කබී අල් විදානා කෙහෙනා ලක්මි !


මම ඔයාට ඩිනර් අවුට් එකකට ඉන්වයිට් කලොත් ඔයා එයිද….

එහෙම අහල මම ටෙක්ස්ට් කලේ මම ගොඩක් කල් ඉඳල දන්න යාලුවෙකුට.

එදා හැන්දෑව කොළඹ වෛද්‍ය පීඨ පුස්තකාලෙට ගොඩවැදි  ලක්මි මුනගැහිල එයාගෙ ලඟදි අහවර වෙච්ච ආදරේ දුක අහල එනකන් කිසිම දවසක මට එහෙම අහන්න හිතිල තිවුනෙ නෑ.

මගේ තවත් එක ආදර කථාවකත් අන්තිම පරිඡේදය ඔය වෙනකොට  ලියවෙමින් තිබුන තිබුන හන්ද ඒකට තවත් උත්ප්‍රේරකයක් එකතු වෙන්න ඇති මගෙ හිතේ.

හ්ම්..  එයි සමහරවිට……

මම දැනගෙන හිටිය ඔය උත්තරේ එයි කියල. මොකද එදා හවස පීඨ පුස්තකාලෙ දි මම දැක්කෙ පිච්චෙන ඇස් දෙකක්.

මම ඔයාව ගන්න එන්නම් බෝඩිම ගාවට…..

ඒකට උතරයක් ආවෙ නැතත් ලෑස්ති වෙලා ඉඳියි කියල මම දැනගෙන හිටිය හන්ද හැන්දෑවෙ මම ගියා බෝඩිම ගාවට.

ඔයා ඇවිල්ල ගොඩක් වෙලාද? කියල ගෑණුළමය එකන් රස්තියාදු වෙන හැම පෙම්වත්ක් ගෙන්ම පරක්කුවෙලා එන ගෑණුළමය  අහන සුපුරුදු ප්‍රශ්නය අහන්නෙ නැතුවම,

අපි යමුද..?

හා යමු….

හිතට මහ අමුත්තක් දැනෙන්ව.. සාමන්‍යයෙන් එකිනෙකාට ආදරෙයි කියාගෙන කාලයක් ගිහිල්ල යන්න ඕන ගමනක් ඒ කිසිම කථාවක් නැතුව අපිදෙන්න යනව.

අත් නො පටලවාගෙනම අපි දෙන්න පුංචි බොරැල්ලෙ ඉඳල බොරැල්ලෙට ඇවිදගෙන එනව. අතරමග වැඩිමනක් දෙයක් කථා උනා කියල මතකයක් නැත්තෙ වැදගත් කිසිම දෙයක් කථා නොවුන හන්ද වෙන්න ඇති.

168 බස් එකේ ඇවිල්ල සලාක එක ලඟ බැස්ස.
දැන් වගේ නෙමේ, ඉස්සර සලාක එක ලඟ බස් නවත්තන පුලුවන්, දැන් නම් සලාක යනවනම් ඇස්වට්ටුවෙ බැහැල ඉස්සරහ්ට හරි ඉබ්බන්වල හන්දියෙ හරි බැහැල ආපස්සට එන්න ඕන.

සලාක බැහැල කලින් අපි දෙන්න ඉස්සර එකට රස්සාව කරපු තැන විතර කියව කියව පයින්ම එක්සෙල් වර්ල්ඩ් එකට ආව.

ෆුඩ් කෝට් එකේදි මට මතක විදියට අපි කෑවෙ සබ්මැරීන්. කන ගමනුත් කථා කලේ අපි ගැන නෙමේ, අනුන් ගැනමයි,

මම හිතෙන්නෙ අපි අපිගැන කථා කරන්න බය වෙන්න ඇති.

සාම්ප්‍රදායික වඩිහිටි ඇහෙන් බලනකොට පිටට නොපෙනන, උප්පැන්නෙ කොලේ විතරක්ම තියෙන, ම්ංගල දැන්වීම් තීරයෙ අනිවාර්ය දෙයක් එයාගෙ උප්පන්නෙ තියනව කියන එක මම වගේම ලක්මිත් දැනගෙන  හිටිය.

ඒක තමයි හේතුව කියල සමහර දවස් වල අපි අතරෙ වෙච්ච කථා අපහු මතක් කරනකොට මට තෙරෙනව. එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපි දෙන්නට ඕන වෙන්න ඇත්තෙ අනවශ්‍ය බැඳීම් වලින් හිර නොවිච්ච සමීප බවක්.

එදා රෑ කෑම කාල ඉවර උනාම ලක්මිට වොන්ඩර් වර්ල්ඩ් එකේ ස්ක්‍රැම්බ්ලර් කාර් පදින ඕන උනා. රුපියල් සීයකට ටෝකන් දෙකකුත් අරන් අපි දෙන්නත් ඇතුලට ගියා. පාක් එක පාලුයි එතන හිටපු පොඩි ළමයි කීපදෙනාත් නැත්නම්

ස්ක්‍රැම්බ්ලර් කාර් එක සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරන්නෙ හැම කාර් එකක ම පිරෙන්න කට්ටිය ආවම තමයි. ඒත් අපේ වෙලාවටමද මන්ද ඒ වෙලාවෙ හිටිය පොඩි කට්ටියට ඕකෙ යන්න බෑ, වයස මදියි. ඉතින් අපි දෙන්න ඔතන තියන බංකුවක වාඩිවෙලා බලන් ඉන්නව තව කට්ටිය එනකං.

ම්හ්… එන පාටක් නෑ.. අන්තිමට අපි දෙන්න දිහා බලන් ඉන්න බැරිතැනමද කොහෙද අපි දෙන්න විතරක් ස්ක්‍රැම්බ්ලර් එකේ යැව්ව.

ඒක කැරකෙන වේගෙ වැඩි කමටද, එහෙමත් නත්නෙම් තුරුලු වෙන්න බලාගෙන හිටපු හිතට ස්ක්‍රැම්බ්ලර් එකේ වේගෙ උදව්වක් උන නිසා ද කියල හොහිතම ලක්මි මගේ අතින් අල්ලගත්ත අල්ලගැනිල්ල අත ඇරියෙ රැ නමයට විතර බෝඩිම ගාවට පයින් ම ගිහිල්ල එතන වහල තිබිච්ච ලොතරැයි කූඩුවෙ හෙවනැල්ලට මුවාවෙලා නළලට හාදුවක් දීල බුදුසරණයි කිව්වටත් පස්සෙ.

ඔය වගේ දවස් ගොඩක් ගතවෙලා ගියේ එක දවසකවත් ආදරේ ගැන කථා නොකරමයි. ඔය වෙනකොට ලක්මි හැම දෙයක්ම කරන්න කලින් මගෙන් අහන තත්වෙට පත්වෙලා උන්නෙ.

ඇඳුමක් ගත්තත්, ගමනක් ගියත් මාව ඕන උනා. හරියට නියම පෙම්වතියක් වගේ.

මට හැමදාම වෙච්ච දේවල් මතක නැති උනාට සමහර දේවල්නම් අමතක නොවෙන විදියට හිතේ ඇඳිල.

එක දවසක් හැන්දෑවක ගෝල් ෆේස් එකේදි මහවැස්සකට අහුවෙලා නවම් මාවත දිගේ තෙමි තෙමි නවලෝකෙ පැත්තට පයින් ගියපු හැටි….. ඒක හරිම සුන්දර මතකයක්…

තව දවසක් අපි දෙන්න ගියා ලිබර්ටි එකේ “කබී අල්විදානා කෙහෙනා” බලන්න. මට අද වගේ මතකයි එදා ලක්මි මට ඔය හින්දි නමේ සිංහල තේරුම කියල දුන්න.

“කවදාවත් සමුගන්නව කියන්න එපා – නෙවර් සේ ගුඩ් බායි”

ඕක තමයි මගෙ මතකයේ අන්තිමටම ලක්මි ගැන සටහන් වෙලා තියන ලස්සනම මතකය.

ඔය කාලෙ වෙනකොට ලක්මි ඉඳල හිටල මමත් එක්ක හිත් අමනාපකම් ඇතිකරගන්න පටන් ගත්ත. ඒත් පහුවෙනිදා ආයෙමත් පරන විදියටම අපි මුන ගැහුනම කවදාවත් අපි කලින් දවසෙ වෙච්ච හිත් අමනාපය ගැන වචනයක් වත් කතා නොකලෙ හටියට අපි එහෙම කරන්න ගිවිසගෙන හිටිය වගේ.

දවසක් එයා එකපාරටම නිවාඩු දාල ගෙදර ගියා.

ඉස්සරත් ඉඳල හිටල එහෙම යන හන්ද මට අමුත්තක් නෑ. ගෙදර ගෙගිහිල්ලත් මට කථා කලා. ආපහු කොලඹ එක දවසෙ මම කතාකරල ඇහුව

ලක්මි, ලස්සන මූවී එකක ඇවිල්ල තියනව මම ටිකට්ස් බුක් කරන්නද?

අපි හැම මූවි එකකටම ගියේ ටිකට් බූක් කරල, මොකද අපි දෙන්නම අකමැති උනා පෝලිම් වල ඉන්න. සමහර වෙලාවට ඒ අපි සම්මත පෙම්වත්තු නොවෙච්ච නිසා කවුරුවත් දකිනවට තියෙන අකමැත්ත හන්ද වෙන්න ඇති.

එහෙමත් නැත්නම් කවුරු හරි අපිව දැකල මගෙන් “කව්ද මචං ඒ” එහෙම නැත්නම් එයගෙන් “ඒ ඔයාගෙ බෝයි ද” කියල ඇහුවොත් දෙන්න තරම් උතරයක් අපි දෙන්න ලඟ නොතිබුන හන්ද වෙන්න ඇති.

එපා මම ආවට පස්සෙ අපි දෙන්නම ගිහිල්ල බුක් කරමු….

හා…

ලක්මි ආව. ඇවිල්ල මාව මුනගැහෙන්න ඕන කිව්ව. මට මතක නෑ අපි මුනගැහුනෙ කොගේදිද කියල, ඒත්  මට හොඳටම මතකයි කියපු දේවල්.

….. මම හොඳටම දන්නව ඔයා මාව මැරි කරන්නෙ නෑ කියල, ඔයාට බෑ මාව මැරි කරන්න. තාත්ත ප්‍රපෝසල් එකක් ගෙනැල්ල තිබුන මම ගෙදර ගිය දවසෙ……

ඇයි ඔයා කථා නැත්තෙ……

කමක් නෑ ලක්මි….

මම අර මූවි එකට ටිකට්ස් බුක් කරන්න අහනකොට “කොලඹ ඇවිල්ල දෙන්නත් එක්කම යමු” කිව්වෙ ඇයි කියල මට හොඳටම අහන්න උවමනාව තිබුනත් මට එහෙම හයියක් තිබුනෙ නෑ.
මට දුකක් හිතුනෙ නෑ ඒ වෙලාවෙ…

මාව පුංචි වෙලා පුංචි වෙලා නොපෙනී ගියා වගේ උනා.

එහෙම සමුඅරන් ආපු මාව ඊට පහුවෙනදා වෙනකොට පිච්චෙනව වගේ දැනුන.

හරියට අර බෝම්බයකට අහුවෙලා කම්පනයට සිහිනැතුව ඉඳල මහා වේදනාවක් එක්ක නැගිටිනව වගේ…

මම ලක්මිට ආදරය කරල… නැත්නං මෙච්චරට පපුව පිච්චෙන්නෙ…..

අද වෙනක මම ලක්මි ගැන මගේ චූටි මැණික ත් එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් කථා කරල නෑ. ඉස්සරහටත් නැතිවෙයි….

ඊට ටික පොඩ්ඩ දවසකට පස්සෙ ලක්මිගෙ ෆෝන් නම්බර් ඔක්කොම වෙනස් වුනා, ඊ-මේල් වලට රිප්ලයි නෑ.

මම එයා ඉන්න බෝඩිම, වර්ක් කරන තැන, ගෙදර තියන් තැන ඔක්කොම දැන හෙන හිටියත් හොයන්න උනනදු වුනේ නැත්තෙ එහෙම කරන එක කරදරයක් වෙයි කියල.

ලඟදි දවසක ෆේස් බුක් එකේ ලක්මිගෙ ප්‍රෝෆයිල් එක දැකල මම දාපු රික්වෙස්ට් එක තවමත් ඇක්සෙප්ට් කරල නෑ.

මාව කරදරයක් වෙයි කියල හිතේ බයක් ඇති සමහරවිට, ඒක ලක්මිගෙ වැරැද්දක් නෙමෙයි. ඒත් මට කරදරයක් වෙන්න කිසිම උවමනාවක් නෑ, මට ඕන උනේ මට මහගොඩක් ආදරයකරන, මම මහගොඩක් ආදරය කරන චූටි මැණිකකුයි, පුංචිම පුංචි පුතු පැටියෙකුයි ඉන්නව කියන්න.

අපි සමුගත්තු දා ඉඳල පහුවෙච්චි හැම උපන්දිනයකම මම පුංචි ඊ-මේල් එකක් යවනව ලක්මිගෙයි මගෙයි අන්තිම ලස්සන මතකයත් එක්ක,

ප.ලි : ලක්මි කියන්නෙ මම එයාට කථා කරපු නම මිසක් එයාගෙ ඇත්ත නම නෙමෙයි.

Advertisements

15 Responses to කබී අල් විදානා කෙහෙනා ලක්මි !

  1. නිදහස් අදහස් says:

    very sensitive story mate. read 3 – 4 times

    කැමතියි

  2. නදීshani says:

    මමත් මේ වගේම නොලැබෙන ආදරයක් පස්සෙ දුවන හිතක් නිසා…මටත් දවසක පපුව පිච්චෙන්න හුඟා…ක් දුක හිතෙයි කියල හිතෙනවා..ඒත් ඒ ගැන නොහිතම තවමත් එයාට මහ ගොඩක් ආදරේ කරල සතුටින් තියන්නමයි හිතට ආසාව..අනේ මන්දා ආදරේ නම් මහ පුදුම දෙයක්..

    කැමතියි

    • ආදරේ හරිම ලස්සනයි නදී.
      අහිමි වෙච්ච ආදරේ ඊටත් ලස්සනයි.
      අහිමි වෙච්ච ආදරේට වෛර නොකර ඉන්න පුලුවන් නං ඔය ඔක්කෝටම වඩා ලස්සනයි…..

      නොලැබෙන ආදරයක් පස්සෙ දුවන්න එපා කියන්න මම කව්ද.
      ඒත් ඒ අහිමි වීමෙදි හිත අළු වෙන තරමටම පිච්චෙන එපා කියල මම මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනව.

      “වියෝවූ පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන්….”

      කැමතියි

  3. ranga says:

    හ්ම් හරියට හිතට වැදුන. මමත් කෙල්ලක් එක්ක සබ්මරින් කාල හරිම ලස්සන පාරක (පාර කොහෙද කියල නම් කියන්නෙ නෑ. ඒත් මම දන්න විදියට කොළඹ තියෙන ලස්සනම පාර) පොද වැස්සෙ කුඩයක් යටින් ගියේ දැන් මාස 2 කට කලින්. දැන් ඉතුරු මතකයන් විතරයි. බොහොම ඉස්තුති මගේ පිට කැසුවට.

    කැමතියි

  4. RanDil says:

    හයියෝ හයියෝ……… මං කියවන්න පටන් ගත්තේ මේකත් කලින් කථා වගේ ම එකක් වෙන්න ඇති කියලායි……… දැන් නම් හිත හරිම බරයි…. අර උප්පැන්න කථාව මට තේරුනේ නැද්ද මන්දා… කාස්ට් එක ගැනද? කොහොම වුනත් දැන් ඔව්වා හිත හිතා ඉන්න එපා…. චූටි මැණිකට වුනත් හිතෙයිනේ වේලක් නැතත් වේලක් මේ මිනිහා ඒ ගැන හිතනවානේ කියලා……. පව්නේ එයා…..

    කැමතියි

    • නෑ රන්දිල්, චූටි මැණික මාව දන්නව, මගෙ ආදරේ කොච්චරද කියල දන්නව. චූටිමැණික ලඟ ලක්මි ගොඩක් පුංචියි, නොපෙනෙන තරං.
      ඒත් පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ.

      හිතුනොත් වෙලාවක නොකිය ඉතුරුකරගත්තු මේ කතාවෙ ඉතුරු ඩිංගයි, අනිත් කතා ටිකයි ලියල දානව.
      හිත බර ගන්නව එහෙම නෙමෙයි ඒව කියවල.

      කැමතියි

  5. පින්ග්කිරීම: උඹ ගැනත් දන්නව උඹෙ මිනිහ ගැනත් දන්නව « නවම් මාවත

  6. No name says:

    මගෙත් ඔහොමම අතීතයක් තියෙනව. මටත් කිව්වෙ ගෙඩරින් ගෙනාපු ප්‍රොපොසල් 1ට කැමති උන කියල විතරයි. ඊට පස්සෙ තමා දැනුනෙ කොච්චර අඩරෙ කරලද කියල… අතීතය සුන්දරද දුකක්ද?

    කැමතියි

  7. පින්ග්කිරීම: හිනා බෝ වේවා !….. පුහ්……. « නවම් මාවත

  8. පින්ග්කිරීම: අපි දෙන්නයි සාත්තර ගුරුන්නාන්සෙයි දෙයියන්නාන්සෙයි « නවම් මාවත

  9. පින්ග්කිරීම: චූටි මැණිකෙට ආදරෙන්…… « නවම් මාවත

  10. සොබනි says:

    මම නවම්මාවතට අළුතින් ආව බ්ලොග් කියවන්නියක්. මේ වගේ කතා අපි හැමෝගෙම වගේ හිත පතුලේ තියෙනවා. මොනව වුණත් මට නම් කියන්න තියෙන්නේ Kabhi alvida na kehena කියන්නේ මහ චාටර් මූසල movie එකක්. මම ජීවිතේට මුලින්ම කොල්ලෙක් එක්ක බලන්න ගිය movie එක ඒක. ඒ movie එකෙන් ඇරඹුණු මගේ කතාවත් අවුල් ජාලයක් වෙලා ගියා.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: