ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !!

මචං.. අද පට්ට දවස නේ?

ඒ මොකෝ අද පට්ට ?

ඇයි ගොනෝ අපේ සෞඛ්‍ය මිස් අද අපිට අර පාඩම කරන දවස නෙ.

අප්පටසිරි හැබැමයි.. බලහංකො මට අමතකම වෙලා ගියානෙ.

මටත් එහෙමයි බං.. අද බඩේ අමාරුවෙයි කියල ගෙදර නවතින්න හැදුවෙ. තාත්තගෙ කටේ බලේටමයි ආවෙ.

මේ මචං.. සිරාවටම අපිට අර ඒ ලෙවල් අයියලට පෙන්නනව වගේ පින්තූරත් පෙන්නයිද බං..

අනේ මංද බං.. එහෙමනං සිරාවට තියෙයි නේ… ?

ටාං ටාං ටාං…..

යමං බං පන්තියට අන්න බෙල් එක ගැහුව.

යමල්ල යමල්ල.. උදේ පාන්දරම අද ගණං.

වෙනදට සුරුස් ගාල යන උදේ පීරියඩ් හතර එවර උනේ කල්පයක් විතර ගිහිං. ඒ මදිවට උගන්නපු මෙලෝ මළදානයක් මතක නෑ. කොටින්ම ගානක් වැරදිච්ච වෙලාවෙ සර්ගෙන් වදින පොල් ටොකුවලට වෙනද නං හුජ්ජ පනින්න ආවට අද නං ගානක්වත් නෑ. අම්මප මේ ලිංගෙටකරන්න ඇහැක් වැඩ !

දඩාං…… !

බුදු අම්මෝ….!

මොකාද යකෝ…..

මං මං බං.. මොකෝ මේ කල්පනාව.. යන්නෙ නැතෙයි කැන්ටිම පැත්තෙ.. ?

අමතක උනා බං…. යමං යමං…

අඩෝ මේ… අද බොලා එකෙක්වත් ජයවීර මිස් දැක්කද…. ?

ම්හ්…… නෑ නෙ බං.. මොකෝ ?

මොකෝ කියන්නෙ, අද අර පාඩම නෙ බං.

අප්පටසිරි, මිස් අද නිවාඩුද දන්නෙ නෑ…

නෑ නෑ බං.. මං අද දැක්කෙ උඩ පිටනිය පැත්තෙන් සර් එක්කම එක්කම එනව.

හා.. එහෙමද.. එහෙනං කමක් නෑ. මං මේ බයේ උන්නෙ අද නේවිද කියල බං.

හෙහ්… හෙහ්.. වෙනදට නං බයේ ඉන්නෙ එයි කියල නේ.. උඹල තමයි දවසකටවත් බඩු…. හෙහ් හෙහ්.

අනේ පල නරියො යන්න. අපිට බලන්න බැරිය උඹත් කට ඇරං බලං ඉන්නව අද….

ඒයි කාල බීල ඉවර නං විගහට යමල්ල බං.. ඉන්ටවල් එක ඉවර වෙන්නත් කිට්‍ටුයි.

යමල්ල යමල්ල.

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක සෞඛ්‍ය !!

කොල්ලො ටික සේරම වාඩිවෙලා ඉස්සරහ දොර දිහා ඇස් පිය නොගහ බලං ඉන්නව මිස් එනකං. බෙල් එක ගහල විනාඩි පහක් විතර වෙන්න ආව. ඒත් මිස් නෑ.

මචං.. හරේ …… මිස් එනෝ…..! බැල්කනියෙන් එබිල පහල බලාගෙන උන්න එකෙක් බෙරිහන් දුන්න.

තවත් විනාඩි දෙකකට විතර පස්සෙ ලැසි ගමනින් මිස් එනව. අපිට තියන හදිස්සියෙන් සීයෙන් එකක්වත් නැතිගානට.

ආයුබෝවන් !

ආයූබෝඕවාආන්න්න්න්….

ගුරු පු‍ටුවෙ වාඩිවෙච්ච මිස් ගත්ත රෙකෝඩ් බුක් එක. පෙරළුව පලවෙනි පි‍ටුව.. තව ඩිංගක් ඉඳල දෙවෙනි පි‍ටුවත් පෙරළුව.. ඊලඟට තුන.. හතර.. පහ…..

පොතේ පි‍ටු සීයක් විතර තියනව. විනාඩියට එක ගානෙ පෙරළුවත් විනාඩි හතලිස් පහේ පීරියඩ් එකෙන් ඉතුරුවෙච්ච පැය බාගෙට පෙල්ලන්න පුළුවන් පි‍ටු තිහයි… මේ මොන විනසයක්ද වෙන්න යන්නෙ….

ළමයි.. ඔහොම පොඩ්ඩක් ඉන්න. මේ රෙකෝඩ් බුක් එකේ පොඩි වැ‍රැද්දක් තියනව. මම ස්ටාෆ් රූම් එකට ගිහිල්ල එනකං කෑ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ හොඳද ?

හුටා ! මේ මොන ගිණිගෙඩියක්ද පාත්වෙන්න යන්නෙ… කලිං පීරියඩ් හතරෙම සර්ල අගේට ලිව්ව පොතේ මේ අහවල් වැ‍රැද්දක්ද එක පාරටම…

එතකොට මිස් අපේ පාඩම….? ඉවසාගෙන ඉන්න බැරිවෙච්ච එකෙක් පේලියෙ කෙළවරේම ඉඳල අහපි !

ඌ දිහා අමුතු හිනාවකුත් එක්ක බැල්මක් දාපු මිස්.. “කලබල වෙන්න ඒපා. මං ඉක්මනට එනව” කියල පොත් මිටියයි හෑන්ඩ් බෑග් එකයි අරං ආව වගේ දහගුණයක් වේගෙන් ගියා….

අඩෝ…. මොකෝ මචං සීන් එක.. අද පාඩම කරන්නෙ නෑ වගේනෙ මිස්….

ඒකනෙ බං. හෙන අපරාදෙනෙ. මං උණත් තියාගෙන බං ආවෙ.

අනේ ඒකනෙ බං. ඉන්ටර්වල් එකට හරියකට කාගන්නවත් බැරි උණා මට.

උඹල මේ රෙද්දක් කතාකරනව, මං ටොයිලට් එක ගාව කොල්ලො පිරිල උන්න නිසා ඉන්ටර්වල් එකේදි චූ කරන්නෙත් නැතුව බං ආවෙ පාඩමට පරක්කුවෙයි කියල, දැං බිළිං ගෙඩිය වගේ …. ඉන්න බෑ……

ෂ්… ෂ්… මචං ජයවීර සර් එනව. දොරගාවට වෙලා හිටිය මොනිටර් පන්තිය සයිලන්ස් කලා.

ආයුබෝවන් ළමයි !

ආයුබෝවන් සර් !

මොකද මේ සද්දෙ කට්ටියගෙ.. හ්ම්.. පොතක් පතක් බලාගන්න බැරිද ගුරුවරයෙක් පන්තියෙ නැති වෙලාවෙ ආ… ?

මීක් සද්දයක් නෑ පන්තියෙන්ම.

හ්ම්.. කමක් නෑ.. මොකක්ද මේ පීරියඩ් එක….

සෞඛ්‍ය සර්…. !

ඉස්සරහම පේලියෙ උන්න එකෙක් කිව්ව.

හ්ම්… ඒක මගේ විෂය නෙමෙයිනෙ. අපි සෞඛ්‍ය මිස් ආයෙන එනකං දැනට විද්‍යාව පාඩමක් කරමු. කෝ ගන්න බලන්න මේ දවස් වල උගන්නන්නෙ කොයි හරියද කියල බලන්න….

පසු සටහන : අපේ විද්‍යා ගුරු ජයවීරයන්ගේ ප්‍රිය ඇඹේණිය වූ ද, අපගේ සෞඛ්‍ය ගුරුවරිය වූද ජයවීර මැතිණිය එදින කාලපරිඡේදය අවසන් වනතුරු අප දෑසට නොගැ‍ටුණු බවද. පසුව වැඩිහිටි සිසුන්ගෙන් දැනගත් පරිදි ඔවුන්ටද මෙම පාඩම යෙදී තිබූ දිනයෙහිද අවාසනාවන්ත ලෙස පන්ති වාර්ථා පොතෙහි යම් කිසි අඩුලුහුඬු කමක් දැක ජයවීර මැතිණිය අතුරුදගන් වී ඇති අතර ජයවීරයානෝ එම හිඩැස බීකරයක් හා පිපෙට්‍ටුවක් ආධාරයෙන් වසා ඇති බවද සංවේගයෙන් පවසා සිටිමි.

ඉඳින් ලත් තැනම ලොප් වූ අපගේ ලිංගික දැනුමට මල් වඩම් අනවශ්‍ය ය !!

පින්තූරෙ ගත්තේ : http://www.divinesecretsofadomesticdiva.com

සරම [අවසානයේ එය ගෑණුන්ට ගිය සේක !]

සරම හරිම අපූරු ඇඳුමකි. එය හරිම සරළය. ගත්තා මැහුවා ඇන්දාය. මං සරමක් ඉස්සරම ඇන්දේ ඉස්කෝලේ තුනේ හෝ හතරේ දී විය යුතුය. ඒ දෙකට කපා අම්මා මසා දුන් තාත්තාගේ පරණ බතික් සරමකි. එදා මට හරිම ඉහල දවසකි. සරම ඇඳං මම ගම පුරාම ගියෙමි.

ඒ කාලේ මගේ යාළු ගෑණු ළමයා ගුණවර්ධන අංකල්ගේ ලොකු දුවය. ඈ දෙකවසරේ ය. ඈට ද සරම පෙන්නන්න ගොස් කුස්සියේ බංකුවේ ඇණ තියාගෙන වාඩිවී “කුමුදු ඔයා මගෙ අළුත් බඩුව දැක්කා දැයි” ඇසීමි. ඈ ද “ආනේ ශෝක්” යැයි කීවාය. ඒත් ගෙදර වැඩකාරී “ගෑණු ළමයි ඉන්න තැන්වල ඔහොමත් වාඩි වෙනවදැයි” අසා මා එලවා ගත්තේය. එකත් එකටම ඈ මගේ මක්කා හෝ ගෑණු ළමුන් නොදැකිය යුතු යමක් දැක ඇත. ඒ මාගේ සරම ගැන ඇති මුල්ම මතකය ය.

එදා ඉඳං සරම මට ය මම සරමට ය. සරම ඇඳං නිදාගැනීමද හරිම සෝක් ය. ඇඳට ගිහිං ඉනෙන් සරම කඩා එය කර මතක් වෙනකං ඇදගෙන පෙරවා ගන්නට පුළුවන් ය. හැබැයි එතකොට දණක් වෙනකං හෙළුවෙන් ය. ඒකටත් විකල්පයක් තිබේ. ඒ තුං කුදේ ගහං කකුල් දෙකද සරම ඇතුළට ගැනීමය. ටික වෙලාවකින් සරම ඇතුලේ බොහොම සුවදායක උණුසුමක් ඇතිවෙනවා ය. ඒ සෙල්ලම නින්ද යනකං විතරය. හිච්චි එකා කාලෙයේඋදේට ඇහැරෙනකොට ඔළුවේ ඉඳං පෙරවාගත් සරම වලල්ලක් වී ඇඳවිට්ටමේ එල්ලෙනෙවා ය. එහෙමත් නැත්නම් ඇඳ පා මුලය. හිච්චි හන්දා කාටවත් ගානක් නැතිය. අනිත් උන්ට ගානක් නැතිනම් මටද ඒකේ වගක් නැතිය.

මගේ වැඩිපුර මනාපයක් තිබුනේ බතික් සරම් වලටය. ඒත් ඒවා ගනං ය. ඒක නිසා මට තිබුනේම පිජාමා සරං ය. අට නමය පන්තිවලට යනකොට නම් සමහර දවස්වල උදේට නැගිටිනකොට පිජාමා සරං ඉබේම සිතියං සමඟ බතික් වී තිබුණි. ඇතැම් විටක ඩයි වැඩිවී ඇඳ රෙදිද බතික් වී තිබුණි. සරං ඇඳං නිදාගත්තාට උදේ නැගිට්ට ගමං ඇ‍ඳෙන් බහින්නට බැරිය. ඒ ටෙන්ට් එක ගසා ඇති නිසාය. හීන් සීරුවේ ටෙන්ට් එක බෑවෙනකන් සිටිය යුතුය. එවන් දිනවල මේකගෙ තියන කම්මැලි කම, ඇහැරිලත් තවම ඇඳේ යැයි ගෙදර කවුරුහරි කණු කුණු ගායි.

මුල්ම කාලේ නින්දට සීමා වූ මගේ සරං කෙටිය පහු පහුවෙනකොට ගෙදරින් එලියටද වැඩියේ ය. ඒ දහම් පාසැලට ය. දහම් පාසැල් සරමට යටින් අඳින්න අම්මා මසා දුන් පාට පාට ලංකට් සැට් එකක්ද තිබුනේය. දාඩිය දමන නිසා මං ඒවා අඳින්න වැඩි මනාපයක් නොපෙන්නුවත් ගෑණු ළමයි ඉස්සරහා සරම කඩං වැ‍ටුනොත් ලැජ්ජ වෙන්න වෙනවා යැයි අම්මා කී නිසා අකමැත්තෙන් වුවද ඇන්දෙමි. ලංකට් නම් මදෑය. අම්මා සුදු පාට ඉණ පටියක්ද ගෙනාවාය. ඒ වැඩි ආරස්සාවටය. දාංගලේට ගියාම මගේ සරම කොහේවත් ය මම කොහේවත් ය. මෑතක නොදන්නා මඟුල් ලියන්න පටං ගත්තු ඩී.කේ ද මගේ දහම් පාසැලේ සරං යාළුවෙක් ය. ඌයි මායි දහම්පාසැලේ අටොල්ලක නැඟී ප්ලේන් සෙල්ලම් කල හැටි හොඳට මතකය. ඌට මතකදැයි අසා දැනගත යුතුය.

සරම ඕනෑම තැනකට ඕනෑම වැඩකට ඔබිනා මල්ටි පර්පස් ඇඳුමක් ය. දුවන්න උවමනා විට යට කෙළවර කණපිට හැරෙන සේ උස්සා ඉනේ ගැටේය ඩිංගිත්තක් විතර පහලට වෙන්න ගැටගසා වලා පොට ගසාගන්නා සේම ගස් නැඟීමේදි සරම ඉහලට උස්සා ඉදිරියෙන් කැටිකොට කකුල් දෙක අස්සෙන් පි‍ටුපසට දමා ඉනට යටකර අමුඩයද ගසා ගත හැකිය. අමුඩය ගැසීම අළුත් පිජාමා සරමෙන් ඩිංගක් විතර අමාරුය. ඒ නිතරම ගැට ලිස්සන්න බලනා නිසාය. ටික කලක් පාවිච්චි කර පරණ වූ කල එයද අමුඩයට කදිමට ගැලපේ.

මුලින්ම පීනන්න පුරුදු වන්නේද තෙත සරමට හුලං බදලා ය. සරම තෙමුණු විට රෙද්දේ සිදුරු එයාර් ටයිට් වී හුලං බදලා අල්ලයි. එවිට මඳ වෙලාවක් දියේ නොගිලී ඉන්නට පුළුවං ය. ඇලේ මාළු අල්ලන්නටද සරමෙන් පුළුවන. ඒ වතුර යටින් සරම බොක්ක ගසා ගෙනගොස් එකපාරටම ඉස්සීමෙනි. හැබැයි පරිස්සං විය යුතුය. බැරිවෙලාවත් හුංගෙක් එහෙම හිටියොත් මල්ලි දෙක වෙන්න අනින්න ඉඩ ඇතිය.

සීයා පාන්දර වත්තේ පුවක් අහුලං දමාගෙන එන්නේද සරං ඔඩොක්කුවේ ය. වවුල්ලු බී බිමට කඩා දමනා පුවක් වල හරියට කහටය. ඒක නිසා සීයාට වෙනම පුවක් සරමක් තිබුනේය. උදේම කරාබුනැටි අහුලන්න යන්නේද ඒ සරම ඇඳගෙනය. කරාබු මණ්ඩියට නං මාත් යන්න හරිම කැමති ය. මා ද හරි හරියට සීයා එක්ක සරං ඔඩොක්කුවට කරාබු අහුලා ගැටේ නොකැඩෙන්න පරිස්සමට අල්ලගෙනැවිත් කුස්සි ඉස්තෝප්පුවේ කෙළවරට සරමේ වළාපොට ලිහමි. සොරොස් ගා දෙපතුල ගාවට කරාබු වැටේ.

අපේ තාත්තා ගෙදරට අඳින්නේ සරං ය, එලියට කලිසං ය. තාත්තාගේ තාත්තා සීයා නං ගෙදරටද එළියටද ඇන්දේ සරමය. ඇතැම් විට එලියට අමුඩයද ඇන්දේය. ඒ ඕවිටට යන විටය. අම්මාද ඉස්සර ගමේ ඉන්නකාලේ ඉඳ හිටක සරං ඇන්දාය. ඒ දිය රෙද්ද හොයා ගන්න බැරි තැන තාත්තාගේ සරමක් ය. අම්මාගේ තාත්තා ද ඇන්දේ සරං ය. මුළෑදෑනි රාජකාරියට යනකොට ‍ටුවිඩ් රෙද්දක් ඇන්දේය. ඒක හරියට ආච්චිගේ චීත්තයක් වාගේ දෙකොණ මූට්‍ටු නොකල රෙද්දක් ය.

ඉස්සර සරං කාරයා ගමේ බයියා උනාට දැං සරං පොෂ් ඇඳුමකි. ඒ පොෂ් සරං ගිණි ගනං ය. ඒවා පාට පාට ය. තව එකක් අල්ලි අල්ලි ය. හනිමූං කොරන්න මාත් එයිං පොෂ් සරං දෙකක් ගත්තේ යන්න උනේ හොඳවැයිං හෝටල් දෙකකට නිසා ය. අපරාදේ කියන්න බැරිය, එදා ඉඳං හැමදාම වාගේ ඇන්දත් තාම ගත්තා වගේ අළුත් පිට පෙණුමට ඇත්තේ ය. ඒ පොෂ් සරංවල හැටිය.

හුටා ! එළියේ රම්පෙට පොරි වෙන්න වහිනවා ය. හාල්පොත වගේ ඇති සරං දෙකම හෝදා වැලේ දැම්මේ උදේය. බඩු හරිය……  දෑං රෑට අඳින්නට එකක් නැතිය !!

ප.ලි : සරං හොයනකොට ගූගලයා දුන්නේ ඔය උඩ තියන ජාතියේ ඒවා ය. එකකට එකක් පරාද නැතිය. හරි ලස්සන සරංය. එකක් ‍තෝරන්න මහ වෙලාවක් ගියේය. බලං යනකොට ලෝකයේ සරං වැඩිපුරම අඳින්නේ ගෑණුය. මුං සම තැන ඉල්ලා අපේ සරමටත් කෙළලා වගේය ! අහෝ !!

එබුවෙ ගේ කතා – ගඳ හො‍ටු 18 +

මගෙ මතකෙ හැටියට එබුවෙ මේ කතාව අපිට කිව්වෙ ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙත් වෙන කිසිම එකෙක්ට කියන්න එපා කියල දහ අතේ වන්දෝගෙන. මොකද ඒ කාලෙ අපි රහස් සංවිධානයක් හදාගෙන හිටිය “සීක්‍රට් බර්ඩ්ස්” කියල. ඒ නමේ නිර්මාතෘත් එබුවෙම තමා. ඒ සංවිධානෙ එක නීතියක් තමා සතියකට එක ගානෙ තමන්ට වෙච්ච අලකලංචි, විශේෂයෙන්ම වෙන අයට කියන්න බැරි දේවල් කියන එක.

ඒ කියන කථාවෙ රසවත් ගතියෙ තරමට “සීක්‍රට් බර්ඩ්ස්” මෙම්බර්ෂිප් කාඩ් එකේ පිටිපසෙ ලකුණු දානව. මාසෙ අන්තිමට වැඩිපුරම ලකුණු ගන්න එකා තමයි ඊලඟ මාසෙ කන්ඩායමේ නායකය වෙන්නෙ. කණ්ඩායම් නායකය වීම ඒකාලෙ හැටියට බොහොම වාසි දායක තනතුරක්. වරප්‍රසාද හැටියට කණ්ඩායම් නායකයට ඉන්ටර්වල් එකේදි අනිත් සාමාජිකයන්ගෙ කෑම පෙට්ටි වලි කැමතිම එකත් එක්ක තමන්ගෙ එක මාරු කරගන්න පුළුවන් [මේ ප්‍රිවිලේජ් එක නම් වැඩි කාලයක් තිබුනෙ නෑ]. තව අනිත් සාමාජිකයන් එකතුකරපු එඩ්නා චොක්ලට් වලටද කොහෙද දීපු ක්‍රිකටර්ස්ලගෙ ස්ටිකර් ටික සතියකට තියාගන්න පුළුවන්.

ඒ කාලෙ හැටියට මේ නායකත්ව වරප්‍රසාද ඉහටත් උඩින්. ඒක හන්ද හැමෝම වගේ බොහොම උනන්දුවෙන් කිසිම විළිලැජ්ජාවක් නැතුව රෙද්දක් ඇඳං වෙන වෙලාවක කියන්න බැරි තමන්ට වෙච්ච කතා කියනව. සමහර වෙලාවට ටොම් පචත් ඇදල අරිනව. ඒත් වැරදිලාවත් කියාපු කතාව බොරුවක් කියල අහු උනොත් දැඩි දඬුවම්. ඒ කියන්න මාස දෙකක් යනකන් නායකයත්වයට තරඟ කරන්න බෑ. ඒ වගේම තමන් ගේන කෑම් එක විතරමයි කන්නත් පුළුවන්. ඉතිං ඒක බොහොම දැඬි දඬුවමක් වෙච්ච හන්ද කියන කතා වලට අහුනොවෙන්න පොඩ්ඩක් විතර අතින් වැඩිපුර දැම්ම ඇරෙන්න කිසිම කෙනෙක් පට්ටම පල් බොරු කිව්වෙ නෑ.

එදා එබුවෙ කියාපු ඌට සිද්ද වෙච්ච විළි ලැජ්ජා හිතෙන කතාව උගෙ වචන වලින්ම ….

උඹලට කියන්න එදා අපේ පල්ලෙහා කෑල්ලෙ දළු කඩන්න සෝමා ඒකිගෙ දූත් එක්කනෙ ආවෙ අපේ අහ.

අම්මට සිරි ඉතිං [ඒ ඉතිං අපි]

ඒකි පාරෙයි බං [ඒත් ඉතිං අපි තමා]

හිටහල්ලකො කියනකං.. බොලා පනිනවනෙ..

හරි හරි උඹ කියාපන්කො.

ඒකිත් ඉස්සෙල්ලම සෝමත් එක්ක තේ කෑල්ලට වෙලා තමයි හිටියෙ. හීන් පොදක් ආව හන්ද ඒකි ආව පඩි නැඟල අපේ ඉස්තෝප්පුවට.

නෑ… ඉතිං ? [ඒ කවුද කියල දැං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ]

ඒකි හරිම හැඩයි බං. ගවුං කොටේ ගහල පඩිය උඩ කකුල් දෙකත් නවාගෙන වාඩිවෙලා ඉන්නව දැං මට සාලෙ දොර අස්සෙන් පේනව.

මට ඉවසගෙන ඉන්නම බැරි උනා….

ඈ.. ‍තෝ මොකෝ කොලේ ??? [ඒ අපිට ඉවසගන්නම බැරුව]

මං තව විනාඩි පහක් විතර බලාගෙන ඉඳල සීන් එක රෙකෝඩ් කරගෙන ටක් ගාල ගියා කාමරේට.

කාමරේට ගියේ මොකෝ බං කෙල්ල තාම එලියෙ පඩිය උඩ නේද [ඒත් අපි]

යකෝ කාමරෙට ගියේ &^!*?;%)(#%*)@ න්න…..

හෙහ් හෙහ් හොක්කියෝ හූ…. [නරි]

තොපි එක්න බෑ මේක කියන්න.. හිනා වෙනවනං නිකා හි‍ටු !

අනේ නෑ නෑ කියහං බං.. අපි දැං බාගෙට ලකුණු දාගෙන එන්නෙ, එහෙම කියල මෙම්බර්ෂිප් කාඩ් උස්සල පෙන්නුව.

එහෙනං කෑ නොගහ අහපල්ල හරිය…

ඔන්න මචං මට &^!*?;%) කොටම කවුද කාමරේට පැත්තට එනව වගේ ඇහුන. මං ටක්ගාල පු‍ටු ඇන්ද උඩ දාල තිබිච්ච ලේන්සුවක් අරන් &^!*?;%) පිහිදාල #$&^!*?;%) ඇතුලට දාගත්ත විතරයී කාමරේට ආපි.

කඩුද බං ආවෙ කෙල්ලද ? [අපි තමා ඒ පාරත්]

තාත්ත බං !

හුටා.. ඉතිං ?

ආපු ගමං “මං මේ ගෙයි පුරාම හොයනව මෙහෙට දෙනව මගෙ ලේන්සුව” කියල මගේ අතේ තිබිච්ච ^$*(@!>$ පිහිදාපු ලේන්සුව උදුරගත්ත

නෑ….. ඊටපස්සෙ ?

මං ටක් ගාල කිව්ව “තාත්ත මං ඕකෙං හො‍ටු පිහිදැම්ම” කියල

ඉතිං ?

උඹෙ හො‍ටු මට ගානක් නෑ කියල දෙකට නවල සාක්කුවෙ දාගෙන උන්දැ ගියා.

අඩේ පට්ට සීන් එකනෙ. මේකට උඹට ෆුල් ලකුණු දෙන්න ඕනෙ !

පොඩ්ඩක් හිටපල්ල, හොඳම හරිය ඉවර නෑ බං.

යකෝ තවත් තියනවද… ?

නැතුව නැතුව. ඔන්න හැන්දෑවෙ තාත්ත ගෙදර ඇවිල්ල මට කතා කලා..

පුතා….. පුතා…

ඇයි තාත්තෙ…

මෙහෙ එනව….

ඇයි තාත්තෙ.. තමුසෙ මේ ලේන්සුවෙන් පිහිදැම්මෙ මොනවද?

හො‍ටු තාත්තෙ ඇයි ?

තමුසෙගෙ හො‍ටු හරි ගඳයි නෙ.. මීට පස්සෙ එහෙම හො‍ටු හූරන්න ඕනෙ උනොත් ලැට් එකෙට යනව හරිය…… ආයෙ මගෙ ලේන්සුවලින් පිහිදාල අහුවෙන්නෙ නෑ.

පින්තූරෙ ගත්තෙ : http://celluloidlover.tumblr.com/30day

එබුවෙ ගේ කතා – ඉකිරියා


ඔන්න තවත් දවසක් එබුවෙට ඕන උනා මූදේ නාන්න යන්න. මුගෙ මේ වැඩ වලට ඉතිං කවදත් අහුවෙන අපි හතර පස්දෙනා තමයි. මූදෙ නාන්න කිව්වම ඉතිං ගාල්ලෙ කොච්චර තැන් තියනවද.

ඕං ඉතිං පටං ගත්ත ජනමත විචාරණයක් නාන තැන තීරණය කරන්න.

ඒ මචං අපි යමං උණව‍ටුනෙ.

හපෝ බෑ බං ඔතන බිලිගන්නව. ඩිංගක් වතුරෙ එහාට ගියොත් බඩු හරි. එබුවෙ කියාපි !

එහෙනං යමං රූමස්සල.

පිස්සු කතා කරනවද බං, ඔය කැලේ යන්න බෑ මචං. අනික ඔතන වැල්ලෙ කපල්ස් පිරිල. එතෙන්ට ගියොත් නාන්න වෙන්නෙ නෑ. ඒත් එබුවෙ.

එහෙමං ඉතිං යමල්ල කො‍ටුවෙ සී බාත්.

අඩෝ…. අපේ මාම කච්චේරියෙනෙ බං. පොර දැක්කොත් අනිවා ගෙදරට කියනව. ඒපාර ඔබ්ජෙක්ෂන් එකත් එබුවෙ ගෙන්.

මේ… ! දැං නාන්න ඕනෙයි කිව්වෙත් බොට, ඒ එකෙ තැනකටවත් යන්න බෑ කියන්නෙත් උඹමයි. යන්න බැරිනං නිකා හි‍ටු.

අඩෝ අඩෝ එහෙම කරන්න එපා….. එහෙනං යමං සී බාත්, හැබැයි අළුත් කො‍ටු දොරකඩිං යමල්ල හරිය ?

හරි හරි ඕන උලව්වකින් යමල්ලකො කියල අපිත් දැං ඔන්න දා ගත්තු දවසෙ ආෆ්ටර් ස්කූල් කියල ගෙවල් වලටත් කෙප්පයක් කියල ඉස්කෝලෙ ඇරිල ඇඳුනුත් මාරු කරං හීන් සැරේ ගියා සී බාත්.

අප්පට සිරි ගියාට පස්සෙයි මතක් උනේ, ජොකා ඇරෙන්න වෙන ඇඳුමක් නෑ නෙව නාන්න. දෙනෝදාහක් ඉන්න තැනක ජොකා ඇඳං නාන්න.. අපෙ අප්පෝ ! ඊටත් ට්‍රිප් එකක් ආපු ගෑණු ඉස්කෝලයක් කො‍ටු තාප්පෙ උඩට එහාට මෙහාට ඇවිදිනව.

දැං මොකෝ කරන්නෙ. විනාඩි දහයක් බැලුව, පාලහක් බැලුව විස්සක්.. ම්හ්…  එකෙක්වත් හෙල්ලෙන පාටක් වත් නෑ.

ඕන පුකක් ! ජොකා පිටිං නාමු බං. ලැජ්ජාවක් තියනවනං උන් යන්නෙ නැතෑ.. එබුවෙ පෙරමුණ ගත්ත.

අපි එකා පිටිපස්සෙ එකා දැං බහිනව මූදට. එබුවෙ ඉස්සරහින්ම අපි ඌට පස්සෙන්. හරියට පැසන් සෝ එකක් වගේ.

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

මල හු*** අර කෙල්ලො අපිට හිනා වෙනව නේද ? පාත් වෙයල්ල යකුනේ වතුරට…. !!

එහෙම කියාපු අපේ වීර එබුවෙ දණක් විතර ගිලිල හිටපු වතුරෙ එකපාරටම වාඩි උනා ලැජ්ජාවෙන් බේරෙන්න.

වාඩි උන සුනංගුවට මෙන්න මූ බුදු අම්මෝ !!!!  කියාගෙන පස්ස පැත්ත අල්ලං නැඟිටපි !

ආයෙම

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

ඒ සද්දෙ ඇහිච්ච ගමං කෑගහං කෙලිං වෙච්ච එබුවෙ ආයෙම වතුරට පාත් උනා..

ඒ ගමන නැගිට්ටෙ &^$%;*#$##@!*$^&”:;)* %(#(@^)$ කියාගෙන.

නැගිට්ට ගමං දුවාපි වැල්ලෙ තියන ගස් ගොල්ලට.

ඔය ටික වෙන්න ගියේ නෑ එක තත්පර පහක්. කොටින්ම සිද්දිය වෙනකොට එකෙක්ගෙ වත් දණෙන් උඩට තෙමිල තිබුනෙ නෑ, ඒ මදිවට පෝලිමෙ අන්තිමට උන්න එකා තාම වතුර පාගලත් නෑ ඕං.

උනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙච්ච අපි කට්ටියම එබුවෙ හොයාගෙන යනකොට මූ ඉන්නව ජොකාත් බාගෙට ගලෝගෙන නිකං මොනවද කාපු රිලව වගේ.

මොකෝ යකෝ තොට උනේ ?

අඩෝ කැ** ඉකිරියෙක් උඩ ද කොහෙද බං මං වාඩිවෙලා තියෙන්නෙ..

අනේ බලහල්ලකො මගෙ පුක තියනවද කියල ?

එබුවෙගෙ ඇඬිල්ලට අපේ උන්ට මැරෙන්න හිනා..

ඈ ඕයි පළවෙනි පාර වැරදිලැයි කියමු , මොන එහෙකටෙයි උඹ දෙවනි පාරත් ඌට පුක දෙන්න ගියේ ?

කවුද බං දෙවනිපාර දෙන්න ගියේ. දෙවෙනි පාර කෑගැස්සුනේ ලුණු වතුරට යකුනේ….

අනේ බං උඹවත් බලහංකො මේ හරක්ට තේරෙන්නෙ නෑ. උඹ ඉතිං සැං ජෝන් කරන එකානෙ. එබුවෙ මට කතාකරනව උගෙ හඩු පුක බලන්න…..

ෆස්ට්-ඒඩ් කලාට කොහෙද අපිට උගන්නල තියනවැයි ඉකිරියො ඇරපු උන්ට කොරන දේවල්.

ඒත් උගෙ වදේට ජොකා ගලෝල බැලින්නං ක‍ටු දෙකක් තට්ටමක් හිල් කරං ගිහිල්ල. තව ඩිංගක් හොඳින් බැලින්නං මේං කළුපාටට මොකක්ද එකක් ඇතුලෙ ‍රැඳිල.

මංචං එබුවෙ.. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ !

අම්මට උඩු  …. ඒ කියන්නෙ මයෙ පුකට බඩුද?

මචං කට්ටක් හිරවෙලා ඇතුලෙ, ඉස්පිරිතාලෙ යන්න වෙයි වගේ……

අනේ බං ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමෙයි. ගෙදරට බඩු මාට්‍ටු වෙනවනෙ. ගොඩින් ශේප් කරන්න උඹට බැයිද?

පිස්සුද බං, අනික අහවල් දෙයක් දාලයි ඔය කට්ට ගන්නෙ අපි. බය නැතුව යමං ඉස්පිරිතාලෙ.

වේදනාව වැඩි කමටද කොගෙද අන්තිමට එබුවෙ කැමති උනා ඉස්පිරිතාලෙ යන්න. ඒත් මූ කොහොමෙයි බයිසිකලෙන් එක්කං යන්නෙ. මොකෝ වාඩිවෙන්න ඇහැක් එකක්ය.

අතේ තිබිච්ච සබ්බ සකලමනාවම එකතුකරල ත්‍රීවීල් එකක මුනිං අතට හාන්සි කරගෙන එක්කං ගියා කරාපිටියෙ මහ ඉස්පිරිතාලෙට.

ගිය ගමං මූ ඉමර්ජන්සි රූම් දාල පොඩි පහේ සර්ජරියකින් ක‍ටුව එලියට අරගෙන.

ඒත් දැං හැන්දෑ වෙලා හන්ද මූව ඩිස්චාජ් කරන්නෙ ආයෙ හෙට උදේ කියාපි.

දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද අපේ සෙන්ට් විජයසුන්දරට කියනව ඇරෙන්න.

එබුවෙ එපා කියද්දි ගත්ත කෝල් එකක් ඉස්පිරිතාලෙ කාසි පෙට්ටියෙන්, මොකෝ ඒකාලෙ අපිට හෑන්ඩ් ෆෝන් තිබුන එකක් යැ.

ඩිංග වෙලාවකින් උන්නැහෙත් ආපි. එබුවෙ ඒ වෙනකොට අමාරුවටත් එක්ක මුනිං අතට හැරිල නිදි.

පුතා පුතා…. ! මොකෝ කොල්ලො උනේ ?

නිදිමතේ වගේ ඔළුව විතරක් බාගෙට උස්සපු එබුවෙ කියාපි,

අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැ‍ටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට.

ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?

ඒකනෙ තාත්තෙ කියන්නෙ. මගේම නරක වෙලාව. කොහෙන් ආවද මන්ද ඌ……

පිංතූරය ගත්තේ : http://tolweb.org/treehouses/?treehouse_id=4881

එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා


මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම මහ රෑ කියල බලන්නෙ නැතුව අපි සේරෝම එලෝගන්නව.

දැං කතාව එතන ඉඳල….

ටොක් ටොක් ටොක්….

කවුරු හරි දොරට තට්‍ටුකරනව හීනෙං වගේ මට ඇහුන. ඇහැරිලා බැලින්නං වෙලාව එකොලහ හමාරයි. අනිත් එවුනුත් වැටිච්ච වැටිච්ච තැන්වල පොත් බදාගෙන කිරනව.

ඒයි නැගිටපල්ල බං, කවුද දොරට ගහනව ඇහෙන්නෙ නැද්ද. මං පයිං ඇනල එබුවෙ ඇහැරෙව්ව.

කවුද බං මේ මහ රෑ.. මළ කරදරේ…. කියාගෙන ඌ ගිහිල්ල දොර ඇරිය.

මොකද ඕයි ?

බාගෙට ඇරපු දොර පියනෙන් ඔළුව දාපු මිනිහ කාටද බනිනව.

එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.

ගන්නව මේක.

ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.

මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !

එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.

ගොයං කයියට ගියපු එවුන් වගේ අපි තේත් එහෙම බීල අහවර කරල ආයෙම පොතක් අතට ගත්ත ඊලඟ නිදිවඩිය එනකන්.

ගානක් දෙක් හදල, නොතේරෙන එවුන්ට තේරුනුත් කරල දීල තව පැයක් හමාරක් කරදරයක් නැතුව අපි උන්න.

මචං….

එබුවෙ මහ හයියෙන් කට ඇරිය.

මේ මචං, ඕනෙ මඟුලක් කියහං අම්මයි තාත්තයි ඇහැරවන්නෙ නැතුව. එහෙම උනොත් මේ මහ රෑ අපි කොහේ කියල යන්නෙයි. එබුවෙගෙ කටේ සද්දෙට බයවෙච්ච අනුෂ්කය කිව්ව.

බය වෙන්න එපා බං. දැං දොලහත් පහුවෙලා. ඒ දෙන්න නැගිටින්නෙ නෑ ආයෙ එලි වෙනකං.

යමංද කුරුම්බයක් බොන්න ?

අම්මප මේක හරක උනාට ඌටත් ඉඳල හිටල අපූරු දේවල් කල්පනාවට එන්නෙ. දොරකඩ කුන්දිරා ගස් දෙකේ වලු පිරිල තිබිච්ච හැටි අපි හවහ බලාගෙන උන්නෙ.

අඩේ නියම අයිඩියා එක. අර මිදුලෙ තියන කුන්දිරා නම් නියමෙට ඇති බං.

මොන කුන්දිරාද බං. ඕව කඩල තාත්තගෙන් හෙට උදේට ගුටි තමයි බොලාටයි මටයි.

එහෙනං කොහෙන්ද බං කුරුම්බා බොන්න යන්නෙ?

යමංකො කියන්න. අර උඩහ තියනව තව ගස් වගයක්.

අපි කට්ටියම හිමිහිට දොර ඇරගෙන මිදුලට බැස්ස. එබුවෙ කුස්සියෙන් මන්න පිහියත් අරං ආව.

හරි, දැං කට්ටියම මගේ පස්සෙන් සද්ද නොකර වරෙල්ල. කියල මිනිහ ඉස්සර උනා. අපි කට්ටියම දැං උගෙ පස්සෙන් ගෙයි කුස්සිය පැත්තෙ තියන සියඹලා ගහ ගාවින් තියන පස් කණ්ඩියත් නැඟල තනකොල බිස්සක් දිගේ ඇවිදං යනව.

ලාවට තියෙන හඳ එලියෙන් පේනව මහ විසාල පොල් වත්තක්.

මචං එබුවෙ, උඹලට පොල් වත්තක් තියනව කියල අපි දැනං උන්නෙ නෑ නෙ බං. උඹල හෙන සල්ලිකාරයො නේ.

කවුද කිව්වෙ මේක අපේ කියල. මේක අපේ නෙමෙයි බං අල්ලපු ගෙදර උන්ගෙ.

යකෝ… උඹ මාර බඩුවක්නෙ. ‍තෝ අපිව එක්කන් ආවෙ හොර කුරුම්බ කඩන්නද අච්චර හොඳ කුදිරා ගස් දෙක අතෑරල.

මං කිව්වනෙ බං බය වෙන්න දෙයක් නෑ කියල. අනික දොරකඩ ගහේ කුරුම්බ බිව්වනං තාත්තට අහුවෙනව බං.

මෙන්න මේ පිහිය අල්ලගනිං මං ගහට නඟින කං.

එහෙම කියල එබුවෙ සුරුස් ගාල නැග්ග. වලල්ලක්වත් නැතුව මිනිහ විනාඩියට කරටියෙ.

දග්…… දග්…. දග්… දග්…..

ඌ වගේ වගක් නැතුව කුරුම්බා කඩනව. අනුංගෙ නෙ. ඉතිං කොයින්ද අගයක්.

රෝල් වෙලා ගිහිල්ල අගල් වල වැටිල තිබිච්ච ගෙඩි ටික අහුලගෙන ගහක් මුලට වෙලා කපං බීල පලං ලොඳත් කෑව.

මංචං මේ කෝම්බ දාන්නෙ කොහාටෙයි?

ඔන්න ඔතන පොල් අගලට දාපං බං.

පිස්සුද බං, හෙට උදේට වත්ත අයිතිකාරයොන්ට අහු වෙයිනෙ.

අහුවෙන්න උන් මෙහේ ඉන්න එපැයි බං. උන් ඉන්නෙ මා ගාල්ලෙ. ආයෙම ඊලඟ පොල් මුරේට මිසක් ඊට මෙහා එන්නෙ නෑ. බය නැතුව ඔන ඔහේ දමල යමල්ල.

කුරුම්බා කෝම්බත් ගහ මුලම දාල ආපු අපි ආයෙම කාමරේට වෙලා සනීපෙට නිදාගත්ත.

හෙහ් හෙහ්… හොහ් හොහ් හා….

හිහ්…. හිහ්.. හී හී…..

මහා හිනා සැද්දෙකින් අපි කට්ටියම ඇහැරුනා. මේ එලිවෙන පාන්දර කවුද බොලේ මේ…

ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන්. අපි කට්ටියම විගහට ගියා බලන්න මෙච්චර හිනාවක් මොකද කියල.

අපි යනකොට එබුවෙගෙ තාත්තයි අක්කයි වත්ත උඩහට වෙලා හිනාවෙනව.

මොකෝ අංකල් මේ?

හා මේ ඇවිල්ල ඉන්නෙ කුරුම්බා හොරු. ඇයි මනුස්සයො මං කිව්වෙ ඕනෙ නං අර ඉස්සරහ කුන්දිරා පැලෙන් බොන්නෙයි කියල. මොන එහෙකටෙයි මේ නැඩ ගස් බඩගෑවෙ.

බඩු හරි. එබුවෙගෙ තාත්තට අතේ කෝට් ඊයෙ රෑ හොරකම. ඒත් ඉතිං මොකක්ද අර කුන්දිරා බොන්නෙයි කියාපු කතාව…..

අපි සේරම එබුවෙ දිහාට හැරුන.

හරි හරි මචං, උඹල අප්සැට් වෙන්න එපා. ඒ බීපුවත් අපේ තමා කියල.

මොකක්.. ?

එතකොට මොන උලව්වකටද බං අර නිදි කුම්බා ගාලෙ, අගල් වල වැටි වැටි මහ රෑ අපි එක්කගෙන ගියේ.

එතකොට එබුවෙ අහපි

හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?

එබුවෙ ගේ කතා – සෙන්ට් විජේසුන්දර

ඒලෙවල් කාලෙ අපි යාළුවො කට්ටිය පුරුදු වෙලා උන්න එක එකාගෙ ගෙවල්වල සතියකට පාරක් රෑට එකතුවෙලා පාඩම් කරන්න. ඇත්තම කියනව නම් අපි කොරාපු පාඩමක් නෑ [කොලා නං මෙහෙම වෙයි යැ..]. ඔහේ වල් පල් දොඩව දොඩව ඉඳල දෙන දෙයක් කාල බීල ගෙදර එන එක තමා වැඩිපුරම කලේ.

මේ කියන සතියෙ අපි සෙට් උනේ එබුවෙ ලැයි ගෙදර.

එබුවෙ කියන්නෙ අපේ ඉස්කෝලෙ, ඒ කියන්නෙ ජූල්ගස් හන්දිය මහා විද්‍යාලෙ අපිත් එක්ක එකටම වගේ ඉඳපු ඇබ්නෝමල් මයින්ඩ් එකක් තිබිච්ච කොලුගැටයෙක්. කලොත් කරන්නෙ මහ තක්කඩි වැඩක් කිව්වොත් අලුගුත්තේරු කතාවක්. උගෙ ඔය එබුවෙ කියන කාඩ් එකේ නිධාන කතාවත් මරු. පස්සෙ වෙලාවක ඒකත් ලියන්නම්.

ඌටම හරියන අම්මකුයි තාත්තෙකුයි අක්කෙකුයි තමා ඒ ගෙදර උන්නෙ. හතර දෙනාම තකට තක.

හැන්දැවෙ හයට විතර අපි යාළුවො හය හත් දෙනා උගෙ ගෙදරට සෙට් උනා. ඩිංග වෙලාවක් කතා කර කර ඉඳල උන්ගෙ අම්ම දීපු තේත් බීල පාඩං කරන්නයි ලේස්තිය.

එතකොටම මුගෙ අම්ම කියාපි “අනේ අපිත් ආසාවෙන් උන්නෙ අපේ පුතා පාඩම් කරනව බලන්න. එහෙනම් අපිටත් බලාගන්න එක්ක කටියම පාඩම් කරමු” කියල.

උගෙ අම්ම ඒක කිව්වෙ නෝන්ඩියට නොවුනත් ඒ කියාපු විදියට අපි සෙට් එකටම බකස් ගාල හිනා ගියා.

එබුවෙ විළිලැජාවෙන් රතු වෙලා.

යමල්ල බං කාමරේට, ආව මෙතන පාඩං කරනව බලන්න. එහෙම කියල ඌ අපි සේරෝම අර හුණ්ඩු කාමරේට දාගෙන දොරත් වහගත්ත.

කට්ටියම ඇඳ උඩයි බිමයි පැත්තක තිබිච්ච පු‍ටු දෙකකයි හරි බරි ගැහිල පටං ගත්තෙ නැතෑ.

අපි දෛශික වලින් පටන් අර හෙමීට ඇදගෙන යමු….

මචං මේ… මට පොඩි අවුලක් තියනව උඹල දන්නවනං කියහල්ලකො. එබුවෙට ප්‍රශ්ණයක්.

හරි අහපං බලන්න ?

අඩෝ මචං, සිද්ධාර්ථ කුමාරය අවුරුදු දාසයෙන් බැඳල විසිගානක් වෙනකං මොකද කලේ බං ළමයි හදන්නෙ නැතුව, මොකෝ අපිට වගේ ආර්ථික ප්‍රශ්ණ තිබ්බ එකක්යැ ?

පුතා …. ! මං කිව්ව නේද ඔය විකාර මේ ළමයි එක්ක කියවන්න එපා කියල.

හුටා ! උන්ගෙ අම්ම එහා පැත්තෙ බිත්තියට කණ තියාගෙනද කොහෙද ඉඳල තියෙන්නෙ.

අනේ අම්ම කෑ නොගහ ඉන්නකො…..

හා කියහල්ල බලන්න?

යකෝ කම්බයින් මැත්ස් කරන්න ඇවිල්ල මේ අහන දේවල්වලට කොහේ උත්තර දෙන්නද.

අපි දන්නෙ නෑ බං.

ඕකනෙ කියන්න උඹල කිසි විචාර බුද්ධියක් නැති උන් කියල, යකෝ ඒකට හේතුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.

පුතා…. මං එක සැරයක් කිව්වා.. ! ආයෙ කියන්න තියන්න එපා. ඔය විකාර නැවැත්තුවෙ නැත්නම් මං මේ ළමයි රෑ කියල බලන්නෙ නෑ ගෙවල් වල යවනව. හොඳද?

අප්පට සිරි. මුගෙ අම්මට එකසීය ගානට මළ පැනල. අපි කට්ටිය බොහෝම අමාරුවෙන් එබුවෙව සයිලන්ස් මෝඩ් එකට දාගත්තෙ. නැත්නං උගෙ අම්ම අපිව එලෙව්වොත් මේ රෑ කොහේ කියල යන්නෙයි

තවත් පැයකට විතර පස්සෙ,

මේ මචං උඹලැයි ඉස්කෝලෙ නමට ඉස්සරහින් සෙන්ට් කෑල්ලක් තියෙන්නෙ මොකෝ කියල ගල් පල්ලි ඉස්කෝලෙ අනුෂ්කගෙන් මූ අහපි.

ඒ මචං ඉස්කෝලෙ පටන් ගනිපු පූජක වරයෙක්ගෙ නම නෙ.

ඉතිං එයා සෙන්ට් ද?

නෑ මචං. සෙන්ට් කියන්න ශාන්ත කියන එකනෙ. අර ශාන්ත නිකලස්, ශාන්ත බෙනඩික් වගේ නම් ඉංග්‍රීසියෙන් කියන්නෙ සෙන්ට් නිකලස්, සෙන්ට් බෙනෙඩික් කියලනෙ.

අප්පටසිරි, වාඩිවෙලා උන්න පු‍ටුවෙන් නැගිටපු එබුවෙ අප්පුඩියකුත් ගැහැව්ව.

මොකෝ මචං?

යකෝ එහම බලං ගියාම අපේ තාත්ත සෙන්ට් විජයසුන්දර නෙව !

උඹට පිස්සුද බං, එහෙම වෙන්නෙ කොහොමයි.

මොකෝ වෙන්න බැරි උන්දැගෙ සිංහල නම ශාන්ත විජයසුන්දර !

පුතා…. ! විකාර කියවන්නෙ නැතුව පාඩම් කරනව, බැරිනං නිදාගන්නව.

ඒ අර අල්ලපු කාමරේ මෙච්චර වෙලා ගොරෝ ගොරෝ නිදාගෙන උන්නු සෙන්ට් විජයසුන්දර.

උපන්දින කේක් ගෙඩියේ විගඩම

ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..

ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.

ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….

ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.

උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.

එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.

හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.

ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.

හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.

ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.

ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.

කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.

මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.

ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.

මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.

අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.

මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.

ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.

අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.

එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.

ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]

ආටිචෝක්

හපෝ මේකගෙ ලඟින් එන ගස් ගඳ….. කොහේ රිංගනවද මංද දවස පුරාම. බැලුවොත් ඇත්නං ගේ හරියක නෑ නෙව.

ඕං අදත් ආච්චි පටන්ගත්ත අඬෝවැඩියාව….

අනේ ඉතිං ඔහේ කියන්නෙ මට ගෙයි ගෙම්බි වගේ ගෙටම වෙලා ඉන්නෙයි කියලැයි… ඒ අච්චියෙ?

මට මේකව ආං බාං කරන්න බෑ.. තාත්තණ්ඩියට විගහට ඇවිල්ල එක්කං යන්නෙයි කියනො..

ආච්චි හැමදාම වගේ ඇදල ගන්න ආයුදේ අදත් ගත්ත. හපෝ… මට බෑ තාත්තත් එක්ක අර කාන්තාරෙට යන්න. අනික ඒකෙ හොරුත් ඉන්නවලු.

මං හිමීට ආච්චි වාඩිවෙලා උන්නු දිග ඇඳි බංකුව අනිත් පැත්තෙ කෙළවරෙන් වාඩිවෙලා බිම උන්නු පූසිගෙ වලිගෙ පයිං පාගන්න හැදුව. එයැයි නිදාගෙන උන්නට වලිගෙ ඇහැරිලා…

ඔයි මොකෝ ඒපාර කරනෙ,

දොරකොඩ මහා රඹුටං ගහෙන් පෙරිල එන ඉර එලියෙ පැත්තට කරං කියවන බණ පොත උඩින් බලල මගෙන් ඇහැව්වා.

හපෝ එයැයිට හතරවටේටම ඇස්. පෙරේද කහල ගොඩට වැටිච්ච පොල් ගෙඩියක් අරන් යන නීයවත්තෙ ආච්චි දැකල ඒකත් තිලේඅම්මට කිව්වනෙ. කොහොම පේනවද මංද ඒ හැම දෙයක්ම. වෙලාවකට මට හිතෙන්නෙම එයැයිට දිවැස් තියනවැයි කියල.

මං ආයෙ හෙමීට නැගිටල ගියා තිලේඅම්ම මොකෝ කරන්නෙ කියල බලන්න. වෙලාවෙ හැටියට නං එයා පිළිකන්නෙ පඩියට වෙලා පොතක් හරි පත්තරයක් හරි බලනව වෙන්න ඕන.

කුස්සිය පැත්තෙන් හරිම හොඳ පුසුඹක් එනව.

ඒ ගමන තිලේඅම්ම හොයන එක පැත්තක තියල බෝතල් රාක්කෙ ගාවින් වමට හැරිල බිත්තිය අයිනෙ මිටි ගහල තියන වී ගෝණියකටත් පයිං ගහගෙන මං කුස්සියට ගියා.

කුස්සියෙ වම් පැත්තෙ මුල්ලට වෙන්න බැඳපු මැටි ලිප ලඟ ඇණතියාගෙන චූටිඅම්ම මක්කද තම්බනව…

චූටි අම්මේ මක්කයි ඔයි තම්බන්නේ..?

එයැයි කතාවක් නැතුවම හැන්ද මුට්ටියට දාලා සුදුපාට බෝලයක් මයෙ දිහාවට උඩින් වීසිකරා.

නරක වෙලාව ! ඒක මගෙ අතේ වැදිල රෝල් වෙලා ගියා දොර මුල්ලට..

මං රිංගල ගිහිං උණු උණුවේ දුං දාන බෝලෙ අරං බැලුව.

අම්මේ… ආටිචෝක් !

හුලං කීරිය ගාවට මං ආසම ආටිචෝක්.

ඒක තමයි එහෙනං චූටි අම්ම අද උදේ මටත් හොරා ජම්බු ගහ දිහාවට යනව දැක්කෙ. එයැයි හිතුවට මං ඒක නොදැක්කයි කියල මං දැක්ක. ඒත් වෙනද වගේ පස්සෙං දුවං නොගියෙ වඩනම්බි මාම කපල දුන්න කෝපි කෝ‍ටුව සුද්ද කර කර උන හන්ද. හෙට උදේට තැන්නෙ අයියත් එක්ක පෙර හැරක් යන්නනෙව හිතාන ඉන්නෙ. ඉතිං ඊට කලිං මේ කෝ‍ටුව සුද්ද කරල අර වෙලේ බණ්ඩා මාමගෙ දවුලෙ කඩිප්පුව වගේ රවුං කරගන එපැයි. නැත්තං සක්කරයටවත් ඇහැක මං චූටි අම්මගෙ වල්ගෙ වෙන එක නවත්තන්න.

ඒ චූටි අම්මෙ, ඔහේ ජම්බු ගහ පල්ලෙ තිබිච්ච ආටිචෝක් පඳුරු සේරොම ගැලෙව්වැයි ?

දුං දාන මුට්ටියට එබෙනගමං මං ඇහුවෙ ගලෝපු ඔක්කොම තැම්බුවද කියල සැකයක් ආපු නිසා. ඕසෙට හැදිල තිබිච්ච පඳුරු සේරෝම ගැලෙව්වනං එතන මුට්ටි දෙකක් විතර තම්බන්න තිබුන. ඒත් මෙතන තියෙන්නෙ එක මුට්ටියයි නෙවෙ.

ඕ… ආයෙ දෙතුන් පාර ගලවන්න යන්න බෑ ඔය කූඩැල්ලො විමානෙ, සේරොම ගැලෙව්ව.

එතකොට අනික්වට මොකෝ කොලේ? මෙතන ඩිංගිත්තයිනෙ තියෙන්නෙ.

මට දැං ලොකු ප්‍රස්නයක් !

ආං ඇඹුරුංගල ලඟ බිම ගෝණියෙං වහල.

සැකේට මං ඇරලත් බැලුව. මේං තියනව ලාවට මඩත් එක්ක සුදු පාට ආටිචෝක් අල.

එහෙනං කමක් නෑ. මං හිතුවෙ ඔහේ තැන්නෙ ගෙදරටත් දුන්නයි කියල. ඔන්න මක්ක දුන්නත් මේව දෙන්නෙ නෑ හොඳේ.

හා හා පෙරේත කම පැත්තක තියල මේං මේක කනවකො, චූටි අම්ම මගෙ බිම දාලම පතුරු ගියපු එනැමල් පිඟානට ආටිචෝක් පුරවල දුන්න.

පසු සටහන:

ආටිචෝක් අන්තිමට කෑවෙ මම හිතන්නෙ මීට අවුරුදු විස්සකට විතර උඩදි. පස්සෙන් පහු වල් ඌරො පෙරලල දාල ආටිචෝක් ගාලම විනාස වෙලා ගියා. ඇරත් හක්මනින් ගාල්ලට ආවයිං පස්සෙ ආටිචෝක් අමතක වෙලාම ගියා. නැත්න ඊට පස්සෙත් ඉඳල හිටල නිවාඩුවකට ගමේ ගිය වෙලාවක කාට හරි කිව්වනං පඳුරක් දෙකක් උගුල්ලල ගෙනැත් දෙයි. දැනට ආටිචෝක් වල තියන ලාවට මුල් කෑලි තියන විනිවිද පේන පොත්තයි ඒකෙ තියන කිරි රහයි විතරමයි මතක.

ලාවට තිබිච්ච ඒ මතකයෙන් ආසන්න කී වර්ඩ්ස් ඔක්කොම දාලත් ආටිචෝක් අලයක පින්තූරයක්නම් හොයාගන්න බැරි උනා. ඒත් මෙන්න මෙතන පොඩි සටහනක් නම් තියනව ඒ ගැන.

නිලූපාගේ කන්‍යාභාවය සහ සම්පත්

මම ලියපු ලිපි වලම දිගුවක් විදියට දෙවෙනි ලිපියක් ලියවෙන්නෙ බොහෝම කලාතුරකින්. ඒ ලියවුණු කිහිපයෙනුත් පලමු ලිපිය යටින් වැ‍ටුනු කමෙන්ට්ස් නිසාම ලියවෙන ඒ වර්ගයේ පලවෙනි ලිපිය නිසා මේක විශේෂයි.

මේ ලිපියට ප්‍රස්තුභූත වෙන්නෙ මෙන්න මේ ලිපිය

අනේ අයියෙ කෝ එයා [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා].

සහ එයට ලැබුණු මේ කමෙන්ට් එක.

abeetha පවසන්නේ:
සැප්තැම්බර් 12, 2011 දින 2:22 ප.ව. ට (සංස්කරණය)

සම්පත්ට ඒ ලේ පැල්ලම් උඩින් ලොකු ගමනක් යන්න වෙන්නේ නෑ මචන්… දැන් සම්පත් ග්ත කරන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා උඹලා දන්නවද? කෙදිනක හෝ පල දෙන දේවල් මේවා…… අසික්කිත වැඩ…

මීට අවුරුදු අටකට විතර කලින් උදේ පාන්දර පහට විතර අඳුරෙම නොපෙනීගියපු සම්පත් මට ආයෙම ඊට අවුරුදු දෙකකට පස්සෙ මුනගැහෙන්නෙ පුදුමාකාර කතාවකුත් එක්ක.

එදා ක‍ටුණායකින් ආපු සම්පත් නැවතුනේ ගාල්ලේ ප්‍රධාන පෙලේ මුද්‍රණායතනයක ද්විත්ව වර්ණ මුද්‍රණයන්ත්‍ර ක්‍රියාකරුවෙක් විදියට. සාමාන්‍යයෙන් Heidelberg SORMZ යන්ත්‍රයක ක්‍රියාකරුවෙක් වෙන්න කලින් අඩුම තරමින් අවුරුදු දෙකක් සහායකයෙක් විදියට රාජකාරි කරල තියෙන්න ඕන. ඒක ඒ තරම්ම සංකීර්ණ යන්ත්‍රයක්. සංකීර්ණත්වයටත් වඩා වර්ණ සංයෝජනය, වර්ණ සමබර කිරීම, මුද්‍රණ සමපාතනය, වතුර මට්ටම පාලනය, වතුරේ ආම්ලික භාෂ්මික භාවය, [paper resistratoin] සහ උසස්තත්වයේ මුද්‍රණයකට අවශ්‍ය සියළුම දැනුම ලබාගන්න ඕන.

ඒත් මොනයම් හේතුවකට හරි සම්පත්ට යන්ත්‍ර ක්‍රියාකරු විදියට එම ‍රැකියාව ලැබිල තිබුන.

ඒ අතර තුරේ ඔහු ගංජා සුරුට්‍ටු කිහිපයක් එක්ක ගාල්ලෙ ධර්මපාල උද්‍යානයේදි පොලීසියට අහුවෙනව. මේ වෙලාවෙ සම්පත්ට ඇප දෙන්න ඉදිරිපත් වෙන්නෙ මිනිහගෙ, ක‍ටුණායක යනකොටත් ඉඳපු ගමේ පෙම්වතිය අනුරාධා. කොහොම උනත් පොලීසිය ඇයට එහි තියන නීතිමය තත්වය බැරෑරුම් කම පහදල දුන්නට පස්සෙ ඇයගේ සහෝදරයෙක් තමා අන්තිමට සම්පත්ට ඇපදෙන්න ඉදිරිපත් වෙන්නෙ. ඒ එක කොන්දේසියක් උඩ.

සම්පත් සහ අනුරාධාගේ සම්භන්ධය නැවැත්වීම. ! සම්පත් මේකට කැමතිවෙනව.

නඩුවෙන් වැරදිකරු කියල පිළිඅරගෙන දඩ ගෙවල උසාවියෙන් එලියට අපු සම්පත් ඔහු එනකන් ගාල්ලෙ කො‍ටුවෙ උසාවියෙ මැයිමාර ගස්පේලිය යටට වෙලා අයියලත් එක්ක බලාගෙන ඉඳපු අනුරාධා එක්ක අන්තිම වචන කීපයත් කතාකරල පරණ කො‍ටුදොරකඩින් වැටිල තියන සමුද්‍ර මාවතේ ඉස්සරහටම ගියා.

ආයෙම සම්පත් ගැන හොයන්න හිතුනෙ අර උඩින් සඳහන් කරල තියන අභීතගෙ කමෙන්ට් එක නිසා.

ගාල්ලෙ යාළුවො කීපදෙනෙක්ට කතාකරල හොයාගනිපු සම්පත්ගෙ කතාවේ ඉතිරි කොටස……….

නඩුවෙන් පස්සෙ කාලයක් ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ රස්තියාදු ගහ ගහ ඉඳල කර කර ඉඳපු රස්සාවත් අතෑරල සම්පත් ආයෙම එනව කොළඹ. Brandix College of Clothing Technology ඒකෙ අවුරුදු දෙකක පාඨමාලාවක් හදාරන සම්පත් තවත් කාලයක් බ්‍රැන්ඩික්ස් ආයතනයට අනුබද්ධ ඇඟළුම් කම්හලක ‍රැකියා පුහුණුව ලබල ආයෙම එනව ක‍ටුණායක ප්‍රධානපෙලේ ඇඟළුම් කම්හලක උප නිශ්පාදන විධායක නිළධාරියෙක් විදියට.

පහුගිය කාලෙ සිදුවෙච්ච ලෝක ආර්ථික පසුබෑමත් එක්ක ‍රැකියා කප්පාදුවකට ලක්වෙන සම්පත් ඉන් ටික කාලෙකට පස්සෙ ආයෙම කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවකට යන්නෙ නියෝජ්‍ය නිශ්පාදන කළමණාකරු හැටියට. ටික කලකට පස්සෙ එම ආයතනයේ සේවය කල විදේශීය මෝස්තර නිර්මාණ ශිල්පිණිය සමඟ විවාහ වෙලා දැන් ඉන්නෙ නෙදර්ලන්තයෙ.

මේලිපියේ අරමුණ කර්මය බොරුවක්, එහෙමත් නැත්නම් කල කම් පලනොදේ, එහෙමත් නැත්නම්, ජීවිතේ සිද්ධීන් වලට ලැබෙන සමාජීය අර්ථකථනයන් තේරුමක් නැත කියල කෙස් පැලෙන තර්ක කරන්න නෙමෙයි. කැමති කනෙක්ට කැමති විදියකට තේරුම් ගන්න ඉතාම සංශිප්ත විස්තර සැපයීමක් විතරයි.

පින්තූරය ගත්තේ : http://www.redbubble.com

අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන් ගියා. ක‍ටුනායක අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවට ගිහිල්ල කෙල්ලො ගොඩක් මැද ගතකරපු කලය මතුපිටින් බැලුවම හරිම ලස්සනයි වගේ බලන කෙනෙක්ට පෙනෙයි. ඒත් යථාර්තය ඒකම නෙවෙයි. මතුපිටින් පෙනෙන හැම දෙයකම අභ්‍යන්තරය ගොඩක් වෙනස්. හිත රිදෙන තැන් බොහෝමයි.

ඒ අත්දැකීම් වලින් කොටස් තුනකට ලියාපු පහලින් තියන ලිපිවල තිබුනෙ අපි අත්විඳපු හිතට බරක් එකතුකරාපු එක සිද්ධියක් විතරයි.  කැමතිනම් කියවන්න,

01.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
02.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
03.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

මාත් එක්ක ක‍ටුනායක බෝඩිමේ හුණ්ඩු කාමරේ උන්න යාළුවන්ගෙන් එකා දෙන්න මාසයක් හමාරක් අපිත් එක්ක ඉඳල  හෙමිහිට හෙමිහිට කාමරෙන් ගියා. ඒකට හේතු ගොඩක් තිබුනත් ඉඩ කඩ මදිවීම හැම තිස්සෙම ප්‍රධාන හේතුව හැටියට අපි හැමෝම පිලිගත්තා.

එහෙම ගියත් ඒ තුන් හතරදෙනා වැඩි ඈතකට නෙමෙයි ගියේ.

ඒ බෝඩිමේදිම අඳුනගනිපු ගෑණුළමයි එක්ක වෙනමම කාමරවලට !

ලිවින් ‍ටුගෙදර් අහල තිබුනට මේ තමයි මුලින්ම හැබෑවක් කියල දැකපු කාලෙ. උන් එහෙම යනව කිව්වම අපි මුලින්ම බය උනා මුන් මේ මොනව කරන්න හදනවද කියල. ඒත් අපිට අරුමයක් උනාට සීයක් හමාරක් උන්නු ඒ බෝඩිං සංකීර්ණයේ කිසිම කෙනෙකුට ඒක ලොකු දෙයක් උනේ නෑ. කිසිම අවලාදයක්, බැනුමක් නෑ.

ඕනෙම නම් වැඩිම උනොත්, ආ නංගී… හරිගියා එහෙනං ඈ…. කියල උන් එක්කම එච්චර කාලයක් උන්නු කෙල්ලෙක්ම විහිළුවක් කරන්න ඇති.

එදා ඉඳල අපි වගේ උන් උදේට උයන්න කුස්සියට ආවෙ නෑ. කඩෙන් හැන්දැවට ආප්ප, කොත්තු කන්න ආවෙ නෑ.

පොකුණට වැටිච්ච ගල ඇතිකරපු ‍රැලි හෙමිහිට මැකිල ගියා. රොන් මඩ ආයෙම පතුලටම කිඳාබැස්සා. අපි වෙනදා වගේම අමන්දොළුව පාර දිගේ කෙල්ලො පේලියක් පස්සෙන් වැටිල රස්සාවට ගියා. ආයෙම හැන්දෑවෙ බෝඩිමට ගෑ‍ටුව. බොහොම නිස්කලංකයෙන් ඒකාකාරී විඩාබර දවස් ගෙවිලා ගියා.

ඒත් එක දවසක් !

හැන්දෑවෙ අටට විතර අපි බෝඩිමේ කපරාරු නොකරුපු බ්ලොග් ගල් වලින් බැඳපු කොට තාප්ප කෑල්ලකින් තුන් පැත්තක් විතරක් වටවෙච්ච, වහලක් නැති ෂවර් පෝලිමේ නාන අතරෙ අපේ කාමරේ උන්නු සම්පත් දුවගෙන ඇවිල්ල බැනියමක් හෝදන්න තියාගත්ත.

මොකෝ බං මේ… අපි නාන්න කතාකල වෙලාවෙ උඹ ඉහේ ඇම්මයි කියල නිදාගෙන නේද උන්නෙ ?.

……. උත්තරයක් නෑ, ටැප් එක ගාව දණ ඇණගෙන රෙද්ද හෝදනව.

උඹට මොන යකා වැහුනයි මේ හැන්දෑවෙ?

…… ඒත් සද්දයක් නෑ,

මිනිහෝ කියාපන්, මොකද උනේ……

ඒයි ඒයි…. පොඩ්ඩක් එහාට වෙයං බලන්න.. යකෝ මේ ලේ නේද……. !!!

මොකද බං උනේ… කියහංකො….

මොන රෙද්දක්ද බං. මුකුත් උනේ නෑ…..

එහෙනං මේ ලේ…. !!!

උඹලත් ගෑණු වගේනෙ. කට පියං ඉඳහල්ල යකුනේ. මුකුත් උනේ නෑ…

එහෙම කියල ඌ හෝදපු බැනියමත් අරං ආපහු කාමරේට ගියා.

අපි නාගෙන අහවර වෙලා කාමරේට යනකොට මෙන්න මනුස්සය ඉහේ ඉඳං පොරවාගෙන නිදි.

මචං… මම ඇඟට අත තියල කතා කලා.

හ්ම්…..

මචං පාං තියනව කාල නිදාගං..

ම්හ්.. උඹල කාහල්ල, මගෙ ඔළුව රිදෙනව බං…..

උනේ මොකක්ද කියල දැනගන්න අපිට ලොකුවට උවමනාව තිබුනට මිනිහ නිදාගෙන උන්න විදියට අපිට හිතුනෙ නෑ ඇහැරවල ආයෙම ඌට වද දෙන්න. අනික අතක් පයක් කැපිල කියල පේන්නෙත් නැති එකේ උදේටම අහල බලනව කියල හිතාගත්ත.

වෙනද වගේම ස්ටූල් එක මැද අලි පරිප්පු බේසම තියාගෙන වටේට වාඩිවෙලා අපි පාං කෑව.

සැරින් සැරේ ඇඳේ ඉන්න එකාගෙන් හීන් කෙඳිරියක් එනව.

පව් බං ! හැබෑටම මූට මොකද උනේ….?

අයියේ… අයියේ….

කවුද බං මේ වෙලාවෙ.

එකෙක් ගොහින් දොර ඇරිය.

නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් !

සම්පත් අයිය ඉන්නවද?

ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි.

නෑ නිකං ඇහුවෙ. මං යන්නං.

නිලූපා සම්පතුත් එක්ක කීප දවසක්ම කතා බහ කරනව අපි හැමෝම දැකල තිබුනත් ඒ ගෑණු ළමය ගැන පොඩි පොඩි කතා වගයක් බෝඩිමේ පැතිරිලා තිබුන නිසා කතා බහට යනවට  අපි  කැමැත්තක් පෙන්නුවෙ නෑ. සම්පතුත් වැඩිය ඒ ළමයව කෙයාර් නොකලෙ ඒ වෙනකොටත් ගමේ ගෑණුළමයෙක් උන්න නිසා.

පහුවෙනිද අපි නැගිටිනකොට මෙන්න අසනීප කාරය නැගිටල ලේස්තිවෙලත් ඉවරයි.

මචන්, දැන් උඹට කොහොමෙයි?

අවුලක් නෑ මචං. දැං හරි.

ඒක නෙමෙයි, අද උඹගෙ ඕෆ් එක නේද, මේ කොහේ යන්නද?

හ්ම්ම්…. ලොකු හුස්මක් අරන් මිනිහ ඇඳ උඩින් වාඩි උනා..

මචං, මම ආයෙම ගමේ යනව.

ගමේ යනව.. ඒ මොකෝ බං.

ඊයෙ රෑ පොඩි අවුලක් උනා මචං.උඹල නාන්න ගිය අතරෙ  නිලූපා කාමරේට ආව. …… ……..  ……..

මොකක් ! ඉතිං…..

****************************************

කවුරුවත් මාව ඇහුවොත් දන්නෙ නෑ කියාපන් මචං. ……. මම ගිහිල්ල ඒකිට කෝල් එකක් දෙන්නම්.

අපි සේරම කතා නැතුව කසාය බීපු ගොළුවො වගේ බලා ඉඳිද්දි සම්පත් ලොකු ට්‍රැවලින් බෑග් දෙක කරේ දෙපැත්තෙ එල්ලගෙන අපිට පි‍ටුපාල එකම එක පාරක් වත් ආපහු නොහැරීම ලා අඳුරෙ පාරෙ ලයිට් කණුවෙ එලියෙන් පේන වැලි පාර දිගේ බෝඩිං වත්තෙන් එලියට ඇවිදගෙන ගියා.

“ඉතිං යකෝ ඒක මහ බලු වැඩක්නෙ”

එහෙම කියල ඌට බනින්න හරි උපදෙසක් හරි දෙන්න අපි කිසිමකෙනෙක් ඉදිරිපත් උනේ නැත්තෙ ඇයි කියල තාමත් මට හිතාගන්න බෑ. සමහර විට සම්පත් “අපේ” කියල හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් නිලූපා ගැන මුලින්ම තිබුන අපැහැදීම වෙන්න ඇති. ඒත් එක්කම ඒක උන්ගෙ ප්‍රශ්ණයක්, අපි දෙන්න හදන විසඳුමෙන් ඇතිවෙන ප්‍රතිඵල විඳින්නෙ අපි නෙමෙයි කියන සිතුවිල්ලත් කොහේ හරි තියෙන්න ඇති කියල යාන්තමට හිතෙනව.

මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!!

කොහොම උනත් එදා ඉඳල අපි ඒ බෝඩිමෙන් අයින්වෙලා යනකන් නිලූපා අපේ මූණ බලල කතා නොකලත් අනිත් අයත් එක්ක කිසිම වෙනසක් නැතුව හිනාවෙලා උන්නා.

මම මුලින් කිව්ව වගේ ඒ අපි පිටින් දැකපු හිනාවක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඇතුලින් පිචිචී පිච්චි ලෝකෙට පේන්න හිනාවෙච්ච නිලූපාගෙ හිතේ හයිය සම්පත්ට නැතිවෙච්ච එක ගැනනම් කණගා‍ටුවකුත් අප්‍රසන්න කමකුත් මිශ්‍රවෙච්ච හැඟීමක් තවමත් මගේ හිතේ තියනව.

පින්තූරය ගත්තේ මෙන්න මෙතනින් http://193.105.21.101/image?id=7433&hsearch=bamboo+plant

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers