ගැහැණු මනුස්සයා

ප්‍රතිනිෂ්පාදනයේදී පිරිමියාගේ කාර්ය කොටස බින්දුවක් තරම්. මේ හීනමාන මානසිකය ඉතාම විශාල ගැටළුවක් නිර්මාණය කරල තිබෙනව. පිරිමියා ගැහැණියගේ ත‍ටු කපන්න පටන්ගත්ත. සෑම ආකාරයකින්ම ඇයව සුළු කොට තකන්න, ඇයව හෙලා දකින්න පටන්ගත්ත. [ගැහැණු මනුස්සයා පි:09]

ඔබ දරුවන් දහ දෙනෙකුගේ අම්මා වෙනවා කියල ප්‍රාර්ථනා කරනව. අවසාන වශයෙන් ඔබේ ස්වාමිපුරුෂයා ඔබේ එකොලොස්වෙනි දරුවා උනාදෙන්, ඔබේ සැමියාට මවක් වෙන්න සමත් උනේ නැතිනම් ඔබ සාර්ථක බිරිඳක් වෙන්නෙ නැහැ. මේක හරිම අමුතුයි එහෙත් එහි අතිවිශාල මනෝවිද්‍යාත්මක විදර්ශනාවක් තිබෙනව. මොකද සෑම පිරිමියෙක්ම තම බිරිඳ තුල සිය මව සොයනබවත්, සෑම ගැහැණියක්ම පිරිමියා තුල තම පියා සොයන බවත් මනෝ විද්‍යාව තුලින් කරුණු අනාවරනය කරගෙන තියනව [ගැහැණු මනුස්සයා පි:11]

අද ලෝකයේ ක්‍රියත්මක වෙමින් තිබෙන කාන්තා විමුක්ති ව්‍යාපාර පිරිමියා විසින් නිර්මාණය කල ප්‍රපංචයන්. පුරුෂ නිර්මාණ ප්‍රපංචයන්. ලොව පුරාම සිටින ගැහැණුන්ට ස්වාධීන වීම අවශ්‍යබවට ගැහැණුන් පොළඹවාගැනීමට පිරිමියා උත්සාහ කරනව. පිරිමියා සහ ගැහැණිය අතර සමනාත්මතාවයක් තිබිය යුතුයි කියල පලමුවෙන්ම කතාකරන්න පටන් ගත්තෙ පිරිමියෙක් මිස ගැහැණියෙක් නෙමෙයි. අතීතයේදි ගැහැණිය පිරිසිඳු ජීවියෙක්, දේවදූතිකාවක් යැයි සිතන්න ඔවුන් පොලඹවාගත්තා. පිරිමියා අපිරිසිඳුයි, කොල්ලො කොල්ලොමයි නමුත් ගැහැණු ? පුරුෂයා ඇයව දේවත්වයේ තබා ඔසවනවා; ඒ ඔහු ඇයව පාලනයට යොදන විජ්ජාවක්. ගැහැණිය ඉහල ස්ථානයක සිටීමෙන් හිතන්න ගත්තා තමන් දේවත්වයේ කියල. ඇයට බැහැ මිනිස්සු කරන දේ කරන්න. මොකද එය ඇගේ මමත්වයට එරෙහිව යන නිසා. ඇය තමයි මව, ඇය තමයි දේවත්වය. ඇයට පුරුෂයාට වඩා දේව ගුණයන් තියනව. පිරිමියා කැතයි, අසංවරයි, පිරිමියාට සමාව දියයුතු වෙනව [ගැහැණු මනුස්සයා පි:32]

ඇය කවදාවත් ලිංගික ක්‍රියාවන්ට පක්ෂව සිටියේ නැහැ. එය එයින් දුක් වින්දා. ඒවා දරාගත්තා. ඈ එයට එකඟ වෙන්නේ එය ඇගේ වගකීමක් වුණ නිසා; ගැඹුරු ඇතුලාන්තයේ ඈ සිය සැමියාට වෛරකලා. මොකද ඔහු නිකම් හරියට සතෙක් වගේ නිසා. ගැහැණු බඹසර ‍රැකි සාන්තුවරයන්ට හැමවිටම වන්දනාමාන කරන්නේ කුමන හේතුවක් නිසාද කියලද ඔබ සිතන්නේ ? එහි ඉතාම අභ්‍යන්තර හේතුව, ඔවුන්ගේ බඹසර කමයි පූජනීයත්වය සනාත කරන දෙය. ඇගේ සැමියාට ඒ ආකාරයට ගරු කරන්න ඇයට බැහැ. [ගැහැණු මනුස්සයා පි:50]

මිනිහා විසින් සොයා ගනිපු ඉතාම අප්‍රසන්න ආයතනය තමයි විවාහය. ඒක ස්වාභාවික නැහැ. ඒක සොයාගන්නේ එහිදී ඔබය ගැහැණිය යටත්කරගන්න පුළුවන් නිසා. ඔබ ගැහැණියට සලකමින් සිටියේ ඉඩම් කබැල්ලක් නැත්නම් මුදල් නෝට්‍ටු ටිකකට වගේ. ඔබ ගහැණිය භාණ්ඩයක තත්වයට ඇද දැම්මා. මතක තබාගන්න ඔබ ඕනෑම මනුෂ්‍ය ප්‍රාණියෙක් භාණ්ඩයක තත්වයට ලඝු කලහොත් ඔබවත් ඒ තත්වයටම ලඝු කරනව. ඔබට පු‍ටුවකට කතාකරන්න හැකිනම් ඔබත් පු‍ටුවක් [ගැහැණු මනුස්සයා පි:55]

ලෝකයේ සියළුම ආගම් උපත් පලන ක්‍රම වලට විරුද්ධයි. ඔවුන් පෙත්තට විරුද්ධයි, ගබ්සාවට විරුද්ධයි. එහි අර්ථය වෙන්නෙ ගැහණිය දියටම ජීව විද්‍යාත්මකව වහල් භාවයේ සිටිය යුතුයි යන්නයි. ඇගේ ශක්තිය දිගටම වැය වෙන්නෙ අනුකාරක ජනයා බිහිකරන්නයි. [ගැහැණු මනුස්සයා පි:148]

ඔබ මලක් දෙස බලනවානම් “කොයිතරම් සුන්දරද” කියල කියාවි. ඔබ මිනිහෙක්ගෙ, ගැහැණියකගෙ ලස්සන මුහුණ දිහා බැලුවොත් මිනිස්සු කියාවි “ඒකනම් කෑදරකම” කියල. ඔබ ගසක් ගාවට ගිහින් එතන සිටගෙන මලක් දේසට පුදුමයට පත්වී බලා සිටියහොත් මිනිස්සු හිතාවි ඔබ කවියෙක් නැත්නම් සිතුවම් අඳින්නෙක් කියල. එහෙම නැත්නම් යෝගියෙක් කියල. ඔබ පිරිමියෙක් නැතිනම් ගැහැණියෙක් වෙත ගිහිල්ල දැඩි ගෞරාවයකින්, පූජනීයත්වයක් දක්වමින් එම ගැහැණිය වෙත යොමාගත් ඇස් හොඳින් විවර කරලා ඇයගේ මුහුණේ ලස්සන උරාගනිමින් පසුවුනොත් පොලීසියෙන් ඔබව අල්ලාගෙන යන්න ඉඩ තියනව. එවිට කවුරුත් කියන එකක් නෑ ඔබ කවියෙක්, යෝගියෙක් කියලා [ගැහැණු මනුස්සයා පි: 154]

මම හිතන්නෙ නැහැ එකම මිනිහෙක්වත් ගැබ්ගන්න කැමති වෙයි කියල. කිසිම සැකයක් නැතිව ඔහු සියදිවි නසාගනීවි. ඔහු තට්‍ටු පනහක් උස ගොඩනෙගිල්ලක් උඩ ඉඳල බිමට පනීවි. – ගර්භණීද ? නිකං හිතන්න ඔබේ බඩේ දරුවෙක් ඉන්නවා කියල. ඔබට පිස්සු හැදේවි. එහෙත් දැන් කොහොමද එය පලවාහරින්නෙ. මවක් කොතරම් විශාල දුක් වේදනා තුලින්ද මේ දැවැන්ත පරිත්‍යාගය කරන්නෙ. [ගැහැණු මනුස්සයා පි:184]

පොත : ඕෂෝ සංවාද – ජීවිතයට ඉඩදෙන්න 02 – ගැහැණු මනුස්සයා
පරිවර්තක: ජෝ සෙනවිරත්න
ප්‍රකාශනය : සරසවි
මිල : රු 290.00

රාවනා සොයා හෝටන් තැන්නේ සිදු කල ඇමරිකානු හමුදා මෙහෙයුම.

ලංකාවෙ කාශ්‍යප රජු සිංහලයෙක් වගේම සූර්ය වංශිකයෙක්. ඇත්තටම සිංහලයො කියන්න සූර්ය වංශිකයො කියන එක. හෙලයො කියන ශබ්දයට සමාන අර්ථ පද වන හීලියොස් කියන ලතින් වචනයේ අදහසත් සූර්ය වංශික කියන එක.

මට පොඩි ප්‍රශ්ණයක් තියනව, ඇයි මේ කාශ්‍යප රජ්ජුරුවන්ටම සිංහලයෙක් කිව්වෙ. මුගලන් කුමාරය සිංහලයෙක් නෙමෙයිද ?

ධාතුසේන රජුගෙ බිසෝවරු දෙදෙනෙකුගෙ ළමයි මේ කුමාරවරු දෙදෙනා. මුගලන් දකුණු ඉන්දීය බිසවකගෙ පුතෙකු නිසා තමයි කාශ්‍යපට එරෙහිව මෙහෙයවපු සටනට ලාංකික සිංහලයො උදව් නොකලෙ. ඉතිහාසයෙ පැහැදිලිව තියනව දකුණු ඉන්දියාවට ගිහින් ගෙනා සේනාවක් සමඟයි කාශ්‍යප හා යුද්ධ කලේ කියල. [පි‍ටු අංක හැත්තෑ අට]

“මේජර් ඇන්ඩර්සන් කාටර්’ස් ස්පෙෂල් ඔප් ටීම්, රිපෝට් ඉමීඩියට්ලි ‍ටු ද ඔස්ප්‍රි ” ජේකින් දෙවරක්ම එය ඇමතුම් යොමුවට කියනා අතර ගමනේ යොමුව සඳහන් සටහනේ පිහි‍ටුම වෙත නෙත් හෙලීය. අක්ෂාංශ, දේෂාංශ සටහන තමන් යා යුතු පිහි‍ටුම දැක්වීය. කහ මුහුද කරා යන ගමනේදී ඉන්දියන් සාගරය තරණය කරමින් සිටිනා ඔවුන්ගේ නෞකාව ඔවුන් ගොස් එජතුරු මෙතනම හිඳීවිද යන්න යායුතු පිහි‍ටුම දකිත්ම ජේකින්ගේ හිතට නැඟුණු පැණයයි.

“6/48/N 80 48/E” තමන් යායුතු ඉලක්කය කහ මුහුද න්වන බවනම් ඉතා පැහැදිලිය [පි‍ටු අංක දාහත]

හදිස්සියේම ඇය අසලට වේගයෙන් ඇදී ආ සුදු පැහැති වෑන් රථයක් ඇගේ ඇ‍ඟේ ගෑවී නොගැවී පදික වේදිකාව අසලටම ගෙනැවුත් එකවනම නැවැත්වීය. පැති දොර විවෘත්ත වූ වෑන් රථයේ කළුවර් ඇතුලින් පිතට පැමිණි හැඩි දැඩි අත් පමණක් හිරුණිට දිස් විය. ශක්තිමත් දෑත්වල ග්‍රහනයෙන් ඇයව වෑන් රථය තුලට ඇදීගිය ක්ෂණයකින් වෑන් රථයේ දොර වැසීගියේය [පි‍ටු අංක තිස් තුන]

රාවනා රජුටත් පෙර සිටම භාෂා ශාස්ත්‍ර විද්‍යා අතින්, යන්ත්‍ර මන්ත්‍ර අතින් ඉන්දු-ලංකා ප්‍රදේශ ඉහල තනක් ගෙන තිබූ බව පෙනෙනවා. මෙවැනි පොතක් ලියන්න රාවනා රජුට දැනුම ආවේ වෙනත් ගුරුවරුන්ගෙන්. රාවනා රජුගේ ගුරුවන් වූ ඔහුගේම පියා වූ විශ්ව මුණි, සීයා වූ පුලස්ති හා අගස්තී වැනි සෘෂිවරු මව්පස සීයා වූ සුමාලින් අසුර රජු යන අය රාවනා රජුව දැනුමෙන් පෝෂණය කරන්න ඇති. [පි‍ටු අංක අනූ හත]

උතුරු දිශාවට වගේම ලෝක පාලක වශයෙනුත් යක්ෂයන්ට අධිපති ලෙසත් සැලකෙන්නෙ කුවේර හෙවත් වෛශ්‍රවණයි. වෛදික ග්‍රන්ථ, පුරාණ ග්‍රන්ථ හා හින්දු පුරාවෘත අනුව කුවේර ලංකාවේ කලෙක පාලකව සිටි අතර ඔහුව බලයෙන් නෙරපා රාවණා ලංකාවේ රජ වූ බවයි සඳහන්. [පි‍ටු අංක එකසීය එකොලහ]

කාවන්තිස්ස රජ පරපුර එන්නෙ මාගම රුහුණු පෙළපතින්. එතුමගෙ සීයා මහානාග කුමාරයා අනුරාධපුරයෙන් මාගමට පලා එන්නේ අඹ ගෙඩියකට වස දා ඔහුව නසන්නට තම සහෝදර දේවානම්පියතිස්සගෙ බිසව කල ඝාතන තැතට බය වෙලා. [පි‍ටු අංක එකසීය දාහතර]

ඇත්තටම ආටානාටිය කියන්නෙ බුදුන් දේශිත සූත්‍රයක් නෙමෙයි, බුදුන්ට දේශිත සූත්‍රයක්.

ත්‍රිපිටකයෙ බුදුන් දේශිත ධර්මය මිසක් බුදුන්ට කියූ බණ කොහේද?

බුද්ධ ශාශනයේ භික්ෂු, භික්ෂුණී, උපසක, උපාසිකා යන පිරිසට ඇතිවන අමනුෂ්‍ය උපද්‍රව වලක්වාගනු පිණිස වෛශ්‍රවණ රජු ප්‍රමුඛ සතරවරම් රජවරු විසින් ආටානාටිය නම් නහරයේදී විපස්සී ආදී සත්බුදුවරුන් සහ අටසිසි යක්ෂසේනාධිපතින්ගේ අණ තේජස පිහි‍ටුවා සම්මතව ලියැවුන නිසා ආටානාටිය නම් වූ මේ පිරිත රජගහ නුවර සිටි බුදුන් හමුවට එන මේ රජවරුන් හා සේනාව හමුවේ වෙසමුණි රජතුමා බුදුන් ඉදිරියේ ප්‍රකාශකරනවා. බුදුරදුන් එය පිළිගෙන පසුව එය එලෙසින්ම භික්ෂූන් අමතා වදාළ නිසයි එය බුද්ධ භාශිතය වන්නේ [පි‍ටු අංක එකසීය තිස්පහ]

1938 දී හිට්ලර්ගේ පාලන සමයේ ජර්මන් ගවේශකයින් හයින්රිච් හිම්ලර් ගේ මෙහෙයවීමෙන් මුල්ම පූර්වජ ජාතිකයන් ලෙස ආර්ය අට්ලාන්ටිකයින් සොයා ටිබෙටයට පිටට්කොට හැරුනා.මන්නාරමට ආසන්න මුහුදේ මුදට යටවූ යොදුන් පන්සීයක් පමණ වූ නාග රාජ්‍යයක් ගැන මහාවංශයේ මුල්ම කවි කිහිපයක සඳහන් වෙනවා [පි‍ටු අංක එකසෙය හැට අට]

රාම හා සටන් වදිනකොට රාවනා රාමට වඩා බොහෝ සේ මහලුයි. ඒක හරියට මම අපේ සීයාට කඩු සටනකට අභියෝග කලා වගෙයි. ඒත් ඒ සටනත් රාවනා පරදින්නෙ රාවණාගෙ මර්මස්ථානය විභීෂණ විසින් රාමාට කියාපු නිසයි. තමාගේ කෙනෙකු ද්‍රෝහීවීම නොදන්නා කෙනෙකු සතුරු වනවාට වඩා බරපතල බව කියන්නට තියන ලංකාවේ හොඳම උදාහරණය. [පි‍ටු අංක දෙසීය හය]

හීබෲ බයිබලයේ මෙන්ම නව තෙස්තමේන්තුවෙත් යුදෙව් මෙන්ම ක්‍රිස්තියානු වහරේත් හීබෲ බසින් බිහිවූ ආමේන් යන වදන නිතරම භාවිතා වෙනව. හීබෲ බසින් හි අරුත, සත්තකින්ම, අවශ්‍යයෙන්ම, එසේම වේවා, වැනි අදහසක්. ඉතාම බලවත් වූ එකඟතාවයක් පලකිරීම සඳහා මෙය යොදා ගැනුණා. යුදෙව්වන් ආශිර්වාදය ලැබුම පිණිසත්, පොදු පිළිතුරක් වශයෙන් ඇතැම් තැන්හී සාමූහිකව මෙසේ කීම දැකිය හැකියි. [පි‍ටු අංක එකසීය පනස් අට]

බලන්න කොච්චර බුද්ධාගම ලක්දිව පැතිරුනත් ලාංකික සිංහලයන් බුදුන්ගේ සිරිපතුල වඳින්න කියල නැග්ගට ඉර සේවෙ දැක්කෙ නැත්නං ගමනම සවුත්තුයි. උදෑසන ඉර දැක්ක ගමන් සිරිපතුලට පිටිපස්ස හරවල ඉර දිහාට සාධු කියල වඳිනව. බුදුහාමුදුරුවො සිරිපතුල පිහි‍ටුවල ගිහිල්ලත් සිංහල සුරයන්ගේ සුර්ය වන්දනාව වලක්වගන්න බැරිඋනා. මං හිතන්නෙ ඒක සිංහල ජාන වලටම කාවදිල වගේ. තාමත් සමනල කන්ද මුදුනේ සිංහලයන් හෙවත් සිව්හෙලයන්, හෙළයන් හෙවත් හීලියෝස් හෙවත් සූර්ය වංශිකයන් හිරුට වඳිනව [පි‍ටු අංක දෙසීය පණහ]

මෙහි ලියවුනු ඡේද අතරේ නොලියවුනු ඉතිරි රසවත් සටහන් කියවන්න

පොත : රාවනා මෙහෙයුම
කතෘ : තුසිත රුවන්
ප්‍රකාශනය : සරසවි
මිල : රු.360.00

රාවනා ඇතුලු හෙළ අසුර රාජවංශය පිළිබඳ වැඩිදුර කියවීම්

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers