රස්සාව කරල ඕන අනික්ව කරන්න

ජීවිතේ මෙච්චරටම බිසී මොකද ඇත්තටම ?.

මට ඔහොම හිතෙන්නෙ ගොඩක් කාලෙකින් කතා නොකරපු යාලුවෙක් ඉඳල හිටල කතා කරල “උඹල අපිට කෝල් එකක් වත් දෙන්නෙ නෑ නේ” කියල කිව්ව්ම මගෙ කටේන් නොදැනිම එලියට පනින “අනේ මචන් අමතක වෙලා නෙමෙයි, වැඩ මචන්” කිව්වම තමයි.
බැරිම තැන මම අද ඔය ගැන ඩින්ගක් කල්පනා කලා. ම්හ්.. කල්පනා වෙන්නෙ නෑ. තව ඩින්ගක් හයියෙන් හිතුව.. මොන, මෙලෝ දෙයක් කල්පනා වෙන්නෙ නෑ.

ඊට පස්සෙ මම කල්පනා කරන්න පටන් ගත්ත ඇයි කල්පනා නොවෙන්නෙ කියල. එතකොටම මට කල්පන උනා ඇත්තටම උවමනාවක් නැතිකම මිසක් වෙලාවක් නැති කමක් නෙමේ කියල
ඔන්න ඔය උවමනාවක් නැති කම හන්ද ජීවිතේ අනන්තවත් වටිනාකම් අතර මග වැටිල අපි යන දිහා බලන් ඉන්න ඇති. මට තියෙනව ලෙඩක්. හැම තිස්සෙම හිතෙන්නෙ “රස්සාව කරන්න ඕන අනිත් හැම දෙයක්ම කරන්න” කියල. ඇත්තටම හිතල බලුවොත් එහෙමමද?

ජීවත් වෙන්න රස්සාවක් කරන්න ඕන එක හැබෑව. ඒත් එහෙමයි කියල ජීවිතේ අනිත් දේවල් කරන්න රස්සව කරල ඉවර වෙනකන් ම ඉන්න ඕනෙද? එහෙම උනොත් ඉතුරුවෙන කාලෙ ඇතිවේයිද ඔය රස්සාව කරල අහවර වෙලා කරන්න හිතන් ඉන්න ඔක්කොම දේවල් කරන්න.
ඇත්තටම එහෙම කාලයක් ඉතුරු වෙයි ද?

කාලය ඉතුරු උනත් ඇඟේ පතේ හයිය ඉතුරු වෙයිද?

කාලෙත් ඉතුරු වෙලා, හයියත් ඉතුරු වෙලා, තරුණ කාලෙ කරන්න බැරිවෙච්ච දේවල් වයසට ගිහිල්ල කරනකොට කොහොමට තියෙයිද?

එහෙම කරපු එක්කෙනක් ගැනවත් අහල තියනවද?

හැබැයි තරුණ කාලෙ කරගන්න බැරි වෙච්ච දේවල් වයසට ගෙහිල්ලත් කරගන්න බැරි උනාම, තරුණ කාලෙදි කරන්න ඕන දේවල් තරුණ කාලෙදිම කරන උන් ට රටේ ලෝකෙ නැති කතා කියන වයසක උන්දැල නම් අනන්තවත් දැකල තිනයනව නේද?

හොඳයි අපි මෙහෙම හිතමු,  “රස්සාව කරල ඕන අනික්ව කරන්න”  කියන එකේ තියෙන්නෙ  “සල්ලි ඕන ඔක්කොම කරන්න කියන එකනෙ”. හොඳයි ඔය දේ මුල්ම රස්සාව කරල පුන්චි පඩියක් ගන්න දවස් වලත් ඔහොම්මම හිතුන නේ.

එතකොට හිතුනෙ මීට වැඩිය පඩියක් ගන්න රස්සාවක් හරි දැන් ඉන්න රස්සාවෙම උසස් වීමක් ලැබිල පඩි වැඩි වුනාම, ජීවිතේ වෙනුවෙන් ගතකරනව කියල. ඒත් ආපස්සට හරි බැලුවම රස්සා මාරුවෙලා, පඩි වැඩි වෙලා, ජීවිතේ සන්කීර්ණ වෙලා.
ඒත් තවමත් “රස්සාව කරල ඕන ඔක්කෝම කරන්න” කියල හිතෙනව. එතකොට අර ඉස්සෙල්ල හිතාගෙන හිටපු ඔක්කොම කතා පුස්සක් වෙලා… ජීවිතෙන් පැරදිලා.

රස්සාවට එනව, වැඩ කරනව, ගෙදර යනව, ඔෆිස් එකේ කරගන්න බැරිවෙච්ච වැඩ ටික ගෙදර ගෙනිහිල්ල කරනව, කනව, නිදාගන්නව…. ආපහු පහුවෙනිද රස්සවට. ඔචරයි බලාගෙන යනකොට කරල තියෙන්නෙ.

ගෙදර මිනිස්සු, අම්ම, තාත්ත, වයිෆ්, ළමයි එක්ක කතා බහක් කරන්න, හිනාවක් වෙන්න වෙලාවක් හොයාගන්න නැතුවම වගේ. නෑදෑ ගෙදරක, යාලුවෙකුගෙ ගෙදරක, අල්ලපු ගෙදරට ගියපු කාලයක් මතක නැතුව ඇති. එහෙම හිතිච්ච වෙලාවක උනත් “මේ වැඩත් එක්ක කොහොමද ඕව කරන්න වෙලාවක්” කිලය අමතක කරල දමනව.

දැන් අපිට අන්තර් පුද්ගල සම්බන්ධ ඕනෙම නෑ වහේ. බලගෙන ගියාම ඕනෙ ම නෑ නේන්නම්. ඔක්කොම දේවල් අවුට් සෝස් කරන්න පුලුවන් නෙ, හරියට අපි ගොඩ දෙනක් රස්සා කරන බි.පී.ඕ කොම්පැණි වගේ. මරණෙට, මගුලට,  දානෙට ඕනම දෙයකට බි.පී.ඕ.

හ්ම්. ලඟදි දවසක මම මේක හිතුවෙ ඔෆිස් එකට වෙලා ඕ.ටී කරන වෙලාවෙ. ඒ කියන්නෙ මම සෙනසුරාද ඔෆිස් එකේ. මෙච්චර පණ්ඩිත කතා කිව්වට මම තවම හිතන්නෙ ඉස්සර හිතපු විදියටමයි.
ඒත් අද ඉඳල පුලුවන් හැම වෙලාවකම ජීවිතේ ව්ඳිනව, ගෙදර, පවුල වෙනුවෙන් වෙනදට වැඩිය මොහොතක් හරි වැඩිපුර ගත කරනව කියල හිතා ගත්ත.

හොඳයි දැන් තව කී දෙනෙක් එහෙම හිතා ගත්තද කියමු බලන්න…..

Advertisements

5 Responses to රස්සාව කරල ඕන අනික්ව කරන්න

  1. රාළ says:

    මොනව අවුට් සෝර්ස් කලත් ගෙදර දොරේ වැඩ නම් අවුට් සෝර්ස් කරන්න එපා…
    හිකිස්.

    කැමතියි

  2. ranga says:

    අනික පඩියත් එක්කම අපේ ජීවිතත් වෙනස් වෙනව. රුපියල් 3000 පඩියට ඉන්ස්ට්‍රක්ටර් විදියට ඉද්දිදි හිතුනෙ ටිකක් ලොකු ගානක් හම්බ උනොත් නිදහසේ ඉන්න පුලුවන් කියල. රුපියල් 10000 ට පලවෙනි රස්සාවට යද්දි, ඊට පස්සෙ පඩිය 20000 වෙද්දි හැමදාම හිතුනෙ ඔහොම. ඔය්ට අවුරුදු 10 ට පස්සෙ අදටත් ඕක ඔහොමම තමා. කවද නිදහසේ ඉන්න පුලුවන් වෙයිද මංදා

    කැමතියි

  3. Anushka says:

    උඹේ මේ ලිපිය කියවන්න පටන් ගත්ත ගමන් මට නිකන් කණට ගැහුව වගේ උනා. මම ලිපිය කියවන එක පොඩ්ඩක් නතර කරලා පරණ යාලුවෙකුට කතා කලා. ඉවර වෙලා තමයි ඉතුරු ටික කියෙව්වෙ. උඹට පිං.

    කැමතියි

  4. නවම් says:

    සන්තෝසයි මචං. යාළුවට ගොඩක් සන්තෝස හිතෙන්න ඇති නේද? ඕන නං රුපියල් දහයක් විතර වියදං වෙන්න ඇති කෝල් එකට, ඒත් සතුට……?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: