ජීවිතය සොයා කටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස
මාර්තු 9, 2011 ප්‍රතිචාර 40
ජීවිතය සොයා කටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
ජීවිතය සොයා කටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
ජීවිතය සොයා කටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස
බුදු අම්මෝ…. මොකාද යකෝ…. #&8+^#4$%
පහුවදා උදේ පාන්දර මොකෙක්ද එකෙක් බෙරිහන් දෙන සද්දෙට මං උඩගිහිල්ල ඇහැරුනා. තව එක අඩි බාගයක් උඩ ගියානං කාමරේ කොන්ක්‍රීට් ස්ලැබ් එකේ වදිනව මගෙ ඔළු ගෙඩිය. මායි නාලකයයි බුදිය ගත්තු තට්‍ටු ඇඳේ උව තට්‍ටුවෙ ඉඳල ස්ලැබ් එකට අඩි හතරක්වත් නෑනෙ. වට පිට බැලුවට මෙලෝ මඟුලක් පේන්නෙ නෑ. අර වේලාසන බැනපු එකා තවමත් මර අඬ දෙනව. එහා පැත්ත හැරිල බැළුව නාලකයත් නෑ ඇඳේ.
අර සද්දෙ අස්සෙන් තව කවුරුහරි, අනේ මචං දැක්කෙ නෑ බං සොරි වෙයන්කො කියල නාහෙන් අඬනව.
මොකද යකුනේ කෑගහන්නෙ, නිදාගන්න දීපල්ල බං
ඔය ලයිට් එක දාහං ඇඳේ යට තට්‍ටුවෙ එකෙක් කෑගහනව.
ඒක තමයි බං මං මේ කරන්න හදන්නෙ, සුවිච් එක කොහේද බං තිබුනෙ ?
එක විකාරයයි දැං කාමෙරේ. එකෙක් බෙරිහන්දෙනව, තව එකෙක් නාහන් අඬනව, තවත් එවුන් එක එක මඟුල් කිය කිය කෑගහනව. හුන්ඩුවක් විතර කාමරේ මේ සේරම සෙල්ලං නිකං අර ලබ්බෙ තොයිලෙ වගේ.
ආ ……හරි හරි අහු උනා ! කියල කවුරු හරි ස්විච් එක ඔන් කලා.
මගෙ මූණ රත් වෙලා ගියා වගේ, කණ පැත්තෙන් හෙන එලියක් එනව. බැලින්නං බල්බ් එක මගෙ වම් කනට අඟල් තුනක් විතර එහායින්.
ඇඳේ ඉඳගෙනම පල්ලෙහාට එබිල බැළුව, අප්පට සිරි ඊයෙ රෑ බිම බුදියගත්තු එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන ඉන්නව නිකං යකා ගහල වගේ. නාලකය ඌට වඳින්නෙ නැතුව විතරයි. විස්තරේ හොයල බැලින්නං කට්ට කළුවරේ නාලක තට්‍ටු ඇඳෙන් බැහැල බිම කියල හිතල කකුල තියල තියෙන්නෙ බිම නිදාගෙන උන්න එකෙක්ගෙ මූණ උඩට. උගෙ නහයයි කටයි දෙකම මුගෙ පාදස්පර්ශයෙන් තුවාල වෙලා.
දඩිං දඩිං .. !!
මොකද මචං, ඇයි ඇයි අවුලක් ද?
මොකෝ මල්ලි සතෙක් සර්පයෙක්වත් ද කාමරේ?
අපේ සද්දෙට බය වෙලාද කොහෙද කවුද සෙට් එකක් දොරට ගහනව.
නෑ නෑ අවුලක් නෑ, පොඩි ඇක්සිඩන්ට් එකක් කියල අපි කාමරේ දොර ඇරිය.
හෙන සෙට් එකක් දොරකඩ, සරං කැහැපට ගහගත්තු උන්, තුවා කරේ දාං දත් මැද මැද ඉන්න උන්, වලං, සාස්පාන්, අරං තව කෙල්ලො සෙට් එකක්. සමහර කෙල්ලො ගගා උන්න පොල් බෑයත් අරං ඇවිල්ල එබිකං කරනව කාමරේට. උය උය ඉන්නගමන් සද්දෙට ඇවිල්ලද කොහේද. ඒ අතරෙ සෙට් එකෙන් එකෙක් කාමරේ ඇතුලට ඇවිල්ල විස්තරේ එහෙම බලාගෙන,
හරි හරි, නංගිල, කිසි අවුලක් නෑ. ආපහු පලයල්ල බං කුස්සියට, මේක මේ සිම්පල් කේස් එකක් කියල සෙට් එකම විසුරවල දැම්ම.
අපිත් අර මූණ පොඩිකරගත්තු එකාගෙ මූණ එහෙම හෝදල පිලිවෙලක් කලා. ඒච්චරම අවුලක් නෑ. නහය රතුවෙලා උඩු තොල තඩිස්සි වෙලා විතරයි.
ඒත් ඌ නාහෙන් අඬනව, බලහංකො ඉස් ඉස්සෙලම රස්සවකට යන්න ඇහැක්ද බං මෙහෙම. මළ ගෙදරකට ගියත් එලවගන්න සයිස්නෙ බං මගේ මූණ. කෙල්ලක්වත් සෙට් කරගන්න වෙන්නෙ නෑනෙ බං ෆැක්ටරි එකෙන්. නාලකයා මට තෝ කෑවත් මදී යකෝ !
යාන්තං ඌවත් පවුඩර් දාල සනසල සෙට් එකම ලෑස්ති වෙලා හා හා පුරා කියල රස්සාවට යන්න අර අසරණයවත් ඉස්සර කරන් එලියට බැස්ස.
නිකං බෝඩිමේ මිදුල මල් වත්ත වගේ, පාට පාට කෙල්ලො එකා දෙන්න කමර වලින් එලිට එනව. ඒ අස්සෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් නැත්තෙම නෑ. කොච්චර විච්චූර්ණ කලත් හැම කෙල්ලෙක්ම එකම මොඩ්ල් එකේ. රැළි දාපු කොට සායයි ටී ශර්ට් එකයි හෑන්ඩ් බෑක් එකයි කුඩෙයි.
ඒ අය අස්සෙන් තඩි ට්‍රැවලින් බෑග් එකක් අරන් ඊයෙ රෑ කතාකරපු අක්කත් එනව ඉස්සරහට. එයා ඇඳුමෙන් පැළඳුමෙන්, බැල්මෙන්, ඇවිදින විදියෙන් කතාවෙන් එතන උන්න හැම කෙල්ලෙක්ටම වඩා වෙනස්. කලින් දවසෙ රෑ පාරෙදි හම්බුවෙනකොට වගේ නෙමෙයි ජීන්ස්, ටී ෂර්ට්ස් ඇඳල.
හානේ මල්ලිල දැන්ද යන්නෙ?
ඔව් අක්කෙ, අක්ක දැන් කොළඹ යනවද?
ඔව් මල්ලි, තව පොඩ්ඩකින් මම දන්න අඳුරන වාහනයක් එනව, ඒකෙන් යනව. මේ බෑග් ඔක්කොම උස්සන් බස් වල යන්න අමාරුයිනෙ.
මේ මොකෝ මල්ලිගෙ මූණ ඉදිමිලා..
නෑ අක්කෙ අද උදේ පොඩි ඇක්සිඩන්ට් එකක උනානෙ මූණ පෑගිලා.
අම්මෝ ඇති ඔයින් ගියා. මුකුත් ගෑවෙ නැද්ද ?
මොකව ගාන්නද අක්කෙ, බෙහෙත් මුකුත් ගෙනාවෙ නෑ නෙ අපි එනකොට.
ඉන්න මම ගාව ඇති බඩුවක්, කියල අක්ක බැග් එක ඇරල අරන් දුන්න හරියට ලිප් බාම් ස්ටික් එකක් වගේ එකක්.
මේක ගාගන්න මල්ලි, ඉක්මනට ඔය ඉදිමුම බහී. රස්සාවට ඉස් ඉස්සෙල්ලම යන දවසෙ පිළිවෙලකට යන්න ඕන නෙ.
අක්කත් එක්ක කතා කරන අපි දිහා අනිත් කෙල්ලො, කොල්ලො අමුතු විදියට බලාගෙන අපිවත් ඉස්සර කරන් යනව. ඒත් ඒක අපි එක්කෙනෙක්ටවත් ගානක් උනේ නෑ.
මම මල්ලිල එක්ක කතාකරනව වෙන අය දැකොත් මල්ලිලටමයි හොඳ නැත්තෙ. මල්ලිලට පරක්කු වෙනවත් ඇතිනෙ. මමත් තව පොඩ්ඩකින් වාහනේ ආවම යනව. මල්ලිත් පරිස්සමින් යන්න කියල කිව්ව.
අපි ඔක්කෝටම අක්ක යනකන් එතනටම වෙලා ඉන්න ඕන උනත් එයා කියාපු විදියට ඒකට විරුද්ධ වෙලා ඉන්න හිතුනෙ නෑ.
එහෙනං අපි යනව අක්කේ. කොහේ ගියත් පරිස්සමින්.
එච්චරයි අපිට කියන්න ඉතුරු වෙලා තිබුනෙ. ඒ වෙනකොට අක්කගෙ රස්සාව මොකක්ද කියල අපි හැමෝටම තේරිලා තිබුනත් කිසිම පිළිකුලක්, කේන්තියක්, මහ ජරා ගෑණියෙක් කියල කොහෙත්ම හිතුනෙ නෑ. ඒ අපි හයදෙනා වගේම ජීවිතේ හොයාගෙන ආපු කෙනෙක් කියන සිතුවිල්ල විතරමයි හිතේ තිබුනෙ.
මචං…
අපි නැවතුනා. අපිට බෝඩිම හොයල දුන්න බුද්ධික අයිය.
උඹල දන්නවද අර ඉස්සෙල්ල උඹල අක්ක අක්ක කියල කතාකලේ මොන ජාතියෙ බඩුවකටද කියල ?
ඔව් බුද්ධික අයියෙ.
එහෙනං මේ ඉස් ඉස්සෙල්ල සුභ ගමනක් යන්න තියාගෙන මොන මඟුලකටද බං කතාවට ගියේ, දැං උඹල මුළු බෝඩිමටම නෝන්ඩියි. ඊයෙ රැ උඹලගෙ කාමරේටත් ආව නේද නයිටිය පිටින්. ලැජ්ජ නැද්ද බං.
නෑ බුද්ධික අයියෙ, ඒ මගේ අක්ක ! නාලක කිව්ව.
අපි පස් දෙනාම උගෙ මූණ බැලුව. ඒ මූණෙ හරිම ආඩම්බර හිනාවක් තිබුන.
ඒත් එක්කම කළුපාට පැජරෝඑකක් පාරෙ දූවිලි අවුස්සගෙන අපිව පහුකරන් වේගෙන් ඉස්සරහට ගියා.
ජීවිතය සොයා කටුණායක ගියෙමි – නිමි !
ප/ලි : මම කොච්චරවත් ඕන උනා මේ සීරීස් එක තුවෙනි කොටසින් ඉවරකරල දාන්න. ඒත් මේ අන්තිමට වෙච්ච දේත් නොකියා ගියොත් හිතට මදී වගේ කියල හිතුන.





අලුත් ප්‍රතිචාර