එබුවෙ ගේ කතා – ගඳ හොටු 18 +
දෙසැම්බර් 12, 2011 ප්රතිචාර 66
මගෙ මතකෙ හැටියට එබුවෙ මේ කතාව අපිට කිව්වෙ ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. ඒ කිව්වෙත් වෙන කිසිම එකෙක්ට කියන්න එපා කියල දහ අතේ වන්දෝගෙන. මොකද ඒ කාලෙ අපි රහස් සංවිධානයක් හදාගෙන හිටිය “සීක්‍රට් බර්ඩ්ස්” කියල. ඒ නමේ නිර්මාතෘත් එබුවෙම තමා. ඒ සංවිධානෙ එක නීතියක් තමා සතියකට එක ගානෙ තමන්ට වෙච්ච අලකලංචි, විශේෂයෙන්ම වෙන අයට කියන්න බැරි දේවල් කියන එක.
ඒ කියන කථාවෙ රසවත් ගතියෙ තරමට “සීක්‍රට් බර්ඩ්ස්” මෙම්බර්ෂිප් කාඩ් එකේ පිටිපසෙ ලකුණු දානව. මාසෙ අන්තිමට වැඩිපුරම ලකුණු ගන්න එකා තමයි ඊලඟ මාසෙ කන්ඩායමේ නායකය වෙන්නෙ. කණ්ඩායම් නායකය වීම ඒකාලෙ හැටියට බොහොම වාසි දායක තනතුරක්. වරප්‍රසාද හැටියට කණ්ඩායම් නායකයට ඉන්ටර්වල් එකේදි අනිත් සාමාජිකයන්ගෙ කෑම පෙට්ටි වලි කැමතිම එකත් එක්ක තමන්ගෙ එක මාරු කරගන්න පුළුවන් [මේ ප්‍රිවිලේජ් එක නම් වැඩි කාලයක් තිබුනෙ නෑ]. තව අනිත් සාමාජිකයන් එකතුකරපු එඩ්නා චොක්ලට් වලටද කොහෙද දීපු ක්‍රිකටර්ස්ලගෙ ස්ටිකර් ටික සතියකට තියාගන්න පුළුවන්.
ඒ කාලෙ හැටියට මේ නායකත්ව වරප්‍රසාද ඉහටත් උඩින්. ඒක හන්ද හැමෝම වගේ බොහොම උනන්දුවෙන් කිසිම විළිලැජ්ජාවක් නැතුව රෙද්දක් ඇඳං වෙන වෙලාවක කියන්න බැරි තමන්ට වෙච්ච කතා කියනව. සමහර වෙලාවට ටොම් පචත් ඇදල අරිනව. ඒත් වැරදිලාවත් කියාපු කතාව බොරුවක් කියල අහු උනොත් දැඩි දඬුවම්. ඒ කියන්න මාස දෙකක් යනකන් නායකයත්වයට තරඟ කරන්න බෑ. ඒ වගේම තමන් ගේන කෑම් එක විතරමයි කන්නත් පුළුවන්. ඉතිං ඒක බොහොම දැඬි දඬුවමක් වෙච්ච හන්ද කියන කතා වලට අහුනොවෙන්න පොඩ්ඩක් විතර අතින් වැඩිපුර දැම්ම ඇරෙන්න කිසිම කෙනෙක් පට්ටම පල් බොරු කිව්වෙ නෑ.
එදා එබුවෙ කියාපු ඌට සිද්ද වෙච්ච විළි ලැජ්ජා හිතෙන කතාව උගෙ වචන වලින්ම ….
උඹලට කියන්න එදා අපේ පල්ලෙහා කෑල්ලෙ දළු කඩන්න සෝමා ඒකිගෙ දූත් එක්කනෙ ආවෙ අපේ අහ.
අම්මට සිරි ඉතිං [ඒ ඉතිං අපි]
ඒකි පාරෙයි බං [ඒත් ඉතිං අපි තමා]
හිටහල්ලකො කියනකං.. බොලා පනිනවනෙ..
හරි හරි උඹ කියාපන්කො.
ඒකිත් ඉස්සෙල්ලම සෝමත් එක්ක තේ කෑල්ලට වෙලා තමයි හිටියෙ. හීන් පොදක් ආව හන්ද ඒකි ආව පඩි නැඟල අපේ ඉස්තෝප්පුවට.
නෑ… ඉතිං ? [ඒ කවුද කියල දැං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ]
ඒකි හරිම හැඩයි බං. ගවුං කොටේ ගහල පඩිය උඩ කකුල් දෙකත් නවාගෙන වාඩිවෙලා ඉන්නව දැං මට සාලෙ දොර අස්සෙන් පේනව.
මට ඉවසගෙන ඉන්නම බැරි උනා….
ඈ.. තෝ මොකෝ කොලේ ??? [ඒ අපිට ඉවසගන්නම බැරුව]
මං තව විනාඩි පහක් විතර බලාගෙන ඉඳල සීන් එක රෙකෝඩ් කරගෙන ටක් ගාල ගියා කාමරේට.
කාමරේට ගියේ මොකෝ බං කෙල්ල තාම එලියෙ පඩිය උඩ නේද [ඒත් අපි]
යකෝ කාමරෙට ගියේ &^!*?;%)(#%*)@ න්න…..
හෙහ් හෙහ් හොක්කියෝ හූ…. [නරි]
තොපි එක්න බෑ මේක කියන්න.. හිනා වෙනවනං නිකා හිටු !
අනේ නෑ නෑ කියහං බං.. අපි දැං බාගෙට ලකුණු දාගෙන එන්නෙ, එහෙම කියල මෙම්බර්ෂිප් කාඩ් උස්සල පෙන්නුව.
එහෙනං කෑ නොගහ අහපල්ල හරිය…
ඔන්න මචං මට &^!*?;%) කොටම කවුද කාමරේට පැත්තට එනව වගේ ඇහුන. මං ටක්ගාල පුටු ඇන්ද උඩ දාල තිබිච්ච ලේන්සුවක් අරන් &^!*?;%) පිහිදාල #$&^!*?;%) ඇතුලට දාගත්ත විතරයී කාමරේට ආපි.
කඩුද බං ආවෙ කෙල්ලද ? [අපි තමා ඒ පාරත්]
තාත්ත බං !
හුටා.. ඉතිං ?
ආපු ගමං “මං මේ ගෙයි පුරාම හොයනව මෙහෙට දෙනව මගෙ ලේන්සුව” කියල මගේ අතේ තිබිච්ච ^$*(@!>$ පිහිදාපු ලේන්සුව උදුරගත්ත
නෑ….. ඊටපස්සෙ ?
මං ටක් ගාල කිව්ව “තාත්ත මං ඕකෙං හොටු පිහිදැම්ම” කියල
ඉතිං ?
උඹෙ හොටු මට ගානක් නෑ කියල දෙකට නවල සාක්කුවෙ දාගෙන උන්දැ ගියා.
අඩේ පට්ට සීන් එකනෙ. මේකට උඹට ෆුල් ලකුණු දෙන්න ඕනෙ !
පොඩ්ඩක් හිටපල්ල, හොඳම හරිය ඉවර නෑ බං.
යකෝ තවත් තියනවද… ?
නැතුව නැතුව. ඔන්න හැන්දෑවෙ තාත්ත ගෙදර ඇවිල්ල මට කතා කලා..
පුතා….. පුතා…
ඇයි තාත්තෙ…
මෙහෙ එනව….
ඇයි තාත්තෙ.. තමුසෙ මේ ලේන්සුවෙන් පිහිදැම්මෙ මොනවද?
හොටු තාත්තෙ ඇයි ?
තමුසෙගෙ හොටු හරි ගඳයි නෙ.. මීට පස්සෙ එහෙම හොටු හූරන්න ඕනෙ උනොත් ලැට් එකෙට යනව හරිය…… ආයෙ මගෙ ලේන්සුවලින් පිහිදාල අහුවෙන්නෙ නෑ.
පින්තූරෙ ගත්තෙ : http://celluloidlover.tumblr.com/30day









අලුත් ප්රතිචාර