දැන් පෙන්නනවා – කැලයක් මැද ආදරය හෙළුවෙන් – අධ්‍යක්ෂනය : ලූලා නැති වලේ කණයා
ජනවාරි 27, 2012 ප්‍රතිචාර 68
මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල.
ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක.
උඹ කොහොමද දන්නෙ ?
ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල.
මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ හිත් කියවන්නෙ නෙමෙයිනෙ.
ඒත් මචං උඹෙ පරමාර්ථ මොකක් උනත් නිර්ධා උඹට කැමතියි කියන ෆැක්ට් එක වෙනස් වෙන්නෙ නෑනෙ, අනික උඹ දන්නවනෙ නිර්ධා කියන්නෙ මොනවගේ කේස් එකක්ද කියල, ඒක නිසා පොඩි හරි කැමත්තක් පෙන්නන වෙලාවෙ අඩියක් ඉස්සරහට තියපං
උඹ ඔතනදි නිර්ධාගෙ කැමැත්ත කියල අදහස් කලේ මොකක්ද ? මාත් එක්ක එකට ඉන්න ආසාවක් ද ? එහෙමත් නැත්නං හැන්දෑවක වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න තියන ආසාව වගේ දෙයක් ද?
උඹ නං මහ නුහුගුණ කාරයෙක්. කෙල්ලෙක්ගෙ හිත ගැන කතාකරන්න වඩයක් උදාහරනෙකට අරගෙන හරියනවද බං ?
මොකක් උදාහරනෙට ගත්තත් ඒකෙන් අවශ්‍ය පැහැදිලිකිරීම එනවනං අවුලක් නෑනෙ මචං.
උඹ ඉතිං ඇස් පනාපිටම පේන්න තියන දෙයක් උනත් පිළිගන්න කැමති එකෙක් නෙවෙයිනෙ. අනේ මංද උඹට මොන කෙහෙල් මලක්ද වෙලාතියෙන්නෙ කියල, ඇයි බං උඹටත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදියට හිතල සරළව ආදරය කරන්න බැරි.
ඒපාර උඹ කැමැත්ත “ආදරයක්” කරගත්තද? මොකක්ද බං ආදරේ කියන්නෙ ?
ඔය ඉතිං… මනුස්සයො…….. ආදරේ කියන්නෙ ගෑණියෙක්, පිරිමියෙක් එකට එකතුකරවන ආකර්ෂණයට, බැඳීමට.
ආදරේ කියන්නෙ බැඳීමට, ආකර්ෂණයට නං අහවල් දෙයකටද බං ඒ දෙකට එහෙම්මම පවතින්න ඉඩහරින්නෙ නැතුව ආදරේ කියන වචනෙත් ඔබ්බල තියෙන්නෙ?
මං එහෙම කිව්වට ආදරේ වචන දෙකකට සීමා කරන්න බෑ මචං, ඒක හරිම සංකීර්ණ හැඟීමක්.
කෙහෙල් මල් සංකීර්ණෙ…. උඹලම තමයි ඒකට ඕනෙ නැති බරක් එල්ලල මෙලෝ සතෙකුට තේරුං ගන්න බැරි දෙයක් කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඔන්න බොලා ආදරේ පූජණීයයි කියල සින්දු එහෙම ලියල ඒක මත්තෙම නහින්න හදනව. තේරුං ගන්න බැරි දේවල්වලට පූජනීයත්වයක් ආරූඩකරන එක ඉස්සර කාලෙ ඉඳලම මිනිස්සුන්ගෙ හැටියක් මචං.
හා.. එතකොට උඹ කියාපන් ආදරේ කියන්නෙ මොකක්ද කියල. කේන්තියෙන් වගේ නැඟිට්ට ප්‍රියන්ත සිගරට් එකක් පත්තුකරන් ගඟ දිහා බලාගෙන ඇහුව.
මුකුත් නෑ …. !
ඒ කියන්නෙ උඹත් ආදරේ මොකක්ද කියල කියන්න දන්නෙ නෑ… ?
ඒක නෙමෙයි මම කිව්වෙ, ආදරේ කියල කිසිම දෙයක් නෑ කියල.
මොන පිස්සෙක්ද……. ඔප්පුකරහං එහෙනං.
නැති දෙකක් නෑ කියල ඔප්පුකරන්න තරං මං පිස්සෙක් නෙමෙයි මචං.
එතකොට ආදරේ විස්වාසකරන මංද පිස්ස ? එහෙනං ඉතිං උඹ ඇරෙන්න මේ ලෝකෙ ඉන්න හැම එකාටම-එකීටම පිස්සු වෙන්න ඕනෙ. මං හරිද ?
උඹ හරිත් නෑ වැරදිත් නෑ, මොකද නැති දෙයක් විස්වාසකරන හැමෝගෙම ලඟ පිස්සෙක් කියල කියන්න තරම් පිස්සුවක් නැති හන්ද. සමහර අය ලඟ ඕක වැඩිපුරත් තවත් සමහර් අය ලඟ අඩුවෙනුත් තියනව මචං.
එතකොට උඹ කියන්නෙ ආදරය කියල දෙයක් නෑ කියලද?
මම කැමතියි පිළිගන්න ආදරය කියල දෙයක් නෑ කියල. හැබැයි උඹ එහෙම දෙයක් පිළිගන්නවට, විස්වාස කරනවට මගෙ අකමැත්තකුත් නෑ.
මොන කෙහෙල්මලක් කියනවද කියල මටනම් තේරෙන්නෙ නෑ, කෙලින්ම කියහං මිනිස්සු එකිනෙකා එක්ක බැඳෙන්නෙ ආදරය නිසා නෙමෙයි කියල ?
එහෙම එකක් නෑ බං. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නව එහෙම එකෙක් තියනව කියල.
එතකොට උඹ කියන්නෙ ආදරය කියන්නෙ මිනිස්සු විසින් හදාගනිපු දෙයක්ය හැබැවටම එහෙම දෙයක් නැතිය කියලද?
ඔව්, කාලයක් එක්ක ගොඩනැගිච්ච ආගමික, සමාජීය සංකල්ප නිසා සීමා මායිම් පැනවුන රමණට එක්ස්කියුස් එකක් විදියට මිනිස්සුම හදාගනිපු දෙයක් තමයි ආදරය. ආදරය ඉස්සරහට දාගෙන ඔය දේ කලාම ගල් ගහන අය අඩුයි කියල උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මචං. මතක තියාගනින් මේක සියවස් ගනනාවක් තිස්සෙ තව අතුරු කාරනා මහා ගොඩක් එක්ක ඇතිවෙච්ච දෙයක්.
අවශ්‍ය දෙයකට සීමා මායිම් ඇතිවෙනකොට ඒකට යම්කිසි මිලක් නියම වෙනව. ඔන්න ඔතනදි තමයි අර ආදරේ කියන සංකල්පීය මුදල මතුවෙන්නෙ..
උඹ කියනව අරක ආව, මේක ආව කියල, ඕව කොහෙන්ද බං එන්නෙ ?
ඒකට මම වඩාත්ම කැමති උත්තරය දෙන්නම්. මේක මම හොයාගනිපු දෙයක් නෙමෙයි ඒත් මට පිළිගන්න පුළුවන් උත්තරයක්.
මොකක්ද?
ජාන !
ජාන…… ? ඒ මොන විකාරයක්ද , ජානවලට හිතන්න පුළුවන්ද ඔය එක එක උලව් තියරි ගේන්න ?
ඒකට ඕව්, නෑ, බෑ වගේ උත්තරයක් දෙන්න බෑ මචං.
ජාන තමයි මනුස්සය මෙන්න මෙහෙම වෙන්න ඕනෙ, පාට මේකයි, උස මේකයි, ලිංගය මේකයි වගේ හැම ඩීටේල් එකක්ම තීරණය කරන්නෙ. ජාන තමයි කෝර් එක. ජාන වලට ඕනෙ නිතරම පැතිරෙන්න, හරිටට කම්පියුටර් වෛරස් එකක් වගේ. උඹයි මමයි කියල වෙන්කරල අඳුරගන්න උදව් වෙන වෙසල් එකක් විතරයි බොඩි එක. රියල් ඩ්‍රිවන් ෆැක්ටර් එක ජාන.
ජාන කැමති නෑ බාධකවලට, ඒක නිසා හැම තිස්සෙම විවිධ උපක්‍රම හොයාගන්නව ඒව මඟ ඇරල යන්න. ඒක නිසා තමයි මනුස්සයට විවිධ දක්ෂතා ඇවිල්ල තියන්නෙ. ඒ හැම දක්ෂතාවයකම මූලික පරමාර්ථය ජීවයේ පැවැත්ම තහවුරු කරගැනීම. ඔන්න ඔය තියරි එක තමයි මනුස්සයට නිදහසේ සමාජීය වාරණ වලින් කට්ටිපැනල නිදහසේ සෙක්ස් කරගන යන්න “ආදර”ලයිසන් එක දෙන්නෙ.
එතකොට ඔය කෙල්ලෙක්, කොල්ලෙක් දැක්කම හිතන්ව කියන්නෙ “මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා, සංසාරෙ පුරාවට පතාගෙන ආව කෙනා” වගේ දේවල් ?
හෙහ් හෙහ්.. ඒ මචං වඩාත් උචිත ජාන අතරෙ ඇතිවෙන ආකර්ෂණය, හරියට කාන්දම් දෙකක් අතරෙ ඇතිවෙන ආකර්ෂණය වගේ. එහෙම නැතුව ඕක කොටන්න බඹෙක් ඕනෙ නෑ. ඔතන තියෙන්නෙ පොඩි ආගමික – සංස්කෘතික මික්ස් එකක් මචං. ඔන්න ඕක තේරුංගන්න බැරිවෙච්ච කොහේ හරි ඉඳපු සාහිත්‍යකාරයෙක් ගොතාපු කෙබරෙකට අහුවෙලා ඉන්නෙ. අනික මචං ඔය පෙරුම්පුරන සංකල්පය ආවෙත් ආගමික සාහිත්‍යක් හරහානෙ. එහෙම නැතුව ගෑණියෙක්ටයි ම්නිහෙක්ටයි එකට ඉන්න පෙරුම් පුරන්න ඕනෙද, මොකෝ ඔය එකට ඉන්න උන් සේරම පෙරුම් පුරපු උන්ද?
ඔය මෙලෝ සතෙකුට තේරුංගන්න බැරි සාහිත්‍ය ටෝක් සේරම ගෙනාවෙ සෙක්ස් කැතයි කියල හිතපු මිනිහ තමයි බං. ලස්සනට පාට කලාම වේලිච්ච බලුබෙට්ටක් උනත් සල්ලි දීල අරං යන මිනිස්සු ඉන්න සමාජයක ඕක ලේසියෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි.
උඹ ඕව වෙන කාටවත් කියන්න එපා, අල්ලං ගොහිං දායි අංගොඩ. එතකොට නිර්ධා උඹෙ පස්සෙන් එන එකෙයි මේ උඹෙ කෙහෙල්මල් තියරියයි අතරෙ තියන සම්භන්දෙ මොකක්ද?
දැම්මම පිස්ස කිව්වොත් කතාවෙ ඉතුරු ටික ඇහුඅම උඹට කියන්න දෙයක් නැතිවෙයි, ඒක නිසා පොඩ්ඩක් ඉවසල ඉඳිං නිර්ධට ඇප්ලයි වෙන්නෙ කොහමද කියල කියනකං.
හොඳට බලපන් ට්‍රිප් එක ආපු උන්ගැන කල්පනා කරල. ආපු එකොලොස් දෙනා අතරෙන් නිර්ධායි මායි විතරයි තනිකඩ උන්ට ඉන්නෙ.
ඇයි මිනිහො එතකොට මං ?
උඹට ඉන්නෙ කෙල්ලො දෙතුන්දෙනෙක් විතර.. අමතකද ?
ඒ එකෙක්වත් සීරියස් කරන ඒව නෙමෙයිනෙ බං, අනික උන් එකෙක්වත් මෙතන නෑ නෙ.
හරි. මම තව ටික වෙලාවකින් ඒකට උත්තර දෙන්නම්, දැන් අහපන්කො මම කියන්න හදන දේ.
නිර්ධා කියන්නෙ මාත් එක්ක අවුරුදු දෙකක් විතර එකට ක්ලාස් ආපු කෙල්ලක්. ඒ කාලය පුරාවටම මාත් එක්ක වචන දෙක තුනකට වඩා කතානොකරපු කෙනා උඹ අද කියනව මට කැමතීයි වගෙයි කියල. ඒක උඹ මට කියන්නෙ මේ කැලේ මැද කෑම්ප් එකට ආවට පස්සෙ. මට හොඳටම ෂුවර් උඹට මීට කලින්, ඒ කියන්නෙ කොළඹ ඉන්න කාලෙ එහෙම දෙයක් තේරුනේ නෑ, ඒ වගේම නිර්ධාට එහෙම අවශ්‍යතාවයකුත් ඇතිවෙලා තිබුනෙ නෑ කියල.
දැං උඹ මොකක්ද කියන්න හදන්නෙ … ?
අහගෙන ඉඳපන්කො. එතකොට තේරෙයි.
මම කියාගෙන ආවෙ සිවිලයිස් සොසයිටි එකේදි කිසිම උනන්දුවක් නොපෙන්නූ නිර්ධා එකපාරටම මේ කෑම්ප් එකේදි මම ගැන උනන්දු උනා කියලනෙ. උඹ දන්නවද ඇයි කියල ?
කියපන්කො බලන්න ?
ඉස්සෙල්ලම බලපන් නිර්ධා කියන්නෙ කවුද කියල, ඒකි හොඳ බර අත්තක්, පෙනුමෙත් කිසිම වැරැද්දක් නෑ, ඉගනගන්න දක්ෂයි. කොටින්ම ඒකිට කොල්ලෙක් හොයාගන්න කිසිම කම්පිටිෂන් එකක් නෑ. ඉතිං ඒකිට කිසිම කලබලයක් ඇත්තෙ නෑ කොල්ලෙක් හොයාගන්න, ඇති තරම් කාලය ගන්නව වැඩිපුරම හොඳ දේ පික් කරගන්න.
දැන් බලපන් අපි දැන් ඉන්නෙ කොහෙද කියල, සිංහරාජෙ ෆොරස්ට් කෑම්ප් එකක, ගඟෙන් එගොඩ, හැතැප්ම දෙකක පයින් යන දුරෙන් මෙහා වාහනයක් නෑ මෙ ගඟෙන් එගොඩ යන්න තියන බැරල් බෝට්‍ටුව ඇරෙන්න. සත්තු සර්පයො ඉන්න පුළුවන්, ඕනෙම වෙලවක අණතුරක් වෙන්න ඉඩකඩ වැඩියි.
ඉතිං ?
ඉතිං කියන්නෙ මචං, මේ කැලේ මැදදි නිර්ධට ආරක්ෂාව ඕනෙ, රැකවරණය ඕනෙ. ඒ පෙළඹවීම කරන්නෙ නිර්ධාගෙ ජාන, සියවස් ගනනාවක් තිස්සෙ වර්ධනය වෙවී ආපු පැවැත්ම රැකගන්න වලිකන ජාන. ඒක ලබාගන්න තියෙන්නෙ උඹෙන් හරි මගෙන් හරි එහෙමත් නැත්නම් අපේ ගයිඩ්ගෙන් හරි තමයි. මොකද මේ ගමන ආපු අනිත් උන් ඔක්කොම කපල්ස්.
ඒක තමයි මං කියන්නෙ, උඹේ තියරිය හරි නම් ඇයි ඒකි මට නැතුව උඹට ඇහැ දාන්නෙ?
උඹ කලින් කිව්වනෙ කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක සීරියස් නොවෙන රිලේෂන්ශිප් තියනව කියල.
ඔව් ඉතිං ?
නිර්ධාගෙ ජාන එයාව පොළඹවන්නෙ යන්න පුළුවන් හොඳම තේරීමට යන්න. උඹත් එක්ක ඒකිගෙ පැවැත්ම ස්ථාවර නෑ. එහෙම කෙනෙක් එක්ක නව ජානපරම්පරාවක් ආරම්භ කලොත් ඒවායේ පැවැත්ම පිළිබඳව ගැටළුවක් මතුවෙනව. ඒක නිසා නිර්ධා උඹට සමීප වෙන්නෙ නෑ. ඒ වගේම තමයි නිර්ධා ගයිඩ්ව නොදන්න නිසා ඌට සමීපවෙන්නෙත් නෑ. එතකොට ඉබේම නිර්ධාගෙ ජාන නිර්ධාව පොළඹවනව වඩාත්ම රිලයබල් ඔප්ෂන් එක තෝරගන්න.
ඒ කියන්නෙ උඹ තමයි මෙතන නිර්ධට ඉන්න ගැලපෙනම එකා ?
ඔව්, මේ පරිසර සාධකත් එක්ක මාව තෝරාගන්න තමයි නිර්ධාගෙ ජාන ඒකිව පොළඹවන්නෙ. හැබැයි සමහරවිට ඒ පෙළඹවීම තාවකාලික එකක් වෙන්නත් පුළුවන්, ආරක්ෂාවක් ලබාගන්න විතරක්ම වෙන්නත් පුළුවන්. ආයෙම කොළඹ ගියාම ඒකි කලින් හිටිය වගේම මාව නොදන්න ගානට ඉන්නත් ඉඩ තියනව. ඉතිං මං ඕකට ආදරේ කියල ටොම්පචයක් ඇප්ලයි කරගත්තොත් මට මොකක්වෙයි කියලද උඹ හිතන්නෙ ? පපුව පැලිල මැරිල යන්නත් බැරි නෑ.
මචං.. ඔන්න නිර්ධා මේ පැත්තට එනව.
අපි මේ කතාව දැනට නවත්තමු. ඇහුනොත් හොඳ නෑනෙ.
හෙහ් හෙහ්.. ඇයි කෝ උඹෙ මෙච්චර වෙලා කියාපු පඬි ටෝක්, මොකෝ උඹෙ ජාන කිව්වද කටපියාගෙන හිටු කියල ?
ඒව කියන්න බෑ මස්සිනා…. අතට ආපු චාන්ස් එකට පයිං ගහල තව කොච්චර කාලය හූල්ලන්න වෙයිද කියල කවුද දන්නෙ. අනික මගේ ජානත් කැමති නැතෑ තව කාලයක් පවතින වැඩක් කරන්න. ඊටත් මචං කොයි පඬියත් ඔය මං පොර සින්දුව කිව්වට හැබෑජීවිතේදි ජානෙට යටයි නෙ.
හෙහ් හෙහ්…
ප.ලි : කොහොමයි මගෙ ලව් තියරිය. මහදැනමුත්ත පරාදයි !!! හැබැයි වැරදිලාවත් ලූලෙක් මේ පැත්තට ආවොත් “කණයට” දෙයි දුවන්න නේද ? හෙහ් හෙහ්.. ඒත් කමක් නෑ දෙනවනං ආයෙ දෙන්න ඕන හොඳම එකෙන් හරිය ?
පින්තූරය ගත්තේ : http://knowyourmeme.com/photos


උඹ ඊයේ රෑ බිවුවද බං නවම්මයියේ…..
ඔය ඉතිං.. ඕකනෙ බොලත් එක්ක බැරි. රටටම ඇහෙන්න කෑගහනවනෙ
ඊයෙද, පෙරේදද, මාරයට පිස්සු හැදුන, දැන් මෙයාටත් බඩු හරි වගේ
ඒකනෙව ඕනයලයි ගෙවල් දිහාවට පල්ලං බැස්සෙ
ඌ ගෙදර නැති නිසා නෙමේ නේද?
කතාව ඇත්ත. වරදක් හොයා ගන්න උත්සාහ කළා. හම්බ වුණේ නෑ. Well done.
තව ටිකක් එකතු කළා නම්:
වැරදි තෝරා ගැනීමක් නිසා පිරිමියකුට වෙන්නෙ වැඩිම වුණොත් ජාන ටිකක් අපතේ යාම පමණයි. නමුත් ගැහැණියකට ඒ නිසා දරු ගැබක් ඇති වීම වැනි සංකීර්ණ ගැටළුවකට මුහුණ දීමට සිදු විය හැකියි. එකක් පොඩි risk එකක් අනෙක බරපතල risk එකක්. ඒ නිසා තමයි පිරිමි ඉතාම ඉක්මණින් හා වැඩිදුර සිතීමකින් තොරව සහකාරිය තෝරා ගන්නෙ සහ ගැහැණු ඒකට අසාමාන්‍ය ලෙස දිගු (පිරිමි ඇහැකින්) කාලයක් ගන්නෙ.
සමහර සතුන්ගෙ ලිංගික එක්වීම ගැහැනු සතාට මුලින් ඉතාම වේදනාකාරීයි. (උදා: බළලුන්. බළලාගෙ ශිශ්නය තුළ අස්ථියක් තියෙනවා බැළලියට වේදනාවක් ඇති කරන) මෙසේ වී තියෙන්නෙ එතකොට යම් සහතිකයක් තියෙනවා ගැහැනු සතා ඒ වේදනාවත් විඳගෙන සංසර්ගයට ඉඩ දෙන්නෙ නියම සහකරුවාට විතරයි කියලා. හැබැයි තරගයක් නැත්නම් ඕනැම නාකි, දුර්වල, අවලස්සන බළලෙකුටත් චාන්ස් එකක් තියෙනවා.
තව එකක්. අපි නිකමට හිතමුකො ඔය කතාවෙ හැටියට ඉතුරු දේවල් වෙනස් නොවී, ප්‍රියන්ත හා මිතුරා වෙනුවට ප්‍රියන්ති කියල ගෑල්ලමයෙක් ට්‍රිප් එකට එකතු වුණාය කියල. මොනව වෙයි කියලද හිතන්නෙ?
තව ගෑණුළමයෙක් හපොයි ! අපි දන්නෙ නෑ ඕව
උඩ ඇනෝම තමයි. තව දෙයක් එකතු කරන්න මතක නැති වුණා.
ලූලා නැති වුණාට පාඩුවක් නෑ, කණයක් ඉන්නව නම් ෂෝ එක රන් කරන්න. All the best!
කණයට ජාන වල පැවැත්ම ගැන හොද අවබොධයක් තියනව වගෙයි…
අනේ මං දන්න ජාන, ඔය ගෙදර උන්දැගෙ පරණ තියරි පොතක් බලල තමයි මේ ටිකත් අල්ලගත්තෙ
මම ඒත් කලපනා කෙරුවා උඹ මේක හිතලා ලියපු එකක්ද කියලා,එහෙමනම් උඹ අපූරු මිනිහෙක් කියලත් හිතුවා. මැද හරිය කියවගෙන යත්දී හිතුනා උඹ මොකක් හරි මැගසින් එකක්වත් කියවලා ඒ අනුසාරයෙන් ලියපු එකක්වත්ද කියලා,
දැන් සැකය දුරු උනා.
ඒ උනාට උඹ අපූරු මනුස්සයෙක් තමා….
හෙහ්.. මම ලියයි මේව තනියම හිතල.. ඒව හඳේ හොඳේ
අනේ මංදා.
මාත් දන්නෙ නෑ මේ කිව්වට, ඒක හන්ද අවුලක් නෑ
ඔහොමමයි කියල පිලිගත්තෙ නම් නෑ. ඇත්ත කියන්න ඕනනේ..
ඒත් ඔය තියරියෙත් වැරැද්දක් පෙන්නෙ නෑ මටත්
මේක ලියාපු මං උනත් පිළිනොගන්න නෑ නෙ මේ හරුපෙ
මරු තියරිය..හැබැයි ඕක බොරු කරන්න පුළුවන් යාලුවෙක් මට හිටියා. ඌ දැකපු දැකපු සුදුපාට ගවුමට බොක්කෙන්ම ලව් කළා. ඌට රිටන් එකත් ලැබුනා. ඒක ගියා අනික දකිනකන්.. අෆොයි.. මට ඌ මතකවෙනකොට හිනා යනවා. ලව් පටන් අරන් දවසෙන් ඌ කේන්දර බැලිල්ලයි බැඳීල්ලයි ගැන කතා.. තුන්දවසෙන් වෙන කෙල්ලෙක් ගැන කතාව..ඒ කියන්න ඌට ඇත්තේ සර්වලෝක පුට්ටු ජාන වෙන්ඩ ඇති…. ඌ ඒ කෙල්ලන්ට කී කතා අහල කොළඹ කැම්පස් එකේ ගස් වලට දිවිනසාගන්න හිතෙන්න ඇති.. ඒ මොකද ඔය හැම කෙනෙක්ම ඌ ලජ්ජා නැතුව එහෙ එක්කන් ගියා.. හික්ස්..
අන්න ජානෙ “සර්වලෝකපූට්ටු” ඔය තියෙන්නෙ අපූරු පැහැදිලි කිරීමක්. හෙහ් හෙහ්….. එහෙම නැත්නං උගෙ ජානවල පෙනීම මදි නිසා වෙන්න ඇති අතට අල්ලලම බැලුවෙ.
ඔය කියන නිර්ධගේ ජාතියේ කෙල්ලෝ ඉන්න පුළුවන් එත් ඔකේ අනිත් පැත්ත ඒ කියන්න සරලව මන් කෙල්ලෙක් එත් මන් කැමති නැහැ මගේ ජාන පරම් පරාව තව කෙනෙක් එක්ක බෙදා ගන්න මට ඕනේ නිදහස් ජිවිතයක්. වගේම තනිකඩ මවක් වෙන්න එක රාමුවක් කොටු වෙලා ආරක්ෂාව, ඔය කියන එක මගුලක්වත් මගේ ජාන වලට එපා එත් මගේ අම්ම තාත්ත නීතියෙන් එක් වෙලා ඉන්න මිනිස්සු එතකොට ඔයාගේ ඔයා තර්කය මට කියන්න බලන්න කොහොමද අදාල වෙන්නේ කියල
ඒව ස්වාභාවිකව වරණය වෙලා, ක්ෂයවෙලා යන ජාන. එච්චරයි. ජාන වලට පුළුවන් තීරණය කරන්න වෙනස්වෙලා රැක්නවද එහෙම නැත්නං වෙනස් නොවී වැනසෙනවද කියල. ලොකු කතාවක් එතන නෑ.
නියම උත්තරේ දීල තියෙනවා. නවම් බයොලොජි ඉගෙන ගත්තද? සීරියස්ලි අහන්නෙ.
ඉගෙන ගත්තෙනං මැත්ස් ස්ට්‍රීම් එකේ, මේ එහෙන් මෙහෙන් කියවනකොට අහුවෙච්ච දේවල් තමා.
මැත්ස් කළාට මොකෝ බයෝ උන්ගෙන අදාල පාඩං අහගත්තනේ!
නවම් මැත කොලාට . . . ගෙදර උන්දැ කොලේ බයෝ නෙව
.කතන්දරේ නම් ඇත්ත. ඒත් බලාගෙන. ඔව්ව උඹේ චූටි මැණිකෙට කියනව එහෙම නෙමෙයි හරිය? එයා දැන ගත්තොත් එහෙම උඹ ලව් කලේ නැහැ උඹේ ජාන තමයි ඔය සේරම කොලේ කියල….. අර මොනවද එව්වට පාට ගෑව වගේ කියල…..උඹට වදින්නේ බුරියෙන් චූ යන්න…… එහෙම සන්තෑසියක් උනොත් හැරෙන තැපෑලෙන් මම හොරිවිල වෙද මහත්තයගෙ ගෙදරට යන පාර ඇඳල එවන්නම් .
හපොයි මේක කියාගෙන එනකොටම මයෙ ජාන රොත්තම කිව්ව මේකනං ගෙදර උන්දැටනං අහුවෙන්න දෙන්න එපාය එහෙම උනොත් යන එන මං නැතිවෙනවාය කියල
මාත් මේ ලඟදි ඔන්න ඔහොම එකක් කියෙව්වනොවැ.අම්මපල්ලා මගෙ මතකෙනම් ගන්න දෙයක් නෑ..කොහෙන් කවදා කියෙව්වද මතක නෑ නොවැ.හැබැයි තිබ්බෙ ඔහොම කථාවක් තමා.
අපි කොයි කවුරුත් එහෙන් මෙහෙන් කියවපු දේවල් නේන්නං හොයාගත්ත වගේ ආයෙම ලියන්නෙ.
අරූගෙ අර පැහැදිලි කිරීමට මගෙ ජාන හොල්මං වෙලා ඉන්නෙ. අර කිව්වත් වගෙ උඹේ චූටි මැණිකෙට බ්ලොග් වලට ඇලර්ජික් ජානයක් හිහිටපු එක උඹේ ජාන වල හොඳට හිටියා.
henryblogwalker the Dude
අන්න බලන්න ඒකෙත් හැටි. වැරදිලවත් උන්දැටත් බ්ලොග්ප්‍රිය ජානයක් තුබුනනං මේ ලියන ඒවයෙ හැටියට මං අද මෙතන නෑනෙ. ඒකෙන් ඔප්පුවෙනවනෙ ජාන කොච්චරනං මහන්සියක් වෙනවද කියල හරි දේ තෝරගන්න. [මොන පැත්තෙන් ආවත් ජාන තියරිය ඉස්සරහට දාල බෙල්ල බේරගන්න ඇහැකි වගේ නේද ?]
නිකං මොකටද විලිසංගේ නැති කරගන්නේ… මං මේක දැක්කේ නෑ….
කියන හැටි විතරක්, හරියට තියන එකෙක් වගේ
මේකට නියම උත්තරයක් දෙන්නනම් මෙතනට රවයියාව එක්කං එන්න ඕනේ!
තනියම නැත්නම් කණ්ඩායම් වශයෙන් වරෙව්
පතාගෙන ආපු හැටියට තමයි ඔතාගෙන යන්නෙ…
ජාන ආකර්ෂණය කෙසේ වෙතත් මම දන්න බුද්ධාගමේ හැටියට නම් ආත්මයක් ආත්මයක් පාසා එකට බැඳිච්ච අය මොන සබඳතාවයක් හරහා හෝ එකට ඉන්නවා.. සමහර විට එය මාතෘ -දූ දරු සම්බන්ධයක් වෙන්න පුළුවනි. තවත් ආත්මයක එය අඹු-සැමි සබඳතාවයක් වෙන්න පුළුවන්… ඒක ඉතිං අර ජාන සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්…
ඒක මහ ගැඹුරු දෙයක්… අපට තේරුම් ගන්න තරම් ශක්තිය මදි….
මම ඇනෝ අවධියේ සිට කියවන බ්ලොග් එකක්…….
ආදරය හා ආකර්ෂනය කියන්නේ දෙකක්! ඔය දෙක තමා ගොඩක් මිනිස්සු පටලවගන්නේ!
ඇත්ත කතාව නවම් මලේ…..ආදරය කියන්නෙ මිනිස් පරිණාමයෙ ප්‍රාථමික අවධියෙ පරිණාමික හේතු සාධක මත ඇතිකරවනු ලැබූ හැඟීමක්. සහජ ඥාණය නොව ඇතිකරගත් දැනුම මතු පරපුරට දායාද කරන්නෙ මිනිසා පමණයි. ඒ සඳහා දීර්ඝ අධ්‍යයන කාලයක් ගෙවන්නට වෙනව මිනිස් දරුවාට. ඒ කාලෙදි දරුවාට සහ මවට ආරක්ෂාවක් අත්‍යාවශ්‍යයයි ස්වාභාවික වගේම වෙනත් බාහිර අනතුරු වලින්. මේ සඳහා ස්වභාවයෙන්ම දුන් ප්‍රතිකර්මය තමයි එක් ස්ත්‍රියකට සුවිශේෂී වූ එක් පුරුෂයෙකුගේ ඇල්ම බැල්ම සහ ආකර්ෂණය . ආදරය කියල අපි ඔය සිංදු. නාට්‍ය, චිත්‍රපට, කවි රටේ නැති එව්ව කොරන්නෙ ඔන්න ඔය හැඟීමට.
මේ මගේ අදහසක් එහෙම නෙවෙයි.දැනට අවුරුදු තිහක වගෙ ඉඳල ආශ්‍රය කරන මගෙ කල්‍යාණ මිත්‍රයෙකුගෙ අදහස්, නම ඇවිල්ල ඩෙස්මන්ඩ් මොරිස්……..
මට හැබැයි මෙහෙම විචිකිච්ඡාවකුත් තියනව. අද ස්ත්‍රියට ඒ ආරක්ෂාව අවශ්‍ය වූ යුගයේ ඉඳල මිනිස් වර්ගයා බොහොම ඉදිරියට ඇවිල්ල. අද සමාජයේ පුරුෂ ආරක්ෂාව කියන එක අනිවාර්ය කොන්දේසියක් වෙන්නෙ නෑ ස්ත්‍රියට. ඒ නිසා අද ආදරය කියන සංකල්පය අර්බූදයකට ගිහිල්ල කියලයි මට හිතෙන්නෙ. අනාගතයෙ බොහෝ විට ආදරය කියන හැඟීම නැතිම වෙලා යන්න පුලුවන්.
ගස් උඩ එහෙ මෙහෙ පැනීමේදී සමබර තාවය රැකගැනීමට අත්‍යාවශ්‍ය වූ වලිගය දෙපයින් නැඟී සිටි මානවයාට බාධකයක් උනා වගේ ආදරය අනාගතයේ බාධකයක් වෙයි මට හිතෙන්නෙ. එහෙම උනොත් අනිවාර්යයෙන් වල්ගෙට වෙච්ච දේම තමයි ආදරේටත් වෙන්නෙ. අනවශ්‍ය දෑ ක්‍රමයෙන් ඉවත් වීමේ මූල ධර්මය අනුව ආදරෙත් නැති වෙලා යයි. මොකදෑ කොරන්නෙ?……හෙහ්, හෙහ්,
දැනටමත් එහෙම වෙලා ද මන්දා……
ප.ලි. – ජාන වලින් පෙලඹ වීමක් කරනව කියන කතාව ගැන නම් නවම් මට පොඩි මෙව්ව එකක් තියනව…ඒ ගැන මොරිස් ගොයියගෙන් ආයෙම අහන්න ඕන නිවාඩු වෙලාවක…හෙහ්, හෙහ්, කාලෙකින් මනුස්සය ආස්සරේ කරන්නත් බැරි උනා…..
ඔය විචිකිච්චාව් හැටියට ආදරේ මිනිස් පැවැත්මට උවමනා නොවෙනවනං ආදරේ කියන සංකල්පය හන්ද වෙන අටෝරසියක් කරදර අහවර වෙලා යයි. අන්න එදාට හිත් රිදවීමක් නැතුව ගෑණියෙක්ටයි පිරිමියෙක්ටයි එකිනෙකා තේරුම් අරගෙන ජීවත් වෙන්න පුලුවන් වෙයි. අනේ අම්මේ එහෙම දවසක් ….. හෙහ් හෙහ්…
මම හිතන්නෙ ඔය ජාන පෙළඹවීම ගැන කිව්වෙ මොරිස් උන්නැහේ නෙමෙයි, වෙන කවුරු හරි, මට හරියකට නිච්චිනෑ.
gay couple එකකට එහෙම කොහොමද මෙක apply කරන්නෙ
ගේ කපල් වලට වඩා ලෙස්බියන් කපල්ස් තමයි “ඇප්ලයි” කරන්නෙ
හෙහ් හෙහ්.. මොනාද බං උන් ඇප්ලයි කරන්නෙ ?
තරු, චක්‍රාවාට පැහැදිලිකරන ජෙනරල් රිලේටිවිටි තියරිය පාවිච්චි කලාට ඒකෙන් ඇටම්ස්, සබ් ඇටමික් පාටිකල්ස් වල හැසිරීම පැහැදිලි කරන්න බෑ, ඒකට ක්වන්ටම් මිකැනික්ස් ඉන්නවනෙ. ඒක හන්ද මේකත් එහම උලව්වක් වෙන්න බැරි නෑ.
පට්ට තියරි !!!
ගොඩයන්න මොකක් හරි හොයාහන්න එපැයි අපිත්
Love is a dirty trick played on us to achieve the continuation of the species.
මොකක්ද කියහංකො ඒ පොත
දැං අර මනුස්සය ඕක දන්නවද හැබෑටම ඈ ?
ඔළුවේ නහර ගැටලහගෙන හිතලා බැලුවම ඇත්තත් තමයි බං… මේක නිකන් මීපැණී තවරපු බේත් ගුලියක් වගේ… උඩින් නිකන් පැණි පාටට තිබුණට සූප්පු කරගෙන යද්දි තමයි හරියට රහ දැනෙන්නේ…
මං කිව්වේ බොගේ පෝස්ට් එකේ හරය ගැන හොඳේ…
නවම්ගේ මැතයි, චුටි මැණිකෙගේ බයෝයි එකතු වෙලා කොරපු හරියක් !!! උඹ වෙලාවට ලොජික් නොකලේ
අම්මප උඹට කියන්න මගෙ කලින් හුටස්පරයක් මට ලොජික් එහෙමත් ටිකක් ඉගැන්නුව. ඒත් අතරමඟ ඒක ලොජික් එක්කම හබක්වෙලා ගියානෙ.
සහතික ඇත්ත ……
උඹටත් හිතෙන දේවල් ……
හෙහ් හෙහ්..
//මොන කෙහෙල්මලක් කියනවද කියල මටනම් තේරෙන්නෙ නෑ, //
ආදරය ගැන හිතලා බැලුවොත් , සම්පූර්න ඇත්ත කතාව….
ඒකනෙ කියන්න. හැබෑවටම පවතින දෙයක්නං ඔන්න යන්තං හරි තේරුං ගන්න ඇහැකි. ඒත් ඉතිං මේක..
නියම කතාව සහෝදරයා…..සම්පූර්ණ ඇත්ත….
තැන්කූ තැන්කූ
මේ ලිපිය කියැව්වහම තර්කයේ වැරැද්දක් පේන්නේ නැහැ. ඒත් මං මේ දහ අතේ කල්පනා කරන්නේ, ඇයි බුදු රජාණන් වහන්සේ නිර්වාණය අවබෝධ කරවනු පිණිස දේශනා කරපු බණ වලදී මේ වගේ දෙයක් දේශනා නොකලේ කියලායි. මේක ඇත්ත නම් මේ විදිහට පැවසීම, සසර අනිත්‍යයි කියනවාට වඩා, නුවණැති ප්‍රඥාව ඇති අයට වැටහෙයිනේ. මේ හැම බැඳීමක් ම බොරුවක්, ඉදිරි පරම්පරාව පවත්වාගෙන යන්න, ආරක්ෂාව ලබා ගන්න ඇති කරගන්න බැඳීම් කියලා හිතෙද්දි නොහිතෙන දේවලුත් හිතෙනවානේ.
අනිත් කාරණේ, බුදු රජාණන් වහන්සේ ගේ දේශනා වලට අනුව කල්ප ගාණක් යශෝදරාව උන්වහන්සේ සමගින්ම පැමිණිලා තිබුනා. ඒ බැඳීම් ගෞරවනීය ලෙස සඳහන් කෙරෙනවා. ඒ වගේම නකුල මාතා නකුල පිතා ගැන කියැවෙන කථාව.
ඒක නිසා නවමෝ, මං මේ කථාව පිළිගන්නේ නැහැ. ආගමයි විද්‍යාවයි පටලාගෙන කියලා හිතෙන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැතුවා.
හපොයි උඹහැ නං ඕක පිළිගත්තත් එළිපිට කියන්න යන්න එපා බොල. අර අහිංසක මනුස්සයට අහවල් දෙයකටෙයි තවත් දුක් දෙන්නෙ
අනික බෞද්ධ සාහිත්‍යය නිවැරදිම නෑ කියල හිතෙන්නෙ නැද්ද. මම නම් හිතන්න ඒක මේ ශ්‍රද්ධාව වැඩිකරන කොරාපු පොවි ජිල්මාට් එකක් කියලයි.
පට්ට පට පට… සුපිරි… එලකිරි… මේක කියවන්න මෙච්චර පරක්කුවුනේ ඇයි කියල මම කල්පනා කලේ…
ජාන ගැන තරං දුර නොගියට අයියත් එක්ක වාද කරල තියෙනව ආදරේ කියල එකක් නෑ කියල කෙස් පැලෙනකං… හැබැයි ඉතිං අර අන්තිමට වගේ කවුරු හරි එකක් ආවොත් ආදරේ කොරන්න කියල ඉතිං අපිත් ආදරේ කියන ටොපි කොලේ අස්සට රිංගල ටොපි කනව තමා..
හ්ම්ම් හ්ම්ම් ඔව් ඔව් අපි දන්නවා
උඹ දන්නව කියල දන්නව… ඕක පැහැදිලි කරන්න දවසක් දාගෙන සාකච්චා කරන්න වෙනව
හෙහ් හෙහ්… අන්න ඔය ටොපි කොලේ කතාව තේරුම් ගන්න බැරුවනෙ මිණීමරාගන්න හදන්නෙ
ආදරේ කියල දෙයක් නෑම කියල කියන එකට නම් එච්චරම කැමැත්තක් නෑ. හැබැයි ජාන ගැන තියන විග්‍රහය නම් ලොවෙත් නෑ අයියේ. පට්ටයි!
ආදරේ කියල උලව්වක් නෑ ඕයි
තියන දෙයක් නං තේරුං ගන්න බැරුව මෙච්චර විලම්බීත වෙයිද බං
තව පොඩ්ඩෙන් නිවන් දකිනව නවම් අයියේ
නිවන් නං දකින්න බැරිවෙයි වවුලෙක් උනොත් මිසක්. පත්තුකරගෙන බලහං මල්ලියෙ පත්තුකරගෙන බලහං
මහ බයානක හීනයක් දැකල නැගිට්ට වගේ ඕයි
පිස්සු හැදෙන කතාවක් මට තියෙන ප්‍රශ්නේ එතකොට හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ ජානද නැත්තම් ජාන මුල්වෙන්නේ ආදරේට විතරද?? එතකොට ආදරේ දැනෙන්නේ කොහෙටද??
හැම ක්‍රියාවකම මූලික පරමාර්ථය ජානවල ඉදිරි පැවැත්ම. සමහර වෙලාවට මූලය ගොයාගන්න බැරි තරමටම ඇතැම් ක්‍රියාවන් සංකීර්ණයි. ආදරේ කියන්නෙත් අඛණ්ඩ පැවැත්ම සඳහා කෙරෙන කැතයි කියල හිතාපු ලිංගිකත්වයට සමාජය විසින් දීපු නමක් විතරයි.
බඩගිනක් දැනුනම අතින් අරන් කටින් කාල බඩ පුරවගත්තට ඒ අවශ්‍යතාවය පුරවාගන්න ක්‍රියාත්මක කරන්න ඕන සිග්නල් එක දුන්නෙ මොළයෙන්. ආදරේ කියන කන්සෙප්ට් එකත් එහෙමයි. එහෙම නැතුව සාහිත්‍යයේ තියනව වගේ හදවතින් නෙමෙයි.