රෙදි නැතුව බස් එකෙන් බැස්සා

පුන්චි කතාවක්,මේක වෙලා නම් දැනට අවුරුදු දෙකක් විතර වෙනව මගෙ හිතේ.

ඉන්ග්‍රීසියෙන් කතා කරන කෙල්ලො දෙන්නෙක් දැක්කොත් හැමතිස්සෙම මට මේක මතක් වෙනව. අටුවා ටීකා නැතුවම කතාව කියන්නම්කො..

බොරැල්ලෙන් මම බස් එකට නැගල ලඟ බහින නිසා පිටිපස්සෙ දොර ලඟ සීට් එකට වෙලා බලන් ඉන්නව මේක යනකන්, වැඩට යන්නත් පරක්කු වෙලා. බස් එකට වගේ වගක් නෑ.

ඔන්නෙ ඔහොම ඉන්නකොට යැන්කි ලුක් එකක් තියන කන තුන් පොලකින් විතර හිල් කරල බයිසිකල් රිම් දෙකකුයි තව මොන මොනවද එල්ලපු ගෑනු ළම්යි දෙන්නෙක් නැග්ග නෙව පිටිපස්සෙ දොරෙන්.

දැන් දෙන්නම මට ඉස්සරහ තියන ඉමර්ජන්සි එක්සිට් ඩෝ එකලඟ තියන සීට් එක් අල්ලගෙන හිටගෙන ඉන්නව. වාඩිවෙන පාටක් නෑ. මගෙ හිතේ වාඩිවුනොත් හිරට හිරේ ඇඳගෙන හිටපු කලිසම් දෙකම පැලෙයි කියල හිතිල වෙන්ඩැ.

ඔහොම හිටගෙන හරි හරියට ඉන්ගිරිස් කතාව. ලැජ්ජාව පැත්තකින් තියල ඇත්තම කියනවනම් උන් දෙන්න කතා කරපුවයින් බාගෙට බාගෙයක් වත් මට තෙරුනේ නහැ ඕන්. මගෙ හිතේ අපේ ඔෆිස් එකෙ අහල පහල ඉන්න උපන් ගෙයි ඉන්ගිරිස් උන් වත් ඔච්චර අමාරු ඉන්ගිරීසි කතා කොරන්නෙ නෑ. හැබයි මට තෙරීච්ච වචන ඩින්ගෙ හැටියට මහ ලොකු දෙයක් නෙමේ වෙන්න ඕන කතා කලේ.

බෝරින්, ලාස්ට් නයිට්, ෆෙඩ් අප්, යා, රියලි, ලුක්ස් නයිස්, සෝ සිලී…. ඔන්න ඔය වගේ වචන තමා මගෙ මතකෙ හැටියට. හැබැයි ඔය වචන ටිකත් හරි අමුතු විදියට කිව්වෙ, හරියට කටේ වෙරලු ගෙඩියක් හරි ඇඟිල්ලක් හරි දමන් කතා කරනව වගේ.

පස්සෙන් සල්ලි ගන්න… කොන්දොස්තර කෑ ගහනව [යකෝ පස්සෙන් සල්ලිත් එනවද ?????]

ඔහොම කෑගගහ අර කලිසම් දෙක ගාවටත් ආව. ටිකට්ස්…. එක කෙල්ලෙක් සල්ලි දික් කරල ……….. කිව්ව, මහ අමුතු වචනයක් !

මෙලෝ දෙයක් නොතෙරුන කොන්දොස්තර ආපහු අහුව, කොහාටද මිස් ?

…… ආපහු අර වචනය.

ම්හ්.. නෑ මෙලෝ දෙයක් තෙරුනේ. කොන්දොස්තරට මල. ආපහු ඇහුව, කොහේද බහින්නෙ ? ඩින්ගක් විතර සැරෙන් ඒපාර නම්.. පව් අප්ප කෙල්ලො.
ඒ සැරේ අනිත් කෙල්ල බැරිම තැන කොන්දොස්තරගෙ පැත්තට ඩින්ගක් හැරිල අර කලින් කෙල්ල වගේ නෙමේ, යන්තම් හීනියට මොනවද කිව්ව. ඊටපස්සෙ කොන්දොස්තරය මහ හයියෙන් කිව්ව මෙන්න මෙහෙම

“ඉස්සෙල්ලම ඇස්වාට්ටුව කියල කිව්වනම් හරිනෙ මිස්”

මගෙ හිතේ කෙල්ලො දෙන්නට මොකක් හරි බරක් හැදෙන්නෙ ඇති ඒ වෙලාවෙ, නැත්නම් අහවල් දෙයකටෙයි අච්චි කෙනෙක්ට බහින්න බස් එක විජේරාම හෝල්ට් එකේ  නැවැත්තුවම මුන් දෙන්නත් බැස්සෙ ?.

පස්සෙ තමා මට ක්ලික් උනේ මුන් දෙන්න කියල තියන්නෙ “ඔඩෙල්” කියල. ඕක කලින් සැරේ අහුනෙම නිකන් “ඔඩ්ජෙල්” කියල. ඇයි හත් ඉලව්වෙ කොලඹ ඔහොම හෝල්ට් තියනවැයි……

පලි : ඔය විජේරාමෙ හෝල්ට් එකේ ඉඳල ඩින්ගක් එහායින් තමයි ඇස්වාට්ටුව තියන්නෙ ඔතනම තමයි ඔටාර නෝනගෙ ඔඩෙල් කඩේ තියන්නෙ.

පපලි :කකා සූරීන් වගේ මටත් පලියක් දාන්න ආසාවක් ආව ඕන්….

 

ඡායාරූපය උපුටා ගැනීම: http://tokyofashion.com/shibuya-girls-blonde-hair-nail-art/

Advertisements

3 Responses to රෙදි නැතුව බස් එකෙන් බැස්සා

  1. RanDil says:

    බොරැල්ලෙන් ඇවිල්ලා විජේරාමෙන් ඇවිල්ලා ඔ‍ඩ්ජෙල් එක ලඟින් නවම් මාවතට යන බස් එක මොකද්දෝයි සිතමින්ස් පසුවෙමිස්

    කැමතියි

    • ඔතන අවුල වෙලා තියෙන්නෙ විජේරාමෙ නේද….. ඔය කියන්නෙ එන්. අයි. බී. එම්. එක කිට්‍ටුව තියන විජේරාමෙ වත් ජපුරෙ කැම්පස් එක තියන හන්දිය වත් නෙවෙයි. වෝඩ් ප්ලේස් පැත්තෙ තියන එක..

      ඔය බස් එකේ නවම් මාවතටම යන්න බෑ. නවලෝකෙ ලඟින්න් බැහැල පයින් කොටන්න ඕන

      බස් එක නුගේගොඩ – කොටහේන 168. 🙂

      කැමතියි

  2. ranga says:

    විජේරාමෙ කියන්නෙ මතක සටහන් පිරුනු පැත්තක් NIBM කරන කාලෙදි.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: