අයියා.. අනේ දිව දාන්න එපා ……. !

මගෙ දත් නරක්වෙන්නෙ හි‍ටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත් හිතෙනව වෙලාවකට.ඒත් තාම මේ උක් දඬු කන පැටි වයස නිසා ඒකත් කරන්න බෑ නෙව. මොකෝ ලොඹු කටින් ඔයසෙල්ලං කොරන්න ඇහැක.

පහුගිය දොහක හැන්දෑවෙ කාපු මාරි බිස්කට් එකක දත් අස්සෙ ‍රැඳිච්ච කෑලිඔලට දිවෙන් සවල් ගගහ ඉඳිද්දි තඩි වලක් අහුවෙච්චි උඩු හක්කෙ කෙළරටම වෙන්න දතක.

කරුමේ කරුමේ…. මාසෙ පඩිය අතට ගත්තා විතරයි. ඔන්න කුට්ටියක්ම වියදං වෙන පොටක් පෑදිච්ච්චි. හැම මසෙකම මේ වගේ මොකක් හරි උලව්වක් සෙට් වෙනව කෙලවෙලාම යන්න.

එක්කො පොඩි එකා ලෙඩවෙනව, එක්කො යසට තිබිච්ච කලිසමක් පැලිල උදේ බලනකොට. එහෙම නැත්නං වේලෙන්න තියාපු සපත්තු දෙකෙන් එකක් පර බල්ලෙක් අරං ගිහිල්ල. එක්කො මොකෙක් හරි මළ යකෙක් බඳිනව. ඒ මොකවත් නැත්නං මේවගේ පණු කෝම්බයක් හරි. මයෙ පාරුවෙ සෑහෙන්න පුවක් තියනවද කොහෙද.

දිවට දැනිච්ච හැටියට නං පොල් වලක් විතර විසාලයි වගේ. පුදුමයි මෙච්චර ලොකු වෙනකල් දැනුනෙ නැති එක.

පහුවදා උදේම දත් දොස්තර ගාවට යනව කියල හිතාගෙන තව දතක් පනුවො කයි කියල බයට වෙනදට වැඩිය හොඳහැටි දත් මැදල නිදාගන්න ගියා. මොන, නින්ද අහලකවත් නෑ. දිව යන්නෙම අර දතේ හිල හොයාගෙන. හිලක් පෙන්නන්න බැරි හැටි මේ දිවට !!

කොහොමින් කොහොම හරි පහුවදාට එලි උනාට පස්සෙ උදේ නමයට විතර ගියා දොස්තර මුනගැහෙන්න. චූටි මැණිකෙටත් එන්නෙයි කිව්වට පොඩ්ඩා නාවන්න තියනව කියල උන්දැ නතර උනා ගෙදර.

උදෙන්ම ගිය නිසාද කොහෙද සෙනඟ කවුරුවත් නෑ. වෙනද පේන්න ඉන්න නර්ස් කෙල්ලත් නෑ. මං ඉතිං පැත්තක තියල තියන පු‍ටු පේලියෙ කෙළවරම එකෙන් වාඩි උනා. විනාඩියක් දෙකක් ඉන්නකොට දොස්තරගෙ කාමරේ ඇතුලෙන් මුකුළුවක් ඇහෙනව. කවුද මන්ද අමුතු ඇක්සන්ට් එකෙකින් කතාකරන ගෑණු කටහඬක් ඇහෙන්නෙ. කතාවෙ විදියට නම් වැඩිය සිංහල බෑ වගේ.

ටිං…..

ඒ මගේ වාරෙ.

මං බාග දොර ඇරගෙන ඇතුලට ගියා. මෙන්න දෙයියනේ ඉන්නව ඉටිකිරිස් නර්ස් කෙලිපැටියෙක්. කොට ගවුමක් ඇඳල මහා දිග කොණ්ඩයක් එක සීරුවට ගොතල ඔළුව වටේ ඔතාගෙන. හරිම සිරියාවයි. මෙච්චර වෙලා දතේ හිල අස්සෙ රිංගාගෙන උන්න මයෙ දිව දැං තමා එලියට ආවෙ.

චූටි මැණිකෙ නාව එකමයි කාරිය !!

ආ.. එන්ඩ පුතා. වාඩිවෙන්න. දොස්තර මට අර ඇඳ වගේ පු‍ටුව පෙන්නල කිව්ව.

මං ගිහිල්ල ඒකෙ හාන්සිවෙලා හරි බරි ගැහුන විතරයි පු‍ටුවෙම පැත්තක හයිකරල තිබිච්ච ලයිට් එකක් ඇදල අරං මයෙ මූණට ඇල්ලුව ගිණිකණ වැටෙන්නම.

කෝ බලන්න. මොකක්ද ප්‍රශ්ණෙ කියල…… කට අරින්නකො..

ආ……….

මොකක්ද මන්ද ආවුදේකින් දෙපාර අර පණුවො කාපු දතට ඇනපු දොස්තර; හ්ම්ම්…. පොඩ්ඩක් වැඩිපුර නරක්වෙලා වගේ. අපි බලමුකො කරන්න පුලුවන් මොකක්ද කියල.

එහෙම කියාපු දොස්තර අර දත් හාරන මැසිම කටේ ඔබල එහාට මෙහාට හරව හරව කිසිම අනුකම්පාවක් නැතුව හාරන්න පටන්ගත්තෙ නැද්ද.

ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..

චුස් චූස් චූස්…

හර් ඊ.. ඩැන් කෙල්ල ගහන්න.. මගෙ ඔළුව පැත්තෙන් හිටගෙන ඉන්න නර්ස් කිව්ව.

මාත් පොඩ්ඩක් පැත්ත හැරිල කෙල එහෙම ගහල ආයෙම හරි බරි ගැහුන පු‍ටුවෙ.

ආයෙමත්; ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..

ටොක් ටොක් ටොක්.. රිදෙනවද ? දතට ආයෙම මොකක්ද එකකින් තට්‍ටුකරපු දොස්තර අහනව.

නෑ.

හ්ම්ම්.. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල. අපි ටෙම්පරි ‍ෆිලින් එකක් කරල සති දෙකක් බලමු. ඒ අතරෙ කැක්කුම ආවෙ නැත්නං පර්මනන්ට් එකක් දාමු. හොඳද ?

හා.

ඔයියා හොන්දට්ට ඩත් මද්දින්න. ඒම උනා නං මේම වෙන්නෙ නෑනෙ. ඒ අර නර්ස් කෙල්ල

දොස්තරත් “ඒකනේ” කියාපි. බලමුකො මේ මනුස්සය කියාපු බොරුවෙ තරම. දත් නරක් වෙන්න වෙන්න නෙ උන්දැට හොඳ. හෙහ් අපි අහුවෙයි ඕවට..

“අලේ ලෑ ඩොට්ට. මං ඩට් මඩිනො හොන්ඩට්ට, ඒට් න්රක් වෙනො” කටේ කෙළ එකක් පුරෝගෙන මං කිව්ව.

“ඔයියා කෙල්ල ගහන්නකො ඉස්සෙල්ල” කටේ කෙළත් එක්ක කතා කරන එක අහං ඉන්න බැරි තැනමද කොගෙද නර්ස් කිව්ව.

ඊට පස්සෙ නර්ස් ගෙනැල්ල දුන්න මොකක්ද මන්ද පේස්ට් එකක් පුංචි අඬුවකට අරගත්තු ඩොක්ටර් අර දතේ හාරපු හිලට ඔබල ටිකක්වෙලා කට ඇරං ඉන්න කියල නිල්පාට ලයිට් එකක් තියන බවුත් එකෙක් වගේ එකක් කටට දාල නර්ස්ට අල්ල ගන්න කියල පැත්තකට උනා.

තත්පර විස්සක් තිහක් යන්න ඇති. මේක ආයෙම එලියට ගන්න පාටක් නෑ.

මම ඇහැ කොනකින් බැලුව දොස්තර මොකක් කරනවද කියල. මිනිහ පේන්නවත් නෑ. නර්ස් කෙල්ල විතරක් අර ගැජට් එක මගේ කටට ඔබාගෙන ඇහැ පිය නොගහ මගෙ කට දිහා බලාගෙන ඉන්නව

කට ඇතුලෙ හි‍ටු කියල ආයෙම කෙළ උනනව. දිවත් නලියනව. නිකමට වගේ මං දිව ගාල බැලුව අර පුරවපු දත කොහොමද කියල.

හා හා එප්පා අයියා.. දිව දාන්න එප්පා !!!!!!!!

මාවත් පු‍ටුවෙන් උඩ යන සයිස් එකට නර්ස් කෙල්ල මහා හයියෙන් කෑගැහුව !!

නර්ස්ගෙ කෑගැහිල්ලට මෙච්චර වෙලා කොහේටද වෙලා හිටපු දොස්තරත් “ඇයි ඇයි” කියල දුවගෙන ආපි.

හොඳවෙලාවට චූටි මැණිකෙට පොඩ්ඩාව නාවන්න තිබුනෙ, නැත්නං උන්දැත් දුවං එනව මේකිගෙ සද්දෙට. එහෙම උනානං එහෙම …..

නෑ ඩොක්ට, මෙයියා දිව්ව දැම්ම දත්තට.

හෙහ් හෙහ්.. දැං ඔය ඇති මිස් ඕක ගන්නකො එළියට.

එගෙම කියපු දොස්තර අර ගැජට් එක අරගත්තට පස්සෙ ආයෙම දත බලල “හා දැං හරි”

මාත් තැංකූ ඩොක්ටර් කියල ගෙඩිය පිටින් රුපියල් 1000 දීල දොරෙන් එලියට ආපි.

හුටා… !

මං ඇතුලට යනකොට එකෙක්වත් නො ඉඳපු අර පු‍ටු පේලියෙ කෙල්ලො තුන්දෙනක් වාඩිවෙලා. උන් තුන් දෙනාම දිව විකාගෙන තොල් විකාගෙන මහා හිනාවක් හිරකරං.

හි.. හී. හිහ් හීඊ..ඊ හහ් හීහීඊ……..

උන්ව පහුකරං එලියට අඩියක් තිව්ව විතරයි මහා හයියෙන් පුපුරල ගියා…..

මං පස්ස බලන්නෙ නැතුව බයිසිකලෙත් ඉස්ටාට් කරං ආපි. ටික දුරක් ගියාම තමයි හෙල්මට් එක අතේ කියල කම්පනාවට ආවෙ.

ප.ලි : ඔන්න බලමුකො ඉතිං මයෙ විළි බියේ තරම ඈ.

116 Responses to අයියා.. අනේ දිව දාන්න එපා ……. !

  1. amilaart පවසන්නේ:

    හා හා දිව දානවා එහෙම නෙවේ,
    උඹට අයියෙ කෑමක් දැක්කම වගේ අර නර්ස් නංගි දැක්කහම කටට කෙළ වුනලනෙ,
    පවු අර චුටි මැණිකේ

  2. buddie-බුඩී පවසන්නේ:

    //කරුමේ කරුමේ…. මාසෙ පඩිය අතට ගත්තා විතරයි. ඔන්න කුට්ටියක්ම වියදං වෙන පොටක් පෑදිච්ච්චි. හැම මසෙකම මේ වගේ මොකක් හරි උලව්වක් සෙට් වෙනව කෙලවෙලාම යන්න.//

    නවමට මල් තියලා වදින්න ඕනේ කතාවක් නොවේ කියලා තියෙන්නේ, සහතික ඇත්ත, හරිය !

    කතාව නම් මරු අර එලියේ හිටපු ගැටිස්සියෝ මොනාද දන්නෑ හිතුවේ නේ?

  3. පැන්ඩා පවසන්නේ:

    ආයෙ නම් දත් නරක් වුනොත් මැනිකේ ගෙදරම දත් ගලවයි..ඕකට යන්න දෙන එකක් නැ නැටිච්චියෙක් ඉන්නව කියල

    • නවම් පවසන්නේ:

      අම්මප මේක ආරචි උනොත් ඒකත් කරන්න බැරිකමක් නෑ. පහුගිය දොහක බ්ලඩ් ටෙස්ට් එකකට නුගේගොඩ සීමෙඩ් ගිහිල්ල එතන ඉන්න නර්ස් කෙල්ලෙක් එක්ක හිනා උනා කියල කියාපි “මීට පස්සෙ මං සිරිංජර් එකක් අරං එන්නං” කියල. :D

  4. Kasun Chanaka පවසන්නේ:

    හපොයියෝ……! පට්ට ආතල් එක ඒක. පොඩි එකා නිසා අයියගේ කසාද ජීවිතේ බේරුනා එහෙනම්.:D

  5. Sudath පවසන්නේ:

    කෙල්ල ගහන්න කිව්වහම දිව දාන්න ගියෙ මොකටෙයි?

  6. බුද්ධි පවසන්නේ:

    වාචාල දිවක් නොවැ උඔට පිහිටලා තියෙන්නෙ…. අබුද්දස්ස කාලේ මුං දතටත් දිව දානවා නෙව….!

  7. Observer පවසන්නේ:

    කථාව නං තේරුනේම නෑ.

    P.S.
    දත් නරක් වෙන්න ගත්තෙ බැන්දට පස්සෙද, ඊට ඉස්සර ඉඳන්ද, බඳින්ඩ ඉස්සර හොර කොටු….නෑ එක්කො ඕනේ නෑ…දත් නරක් වෙන්න හේතුව හොයා ගත්ත කියල දැන් ඉතින් වැඩක් තියෙනවෑ ?

  8. විසිතුරු | visituru පවසන්නේ:

    කට ඇරගෙන ඔහොම කෑගැහුවම ඉතින් …………. නේද? හෙහ් හෙහ්

  9. මාරයා... පවසන්නේ:

    “වෙනද පේන්න ඉන්න නර්ස් කෙල්ලත් නෑ”

    අනේ මංදා මූ හැමදාම උදේ හවහ යන තැනක්දත් කියලා…

  10. මාඩා පවසන්නේ:

    ඒ අය්යේ අපිටත් ඔයවගෙ “ඉටිකිරිස් නර්ස් කෙලිපැටියෙක්” ඉන්නවනම් අම්මපා මාත් යනවා දත් ටික මද්දගන්න….. :D :D :D :D :D :D :D

  11. Asanka පවසන්නේ:

    oya angoda peththe neda ? matath kiyanna mageth dathak thiyanwa purawa ganna !

  12. දැන් ඉතිං දිගටෝම යයි වගේ ඒ පැත්තේ….කොහොමද ඩොට්ට අන්කල්ගේ මොලේ… හි හි

  13. ලහිරු චානක පවසන්නේ:

    නවම් දිව දැම්ම විදිහේ අවුලක් වෙන්න ඇති තියෙන්නේ… හරි විදිහට දැම්මනම් කෑ නොගහා ඉඳියි

  14. Harshana පවසන්නේ:

    අපෝ දත් පුරවන, ගලවන, සුද්ද කරන එක මතක් කරන කොටත් පසුම්බිය හිස උනා වගේ තමයි.

    මාතෘකාව දැක්ක ගමන් බැලුවා මොකද අප්පා ….. දිව දාන්න එපා කිව්වේ කියලා. :P

  15. Shanthi Chandrasekera පවසන්නේ:

    kiyalawadak naha patta kathawak sahathika aththa. chuti manike giyanam dath galawai okkoma neda?

  16. පිණිබිඳු පවසන්නේ:

    මහරගම ඩෙන්ටල් එකට ගියා නම් නොමිලේ වැඩේ කරගන්න තිබ්බනෙ.

  17. pissa palaamalla පවසන්නේ:

    හක් හක් හක්…. කොහෙද බන් නවම් අයියේ ඔය තැන… මගෙත් තියෙනව දතක් පුරවගන්න

  18. Mr.Sithi පවසන්නේ:

    මගේ දිවත් කියන දෙයක් අහන්නෙම නෑනේ..

  19. henryblogwalker පවසන්නේ:

    උඹ කටේ කෙල පුරෝගෙන කතාකරන ඇක්සෙන්ට් එකයි, අර නර්ස් කෙල්ල නිකං කතාකරන ඇක්සෙන්ට් එකයි දෙකම එකයිනෙ බං. හැබැයි නවමො කතාව නං පෂ්ටයි. කතාවක් කියවලා මගෙත් දතක් රිදෙන්න ගත්තා බං. හැබෑට කොහෙද ඔය තැන හරියටම?
    henryblogwalker the Dude

  20. maathalan පවසන්නේ:

    කියන්න වචන නෑ මචන්. චූටී මැනිකේ ගියානම්.. නොමිලේ දත් කීපයක් ගලව ගන්න තිබුනා..

    • නවම් පවසන්නේ:

      ඒකනෙව. උන්දැ එන්න බෑ කිව්වම මං හිතිං බැන බැන ගියේ. බඳින්න කලිං වලිගෙ වගේ යන යන තැන ආවට දැං අසනීපයක් උනාමවත් එන්නෙ නෑ තනියට කියල.

      ඒත් පස්සෙන් පහු නෙව උන්දැ නාපු එකේ හොඳේ තේරුනේ, හෙහ් හෙහ්….

  21. අම්මප මචං දතේ කෝම්බෙට දිව දාද්දි තියන ආතල් එක දන්නෙ ඒ දැමිල්ල දාපු එකෙක්ම තමයි. මමත් මේ ලගදි දතක් පිරෙවුව ඉන්දියන් දොස්තර නෝන කෙනෙක්ගෙන් . . .

  22. සෝරෝ පවසන්නේ:

    මගෙත් දතක් තියෙනවා පුරෝගන්න… තොහේද බං ඔය ස්පොට් එක තියෙන්නේ…. :D

  23. රාජ් පවසන්නේ:

    //දිව යන්නෙම අර දතේ හිල හොයාගෙන. හිලක් පෙන්නන්න බැරි හැටි මේ දිවට//
    පුරුද්දද කොහේද…

  24. අර අන්තිමට පිපිරුවා කිව්වේ මොකක්ද?.

  25. sarath Lankapriya පවසන්නේ:

    අනේ බුදු නවම් මල්ලියේ උඹ ඔය ඔබාගෙ කතා ආයිමත් කියවන්න එපා. මේ යන්නේ කොයි පාරේ ඔබා අයිය යන පාරේ ද ?

  26. ගෝල්ඩ් fish පවසන්නේ:

    අයියේ මගෙත් දතක් තියනවා. අනේ මාවත් එක්ක යන්නකෝ එතෙනට…. ප්ලීස්….

  27. දුමී පවසන්නේ:

    මල්ලි, මගෙත් පණුවො කාපු දත් දෙක තුනක්ම තියෙනවද කොහෙද. පොඩ්ඩක් ඔය ඩෙන්ටල් ක්ලිනික් එකේ ඇඩ්‍රස් එක දීපන්…..!

  28. // නර්ස් කෙල්ල විතරක් අර ගැජට් එක මගේ කටට ඔබාගෙන ඇහැ පිය නොගහ මගෙ කට දිහා බලාගෙන ඉන්නව //

    ඔයින් ගියා මදෑ….

  29. abeetha පවසන්නේ:

    මචන් උඹ දිව දැම්මේ කටේ දතටද? එහෙම නැත්නම් වෙන කොහෙවත් තිබ්බ දතක් වගේ එකකටද?

    ඩොකා අහකටත් ගියා… කෙල්ලත් කොටට ඇඳලා…. උඹත් අර පුටුවේ දිගෑදිලා…. අනේ මංදා මට මෙහෙම හිතෙන්නේ ඇයි කියලා…. මගේ දත් දෙයියනේ කියලා නිරෝගීයි…

  30. මධුරංග පවසන්නේ:

    නවමත් ඉතින් දිව දාන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්න එකා නෙව. හික්ස් :)
    මම් ඕං වැරදි කතාවක් කිව්වේ නෑ හරි ය. මම් කිව්වේ දත් කෝම්බෙට දිව දාන එක ගැන හයි ද

  31. හිතහොඳ පිස්සා පවසන්නේ:

    අර හිනා වුන කෙල්ලො 3නා මහ වලත්තයි නේ නවම් අයියෙ අපිට නම් ඔහොම දෙයක් හිතෙනවයැ ජීවිතේට………

  32. malmi පවසන්නේ:

    බලාගෙන ගියාම බොලාගෙ දතුත් බොලා වගේම හොදයි නෙව.

  33. sAm sRi පවසන්නේ:

    මම බය වුණා බොල ටයිට්ල් එකට ;)

  34. Nihal Gurusinghe පවසන්නේ:

    කවුද අප්පා එපා කියන්නෙ ?

  35. නර්ස් කෙලී දැක්කම කටට වැඩියෙන් කෙළ උනලා වගේ….

  36. praveena පවසන්නේ:

    දත් නරක් වෙන්නේ නැතුව තියෙයිද ඔච්චර කෙල හලනකොට. :D

  37. Nihal පවසන්නේ:

    නවම් මාවතේ නිහාල්ගේ කඩේ ගාවට අව නම් දත නිකන්ම ගලවල දෙය අර මුල්ම පොස්ට් එකේ කියල තිබ්බ කතාවට !

  38. පන්සල් හංදිය පවසන්නේ:

    හයියෝ ෂල්ලි ……..
    බං දතක් පුරවන්න 2500 යි ගලවන්න 250 යි ……..

    ඔයිට වඩා ලාභයි ඕක ගලවලා දැම්මනං ……..

  39. Ravi පවසන්නේ:

    උඹ කොල්ලො, විස්තරේ හරියටම කියන්නෙ නෑ නෙව…..

    මේ උඹට මගඇරිච්චි සීන් අංක 1

    මං ගිහිල්ල ඒකෙ හාන්සිවෙලා හරි බරි ගැහුන විතරයි පු‍ටුවෙම පැත්තක හයිකරල තිබිච්ච ලයිට් එකක් ඇදල අරං මයෙ මූණට ඇල්ලුව ගිණිකණ වැටෙන්නම.

    ” කෝ බලන්න. මොකක්ද ප්‍රශ්ණෙ කියල…… කට අරින්නකො.. ”

    ” ආ………. ”

    ” හා, හා, ළමය ඔච්චර කට අරින්න ඕන නෑ…මම දත ගලවන්නෙ එළියෙ ඉඳං… ” :) :) D

    මෙන්න සීන් අංක 2

    මොකක්ද මන්ද ආවුදේකින් දෙපාර අර පණුවො කාපු දතට ඇනපු දොස්තර;

    ” හ්ම්ම්…. පොඩ්ඩක් වැඩිපුර නරක්වෙලා වගේ. අපි බලමුකො කරන්න පුලුවන් මොකක්ද කියල., ම්ම්…. පොඩ්ඩක් වැඩිපුර නරක්වෙලා වගේ. අපි බලමුකො කරන්න පුලුවන් මොකක්ද කියල.,”

    ” ඇයි ඩොක්ටර් එකම දේ දෙපාරක් කියන්නෙ? ”

    ” පිස්සුද ළමයා, මම කියන්නෙ එක පාරයි, ඒ ඔහෙගෙ දතේ කෝම්බෙ නිසා ඇහෙන දෝංකාරෙ…හෙහ්, හෙහ්, හෙහ්, ”

    මේ අංක 3

    කට ඇතුලෙ හි‍ටු කියල ආයෙම කෙළ උනනව. දිවත් නලියනව. නිකමට වගේ මං දිව ගාල බැලුව අර පුරවපු දත කොහොමද කියල.

    ” හා හා එප්පා අයියා.. දිව දාන්න එප්පා !!!!!!!! ”

    ” ඔයා එපා කිව්වට හරියනවයැ……මේ හදිස්සියෙ දිව නැතුව ඉතිං ආයෙ අහවල් එක දාන්නයැ?” :)

    • නවම් පවසන්නේ:

      හෙහ් හෙහ් උඹ තමයි දවසකටවත් මිනිහ රවී අයියෙ. එකම කතාව තුං පැත්තකට බෙදුව නෙව. හෙහ් හෙහ්…. අපූරුයි ඈ..

      රහසෙන්; හතරවෙනි එක ප්‍රසිද්ධියෙ කියන්න බැරි හන්ද නොකියා හිටියාවද්ද ? :D :D

      • henryblogwalker පවසන්නේ:

        රවියට මග ඇරිච්ච හතරවෙනි එක මෙන්න.

        පොරක් ගියාලු ඩෙන්ටල් එකට. ගිහින් ඩෙන්ටාගෙන් අහනවලු,
        “ඩොක්ටර් දතක් ගලවන්න කීයක් ගන්නවද?”
        “රුපියල් 250යි.”
        “ඩොක්ටර්, මම දුප්පත් මිනිහා. අසරණයා. මේ දතේ වේදනාව ඉවසන්නම බෑ. දවස් ගානකින් නිදාගත්තෙත් නෑ හරියට. මේක පින් තකා නිකං කරලා දෙන්න බැරිද?”
        “පිස්සුද ඕයි? ඉන්ජෙක්ෂන් එකම දෙසීයයි.”
        “ඉන්ජෙක්ෂන් එක නොගහ ගලෝමු ඩොක්ට.”
        “අමු කැවිලද ඕයි. ඉන්ජෙක්ෂන් එක නොගහ අමුවට දත් ගලවන්න බෑ.”
        “මම ඉවසගෙන ඉන්නං ඩොක්ට ප්ලීස්.”
        “හරි, මම ඔන්නම් මගෙ ගාස්තුව නොගෙන ඉන්නංකො. හැබැයි දත ගලවනකොට ඉවසං ඉන්න බෑ මෙලෝ යකෙකුට ඉන්ජෙක්ෂන් එක නැතුව.”
        “හරි ඩොක්ට. එහෙනං කරමුද එහෙම?”
        “හරි තමුසෙට පුලුවන් නම මට කමක් නෑ.”
        “ඩොක්ට මට පැය බාගයක් දෙන්න”, කියපු පොර අතුරුදහන් වුනාලු. ඩොක්ටත් අර කොටට ඇඳපු නර්ස්ට කියෙනවලු “ඒ යකා මාර පොරක්නෙ” කියලා

        ඔන්න පැය බාගෙකින් පොර ආපහු ආවලු. ඇවිත් කිව්වලු.
        “හලි ඩොක්ට” කියලා.
        ඩෙන්ටාත් ඩිස්ක්ලේමර් හෙම කියවලා, සෙට් වුනාලු වැඩේට. නමුත් හිතපු විදියට මේක මර හඬ දුන්නෙත් නැතිලු.
        දත ගලවල පුලුන් කෑල්ලත් ඔබලා ඩොකා ඇහුවලු
        “තමුසෙ නම් මාර පොරක් ඕයි. මම ඉන්ජෙක්ෂන් ගහලා දත් ගලවනකොටත් සමහර වුන් මරහඬ දෙනවා. තමුසෙ කොහොමද මේ ඉවසං හිටියෙ?” කියලා.
        පොර කියනවලු,
        ” වව අල හල්ලීයෙ හියෙල අලිත් ඩෙන්ලල් එයල ගිහිග් ඉව්වා දහ …….”(කියවන්න අමාරුයි නේද? මම සිංහල පරිවර්තනය දාන්නම්කො) මම අර හන්දියෙ තියෙන අනිත් ඩෙන්ටල් එකට ගිහින් කිව්වා දත ගලවන්න ඕනෙ කියලා. ඩොක්ට ඉන්ජෙක්ෂන් එක ගහලා කිව්වා, එලියෙන් ගිහින් වාඩිවෙලා ඉන්න ඇතුලට කතා කරනකල් කියලා. මම කෙලින්ම මෙහෙට ආවා.”

  40. chathuranga perera පවසන්නේ:

    මං මේ කම්පනා කලේ නවමා එදා දත ගලවන්න චුටි මැණීකෙත් එක්ක ගිහිල්ලා,

    //හා හා එප්පා අයියා.. දිව දාන්න එප්පා !!!!!!!!//

    ඔය ටික ඇහුනාම චුටි මැණිකේ නවමට දෙන්නේ දිව හැලෙන්න !!!

    කියන්න බෑ ඒත්, මොකෝ චුටි මැණිකෙත් නර්ස් නෝනා නෙව ! දිව දාන්න එපා කිව්වේ අහවල් එකටද කියලා උන්දෑ තේරුම් ගනීවි නොවැ. හෙ හෙ !!!

  41. සාතන් පවසන්නේ:

    තැන නොතැන බලන්නෙ නැතුව දිව දාන්න යනවට හොඳ වැඩේ උඹට ;)

  42. අනුෂ්ක පවසන්නේ:

    බුදු අම්මෝ..දත් කියනකොටත් මර බයයි. එක දිගට මගෙ දත් 10 ක විතර ෆිලින්ග ද එක්ස්ට්‍රැක්ශන්ද අරවද මේවද ඔක්කොම කලා. ලස්සන ඩෙන්ටිස් අනේ මොනා උනත් හික්. මට මතකයි එදා හොඳට. ඉර පායලා තිබුනෙ. මම ජීවිතේ පලවෙනු වතාවට දතක් ගලවන්න ගියා එතනට. ඔන්න ඉන්ජෙක්ශන් එක ගැහුවා. ටිකකින් ඒ පැත්ත නිකන් නෑ වගේ උනා. ඒත් බයටම තව එකක් ගහ ගත්තා.

    ඔන්න මගේ වාරෙ ආවා. අර අඬුව දාල ඇල්ලුවා විතරය් මෙන්න යකෝ මට රිදෙනවා. ඒ පාර තව ඉන්ජෙක්ශන් දෙක තුනක්ම ගැහුවා. අරකි ෆුල් ඩම් එක දාලා දත අදිනව. මම අරෙහෙ මෙහෙ අතගාන කොට අහුවුනේ අර පුටුවටම සෙට් කරලා තිබ්බ ඇන්දක්. මම දැන් සේරම පව් ඒක පිටින් යවනවා. ඩෙන්ටියි නර්සුයි බය වුනා මූ දත ගලවලා ඉවර වෙනකොට මේ ගැජට් ඔක්කොම කඩලා තියෙය්ද කියල. පුටුවෙ කෑල්ලක් අල්ලගන්නව ඇරෙන්න මොකෝ මම ඩෙන්ටි ගෙ අත අල්ල ගන්නයැ. පස්සෙ තමයි මම කල්පනා කරල බැලුවෙ නිකන් “ඉන්ක්‍රඩිබල් හල්ක්” වෙනවා වගේ එකෙක් අර පුටුවෙ දඟලනකොට අරුන් සිරාවටම බය වෙන්න ඇති.

    දැන් දැන් මේ තව එකක් කේස් වේ ගෙන එනවා. යන්න ඕනෙ ලඟදිම ඩෙන්ටිව බලල එන්න

  43. Dinesh Umagiliya පවසන්නේ:

    දිව දාන්න එපා කියලා නර්ස් කියද්දි එළියේ ඉන්න අය හිතන්න ඇත්තේ වෙන විදිහකටට වෙන්න ඇති..

  44. weniwelWeni පවසන්නේ:

    කතාවත් පට්ට…කමෙන්ට් ටිකත් පට්ට.. හොඳ වැඩේ තැන නොතැන නොබලා දිව දමන්ඩ යනවට !!!

  45. ratak vatina eka පවසන්නේ:

    අඩෙ අප්පා.. උඹ ශිරා චාන්ස් එකක් මිස් කර ගත්තනෙ.. උඹ්ට තිබ්බෙ..”දිව දනවා කියන්නෙ ඕකට නෙවේ නංගා මෙන්න මේකට ” කියල කියල දෙන්න නෙ.. අපරාදෙ

  46. කොහෙඩ බන්ග් ඔය දත් දොස්තර ඉන්නේ මමත් යන්න ඔනේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers