එබුවෙ ගේ කතා – ඉකිරියා
දෙසැම්බර් 7, 2011 ප්‍රතිචාර 71
ඔන්න තවත් දවසක් එබුවෙට ඕන උනා මූදේ නාන්න යන්න. මුගෙ මේ වැඩ වලට ඉතිං කවදත් අහුවෙන අපි හතර පස්දෙනා තමයි. මූදෙ නාන්න කිව්වම ඉතිං ගාල්ලෙ කොච්චර තැන් තියනවද.
ඕං ඉතිං පටං ගත්ත ජනමත විචාරණයක් නාන තැන තීරණය කරන්න.
ඒ මචං අපි යමං උණවටුනෙ.
හපෝ බෑ බං ඔතන බිලිගන්නව. ඩිංගක් වතුරෙ එහාට ගියොත් බඩු හරි. එබුවෙ කියාපි !
එහෙනං යමං රූමස්සල.
පිස්සු කතා කරනවද බං, ඔය කැලේ යන්න බෑ මචං. අනික ඔතන වැල්ලෙ කපල්ස් පිරිල. එතෙන්ට ගියොත් නාන්න වෙන්නෙ නෑ. ඒත් එබුවෙ.
එහෙමං ඉතිං යමල්ල කොටුවෙ සී බාත්.
අඩෝ…. අපේ මාම කච්චේරියෙනෙ බං. පොර දැක්කොත් අනිවා ගෙදරට කියනව. ඒපාර ඔබ්ජෙක්ෂන් එකත් එබුවෙ ගෙන්.
මේ… ! දැං නාන්න ඕනෙයි කිව්වෙත් බොට, ඒ එකෙ තැනකටවත් යන්න බෑ කියන්නෙත් උඹමයි. යන්න බැරිනං නිකා හිටු.
අඩෝ අඩෝ එහෙම කරන්න එපා….. එහෙනං යමං සී බාත්, හැබැයි අළුත් කොටු දොරකඩිං යමල්ල හරිය ?
හරි හරි ඕන උලව්වකින් යමල්ලකො කියල අපිත් දැං ඔන්න දා ගත්තු දවසෙ ආෆ්ටර් ස්කූල් කියල ගෙවල් වලටත් කෙප්පයක් කියල ඉස්කෝලෙ ඇරිල ඇඳුනුත් මාරු කරං හීන් සැරේ ගියා සී බාත්.
අප්පට සිරි ගියාට පස්සෙයි මතක් උනේ, ජොකා ඇරෙන්න වෙන ඇඳුමක් නෑ නෙව නාන්න. දෙනෝදාහක් ඉන්න තැනක ජොකා ඇඳං නාන්න.. අපෙ අප්පෝ ! ඊටත් ට්‍රිප් එකක් ආපු ගෑණු ඉස්කෝලයක් කොටු තාප්පෙ උඩට එහාට මෙහාට ඇවිදිනව.
දැං මොකෝ කරන්නෙ. විනාඩි දහයක් බැලුව, පාලහක් බැලුව විස්සක්.. ම්හ්… එකෙක්වත් හෙල්ලෙන පාටක් වත් නෑ.
ඕන පුකක් ! ජොකා පිටිං නාමු බං. ලැජ්ජාවක් තියනවනං උන් යන්නෙ නැතෑ.. එබුවෙ පෙරමුණ ගත්ත.
අපි එකා පිටිපස්සෙ එකා දැං බහිනව මූදට. එබුවෙ ඉස්සරහින්ම අපි ඌට පස්සෙන්. හරියට පැසන් සෝ එකක් වගේ.
හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…
මල හු*** අර කෙල්ලො අපිට හිනා වෙනව නේද ? පාත් වෙයල්ල යකුනේ වතුරට…. !!
එහෙම කියාපු අපේ වීර එබුවෙ දණක් විතර ගිලිල හිටපු වතුරෙ එකපාරටම වාඩි උනා ලැජ්ජාවෙන් බේරෙන්න.
වාඩි උන සුනංගුවට මෙන්න මූ බුදු අම්මෝ !!!! කියාගෙන පස්ස පැත්ත අල්ලං නැඟිටපි !
ආයෙම
හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…
ඒ සද්දෙ ඇහිච්ච ගමං කෑගහං කෙලිං වෙච්ච එබුවෙ ආයෙම වතුරට පාත් උනා..
ඒ ගමන නැගිට්ටෙ &^$%;*#$##@!*$^&”:;)* %(#(@^)$ කියාගෙන.
නැගිට්ට ගමං දුවාපි වැල්ලෙ තියන ගස් ගොල්ලට.
ඔය ටික වෙන්න ගියේ නෑ එක තත්පර පහක්. කොටින්ම සිද්දිය වෙනකොට එකෙක්ගෙ වත් දණෙන් උඩට තෙමිල තිබුනෙ නෑ, ඒ මදිවට පෝලිමෙ අන්තිමට උන්න එකා තාම වතුර පාගලත් නෑ ඕං.
උනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙච්ච අපි කට්ටියම එබුවෙ හොයාගෙන යනකොට මූ ඉන්නව ජොකාත් බාගෙට ගලෝගෙන නිකං මොනවද කාපු රිලව වගේ.
මොකෝ යකෝ තොට උනේ ?
අඩෝ කැ** ඉකිරියෙක් උඩ ද කොහෙද බං මං වාඩිවෙලා තියෙන්නෙ..
අනේ බලහල්ලකො මගෙ පුක තියනවද කියල ?
එබුවෙගෙ ඇඬිල්ලට අපේ උන්ට මැරෙන්න හිනා..
ඈ ඕයි පළවෙනි පාර වැරදිලැයි කියමු , මොන එහෙකටෙයි උඹ දෙවනි පාරත් ඌට පුක දෙන්න ගියේ ?
කවුද බං දෙවනිපාර දෙන්න ගියේ. දෙවෙනි පාර කෑගැස්සුනේ ලුණු වතුරට යකුනේ….
අනේ බං උඹවත් බලහංකො මේ හරක්ට තේරෙන්නෙ නෑ. උඹ ඉතිං සැං ජෝන් කරන එකානෙ. එබුවෙ මට කතාකරනව උගෙ හඩු පුක බලන්න…..
ෆස්ට්-ඒඩ් කලාට කොහෙද අපිට උගන්නල තියනවැයි ඉකිරියො ඇරපු උන්ට කොරන දේවල්.
ඒත් උගෙ වදේට ජොකා ගලෝල බැලින්නං කටු දෙකක් තට්ටමක් හිල් කරං ගිහිල්ල. තව ඩිංගක් හොඳින් බැලින්නං මේං කළුපාටට මොකක්ද එකක් ඇතුලෙ රැඳිල.
මංචං එබුවෙ.. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ !
අම්මට උඩු …. ඒ කියන්නෙ මයෙ පුකට බඩුද?
මචං කට්ටක් හිරවෙලා ඇතුලෙ, ඉස්පිරිතාලෙ යන්න වෙයි වගේ……
අනේ බං ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමෙයි. ගෙදරට බඩු මාට්‍ටු වෙනවනෙ. ගොඩින් ශේප් කරන්න උඹට බැයිද?
පිස්සුද බං, අනික අහවල් දෙයක් දාලයි ඔය කට්ට ගන්නෙ අපි. බය නැතුව යමං ඉස්පිරිතාලෙ.
වේදනාව වැඩි කමටද කොගෙද අන්තිමට එබුවෙ කැමති උනා ඉස්පිරිතාලෙ යන්න. ඒත් මූ කොහොමෙයි බයිසිකලෙන් එක්කං යන්නෙ. මොකෝ වාඩිවෙන්න ඇහැක් එකක්ය.
අතේ තිබිච්ච සබ්බ සකලමනාවම එකතුකරල ත්‍රීවීල් එකක මුනිං අතට හාන්සි කරගෙන එක්කං ගියා කරාපිටියෙ මහ ඉස්පිරිතාලෙට.
ගිය ගමං මූ ඉමර්ජන්සි රූම් දාල පොඩි පහේ සර්ජරියකින් කටුව එලියට අරගෙන.
ඒත් දැං හැන්දෑ වෙලා හන්ද මූව ඩිස්චාජ් කරන්නෙ ආයෙ හෙට උදේ කියාපි.
දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද අපේ සෙන්ට් විජයසුන්දරට කියනව ඇරෙන්න.
එබුවෙ එපා කියද්දි ගත්ත කෝල් එකක් ඉස්පිරිතාලෙ කාසි පෙට්ටියෙන්, මොකෝ ඒකාලෙ අපිට හෑන්ඩ් ෆෝන් තිබුන එකක් යැ.
ඩිංග වෙලාවකින් උන්නැහෙත් ආපි. එබුවෙ ඒ වෙනකොට අමාරුවටත් එක්ක මුනිං අතට හැරිල නිදි.
පුතා පුතා…. ! මොකෝ කොල්ලො උනේ ?
නිදිමතේ වගේ ඔළුව විතරක් බාගෙට උස්සපු එබුවෙ කියාපි,
අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට.
ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?
ඒකනෙ තාත්තෙ කියන්නෙ. මගේම නරක වෙලාව. කොහෙන් ආවද මන්ද ඌ……
පිංතූරය ගත්තේ : http://tolweb.org/treehouses/?treehouse_id=4881


ebuwe gana pothak gahanna puluwan wei wage………………
එබුවෙ ගැන පොතක් ලිව්වොත් ඒක ආණ්ඩුවෙන් තහනම් කරනව ෂුවර්
he he..maru
නියමයි නවම්… හක්ක පනින්න හිනා ගියා.. ඔය කොහෙම්මල් සී බාත් එකේ මගේ කකුලෙත් එකෙක් ඇනුනා… ඒත් ජොකා ඇඳගෙන නාපු දවසකම තමා…. අන්තිමේ ඩොක්ට සඳරැස් ගෙන් ටෙට්නස් එකක් ගහ ගන්නත් වුනා…!!!
අම්මෝ ඩොක්ටර් සඳරැස්…. අමතකම වෙලා තිබුනෙ. නියම මනුස්සය
මේවා නවම් අයියාට වෙච්චි දේවල් නෙමෙයිනේ?
පිස්සුද පූසො… එහෙනං මේවා නවම් ගේ කාතා වෙනව නෙව.
“ඒකනේ තාත්තේ..මගෙම වෙලාව..”
මරු කතාව….හැබැයි එබුවෙටනන් “සී බාත්” එපා වෙන්න ඇති….
ඌට සීබාත් එපා වෙන්න. හුහ් එහෙනං හීනෙන් තමා. ගිය මාසෙත් අපි සෙට් එක ඔතනම නෑව. හැබැයි දැන් නම් ඌ බොහොම පරිස්සමෙන් තමයි වතුරට බහින්නෙ. උගෙ වැඩි පරිස්සම ම තමයි ආයෙම ඒ කතාව මෙහෙම ලියල තියන්න කියල මතක් උනේ.
අම්මෝ එබුවෝ , මෙතන මම තනියම ඉන්න හින්ද හොදයි , ඔෆිස් එකෑ එකෙක් දැක්කොත් ඉවරයි, ඉල ඇදෙනවනේ
නියමයි
තව එබුවගේ කතා එමට ඇති නේද?
රෙද්දක් ඇඳං කියන්න පුළුවන් ඒවා බොහොම හිඟයි බං
අයියෝ සල්ලි… පට්ට පට පට..
හපෝ සල්ලි එපා මල්ලි
බලන්ඩකො ඉකිරියත් වෙලාවට එතන්ට සෙට් වෙලා.මහ ජරා ඉකිරියෙක්.:)
ඔන්න බලහල්ලකො, දැං එතකොට වැරදි ඉකිරිය එහෙනං ඈ…
සමහර ඉකිරියන්ගෙ කටු හෙන දිගයි… ඔයින් ගියා ඇති මතුපරම්පරාව බේරිලා…
අම්මප ඒක කියන්න බෑ.. ඌ තාම බැඳලත් නෑ
මැක්කාගෙ තියරිය එබුවා ලෙසටම පාවිච්චි කරල තියෙනවා.
හෙහ් හෙහ් ….
අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට.
ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?
ඒකනෙ තාත්තෙ කියන්නෙ. මගේම නරක වෙලාව. කොහෙන් ආවද මන්ද ඌ…
මේ කැල්ල තමයි උපරිම…පට්ටම පට්ටයි
ෆට්ට ආතල් මචො..!
එබුවෙ කියන්නේ පාර්ලිමේන්තුවට යවන්න ඕන බුවෙක් බන් . . සිරාවටම . .
උගෙ බාප්ප නම් හිටපු පලා බබෙක්. මූත් එකපාරක් ඉල්ලන්න හැදුව. ඒත් සෙන්ට් ජයසුන්දර කොක්කක් දාල වැඩේ නැවතුනා. නැත්නං බලාගන්න තිබුන ඒකෙත් රඟේ…
මට ඔබගේ ඇල්කෙමියාගේ සහ අරුණි අක්කාගේ බ්ලොග් සහ නිහාල්ගේ(යථාර්තවාදියාගේ) අඩවිවලට යන්න හරිම අපහසුයි. ඒවා වර්ඩ්ප්‍රෙස් නිසාද මන්ද? සමහර විට පමණක් යා හැකියි. කමෙන්ට් දමන්නෙත් එවලෙට පමනයි. ඒ නිසායි නිතර කමෙන්ට් කරන්නේ නැත්තේ.
ඇහැක් වෙච්ච වෙලාවක ඇවිල්ල යන්නකො. මං නං ඒ පැත්තෙ නිතරම එනව.
අඩේ නවමෝ, මං මේක බඩ අල්ලගෙන, කැහැ කැහැ හිනා වෙවී කියවලා කවුද බොලේ මේක ලියලා තියෙන්නේ, අලුත් කෙනෙක්ද කියලා බලන්න ලිංක් එක බැලුවහමයි දැක්කේ මේ නවම් කියලා………. වාසල ෆේස් බුක් එකේ කරපු බෙදා ගැනීමකින් තමයි අද මෙතැනට ආවේ………….. හපොයි……………… එබුවෙට ඉකිරියාගේ කට්ටක් එබිලා…….
හෙහ් හෙහ්……. අතිං පයිං යන එකෙක් යැ. ඔන්න ඔහේ හිනාවෙන්න. ඔනෙම නං අහල පහල උන් බයවෙයි සද්දෙට
හහා.. එබුව තමා දවසකටත් මිහිහා
හපොයි ඔයින් ගියා මදෑයි,අපෙ එකෙක්ගෙත් පු* ඉකිලියෙක් ඇනගත්තා ඔතනදිම ඒ නම් අපි සාමාන්ය පෙල කොරන දවස් වල,
හික්ස් හිනාකාලා මැරුනා,,මේ එබුවගේ තවත් කතා දාපන්කෝ මරු බඩුවක් නේ
” අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට. ”
” ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ? ”
” ඈ හැබෑම නේන්නං බෙලිගහ හන්දියෙ කොහෙද ඉකිරියො?….” එබුවෙ අපි දිහා බැලුව…… ” අනේ බං හොඳ එවුං වගෙ ආයෙම ගිහිං බලාගෙන වරෙල්ල ඒ ඉකිරියෙක්මද කියල……. ”
අන්න නියම අවසන් කිරීමක්.
කාලෙකින් මදි නොකියන්න හිනා වුණා . එබුවා මාර මිනිහෙක් නේ !
ඊට පස්සේ ගෙදරින් වැඩි දුර පරීක්‍ෂන පැවැත්වූවේ නැද්ද නවම් අයියේ ?
ගෙදර උනුත් ඌ වගේමයි. සීන් එක එතනින් අහවරයි බං
හයියූ…… සේදී……… තාම හිනා අෆ්ෆා
හික් හික්
අනේ බං තියේනම් මේ එබුවෙ ගෙ පොටෝ එකක් දාහන් කෝ.. පාරෙදි බස් එහෙක දැක්කොත් අඳුනගන්න….මරේ මරු ඕයි…මේක නම්
අද තමා මේ පැත්තට මුලින්ම ආවෙ.වෙනදනම් මම බ්ලොග් කියවල හිනා වෙලා යනව.අද පැය ගානක් තිස්සෙ කලේ මේ බ්ලොග් එක කියවපු එක.හවස 4 විතර ඉදන්,දැන් රෑ 12ත් පහු වෙලානෙ.මේ කියල තීන තැන් මටත් ගොඩක් සමීප නිසා වෙනද වගෙ පෝස්ට් කියවල බලල යන්නැතුව කමෙන්ට් එකක් දාන්න හිතුනා(කලින් පෝස්ට් එකකත්- තුන් යහලු වික්‍රමය- මම කමෙන්ට් එකක් දැම්මා ප්‍රශ්න 2,3ක් අහල,ඒත් ඉතිරි පෝස්ට් දිගටම කියවගෙන යනකොට මට ඒවට උත්තර ලැබුනා.ඒ සිද්දිය මට ලාවට වගෙ මතකයි )මාත් සීබාත් නෑවා කාලයක්,ඒත් ස0සාරෙ එපා උනා දවසක් පොඩි එකෙක් එතනම මහ වැඩෙත් කරල පස්සත් හෝදනව දැක්කම.අපි නාන්නෙත් ඕවමනෙ කියල හිතනකොට වමනෙ නොයාපු ටික විතරයි.දැන්නම් ජනප්‍රියම තැන රූමස්සල පු0චි වැල්ල.ඉස්කොලෙ පරණ අයියෙක් මෙහෙම හරි අදුන ගන්න ලැබීම සතුටක්.අයියට වඩා මම අවුරුදු 7ක් බාලයි.තව කරාපිටියෙ කෑල්ලකුත් දැක්කා,මම අයියෙ හිරිඹුර.ඔක්කොම වගේ පෝස්ට් මම අද කියවපු නිසා තේරෙනො අයියා ගමෙන් දුරස් වෙලා ඉන්න නිසා දුකෙන් කියල.මටත් කොළඹට වඩානම් මෙහේ දාහකින් සම්පතක්.ඒත් මක්ක කරන්නද,තාම ඉගෙන ගන්න නිසා ඉන්න වෙලා තීනව.ඒත් අහන එකෙක්ට මමනම් කියන්නෙ……..”සුළගත් සැපයි මට බෙන්තර ගගෙන් මෙහා”කියල තමයි.මේ වගෙ නිවාඩු දවස් දිව්‍ය ලෝකෙ ආව වගෙ තමා.
බොහොම ස්තූතියි පූර්ණ මල්ලි. තවත් ගමේ එකෙක්ව අඳුරගන ලැබීම ගැන.
බ්ලොග් ලියන්නේ නැතුවම ජනප්‍රිය වුණ උන් දෙන්නෙක් තමයි උබගේ එබුවයි, සඳරුවගේ කිතුලයි
හෙහ්. මට ආසයි මේක අපේ එබුවෙට පෙන්නෙන්න. ඒත් ඉතිං ඊලඟට එනන් තියන කතාවෙ හැටියට ඌ මාව මරල දානව ෂුවර් උගෙ ගල් වලේ බෝරයක් මට සෙට් කරල.
හප්පේ ඉකිරියෝ මහ එපා කරපු ජාතියක්..අපි සෙට් එකක් වැල්ලවත්තේ අර පරන නැව තියෙන හරියේ නාන්න ගිහිල්ලා අර කරන්ට් එක වගේ මාලුවෙක් එකෙක්ට ඇන්නනේ…33000 වැදුන වගේ උගේ මළ මුත්තර ගිහිල්ලා ගොඩට එනකොට…..
අම්බෝ වැල්ලවත්තෙත් මුන් ඉන්නවද…. එහෙනං ආයෙ නාන්න බහින්න කලිං සෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි.
අඩෝ පට්ට සීන් එක බන්.. බෙලිගහ හන්දියේ කොහෙද ඉකිරියෝ… හක් හක්…
හැබැයි අර ලෑල්ලෙ ව්කිනන්න ගෙනාපු මාළු එක්ක ආවද දන් නෑ බන් හක් හක්… එබුවා නම් නියම ඩයල් එකක්.
මම හිතන්නෙ උඹලත් මේකව ඉස්කෝලෙදි දැකල ඇති, ඒ කාලෙ උන්න උසම එකා හෙන දත් බොල්ලෑවකුත් එක්ක.
මතකයක් නෑ බන්.. දැක්කොත් මීටර් වෙයි
කාලෙකින් මදි නොකියන්න හිනා වුණා . .. ela ela.. dan thamai ebuwa kiyanne kavuda kiyala therune..monava unath uu mage honda yaaluwa.. ebuwa kanna kalin uge dath set eka galavanavane.. davasak da panthiye hitapu ekek oka dakala ebuwata banna.. appiriyai kiyala.. amama e banapu ekata banna balanna barinam tho ahaka bala ganin kiyala eda indala ebuwa maath ekka fit!!
හිකිස්…..නියමෙට ලියල තියෙනව…. මරේ…මරු. මේ දවස් වල මගෙ ජනප්‍රියම චරිතය ‘එබුව’
ඉවසල ඉන්නකො ලබන සඳුද වෙනකං. එදාට තමයි එබුවෙගෙ අන්තිම කතාව
පට්ට කතාව බං. ඔක්කොම හරි කියමුකො අන්තිමට කියාපු බොරුව!
ඌ ඒක කියාපු විදිය තමයි නියම බං.
අනේ මගේ හකු දෙක…. පවු බං අයියේ ඉතිරියා…..
හෙහ් හෙහ්.. ඔව් බං උගෙ කටු දෙකකුත් කැඩිල ගිහිල්ල.
එහෙනං එබුවට ඉකිරියෙකුත් එබුව ඈ…
මරු කතාව
හෙහ් හෙහ්.. එබුවට වඩා ඔබාගත්ත කිව්වනම් හරි. මොකෝ මූ නෙව ඉකිරිය උඩ වාඩි උනේ..:D
අපේ කුරුලු හමුදාවේ හිටපු කඳානේ කොල්ලෙක් මුදුදේ නාද්දි ඉකිරි වලකටම වැටිලා තිබුනා. ආනිසංස ගැන කියන්ඩ ඕන්නැනේ.
ඒක නෙමේ,
මොනවද කාපු රිලව වගේ – කිව්වෙ කිරි කාපු රිලව ගැනද?
කාපු එකා වගේ අපූරුවට කියාපු හැටි.
මමත් ආසම තැනක් තමයි ඔතන සී බාත් වලට….. ඒත් සෙනග වැඩි සීන් එක තමයි චාටර්… අර ගල උඩට වෙලා කකුල් දෙක මුහුදට දාගෙන ඔහේ ඉන්න සිරා ප්ලේස් එක…
මොන කරුමෙටද මන්දා සිද්ධියනම් උනේ උඹටමයි කියලමයි හිතෙන්නේ….
මම නම් ආස ඒ ගල උඩ වාඩිවෙලා වඩ දියෙන් වැහිල යනකං ඉන්න. ඩිංග ඩිංග වතුර ඇවිල්ල වැඩිවෙලා යන එක නියම අත්දැකීමක්.
බලහංකො ඉතිං කරුමෙ පස්සෙන් එන හැටි නේද….
//ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?//
පට්ට ඈ… තව එබුවේ කථා නැද්ද බං !!!
සඳුදට එනව අන්තිම එක
සිරා කතාව. මොනව වුනත් අපේ ඉස්කෝලෙම කොල්ලෙක්නෙ.
මෙචර කල් බ්ලොග් එක කියෙව්වට මේක තමයි දාන පලවෙනි කමෙන්ට් එක.
හම්මෝ, හිනා කාලා මැරුනා……………
අනේ මූ ගැන දිගටම ලියහන්….
මේකත් බං අර මාලු පෑගිලා මැරුනා සර් කිව්වට දෙවෙනි නෑනෙ. එබුවාගෙ පරන කතා වලට මම තාම ගියෙ නෑ. දන්නවනෙ මම සයිබර් අනාතයෙක් වෙලා ඉඳලා සනීප වුනා විතරයි.
හක හක අම්බෝ…. හිනා කාලා මැරෙන සිද්දියක්.
අර ඉකිරියට නහයක් තිබුනෙම නැද්ද හැබෑවට
උනවටුනෙ කොරල්පර උඩට ගිහිං වාඩිවෙන කට්ටිය ඔය ඉකිරි ආතල් එක උපරිමේට ගන්නව. හොඳම ආතල් එක තියෙන්නෙ ගෑනු වාඩි උනාම ඉකිරි උඩ . . . .
මාස ගානකින් බ්ලොග් එකක් කියවන්න ආවාගමතක තිබුනු Url එක නවම් මාවත තමා.නියම කතාව.එළ…………. අපෝ මම නම් ලොවෙත් ඔතනින් නාන්නෙ නැහැ.බැරිවෙලාවත් ක්ලාස් එකක් කට්වෙලා
කොටුවෙ ගියොත් සී බාත් එක ඉස්සරහ කොටු තාප්පෙ උඩ වාඩි වෙලා ඉන්නවා විතරයි……………..
අද තමයි කතාව කියවන්න ලැබුනේ. හිනා වෙලාම පණ නෑ. අම්මෝ මෙහෙම කතා හැමදාම කියවන්න තියෙනවා නම් හිනා වෙලාම මහත් වෙයි නේ. මරු කතාව ඈ. ඉකිරියන්ට දෙන්න ගියාම ඔහොම වෙනවා මහිතේ. හික්ස්
ඈ බං ඉකිරියට මොකද උනේ දන්නෑ නේ?
පටිට පට පට හිනා වෙලා කැස්සත් හැදුලා බං ……….
මචංල, වරා කිරි ටිකක් ගෑවා නම් කට්ට පොඩ්ඩක් මතු වෙනවා, මගේ යාලුවෙක්ටත් ඕක උනා පොල්හේනෙදි, වරා කිරි ගාල තමයි ගත්තේ. හැබැයි උගෙ පුකේ නෙමෙයි ඇනුනෙ කකුලෙ.
ෆට්ටයි මචෝ සිද්දිය…. මේවා කියවල මං හිනා වෙලා අම්ම අහනව තනියම හයියෙන් හිනා වෙන්නේ පිස්සුද කියල…. බඩ පැලෙන්න හිනා…. තව සිද්දි ලියපන් මචෝ… ජය වේවා…