අපේ මුලුත් මාතර හරිය


ලන්කාවෙ භාවිතා වෙන ප්‍රාදේශීය භාෂා අතරෙන් වඩාත්ම ජනප්‍රිය, දකුණෙ භාවිතා වෙන භෂාව නෙ. පොදුවෙ දකුණෙ කිව්වට ඔය භාෂාව පාවිච්චි වෙන්නෙ මාතරයි මාතරින් එහා විතරයි.

මාතර කිව්වටත් වැඩිපුරම නගරයෙන් එහා තමයි. ටවුමෙ හරියෙ වැඩිය එහෙම ඕක නෑ.

මාතර නොඩෙන කෙනෙක් ඔය ඕක පාවිච්චි කරන්නෙ දකුණෙ කෙනෙක් විහිලුවට ලක් කරන්න තමයි.

හැබැයි වැඩේ කියන්නෙ එහෙම විහිලු කරල කේන්ති ගනිපු කෙනෙක් ගැන අහන්න ලැබිල නැත්තෙ එහෙම දකුණෙ වීම ආඩ්ම්බරයට ම හේතුවක් හින්ද වෙන්න ඇති.
ලැජ්ජ වෙන්නෙ අහවල් දෙයකටද ලන්කාවෙ බැලූ බැලූ අත මාතර බත් කඩ තියන කොට.

මාතරයො ලන්කාවෙ පුරාම…..

හැබැයි ඔය භාෂාව නුහුරු නුපුරුදු කෙනෙකුට නම් පොඩ්ඩක් විතර රවල බලන්න තරම් හිතෙන වචනත් ඔය භාෂාවෙ නැතුවම නෙවෙයි.

අපේ තාත්ත මාතරින් අම්මව කසාද බැඳල එක්ක ආවට පස්සෙ ඩින්ග්ක් කල් යනකන් කතා බහට තාත්තෙගෙ මූන හොඳ නෑ ලු. දවසක් අම්ම අපේ අච්චිට “ඔහේ” කියල, තාත්ත කියනවලු “හරි ලස්සනයි නෙ තමන්ගෙ අම්මට කතා කරන හැටි” කියල.  අනේ ඉතින් තාත්ත දන්නවැයි මාතර පැත්තෙ ඔහේ කියන්නෙ මෙහේ “ඔයා” කියනව වගේ කියල

අපේ අම්මලගෙ පවුලෙ ඔක්කොමල වගේ බැන්දෙ මාතරින් පිටට හින්ද ඒ ඒ අයගෙ පවුල් වලත් ඔයවගේ අතුරු කතා අනන්තයි අප්‍රමානයි.

අපේ ගුරු පුන්චි, ගුරු බප්ප බැඳල ගිහිල්ල තියෙන්නෙ පොලොන්නරුවෙ ඉස්කෝලෙට. එක දවසක් ගුරු පුන්චි වැඩක් නැතුව කෑ ගගහ ඉඳපු පන්තියක කොලුවන්ට කියල කට්ටියම ගබඩා කාමරෙන් උදලු අරන් එන්න.
කට්ටියම උදලු අරන් ඇවිල්ල බලන් ඉන්නව. “හා දැන් කට්ටියම අර පිට්ටනිය වටේ තියන කැලෑව ඇහෑක් තරන් අහින්න” කියල

“ඇහෑක් තරන් අහින්න” ??? කොල්ලො ටික හොල්මන්.

ඔච්චරයි. එතනින් එහාට වෙච්ච දේ නම් දන්නෙ නෑ. ඔය ඩින්ග කිව්වෙත් ගුරු බාප්ප මිසක් ගුරු පුන්චි නම් නෙවෙයි.

අපේ පොලිස් පුන්චි බැන්දෙ පොලිස් බාප්පකෙනෙක් නෙ. එයා නම් කොහේවත් ගියේ නෑ බින්න බැස්ස. ඉතින් එයාලගෙ නම් කතන්දර නෑ. හැබැයි පුන්චි අම්මට පල් එකක් දාන්න ඕනෙ උනාම මෙන්නෙ මේ කතාව නම් කියනව.

ඔන්න මාතර “එස්. කේ” හෝල් එකට ආවලු “මේ දෑස කුමටකද” කියල විජයයි සුමනා අමරසින්හයි යි ඉන්න පිචෑර් එක. ඕකෙ නෙව අර ජෝතිපාල මහතය කියන “නිල් අහසේ උමතු වලා” කියල. ඔය සින්දුවෙ වර්ෂන් දෙකක් තියන්ව, විජය පුන්චිකාලෙ ඔය සින්දුවෙ කියන්නෙ “නිල් අහසේ හිරු නැගිලා” කියල. ලොකු උනාම තමයි උමතු වෙන්නෙ. ඔය උමතු වෙන්නෙ සුමනා පිටුපෑව කියල නෙව. අන්තිමට කතුරකින්ද කොහෙද ඇස්දෙකට ඇන ගන්නව [ඔය මට මතක හැටියට හොඳේ, වැරදි නම් නිවැරදි කරන්න]

හරිම ජනප්‍රියයි ලු ඕක.

හැබැයි ඔය “එස්. කේ” එකේ මැස්සො ඇහිරෙනව. මැනේජර්ට වැඩේට හෙන අප්සට්. ඈයි යකෝ ලන්කාවෙම දුවපු පිචෑර් එක මාතර දුවන්නෙ නැත්තෙ මොකෝ…

පොර දවසක් පාඩු පිට පිචෑර් එක දුවල, හැන්දෑවෙ පාර අයිනට වෙලා හෝල් එක දැකල නොදැක්ක වගේ යන උන් දිහා දුකෙන් බලන් ඉන්නවලු. පොලිස් බාප්ප [එතකොට වෙන්ඩ බාප්ප] පොරගෙන් ඇහුවලු මොකෝ කියල.

පොර කිව්වලු “බලන්න රාළහාමි කවුරුවත් නෑ නෙ මේක බලන්න එක්නෙ” බාප්ප වටපිට බලනකොට දැක්කලු බෝඩ් රාජයා. කට කොනකින් හිනා උන බප්ප සාක්කුවෙන් බස් ටිකට් එකක් අරන් මොනවද ලියල දීල යන්න ගියාලු.

පහුවෙනිද බලනකොට සූ ගාල පෝලිමල්, බැලින්නම් අර බෝඩ් එකේ මෙන්න මෙහෙම එකක් අලවල තියන්වලු

“මේ දෑස මක්කටෙයි” කියල

බොරුවක් කියල දැන දැනත් අපිත් ඕකට හිනා වෙන්නෙ නොදැනිම හිතයටින් එන හීනමානෙටද මන්ද……

 

ප/ලි : මම ඔය ටී.වී එකේ ඉඳල හිටල ඔයවගේ දෙබස් තියනෙ කතා දැකල තියනව. හැබැයි ඒවගෙ දෙබස් නම් ඕනෑවට වැඩිය මාතර ගතිය තියනව වගේ. ඕනවට වැඩි උනාම ඕනම දෙයක් කැතැයි නෙව.

Advertisements

32 Responses to අපේ මුලුත් මාතර හරිය

  1. හිහ් හිහ්.
    මාතර කතා ශෛලියට මගෙ නම් පොඩි කැමැත්තක් තිබෙනවා. 🙂 මම කොළඹ උනත් සමහර වෙලාවට මාතර විදිහට කතා කරනවා, මාතර අයට නෝන්ඩියට නෙමෙයි, ඒ ශෛලියට තියෙන කැමැත්තට. (කැම්පස් එකේ අපේ සෙට් එකේ ගාල්ල මාතර කිහිපදෙනෙක් හිටිය, උන්ගෙන් තමා පුරුදු උනේ.)

    කැමතියි

  2. Pabalu says:

    අපිත් මාතර හොදේ..මක්කට තරහ ගන්නද ආඩම්බර වෙනවා මිසක් අපේ භාෂාව ගැන.
    සන්තෝසයි ඔයත් මාතර කිව්වම 🙂

    කැමතියි

  3. budhajeewa says:

    තව අහැක් තරං මේ වගේ එව්ව ලියන්න ඕන, හරිය?

    කැමතියි

  4. Samadhi says:

    මරේ මරු නේ! ඔහේගේ මුලුත් හක්මනද? අපෙත් පැල වෙලා තිබුනේ එහෙ තමය්

    කැමතියි

  5. Maduonline says:

    කතාව ඇත්ත.. මමත් මාතර.. කිසිම නෝන්ඩියක් නෑ එහෙම කිව්වත් අපිව අප් වෙනව මිසක්.. 😛

    කැමතියි

  6. ranga says:

    ඔහේ මක්කටෙයි මේ බොරු කියන්නෙ. මම ගාල්ලෙ. මාතර විතරක් නෙමේ ගාල්ලෙත් බාසාව ඕකම තමයි. හරිය

    කැමතියි

    • මගෙ පුංචිම මුල් මාතර දිහාවෙ තිබුනට පස්සෙ කාලෙ අම්මයි තාත්තයි මාව උස්සං ඇවිල්ල පැල කලේ ගාල්ලෙ තමයි.මගෙ නං මතකයක් නෑ ගාල්ලෙ මම හිටිය හරියෙ ඔය බාසාව පාවිච්චි කලා කියල, ගාල්ල කියන්නෙ දිස්ත්‍රික්කයක් නෙ. ඕකෙ මම නොදන්න ගං අනන්තයි. එහෙම පලාතක ඔය විදියට කතාකරන්න ඇති එහෙනං
      තරහ ගන්න කාරි නෑ ඕං…

      කැමතියි

  7. පින්ග්කිරීම: දොළ දුක් කෑම « නවම් මාවත

  8. පින්ග්කිරීම: බට කිරිල්ල තුවක්කුව « නවම් මාවත

  9. නදී says:

    මම්ත් ගොඩක් ආසයි ඒ ගාල්ල මාතර පෑත්තෙ අය කතාකරන විදියට.

    කැමතියි

  10. TG says:

    මාත් දකුණෙ . මාතරත් රාජකාරි කොරන්න යන්න වෙනවා . අපේ රියදුරු උන්නැහෙලා කීපදෙනෙක්ම මාතර ටවුන් වලින් එපිටහ උදවිය .ඒ අතර හිටිය තිස්ස කියලා පාලටුව පැත්තෙන් ආව ටිකක් තලතුනා රියදුරු මහත්තයෙක් . අපරාදෙ කියන්න බෑ ඉස්තරං ඩ්‍රැයිවින් . අකුරටම රාජකාරි කොලා. සී ටී බී එකේ කාලයක් වැඩකොරපු නිසා ලංකාවෙ මාර්ග සිතියම කට පාඩං. ඉතින් මගේ ඕනෙ දුරගමනක් බාරදෙන්නෙ තිස්සට .ඒත් අපේ ඔෆිස් එකේ අනිත් මිසීල උන්දැට කැමතිම නැහැ.බැලිනං මොකද දන්නවද හේතුව. ඒ මිසී ලා වැඩි දෙනෙක් කොලඹ රටෙන් ආපු අය . ඉතින් අපේ තිස්ස රියදුරු උන්නැහේ

    මිස් ඔහේ අද කච්චේරියට යනවයි
    මිස් ඔහේ කවදැයි නිවාඩු ගොහින් එන්නෙ

    වගෙ “ඔහේ” කියලා කතාකොරනවට කැමති නැහැ.

    මම නම් දන්නව ඔහේ කියන්නෙ බොහොම හොඳ වචනයක් වග .ඒත් කොලඹ උන්දැලගෙ සින්හල දැනුම අල්ප වෙන්නැති තිස්ස එක්ක අමනාප වුනේ.

    තව රියදුරු මහත්තයෙක් හිටිය චන්ද්‍රසිරි කියලා තලල්ල පැත්තෙ. ඔනෙම වෙලාවක කතාකොරද්දි “ඇත්තෙයි” කියන කෑල්ලත් දානවා.

    වීරකැටියෙ මම වැඩකොරපු පලාතක මිනිස්සු තාමත් මට හරි හිතවත් . ඉතින් සමහර වෙලාවට හිටිගමන් මට කෝල් එනවා මෙන්න මෙහෙම .

    “මිස් මොකෝ ඔහේ කාලෙකින් අපි බලන්න ආවෙ නැත්තෙ. අපි අමතක වෙලයි ? ඉතින් කවදයි ඔහේ මේ පැත්තෙ එන්නෙ ?”

    ඔහොමයි දකුණෙ මිනිස්සුන්ගේ හිතවත්කම් .

    කැමතියි

  11. ඔහේ මාතරය කියල අද දැක්කෙ.. ඇත්තෙයි ඔහේ කියන්නෙ
    මාත් මාතරනෙ ගොයියො 😀

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: