උඹ ගැනත් දන්නව උඹෙ මිනිහ ගැනත් දන්නව

ඔන්න ඉතිං මගෙ ආදර පලහිලව් තුනකට පස්සෙ මම ආයෙත් තනිකඩ උනා නෙව. මං  කලින් ඔය එකකට හෙන ගහපු හැටි කිව්වනෙ. අනික්වත් වෙලාව එන හැටියට කියන්නංකො, මේ කියන්න යන්න කතාව තියෙන්නෙ තොරණෙ හතරවැනි කො‍ටුවෙ. ස්ටෙප්ස් තුනක්ම එහාට පැනල.

ඔය කාලෙ ඉතිං මගෙ සිකුර නළලටම ගහල උන්නු හන්දද මංද බෝනික්කෙක් දැක්කත් ඇඟ නිකං වෙවුලල යන සයිස් එකටම මට අසාධ්‍ය වෙලා තිබුනෙ.

මං හිතන්නෙ ඕක අපේ අම්මට තේරිලා තිවුනෙ. නැත්නං තකහනියක් ලංකාදීපෙ ලහිපිටේ රවුං අඳින්නෙයි, කො‍ටු අඳින්නෙයි, තරු දාන්නෙයි මක්කටෙයි. ඒ මදිවට ලියුං කවර මිටියකුත් තියනව දැක්ක.

ඔන්න ඔය විදියට අම්ම මාව තනිකඩ වෙලා උන්න ඇති කියල දෙකඩ කිරීමේ ම්හා සංග්‍රාමය පටංගත්ත.

කවුරුවත් ලඟ පාතක නැතිවෙලාවක හොරෙන් ඔය රවුං කරපු පත්තර කෑලි බලන එක මට පොඩි ජොලි වැඩක්. මොකෝ අම්ම මට කොරන්න යන විනාසෙ කලිංම දැනගත්තොත් හිත හදාගන්වත් බැරිය.

බොදුගොවි, රූමත්, පැහැපත්, සිහින් සිරු‍රැති, උගත්, වැදගත්, චාම්…… මගෙ අම්මේ මට වෙන්න යන දෙයක්. විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

ඉස් ඉසෙල්ලම ඔන්න බලන්න ගියේ මාතර දිහාවෙ හාමිනේ කෙනෙක්. මං නං එකපයිංම කැමතී. හාමිනේත් කැමතියි වගේ. ඒ උනාට මයෙ වෙන්න නැන්දම්ම පොල්ලක් දාල ඒක හබක් උනා.

ඔන්න ඊටපස්සෙ ගියේ කළුතර පලාතෙ හාමිනේ කෙනෙක් බලන්න. ගමේ නමටම ගැලපෙන පාට. මගෙ හිතේ ඒක කලු නෙමෙයි දැකුම්කළු. කළු වලට නැහැනෙව මගෙ මනාපයක්. ඒකත් එතනින්ම හබක්.

ඔන්න ඉතිං මගෙ පපුව කඩං වැටෙන්න ඔන්න මෙන්න වගේ. ගෙදරටම නාකිවෙලා මැරිල යයිද මංද…..

මොන අපේ අම්ම ඉන්නකං මම ගෙදරට නාකිවෙන්න.. හුහ් !

ඔන්න තව එකක් බලල.  ඒපාර අපි කොළඹ පදිංචියට එන්න කලිං උන්න පළාතෙං.

ගෙවල් දොරවල් බලන්න යන්න කලිං අපි දෙන්නට දෙන්න බලන්න ඕන උනානෙව. ඕං ඉතිං ඒ හාමිනේගෙ නිළ නිවාසෙ පැත්තෙ චොකලට් පොල්ලකුත් අරං ගියේ නැතෑ මං.

මේං ඉන්නව සුදට සුදේ ඉටිපන්දම වගේ උසට උසේ. මට ගියපු සන්‍තෝසෙ. දෙන්නට දෙන්න කැමතිවෙලා එහේ මෙහේ රවුං තුන හතරක් ගහල, ගෙවල් දොරවලුත් බලාගෙන අඩිතාලං දැම්මයි කියමුකො.

ඔහොම ඉන්නකොට ආදරේ තදවෙලා පරන කොරපු ලව් ගැන වමාරන්නත් උනා මට.

බේරෙන්න බැරිඋනාද ඇහුව……..?

මොන, සී. අයි. ඩී රාළහාමිල පරාදයි නෙව ගෑණුංට. මුල ඉඳල අගටම වැමෑරුව ලාච්චුවට දායි කියල බයේ.

ඔන්න ඉතිං අන්තිම චැප්ටර් එක හරියට එනකොට, මගෙං සැහෙන ප්‍රශ්න අහන්න පටංගත්ත.

කලුතර කොහේද ?
නම ?
මොනවද කරන්නෙ ?

ඔය ඔක්කොම අහල ඉවර වෙනකොට මෙන්න හාම්නේ අතිනුත් කට වහගෙන කියාපි “විනාසයි !” කියල.

මට තේරුනේ නෑ, මම අහවල් දෙයක් කරලද විනාස උනේ.

ඊඟට මෙන්න මෙහෙම කියපි “එයා මගෙ ස්ටාෆ් එකේ”

හරි නෙව, කොරල තියෙන්නෙ ඔය.

දැං ඉතිං ඔය මනුස්සය වැරදිලාවත් මුනගැහුනොත් එහම මොකෝ කරන්නෙ. ලැජ්ජාව පැත්තකිං තියල සරමෙං හරි මූන වහගනව කියල හිතාගත්ත.

හොඳ වෙලාවට මමයි චූටිමැණිකයි මැරි කරනකංම උන්දැ මුනගැහුනෙ නැ. වෙඩිම කියන්නත් අවුලක් නොවුනෙ ඒ වෙනකොට එයත් කරත්තෙක ගැටගහල උන්නු හන්ද.

වෙඩිමෙදි මං නෙවෙයි ඒ පැත්ත්ටවත් ගියේ. චූටි මණිකත් මාව තෙරුං අරං උන්නු හන්ද බල කලේ නැ ගිහිල්ල කතා කරමු කියල.

චූටි මැණිකෙ නිළමෙ ගමන් යන දවස් වල නං එකපාරක් අපි දෙන්නටම ඔය බො‍රැල්ල දිහෑවෙ ඇවිදිනකොට මුනගැහුන. එදත් චූටි මැණිකෙගෙ අතින් අල්ලං පැත්තකට ගොහිං කතා කලා මිසක් මගෙ මූණක් වත් බැලුවෙනැහැ. එදා නං අපි දෙන්නටම කේන්ති ආව උන්දැගෙ විකාරෙට.

හැබයි තවමත් චූටි මැණිකෙට අර උන්දැ මං එයාව බලන්න ආවැයි කියල නැහැ. හිතං ඇති ඕක කියල අපේ පවුල කැඩෙයි කියල.

හැබැයි අර උන්දැ අපේ උන්දැත් එක්ක නොරොක් වෙච්ච දවසට නං කියනව ෂුවර්, මම උඹ ගැනත් දන්නව උඹෙ මිනිහ ගැනත් දන්නව කියල.

Advertisements

10 Responses to උඹ ගැනත් දන්නව උඹෙ මිනිහ ගැනත් දන්නව

  1. he he පට්ට …. කොකටත් .. පරිස්සමින් ..හිටියනම් හොදයි නෙද ..?

    කැමතියි

  2. RanDil says:

    මං මේ කම්පනා කොලේ ඉතිං මනමාලියෙක් බලන්න ගියා කියන එක ඔච්චර ම වැරැද්දක්ද? කියලායි. ඇයි ඔයාලා ඔච්චර බය වුනේ එයාව මීට් වෙන්න?

    කැමතියි

  3. නියම කියමන බන් . .

    උඹ ගනත් දන්නවා උඹේ මිනිහා ගැනත් දන්නවා.

    ඔක්කෝටම හපන් ෆොටෝ එක.

    කැමතියි

  4. පින්ග්කිරීම: චූටි මැණිකෙට ආදරෙන්…… « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: