කමෙන්ට් එකක් කීයක් විතර වටිනවද?

කථාව 01.

පුතා.. කෝ ගේන්න බලන්න මේසැරේ රිපෝට් එක…
බුදු අම්මෝ………
කෝ ඇහුනෙ නැද්ද…. ?
ආ..
හ්ම්ම්….
මේ මොකද…….
කෝ ඉංග්‍රීසි වලට ලකුණු……?
මෙහෙම හරියන්නෙ නෑ. දැන් තුන වසරට නේද පාස් උනේ…..
හෙට ඉඳල මම හවසට පාඩම් ගන්නව හොඳඳ?

අම්මේ ඒ ඒ….
මොකද මේ දැවටෙන්නෙ….
තාත්ත හෙට ඉංග්‍රීසි පාඩං ගන්නව කිව්ව.
හා ෂෝක් නෙ…
මට ඉතින් හැම දාම එම් අකුරයි ඩබ්ලිව් අකුරයි පැටලෙනවනෙ.
හ්ම්ම්….. පොඩ්ඩක් ඉන්නකො බලන්න

ආ මේක කියවල පාඩං කරගන්නකො.

එම් අකුරේ වාඩිඋනොත් වලේ වැටෙනවා //
ඩබ්ලිව් අකුරේ වාඩිඋනොත් උලේ ඇනෙනවා//

අඩේ වැඩේ හරි……දැං දෙනනං පාඩං.

පුතා අද තාත්තට පාඩං දුන්නද?

ඔව් අම්මෙ අද නං අර අකුරු දෙක පැටලුනේ නැ.

ෂෝක්.. පුතා තව හොඳට පාඩං කරල ලබන පාර ලකුණු ගන්න ඕන තේරුනාද..

————

අද මට පුතාගෙ ක්ලාස් ටීචර් මුණගැහුන බැංකුවෙදි.

විනාසයි නේද……?

ඔයා දැන් ඉස්සරට වැඩිය උනන්දුවෙන් වැඩ කරනව කිව්ව.

අම්මේ……. එතකොට මට ගියපු සන්තෝසෙ……..

තාත්ත පස්සෙන් එලෙව්වෙ නැත්නං, අම්ම අර කවිය ලියල දුන්නෙ නැත්නං, පන්තියෙ ටීචර් බැංකුවෙදි තාත්තට මුණගැහුනෙ නැත්නං මං ඕලෙවලුයි ඒලෙවලුයි ඉංග්‍රීසි උඩින්ම පාස් වෙයිද……?

දැන් නං හිතෙනව ඒව මොන ඉංග්‍රීසිද කියල……

ඒ හැම දේකින් ම කරල තියෙන්නෙ මාව විවේචනය කරපු එක හරි අගය කරපු එක හරි නෙ…

කථාව 02.

“ඉන්දරේ පවසන්නේ:
දෙසැම්බර් 3, 2010 දින 9:39 පෙ.ව. ට (සංස්කරණය)

එහෙම නම් ඔබට ලබන 19 වෙනිදා නවම් මාවතේම තියෙන සිංහල බ්ලොග්කරුවන්ගේ සුහද හමුවටත් සහභාගී වෙන්න පුලුවන් නේද? :)”

කියල ඉස් ඉසෙල්ලම කමෙන්ට් එකක් හා හා පුරා කියල නවම්මාවතේ දාපු ඉන්දරේ ත්,

ඊට පස්සෙ වැලට කමෙන්ට්ස් දාපු

වැප්, ටියාන, ඉලංදාරියා, උදය, රාළ, වන්නි, ටැබූ, දුකා, මාධව හබරකඩ, පබළු, බුද්දෙ, සමාධි, මධු ඔන්ලයින්, නිදහස් අදහස්, නදීශානි ටත්,

ඇවිල්ල නොකියම ගියපු සේරමත් නොහිටින්න,

අද වෙනකොට සති දෙකක් පිරෙන  නවම් මාවතේ හිට් පන්සීයකුත් එක්ක ඇවිදින්න පුළුවන් වෙයිද…

පසු වදන

මම අනන්තවත් දැකල තියනව කමෙන්ට්ස් නැතුව වේලෙන බ්ලොග්. මටත් මේක පටංගන්න කොට පොඩි බයක් නොතිබුනාම නෙවෙයි.

කොච්චර චන්ඩි කතා කිව්වත් මම හිතන්නෙ හැමෝම ආසයි තමං ආසාවෙන් ලියන පෝස්ට් එකක් තව කෙනෙක් කියල තියනව දකින්න.

මම ලියපුව කියවල දාන කමෙන්ට් එකක් දකිනකොට හිතට දැනෙනෙ සන්තෝසෙ කියන්න තේරෙන්නෙ නෑ. ඒක ආඩම්බරය ඩිංගක් මුහු වෙච්ච සන්තෝසයක්.

මම මේ බ්ලොග් කෙරුවාවට අලුත් හන්දද මංද පහුගිය සති දෙකේ ඔන්ලයින් ඉන්න හැම වෙලාවෙම බ්ලොග් එක රී ෆ්‍රෙශ් කර කර බැලුව හිට්ස් කොච්චර වැඩි වෙලාද කියල.

මේ බ්ලොග් අවකාශයේ ඉන්න පරන කට්ටියනං හිනාවෙයිද මංද මූට පිස්සු කියල.

ඒ උනාට මම වගේ ම අලුතින් ආසාවට බ්ලොග් ලියන අයටත් මේ වගේ සමහරෙ වෙලාවට හිතෙනව ඇති.

ඒක හන්ද මං බ්ලොග් ලියන්න පටංගත්තු දා ඉඳල කිවන හැම පෝස්ට් එකකටම පුංචි හරි කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්නේනෑ. සමහර පෝස්ට් මට තේරෙන්නත් නෑ, එහෙම එකකට හිනා මූණක් වත් දාල නොයන්න හිත් දෙන්න නෑ.

මං දන්වනෙ ඒ සන්තෝසෙ කොච්චරද කියල…

Advertisements

18 Responses to කමෙන්ට් එකක් කීයක් විතර වටිනවද?

  1. RanDil says:

    අර අම්මා ඔයාට කියලා දුන්නු කවිය මාත් පාඩම් කර ගත්තා මගේ දුවට කියලා දෙන්න. ස්තුතියි අම්මාටත් පුතාටත් දෙන්නාටම……..

    කැමතියි

  2. ranga says:

    එළ මචං මමත් බ්ලොග් ලියන්න අරගෙන තාම සති 5ක් 6ක් විතර වෙන්නෙ. උඹ කියපු කතා නම් සම්පූර්න ඇත්ත. කමෙන්ට්ස් වැඩි වෙද්දි, ෆලෝ කරන අය වැඩි වෙද්දි, හිට්ස් වැඩි වෙද්දි තවත් ලියන්න හිතෙනව.

    උඹත් ග‍ඟෙන් එහා එකෙක් වගේ.

    කැමතියි

  3. ජනනි says:

    කියපු හැම වචනයක් ගානේ ඇත්ත! මට English blog එකක් දැන් මාස කීපෙක ඉඳං තිබුනට, සිංහල එකක් ලියන්න පටන් අරන් තාම දවස කීපයයි.ඒ දවස කීපයට ලැබුණු ප්‍රතිචාර ගැන අනෙක් අයට මං පුරාජේරු කිව්වේ රටක රාජ්ජයක් ලැබුන වගේ. එහෙනන් ඉතින් මේ නිවාඩු කාලෙට ඔය බ්ලොග් එකේම ඉඳි නේද කියල යාලුවෝ ඇහැව්වේ, මන් එක ගැනම කියපු නිසා වෙන්න ඇති.

    ඔය දැනෙන හැගීම මටත් හොඳට තේරෙනවා. මං හිතන්නේ මේවා අලුත් අයට පොදු දේවල් වෙන්න ඇති. අවුරුදු 4 ක් තිස්සේ පත්තරේට ලියලත් තාමත් මං කැමති මං ලියපු දේ ගැන මිනිස්සු කතා කරනවට. අපි ඉතින් පෘථග්ජන මිනිස්සු නේ.

    සුභ වේවා!!

    කැමතියි

  4. Fox says:

    ඇත්ත තමයි. මමයි යාලුවයි එකතු වෙලා සිංහල බ්ලොග් එකක් පටන් අරන් දැන් මාස කීපයක් වෙනව. පටන් ගත්තු මුල් දවස් වල අපිත් ඔහොම තමා, කී සැරයක්නම් refresh කරන්න ඇතිද… 🙂 ඒ හින්දම දැන් සතියකට කලින් මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකත් සිංහලට හැරෙව්ව…

    කැමතියි

  5. හප්පට බොල! මමද මුල්ම කමෙන්ට් එක දාල තියෙන්නේ? 😀
    ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි! ජයවේවා කිව්වා එහෙනං, දිගටම ලියන්න.
    ගොඩක් අයට (මේ මමත් ඇතුලුව) මුල් කාලෙ ගිණිකසයා වගේ ලියන්න කික් එකක් තිබ්බට පහු පහු වෙනකොට ඒ කික් එක නැති වෙනවා. ඒ ව්‍යාධිය බෝකරගන්නෙ නැතුව දිගටම ලියන්න උත්සාහ කරන්න.

    කැමතියි

  6. අමිල says:

    ​හොද බ්ලොග් කමෙන්ට් හිගන්නේ නෑ මචං.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: