ඔබ සැමගේ අවධානය පිණිසයි !
දෙසැම්බර් 23, 2011 ප්රතිචාර 37
මේ දිනවල ශාන්තා මායාදුන්නේ ඇස්ට්‍රා දමා නොයෙක් කෑම ජාති සාදන්නේය. ඒවා ජාතික රූපවාහිණියේ පෙන්වන්නේ ය. ඒ ජාතික රූපවාහිණියම ළදරු පෝෂණය ගැන නුගසෙවනේද මුරගාන්නේ ය. ඒ මදිවාට කලකට පෙර සූරියප්පෙරුම මුත්තා ලොඹු කටින් මැල්ලුම් මුට්ටිය කවා හදනා අඩි හයේ යෝධයා ගැනද නන්දෙඩවූවේය. පෝසන මළුද දේ. උන් හෙළුවෙන් ය. ඉඳින් අපිද රෙදි ගලවා දමමු. එවිට කිසිවෙකුටත් අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දිගු කර වෙහෙස විය යුතු නැත. සෑම කෙනෙකුටම නියමිත මිලක් ඇතිබව නැවත නැවතත් ඇස් පනාපිටම ඔප්පුවෙමින් පවතී !!
සැ.යු : උක්ත රූ සටහන ඊ මේලයකින් උපුටා ගන්නා ලද්දකි.


පෝස්ට් එකනම් සිරා මචන්. තෑන්ක්ස් දැනුවත් කරාට..
අනේ අපේ අම්මත් මට පොඩි කාලේ ඇට්ටා දුන්නද දන්නැ.. මේ මොලේ අවුල ඒක නම් මම් ඕකුන් කනවා!!
//අනේ අපේ අම්මත් මට පොඩි කාලේ ඇට්ටා දුන්නද දන්නැ.. මේ මොලේ අවුල ඒක නම් මම් ඕකුන් කනවා!!//
සිරා කථාව ,
බැලුවාම දරුවන්ගෙ වර්ධනය කියල ඒකේ අනික් පැත්ත කරන්නේ
/*අනේ අපේ අම්මත් මට පොඩි කාලේ ඇට්ටා දුන්නද දන්නැ.. මේ මොලේ අවුල ඒක නම් මම් ඕකුන් කනවා!!*/
මමත් පොඩි කාලේ හෙන ඇට්ටරයා, කවන්න හැදුවට නම් මුකුත් කාලා නෑ, හැබැය් මේ මොලේ කචල් හැටියටනම් අපේ අම්ම කොහොම හරි ඇට්ටා කවලා තියෙන පාටය්. අම්මලා ඉතින් රවට්ටලා කවන්න දස්සය් නේ.
බොහොම ස්තූතියි දැනුවත් කළාට!
නියම පෝස්ටුව. ගව පට්ටි වලට එකතුකරන්න සුදුසු එවුන් තමයි කෑම ගැන අපිට පාඩම් කියලදෙන්නෙ. ඕව කන්නෙ නැති අපට නං ප්‍රශ්නයක් නෑ. ඒත් පව් කන එවුන්ට. අනිත් කාරණාව අධ්‍යක්ෂ තුමාගෙ නියෝගයට අනුව නං ඇඩ් එකක් දානකොට “අවුරුදු 3ට අඩු ලමුන්ට නුසුදුසුයි” කියල දාන්නත් ඕන. දැනට එහෙම තියනවද කියලනං මතකයක් නැ. ගොවියන්ට-වෙලෙන්දන්ට කූඩ අනිවාර්ය කරන එවුන් මේවට අන්ධයෝ ගොළුවො.
උඹ පොඩිකාලෙ ඇස්ට්‍රා කෑව නේද ???? ඇත්ත කියපං
නවම් ඔබ කියනා කතාවට බාගෙට එකඟ වෙනවා.. නමුත් ඇස්ට්‍රා කුඩා ලමුන්ට නුසුදුඩු බව නිර්දේශ කළේ පිළිකා කාරක ඇති නිසා නොවේ. දරුවන්ගේ වැඩීම බාල කරන නිසා උසාඣ්වි නියෝගයක් පැනවූවා වැඩෙන වයසේ, එනම් අවුරුදු 3 ට අඩු ඇස්ට්‍රා නුසුදුසු බව ඇසුරුමේ දක්වන්න.. මේ මෑතකත් ඇස්ට්‍රා ගෙනාව වෙලාවේ මම බැලුවා ඇසුරුමේ කොහේවත් චූටියට කියවගන්න බැරි ගානටවත් එහෙම එකක් ගහලා තිබුනේ නෑ…
මෙව්ව ඉතින් දෙයියොම බලාගෙන ඉන්න ඕන. කොහොම උනත් ඔය සාන්තා ඇන්ටි හදන කෑමට ඇස්ට්‍රා නැතුව ඇන්කර් හරි හයිලන්ඩ් හරි වෙන මොකක් හරි බටර් ජාතියක් දැම්මනම් ඇස්ට්‍රා දැම්මට වඩා රහයි..
යන්තන් වයස අවුරුදු තුනක් වෙච්ච මගෙ මුනුපුරු පටියත් මේ දවස් වල ලංකාවෙ, උංගේ අම්මත් ඌට ඇස්ට්‍රා කවනවද දන්නෙ නෑ
මුණුපුරු පැටියා මෙහෙ ඉන්නවා ලෙසටම….
මගේ එකාට මම ටොපියක් වත් දෙන්නේ නෑ.. ස්වාභාවික කෑම විතරයි….
මං මේක දැක්කේ නෑ…
නැත්තං හිතයි දැකලා කියන්න ඕනෙ එව්වා නොකියා හිටියා කියාලා…
එතකොට කේක් එහෙමත් ලමයින්ට දෙන්න වෙන්නෙ නැහැනෙ ………
අනේ කාලේ වනේ වාසේ ……….
ලංකාවට යන කල ………
අම්මප ඇස්ට්‍රා ඔහොම නං කේක් හදන්න ගන්න බීහයිව් වගේ මාජරින් ජාති වහ ද දන්නෙත් නැ. පොඩි එකා ඊයෙත් මහා කේක් පළුවක් කනව මං දැක්ක.
බොලං නවම් මලයෝ…. ඔය ලොකු ලොක්කන්ගේ ළමයින්ට ඇස්ට්‍රා දෙන්නෙ නෑ බං… අපිට ඉස්සර අපේ අම්මලා ඇස්ට්‍රාවත් දුන්නෙත් හරිම අමාරුවෙන්…. එක පාරක් හැන්දට ගත්ත බටර් ටික පාන් පෙති හත අටක උලනවා.
ලොකු ලොක්කො කන්නෙ ඇන්කර් බටර් වලටත් වඩා ගණන් වැඩි මෙඩෝ ලී, සන්ෆ්ලවර් ඔයිල් වලින් හදන පොෂ් බටර් වර්ගය….!
අපේ පොඩි එවුන්ට කැන්සර් හැදුනොත් ඔය ලොකු ලොක්කන්ගේ ප්‍රයිවට් හොස්පිටල් වලට ගිහිල්ලා ජනතාවගේ සල්ලි වලින් දොස්තරලා වෙච්ච එවුන්ට ලක්ෂ ගණන් දොළ පිදේනි දීලා අන්තිමට මැරිලා යන්න පුළුවන්නේ….!
ඔයි ලොකු ලොක්කො කිව්වෙ අර කළුබෝවිල දුමී වගේ අය ගැනද මංද……
දැනුවත් කිරිමට ගොඩක් ස්තුතියි
හොඳ පොස්ටුවක් මචන් ස්තුතියි දැනුවත් කීරීමට,
මේක ලින්ක් එක අපේ ගෙදර උන්දැට යවන්න ඕනේ (හෝම් මිනිස්ට්‍රි එකට)
මගේ පැටවූ දෙන්නට මොනවා කවනවද දන්නේ නැහැනේ බන්…
මේක නම් හරිම වටිනවා. ඔයාට ගොඩාක් පිං දැනුවත් කලාට. මමත් මායාදුන්නේ හදන ඔය අල ගෙඩි හද හදා කෙල්ලටයි කොල්ලටයි කැව්වා. නැවතත් ඔයාට ගොඩාක් පිං
අපේ උන්දැ නං කාලෙක ඉඳං ඇස්ට්‍රා තහනං කොරල තියෙන්නෙ
අන්තිමට නඩු දාලා කෙලවන්නේ ඕක විකුනන ගමේ කඩේ මුදලාලිට මිසක් ආයතනයට නෙවෙයි..ඔවා තමයි ලංකාවේ නීතියේ හිඩැස්
ඕව පොෂ් කෑම බං.. ලොකු ලොකු තැං වල තුංවේලටම තියෙන්නේ ඕවා….
අනේ ඉතිං අපිට නං ඕක පුරස්නයක් නෙවෙයි. මොකෝ අපි කන්නෙ ඇතිළියෙන් හරි මුට්ටියෙන් හරි විතරයි නෙ.
එළ එළ, ඔන්න මමත් මේක reshare කරනවා…
ඔය පරීක්ෂාව කරලා තියෙන්නෙ ඇස්ට්‍රා වලට විතරද නැතිනම් තියෙන සියලුම මාගරීන් වර්ග වලටද?
දන්න අහපු විදියටනම් ඇස්ට්‍රා විතරයි. හැබැයි ඒකෙන් අනිත්වා හොඳයි කියල කෙහෙත්ම කියන්න බෑ.
රස ගුණ නොමරා උයන මහා ප්‍රචාරයක් නොලබන අපේ සාම්ප්‍රදායිකව ආච්චි අම්මලා උයපු ක්‍රම සහ විධි යල් පැන්නයි කියලා.. තුහ්ක් කියලා විසි කරලා..වෙන්ඩ පොශ් කට්ටියට උයන්න උගන්වන ක්‍රම වලින් වෙන හානිය එලිය එන්නෙ සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි ! ඒ එනකොටත් කවුද ඔව්වයෙ හරිම හේතු හොයලා බලලා තේරුම් ගන්නෙ ? බලන්න අද තරුණ අයටත් තියෙන හෘදයාබාධ තත්වය ! ඒ අයගේ ළමා කාලෙ ගිල්ලවපු ඒවායෙ ප්‍රථිපල නෙවෙයිද ?
උඹටත් චූටි මැණිකේටත් ලීනූටත් වාසනාවන්ත 2012 ක් වේවා….
සුභ නව වසරක් වේවායි පතනවා…අයියණ්ඩිට…!
2012 ලැබූ නව වසර සුභම සුභ එකක් වන්නැයි පතනවා ඔබටත් මැණිකෙටත් පුංචි පැටියාටත්!!
සුභ නව වසරක් නවම්, සියලු කටයුතු සාර්ථක වේවා, මුලු පවුලටම සුභ අනාගතයක්
නවම් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, සියලු බලාපොරොත්තු ඉටු වන වසරක් වේවා!
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කිව්වලු නවම් මලේ . . .
නවම් චුටිමැනිකේ සහ චුට්ටන් නවම්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පටන් ගන්නම්..
සීතාම්බර පට ඇඳන් ඉන්නා අපේ ජාතියට “රජ්ජුරුවෝ හෙලුවැල්ලෙන්” කියල කෑගහන්න කවුරුත් නැහැනේ ඉස්සර කාලේ වගේ.. ඔක්කොම මහාචාරියවරු හෙලුව වනනවා..
ඇස්ට්‍රා විතරක් නෙමේ අපේ රටේ ගොඩක් කැම ඇගට අහිතක්කරයි. තුන්වෙලාටම බත් ගිලින එක ඇගට හොදයි කියලා හිතන අපේ අයට බොරු කියලා රවට්ටවන්න ලේසියි.කෙනෙකුට සමබර පෝෂණ ආහර වෙලක් ගන්න සැගෙන්න ගේමක් දෙන්න වෙනවා.
කොලම් රටේ ගෙන්දගම් පොලවේ රස්සාව කරන නවම් දන්නවා ඇති , හොද කැම වේලක් කන්න පුලුවන් අමාරුව.
සුබ අලුත් අවුරුද්දක් නවම් ඔබටත් නෝන හාමිනේටත් පවුලේ සැමටත්
මම විභාගෙ ෆේල් උනෙ ඈයි කියලා දෑන්නෙ තේරෙන්නෙ