ඔය පාර කෙලවරේ මහ නානාප්‍රකාර දෙවල් තියනව

නවම් මාවත කියන්නෙ තවත් සාමාන්‍ය පාරක් කියල හිතනවනම් පොඩ්ඩක් විතර වැරදියි. ඕක මගෙ වගේම තවත් ගොඩක් දෙනාගෙ ජීවිතවල ගොඩක් වැදගත් පාරක් කියල තමයි මටනම් හිතෙන්නෙ.

ඔය පාර කෙලවරේ මහ නානාප්‍රකාර දෙවල් තියනව.

මහ ලොකු කන්තෝරු, පොඩ් කන්තෝරු, බැන්කු මහ ගොඩක්, තානාපති කාර්යාල, චීන්නු, කොරියන් කාරයො, බටනලා කාරයො, ලොතරැයි කාරයො, ලොකු කාර් වලින් එන වුන්,

බයිසිකල් වලින් එන වුන්, පයින් එන වුන්, කොටට ඇඳගතු කෙල්ලො, බඩ පේන්න අඳින බඩ දරු අම්මල, බෙල්ල නැති මහත්තුරු…. නානාප්‍රකාර ජාතියෙ ජීවියො වැහි වැහල.

මේකට ඒන්න පාරවල් තුනක් තියනව, එක පාරක් තියනව ක්‍රෙස්කැට් එක අස්සෙන්, අනික ඔය නවම් මාවත කියල සම්පත් බැන්කුව ලඟින් පටන්ගන්න පාර,  අන්තිම එක තියන්නෙ විතනගේ මාවතෙන් ඇවිල්ල පුන්චි දොරකින් රින්ගල එන්න කොහෙන් ආවත් වැටෙන්නෙ නවම් මාවත ඔෆිස් කම්ප්ලෙක්ස් එකට තමයි.
ඔය විතානගේ මාවත තමා මහ එපාකරපුම පාර, හැම දාම ටොයිලට් වල කුණු ඕජස පාර පුරාම ගලනව, ඔය පාරෙන් යනවනම් ඉතින් බට්ටො පනින්න දැනගෙන ඉන්න එක වටිනව, මොකෝ යන්න වෙන්නෙ වතුර පාරවල් උඩින් පැන පැන තමා. මේ දවස් වල වැස්ස නිසා මාරයි, අපායට යන පාරත් මේවගෙ වෙන්ඩැ. ගියපු කෙනෙක් ඉන්නවනම් පල්ලෙහායින් කොටල යන්නකො.
පාර එහෙම උනාට අර පුන්චි කුස්සි දොරෙන් ඇතුලට ආවට පස්සෙනම් ආයෙ ඉතින් කියල වැවක් නෑ මාර සනීපයි.

ඕක හරිම වෙනස් තැනක්, මහ තඩි බිල්ඩින් ගොඩයි, උදේ පාන්දරම මිනිස්සු ගිලගෙන ආපහු හැන්දෑවට හප කරල වමාරනව. හැබයි හපකරල කියල හොයන්න බෑ මොකෝ මේක් අප් නොදා එලියට බහින උන් නෑනෙ මෙහෙ. සුවඳ ගගහ යනව උදේ ආව වගේම.

ඕක අතුලෙ ඉන්න ගොඩක් දෙනා හරිම පොෂ්, කොඩි ගහයට ඉපදුන කට්ටිය වෙන්නෙඩැ කිලය තමයි මමත් ආපු අලුත හිතාගෙන හිටියෙ. කටේ හැමතිස්සෙම ඉන්ගිරිසියමයි. බොන්නෙම ජූස්, කන්නෙම බගර්ස්… හැබැයි ගෙදරින් ගේන දවල් බත් එකේ වට්ටක්කයි කරවලයි තියනවත් ඉන්දල හිටල පුරුදු සුවඳක් එනකොට වටපිට බලනකොට දැකල තියනව. කඩෙන් ගත්තු බත් එකක් ඩෙන්න ඇති, නැත්නම් ඔය ගෙවල් වල වැරදිලවත් ඔය වගේ ගමේ කෑම උයනවයි.

තව ඔක ඇතුලෙ කඩවල් කීපයකුත් තියනව, වැඩිය ප්‍රසිඩ්ද ඇන්ට්ගෙ කඩෙයි නිහාල්ගෙ කඩේයි අරලිය කඩෙයි තමයි, තව තියනව කේක් කඩ දෙකකුයි, හොට් ඩෝග් කඩයකුයි, සැලූන් එකකුයි, දොස්තර කෙනෙකුයි ඉන්නව.
නිහාල්ගෙ කඩේ කෑම හොඳයි, වර්ග ගොඩයි, හැබයි උගෙ කට් තම නරක, මහ වාචාලයෙක්, කවද හරි ඕක නැතිවෙන්නෙ කට හින්ද තමයි. ඇන්ටිගෙ කඩෙත් හොඳයි, ඉල්ලුම තියනව කන පැලෙන්න, නිහාල්ට වැඩිය පිලිවෙලයි, මිනිස්සුන්ට කතා කරන්න දන්නව. ඒකෙ හැන්දෑවට රොල්ස්, පැටිස්, පාන් ටෝස්ට්, පෑන් කේක් අරව මේව උණු උණුවෙම හදනව මරු.

තව මහ විසාල කාර් පාර්ක් තුනකුත් තියනව මදි පාඩුවට. දැන් ඉතින් හිතාගන්න ඇහැකි නෙව මේකෙ රඟ.

ඔචරයි මම කියන්නෙ නවම් මාවත ගැන. මක්ක හරි තිවුනොත් පස්සෙ කියන්න බරියැ.

ඔය කතා ඔක්කොම කිව්වෙ මම නවම් මාවත කියල මේක පටන්ගත්තෙ ඇයි කියල කියන්නනෙ.

නවම් මාවතට ඇවිල්ල මගෙ ජීවිතේ වෙනස් වුනා වගේ නවම් මාවත ලියල මගේ ජීවිතෙත් අලුත් පාරකට හැරෙයි, අලුත් යාලුවො, අලුත් අදහස්, අලුත් දැක්මක් ජීවිතේට ඒකතුවෙයි කියල හිතෙනව…….

එහෙනම් මට සුබ ගමන්…..

Advertisements

19 Responses to ඔය පාර කෙලවරේ මහ නානාප්‍රකාර දෙවල් තියනව

  1. එහෙම නම් ඔබට ලබන 19 වෙනිදා නවම් මාවතේම තියෙන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුවටත් සහභාගී වෙන්න පුලුවන් නේද? 🙂

    කැමතියි

  2. වැප් says:

    ඇරෝමා අමතක උනාද? ආන් ඌ වහලා ගිහින් … දැන් ඒ කඩේට ගියාම ඉනේ සයිස් එක තමයි අහන්නේ …

    එල එල ඔහොම යමු ……….. අපිත් ඉතින් අහල පහල තමයි 😀

    කැමතියි

  3. අඩේ මේක ලියන්න පටන් ගත්තෙ ඊයෙ රෑ. පෝස්ට් කලේ අද උදේ. ඇපෲ උනේ පොඩ්ඩකකට කලින්. මෙන්න බොලව් කොමෙන්ටුත් වැටිල. ක්ෂණික නූඩ්ල්ස් වගේ සන්තෝසෙ බැරුවා….

    ඉන්දරේ, වැප්, ටියානා .. තැන්කූ කිව්වා !! 😀

    කැමතියි

  4. udaya says:

    මමත් ඉස්සර ඔය පැත්තෙ නිතර යනව එනව. දැන් නම් යන්න වෙන්නෙ නැහැ. හැබැයි ලියල තියන විස්තරය පංකාදු පහයි, කතාව සහතික ඇත්ත කියල මටත් කියන්න පුළුවන්…. ඔහොම යං…!

    කැමතියි

  5. රාළ says:

    අනේ මන්ද.
    මොනර තැන්නෙ ඉන්න මට නම් මෙව්ව විකාරයි වගේ.
    ඒත් ඉතින් කියෝල බැලුව.
    වැස්සකටවත් නගරෙකට ගිය එකෙක් නොවන නිසා ඒ ගැන මොකුත් නොකියා කට වහගෙන යන්නම්.
    නවම් මාවත දිගේ යන මේ ගමනට මගෙනුත් සුභ පැතුම්.
    සුභ ගමා………….න්.

    කැමතියි

  6. යසයි යසයි… යහමින් ලියන පාටයි…. ජයවේවා..,!!!

    කැමතියි

  7. හිතාගෙන නම් ඉන්නෙ එහම තමයි වන්නියො. බලමුකො. කොමෙන්ටුවට බොහොම ස්තූතියි.

    කැමතියි

  8. Taboo Subjects says:

    ප්‍රතිචාරය දාන්න ඕනෑකමින් හිටියත් පමාවුණා. කමන්න.

    නවම් මාවතේ නා නාප්‍රකාර දෙවල් වලට තව දෙකක් එකතු කරන්ට කැමැතියි.

    1. ඔය NDB එක ගාව තෙසක් රිය නතර කරන රියැදුරකු ඉන්නවා ‘ඩොක්ටර්’ කියලා ප්‍රසිද්ධ. ඔහු කොළඹ නගරය ගැන විශේෂඥයෙක්. නොදන්නා දෙයක් නෑ. ඔහුගේ තෙසක් රියට නැඟලා වැරදිලාවත් ‘ඉන්ට-කන්ටිනෙන්ටල්’ එකට ගෙනියන්න කිව්වොත් “දැන් ඒ නමින් හෝටලයක් නෑ…” කියලා පටන් ගෙන හෝටලයේ මුළු ඉතිහාසයම කියාවි. මගේ ජීවිතයේදී හමු වී ඇති උගත්ම තෙසක් රියැදුරා ඔහුයි.

    2. ඔය විතානගේ මාවතින් ඇවිත් පුංචි ගේට්ටුවෙන් ඇතුළු වන තැනම තියෙනවා මා දන්නා තරමින් අපේ රටේ පළලින් අඩුම තට්ටු දෙකේ නිවස. (අනවසර ඉදිකිරීමක්.) පළල අඩි හතරක් විතර ඇති, වැඩිම වුණොත්.

    මේ පුදුම දෙක ගැනත් පුළුවන් වෙලාවක ලියන්න.

    – Taboo

    කැමතියි

  9. ඔහෙ පලයන්, අපේ ටැබූ රාලහාමිත් ඇවිල්ල තියන්නෙ !

    මම හිතාගෙන උන්නෙ උන්නැහේ මේ වහේ අතුරු පාරවල් වල කරගහන එකක් නැතිය කියල. බලන් ගියාම නොයන තැනක් නෑ වගේ. යසයි, සන්තෝසයි.

    මම ඔය කියනකන් තෙසක් රිය ගැන දැනගෙන උන්නෙ නෑ. හැබැයි ඔය ගෙවල්, ගෙවල් වල ඉන්න මිනිස්සු ගැන ලියන්න හිතාගෙන ඉන්නෙ.

    ඒකට කලක් යයි මයෙ හිතේ. මොකෝ සන්යමයකින් ලියන්න එපැයි තව කෙනෙක්, සමාජ කොට්ථාශයක් ගැන ලියනකොට.

    කැමතියි

  10. kathandara says:

    නවම්මාවත,
    ඔබේ බ්ලොග් එක පටන්ගත් දිනවල තිබූ තත්වය නිසා මා මේ කතා කියවා බැලුවේ අදයි.
    මුලින්ම මගේ සුභ පැතුම්.
    හොඳ රචනා ශෛලියක් සහ කතන්දර ගොඩක් තියෙන බව පේනවා.
    දිගටම ලිවීමේ අභියෝගය ජය ගන්න උත්සාහ කරන්න.
    කකා

    කැමතියි

  11. අකිල says:

    [ චීන්නු, කොරියන් කාරයො]

    අපෝ එව්වො ගැන නම් කතා කරන්න එපෝ….
    මහ චාටර් ජාතියක්. 😦 😦

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: