකෙ , ඔහෙත් ලෙඩ්ඩුන්ට බෙහෙත් දීල දීල , ඉන්ජෙක්සන් කටු කැඩෙනකම් ඇනල ඇනල , ආව නෙව මෙහෙවු ලෙඩෙක් හෙයාන//

      කරුමයක් තියෙයිනං මක් කොල්ලවත් ඒක වලක්කන්න බැහැ නෙව :)

  21. arunishapiro පවසන්නේ:

    සුබ පැතුම්!

  22. kathandarakaraya පවසන්නේ:

    මගේ සුභ පැතුම්!
    අවුරුදු දෙකට හැත්තෑ දෙකක් ආවාඩා ආයිබෝ වේවා!

    (ලින්ක්ස් දාලා තියෙන විදියත් මරු!)

  23. සුළඟ පවසන්නේ:

    නවම් මාවතට මම දාන පලමු කොමෙන්ටුවද මන්දා…

    */ ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ./*

    ඔහොම යං…

    සුභ පැතුම්!!!!

  24. මැණික් පවසන්නේ:

    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට යමු
    සංසාරෙන් අපි සමුගන්නා දා
    ඒ ගමනත් අපි එකට යමු
    ඉත සිතින් සුභ පතමි!!!
    මැණික්

  25. හනේ මලේ මේක දැක්කම්යි මතක් උනෙ. අවුරුදු දහයයිනෙ බං මේ පහුගිය ජූලියට! මල ජූලියයි, අමතකම උනා නෙව!

    සුභ පැතුම්…අර ඕනය කිව්ව වගේ කෙල්ලට පින් දීහං.

  26. abeetha පවසන්නේ:

    මගේ හීනෙත් ඔයිට සමානයි බන්….. මම බැදලා අවුරුදු හතරක්ම ඉවරයි නොවැ…

    සුභ පැතුම් නවම්…

  27. මහිම පවසන්නේ:

    හැපි ඇනිවසරියක් වේවා . .

  28. කින්නරාවි පවසන්නේ:

    මම මාරම පරක්කුයිනේ… සොරි වෙන්න ඕනා. ඔය දෙන්නගේ සංවත්සරේට මගෙන් සුභ පැතුම්.. මැරෙනකම්ම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

  29. Beetle පවසන්නේ:

    “ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ…”

    තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම නම් මීට වැඩිය හෙන වෙනස් වෙයි :D

    හැපි ඇන්වසරියක් වේවා නවම්…

  30. Giza පවසන්නේ:

    ආ මග වගේම තවත් ඊට වඩා බොහෝ දුරක් යාමට ඔබ දෙපලටත් චුටි පුතාතත් තුනුරුවන් සරන ලෑබේවා…!!!!
    හෑමදාම වගේ බ්ලොග් ලියන විදිහ නම් නියමයි අයියා සුබ අනාගතයක් ඔයගොල්ලන්ගේ පවුලේ සෑමට.

  31. Gayan Rupasinghe (සිංහයා) පවසන්නේ:

    මචන් උබ ලියල තියෙන ටික මැවීල පෙනුන,,,

    දෙන්නටම සුබ පැතුම්..

    ජය..

  32. Deeps පවසන්නේ:

    දෙන්නටම සුභ අනාගතයක්!!

  33. දුමී පවසන්නේ:

    මේ දවස්වල ඉස්පාසුවේ කමෙන්ට් පාරක්වත් දාන්න ඉඩ කඩක් නෑ නෙව… එහෙම කියලා උඹලගේ ඇනිවර්සරියට විශ් පාරක් නොදා යන්න හිත ඉඩ දුන්නේ නෑ…. ලොක්කා පැය ගාණක ඉඳන් ඉල්ලන රිපෝට් එක විනාඩි දෙක තුනක්ට පැත්තකට දාලා මේක කොටන්න ගත්තේ ඒකයි.

    උඹලට හැපිම හැපි ඇනිවර්සරියක් වේවා….! උඹලට මගේ රෙකෝඩ් එක ජීවිතේටවත් කඩන්න බෑ… මොකද මම බඳලා දැන් අවුරුදු 11ක්. අර උඹ කියපු හොද්දේ කතාවට නම් උඹේ කටේ කිරි හොදි ටිකක් හලන්න ඕනෙ….

    මමත් මුල් කාලේ රබර් බෝල ඉටිපන්දම් කන ඒලියන් කෙනෙක් වගේ හිට්යා මතක් උනා බං….

    හැබැයි දැන් නම් අපේ ගම හාමිනේ උයන කෑම කන්න දෙකක් දාගන්නෙ නැතිවම බෑ…. ඒ තරම්ම රසයි…!

    අපි නම් සතියට පාරක් දෙපාරක් යාළුවෝ ටිකක් අඬ ගහලා නොවරදවාම කෑම ටිකක් දෙනවා…

    • නවම් පවසන්නේ:

      බොහොම ස්තූතියි දුමී අයියේ වැඩ දාහක් තියාගෙන කමන්ට් එකක් දාල යන්න ආවට. මේ කමෙන්ට් එකෙ පෙන්නුවම අපේ උන්දැ රහට උයන එකක්ම නැද්ද දන්නෙ නෑ. මං කිව්වෙ මේ කෑල්ල දැකල

      //හැබැයි දැන් නම් අපේ ගම හාමිනේ උයන කෑම කන්න දෙකක් දාගන්නෙ නැතිවම බෑ…. ඒ තරම්ම රසයි…!//

  34. බුද්ධි පවසන්නේ:

    සුබ පැතුම්!

    උඔගෙ කට හ‍ඬ අනුව උඔගෙ රූපේ මම හිතාගෙන හිටපු රූපෙට ලඟින් යයි. හැබැයි උඔ අස්සරේ කරන යාලුවොත් එක්ක ඔච්චර වැදගත් පාටටම මං හිතාගෙන හිටියෙ නෑය. හක්ක හක්ක හා (අරූ තාම මේ පැත්තෙ ආවෙ නැති හින්දා බය නැතිව මේ කියන්නෙ)

    දැං ඔහොම අවුරුදු දෙක ගලාගෙය යද්දි පොඩි පොඩි අස්පට් යද්දි ඒවා සේප්මූඩ් එකේ ඇදගෙන ගිහ හැටි කාරියත් කියන්න ඇහැක්නම් ගොඩක් වටී කියා මම හිතමි.

    මමත් නං ආය නෑ අපේ හාමිනේගේ අවශ්‍යතා නොපිරිහෙලා ඉටුකරමි. හැබැයි ඊයේ අපේ හාමිනේ ගේන්ඩ කියපු කිරිං එකක් මට අමතක උනාට මොකද එහා ගෙදර අක්කණ්ඩි දාන්ට කියපු රීලෝඩ් එක මං එසැනින් දාලා තිබුනනේ…..”අන්න මල්ලිලා” කියා අක්කණ්ඩි ලොකු ටෝක් දී තිබීම නිසා මම ගෙදර යන විට ඔක්කොම අල ගෙඩියක් වී හමාරය. තව පොඩ්ඩෙං මහ අලකංචියක් ද වෙනවාය.

    ඉතිං මේ දැවුරුද්දෙ අද්දැකීම් අළලා ඒ වගේ වැඩ උනාම අපි ගන්ටෝන සනික ඇක්ෂන් ගැනත් දැණුවත් කලොත් වඩා යහපත් සමජයක් අපිට හදාගන්ට පුලුවන් වෙයි කියා මම මේ අවස්ථාවේදී යෝජනා කරන්ට කැමතිය.

    කොටි පැටියාටත් සුබ අනාගතයක් පතන මා,

    ඔබේ හිතවත් චුටි මහතා.

    • නවම් පවසන්නේ:

      හුටාය, පින්තූරයක් දැම්මේ හොඳ වෙලාවට ය. නැත්නම් උඹහැ මං හිතේ ඇඳගෙන උන්න විදිය අර වලහැඩි පෙනුම ඇති එකාගෙ විදියට විය යුතුය. අඳෝමැයි !

      වැඩිය මුකුත් නැත. අවුලක් ගිය සැනින් ඕෆ්ලයින් මෝඩ් යා යුතුය. එවිට ඇස් පෙනෙන්නේ නැත. කං ඇහෙන්නේ නැත. කට වැඩකරන්නේ නැතිය. ඉඳින් තනියම මට දබර කරහත නොහැකි බැවින් අවුල එතනින්ම අහවරය. මෙය චූටි මැණිකේ ගේ මෑණියන්දෑ ඈට දී ඇති මහඟු උපදේශයකි.

      හ්ම්… මැරියන්ගේ මෑණියන්දෑ ඈ හට මෙවන් මාහැඟි උපදෙස් දී නොමැති හැඩය.

      තව එකකි. ඔය වෙන ගෑණුන් පිළිබඳව බොරුවට හෝ නිතරම ඈ හා පවසන්න. එවිට යම් මතු දිනයක අතේ පත්තුවූ විටක වුවද වැඩිය දුමක් නොනඟිනු ඇත්තේමය.

  35. බුද්ධි පවසන්නේ:

    ආ……….. තව එකක්ය. පීනසය නිට්ටාවට හොඳ කරගත හැකිය. කටපරිස්සම් කිරීම ප්‍රගුණ කිරීමෙන් හා සරීර සවුක්ය ගැන හරියට හිතුවොත් පීනසේ මාස තුනෙන් සුම්මාය.

    දන්නවනේ, මා කිව් දෙයක් වැරදිලා නැත.

    • නවම් පවසන්නේ:

      හරියන්නේ නැතිය. මට ඇත්තේ ඇලජිකයකි. පින්න, මල් පරාග, දුහුවිල්ල, මෙන්ම නහයට වදින පහරකින් වුවද දින ගනනක් හරියන්න බඩු ලැබේ. කෑමෙන් මෙලෝ අගුණයක් නැත ! අමතක උනාය, නහයේ මයිල් වැඩි විටද මට බඩු හරියයි ය.

  36. හිස් අහස පවසන්නේ:

    නවම් අයියේ ඔන්න මම ඔහේගේ රූපයක් දැක්කේ අද . ඇස්වහක් කටවහක් නෑ දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා !!

    දෙන්නටම සුබ පැතුම් ..!!

    මගේ පරිගණකේ පොඩි අවුලක් නිසා මේ දින වල මම පමායි .

    http://www.youtube.com/watch?v=DPxH-LftLK0 අහලම බලහං අයියන්ඩි !

  37. Nihal Gurusinghe පවසන්නේ:

    ගහ බැන ගන්න හරි , ඇන කොටා ගන්න හරි දෙන්න එකට ඉන්න ඕන. ඒකයි මගේ තියරිය. අපේ කසාදෙට 21 ක්.
    ඔබලාට සුබ අනාගතයක්. පනස් වන සංවත්සරයත් සමරන්න ලැබේවා.

  38. chathuranga perera පවසන්නේ:

    අම්බානෙකට පරක්කුයි නවම් සහෝ… ඒත් ඉතින් හද පතුලෙන් සුභ පතන්න දින වකවානු කාරි නෑ නොවැ…

    මුලින්ම නවම් සහෝට හා සහෝගේ චූටි මැණිකෙට සුභ විවාහ සංවත්සරයකට ආසිරි ….!!! ආපු දෙක වගේ තව පනහක් හැටක් ඔහොම යං…! ඔය දෙන්නටත් පුතු පැටියටත් සුභ අනාගතයක්…

    සහෝගේ භාෂාව නම් ලෙස !!! ඔය ස්ටයිල් එකට මං හරි මනාපයි. බ්ලොග් රචනෙට ආපු දවස් වල ඉඳලම මම බොලාලගෙ බ්ලොගේ බලන්නේ ඔය අමුතු කියවිල්ල හින්දම තමා… දිගටම මේක කොරගෙන යන්නත් ගට ලැබේවා !!!

    මමයි නෝනියි කූඩු වෙලා අවුරුදු දෙක ගෙවුනෙත් පහුගිය පොහොන් මහේ නොවැ… බලන් ගියාම බොලයි මායි එක කාලේමනේ බැඳලා තියෙන්නේ…

    ඉවරාාාාාාාාාාාායි…. ! අවුරුදු 70 දීත් චූටි මැණිකෙගෙ උකුලේ නිදාගාන්න, මුකුළු කරන්න සහ ටොකු කන්නත් පින පෑදේවා…!!! චිරං ජයතු !!!

  39. sarath Lankapriya පවසන්නේ:

    අපොයි අවුරුදු දෙකද තාම ? තව කොච්චර කල් තියේද කොල්ල එක්ක ස්කයිප්පු කතා කොරන්න ? අපි නම් දැනටමත් ඉස්කයිප් දෙයියන්ගේ පිහිටෙන් තමයි කෙල්ලට කතාකරන්නෙත්.. තාම තට්ටෙත් නැහැ හික්ස්..

  40. Nihal Gurusinghe පවසන්නේ:

    ඇත්තම කියනවා නං නවම් ගෙ මේ පෝස්ට් එක හොඳට කියෙව්වෙ දැනුයි. බොක්කෙන්ම ඇත්ත කියලා තියෙනවා. මම රැකියාව කරන තැන සිංගල් මදර්ස් ල වැඩි. පඩයක් ගියත් ඒකෙ සද්දෙ වැඩී කියල ඩිවෝස් වෙන සමාජ ක්‍රමයක් මැද මම ජීවත් වෙන්නෙ. තමන්ට ගැලපෙන ගෑනියක් ලැබෙන්නෙ ” කරුමෙට ” නෙවේ. වාසනාවට. ඔබ ලියන රටාව ලස්සනයි. ඒකයි ආයෙමත් කමෙන්ටුවක් දාන්නෙ.

  41. amila පවසන්නේ:

    niyamata liyala ayiya, oon ehenam magenuth suba pathum

  42. henryblogwalker පවසන්නේ:

    නවම් මේක නම් හොඳම නිර්මානයක්. මම කියන්න හිතපු ඔක්කොම අනිත් කෂ්ටිය කියලා.
    සුභ අනාගතයක් දෙන්නටම.
    (සිරා වැඩියි වගෙ) “තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. ” ඒක කෙසේ වෙතත් කාලම දිව පුරුදු වෙයි ඔය ගානට.

  43. සෝරෝ පවසන්නේ:

    සුභපැතුම් නවම්මයියේ….

  44. malmi පවසන්නේ:

    ෙමච්චර කාෙලකට අාෙව් අදයි ෙම් පැත්තට. ෙපා්ස්ටුව කිෙයා්ල සතුටක් හිතුනා. මූෙණ තිෙයන ෙපම් පාට දැක්කම සතුෙට් බැරුව ගියා. අෙපත් අැනවසරිය ෙම් මාෙස. ඔයාල ෙදන්නටයි දරුවටයි ලැෙබන දරුවන්ටයි සුභම සුභ අනාගතයක් පතනවා!!! අර කියන අනාගෙත්දි අපිත් හිටිෙයාත් අාෙයම සුබ පත්නන බැරුවෑ ෙන්ද?

  45. Sayuri පවසන්නේ:

    ලස්සන කපල් එකක් නේ….සුභ පැතුම් අපෙනුත්.

  46. දොස්තර මාමා පවසන්නේ:

    //”ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක්”// – මේ වාක්‍යය කියවන කොට අපේ අම්ම තාත්තා දැන් කරන දේ නෙමෙයිද කියල හිතුනා. ළමයි රට ඉන්න හැම දෙමව්පියෙක්ම ඔය තත්වේ නේ ඉන්නේ දැන්.

    තව අවුරුදු තිහ හතළිහක් යනකොට ඉස්ක්යිප්පු වලට වඩා දියුණු ක්‍රම ඇති වේවි.

    ඔබ දෙපලට ඉතා වාසනාවන්ත අනාගතයක් පතමි!!!

  47. pissa palaamalla පවසන්නේ:

    උබල දෙන්නටයි.. කොළු පැටියටයි වාසනාවන්ත.. සතුටින් පිරි… නිරෝගීමත් අනාගතකය ප්‍රාර්තනා කරනවා….

    ලස්සන ලිපිය බන්…. සිරාවටම ලියලා…

  48. anushka පවසන්නේ:

    දැන්නේ බොලේ මුගෙ මූනත්තහඩුව දැක්කේ….. දැන්නම් පාරක තොටක දැක්කත් අහක බලාගෙන යතැහැකි. වාසනාවන්ත හිර දිවියක්…

  49. malithi පවසන්නේ:

    කියා නිම කරන්ට බෑ කතවයි ඔය දෙන්නයි ලස්සනයි..

  50. Ieam Noon පවසන්නේ:

    සිරාම කතාව… ඔයාල දෙන්නත් ලස්සනයි කතාවත් ලස්සනයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers