සුභ උපන්දිනයක් ලීනු !

ආදරෙන් නළවන්න අම්මල නැති

හවසට චොකෝ ගේන්න තාත්තල නැති

අසනීප උනාම එළිවෙනකල් නිදිමරන්න අම්මල නැති

උදේට ඇ‍ඳෙන් බැහැපු ගමන් චූ කරන්න නාන කමරේට එක්ක යන තාත්තල නැති

බත් කන්නෙ නැතිකොට හඳහාමි පෙන්නන්න අම්මල නැති

ඒක හරියන්නෙ නැතිකොට චීස් කෑල්ලක් දාල අනන්න තාත්තල නැති

හිනාවෙලා කෑගහනකන් කිති උම්මා දෙන්න අම්මල නැති

අම්ම එක්ක තරහ උනාම තුරුල්වෙන්න තාත්තල නැති

තාත්ත එක්ක තරහ උනාම තුරුල්වෙන්න අම්මල නැති

අම්ම නැති රෑට බඩ උඩින් නිදාගන්න තාත්තල නැති

වචන පැටලෙන කවි සින්දු අහන්න කවුරුවත්ම නැති

පුතා වගේම අහිංසක පැටව් ගොඩක් එක්ක

ගතකලෙමු දෙවැනි අවුරුද්ද.

|
|
|
|
|
|
|
|
|
|

දෑවුරුද්දක් තිස්සෙ ආපු දුර

About these ads

41 Responses to සුභ උපන්දිනයක් ලීනු !

  1. Sarath Lankapriya පවසන්නේ:

    සුබ උපන්දිනයක් වේවා පැටියෝ.. මගේ පුතා 3 දා දුව7 දා. අගෝස්තු උපදින්නේ හොඳ මිනිස්සු.. (මම 30දා)

  2. මධුරංග පවසන්නේ:

    සුබ උපන්දිනයක් චූටි පුතාට….පුතාට බුදු සරණයි…
    අද හවසට පාරිද මන්දා. :)

  3. henryblogwalker the Dude පවසන්නේ:

    සුභම සුබ උපන්දිනයක් පැටියෝ. අපි දෙන්නා කතා කරලත් තියෙනවා. මතකද ඔයාට? අර ලස්සන හැන්ඩි එක්කෙනා?

  4. මී පැටියා පවසන්නේ:

    සුභම සුභ උපන්දිනයක් වේවා..

  5. Gold fish පවසන්නේ:

    සුභ උපන් දිනයක් වේවා පුංචි පැට්ටට…

  6. Weni පවසන්නේ:

    සුබ උපන්දිනයක් පොඩ්ඩාට…

  7. marayagehorawa පවසන්නේ:

    දරුවට සුභ උපන් දිනයක් වේවා..!

    වැඩක් ඇති විදියකට උපන් දිනය සැමරූවාට නවමට පිං…

  8. එස් ඒ පවසන්නේ:

    දුව , පුතා, තාත්ත ඔක්කොටම සුභ උපන්දිනක් වේවා!!

  9. buddhiprasadh පවසන්නේ:

    සුබ උපන් දිනයක්!

    පැටියා උඔ වගේ නෙමේ නේද? අර ඇට්ලස් යෝධයා වාගේ ලෝක බෝලේ උස්සගෙන ඉන්නෙ කොහොමද එහෙනං……..!!!:)

  10. ravi පවසන්නේ:

    මගෙත් එක උපන් දිනේකට ඔය වැඩේ කලා නවම්….එදත් එදයි මම නෙවෙයි ඒ පැත්ත පළාතෙ ගියෙ…මයෙ පපුව වාවන්නෙම නෑ නවම්…..ඊට පස්සෙ කලේ සල්ලි යවන එක :(

    සුබ උපන් දිනයක් පොඩි එකාට….යාන්තං ඇති උඹෙ ඩයල් එක නම් ඒ හැටි ඒකගෙ පේන්න නැති එක නම් දාහෙන් සම්පතයි :D

  11. Beetle පවසන්නේ:

    ලීනු පැටියාට සුභ උපන්දිනයක් වේවා…!!!

  12. සුභ උපන්දිනයකට ආසිරි…ඔබ නොදු‍ටු මාමා ගෙන් !!!!

  13. සිතුවම් පවසන්නේ:

    සුභ උපන් දිනයක් වේවා.මගෙ ළඟත් තියේ පැටියා ඔන්චිල්ලාවක ජෝඩු දාල ඉන්න ෆොටෝ එකක්.. :-)

  14. පොඩ්ඩට සුභම සුභ උපන්දිනයක්!

    ඔය වගේ තැනකට දෙපාරක් යන්න හිත හදා ගත්ත එකම මදැයි. ගිහින් ආවාම ඔය පොස්ට් එකේ ලියල තියෙන එව්වම තමයි හිතෙන්නෙ :(

  15. :) පවසන්නේ:

    සුබ උපන්දිනක් පැටියෝ ! අනාගතය වසනා වන්ත වෙන්න ඕනි ! හැබෙය් තාත්ත වගේ අණ්ඩපාල කෙනෙක් වෙන්න එපා !

    නිහාල් අය්යා,
    නවම් ස්ටෝස්
    නවම් මාවත !

  16. රාජ් පවසන්නේ:

    සුභ උපන්දිනයක් පොඩ්ඩට. හොඳ සත්කාරයක් කරල වගේ.

  17. අරුණ ශාන්ත පවසන්නේ:

    මේ පෝස්ට් එක දැක්කම මම පුදුම උනා මගේ පුතාගේ නමත් ලිනුක් අපි ආද‍රේට කියන්නේ ලිනූ කියලා , වැඩේ කියන්නේ එයාගේ දෙවන උපන් දිනය යෙදුනු ගිය මාසේ ජුලි 23 වනදා අපිත් ගත කළේ ළමා නිවාසයක , ඒ අපි ඒ වෙනුවෙන් දානයක් දුන්නා . කෙසේ වෙතත් , ඔයාගේ පුතාටත් සුභ උපන් දිනයක් වේවා !!!

  18. arunishapiro පවසන්නේ:

    සුබ උපන්දිනයක්!

  19. රංගි පවසන්නේ:

    සුභ උපන් දිනයක් නවම් පුතාට.
    කන්න බොන්න තියෙන අයට පාටි දෙනවාට වඩා ආදරේ කෑම බීම හැමදේම අත්‍යාවශ්‍යම මේ වගේ අය එක්ක ළමයාගේ උපන්දිනේ ගෙවන අම්මලා තාත්තලා අද කාලේ ඉන්නවා කියලා හිතා ගන්නත් අමාරුයි.
    ..
    Hats off

  20. Dulip Sikurajapathy පවසන්නේ:

    පුත්‍ර රත්නයට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනව !!!

  21. සපතේරු උන්නැහේ පවසන්නේ:

    කාත් කවුරුවත් නැති ඒ දරුවො ගැන මේ වගේ වෙලාවක සිහි කරකරල උන්ගේ ජීවිතේ එක දවසක් හරි සතුටින් තියන්න හිතපු එක පිනක්…

    පුතාට සුබ අනාගතයක්.. !

  22. malmi පවසන්නේ:

    පුංචි පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා!!!! හොද වෙලාවට කොල්ලා තාත්තා වගේ නැහැ. මයේ හිතේ චූටි මැණිකේ වගේ වෙන්ටෑ!!! වෙලාවට ඒකත් එහෙම වුනේ. නැත්නම් කොල්ලත් අංඩපාලයෙක් තමයි!!

  23. virtualpathum පවසන්නේ:

    උඹට මෙච්චර ලොකු බබෙක් ඉන්නව ද? උඹ එල කොල්ලෙක් නේ.. බබාට සුභ උපන්දිනයක් කියල මම කිව්ව කියල ඌට තේරෙන කාලෙදි කියපන්..

  24. හංසකිංකිණි පවසන්නේ:

    හැමදාමත් වගේ උපන්දිනවලදි සුබපතන්ඩ මං එන්නෙ පරක්කු වෙලා!
    පොඩ්ඩො ඔයාට සුබම සුබ උපන් දිනයක්!!
    ලොකු වෙලා බ්ලොග් එකක් ලියපං කියන්ඩ වාතාවරණයක් නං දැං නෑ…ඒ හන්ද තාත්තගෙ පොත් රාක්කෙ සේරම පොත් පොඩි කාලෙම කියවන්ඩ.. මේකෙ නැතත් කොහෙ හරි තාත්ත වගේ දැනෙන යමක් ලියන්ඩ!!!

  25. Amarasinghe Sujatha පවසන්නේ:

    ලස්සන කවියක් ලියලා පුතුට. උපන් දිනය සැමරූ හැටි අගෙයි!!!

  26. පිණිබිඳු පවසන්නේ:

    සුභ උපන්දිනයක් ලීනු පුතේ. ලොකු වෙලා තාත්තා වගේ නරක් වෙන්නෙ නැතුව අපි වගේ හොඳ ළමයෙක් වෙන්න හොඳේ..

  27. Sammani පවසන්නේ:

    සුබ උපන් දිනයක් චූටි කුමාරයාට…

    මගෙ පොඩ්ඩත් ජූලි මාසෙ දෙවැනි උපන් දිනය සැමරුවා ..

  28. Sarath Lankapriya පවසන්නේ:

    මොකද සද්ද බද්ද නැතුව ?

  29. Sarath Lankapriya පවසන්නේ:

    ආයිත් ආවා මොකෝ නොලියන්නේ ?

  30. virtualpathum පවසන්නේ:

    මොකුත් අලුතින් ලිව්වෙ නැද්ද? නැත්නම් මම හැමදාම බලන්නේ එකම පෝස්ට් එක ද?

  31. නිර්නාමික පවසන්නේ:

    සුභ උපන් දිනයක් කොලු පැංචට……………!!!!!!!!!

  32. Nihal පවසන්නේ:

    මං හිතන්නෙ ඔබ අනාත නිවසකට වගේ තැනකට ගිහින් වගේ..

    පොඩි එකා නිදිමතේ දඟලද්දි
    තාත්තලා බෝතල් හිස් කරන
    අම්මලා අනුන්ගෙ දිග පළල හොයන
    ඉපදීම දුකක් කිය කියාම
    උපන් දින සමරන
    පුහු පාටි වලට වඩා
    කොච්චර අර්තාන්විතද ?

    පමා වූ සුබ පැතුම් මගෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 269 other followers

%d bloggers like this: