සරම [අවසානයේ එය ගෑණුන්ට ගිය සේක !]
දෙසැම්බර් 22, 2011 ප්‍රතිචාර 68
සරම හරිම අපූරු ඇඳුමකි. එය හරිම සරළය. ගත්තා මැහුවා ඇන්දාය. මං සරමක් ඉස්සරම ඇන්දේ ඉස්කෝලේ තුනේ හෝ හතරේ දී විය යුතුය. ඒ දෙකට කපා අම්මා මසා දුන් තාත්තාගේ පරණ බතික් සරමකි. එදා මට හරිම ඉහල දවසකි. සරම ඇඳං මම ගම පුරාම ගියෙමි.
ඒ කාලේ මගේ යාළු ගෑණු ළමයා ගුණවර්ධන අංකල්ගේ ලොකු දුවය. ඈ දෙකවසරේ ය. ඈට ද සරම පෙන්නන්න ගොස් කුස්සියේ බංකුවේ ඇණ තියාගෙන වාඩිවී “කුමුදු ඔයා මගෙ අළුත් බඩුව දැක්කා දැයි” ඇසීමි. ඈ ද “ආනේ ශෝක්” යැයි කීවාය. ඒත් ගෙදර වැඩකාරී “ගෑණු ළමයි ඉන්න තැන්වල ඔහොමත් වාඩි වෙනවදැයි” අසා මා එලවා ගත්තේය. එකත් එකටම ඈ මගේ මක්කා හෝ ගෑණු ළමුන් නොදැකිය යුතු යමක් දැක ඇත. ඒ මාගේ සරම ගැන ඇති මුල්ම මතකය ය.
එදා ඉඳං සරම මට ය මම සරමට ය. සරම ඇඳං නිදාගැනීමද හරිම සෝක් ය. ඇඳට ගිහිං ඉනෙන් සරම කඩා එය කර මතක් වෙනකං ඇදගෙන පෙරවා ගන්නට පුළුවන් ය. හැබැයි එතකොට දණක් වෙනකං හෙළුවෙන් ය. ඒකටත් විකල්පයක් තිබේ. ඒ තුං කුදේ ගහං කකුල් දෙකද සරම ඇතුළට ගැනීමය. ටික වෙලාවකින් සරම ඇතුලේ බොහොම සුවදායක උණුසුමක් ඇතිවෙනවා ය. ඒ සෙල්ලම නින්ද යනකං විතරය. හිච්චි එකා කාලෙයේඋදේට ඇහැරෙනකොට ඔළුවේ ඉඳං පෙරවාගත් සරම වලල්ලක් වී ඇඳවිට්ටමේ එල්ලෙනෙවා ය. එහෙමත් නැත්නම් ඇඳ පා මුලය. හිච්චි හන්දා කාටවත් ගානක් නැතිය. අනිත් උන්ට ගානක් නැතිනම් මටද ඒකේ වගක් නැතිය.
මගේ වැඩිපුර මනාපයක් තිබුනේ බතික් සරම් වලටය. ඒත් ඒවා ගනං ය. ඒක නිසා මට තිබුනේම පිජාමා සරං ය. අට නමය පන්තිවලට යනකොට නම් සමහර දවස්වල උදේට නැගිටිනකොට පිජාමා සරං ඉබේම සිතියං සමඟ බතික් වී තිබුණි. ඇතැම් විටක ඩයි වැඩිවී ඇඳ රෙදිද බතික් වී තිබුණි. සරං ඇඳං නිදාගත්තාට උදේ නැගිට්ට ගමං ඇඳෙන් බහින්නට බැරිය. ඒ ටෙන්ට් එක ගසා ඇති නිසාය. හීන් සීරුවේ ටෙන්ට් එක බෑවෙනකන් සිටිය යුතුය. එවන් දිනවල මේකගෙ තියන කම්මැලි කම, ඇහැරිලත් තවම ඇඳේ යැයි ගෙදර කවුරුහරි කණු කුණු ගායි.
මුල්ම කාලේ නින්දට සීමා වූ මගේ සරං කෙටිය පහු පහුවෙනකොට ගෙදරින් එලියටද වැඩියේ ය. ඒ දහම් පාසැලට ය. දහම් පාසැල් සරමට යටින් අඳින්න අම්මා මසා දුන් පාට පාට ලංකට් සැට් එකක්ද තිබුනේය. දාඩිය දමන නිසා මං ඒවා අඳින්න වැඩි මනාපයක් නොපෙන්නුවත් ගෑණු ළමයි ඉස්සරහා සරම කඩං වැටුනොත් ලැජ්ජ වෙන්න වෙනවා යැයි අම්මා කී නිසා අකමැත්තෙන් වුවද ඇන්දෙමි. ලංකට් නම් මදෑය. අම්මා සුදු පාට ඉණ පටියක්ද ගෙනාවාය. ඒ වැඩි ආරස්සාවටය. දාංගලේට ගියාම මගේ සරම කොහේවත් ය මම කොහේවත් ය. මෑතක නොදන්නා මඟුල් ලියන්න පටං ගත්තු ඩී.කේ ද මගේ දහම් පාසැලේ සරං යාළුවෙක් ය. ඌයි මායි දහම්පාසැලේ අටොල්ලක නැඟී ප්ලේන් සෙල්ලම් කල හැටි හොඳට මතකය. ඌට මතකදැයි අසා දැනගත යුතුය.
සරම ඕනෑම තැනකට ඕනෑම වැඩකට ඔබිනා මල්ටි පර්පස් ඇඳුමක් ය. දුවන්න උවමනා විට යට කෙළවර කණපිට හැරෙන සේ උස්සා ඉනේ ගැටේය ඩිංගිත්තක් විතර පහලට වෙන්න ගැටගසා වලා පොට ගසාගන්නා සේම ගස් නැඟීමේදි සරම ඉහලට උස්සා ඉදිරියෙන් කැටිකොට කකුල් දෙක අස්සෙන් පිටුපසට දමා ඉනට යටකර අමුඩයද ගසා ගත හැකිය. අමුඩය ගැසීම අළුත් පිජාමා සරමෙන් ඩිංගක් විතර අමාරුය. ඒ නිතරම ගැට ලිස්සන්න බලනා නිසාය. ටික කලක් පාවිච්චි කර පරණ වූ කල එයද අමුඩයට කදිමට ගැලපේ.
මුලින්ම පීනන්න පුරුදු වන්නේද තෙත සරමට හුලං බදලා ය. සරම තෙමුණු විට රෙද්දේ සිදුරු එයාර් ටයිට් වී හුලං බදලා අල්ලයි. එවිට මඳ වෙලාවක් දියේ නොගිලී ඉන්නට පුළුවං ය. ඇලේ මාළු අල්ලන්නටද සරමෙන් පුළුවන. ඒ වතුර යටින් සරම බොක්ක ගසා ගෙනගොස් එකපාරටම ඉස්සීමෙනි. හැබැයි පරිස්සං විය යුතුය. බැරිවෙලාවත් හුංගෙක් එහෙම හිටියොත් මල්ලි දෙක වෙන්න අනින්න ඉඩ ඇතිය.
සීයා පාන්දර වත්තේ පුවක් අහුලං දමාගෙන එන්නේද සරං ඔඩොක්කුවේ ය. වවුල්ලු බී බිමට කඩා දමනා පුවක් වල හරියට කහටය. ඒක නිසා සීයාට වෙනම පුවක් සරමක් තිබුනේය. උදේම කරාබුනැටි අහුලන්න යන්නේද ඒ සරම ඇඳගෙනය. කරාබු මණ්ඩියට නං මාත් යන්න හරිම කැමති ය. මා ද හරි හරියට සීයා එක්ක සරං ඔඩොක්කුවට කරාබු අහුලා ගැටේ නොකැඩෙන්න පරිස්සමට අල්ලගෙනැවිත් කුස්සි ඉස්තෝප්පුවේ කෙළවරට සරමේ වළාපොට ලිහමි. සොරොස් ගා දෙපතුල ගාවට කරාබු වැටේ.
අපේ තාත්තා ගෙදරට අඳින්නේ සරං ය, එලියට කලිසං ය. තාත්තාගේ තාත්තා සීයා නං ගෙදරටද එළියටද ඇන්දේ සරමය. ඇතැම් විට එලියට අමුඩයද ඇන්දේය. ඒ ඕවිටට යන විටය. අම්මාද ඉස්සර ගමේ ඉන්නකාලේ ඉඳ හිටක සරං ඇන්දාය. ඒ දිය රෙද්ද හොයා ගන්න බැරි තැන තාත්තාගේ සරමක් ය. අම්මාගේ තාත්තා ද ඇන්දේ සරං ය. මුළෑදෑනි රාජකාරියට යනකොට ටුවිඩ් රෙද්දක් ඇන්දේය. ඒක හරියට ආච්චිගේ චීත්තයක් වාගේ දෙකොණ මූට්‍ටු නොකල රෙද්දක් ය.
ඉස්සර සරං කාරයා ගමේ බයියා උනාට දැං සරං පොෂ් ඇඳුමකි. ඒ පොෂ් සරං ගිණි ගනං ය. ඒවා පාට පාට ය. තව එකක් අල්ලි අල්ලි ය. හනිමූං කොරන්න මාත් එයිං පොෂ් සරං දෙකක් ගත්තේ යන්න උනේ හොඳවැයිං හෝටල් දෙකකට නිසා ය. අපරාදේ කියන්න බැරිය, එදා ඉඳං හැමදාම වාගේ ඇන්දත් තාම ගත්තා වගේ අළුත් පිට පෙණුමට ඇත්තේ ය. ඒ පොෂ් සරංවල හැටිය.
හුටා ! එළියේ රම්පෙට පොරි වෙන්න වහිනවා ය. හාල්පොත වගේ ඇති සරං දෙකම හෝදා වැලේ දැම්මේ උදේය. බඩු හරිය…… දෑං රෑට අඳින්නට එකක් නැතිය !!
ප.ලි : සරං හොයනකොට ගූගලයා දුන්නේ ඔය උඩ තියන ජාතියේ ඒවා ය. එකකට එකක් පරාද නැතිය. හරි ලස්සන සරංය. එකක් තෝරන්න මහ වෙලාවක් ගියේය. බලං යනකොට ලෝකයේ සරං වැඩිපුරම අඳින්නේ ගෑණුය. මුං සම තැන ඉල්ලා අපේ සරමටත් කෙළලා වගේය ! අහෝ !!


කතා සියල්ලම සහතික ඇත්තය.. සම තැනම ඉල්ලන නිසා ඕන්න ඔහේ ඒකත් ඇද ගන්න කියලා ගලවලා දීලා හිත හදා ගන්න වෙන්නෙ පිරිමි අපිටමය…
පිස්සු කතාකරනවද… පුරුස කමේ ලස්සනේ ඔච්චරයි නෙව. ඒකත් දීල ආයෙ අහවල් දෙයක් කොරන්නෙයි
වැඩට යන්න ලැස්ති වෙන්නෙ ගිහිල්ලම කියවල බලන්නන් D
මෙහේ වෙලාවෙන් උදේ 9.40 ට කොමෙන්ට් එක දාල අහවල් වැඩකටෙයි යන්නෙ ඔහේ ගිනි මද්දහනෙ ?
මගෙත් ආසම ඇඳුම තමා සරම, ලේසියි පහසුයි ඕන දේකට එල කිරි ………
ඈ බං උඹ පොඩි කාලේ ඇඳ කාලේ ඇඳ බතික් කරන කොට අම්මා මොකද කිව්වෙ ……….
ඇඳෙන් බහින කොට සරම ඇඳේ කොනක, ඔය සීන් එක මටත් ඒ දවස්වල උනා …….
කවුද බං අම්මට අහුවෙන්න තියෙන්නෙ බතික්, පාන්දරම හෝදනව හිටු කියල. හැබැයි වෙනදට රෙද්දක් හෝදන්නෙ නැති මං මහ පාන්දර සරං හෝදනකොට වැඩේ පත්තු වෙනව. ඒත් බඩුත් එක්ක හොරු අහූනාට වැඩිය ඒක හොඳයි
සරමත් බල්ලට ගිහින් ඕයි දැන්…..
උඩින් තියෙන පොටෝ කෑල්ල දැක්කහම මොකක්දදෝ වෙනවා ය.
ඔය එකක් දැකල, මං මේක තෝරගත්තෙ මහ ගොඩකින්. ඉතිං මට මොකක් උනාය කියලයි හිතන්නෙ
මගෙත් මනාපේ සරමට හරිම පහසු ඇදුමක් නේ.අර කීවත් වගේ සරම කියන්නේ දෑන් නම් පට්ට පොශ් ඇදුමක්
අයිත් අහල, මොණරෙක් පිලුත් එක්කම දෙන්න වෙනව. සමහර ඒව තියන්නෙ මොනරයි බෙරකාරයයි දෙන්නම ඉල්ලන ඒව.. හුහ් …… ! පික්ෂු හැදෙන සඳ. අපේ මුත්තල දැනං උන්නනං සරමටත් මෙහෙව් කලක් යයි කියල …………………………
සරමට වැඩේ දීලා නතර උනොත් මදෑ… මේං ෂර්ට් එකටත් වැඩේ දෙන්න යන්නේ!
(ඕක මුලුන්ම දැක්කේ පස් වල කෙනෙක් ෂෙයාර් කරලා තියෙනකොට)
හුටා ! අම්මප දැං පුරුස පස්සෙට ඇඳුමක් කියල නාමයක් නෑ නෙව. මට හිතයි අමුඩයක් අඳින්න.. කාලයක් ගිහිල්ල බැරිය ගෑණු ඒවත් ඇඳං පාරෙ යනව දකින්න.. ඒකනං හැබැයි හිතට දුකක් දැනෙන එකක් වෙන එකක් නෑ…
මමනම් සරමක් ඇද ඇත්තේ එකම එක වතාවකි. ඒ මොන්ටිසෝරි යන කාලේය. එද සරම ඇඳගෙන නිදාගෙන ඇහැරෙන විට සරම ඔලුව ගාවට ගොස් චූද ගොස් තිබුනි. එදා සිට අද වනතුරු සරමක් ඇඳ නැත..
හපොයි පිරිමි කමටත් නිගාවකි බොල සරං නෑඳීම !! ඔහොම සැලිල බෑ….. හිතට ධෛර්යය ගනින් කොළුවො !
කියවන් යද්දි කමෙන්ට් දෙක තුනක්ම ඔලුවට ආවට දැන් නම් එකක් වත් මතක නෑ… ආහ්.. කොහොමද අයියෙ සරම් සිතියං එක්ක බතික් වෙන්නෙ… සරං හදන අය වැඩ කරන්නෙ මොකක් හරි භූ විද්‍යා දෙපාර්තුමේන්තුවකද?…
ඈ.. සරං බතික් වෙන්නෙ කොහොමද ඇහුව ??
කතාව නම් සම්පුර්ණ ඇත්ත. හොදට ලියල තියනව.
තැන්කූ
මං නං තාම සරං අඳින්නැනේ……. සරම මට ශුවර් ම නෑ
උඹට සරම විතරමද ෂුවර් නැත්තෙ ?
නියම කථාව සරම මට නම් ඔබ නැතිව ජීවිතයක් නැත. ලෝකයේ කොහේ සිටියත් මහ පට්ට සීතලේ වුනාට රෑ වෙනකොට මම සරමට බහිනවාමය, නැත්නම් නින්ද යන්නේ නැත.
එහෙනං එහෙනං..ඔය කලිසංවල පැටලි පැටලි අයියට නින්දකුත් නෑ මල්ලිට නින්දකුත් නෑ…. සනීපෙට නිදියන්න අඳින්න සරං !!
ටෙන්ට් එක බානකල් ඉන්නේ නැතුව, ටෙන්ට් කනුව ඇලකර ඊට උඩින් තදවෙන්නේ සරමේ දෙවනි ගැටේ ගැහුවනම් හරිය… ටික වේලාවකින් කනුව ඉබේම අඩපණ වූ පසු දෙවනි ගැටය ලිහාදමා සරම පහතට දැමිය හැක…
හිච්චි එකා කාලෙ ඕව දන්නවය අපි, ඕං දැන් නං මාත් උදේට උඩිං එකයි යටින් එකයි ගහං තමයි ඇඳෙං බහින්නෙ [මේ ටිකදොහේ නැන්දම ඉන්න නිසා ඒකත්..]
මම නං කැමති ‘ඝන්ටාර මාර්ක්’ සරං වලටය….
නාකි වෙනකොට කොහොමත් ඝාංඨාර වෙනව නෙව.. ආයෙ ඉතිං අකමැති වෙලා මක් කරන්නෙයි ?
සරම නාඳින නිසා හොඳයි. මොකෝ ඉනට කටු ගහල නවත්තන්නයැ.
හපොයි ! පුරුස කමට මහා නිඝාවක් නොවැ සරං නෑඳීම. ඩබොල් ගැටේ ගැහුවම ආයෙ කරණං ගැහැව්වත් ඒක ගැලවෙනව බොරු
සරම අපට පහසු වගේම කේරල ප්‍රන්තේ ඉන්න මලබාරි කට්ටිය අඳින්නේ ලුන්ගිය
සරම මහන්නේ නැතිව එක ඊටත් වඩා ෂෝක් අපි සෞදි වල ඉන්නකොට ෆුට්බෝල්
තරගයක් දිනපු කොල්ලෝ ටිකක් දිහා බලන් හිටිය ලුන්ගියක් ඇඳගෙන හිටපු මලයෙක්ගේ
ලුන්ගිය ඇදගෙන ගිහින් එමිනිහ කමිසයක් වගේම ජෝකෙකුකුත් නැතුව ඉඳල තියෙන්නේ
බලන්ට මහල තිබුනානම් ආරක්ෂාවක් තියෙනවා
පැස්බරා වගේ මල්ලි ඔබන්න තිබුනෙ වැල්ලෙ මිනිහට
ලියලා තියනව එක්ස්සලන්ට් ය, මරේ මරුය, මගේ අදුම වන්නේද සරමය. 7, 8 පන්ති වල සිට ඇන්ද එකය. එදා සිට මට කොට කලිසම අරහන්ය.
සරමෙ නිදහස තේරුනොත් ආයෙ මලාට කලිසං අඳින්නෙ නෑ ගෙදෙට්ට
කතාවනම් නියමයි. මටත් රෑටනම් සරම අදින්නම ඕනෑ. නැත්නම් මාර අප්සට්.
එහෙනං එහෙනං… නැත්නං දෙන්නටම නින්දක් නෑ නෙව. මං කිව්ව් අයියටයි මල්ලිටයි
සහතික ඇත්ත…
සරම පිළිබඳ විස්තරයනං නියමෙට ලියල තියෙනවාය.
හෙහ් හෙහ්.. උදේ හවා අඳින එක නෙව..
සරම ඇන්දම ඇට දෙක එල්ලෙනවා වැඩියි බං, ඒක නිසා මම අඳින්නෙම කලිසං විතරයි….
එහෙම නං සරං තමයි කියාපු ඇඳුම, නැත්නං කොට කලිසං කකුලක් අස්සෙන් රඹුටං පේනකොට කැතයි නෙව. අප්සැට් ම නං එල්ලෙන දේවල් ඉනවටේ වටයක් ඔතල ගත්තනං..
තොපේ ලිවීම් එන්ට එන්ටම වල් වෙනව යකෝ.
සරම ගැන මට ඇත්තේ අතිශයින්ම බියකරු අතීතයකි. පොඩි කාලේ 2 වසරෙදි එකපාරටම මාර සරං උනක් හැදුනේය. දිනක් මම දහවල් බත් කා නින්දක් දමා ගෙන සිටියෙමි. හදිසියේම ඇහැරී බලන විට ගෙදර එකෙක්වත් නැති බව පෙනුනි. මේ ඇඟිලි අස්සෙන් හොල්මන් කතා බලපු යුගයයි. එකපාරටම බිය දෙගුන වී නැග ආ බැවින් පන කඩා ගෙන එළියට දුව ආවෙමි. මේ කාළකනි නිවැසියෝ එකෙක් වත් මිදුලේද නැත. මම ආත බූත කඩාගෙන පාර දිගේ දිව්වෙමි. අපේ ගෙදරට අල්ලපු ගෙදර එකල ටියුශන් පන්තියක් විය. එහි මිස් ද ළමෝ පිරිසක් ද එළියේ වූහ. හරියටම මම උන් ඉදිරියෙන් දුවන විටම සරම භූමි ස්පර්ෂ විය. අර ලමෝ පිරිස වෙන කොල්ලෙකුට හූ කීහ. මට කිව්වනම් දනී කොරන දේ. කරුමෙට ඒ ගෙදර අය්යාද (ඌත් මහ ලොකු අය්යෙක් නොව 5 වසරේ එකෙකි ) මගේ ඉස්කෝලෙම එකෙකි. මම පණ බයේ පහුවදා ඉස්කෝලෙ ගියෙමි.
හෙහ් හෙහ්.. රෙදි ගලවං එහෙනං දුවල තියෙන්නෙ. සුවර් එකට එදායිං පස්සෙ සරං අඳින්න නැතුව ඇති…
අනේ ඔව් බං. ඕක මට හරියන්නෙම නෑ. අරළු බීපු දවසට නම් ඔන්න පොඩ්ඩක් සලකනව ඕකට.
සරම තරං සැපතක් නැත මුළු ලොවෙහිම!
ape manapeth saramata…
5 wasare ssita andath mewanathek mawa amaruwe dama natha…..
me ayye kello sarama adala eta passe amudetath ewida dan n ne….
කෝ බොල හෙළුව.. අහවල් දෙයක්ද මේ සිංගිරිසි…
ගූගල් මට හොයා දුන් සරම් පින්තූරය මෙන්න!
සරම් පින්තූරය
ඔය ටෙන්ට් කතාවනම් අමූලික ඇත්ත.. උදේට බැණුම් කෝටියයි.. කම්මැලි කම කියලා.. ඒත් ඉතින් එයැයිලා දන්නවා යෑ කම්මැලි කම නිසා නෙවේ මල්ලි කම්මැලි නැතිකම කියලා..
ඔය බතික් කරන වැඩේටනම් කරන්න තියෙන්නේ රෑ නිදාගන්න කලින් වැඩිපුර ඩයි ටික අහක් කරලා නිදාගැනීමය
ඈ දෙකවසරේ ය. ඈට ද සරම පෙන්නන්න ගොස් කුස්සියේ බංකුවේ ඇණ තියාගෙන වාඩිවී “කුමුදු ඔයා මගෙ අළුත් බඩුව දැක්කා දැයි” ඇසීමි. ඈ ද “ආනේ ශෝක්” යැයි කීවාය. ඒත් ගෙදර වැඩකාරී “ගෑණු ළමයි ඉන්න තැන්වල ඔහොමත් වාඩි වෙනවදැයි” අසා මා එලවා ගත්තේය.
වැලිකෙලියේ පටන් වලත්තකම.. චිහ්….
හනිමූං කොරන්න මාත් එයිං පොෂ් සරං දෙකක් ගත්තේ යන්න උනේ හොඳවැයිං හෝටල් දෙකකට නිසා ය.
මේ දෙක අඳින උනාද මචන්…
මටත් සරම තරම් වෙන මොකුත් නෑ බන්….
උඩ පින්තූරෙ තියන සරම ඒ ළමයාගේ කරට දැම්මා නම් එළම එළ කිරි බව මගේ අවංක හැඟීමය.සරම් ඇඳීමේ නියම ක්‍රමය සරම කරේ ක්‍රමය බව මම සිතමි.
සරමේ ඇති තවත් විපුල ප්‍රයෝජනයක් නම් මධු සාදයකදී සරම ආධාර කොටගෙන විවිධ මනරම් නර්තන විලාසයන් ඉදිරිපත් කිරීමේ ඇති හැකියාවය.
සරම් පිළිබඳ මේ ලිපියට අපේ බබලත් පාර්ශ්වයේ කිසිවකු ප්‍රතිචාර දක්වා නොමැත. ඔවුන් ලිපිය කියවා කුල්මත් වී සරම් මිලදී ගැනීමට ගියා විය යුතුය.
හපොයි මේ ලඟදි ඩිනර් එකකට යන්ඩ පොෂ් සරමක් හොයන්ඩ වින්ද දුකක්. සරමෙ ගානට වඩා පෙට්‍රල් ගැහුව මම හිතන්නෙ.
පිරිමි අඳින සරමට වඩා කොච්චර ලස්සනද ගෑනු ලමයි සරම් ඇන්ඳාම…බලන්ටකෝ ලස්සනේ බැරුවා….
පීනලා ගොඩට එනකොට ඇඳිය හැකි වර්ගයේ ලස්සන සරම්ද දැන් තිබේ. ඒවා ඇන්ඳාම ගෑනු ලමයින් හරිම ලස්සනය…
කලිසම මහන්නේ සරම මැදිං කපා මැහුං මූට්‍ටුවක් දමා බව උඹට ලියන්නට අමතක වී ඇත.
ප.ලි.
සරම සුපිරිය. නමුත් සදා සිවිල් යන මාහට සරං එලි පහලියට අඳින්නට බැරිය
සිවිල් යන ඒකනම් ඒතරම් හොද නැත. අනාගතයට බලපාන්න බැරි නැත.
මට ඔය සරම අඳින්නම බැරිය. අඳිනවානම් අනිවා ගෙදර කවුරුත් නැති දවසකය. ඒකත් වෙන කාගෙ හරි එකක්ය.
අනුන්ගේ සරං ඇඳීමේ ආදීනව වෙදනා පහුගිය දොහක අපූරුවට කියා තිබුනි, ඒ මදිවාට ඕනයා ද ඊට අටුවාවක් ලියා තිබුනේය. උඹ පරිස්සම් වීම මැනවි ය.
අදම තමා මචන් උඹේ බ්ලොගයට අවේ.
ආපු එකේ මොනාහරි කොටලා යන්න හිතුනා,අනිවා මමත් අවුරුදු 5 ඉඳල සරම ගහන්නේ පට්ට ආතල්,
සරම වගේ දෙයක් වෙන කොහෙවත් නැහැ.
සරම දිගුකල් දිනේවා.
ඔබට ජය.
ෙමය කියවූ මට සරම අල්ලා වැඳීමට සිත් විය
ඔහෙ හිටු මං මගෙ පරණ සරමක් බොට එවන්න
කිව්වා හරිය, මටත් පෙර සරම අබ්ලික් ය. බැන්දායින් පසු සරමට බහින්නට විය. දැන් නම් මොක නැතත් රාත්තිරියට නැතුව බැරිය… සරම !!!
අපි නොදන්නවයි ඒකෙ රහස
ඉස්සර කාලේ පොඩි එකෙක් ඉපදුනා ම අහන්නේ ද සරමක් ද කම්බායක් ද කියා ය. සරමක් නම් බොහෝ දෙනාට සතුටු හිතේ, ඒ ඇයිද මම නම් නොදන්නෙමි..
මට නම් බතික් සරම තරම් සුවදායක ඇඳුමක් නෑ වෙන…
උඩ පින්තූරෙ දැක්කාම අනව්ශ්‍ය දේවල් හිතෙනවාය
ඒක බොලේ ඉතිං වනචර මට්ටමේ හැටියට තමා
හම්මේ නවම් කොලුව බොහොම අගේට සරම් ජාතකේ ලියල තියනව නොවැ. බොහොම හොඳා…බොහොම හොඳා… ඉස්කෝලෙ 1 පන්තියෙදි මටත් හරි කෙලියක් උනාඔය සරමක් හින්දා..වාර අවසානෙ විවිධප්‍රසංගෙ අපෙ පන්තියට තිබුනේ ගොයම් නැටුම… ඇඳුම සරම.. සරමක් ඉස්සෙල්ලම ඇන්දේ ඔය නැටුමට..ඇඳ ගන්න දන්නෙත් නැහැ. ටීච තමයි සරම ඇන්දුවෙ. නැටුම පටන් හන්න මොහොතකට කලින් කඩන් වැටුනනෙ සරම..මම කෑ ගහුවා.. ටීච… සරම කැඩුනෝ… කියල…මුලු සෙනඟටම හිනා….
ආයෙ එහෙනං ඒ ලැජ්ජාවෙ රෙදි ගැලවෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ. හෙහ් හෙහ්..