සිඬාලේප වෙදමහත්තයට වැරදිලා

සිඬාලේප වෙද මහතෙකි ඔබෙ ගෙදර
සැම වේදනා කැක්කුම් හැම යයි පැහැර
වාපිත් සෙම් ද සමනයකර දෙන නිතොර
අන්තිම පදේනං දැං මට මතක නැත

ඔය කවිය ඇහෙනකොටම අපිට මතක් වෙන්නෙ සිඬාලේප වෙද මහත්තය නෙ. උන්නැහේ ගැන හරි හරි කතා නෙ හැදිල තියෙන්නෙ.

අර මතකයි නෙ කොහේද මන්ද ඉස්පිරිතාලෙක ගැබිනි වාට්‍ටුවකට “සිඬාලේප වෙදමහතාගේ වැඩක්” කියල ගහපු ඇඳවල් වගයක් දීල ඒ ගැබිනි අම්මලගෙ මහත්තුරුන්ට කේන්ති ගිහිල්ල  වෙච්ච විනාසයක්.

ඔය වෙදමහත්තයට එකපාරක් මේ සිරිලංකාවෙ මහ රජ වෙන්න දොළක් හැදිල දොළක් හැදිල උන්න නෙව. අන්තිමට ඇපත් නැතිඋනා මයෙ හිතේ. දැ නං ඔය හරියට හොයන්නෙ බලන්නෙ නැතුව ව්‍යාපාර කරල පස්ස බිම ඇනගත්තු සමෘද්ධි ලාභීන්ට දේශනයක් දෙකක් කරල සනීපෙට ඉන්නව පේනව.

සිඬාලේප කියන්නෙ බොහොම දෙනාට නැතුවම බැරි දෙයක්නෙ. ඔළුව කැක්කුමකට, කනේ කැක්කුමකට, බඩේ කැක්කුමකට, අතක් පයක් තැලුනම, හෙම්බිරිසාවකට, එකී මෙකී නොකී හැම ලෙඩකටම කෝකටත් තෛලය වගේ. ඕක හදන්න ඕන කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන පෙට්‍රෝලියම් ජෙලි ගත්තෙ සපුගස්කන්දෙ පෙට්‍රෝලියම් එකෙන්. ඔය පෙට්‍රෝලියම් බේස් එකට තමයි මෙන්තෝල් ක්‍රිස්ටල්, යුකැලිප්ටස් තෙල්, කුරුඳු තෙල් සහ තව් අවශේෂ දේවල් දාල අනල බාම් එක හදන්නෙ.

දැං මේ කියන්න යන්නෙ යන්නෙ නං උන්නැහේට වෙච්ච දෙයක්වත් උන්නැහේ හදන දේවල් ගැනවත් නෙමෙයි. උන්නැහේ ගෙ ඔය මහා අනර්ඝ සිඬාලේප හන්ද අපේ එකෙකුට වෙච්ච දෙයක්.

මෙක උනෙත් අර කිම්බ දැකල අක්කට කෑගහපු සංකයටමයි. අපරාදෙ කියන්න බෑ ඌ කරපු ගොංකං සහ බූරුකං සේරම ඇවිල්ල අපිට කියනව.

ඔන්න දවසක් මේකට ගේ ඇතුලෙ කොහෙද බිම වැටිල තිබිල සිඬාලේප පෙට්ටියක් හම්බුවෙලා. මූ බලනකොට ඕකෙ බෝතලේ තිබිල නෑ, හැබයි ප්‍රිස්කිප්ෂන් කොලේ තිබිල. ඔය කාලෙ අපිට ඉස්කෝලෙන් කියල තිබුන අතට අහුවෙන හැමදෙයක්ම කිවන්න පුරුදු වෙන්න කියල. වැදගත් පොතක් දැක්කම අමතක වෙන ඔය කතාව, ඕනෙ නැති කුණු ජරාවක් දැක්කොත් ටක් ගාල මතක්වෙනවනෙ අපිට.

ඔන්න දැන් සංකයත් ගජරාමෙට මේක කියවනව.

දත් කැක්කුම, කං කැක්කුමට, බඩේ පිපුමට, කෙන්ඩ පෙලීමට, ගැහෙන උණට…….කාන්තාවන්ගේ මාසික වේදනා සඳහා…..

……….

ඈ… කාන්තාවන්ගේ මාසික වේදනා.. යකෝ සිඬාලේප වෙදමහත්තයට වැරදිලා නේද.

අම්මේ මෙන්න මේකෙ මානසික වේදනා වලට මාසික වේදනා කියල ගහල. හැමතිස්සෙම මට සිංහල වලට ලකුණු නැතෙයි කියල කියල බැන්නෙට මෙයැයිටත් වැරදිලා මේ……

මේපාර උගෙ ලොකු අයියයි කියනවනෙ උගෙ ඔළුව අතගෑවෙ.

ප / ලි :

ඔය ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ තිබුන ඒව දැං මට හරියටන මතක නැති හන්ද නවම් මාවතේ “අරලිය තේ කඩෙන්” රුපියල්ම හතලිහක් දීල පුංචි සිඬාලේප කුප්පියක් ගත්ත, ඒත් කරුමෙ කියන්නෙ දැන් එන ඒවයෙ ඔය ප්‍රිස්ක්‍රිප්ෂන් කඩදහිය නෑ නෙ. උන්නැහෙත් කොස් කට්ං ද දන්නෙ නෑ.

Advertisements

16 Responses to සිඬාලේප වෙදමහත්තයට වැරදිලා

  1. අන්තිම පදය තමය්,
    “සිඬාලේප ඔසුවකි සනසන සිරෑර”

    එහෙම තමය් වෙලන්ද දෑන්වීමේ තියෙන්න්නෙ. 🙂

    කැමතියි

  2. නවම් මාවත එල බ්ලොගක්නේ ! මේ මාවතෙන් හැරුනට පාඩුවක් උනේ නෑ මට නම් .. ඇතිවෙන්න හිනා උනා .. කිම්බගේ කතාවත් බැලුවා ..

    මාරම ෆන් …

    ජයවේවා !!

    කැමතියි

  3. රොයිලි ප්‍රනාන්දු says:

    අදයි මේ පැත්තට ආවේ. ඔන්න ඔක්කොම පෝස්ට් ටික කියෙව්වා 😀

    කැමතියි

  4. arunishapiro says:

    මාත් නවම් මාවතට අද ආවේ. කතා ටික නියමයි. ලියන හැටිත් විශිෂ්ඨයි. නැවතත් එනවා නොවැරදී ම. ජය!

    කැමතියි

  5. අකිල says:

    එතකොට පොර මේවා හදන්නේ අවුරුදු 40ක් ඉදන් කියනව නේද? ඒ කාලෙත් ඕවමද මන්ද දැම්මේ.
    ඇයි අර තව සීන් එකක් තියෙන්න වෙන්ඩෝල් සහනාලේපෙට නඩු දාලා වෙන්ඩෝල් එක නඩුවෙන් දින්නම් රෙදි ගැලවෙන වර්ගයේ ඇඩ් එකක් දාල. 😀 😀 ඒකෙත් ඔය කතා ටික තිබ්බා.

    කැමතියි

  6. manju says:

    Nawam mawatha ta adamai awe. oyata lassanata liyanna puluwan. “EKA BADAWALA KADAN NAWATA……….” harima sanwedi. “KIMBA” “SIDDHALEPA MAHATTAYATA WARADILA” eka nam mara fun hodata hinauna. jaya wewa

    කැමතියි

  7. මේ අයියේ, සංකයාගේ කතාව ඇත්ත බං. ගෑනුන්ට මාරම මානසික වේදනාවක් තමාද කොහොද බං ඕක. 😀 මං දන්නේ කොහොමද කියල නං අහන්න එපා ඕං.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: