හිනා බෝ වේවා !….. පුහ්…….

ලෝකෙ වැඩිපුරම හිනාවෙන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ කියල මම පහුගිය දාක කොහේදි හරි ඇහුව හරි කියෙව්ව හරි කියල මතකයි. එදා ඉඳලම මට හිතුන දෙයක් තමයි ඔය කියල තියෙන්නෙ මම ඉන්න ලංකාවද එහෙමත් නැත්නං මම ඉන්නෙ මම ඉන්නෙ ලංකවෙ නෙවෙයිද කියල. සමහර විට ඔය සමීක්ෂණය කරන්න ඇත්තෙ අර සිග්නල් කට්ටිය “හිනා බෝ වේවා” ප්‍රමෝෂන් එක කරන කරන දවස් වල කියලත් නොහිතුනාම නෙවෙයි.

ඇත්තටම මම උදේට නැගිට්ට වෙලාවට හිනා කීයක් දකිනවද. පුතු පැටිය එක්ක ‍රැ තිස්සෙ ඔට්‍ටු වෙලා පණ ගිහිල්ල වගේ ඉන්න චූටිමැණිකගෙ මූණෙ තියෙන්නෙ හරිම මහන්සි හිනාවක්. සමහර වෙලාවට අපේ අම්ම උදේට හිනාවෙන්නෙ නැති තරං, ඒ සමහර විට උදේ 5.00 ඉඳන් කුස්සියෙ යුද්දෙ පටන්ගන්න හන්ද වෙන්න ඇති. තාත්තගෙ නං ඉතිං හිනාව හරිම ගනං නෙ, රෑ දෙගොඩහරිය වෙනකං පාඩං කරන නංගි උදේට නැටිටල තේ බොන්න එන්නෙ හරියට රෑ තිස්සෙ අයිලෙ පැදපු යකා වගේ මහන්සි මූනක් දමාගෙන.

ඊට පස්සෙ බස් එකේ එනවනං කොන්දොස්තරගෙන් පටංගෙන වැරදීමෙන් කකුල පෑගුන හරි තල්ලු උන එකා හරි ඉඳල ඊලඟට බස් එකෙන් බහිනකොට බහින්න කලිං පෙරලං නගින්න හදන එකා වෙනකං රවනව. මූනෙ හිනා පොදක් නෑ.

වැඩිය ඕන නෑ, ඉස්සර දවස් වල බස්වලට නැගපු හිගන්නෙක් උනත් දුන්න රුපියලට බැන බැන යනව මිසක් හිනාවෙලා යනව දකින්නෙ කලාතුරකින්. දැන් නං උංගෙ ‍රැවිල්ල බලන්න ඕනෙ නෑනෙ. හැබෑටම ඔය ඉස්සර බස් වලට නැගපු හිඟන්නො කෝ.

මෝටර් බයිසිකලෙන් එන කොටනං ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ, වාහනේක යන එකාගෙ ඉඳල පයින් යන එකා වෙනකං රවනවනෙ. කහ ඉර පෙනි පෙනී ඊට මෙහායින් පාර පනින එකාට හෝන් පාරක් ගැහුවොත් එහෙම බලන්න එපාය මූනෙ තියනෙ සිරියාව, හරියට ඒක කහ ඉරෙන්ම පනිද්දි අපි කහ ඉර එහාට තල්ලුකලා වගේ.

ඊලඟට රස්සාව කරන හරියට එනකොට, ‍රැව්වෙ නැතත් හිනාවෙන උන් ඇත්තෙම නෑ වගේ. ඔය නවම් මාවතේ හිනාවෙන අය අඩුයි නෙව. සමහර වෙලාවට ඒ තඩි බඩට දාපු බෙල්ට් එක හරි, දමාපු ටයි ගැටේ හරි හිර වැඩි කමට වෙන්න ඇති. එහෙමත් නැත්නං ඔය කාර් වලින් එන ඌෂ්ණෙට වෙන්න ඇති. සමහර විට වැරදිලා වත් හිනා උනොත් තියන ‍රැස්පොට් එකත් බහින්න බැරි නෑ නෙව.

ස්ත්‍රී පාර්ශවය ගැන නං අහන්න දෙයක් නෑ නෙ. වැරදිලාවත් හිනා උනොත් අපි කසාද බඳින්න අහයි එහෙමත් නැත්නං වෙන මගුලක් අහයි කියල නෙ හිතං ඉන්නෙ. ඕකනං ඉතිං අපි අපේම වැ‍රැද්ද කියලයි මම නං හිතන්නෙ. ඇයි ඉතිං අපේ අය්යල හිතං ඉන්නෙ කෙල්ලක් හිතවත් කමකට හිනා උනාම “වැඩේ හරි” කියලනෙ. ගෑණු පිරිම සම්භන්ධකම් එච්චරටම ලඝු වෙලා. මට මතකයි ඉස්සර ලක්මි කියනව ගෑණියෙකුයි පිරිමියෙකුයි අතරෙ යාළු කමකට සීමාවක් තියනව, එතනින් එහාට වැටදිලාවත් ගියොත් ඒක නවතින්නෙ ආදරයකට හැරිල කියල. ඉස්සර මං ඕකට හිනාවෙලා නිකං උන්නට දැන් නං හිතෙනව ඒක ඇත්ත වෙන්න ඇති කියල.

මට හිතෙන විදියට මිනිස්සු හිනා නොවෙන්න හේතු තුනක් තියෙනව. එකක් මිනිස්සු පුද්ගල සම්භන්දතා වලට බයයි. නොදන්න මනුස්සයෙක් එක්ක කතා කලාම සමහර විට වාතයක් නොවෙන වෙලාවල් නැතුවත් නෙමෙයි නෙ. අල්ලපු ගෙදර නොදන්න අසල්වැසියත් එක්ක කදා කරල ඔය මිනිහ යන්න එන්න පටන් ගත්තොත්, සද්දයක් ඇහුනත් ඔළුව දාන්න හදයි. ඊයෙ රෑ මොකද සද්දවගයක් අහුනෙ, අප්සට් එකක්ද කියල හරි අහයි. තවත් මනුස්සයෙක් ගෙ පෞද්ගලික ජීවිතේට ගරු කරන්න නොදන්න, තමන්ගෙ සීමාවන් නොදන්න මිනිස්සු ඉන්න වටාපිටාවක ඔයිට වඩා දේවල් බලාකොරොත්තු වෙන්න බෑ.

දෙක තමයි, ජීවන අරගලය. ලංකාවෙ බහුතරයකට තියෙන්නෙ ඊලඟ වේල කන්නෙ කොහොමද කියන ප්‍රශ්ණය. ඊලඟ වෙලට තරගෙට වැටිල. රේස් එකන් පැරදුනොත් කාල හමාරයි. හදිස්සියෙවත් හිනාවෙන්න අහක බැලුවොත් අනිකා කොලේ වහල තමන්ව ඉස්සරකරන් යයි කියල බයයි. ඉතිං මොන හිතකින්ද හිනාවෙන්නෙ.

තුන, මං කව්ද උං එක්ක හිනාවෙන්න – උං කවුද මං එක්ක හිනාවෙන්න, කියන මාන්නක්කර සිතුවිල්ල. සමහර වෙලාවට ඕක මාන්නයම නොවී හීනමානය [ඒ කියන්නෙ තමං නොවටිනා කෙනෙක් ය කියල හීතාගෙන ඉඳීම] වෙන්නත් ඉඩ තියෙනව. ප්‍රතික්ෂේප වීමට තියන අකමැත්තත් ඕකෙම කොටසක් විදියට ගනන් ගන්න පුලුවන්. මං හිනා වෙලා අනිකා මාත් එක්ක ඊට හිනා නොවුනොත් මට වෙන ලැජ්ජාව තවත් එකක්.

ඉතිං ඔහොම බලං යනකොට ලෝකෙ වැඩිපුරම හිනාවෙන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ එහෙනං ඈ. පුහ්….. !

dhaen nax uxge raewilla balanna oene naaene. haebaaetama oya issara bas walata naegapu hinnganno koe.
Advertisements

32 Responses to හිනා බෝ වේවා !….. පුහ්…….

  1. රංග says:

    අනේ මංද අපි හැමෝගෙම ඔය ගතිය තියෙනව. ඉස්සර ඉස්කෝලෙ බෑන්ඩ් ප්‍රැක්ටිස් තිබුනෙ උදේ 5ට. ඉතිං තාත්ත මාව හන්දියට ගෙනෙත් දානව. අපේ බෑන්ඩ් එකේම තව එකෙක් උන්ගෙ තාත්ත එක්කම ඒ හංදියටම එනව. අපි දෙන්නම බෑන්ඩ් එකට අලුතින් සෙට් උනේ. මූ හෙන ආඩම්බරයි. මූනවත් බලන්නෙ නෑ. මම මොකටද සෙකන්ඩ් වෙන්නෙ කියල මමත් මූව ගනන් ගන්නෙ නෑ. ඔහොම මාසයක් විතර ගියා මූ කතා කරන්න. පස්සෙ නම් ඌ මගෙ හොඳ යාලුවෙක් උනා.

    කැමතියි

    • නවම් says:

      ඔතන තමයි රාළෙ තියන ගැටළුව. අපි ලාංකිකයො මිනිස්සු විදියට විවෘත නෑ. තව කෙනෙක්ට තමන්ගෙ ජීවිතයට එබෙන්න ඉඩ දෙන්න බයයි. අලුත් අත්දැකීම් ලබන්න බයයි. අවදානමක් ගන්න බයයි. ඒකයි අපිට මිනිස්සු එක්ක දැන හැඳුනුම් කම් ඇතිකරගන්න කාලයක් ගතවෙන්නෙ. අපි හරිම සංවෘත ජාතියක්.

      කැමතියි

  2. ```Outsider``` says:

    පළවෙනි හේතුව නිසා හිනා නොවී ඉන්න සිදුවෙන අව්ස්ථා අත්දැකීමෙන්ම ලබල නිසා අපටත් බුම්මගෙන ඉන්න වෙන අවස්ථා තියෙනව.

    කැමතියි

  3. chameen says:

    මගෙත් හිතේ තිබුන අදහසක් මේ මිනිස්සුන්ගේ හිනාවට මොකද වුනේ කියල… අපි වෙන රටවල් වල දැක්කට උදේට නාදුනන කෙනෙක්ට වුනත් good morning කියල සුබපැතුවට , කොහොමද අපේ ලංකාවේ එකෙක්ට හරි එකියක්ට හරි හිනාවෙලා සුභ උදෑසනක් කිව්වොත්! කන්ඩ වගේ බලයි මොකද යකෝ මේ Alien කියල… ඔයාගේ මේ කතාව ගොඩක් හරි, “තවත් මනුස්සයෙක් ගෙ පෞද්ගලික ජීවිතේට ගරු කරන්න නොදන්න, තමන්ගෙ සීමාවන් නොදන්න මිනිස්සු ඉන්න වටාපිටාවක ඔයිට වඩා දේවල් බලාකොරොත්තු වෙන්න බෑ.”

    කැමතියි

  4. දුකා says:

    මම නම් නිතර යාලුවන්ගෙන් එහෙම බැනුම් අහපු අහන කෙනෙක් . .

    බැනුම: තෝ මොකද ඔය හිනාපාල වගේ හැම එකා එක්කම හිනා වෙන්නේ

    පිලිතුර: අනේ බන් අපි ඔක්කෝම ලංකාවේ මිනිස්සුනේ. මනුස්සයෙක් එක්ක හිනා වුනාම අතින් පයින් යනවද බන් . .

    ඔය කොහොම වුනත් මගේ හැමෝම එක්ක හිනා වෙන පුරුද්ද හොඳට වගේම නරකටත් බලපාලා තියෙනවා.

    උදාහරණයක් විදිහට දවසක් ෆ්ලය්ට් එකේ යද්දී එහා පැත්තේ ආසනයේ හිටපු ලංකාවේ “ඇන්ටි කෙනෙක්” කෙනෙක් එක්ක හිනාවුනා.

    ටික වෙලාවකින් “ඇන්ටි” මාත් එක්ක කතා කලා

    “අයියා මෙහේ ඩ්‍රයින්ව්න්ද කරන්නේ නැත්නම් හවුස් බෝයිද”

    රස්සාව වැරදියට ගෙස් කරපු එක අවුලක් කොහෙත්ම නෑ . .

    ඒත් මේ මාව ඇන්ටිගේ අයියා කෙනෙක් තරම් වයසයි කියල ගෙස් කරපු එක . .

    ඔය සුලු එකක්. කියනවනම් අම්බානක තියෙනවා . .

    මොනා වුනත් මගේ හිනාපාල වගේ හිනාවෙන පුරුද්ද නම් අතහැරගෙන නෑ තාම

    කැමතියි

  5. RanDil says:

    මේක නවම් මාවත නෙමයි නවම් !!! මාවත………..

    ඔයාගේ ගොඩාක් ලිපි මිනිස්සු සිතන දේවල් ගලා යන මාවත නවලා හරවනවා වෙන පැත්තකට………

    ඉතිං මේක නවම් මාවත නෙමෙයි නවම් !!! මාවත…………

    කැමතියි

  6. abeetha says:

    මමනම් කොහොමත් ඉන්නේ හිනාවෙච්ච ගමන්මයි….. හික් හික්

    කැමතියි

  7. arunishapiro says:

    දුකා වගේම තමයි මාත් හැම තිස්සෙම දත් තිස්දෙක විරිත්තන නිසා බැනුම් ද අහනවා!

    සැරිසරා ඇති රට රටවල් අතුරින් ලංකාවේ තරම් සිනාවෙන් පිරි මුහුණු ඇති පිරිස් වෙන කොහේවත් දැක නැත්තෙමි. මා හිනාවෙන හින්දා මා එක්කත් ඔවුන් දසුන් පෙන්වනවා ද?!!

    කැමතියි

  8. දුමී says:

    හ්ම්ම්… බලාගෙන යනකොට ඇත්තනේ බොලේ… අපි නොහිතුව පැත්තක් තමයි…!

    @දුකා,
    උඹට අයියා කියන්න ඇත්තෙ වයස හින්ද නෙමෙයි නිකන් උඹ චන්ඩියෙක් වගේ පෙනුණ නිසා වෙන්න ඇති… හිහ් හිහ්…

    කැමතියි

  9. නවම් says:

    සිරාවටම දුකා චන්ඩි අය්ය කෙනෙක්ද ඔය පැත්තෙ

    කැමතියි

  10. Anushka says:

    මම නම් බලන්නෙම හිනාවෙන් ඉන්න. ඒත් හිනාවුනාම හිනා වෙච්ච එකා නිකන් වල් ඌරෙක් වගේ කටහදාගෙන අහක බලා ගත්තම නම් අය්යෝ අපරාදෙ හිනාව කියලත් හිතෙනවා. මම ඕං ඉර කපල කියල හරි ලයිශන් බලන්න හරි වාහනේ නවත්තන පොලිස් රාළහාමිටත් හිනාවෙනව. අව්වට කලු ගැහුනු උන්ගෙ මූනු දකිද්දි දුකත් හිතෙනවා. මම නම් ගෑනු ළමයගෙන් අම්බානට බැනුම් අහන්නෙ හය්යෙන් හිනා වෙලා. දවසක් බස් හිටගෙන එකේ යනකොට ටාසන් බාප්පගෙ සිංදුවකට මට හෝ ගාල හිනායනවා. මේ කෙල්ල රවනව රැවිල්ලක් නිකන් බාබයිගා වගේ. ඒත් මොකො මම නන්ස්ටොප් හිනා. හැබැයි කවදාවත් බැහැල ගිහින්නම් නෑ.එයා දන්නව මූට පිස්සු වුනාට තව ගත යුතු දෑ තියෙනව කියල.

    කැමතියි

  11. නවම් says:

    සිරාවට, හිනා උනාම හිනාවකින්ම ප්‍රතිචාරයක් නැති උණාම ඊලඟ සැරේ හිනා වෙන්න කලින් දෙපාරක් හිතන්න වෙනවනං තමයි. ඒත් ඉතිං.
    අනික ඔය ගෑණු ළමයි නං හිනාවෙලා ඉන්නවට අකමැත්තක් නෑ ඕං

    කැමතියි

  12. kumara says:

    ගෑණියෙකුයි පිරිමියෙකුයි අතරෙ යාළු කමකට සීමාවක් තියනව, එතනින් එහාට වැටදිලාවත් ගියොත් ඒක නවතින්නෙ ආදරයකට හැරිල

    100% correct…

    කැමතියි

  13. නවම් says:

    අයිත් අහල. ඕකනං සහතික ඇත්ත ඕං. ඒකපාරක් පාඩං ගෙනගත්ත හන්ද මං නං දැන් හොඳට පරෙස්සමෙන්

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: