දීර්ඝ කාලීනව මතුවූ ගැටළු සමූහයක ඛේදනීය අවසන් ප්‍රතිඵලයේ තීරණය ඔබ අතේ.
ජූලි 18, 2012 ප්‍රතිචාර 86
ඔව්… මාතෘකාව වගේම තමා මේ පෝස්ට් එකේ අන්තර්ගතයත් බොහොම බැරෑරුම්. ඒක නිසා මේක රුක් සටහන්, වගු, පයි චාට්, බාර් චාට් එහෙම ඇඳල, පස්සෙන් පහු මාතය මධන්‍යය, අහුන්‍යය එහෙම හොයාගෙන විශ්ලේෂනය කරන්ට ඕනෑ මනෝවිශ්ලේෂන මෙව්වා එකක්. ඒත් එහෙම උනොත් මේකත් අර කාලෙකට ඉස්සර මනෝවිකාරෙන් වගේ ලියවිච්ච අබ්ලික් එව්ව වගේ එකක් වෙන්න බැරි නැති හන්ද සරලව සුගමව ලාලිත්‍ය බාසාවෙන් බුලට් ෆෝම් එකෙන් ලියන්නම්කො. හැබැයි කියවන දනන්ගේ සුභ සිද්ධිය තකා මම මනෝවිද්‍යාව මෙතනට ගාවගන්න යන්නෙ නැති හන්ද අන්තිමට මේක මෙහම උනේ මොකෝ කියල නොතේරී යන්න ඉඩ තියනව. එහෙම උනොත් කියන්ටෝනැ තව පෝස්ට් එකක් ලියල දාන්න. හරි.. ආරළු බූරළු නැතුව මෙන්න කතාව. සිද්ධි අංක එක: අදින් වසර තුනකට පමණ පෙර දළදා මාළිගාව පසෙකින් ඇති මල් කඩ පේලිය අසල. අපි මෙතනින් මල් වට්ටි දෙකක් ගමුද ? අනේ මෙතනින් නෙමෙයි අපි ඇතුලෙන් ගමු අර මී මැස්සො වහන වට්ටි වලින්. මේ දුවයි පුතයි මල් ගන්නෙ නැද්ද ? නෑ ආච්චිඅම්මෙ මෙයට අර මීමැස්සො ඉන්න වට්ටියක් ගන්න ඕනෙයි කියනවනෙ. ආ එහෙනං අයිය මෙතනින් ගන්න නංගි අතනින් ගන්න.. මල් ආච්චි කියාපි. ඒක කියාපු සකසුරුවම් කමටද කොහෙද අර මී මැසි මල් වට්ටි ගන්න ඕනෙයි කියපු කෙනත් ඒ ආච්චිගෙන්ම මල් ගත්ත. ඒ විතරක්නම් මදෑ. ටික දුරක් ගිහිල්ල “හරි ශෝක් අනේ.. ඒ ආච්චි අපි දෙන්නට අයියයි නංගියි කිව්වනේ” කියලත් කියාපි. සිද්ධි අංක දෙක: මේකෙ කාල වකවානුව කියනවම, මීට අවුරුදු දෙක හමාරකට විතර උඩදි පෝරුවෙන් බැහැල එනකොට හරිම අපූරුයි. හරියට අයියයි නංගියි වගේ.. අනේ වාසනාවන්.. ඒ අපේ ගිංතොට ආච්චි ! අනේ ඉතිං එදත් මූනෙ මල් පිපිල තියනව ගොඩක් දෙනා දැකල තිබුන. සිද්ධි අංක තුන: කාල වකවානුව. මීට අවුරුදු එකහමාරකට විතර කලින්. ස්ථානය ඉස්පිරිතාලයක් හානේ.. මිස්ට මල්ලිල දෙන්නෙක් ඉන්නව කියල දැනගෙන හිටියෙ නෑ නෙ. මුකුත් නොකියා හිනා උනාම ඒ මනුස්සය ආයෙම මෙහෙමත් කියාපි. පොඩි මල්ලි නම් නිතරම මෙහෙ එනවනෙ. ඒත් මේ මල්ලි නම් දැකල නෑ. ලොකු මල්ලිද මිස් ? ඒ පාරත් මිස් හිනා උනා විතරයි, ඒත් අර කලින් වගේ හිනාවක් නම් නෙමෙයි. සිද්ධි අංක හතර: අදට මාස දෙකකට විතර උඩදි එක්තරා රෝහලක ශල්‍යාගරයක් තුලදී. මොකද උනේ.. ? පඩිපෙලකින් වැටුනනෙ ඩොක්ටර්. හ්ම්ම්.. මෙතනටයි මෙතනටයි මැහුම් දාන්න වෙයි වගේ. හොඳවෙලාවට අක්කත් අද ඩියුටි නේද ? හිකි හිකි හික් හී හී හිහ්.. මොකද ? මේ එයාගෙ මල්ලි නෙමෙයි ඩොක්ටර්. හස්බන්ඩ් !! ඌප්ස්.. අයිම් වෙරි සොරි මිස්. එදා හවස නම් ගෙදර ගියාට පස්සෙ තුවාල කාරයාගෙ තත්වය ශෝචනීයයි !!! ………………………………………………….. ඉවරයි කියලද හිතන්නෙ ? උක්ත සඳහන් කරන්නට යෙදුනා වූ අතිශය ගැඹුරු සිද්ධි මාලාව ඉතාමත් සූක්ෂණව විශ්ලේෂණයෙන් අනතුරුව ඒ මහතා සිදු කරගැනීමය යන මහා විනාසය දැක ගැනීමට පහලට යන්න..
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
ඒ අසරණ මහතාට කුමක් නම් ගැලපේද ? තීරණය ඔබ අතේ.


Napolean iii හොදයි වගේ අයියේ උඹට
ඊට නරකද, අඹේනියට හොද මේකප් පාරක් දාල ගත්තනක් ඉස්කෝල කෙල්ලක් වගේ පෙනෙන්න…
හරියන්නෙ නෑ බං මං එන්න එන්න තිරිහං වෙනවනෙ. හෙහ් හෙහ්
curious case of benjamin button වගේ වෙයිද මංදා
එහෙනම් අන්තිමට අත දරුවෙක් වෙලයි නවතින්නෙ
අන්තිම වෙන්නෙ අහවල් එකකටද ඒ මහතා දැනුත් අත දරුවෙක් වගේ තමා. බොරු නම් ඒ මහත්මියගෙන් අහල බලන්නකො
අත දරුවෙක්ගෙ වගේ කියන්නෙ පාවිච්චි කරල කරල සිනිඳු වෙලාද?
හෙහ් හෙහ්.. නැතුව නැතුව අවුරුදු විසිඅටක් වෙනකල්ම. ඉතිං රේඛා මැකිල සිනිඳුවෙන එක අහන්නත් දෙයක්ද ?
උඩ පේලියේ හත් වැනි එක…ඒකනං උඹට කියාපු එකක්…
ඒක නෙවෙයි බං කෝ මේකේ හිට්ලර් කට් එක නැහැනේ.. ආන්න එකේ හොයලා කපහං…සැර වෙලාවට හිට්ලර්… සොමියෙන්නං චැප්ලින්…
හෙහ් හෙහ්.. කිව්වත් වගේ හිට්ලර්ගෙ හොටුබ්රේක් එක ඒ මහතාට ගැලපෙයි වගේ. නිතරම පීනසේ නොවැ.
මාරයියා හද පතුලෙන් බුර බුරා නැගුනු කොමෙන්ටුවක් නේද මේ………………. ඔය විදිහට වවලා අර ඇඳුමකුත් ඇන්දා නං……….. අගේ කියලා නිම කරන්න බැරුවා……..
සිද්ධි අංක පහ -
ගාළු කොටු පවුර මුහුදු වෙරළේදී ඇගෙන් සමුගත් පසු මම ඇය හමුවූයේ මේ පළමුවරටය.ඇගේ කෙලිලොල් දඟකාර ස්වරූපය බිඳකුදු වෙනසක් වී නොමැති බව එක වරම මසිතට නැඟුනි.
” අනේ, කොච්චර කාලෙකට පස්සෙද? ”
ඇය මගේ සුරත අල්ලා ගැනීමට තැත් කළාය.
දරුවා ද රැගෙන පියවර කිහිපයක් ඉදිරියෙන් පිය මනිනා ඇය දෙස හොරැහින් බැලූ මම සෙමින් අත ගසා දැමීමි.
” කවුද අනේ ඒ? ….ඔයාගෙ අක්ක කෙනෙක් වගේ….”
ඇය ඉඟිමරමින් පැවසූයේ හඬ බාල කිරීමට කිසිදු උත්සාහයක් නොදරමිනි.
ඇය දෙස මොහොතක් රවා බැලූ මම පය ඉක්මන්කොට ඇය වෙත ළඟා වීමි.
******************************
ඔය කට් මොකවත් හරියන්නෙ නෑ නවමො…..මම කොරපු දේ කොරහං….ඩයි බං ඩයි…. ඩයි කොරහං…..හෙහ්, හෙහ්, අද්දුටුවයි..සත්තයි…ප්‍රත්තියාක්සයි..හරි නොගියොත් මුදල් ආපසු :
අහවල් දෙයක් ඩයි කොරන්නද බං අයියෙ තාම එච්චරටම ඉදිල නැතිකොට. හෙහ් හෙහ්.. උඹ අර කතාව කිව්වයිං පස්සෙ කොටුව ලඟින් යන්නත් බයයිබං. හැබෑටම ඇවිල්ල අතින් අල්ලගත්තොත්……
ඔය කිව්වෙ…ඔය කිව්වෙ, ….ඔන්න කිව්ව….. ඔන්න කිව්ව……බොල මලයෝ ඩයි කොරන්න කිව්වෙ ශ්වේත වර්ණ වෙන්ට, ශ්වේත වර්ණ වෙන්ට
බොට කියන්ට මමත් එන්න එහෙම කොරලයි මේ ඉන්නෙ…හෙහ්, හෙහ්,
හපොයි මට තදින් සිනා!!!!
මෙන්න තවත් ඇසින් දුටු සාක්ෂියක් !!
හෙහ් හෙහ්.. ඒකනෙව මං එදා දැක්කම ඩිංගිත්තක් විතර අප්සැට් උනේ. මං බලං උන්නෙ අයිය කෙනෙක් එනකල් නෙව. මෙන්න බොලේ මුත්තෙක් එකපාරටම පාරෙ කෙළවරෙන් මතු උනාම මට මක්කාද උනා. ඇයි දෙයිහාමුදුරුවනේ අපි අයියෙ බයියෙ කියල තියෙන්න මයෙ තාත්තගෙ වයසෙ මනුස්පයෙකුටනේ කියල. හැහ් දැං නෙව වයසක කමේ රහස දැනගත්තෙ
එහෙම බලනකොට උඹ මටත් වඩා ලා බාල පැඟිරෙක්ද දන්නෙ නෑ අයියෙ නේද ?
හෙහ්, හෙහ්, පොඩි කොමිනිකේසන් පොරොබ්ලම් එකක් වෙලා වගෙ…මම ඉස්සර වෙලා ඩයි කොරන්න කිව්වෙ චූටි මැණිකෙගෙ ඉහ නෙවෙයි බං උඹේ ඔළු ගෙඩිය….
:
යකෝ තොපි දෙන්නම දැනගනියව්…මම වාගෙ බහුස්සුරූත, කඩවසං,සකල කලා වල්ලබ, සත්ගුනවත් මහා පුරුසයෙක් දැකගන්ට ලැබීමත් බොලා වගෙ දෙකයි පනහෙ ඇට්ටිංබං හිච්චි එවුන්ගෙ පූරුවෙ පිනක් පල දීමක් කියල…..
අර මම නිහතමානී මනුස්සය නිසා නිකා හිටිය…හරිනම් බොලා දෙන්න මා ඉස්සරහ ඉඳගන්ට වත් වටින්නෙ නෑ හරිය?
ඔන්න අහගං නවමො…මේ පහුගිය අවුරුද්දෙ ඒත් ඔය උඹ වාගෙ හුජ්ජ කොල්ලෙක් මට බෝජන සංග්‍රහයකට ආරාදනා කොරල, ඒකා හිටගෙන කෑවෙ..කොච්චර කිව්වත් ඉඳගත්තෙම නෑ…ආන්න වැදගතුන්ගෙ අගේ දන්න එල කොල්ලො…බොලාත් ගනිල්ල ආදර්සෙට…හෙහ්, හෙහ්,
ජනූ වරෙං බං මේ මිනිහට දෙකක් අනින්න මේ ප්‍රසිද්ධියේ කොරන හිතක් පපුවක් නැති නව නිංගිරාවලට,
කවුද දන්නෙ උඹහැ එහෙමටම ගරු කටයුතු පුරුස රත්නයක්ය කියල, දන්නවනං මං දා හිටගෙන නෙමෙයි බිම ඉඳගෙන කන්නෙ. කිසිම නැහැ නෙව ගරු කටයුතු පෙනුමක්, නමට විතරක්මද මංද උඹහැ සිංහය !!!!
හුටා!!! මං පරක්කු වෙලා නෙවද?? හනේ අම්මේ මේක ලංකාවෙ ඉන්නකොට මේ කතා කිව්වවත් නං සලකල යවන්ඩ තිබුණ හොඳ කිතුල් පොල්ලකිං!!! දැං ඉතිං පමා වුණා වැඩියි… ආයෙ ගුවංගත වෙලානෙව… උඹට කියන්ඩ නවං අයියෙ මාත් කාටවත් කියාගන්ඩ බැරුව හිටියෙ… අයියෙ කිව්වට බලපං අපි හරිනං අඩුම ගානෙ මුත්ත කෙසේ වෙතත් මාම වත් කියන්ඩ ඕනෙ වයසෙ නෙව මුන්දැ නැද්ද මං අහන්නෙ????
හතර වෙනි කොලම් එකේ ඕනේ එකකතුයි හත් වෙනි කොලම් එකේ ඕනේ එකකුයි ගැලපෙනවා…
එහෙම බෑ බං එකක් කියහං හරියකට
අපෝ බෑ අයියා තරහා වෙයි… දන්නවනේ මයෙ කට.
හපොයි උඹල කියන කට කැඩිච්ච කතාවලට තරහ වෙනවනං මෙලහකට කී ගමනක්ද ?
ඔය ඉන්න විධිය නරකද?
ඉන්න විදිය නරක් වේගෙන එන හන්ද නේන්නං මේ
එළු රැවුල හොඳා.
හපෝ එතකොට මුවන්පැලැස්සෙ පිනා වගේ ඉඳීනෙව බං
වගේ මොකෝ ???
ඔය විදිහට තව රූප රාමු දෙකක් විතර ඡේදනය වෙන කොට බොට වෙන්නෙ රැවුල කෙසේ වෙතත්.. යූල් බ්‍රයිනර් වගේ ඔලුවෙත් කෙස් ගහක් නැති තත්වෙට පත් වෙන්න…
ඇයි අර වයසක පවුල ගෙදර ඉඳිද්දි තවත් තරුණ බාරියෙක් කරකර බැඳපු මිනිහටත් අන්තිමට ඉතුරූ උනේ තට්ටෙයි කියනවනෙ.
හිනාව ඉවර වෙනකල් ඉන්න උනා පින්තුරෙ ආයෙම හොඳට බලන්න!!!
(චුටී මැණිකේ මේ බ්ලොගේ බලන්නෙ එහෙම නෑ නේද? මට දැන්ම මැරෙන්න බෑ
)
Van Dyke එක හොඳයි වගේ!
Van Dyke කොරන්න බෑ බං. ඒ මහතාගෙ නිකටෙ මහ පැලිල්ලක් තියනවනෙ අර කෙල්ල බලන්න ගොහිං බයිසිකලෙන් වැටිච්ච පාරට. නැත්නං කියාපු රැවුල.
උඹ තිරිහන් වෙනවද බොලන්.බුදු සන්තෝ…
හෙහ් හෙහ් මොකෝ අදහන්න බෑ ද ?
ඉස්සෙල්ලම සති දෙකක් විතර වවලා බලන්න කට් එකකට හරියන්ඩ වැවෙනවද දන්නෙත් නෑනෙ.. උඩ රැවුල නම් වැවෙයි..යට රැවුල අපිට ඕනි විදියට වැවෙන්නෙ නෑ..ඒකයි..ඊට පස්සෙ මූණට හරියන කට් එකක් තෝරා ගන්න..
හෙහ්.. ඒ මහතාගේ රැවුල කොස් කට්ටක්මෙන් ඝණකමකින් යුක්තය. පොඩි පරහකට ඇත්තේ නිකටේ පැල්මකි.
අද නවම් මල්ලි අක්කලාගේ ගෙදර ගිහිනුත් ඉවරය් වගේ ! රෑට මොන කමක් කන්න වෙය්ද දන්නේ නෙහෙ !
බඩගිනි නම් වරෙන් කොල්ලෝ මගේ කඩෙන් rice kothhuwak කාල යන්න. නෙත්නම් මුනට හොද තොතුවක් හම්බ වෙය් ගෙදර ගියාම ඔය අක්ක පොඩ්ඩාගෙන් !
නිහාල් අය්යා
නවම් හන්දිය
අඩේ නිහාල් අයියා, එලම තමයි හිටිං මං දැන් එන්නං චිකන් කොත්තුවක් දාල තියහං.
ඔන්න ඔහේ ඔහොම්ම හිටපන් බන්. මොකට මහන්සි වෙනවද? උඹ මල්ලි නේ. අවුලක් නෑනේ.. අක්කල මල්ලිලට සලකන්න ඕනේ කියන නීතිය පනවපන්..
හෙහ් හෙහ්.. මගෙ බත් කාඩ් එකටත් කෙළවෙන පොටක් තමයි උඹ කියන්නෙ. ඇයි බං බැඳපු එකෙක් වෙලත් මෙහෙම අහස පොළොව නූහුල්ලන කතා කියන්නෙ.
උඹ දන්නවද මම රැවුල කපන්නේ නැත්තෙ ඇයි කියලා…. කොන්ඩේ කොටට කපන්නේ නැත්තේ ඇයි කියලා…. ශෝ..චනීයයි බන් තත්ත්වේ…..
වරෙන් බං බියර් එකක් වත් ගහන්න. තුවාලෙ තියන උන් තමයි ඒවයෙ අමාරු දන්නෙ.
අඩේ, මේ වැඩිහිටියෙක් කියන එක හොඳට අහගනිං. එතකොටවත් ඔය ප්ලයි වුඩ් එකක් වගේ තියෙන ඇඟ අඩු ගානෙ පිට ලෑල්ලක් වගේවත් වෙනකල්, තව විදියකට කිව්වොත් ඔය 2D ඇඟ 3D වෙන්න හොඳට කාලා ඇඟ හදාගනිං. ජිම් එකකටත් පලයං.
විශේෂ නිරීක්ෂණ: සකසුරුවම් බව.
උදාහරණ:
සිද්ධි අංක 1 :නවම්
18/07/2012 at පෙ.ව. 11:21
සුභ පැතුම් හෙන්රි අයියේ. ලොන්ත පොල් වෙලා අත පය වෙවුල වෙවුලත් බ්ලොග් ලියන්න ලැබේවා [ඒ දවසට තව වැඩි කලක් නෑ මයෙ හිතේ හෙහ් හෙහ්]
සිද්ධි අංක 2:නවම්
18/06/2012 at පෙ.ව. 9:02
//මහතම මහත අක්කා කෙනෙක් එක්ක අයියා කෙනෙක් යනවා//
වෙනීටත් අක්ක නං ඉතිං අපිට ආච්චි තමා !!!
නිගමනය: නවමා කොතරම් සකසුරුවම් බුවෙක්දැයි කියතොත්, මූ තමාගේ වයසින් අඩු කරන අවුරුදු ගනන අහක නොදමා එය වෙනියාගේද මගේද වසස්වලට එකතු කර ඉනුත් නොනැවතී, අර ගෙදර ඉන්න චූටි මැණිකේගේ වයසටද එකතු කර ඇති බව පෙනී යයි.
හැක! හැක! !
හෙහ් හෙහ්.. මහත් වෙන්න. ඈ බං අයියෙ එදා උඹලයි ගෙදරදි අර විසාල බත් ගෙඩිය ගිලින ගමන් උඹම නේද මට කිව්වෙ බුදු මල්ලියෙ උඹ ඔහොමම හිටු. මහත් උනාම ඒකෙ රඟේ දන්නෙ අපි කියල.
අනිත් කතා දෙකට නං මං මුකුත් කියන්න ඕනෙද, අර සලාකා එකේ වෙනියයි මායි උඹයි කලයයි මාලුවයි කන පින්තූරෙ බලහංකො. ඒකෙ ඉන්න ලාබාලම කොළු ගැටයා මං නෙව.
මම තරයේ ඉල්ලා සිටිනව අඩු ගානෙ මේ පෝස්ට් එකට විතරක් වත් කමෙන්ට්ස් ලයික් කිරීමේ පහසුකම ලබා දෙන්ඩ කියල
හිටිං බලන්න ජනූ මේ තීම් එකේ ලැයික් එකක් තියද බලන්න.
ඔන්න සපත්තුව හිර උනාම ඇඟිලි කපනවා වගේ පිලියමක් .. මේ තරම් තරුණ කිරීමේ ව්‍යාපාර තියෙන රටේ පොඩි රිකන්දිෂන් පාරක් දාල ගන්නකො ..ඒ පාර කියයි ” ආ. මේ ලොකු දුවද ? තාත්ත වගේමයි ” කියල.. එදා ගෙදර ගියාම උම්මා ගොඩයි.. සහ තව තව දේවලුත්…ටු ෆලෝ
හා.. පුරුදු කොරහංකො එක එක බියුටි පාලර් ගානෙ යන්න. ඒකෙනුත් කෙළවෙන්නෙ මගෙ පොකැට් එකටමයි. ඒක හන්ද තමයි මං මේ ක්‍රමේ තෝරාගත්තෙ, රේසරේට යන වියදමත් ඉතුරුයි.
මේං මේ වගේ එකක් හොඳ වෙයි නවම් අයියාට…..
http://1.bp.blogspot.com/_hzP16FN_ysQ/SxSYTJ_mTPI/AAAAAAAAAdY/Bv3_jSr2j5s/s1600/mustache.jpg
අඩේ එහකොට කුක්කු දෙක එලියෙ දාගෙන නෙව ඉන්න ඕනෙ.
ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි.
උඹේ මූනත්තහඩුව ඔය පින්තූරවල ස්වරූපයට ගේන්න නං බෑ. කොච්චර කලත් සුකුමාල ගතිය ඉතිරි වෙනව:-)
පුළුවන් නං දැලිපිහි පාරක් අතුල්ලගෙන මැහුං හතඅටක් ගහගනිං. හිතක් පපුවක් නැතුව මෙහෙම කිව්වට අමානාප වෙන්න එපා
//කොච්චර කලත් සුකුමාල ගතිය ඉතිරි වෙනව:-)//
අන්න මේ පෝස්ට් එකට වැටිච්ච එකම වැදගත් කොමෙන්ට් එක, මම උඹව අගය කරනව මචං !!
හික්ස් මම හිතන්නේ හරියන එක ඔතන නෑ
නරකද කොණ්ඩේ නැතුව එතකොට ඇහිබැමි රැවුල් මොකුත් නැතුව බිත්තර ගෙඩිය වගේ තිබ්බනං
අඩේ එහෙම වේදිකා නාට්‍ය නළුවෙකුත් ඉන්නව නේද, අර සාරංගා නැවෙන් ඇවිත් එකේ ඉන්නෙ.
උඹ නම් අද කනවා පුතෝ මදි නොකියන්න . ..
hik hik hik
මගේ අදහස තුන්වෙනි පේලියේ හතරවෙනි එක කියලයි . .
අන්න දුකාට වැඩේ අහුවෙලා තියනව. ඔයිට ටිකක් කිට්ටුයි මගෙ සිලෙක්ෂන් එකත්.
මට දවසක් උනා ඕකේ අනිත් පැත්ත බන් . . .අපේ උන්දැගේ සපත්තු වලට ඕන කරන මොනා හරි ගන්න ගිය වෙලාවක එකෙක් ඇහුවනේ දුව එක්කද ආවේ කියලා . ..
අපේ ගෑනි ඒ මිනිහට උම්මා එකක් දෙනවා සුවර් මම එතන නොහිටියනම් . ..
ඕක ඉතිං ආයෙ කඩේ එවුන් කියන්න ඕනෙයැ. එදා අවුරුදු උත්සවේ දවසෙ අපි හැමෝම දැක්කෙ, කොටින්ම අපේ උදැත් මට ඇඟිල්ලෙන් ඇනල පෙන්නල ඇහුව අර මනුස්සය දුවත් එක්කද ඇවිල්ල තියෙන්න කියල. මං ඒත් කිව්ව කෑගහන්න එපා යෝදියෙ ඇහුනොත් තුකාට තවත් දුක හිතේවිය කියල,
අහුවෙච්චාවෙකෝ ඔය චූටි මැනිකෙව වෙලාවක . . . හුහ් . . දානවා බොලන් එයැයිට මම ලොකුවැයින් කන්නාඩි දෙකක් . . .
උඹලත් ඉතින් ඔය සෙලිස් ටෝකට අහු වෙල උගෙම්ම බඩු සේරම අරගත්ත හෑ!
සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් වගේ නවම් අයියේ… අනේ ඔය ලෝකයා කියන දේවල් ගන්න එපා.. එහෙම උනොත් අපිට ජීවත් වෙන්න වෙන්නේ නෑ..
මම හිතන්නේ උඹට හරියන්නේ 3න් වෙනි පේළියේ 2වෙනි කට් එක…
පිස්සුද බං, ඔය ලෝකයා කියන දේවල් ම ගනං ගන්නෙ නෑ. ඒත් ගෙදර උන්දැ කියන ඒව මං ගනං නොගත්තොත් උන්දැ මව ගනං නොගන ඉඳීවි.
අයියෝ… තව ටික කාලෙකින් අපේ ගෙදර ඉන්න දෙපලටත් ඔහොම වෙයිද දන්නේ නැහැ. ගෑණු පරානෙට දැන්ම කියන්න ඕනා පොඩ්ඩක් exercise එහෙම කරලා ඉන්න කියලා.
තුන්වෙනි පේළියේ මුලින්ම තියෙන රැවුල දැම්මනම් ටිකක් අයියා වගේ ඉන්න පුලුවන් වෙයි
හෙහ් හෙහ්.. පිරිමි පරාණෙ නං නිකං මගෙ අයිය කෙකෙන්ක් වගේ මම එදා දැක්කෙ. උන්දැගෙ ගෑණු පරාණෙත් ඇවිල්ල උන්නද, මං දැක්කෙ නෑ නෙව.
//තුන්වෙනි පේල්යෙ මුල්ම රැවුල // උම්මා එකක් දෙන්න හිතෙනව ඒකට නම්. [ගුටි වදියිද මංද
]
අඩේ මෙච්චර මහත ගෑණු පරානෙව දැක්කෙ නැහැ කියන්නේ ඉතින් ඇහේ ලොකු දෝෂයක්. එතකොට එදා කා එක්කද කතා කලේ?
අම්මෝ… උම්මා නම් එපා. චොකලට් එකක් වගේ තිබ්බනම් ඇති
පොඩ්ඩක් තලත්තෑනිකොම හිතට ගනිංකො අයියෙ… එතකොට ඒක ටික ටික පිළිබිඹු වෙයි මූණත්තහඩුවෙනුත්… කොහෙද උඹල පවුල් වුණාට හතරෙ පන්තියෙ වැඩ කොරන්ඩනෙ තාම උනන්දුව….
හපොයි බං නඟේ තලත්තෑනි වෙන්න තරං තාම හෙලෙත්තාඩු උනේ නෑ නෙව. උඹ කිව්වමයි මතක් උනේ, තාම තුන්වෙනි පංතියෙ, හතරට පාස්වෙන්න බැරි උනා තාම වැඩ ඔලිං.
“තලත්තෑනි” කිව්වම මතක් වෙන්නෙම ඉස්සර කාලෙ කියවපු ["නවමඟ" අපේ අම්මගෙ පරණ ඉස්කෝලෙ කියවීම් පොතක්ද කොහෙද] පොතක හිටපු අබුකාසිම් කියන ලෝබයාගෙ තෙල් වලින් පෙඟිච්ච තලප්පාවත් එක්ක තියන තට්ට ඔළු ගෙඩිය.
මේක මාර මගුලක්නේ යකෝ!!!!! ඇයි හත්වලාමේ අක්කලට බැයිද මල්ලිලාව කසාද බදින්න. ඔන්න ඔහේ උඹ ඔව්වා ගනන් නොගෙන හිටහන් මලේ.
ඔය මං දන්න විදියට උපුල් ශාන්ත සන්නස්ගල සර්ගේ නෝනා සර්ට වැඩි අගලක් විතර උසයි. ඉස්සර කොල්ලෝ පංතියේදි ඔය කතාව කියන කොට සර් කියනවා ඇදට නැග්ගම වෙනස පේන්නේ නැහැ කියලා. නෝනට ඕක පැහැදිලි කරලා දුන්නා නම් හොදයි මම හිතන්නේ. තරහා ගන්න එකක් නැහැ මයේ හිතේ.
හෙහ් හෙහ්.. අහවල් දෙයකට තරහ ගන්නෙයි මල්මි අක්කේ. මොනව කිව්වත් අපි උඹල නෙව. නෑ අමනාපයක් කිසිම වෙලාවක.
කොච්චර මොස්තර තිබුනත් තුන්වෙනි පේළියේ පළවෙනි එකට ගහන්න එකක් නැහැ නවම්…….
අන්න රැවුල………..
හෙහ් හෙහ්.. දාන්න පහක්
හවසට වරෙන්කො ගෙදර !!!
- චුටි මැණිකේ
හුටා !!
නවම් අයියා වසලා හමාරයි !!!
මමත් නවම මාවතේ ඉන්නේ දෙන සේහෙන කාලයක ඉදන් නවම් ව හොයනවා !
බලමු රැවුල වවුවම හොයා ගන්න පුළුවන් වෙය් !
මොන විදිහටද රැවුල වවන්නේ කියල පොඩ්ඩක් කියන්න !
හා හා මං වෙස්වලාගෙන නොවැ ඉන්නෙ
අර මීමැස්සෝ වහන මල්වට්ටි කතාව ඇරෙන්න අනිත් කතා ටික නම් ටිකක් බැරෑරුම් වගේ ඒ නිසාමද මන්දා තේරුනේ නෑ.
මී මැස්සෝ වහන්නේ පැණි තියෙන නිසා වෙන්ටෑ… අපේ… අප්ප්ප්පෝ…..ඕ ඕ…. මට හිතෙන එවුවාආආඅ
දැන් නේ කතාව තේරුනේ. අක්කයි මල්ලියි !!! හුටා පටා !!!
van Dyke or Gotee
නවම්.. මට ඔබ ගැන දුකයි…. සමහර මූණු තියෙනව හරි ලපටි පාටයි. මොනව කළත් හරි යන්නෙ නෑ. උදා: ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ( දැන් නම් කෙස්ස සුදු වෙලා ) අනික : රොඩ්නි වර්ණකුල.
මෙහෙම ට්‍රයි කරල බලන්න; නළල ටිකක් මතු වෙන්න තට්ටෙ ගාන්න. රැවුල වවනවා නම් කොණ්ඩෙ කොටට කපන්න.
මටත් ඔහොම දෙයක් උනා. අවස්තා දෙකකදි. හැබැයි දෙක එකිනෙකට පරස්පරයි.
1. දැනට වසර අටකට විතර පෙර, දුවල ගේන්න ඉස්කෝලෙට ගියාම එයාලගෙ යාළුවො අහල තියෙනව ඒ සීයද කියල.
2. මීට වසර දෙකකට පෙර පන්සලේදි කෙල්ලක් මට අයිය කියල , මගෙ වයිෆ්ට ඇන්ටි කිව්ව.
කතාවයි කොමෙන්ටුයි සේරම පට්ට ගති…..
මොනා උනත් මට නම් අයියව මතක අතිශයින් කෙට්ටු උස කෙනෙක් විදියට තමයි.ඇත්තටම අයියේ කෙට්ටු වීමේ අගය දැනෙන්නේ මහත් වුනාට පස්සේ තමා… ලෝකයා මොනා කිව්වත් ඔය ශරීරය ඔහොම්ම තියන් ඉන්න… ඇඟ අඩුකරගන්න දුවන්න ගියාම තේරෙයි මහත් වීමේ රඟේ…..
ම්ම්ම්ම් අයියගේ දිගැටි මූණට උඩු රැවුල හරියන්නේ නැ ඒ නිසා යටි රැවුල තමා හරියන්නේ…. රැවුල නැතුවත් හොදයි වගේ හැබැයි
දැං උඹ ඔය නොකිය කියන්න හදන්නෙ උඹ කොල්ල කියලද? … උඹට ඕනම නං ඔය තියන කට් එකක් හදා ගනිං… හැබැයි උඹේ ඔය පැණි බේරෙන මූනත්තහඩුවෙ නෙමෙයි… වෙන තැනක..