ආදරයට නහයක් අනවශ්‍යය

නවම් මාවත දිගේ  හැන්දෑවෙ අවිදල තියනවනම් දැකල ඇති ඕනතරම් ජෝඩු බේරෙ වැව අයිනෙ. සති අන්තෙ දවස්, සතියෙ දවස් කියල වෙනසක් නෑ.

මේ අය වැඩිපුරම වාඩිවෙලා ඉන්නෙ නවම් මාවත පටන්ගන්න මොරටුව – කොලඹ බස් පාර පැත්තෙ.

අනිත් හරියෙ ඉන්නෙ නැත්තෙ පාරෙ යන අයට ගොඩක් ලඟට පේන නිසා වෙන්න ඇති. අනික හරියකට වාඩිවෙන්න වත් තැනක් නැහැ නොවැ.

ඔතන ඉන්න කපල්ස් දවසේ වෙලාවෙ හැටියට කැටගරයිස් කරන්න පුලුවන්.

උදේ කාලයේ ගොඩක් වෙලවට ඉන්නව ඇත්තෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවරකරල ඔය රස්සවක් හොයාගන්න වොකේෂනල් ට්‍රනින් යන කට්ටිය වෙන්න ඕන, වොකේෂනල් ට්‍රේනින් කිව්වම එකක් යැ. නා නාප්‍රකාර දේවල් නෙව.

දවාලට ඔය ටියුශන් ක්ලාස් යන කට්ටිය වෙන්ඩැ.

ඊටපස්සෙ හවසට රස්සාවල් කරල වැඩ ඇරිල එන කට්ටිය.

ඔය හැන්දෑවට එන කට්ටිය අතරෙ බඩ තියන අන්කල්ල සාරි ඇඳපු ඇන්ටිල එක්ක ඇවිල්ලත් ඉන්නව දැකල තියනව සමහර වෙලාවට. ඒ නම් ඉතින් ජීවන වියදම වැඩි නිසා කන්තෝරුවල අතිකාල කරන අය කියල තමයි මට හිතුනෙ.

ඔය ඔතන වැවේ දැන් ලඟකදි ඉඳල හන්සයො කුලියට දෙනවනෙව. මගෙ හිතේ වැඩිය ගානක් නැතුව ඇති. දැකපු වෙලාවක් ඇත්නම් ඔය හන්සයො ඇතුලෙ ඉන්නෙම ජෝඩු.

ඔය හන්සයො හදල තියන්නෙ කකුලෙන් පැඩ්ල් කරගෙන යන්න. හැබැයි ඔය හන්සයො යන්නෙ වැව මැද තියෙන දූපතේ අයිනෙ වැවිල තියෙන ගස් හෙවනකට යනකන් විතරයි. මගෙ හිතේ හන්සයොන්ට අව්ව අගුණයි.

ඔය ජෝඩු වලටම කියල ඔතන වැවට ඩින්ගක් උඩැහින් සී.අයි.සී එකේ මහත්තුරු එවෙලෙම පලතුරු මිරිකල දෙන කඩයක් දාල තියෙනව. හැබැයි මම හිතන්නෙ නෑ ඔය ගොඩක් ජෝඩුවලට ඔව්ව බොන්න තරම් සල්ලිය බාගෙ ඇති කියල. ඔතන බීම වීදුරුවක් සෑහෙන්න ගනන්. අනික සල්ලි තිබුනත් ඔය කට්ටියට බොන්න වෙලාවක් නෑ.

ලව් කොරන්න ගියාම කන්න බොන්න සිහියක් තියන එකක්යැ. ඔය ගැන මම අමුතුවෙන් කියන්න දෙයක් තියනවය,කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ඩින්ග ඩින්ග නැතෑ..

කොච්චර කොහොම උනත්, අපේ මහ රජ්ජුරුවො රජවාසලේ කුස්සියෙ දොරෙන් වීදි සන්චාරයට වඩම්මනකොට උනනැහේගෙ මුර බටයො ටික මේ ජෝඩු ඔක්කොම ගෙදර යවනව නෙව. ඒ ඉතින් ජෝඩුවලම ආරස්සාවට වෙන්ඩැ.

ඔය වීතර සේරම කියාගෙන ආවෙ මෙන්නෙ මේ පොඩි කතාව කියන්න.

ඔය බේරෙ වැවේ කාලෙකට ඉන්න මාලු, ඇල්ගී, පෙඳ, පාසි ඔක්කොම මැරිල, වැවේ සම්පත් බැන්කුව පැත්තට වෙන්න තියන මුල්ලට එකතුවෙනව. කුණු ම කුණු ගඳයි. පාරෙ යනකට්ටිය යන්නෙ මූණ නරක් කරගෙන, සමහර අය ලේන්සුවෙන් නහය වහගෙන.

හැබයි වැඩේ කියන්නෙ අර මම ඉස්සෙල්ල කියපු, උදේට, දවල්ට, හවසට එන ජෝඩුවලට මේක දැනෙන්නෙ නෑ.

වගේ වගක් නැතුව ලව්.

ආදරේ අන්ධයි විතරක් නෙමේ, ආදරයට නහයකුත් නැත !!

Advertisements

11 Responses to ආදරයට නහයක් අනවශ්‍යය

  1. දුකා says:

    ආදරයට කොහිදේ බාදා නැත්තේ . .

    මේ ලිපියත් ආදරයට බාදා කරන්න ලියපු එකක්ද . . ??

    නෑ නේ?

    කැමතියි

  2. නැත නැත දුකා අය්යෙ…
    මමත් ඔය ආදරය කියන එකට බොක්කෙන් ම සපෝට්. ඔය මම ලිව්වෙ උදේ හවා දකින දේ නොවැ. සුවඳ ගගහ ආදරේ කොරන්න තැනක් තියන්වනම් මෙහෙම දුක් විඳගෙන ආදරේ කොරන්න ඒවිද. ගඳේ උනත් කොරන ආදරේ නම් හරිම සුන්දරයි !

    කැමතියි

  3. RanDil says:

    ඒ නම් ඉතින් ජීවන වියදම වැඩි නිසා කන්තෝරුවල අතිකාල කරන අය කියල තමයි මට හිතුනෙ.

    ඒකේ ඇත්තක් නැතුව ම නැහැ නේද? බඩ මහත අංකල්ලාට තමයි ඉතිං අතිකාල දිමනා දෙන්න වෙන්නේ සාරි ඇඳපු ඇංටිගේ ගෙදර වියදමට……….

    කැමතියි

  4. ranga says:

    බොරලැස්ගමුවෙ වැවෙත් හන්සයො කුලියට දෙනව. උන් පියාඹන්නෙ වැව මැදට විතර. හන්සයගෙ දෙපැත්තෙ පැලලි දෙකකුත් දාල තිබුන නම් හොඳයි. නැත් නම් වැව පාරෙ යන පුංචි උන ඉක්මනට ලොකුවෙයි.

    කැමතියි

  5. අකිල says:

    අපිත් ට්රේනින් යන කාලේ ඔය හංසයො පදින්න ගියා 😀 😀
    ඒ දවස් වල වැව ලගින් යන්නේ නහය වහගෙන විතරක් නෙමේ, උඩත් බලාගෙන.
    කොයි වෙලාවෙද කියන්න බෑනේ කාක්කෙක් වැඩේ දෙන්නේ.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: