අක්කේ ඉක්මනට එන්නෝඕඕ…….

පුංචි කාලෙ කවුද කාටූන් බලන්න අකමැති නේද ?.

ඔය කාටූන් කිව්වම විවිධාකාරයේ ඒව තියනවනෙ. සත්තු ඉන්න ඒව, මිනිස්සු ඉන්න ඒව, කතාකරන කාර් තියෙනෙ ඒව, ඒ මදිවට සමගර ඒවගෙ මීයොයි පූසොයි හරි යාළුයි.

එකක් කියලයැ. මගෙ නං බේදයක් නැ අහුවෙන එක බලනව.  ඉස්සර ඕව බලන්න අපේ ගෙදර ටී.වී එකක් තිබුනෙ නෑ. රාළහාමි අංකල්ලගෙ ගෙදර ගිහිල්ල තමයි බලපු එකක් බැලුවෙ. හැබැයි කළු සුදු ටාසන් ඇරෙන්නෙ වෙන එකක් එහෙදි බැලුව කියල මතකයක් නෑ.

ඔන්න කාලයක් ගිහිල්ල අපේ තාත්තත් පාට පාට ටී.වී එකක් ගෙනාව. මගෙ හිතේ ඕක වැඩියත්ම ගෙනාවෙ හැන්දෑවට මාව මක්කරලවත් ගෙදර තියාගන්න බැරිහන්ද වෙන්නෙ ඇති. ගෙදරම ටී.වී එකක් තිබුනට හැන්දෑවෙ 4.30 වෙනකං කොහොම හරි ඉවසගෙන ඉන්න වෙනවමයි. ඉවසගන්න බැරිවෙච්ච දවස් වලට නං හූ සද්දෙත් එක්ක එන කුරුල්ල දිහා බලං ඉන්නව. ඕං හතර හමාර වෙනකොට ජාතික ගීය එහෙම කියල වැඩසටහන් විස්තරේ දාල පටංගන්නව කාටූන් පෙන්නන්න.

තන්ඩර් කැට්ස්, සිල්වර් හෝක්, ස්පයිඩෙර් මෑන්, කැස්පර් ද ෆෙන්ඩ්ලි ගෝස්ට්, බග්ස් බනී, ඩක් ටේල්ස්, පින්ක් පැන්තර්, ස්මර්ෆ්ස්, ජස්ට් යූ වෙයිට්, ටොම් ඇන්ඩ් ජෙරී.. ඔය මට මේ වෙලාවෙ මතක් වෙන නං කීපයක් විතරයි. ඔවැයිං සමහර ඒව තවමත් හිටපුගනන් පෙන්නනව, සමහර ඒව රීමේක්ස්. රී මේක්ස් නං පරන ඒව තරං ගතියක් නෑ මට.

දැනුත් ඔය සිරසෙ පෙන්නන ගිරිපුර වැසියො, ඉස්සර පෙන්නෙපු ස්කුබි ඩූ, දෙරණෙ පෙන්නන කාටූන් සෙට් එක එහමෙ හැන්දැවට ගෙදර හිටියොත් වෙලාවක් අහු උනොත් බලනව. මොන එකකටද මංද ලොකු වෙලත් මට ඕව බලන්න හිතෙන්නෙ.

අර වැප් ලියල තිබුන කාටූන් සින්දු පෝස්ට් එකයි, කට්ටිය දාල තියන කමෙන්ට් ‍ටුයි බැලුවමයි එහෙම හිතිල තියෙන එකම එකා මම නෙමෙයි කියල තේරුනේ.

මං කියන්නෙ ආවෙ ඕක නෙමයි, මෙන්න මේක. එහෙමයි කිව්වට මේකත් ඔය කාටූන් බලල මගෙ යාලුවෙක් කරගතු විනාසයක්.

මිනිහ හිටියෙ ඔය කරාපිටියෙ ඉස්පිරිතාලෙ කිට්‍ටුව. ගෙවල් එහෙම තිබුනෙ පාර අයිනට වෙන්න. මගෙ හිතේ අපි ඒ කාලෙ වෙනකොට හිටියෙ අට නමය පන්තිවල වෙන්න ඕන.

ඔය කියන්නෙ කාටූන් උණ හොඳටම නැගපු කාලෙ. අපිට ඉතිං තනියෙං කාටූන් බලන සිරිතක් නෑනෙ. අක්කල නංගිල  අය්යල සේරමටම කතාකරනව. ඔය කියන සංකයටත් එහෙම්මමයි. ඔන්න එදා කාටූන් බලන්න මූ උගෙ අක්කට කෑගහල කතා කරනව මෙන්නෙ මෙහෙම.

අක්කේ.. කිම්බ යනෝ ඉක්මනට එන්නෝඕඕඕ…..

ප/ලි :

මූට චූ ගියාලු තාත්ත ඇව්ල්ල කනට පාරක් දුන්නම. ඕක ලැජ්ජ නැතුව ඉස්කෝලෙ ඇවිල්ලත් මේක කිව්වනෙව. ඔය පන්තිවල වෙනකොට ඌ ඔය වචනෙ අසභ්‍ය තේරුම නොදැන හිටිය නෙමෙයි. කාටූන් ඒකේ ජොලියට මූට උන් හිටි තැන් අමතක වෙලා.

ප/ප/ලි :

ඔය කාටූන් එක කිම්බා දි වයිට් ලයන් / kimba the white lion [ඔය පැත්තක ඉන්නෙ කිම්බ]

Kimba the White Lion

Advertisements

21 Responses to අක්කේ ඉක්මනට එන්නෝඕඕ…….

  1. වැප් says:

    දවසක් ලොකු එකෙක් මට කියලා දුන්නා සිත්‍රිපරාණයට බනිනවා නම් නියම වචනය හොම්බේ කිරි කියලා ……. මං හිතුවා ඉතින් මෙකේ තේරුම නිකන් හරියට ගොනෙක් වෙනවා කියන එක වගේ කියලා ….

    දවසක් ඉතින් මාත් ඔය වචනය පාවච්චි කලා නොවැ 😀

    කැමතියි

  2. රංග says:

    නවම් : ඇත්ත කියන්න, මේක උනේ ඔහෙට නොවැ

    කැමතියි

  3. RanDil says:

    මිනිහ හිටියෙ ඔය කරාපිටියෙ ඉස්පිරිතාලෙ කිට්‍ටුව. ගෙවල් එහෙම තිබුනෙ පාර අයිනට වෙන්න. මගෙ හිතේ අපි ඒ කාලෙ වෙනකොට හිටියෙ අට නමය පන්තිවල වෙන්න ඕන.

    අනේ නවම්, සංකයාටත් මාර වැඩ නොවැ වෙන්නේ නේද? (නවම්ට පස්සේ තියෙන කොමාව තිබ්බාට කමක් නැද්ද? අයින් කලාට කමක් නැද්ද?)

    කැමතියි

  4. පින්ග්කිරීම: සිඬාලේප වෙදමහත්තයට වැරදිලා « නවම් මාවත

  5. මෝඩයා says:

    කිම්බා ද වයිට් ලයන් එක මට මතකයි යන්තමට. මම කිම්බ කියන්න ගිහින් ඇන ගත්තේ ඕකෙන් නෙවෙයි. ඒ කාලේ මොකක් හරි කාටූන් එකක, (ගලිවර් වගේ එකක්. ඒක නෙවෙයි. පොඩි මිනිස්සු හිටපු එකක්. අර විනාඩි 15 විතර කාටූන් කෑලි තියෙන්නේ. අන්න ඒකක්) ගස් කපනවා. ගහ වැටෙද්දි උන් කෑ ගහනවා timberrrrrr (ටිම්බර්ර්ර්ර්) කියල. දැන්වත් හරියට බැරි එකේ පොඩි කාලේ මොන කඩ්ඩක්ද? මමත් නිදා ගන්න යන වෙලාවෙ මට ඇහිච්ච දේ කිය කිය කෑ ගහ ගහ හිටියා.

    හොඳ වෙලාවට තාත්ත ගැහුවේ නෑ.

    කැමතියි

  6. දුකා says:

    හික් හික් හික් . ..
    ඔව් නේද බන් ඔය කාටූන් බලන වෙලාවට මෙලෝ දෙයක් මතක් වෙනවද . . හික් හික්

    කැමතියි

  7. කාට්‍රන් හදන සුද්දෝ අපේ කුණුහරුප දන්වයැ………. හි හි…

    මොනව උනත් නවම් මාවත එළ… සුභ පැතුම්..

    කැමතියි

  8. manju says:

    ha…ha… ane da kayanne Sankata wechcha wadak.atta Nawam, a kale balapu cartoon ekka baluwama dan tiyena ewa monada kayala hitenawa. remix unat dan cartoon kisima gatiyak na.

    කැමතියි

  9. කාංචන says:

    මමත් පුංචි කාලේ කිම්බා ද වයිට් ලයන් කිය කිය ඒකෙ සින්දුව කිය කිය ඉන්නවා. දවසක් අම්මා ඇවිත් ඇහුවා මොනවද ඔය කියන්නේ ඕක නවත්තන්න කියලා. කොහෙද ඉතින් අම්මා කාටූන් බලන එකක්යැ. මම සෑහෙන කාලයක් ඕකෙ තියන වැරැද්ද මොකද්ද කිය කිය කල්පනා කර කර හිටියා.

    කැමතියි

  10. malmi says:

    මමත් තාම කාටුන් බලන්න කැමති නොවැ. මගේ කෙලි පොඩ්ඩි සමහර වෙලාවට මට හිනාවෙනවා “මෙන්න අම්මා පුංචි බබෙක් වගේ කාටූන් බලනෝ…..කියලා

    කැමතියි

  11. podi lamayah says:

    නිකමට උඹේ බොලොක්කුව google search කලෙමි. මුලින්ම එන්නේ මේකය…. චාටර් ඕයි…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: