ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

බුදු අම්මෝ…. මොකාද යකෝ…. #&8+^#4$%

පහුවදා උදේ පාන්දර මොකෙක්ද එකෙක් බෙරිහන් දෙන සද්දෙට මං උඩගිහිල්ල ඇහැරුනා. තව එක අඩි බාගයක් උඩ ගියානං කාමරේ කොන්ක්‍රීට් ස්ලැබ් එකේ වදිනව මගෙ ඔළු ගෙඩිය. මායි නාලකයයි බුදිය ගත්තු තට්‍ටු ඇඳේ උව තට්‍ටුවෙ ඉඳල ස්ලැබ් එකට අඩි හතරක්වත් නෑනෙ. වට පිට බැලුවට මෙලෝ මඟුලක් පේන්නෙ නෑ. අර වේලාසන බැනපු එකා තවමත් මර අඬ දෙනව. එහා පැත්ත හැරිල බැළුව නාලකයත් නෑ ඇඳේ.

අර සද්දෙ අස්සෙන් තව කවුරුහරි, අනේ මචං දැක්කෙ නෑ බං සොරි වෙයන්කො කියල නාහෙන් අඬනව.

මොකද යකුනේ කෑගහන්නෙ, නිදාගන්න දීපල්ල බං

ඔය ලයිට් එක දාහං ඇඳේ යට තට්‍ටුවෙ එකෙක් කෑගහනව.

ඒක තමයි බං මං මේ කරන්න හදන්නෙ, සුවිච් එක කොහේද බං තිබුනෙ ?

එක විකාරයයි දැං කාමෙරේ. එකෙක් බෙරිහන්දෙනව, තව එකෙක් නාහන් අඬනව, තවත් එවුන් එක එක මඟුල් කිය කිය කෑගහනව. හුන්ඩුවක් විතර කාමරේ මේ සේරම සෙල්ලං නිකං අර ලබ්බෙ තොයිලෙ වගේ.

ආ ……හරි හරි අහු උනා ! කියල කවුරු හරි  ස්විච් එක ඔන් කලා.

මගෙ මූණ රත් වෙලා ගියා වගේ, කණ පැත්තෙන් හෙන එලියක් එනව. බැලින්නං බල්බ් එක මගෙ වම් කනට අඟල් තුනක් විතර එහායින්.

ඇඳේ ඉඳගෙනම පල්ලෙහාට එබිල බැළුව, අප්පට සිරි ඊයෙ රෑ බිම බුදියගත්තු එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන ඉන්නව නිකං යකා ගහල වගේ. නාලකය ඌට වඳින්නෙ නැතුව විතරයි. විස්තරේ හොයල බැලින්නං කට්ට කළුවරේ නාලක තට්‍ටු ඇ‍ඳෙන් බැහැල බිම කියල හිතල කකුල තියල තියෙන්නෙ බිම නිදාගෙන උන්න එකෙක්ගෙ මූණ උඩට. උගෙ නහයයි කටයි දෙකම මුගෙ පාදස්පර්ශයෙන් තුවාල වෙලා.

දඩිං දඩිං .. !!

මොකද මචං, ඇයි ඇයි අවුලක් ද?

මොකෝ මල්ලි සතෙක් සර්පයෙක්වත් ද කාමරේ?

අපේ සද්දෙට බය වෙලාද කොහෙද කවුද සෙට් එකක් දොරට ගහනව.

නෑ නෑ අවුලක් නෑ, පොඩි ඇක්සිඩන්ට් එකක් කියල අපි කාමරේ දොර ඇරිය.

හෙන සෙට් එකක් දොරකඩ, සරං කැහැපට ගහගත්තු උන්, තුවා කරේ දාං දත් මැද මැද ඉන්න උන්, වලං, සාස්පාන්, අරං තව කෙල්ලො සෙට් එකක්. සමහර කෙල්ලො ගගා උන්න පොල් බෑයත් අරං ඇවිල්ල එබිකං කරනව කාමරේට. උය උය ඉන්නගමන් සද්දෙට ඇවිල්ලද කොහේද. ඒ අතරෙ සෙට් එකෙන් එකෙක් කාමරේ ඇතුලට ඇවිල්ල විස්තරේ එහෙම බලාගෙන,

හරි හරි, නංගිල, කිසි අවුලක් නෑ. ආපහු පලයල්ල බං කුස්සියට, මේක මේ සිම්පල් කේස් එකක් කියල සෙට් එකම විසුරවල දැම්ම.

අපිත් අර මූණ පොඩිකරගත්තු එකාගෙ මූණ එහෙම හෝදල පිලිවෙලක් කලා. ඒච්චරම අවුලක් නෑ. නහය රතුවෙලා උඩු තොල තඩිස්සි වෙලා විතරයි.

ඒත් ඌ නාහෙන් අඬනව, බලහංකො ඉස් ඉස්සෙලම රස්සවකට යන්න ඇහැක්ද බං මෙහෙම. මළ ගෙදරකට ගියත් එලවගන්න සයිස්නෙ බං මගේ මූණ. කෙල්ලක්වත් සෙට් කරගන්න වෙන්නෙ නෑනෙ බං ෆැක්ටරි එකෙන්. නාලකයා මට ‍තෝ කෑවත් මදී යකෝ !

යාන්තං ඌවත්  පවුඩර් දාල සනසල සෙට් එකම ලෑස්ති වෙලා හා හා පුරා කියල රස්සාවට යන්න අර අසරණයවත් ඉස්සර කරන් එලියට බැස්ස.

නිකං බෝඩිමේ මිදුල මල් වත්ත වගේ, පාට පාට කෙල්ලො එකා දෙන්න කමර වලින් එලිට එනව. ඒ අස්සෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් නැත්තෙම නෑ. කොච්චර විච්චූර්ණ කලත් හැම කෙල්ලෙක්ම එකම මොඩ්ල් එකේ. ‍රැළි දාපු කොට සායයි ටී ශර්ට් එකයි හෑන්ඩ් බෑක් එකයි කුඩෙයි.

ඒ අය අස්සෙන් තඩි ට්‍රැවලින් බෑග් එකක් අරන් ඊයෙ රෑ කතාකරපු අක්කත් එනව ඉස්සරහට. එයා ඇඳුමෙන් පැළඳුමෙන්, බැල්මෙන්, ඇවිදින විදියෙන් කතාවෙන් එතන උන්න හැම කෙල්ලෙක්ටම වඩා වෙනස්. කලින් දවසෙ රෑ පාරෙදි හම්බුවෙනකොට වගේ නෙමෙයි ජීන්ස්, ටී ෂර්ට්ස් ඇඳල.

හානේ මල්ලිල දැන්ද යන්නෙ?

ඔව් අක්කෙ, අක්ක දැන් කොළඹ යනවද?

ඔව් මල්ලි, තව පොඩ්ඩකින් මම දන්න අඳුරන වාහනයක් එනව, ඒකෙන් යනව. මේ බෑග් ඔක්කොම උස්සන් බස් වල යන්න අමාරුයිනෙ.

මේ මොකෝ මල්ලිගෙ මූණ ඉදිමිලා..

නෑ අක්කෙ අද උදේ පොඩි ඇක්සිඩන්ට් එකක උනානෙ මූණ පෑගිලා.

අම්මෝ ඇති ඔයින් ගියා. මුකුත් ගෑවෙ නැද්ද ?

මොකව ගාන්නද අක්කෙ, බෙහෙත් මුකුත් ගෙනාවෙ නෑ නෙ අපි එනකොට.

ඉන්න මම ගාව ඇති බඩුවක්, කියල අක්ක බැග් එක ඇරල අරන් දුන්න හරියට ලිප් බාම් ස්ටික් එකක් වගේ එකක්.

මේක ගාගන්න මල්ලි, ඉක්මනට ඔය ඉදිමුම බහී. රස්සාවට ඉස් ඉස්සෙල්ලම යන දවසෙ පිළිවෙලකට යන්න ඕන නෙ.

අක්කත් එක්ක කතා කරන අපි දිහා අනිත් කෙල්ලො, කොල්ලො අමුතු විදියට බලාගෙන අපිවත් ඉස්සර කරන් යනව. ඒත් ඒක අපි එක්කෙනෙක්ටවත් ගානක් උනේ නෑ.

මම මල්ලිල එක්ක කතාකරනව වෙන අය දැකොත් මල්ලිලටමයි හොඳ නැත්තෙ. මල්ලිලට පරක්කු වෙනවත් ඇතිනෙ. මමත් තව පොඩ්ඩකින් වාහනේ ආවම යනව. මල්ලිත් පරිස්සමින් යන්න කියල කිව්ව.

අපි ඔක්කෝටම අක්ක යනකන් එතනටම වෙලා ඉන්න ඕන උනත් එයා කියාපු විදියට ඒකට විරුද්ධ වෙලා ඉන්න හිතුනෙ නෑ.

එහෙනං අපි යනව අක්කේ. කොහේ ගියත් පරිස්සමින්.

එච්චරයි අපිට කියන්න ඉතුරු වෙලා තිබුනෙ. ඒ වෙනකොට අක්කගෙ රස්සාව මොකක්ද කියල අපි හැමෝටම තේරිලා තිබුනත් කිසිම පිළිකුලක්, කේන්තියක්, මහ ජරා ගෑණියෙක් කියල කොහෙත්ම හිතුනෙ නෑ. ඒ අපි හයදෙනා වගේම ජීවිතේ හොයාගෙන ආපු කෙනෙක් කියන සිතුවිල්ල විතරමයි හිතේ තිබුනෙ.

මචං…

අපි නැවතුනා. අපිට බෝඩිම හොයල දුන්න බුද්ධික අයිය.

උඹල දන්නවද අර ඉස්සෙල්ල උඹල අක්ක අක්ක කියල කතාකලේ මොන ජාතියෙ බඩුවකටද කියල ?

ඔව් බුද්ධික අයියෙ.

එහෙනං මේ ඉස් ඉස්සෙල්ල සුභ ගමනක් යන්න තියාගෙන මොන මඟුලකටද බං කතාවට ගියේ, දැං උඹල මුළු බෝඩිමටම නෝන්ඩියි. ඊයෙ ‍රැ උඹලගෙ කාමරේටත් ආව නේද නයිටිය පිටින්. ලැජ්ජ නැද්ද බං.

නෑ බුද්ධික අයියෙ, ඒ මගේ අක්ක ! නාලක කිව්ව.

අපි පස් දෙනාම  උගෙ මූණ බැලුව. ඒ මූණෙ හරිම ආඩම්බර හිනාවක් තිබුන.

ඒත් එක්කම කළුපාට පැජරෝඑකක් පාරෙ දූවිලි අවුස්සගෙන අපිව පහුකරන් වේගෙන් ඉස්සරහට ගියා.

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි – නිමි !

ප/ලි : මම කොච්චරවත් ඕන උනා මේ සීරීස් එක තුවෙනි කොටසින් ඉවරකරල දාන්න. ඒත් මේ අන්තිමට වෙච්ච දේත් නොකියා ගියොත් හිතට මදී වගේ කියල හිතුන.

නෝටිම නෝටි අක්කෙක් එක්ක මෝඩ මල්ලි බබෙක්. හපොයි … !


මට මේ කතාව මතක් උනේ ගෝල්ඩ් ‍ෆිෂ් ගෙ ඇටේ හිරවෙච්ච කතාවෙ ඉන්න ඉශාර අක්ක හන්ද. හැබැයි ඒ වගේ ෂෝයි කතාවක් නෙමෙයි, පොඩ්ඩක් විතර නෝටි අක්කෙන් ගෙ කතාවක්. ලියනවද නැද්ද කියල හිත හිත ඉඳල ඔන්න ඔහේ ලියල දානව කියල හිතුව.

ඉස්සර අවුරුද්දකට පාරක් තාත්තලගෙ ඔ‍ෆිස් එකෙන් ට්‍රිප් එකක් යනව. ඉස්සර කිව්වට තාමත් ඒ අය ට්‍රිප් එක යනව. ඒත් තාත්ත දැන් රිටයර්ඩ් නිසා අපිට යන්න චාන්ස් එකක් නෑ. ඊටත් දැං පවුල් පන්සල් වෙලානෙ. ඕක ට්‍රිප් එකක් කිව්වට පී.එස්.එම්.පී මීටිමකට සහභාගී වීම තමයි මූලිකම පරමාර්ථය. ඒත් ඉතිං කට්ට්ය ඕක ට්‍රිප් එකකට හරවන් උන්නෙ දවස් තුන විතර. ඕකට ලංකාව පුරාම තියෙන පළාත්පාලන ආයතනවල සාමාජිකයො එනව. කොහොම හරි තාත්තත් එක්ක මම ගියපු හැම එකක්ම තිබුනෙ දුර පලාත්වල හන්ද  ඒ වෙනකොට හත වසරෙ විතර ඉඳපු පුංචි මටනම් නියම ට්‍රිප් එක.

තාත්තයි, අනිත් අංකල්ලයි ඉන්නෙ බස් එකේ පිටිපස්සෙම. උයන්න පිහන්න ගෙනියන හැලිවලං සේරමත් එයාල ඉන්න හරියෙ සීට් යට. තඩි වතුර බූලිය පිටිපස්සෙ දොර ලඟ පඩිය උඩ තියන කණුවට ගැටගහල. ඊලඟට ඔ‍ෆිස් එකේ වැඩකරන ඇන්ටිලයි, අර පිටිපස්සෙ වාඩිවෙලා ඉන්න අංකල්ලගෙ ඇන්ටිලයි. ඊටත් ඉස්සරහින් ඒ අංකල්ල ඇන්ටිලගෙ දූල සෙට් එක, ඉස්සරහින්ම කොළු නඩේ. ඕක තමයි සාමාන්‍යයෙන් පිටත් වෙනකොට වාඩි වෙන පිලිවෙල. ඒත් ඉතිං ටික වෙලාවකින් පිටිපස්සෙන් බෝතල් සද්ද වෙනකොට පස්ස හැරිල රවන ඇන්ටිලට කීකරු අංකල්ල පේලියක් දෙකක් ඉස්සරහට වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි.

ඉස්සර තුන හතර පන්තිවල ඉන්නකොට ඉස්කෝලෙ ඇරිල මාත් තාත්තත් එක්ක ඔ‍ෆිස් යනව. ඉතිං එහෙම ගියාට මට වස කම්මැලියි ඕකෙ ඉන්න. වයසක අංකල්ල ඇන්ටිල එක්ක අවුරුදු දහයක විතර කොළුපැටියෙක් මොනව කරන්නද. ඒත් ඉතිං එහෙමයි කියල පැත්තකට වෙලා ඉන්න ඇහැක් වයසක්ය ඒ. මොකක් හරි බාල්දියක් පෙල්ලගන්නවමයි කොහොම හරි. මට මහ වාචාල කටක් තිබුනෙ ඒකාලෙ එයාල එකක් කියනකොට මං දෙකක් කියල. ඉතිං කට්ටියටම මාව හොඳම බයිට් එකක් වෙලා තිබුනෙ.

ඔන්න ඔහොම බයිට් වෙලාම මට හරිම කැමති ඇන්ටි කෙනෙක් උන්න තාත්තගෙ ස්ටාෆ් එකේ. මං ඔ‍ෆිස් යන එක නැවැත්තුවට පස්සෙ ඒ ඇන්ටි දැකල තිබුනෙම නෑ, මෙන්න බොලේ එයත් අර මැද හරියෙ වාඩිවෙලා ඉන්නව.

ආනේ…. පුතා දැං ලොකුයි නේ…… මෙහාට එන්නකො බලන්න….

අප්පට සිරි මෙන්න මට කතාකරනව අර ගෑණු ගොඩ මැදට. ඉස්සර ඔය තැනක් නොතැනක් නොබල රිංගුවට දැං මං ඕවට නෑ කියල මෙයා දන්නෙ නෑ වහේ, අනික ඊට ඉස්සරහ පේලියෙ ඉන්නෙ ගෑණු ළමයි රොත්ත. ඔය වයසෙදි මට ගෑණු ළමයි දිරවන්නෙම නෑ. මොකද මන්ද ඒ. අනික එතන වාඩිවෙන්න කියල ඉඩක්වත් නෑ.

අයියෝ ලැජ්ජ වෙන්න එපා පුතා එන්න.

ලොකු දුව…. පොඩ්ඩක් එහාට වෙලා මේ මල්ලියට වාඩිවෙන්න ඉඩ දෙන්නකො.

අප්පට සිරි මේ ඇන්ටිගෙ දූ ද. හෙන ලොකුයි නෙ.

අක්කත් දැං එයාගෙ සීට් එකේ ජනේලෙ පැත්තෙ මුල්ලෙ ඉඩක් දුන්න. වස ලැජ්ජාවයි. මාත් එක්ක ඉස්සරහ පෙලේ වාඩිවෙලා උන්න කොළු නඩෙත් නෝන්ඩියට වගේ බලනව

මාත් ඉතිං කරන්න දෙයක් නැතිකමට වාඩු උනා අර මුල්ලෙන්. මං ඉතිං දැං වගේම ඉස්සරත් හරිම තුනී හන්ද ඕන ඉඩක අගේට පැක් වෙන්න පුළුවන්.

අර ඇන්ටි ඉන්නෙ මට පිටිපස්සෙ සීට් එකේ. දැං මගෙ බෙල්ලත් එක්ක රිදෙනව එයැයි අහන ඒවට පස්ස හැරි හැරි උත්තර දීල. ඒ වෙනකොටත් හරියටම ඇරිල නොතිබිච්ච මගෙ වාචාල කතා වලට මගෙ ලඟ වාඩිවෙලා ඉන්න අක්කටත් හිනා. ඒ වෙනකොට පිටිපස්සෙ සීට් එකක ඉඳපු අංකල්ල සෙට් එක ගානට පදං වෙලා හීනියට සින්දුවක් එහෙම අල්ලං එනව. ඔය ඇන්ටිගෙ අංකල් තමයි ලීඩ් සිඟර්. ඔයින් මෙයින් එයැයිට මාව අමතක වෙලා අංකල්ට ෆුල් සප් එක දෙන්න පටන්ගත්ත.

මල්ලි මොන ඉස්කෝලෙද?

හා ඇන්ටි ඉවර වෙනකොට අක්ක. යකෝ මේක මහ වදයක් උනානෙ. අරහෙ කොළු නෙඩේ නැගල යන සින්දුවක් ගහනව. මට එතනට යන්නත් නෑ. හපොයි මදෑ මං ට්‍රිප් එකක් ආව.

ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ….

ෂා… මම ලබන සතියෙ ඉඳන් ඔයාලගෙ ඉස්කෝලෙට උඩහින් තියෙන රීපං ඉස්කෝලෙ ට්‍රේනින් එනව.

බලං ගියාම මෙයැයි උගන්නන අක්කෙක්.

මේ වෙනකොට අපි අනුරාධපුරේ දිහාවට කිට්‍ටුකරල. ඔන්න නාගනිල්ල කියල ඇල්ලුව මොකක්ද වැවකට. අපේ තාත්ත ඉන්නකං මං නායි වැවක. දාහක් නීති නෙ. අනේ මං ඉතිං හිතිං බැන බැන වැව් බැම්මෙ වාඩිවෙලා ඉන්නව. අනිත් උන් ජබුං කියල වතුරට පනිනව.

මොකෝ මල්ලි භාවනා කරනවැයි. යං නාන්න..

මට නිකංම තාත්ත දිහා බැලුන…

අක්කට වැඩේ තේරුනා. අනේ අංකල් මල්ලි නාන්න ආසාවෙනෙ ඉන්නෙ. මං පරිස්සමින් එක්කයන්නම්. අපේ අම්මත් ඉන්නවනෙ.

හ්ම්….. එහෙනං පරිස්සමට එක්කයන්නකො. පුතා අක්කත් එක්කම ඉන්න ඕන.

අනේ අම්මේ මට අක්කව බදාගෙන ඉඹින්න හිතුන, මේ ඉතිං මං මෙච්චර වෙලා හිතින් බැන බැන උන්න අක්කනේ.

යං මල්ලි ඇඳුමක් දාගෙන නාන්න.

නෑ අක්කෙ මෙහෙම හොඳයි, කොහොමත් මේ ෂෝට කුණු ගෑවිලා, නාල වෙන එකක් ඇඳගන්නං. කියල යන්තං ඒක ශේප් කරගත්ත. නැත් නං වස ලැජ්ජාවයි වෙන්නෙ. තාත්ත වැවේ නාන්න නොදෙන වග දන්න හන්ද මං එහෙම ඇඳුම් ගෙනාවෙ නෑ නෙ.

හා එහෙනං යංකො කියල අල්ලගත්තෙ නැතෑ මගෙ අතිං. අපෙ අප්පෝ වස ලැජ්ජාවයි. අක්ක කෙනෙක් උනත් කෙල්ලෙක්නෙ දෙයියනේ. මං අත ගසල දාල යන්න හැදුව විතරයි. පිටිපස්සෙන් දුවන් ඇවිල්ල මගෙ බඩ හරහට අත්දක දාල බදාගත්ත.

හා හා මල්ලි. ඔන්න ඔහොම චන්ඩි වැඩ කරනවනම් මං තාත්තට කියනව.

මං දැනං උන්න මේකි තාත්තට කිව්වොත්නං බඩුම තමයි, අනිත් උන් නාන කං මට බලං ඉන්න තමයි වෙන්නෙ. ගිරේට අහු වෙච්ච පුවකෙ වගේ මට කර කියාගන්න දෙයක් නෑ. එතනින් පස්සෙ මං කීකරු මල්ලි වෙලා අක්කත් එක්ක වැවට බැහැල නෑව ආයිත් මදි නොකියන්න. ඒත් ඉතිං අක්ක ලඟින් හෙල්ලෙන්න බෑ. ඩිංගක් විතර එහාට යනකොට කෝ මල්ලි මෙහාට එන්න කියල මගෙ අතින් හරි කකුලෙන් හරි ඇදල ලඟට ගන්නව. ඉඳල හිටල එහෙම එකපාරටම ඇදල ගත්තම අක්කගෙ ඇ‍ඟේත් වදිනව මාව. ලැජ්ජාවෙ බෑ. එයැයිටනං ගානක්වත් නෑ

ඔහොම ඇතිවෙනකං නාල වැව් බැම්මෙ වාඩිවෙලා උයාගෙන ආපු කෑම එහෙම කාල ආපහු එදා ගමනාන්තය වෙච්ච මිහින්තලේ ස්ටේෂන් එකේ විශ්‍රාම ශාලාවට යන්න බස් එකට නැග්ග. මෙන්න බොලේ අක්ක මගෙ අතින් ඇදං කලිං වාඩිවෙලා උන්න සීට් එකටම එක්ක ගියා. මං උන්නෙ එතන ඉඳන්වත් අර කොල්ලො සෙට් එකත් එක්ක සින්දුවක් කියන්න. උන්ටත් දැන් නං මං කියල එකෙක් උන්න කියලවත් මතක නැතුව වගේ. ඇයි ඉතිං නැග්ග වෙලේ ඉඳං මං අර කෙල්ලන්ගෙ සීට් පේලියෙ මුල්ලෙමනෙ.

අක්කගෙ කට රිදෙන්නෙ නැද්ද මංද කියවන කියවිල්ලට. මට නං උත්තර් දීලම එපාවෙලා උන්නෙ ඒ වෙනකොට. ඒ මදිවට වංගුවක් ගන්න හැම සැරේකම මාව ජනේලෙ පැත්තට තදවෙනව. අක්ක කරේ ඒ වෙලාවට. යකෝ මේක මළ වදයක් උනානෙ. මට දැං මුලින්ම මාව මේ අමාරුවෙ දාපු ඇන්ටිත් එක්ක හොඳටම මළ. පස්ස හැරිල බැලින්නං එයා නාල කාල සනීපෙට සීට් එකට ඔළුව තියං නිදි.

අක්කගෙන් බේරෙන්න බැරිම තැන මං බොරු නිදිමතක් අරං බස් එකේ ජනේල ගැට්ටට ඔළුව  තියාගත්ත. ජනෙල් වීදුරුවෙන් කැපිල එන හුලං පාර කෙලින්ම මගෙ දකුණු කනේ. ඒ හෝ හෝ ගෑවිල්ලට බොරුවටවත් නිදාගන්න ඇහැකිය.

ආනේ මල්ලියට නිදිමතයිද, ඔහොම නිදාගන්න බෑනෙ. එන්න මගෙ උකුලට.

බුදුඅම්මෝ.. අක්ක කියන දේවල්, අර නාන්න යනකොට වෙච්ච දේවල් හන්ද බය වෙලා උන්න මට දැං තවත් අප්සට්. වැරදිලාවත් අර ඉස්සරහ ඉන්න කොල්ලෙක් දැන්න්කොත් ආයෙම ඉස්කෝලෙ ගිහිල්ල හමාරයි. මෙයාට ඒවයෙ ගානක් තියෙනෙවය.

නෑ අක්කෙ, නිදිමතක් නෑ. මං නිකං හේත්තුවෙලා හිටියෙ. කියල යාන්තං ඒ මාරකෙන් බේරුනා. ඔය වගේ අතුරු කරදර සැහෙන්න ගොඩකට පස්සෙ යාන්තං මිහින්තලේ ස්ටේශන් එකේ විශ්‍රාම ශාලාවට ආව.

බඩු මළුත් කර තියන් බහින කට්ටිය පස්සෙන්, ආ මල්ලි ඔයාටත් කියල අක්ක රෝල් කරල දුන්න පැදුරත් ඇදං මාත් බැස්ස.

ඔය විශ්‍රාම ශාලාව තියෙන්නෙ ස්ටේෂන් එකට පිටිපස්සෙ තියෙන ලොකු ඉඩමක. වෙලාව හය හමාරට විතරට ඇති. ඈතින් යාන්තං හඳ පායල, ඒත් තවමත් හඳ එළිය මදී මිදුල පුරාවට වැවිල තිබුන කොහොඹ ගස්වල හෙවනැල්ල බිම දිහේ අඳින්න තරම්.

දැං ඉතිං සේරමල ඇඟපත සෝදගෙන, රෑට කෑම උයන කට්ටිය කුස්සිය පැත්තටත්, අනුමත වෙන කට්ටිය තව පැත්තකටත් වෙලා. තවත් සෙට් එකක් අනිත් කෙළවරේ හෙන බජව්වක්. මමත් බජව්ව පැත්තෙන් හීනියට සෙට් වෙලා ඉන්නව. සෙට් උනා කිව්වට මං කියාපු සින්දුවක් නෑ. කියන ඒවට මදුරුවො තලන්නහේ අප්පුඩි ගගහ ඉන්නව. එදා විතරක් නෙමෙයි තවමත් මට හරියකට සින්දුවකට තාලයක් අල්ලගන්න බෑ ඕං. ඩිංගවෙලාවකින් මට ඒක එපා උනා, තාත්තත් ඩිංගක් අනුමතවෙලා කුස්සි පාටියෙ අංකල්ල සෙට් එකත් එක්ක පැරණි රසාංග පොලිෂ් කරකර ඉන්නව දැකල මං ඒ පැත්තට ගිහිල්ල ලිපක් ගාව ඇණ තියාගත්ත උණුහුමට.

හා පුතා මොකද මෙ ලිප ගාව කරන්නෙ පුච්චගන්නද හදන්නෙ. අර යාළුවො ඉන්න දිහාවට ගිහිල්ල සින්දුවක් කියන්නකො. හ්ම්ම් යන්න යන්න, කියල තාත්ත මං එලවගත්ත.

ඒක තමයි මල්ලි මොකද මේ උයන තැන්වල කරන්නෙ. අපි යන් අර කට්ටිය ඉන්න පැත්තට, කියල කොහේද ඉඳං අක්ක ඇවිල්ල මගෙ අතින් අල්ලගත්ත.

අම්මෝ අක්කගෙ අතේ රස්නෙ. මං මේ ලිප ලඟ ඉඳලත් හෙන හීතලේ. මෙයා රත් වෙලා.

මල්ලියො, අපි යන්ද ස්ටේෂන් එක පැත්තට. මට ඔය සින්දු කියන පැත්තට යන්න කම්මැලී අයියො. අනික ලස්සනට හඳත් පායල තියෙනවනෙ.

ඉන්න අක්කෙ, සාලියා…….. උඹත් එනවද, අපි ස්ටේෂන් එක පැත්තට යනව.

ආනේ…. ! එයාත් එනවද අපිත් එක්ක ? ආ එහෙනං විනාඩියක් ඉන්න මල්ලි මං නංගිලාටත් එන්න කියන්නං.

නංගී……

ප/ලි :  මට තේරෙනෙකොට සෑහෙන කල් ගිගිල්ල, එතකොට පෙරහැරේ අලිබෙටිත් වේලිලා තිබුනෙ.

අක්කේ ඉක්මනට එන්නෝඕඕ…….

පුංචි කාලෙ කවුද කාටූන් බලන්න අකමැති නේද ?.

ඔය කාටූන් කිව්වම විවිධාකාරයේ ඒව තියනවනෙ. සත්තු ඉන්න ඒව, මිනිස්සු ඉන්න ඒව, කතාකරන කාර් තියෙනෙ ඒව, ඒ මදිවට සමගර ඒවගෙ මීයොයි පූසොයි හරි යාළුයි.

එකක් කියලයැ. මගෙ නං බේදයක් නැ අහුවෙන එක බලනව.  ඉස්සර ඕව බලන්න අපේ ගෙදර ටී.වී එකක් තිබුනෙ නෑ. රාළහාමි අංකල්ලගෙ ගෙදර ගිහිල්ල තමයි බලපු එකක් බැලුවෙ. හැබැයි කළු සුදු ටාසන් ඇරෙන්නෙ වෙන එකක් එහෙදි බැලුව කියල මතකයක් නෑ.

ඔන්න කාලයක් ගිහිල්ල අපේ තාත්තත් පාට පාට ටී.වී එකක් ගෙනාව. මගෙ හිතේ ඕක වැඩියත්ම ගෙනාවෙ හැන්දෑවට මාව මක්කරලවත් ගෙදර තියාගන්න බැරිහන්ද වෙන්නෙ ඇති. ගෙදරම ටී.වී එකක් තිබුනට හැන්දෑවෙ 4.30 වෙනකං කොහොම හරි ඉවසගෙන ඉන්න වෙනවමයි. ඉවසගන්න බැරිවෙච්ච දවස් වලට නං හූ සද්දෙත් එක්ක එන කුරුල්ල දිහා බලං ඉන්නව. ඕං හතර හමාර වෙනකොට ජාතික ගීය එහෙම කියල වැඩසටහන් විස්තරේ දාල පටංගන්නව කාටූන් පෙන්නන්න.

තන්ඩර් කැට්ස්, සිල්වර් හෝක්, ස්පයිඩෙර් මෑන්, කැස්පර් ද ෆෙන්ඩ්ලි ගෝස්ට්, බග්ස් බනී, ඩක් ටේල්ස්, පින්ක් පැන්තර්, ස්මර්ෆ්ස්, ජස්ට් යූ වෙයිට්, ටොම් ඇන්ඩ් ජෙරී.. ඔය මට මේ වෙලාවෙ මතක් වෙන නං කීපයක් විතරයි. ඔවැයිං සමහර ඒව තවමත් හිටපුගනන් පෙන්නනව, සමහර ඒව රීමේක්ස්. රී මේක්ස් නං පරන ඒව තරං ගතියක් නෑ මට.

දැනුත් ඔය සිරසෙ පෙන්නන ගිරිපුර වැසියො, ඉස්සර පෙන්නෙපු ස්කුබි ඩූ, දෙරණෙ පෙන්නන කාටූන් සෙට් එක එහමෙ හැන්දැවට ගෙදර හිටියොත් වෙලාවක් අහු උනොත් බලනව. මොන එකකටද මංද ලොකු වෙලත් මට ඕව බලන්න හිතෙන්නෙ.

අර වැප් ලියල තිබුන කාටූන් සින්දු පෝස්ට් එකයි, කට්ටිය දාල තියන කමෙන්ට් ‍ටුයි බැලුවමයි එහෙම හිතිල තියෙන එකම එකා මම නෙමෙයි කියල තේරුනේ.

මං කියන්නෙ ආවෙ ඕක නෙමයි, මෙන්න මේක. එහෙමයි කිව්වට මේකත් ඔය කාටූන් බලල මගෙ යාලුවෙක් කරගතු විනාසයක්.

මිනිහ හිටියෙ ඔය කරාපිටියෙ ඉස්පිරිතාලෙ කිට්‍ටුව. ගෙවල් එහෙම තිබුනෙ පාර අයිනට වෙන්න. මගෙ හිතේ අපි ඒ කාලෙ වෙනකොට හිටියෙ අට නමය පන්තිවල වෙන්න ඕන.

ඔය කියන්නෙ කාටූන් උණ හොඳටම නැගපු කාලෙ. අපිට ඉතිං තනියෙං කාටූන් බලන සිරිතක් නෑනෙ. අක්කල නංගිල  අය්යල සේරමටම කතාකරනව. ඔය කියන සංකයටත් එහෙම්මමයි. ඔන්න එදා කාටූන් බලන්න මූ උගෙ අක්කට කෑගහල කතා කරනව මෙන්නෙ මෙහෙම.

අක්කේ.. කිම්බ යනෝ ඉක්මනට එන්නෝඕඕඕ…..

ප/ලි :

මූට චූ ගියාලු තාත්ත ඇව්ල්ල කනට පාරක් දුන්නම. ඕක ලැජ්ජ නැතුව ඉස්කෝලෙ ඇවිල්ලත් මේක කිව්වනෙව. ඔය පන්තිවල වෙනකොට ඌ ඔය වචනෙ අසභ්‍ය තේරුම නොදැන හිටිය නෙමෙයි. කාටූන් ඒකේ ජොලියට මූට උන් හිටි තැන් අමතක වෙලා.

ප/ප/ලි :

ඔය කාටූන් එක කිම්බා දි වයිට් ලයන් / kimba the white lion [ඔය පැත්තක ඉන්නෙ කිම්බ]

Kimba the White Lion

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers