වී කෙයාර් ඕල්වේස් හෙවත් ආච්චිගෙ රෙද්ද !

අයියේ………

මොකෝ….

ඒ.. මගේ ඩොන්ගල් එක වැඩකරන්නෙ නෑනෙ.

ලෙඩක් නේද. ගේනවකො බලන්න…

ඔන්න මං ඉල්ලගෙන මගෙ ලැප්ටොප් එකට පුරුද්දල බැලුව. ම්හ්.. මළා වගේ. නාඩි වැටෙන්නේ නැතිය.. දන්න සෙල්ලං ඔක්කොම දමා අහවරය. ඩොංගලය එසේමට. මීක් නැත.

හා. ලෑස්ති වෙන්න. යං බලන්න බිලත් අරං ගත්තු තැනටම.

කොට කලිසමකුයි ටීෂර්ට් කබලකුයි දාගෙන නගාත් එක්ක මං ගියා මහරගම “සොෆ්ට් රින්ග්ස් “මොබිටෙල් සබ් ඩීලර් ගාවට.

මේ ඩොගල් එක වැඩ කරන්නෙ නෑනෙ. යූ.එස්.බී ඩිටෙක්ට් කරන්නෙ නෑ.

හා එහෙමද…. මොකක්ද දෙන එරර් මැසේජ් එක [අප්පට සිරි මාර ප්‍රශ්ණ]

මැසේජ් එකක් දෙන්න නං පී.සී එක ඩිටෙක්ට් කරන්න එපැයි

හා එහෙමද…..

හොඳයි අපි මේක සර්විස් සෙන්ටර් යවල චෙක් කරල බලල කෝල් එකක් දෙන්නං

හා…

අපි දෙන්න ගෙදර ආව.

නංගී අතෙනට කෝල් කරල බලන්න අදවත් වැඩේ හරිද කියල. [ඔය හරියට දවස් හතකට පස්සෙ ආපු අනිත් ඉරිද]

හා එන්න මිස්. සර්විස් සෙන්ටර් එහෙන් කිව්ව ඩොංගල් එකේ ප්‍රශ්ණයක් නෑ කියල.

හා එහෙමද, ඔයාට පුළුවන්ද ඔයාලගෙ මැෂින් එකකකට ගහල චෙක් කරල බලල හරියටම කියන්න.

අපි එහෙම කරන්නෙ නෑ මිස්. මිස් හෙ මැෂින් එක ගෙනාවොත් අපි මෙතනදිම චෙච්ක් කරල දෙනව [හොඳ වෙලාවට නගාට ලැප්ටොප් එකක් තිබුනෙ. නැත්නං ටවර් පී.සී තඩිය උස්සං යන්න එපායැ]

ඕං අපි ආයුධ ඔක්කොම අරං ඩොංගල් චෙක් කිරීමේ මහා මෙහෙයුමට මගරගම ගියා.
හාඩ්වෙයාර් ඉන්ජිනේරු මහත්තය මහ බැරෑරුම් මූණක් දමාගෙන ඩොංගලේ ගැහුව. ම්හ්… නෑ හතර පස් සැරයක්ම ගලවල ගැහුව. නැත සද්දයක්. කී බෝර්ඩ් එකේ කීස් ඔක්කොම එබුව. ඒත් නැතිය. වෛරස් ගාඩ් එක ඩිසේබල් කරල බැලුව…

මේකෙ තියෙන්නෙ යූ. එස්. බී පෝර්ට්ස් තුනක් විතරයිද.. [ඒ මොන ප්‍රශ්ණයක්ද ?]

හ්ම්ම්ම්……. අපි මේක රී-ප්ලේස් කරන්නම් අලුත් එකකට.

හා කියල අපි ආයෙම හිස් අතින් ගෙදර ආව.

ඊලඟ සති අන්තයෙත් පුරුදු විදියට ආපහු මහරගම ගියා.

ඇයි සර්..

මේ.. ඩොන්ගල් එකක වොරන්ටි ක්ලේම් කරගන්න කියල.

බිල් එක දෙන්නකො බලන්න

හ්ම්ම්ම්… ආ.. මේ ඩොන්ගල් එකනං තවම ඇවිල්ල නෑනෙ.

ඇයි ඒ…

ජොබ් නම්බර් එක වැරදිලා රිටර්න් වෙලා ඇවිල්ල.

කව්ද ජොබ් නම්බර් එක ලිව්වෙ මමද [උත්තර නැත]

ඔයාලගෙ මිස්ටේක් වලට අපිව රස්තියාදු කරන එක වැරදියි නෙ [උත්තර නැත]

කරුණා කරල මට කියන්න හරියටම කවද්ද මේක ගන්න පුලුවන් කියල. මොකද මට මෙහෙම රස්තියාදු වෙන්න වෙලාවක් නෑ.

පොඩ්ඩක් ඉන්න සර් මම හොයල බලන්නං.

මෙන බොලේ ඩිංග වෙලාවකින් කියාපි “සර් අපි මේ සන්බ්‍රෝඩ් බෑන්ඩ් ඩොන්ගල් එක කම්පැණි දාල තියෙන්නෙ වොරන්ටි ක්ලේම් කරන්න”

කම්පැණි කිව්වෙ……?

සන්බ්‍රෝඩ් බෑන්ඩ් කම්පැණි එකට.

සිගප්පූරු යැව්වද?

නෑ ලංකාවෙ.. [සන්බ්‍රෝඩ් බෑන්ඩ් එක ලංකාවෙ තියෙන්නෙ කොහේද බොල]

බොරු කියල කස්ටමර්ස්ල රවට්ටන එක හොඳ නෑ නේද? [උත්තර නැත – මට උත්තර දෙනකං බලං ඉන්නත් බැරිය]

මට සන්බ්‍රෝඩ් බෑන්ඩ් ඩොන්ගල් එකක්ම ඕනෙ නැ. තියෙන වෙන එකක් හරි කවද්ද හරියටම දෙන්න පුලුවන් කියල කියනවද. [ඒ බැරිම තැන එහෙමවත් කිව්වොත් තෙරෙයිද බලන්න]

එහෙම බෑ සර්. සන්බ්‍රෝඩ් බෑන්ඩ් බ්‍රෑන්ඩ් එකේම එකක් තමයි දෙන්න වෙන්නෙ.

සන්බ්‍රෝඩ් බෑන්ඩ් කියන්නෙ ඩොන්ගල් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි, ඒ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගෙ නමක් නේද. ඩොන්ගල් එකේ බ්‍රෑන්ඩ් එක හුවාවි නේද? [උත්තර නැත]

ඒ මදිවට එවෙලෙ ඉඳපු අනිත් කස්ටමර්ස්ලත් සීන් එකට ඔළුව දාන්න පටන්ගත්තු හන්ද අපේ ඉන්ජිනේරු මහත්තයට ඇඬෙන්නත් වගේ [මං මක්ක කරන්නෙයි. බොරු කිව්වෙ මක්කටෙයි එයැයි]

හරි සර්. මං සර් ගෙ ඩොන්ගල් එක ලෑස්ති කරල කෝල් එකක් දෙන්නම්.

තුන්වෙනි වතාවටත් හිස් අතින් ගෙදර ආමු [නිකන් නෙමෙයි ඌයි එවෙලෙ මතක් වෙච්ච උගෙ නෑදෑයො සේරමයි මතක් කර කර]

ඕං ඉතිං ජයග්‍රාහී හතරවෙනි වතාවටත් පහුගිය සෙනසුරාද [ඒ කියන්නෙ අන්තිම ගමනෙන් හරියටම සතියකට පස්සෙ] කියපු විදියට කෝල් එකක් ආවෙ නැති හන්ද මගරගම හියා. යන්න කලින් මම කෝල් කරල කන්ෆර්ම් කරගත්ත අද මට ඩොන්ගල් එක ලැබෙනව කියල.

ගියාට පස්සෙ ඔන්න වෙනද විදියටම වාඩිවෙන්න කිව්ව. මමත් ඉතිං පැත්තකින් වාඩි වෙලා බලං ඉන්නව දෙනකං. මං ඉන්නවද කියල වගක් නැතුව කට්ටිය වැඩ. ඔන්න විනාඩි විස්සකට ව්තර පස්සෙ එක්කෙනෙක් ඇවිල්ල කියපි,

සර් පොඩි ප්‍රශ්ණයක්. ඒ ජාතියෙම එකක් හොයාගන්න නෑ කියනවනෙ.

මල්ලි, මට ඔයා එක්ක ආගිවුමන්ට් එකක් නෑ. ඒක නිසා මට වගකීමක් ගන්න පුළුවන් කෙනෙක් මුනගස්සන්න. මම එයා එක්ක මෙ ගැන කතා කරගන්නම්. [ඒ නං මට ඇතිවෙලා, උපරිමේට ආපු කේන්තිය අමාරුවෙන් පාලනය කරගෙන]

ඕ.කේ සර්.

ඔන්න එතකොටම තව එකෙක් ඉස්සරහ දොර ඇරං ආව. මෙන්න බොලේ අර කම්මැලි කමේ ඕනවට එපාවට වැඩ කරන උන් හිටගෙන හි‍ටු කියල වැඩ හරන්න පටන්ගත්ත. දැන් පොර හිටන් ඉන්න කස්ටමර්ස්ලගෙන් අහනව මොනවද කෙරෙන්න ඕනෙ, ආපු කාරණාව කරගත්තද අරව මේව. බැලින්නං මිනිහ ලොක්කෙක්.

පිලිවෙලට අහගෙන මම වාඩිවෙලා උන්නු තැනටත් ඇවිල්ල අර ප්‍රශ්ණ ටිකමගෙනුත් ඇහුව. මමත් ඉතිං අඩුවක් පාඩුවක් කරන්නෙ නැතුව අල ගිය මුල ගිය තැන් සේරම කිව්ව [ඇයි ඉතිං ඔතෙනට යන හැම සැරේකම ඔතන ඉන්න උන්ට විස්තරේ කියල කටපාඩම් වෙලානෙ තිබුනෙ] ඔන්න ඊටපස්සෙ මිනිහ එතන ඉන්න කට්ටියගෙන් විස්තර අහනව ඇයි  මේක මෙච්චර පරක්කු වෙන්නෙ, මොකද ඩොන්ගල් එක රි-ප්ලේස් කරන්නෙ නැත්තෙ කියල. උන් ඉතින් දාහක් දුක් ගැනවිලි කියන්න පටන්ගත්ත එතකොට. කොහොමින් කොහොම හරි අර මනුස්සය ආපු හන්ද හතර වෙනි දවසට ටත් හිස් අතින් හැරිල එන්න සිද්ධ නොවී අලුත්ම අලුත් හුවාවි ඩොන්ගලයකුත් අරන් ගෙදර ආව.

හැබැයි එන්න කලින් අර මනුස්සයට මට වෙච්ච අභග්ග සේරම කියල. මීට පස්සෙවත් මිනිස්සු රස්තියාදු කරන්නෙ නැතුව රාජකාරි කරන හැටි කට්ටියටම කියල දෙන්න කියල එන්න අමතක කලේ නෑ. [මිනිහත් ඉතින් අර කලින් උන් වගේම නං අපරාදෙ මගෙ වචන ටිකයි වෙලාවයි]

මෙන්න සිද්ධිය හන්ද මට වෙච්ච අලාබ

ටෙලිෆෝන් කෝල්ස් = 12 යි

ගෙදර ඉඳං මගරගමටයි මහරගම ඉඳං ගෙදරටයි මෝටර් සයිකල් ගමන් = 08 යි

දවස් හතරට පැය දෙක ගානෙ රස්තියාදු වීම් = පැය 08 යි

කේන්ති ඇවිල්ල පිච්චුණ ලේ පයින්ට් = 02 යි

එක දවසක් ඔය ගමනකදි වැස්සට තෙමිල හැදුනු හෙම්බිරිසවට ගත්තු බෙහෙත් වලට = රු. 450.00

මගෙන් චූටි මැණිකෙට බෝවෙලා පොඩ්ඩට කිරි දෙන හන්ද බෙහෙත් බොන්න බැරුව විඳපු දුකට =  ?

චූටි මැණිකගෙන් පුතුපැටියට බෝ වෙලා නහය හිරවෙලා කිරි බොන්න බැරුව විඳපු දුකට = ?

ඒක බලං ඉන්න බැරුව අපි දෙන්නට දැනිච්ච දුකට = ?

ඔන්න “වී කෙයාර් ඕල්වේස්” කට්ටියගෙ ර‍ඟේ……..

Advertisements

48 Responses to වී කෙයාර් ඕල්වේස් හෙවත් ආච්චිගෙ රෙද්ද !

  1. ඇත්තෙනේ බන් උන් කියන්න ඇත්තේ වී කෙයා අල්වේස් අබවුට් අස්

    Which mean they always care about them ne bang

    කැමතියි

  2. Taboo Subjects says:

    ඔතැන වෙලා තියෙන දේ මම කියන්නම්. තවත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන කෙනෙකුට උදව්වක් විදියට.

    ඔය Huawei ඩොන්ගල් පොඩ්ඩක් නැවුණොත් connection එක කැඩෙනවා. ඊට පස්සෙ කම්පියුටරේ හඳුනාගන්නෙ නෑ. (හරිනෙ initialize කරන්න බෑනෙ.) පෝඩ්ඩක් සීරුවෙන් අනෙක් පැත්තට නැව්වොත් හරියනවා. මගේ පරණ එකටත් ඕකම වුණා. ඒත් customer care එක හොඳ නිසා (මොබිටෙල් නෙවෙයි.) ටක් ගාල ප්‍රශ්නෙ හඳුනාගෙන විසඳුමක් හොයල දුන්න. ඊට පස්සෙත් සෑහෙන කාලයක් පාවිච්චි කළා, ගොඩ දාන්න බැරි තැනට එන කල්ම.

    කොහොම උණත් සන්තෝස වෙන්න. මොකද උන් වැරද්ද හොයා ගත්ත නම් ඕකට replacement එකක් හම්බවෙන්නෙ නෑ. මෝඩයො නිසා දීල තියෙනව.

    – Taboo

    කැමතියි

    • නවම් says:

      මටත් ඔය වග නොහිතුනාම නෙමෙයි, මොකෝ ඔය ඩොංගල් එක හැම තිස්සෙම ගහල තිවුනෙ පරණ පී.සී ක‍ටුවෙ පස්ස පැත්තෙ පෝට් එකක. ගැහුව ගැහුවමයි ගැලෙව්වෙ මාස අටකට පස්සෙ ඔය අවුල ආවම තමයි. ඩිංගක් විතර නැවිල තිබුනත් තමයි. හැබැයි ඒ ඩොංගලේ බරටමයි. එතකොට ඩොංගල් එකේ බර ඒකටම දරාගන්න බැරිවෙලා බෙල්ල කඩාගැනීමෙ වැ‍රැද්ද කාගෙද? කොහොම උනත් උන්ට ඒ වග නොතේරිච්ච එකනං මගෙ වෙලාව. නැත්නං තවත් මාසයක් විතර චාටර් වෙන්න තිබුන.

      කැමතියි

  3. රාළ says:

    කොයි ආයතනෙත් ඔහොම තමා
    ඒක නිසා සතියකට වඩා වැඩේ කල්යනව නම් ඉතින් සුද්ද සිංහල භාවිතා කරන්න
    අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි
    ඕන ලොක්කෙක් දන ගහනව
    දැහැමින් සෙමෙන් ජීවිතය ගෙවන්න බෑ ඔන්න ඔය වගේ කාලකන්නි එක්ක.
    ඒක නිසා ගේමෙන්ම තමා යන්න වෙන්නේ……
    කණගාටුව තියෙන්නේ අපි නරක් කරන්න මේ මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නෙ ඇයි කියන එක.

    කැමතියි

  4. වැඩක් නෑ බං කතාකරලා. කස්ටමර් කෙයාර් නම් අන්තිමයි බං. ඩොන්ගල් විතරක් නෙමේ අනිත් ඒවාත් එහෙම තමා.

    කැමතියි

  5. මමත් ලගදී ගත්තා අලුත් එකක්…ඒක ගත්ත දවසේ ඉදලම වැඩ නෑ…දැන් සති ගානක් තිස්සේ ඕවයෙ රස්තියාදුව…කස්ටම් එකට කතා කරල ඇති 20 පාරක් විතර..ආකේඩ් ගිහින් ඇති 8 පාරක් විතර…කිසිම උත්තරයක් නෑ…කස්ටම් එකෙන් අන්තිම වතාවට කියපි මට ඩොන්ගල් එකත් අරගෙන Colombo එන්න කියලා…මෙහේ ඉදන් එහේ යන්න…රුපියල් 900ක් විතර කන්න බොන්න ගියාම ඩොන්ගල් එකේ ගාන හරි….මුන්ට කියන්න වචන නෑ…හද්ද චා….. 😦

    කැමතියි

  6. udaya says:

    ලංකාවේ කස්ටමර් කෙයා ගැන පොතක් ලිවුවොත් පිටු දහස් ගණනක් මදිය…..
    2009 වසරේ දිනක මා ටෙලිකොම් ආයතනයේම වැඩකරන කාලයේ ආයතනයේ වැඩකට ඩොන්ගල් දෙකක් ගැනීමට ගංගාරාමයේ මොබිටෙල් එකට ගියා. වැඩි හොඳට වැඩේ ඉක්මනින් කර ගැනීමට කියා ගියේ Corporate Customer Relations Executive කෙනෙක්ට කලින්ම කෝල් එකක් දීලා. SMS සිස්ටෙම් එකකට පාවිච්චි කරන්න තමයි ඩොන්ගල් ගන්න උවමනා වුනේ. ඔය කලින් කතා කල පොරත් මුණගැහිල ඉන්න ඔක්කොම අයගෙ දහ්සක් යෝජනා සලකා බලල මමයි යාළුවයි ඩොන්ගල් 2ක් සහ සම්බන්ධතා 2ක් අරන් ආපහු ආව. [ඔය වැඩේට කොහොමත් පැය 3ට වැඩිය ගියා.]
    ඊලඟට ඔය ඩොන්ගල් 2 ක Server එකට ගහල බැලුවහම තමයි අපි දෙන්නට තරු පෙණුනෙ. අපි කොච්චර ට්‍රයි කෙරුවත් මේව හරහ SMS යවන්න බෑ. අපි තවදුරටත් හොයල බැලුවාම නෙට් එකේ, ඇත්තටම ඔය කියන ඩොන්ගල් ජාතියෙ අපි ගත්ත මොඩ්ල් එකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් මලා තමයි, අරුන් මොනව කලත් වගකියන්න ඕනි අපි නෙ.
    අපි නැවත අර Corporate Customer Relations Executive ට කතා කලා. මෙන්න මිනිහ කියනව දැන් ඉතින් මාරු කරන්න බැහැ. අපේ අයගෙ වැරැද්ද වුනාට ඔයාලත් බලල ගෙනියන්න එපායැ කියල.
    බැරිම තැන වෙච්චදේ අදාල පුද්ගලයෙකුට කිවුවා. මෑන්ගෙ මැදිහත් වීමෙන් මොබිටෙල් කතාකරල බැලුව. සතියක් ගියා, විසඳුමක් නෑ. දැන් අපේ ලොක්කට තදවෙලා SMS නොයන සීන් එක ගැන. බැරිම තැන මිනිහට කිවුවා. මෑන් කේස් එක CEO ට කිවුවා. අන්තිමට තව සති 2ක් ගිහින් අපේ CEO මොබිටෙල් සේල්ස් වලට අදාල පොරකට කියල තමයි යන්තම ඩොන්ගල් 2ක මාරු කරගත්තෙ. මොබිටෙල් එකෙන් ටෙලිකොම් එකට සලකන්නෙ ඔහොමනම් හුදී ජනයාට දෙවියන්ගෙම පිහිටයි. … 😛 [එතන ඉන්න සේල්ස් මෑන්ලට වඩා ගල් ඉබ්බො කීප දෙනෙක් තිබ්බ නම් වඩා හොඳයි…]

    කැමතියි

    • නවම් says:

      ඔය ගැන නං කතාකරල කට රිදෙනව. බඩුවක් විකුනගන්නකොට තියන සැලකිල්ල නෑ ඒක විකුන්නට පස්සෙ. උං දන්නෙ නෑ උං මාසෙ අන්තිමට පඩියක් කියල දෙයක් ගන්නෙ උන්ට එන කස්ටමර්ස්ල හන්ද කියල. ලොකු නමක් තියන කොම්පැණියක ටයි එකක් දාගත්තම, මං තමයි ලෝකෙට ලොක්කා කියල හිතං ඉන්න උන් හන්ද තමයි කෙලවෙන්නෙ.

      කැමතියි

  7. api gewana gaanata thama sewaya labenne Dialog eke CC eka dan hodai mokada eyalage ganan wadine 😛

    කැමතියි

  8. lakmal says:

    ඔව් ඔව් මටනම් DONGALE කෙරුවාව එපාවෙලා තියෙන්නෙ….!

    කැමතියි

  9. මට නම් මේ සර්විස් පුවයිඩර්ලා ඔක්කෝම එපාවෙලා ! එයාල හිතං ඉන්නේ අපි බබාලා කියලා . නවම් අයියට කියන්න . මම ADSL ගන්න සල්ලි ගෙඩි පිටින් රු 7000 බැඳලා දැන් මාස 8 යි ඒත් තවma ADSL මට සිහිනයක් පමනි . තාම ලයින් එක ඇද්දේනෑ .

    ඉතිං අනේ මම දෙබස් වලට මාරු උනා ..

    නියම පෝස්ට් එක අයියා ..

    ජය වේවා !!

    කැමතියි

  10. iplus says:

    ෂා… මරු කතාව! කාලෙකට පස්සේ ඇහුවමයි ඔහොම එකක්! 😀

    කැමතියි

  11. කරුමක්කාරයා says:

    මෙන්න සිද්ධිය හන්ද මට වෙච්ච අලාබ

    මේ පෝස්ට් එක ලියන්න අපතේ ගිය වෙලාව දාල නෑ නේ. ඒකත් අලාභයක් නේද? 😀

    කැමතියි

  12. නවම් says:

    හපෝ නෑ, ඒකනං කීයටවත් නාස්තියක් නෙමෙයි. මං හරිම ආසාවෙන් කරන දෙයක් නෙ මේ බ්ලොග් කෙරුවාව.

    කැමතියි

  13. සෝරෝ says:

    ඔය ඔක්කොමඋන්තේ කස්ටමර් සර්විස් එක ඔහොම තමා…..

    උන්ගේ වැඩේ කරගන්නකන් ඉර දේවි, හඳ දේවි… ඊට පස්සේ උන්ට වඳින්න ඕනි….
    කොහොම හරි එකක් ලැබුන නිසා අවුලක්නෑ නේ….

    ජය වේවා…!!

    කැමතියි

  14. dinesh says:

    ඔක්කොමත් ඉවසුවැහැකි,මුන් අපි ගොන්නු කියල හිතාන කියන බොරු තමා අහගෙන ඉන්න බැරි.කවදා මේ රටවල් වාගෙ ලංකාව හැදෙයිද…..???

    ආයෙ ඔයාට මෙහෙම දෙයක් නොවේවා…….කියල ප්‍රාර්ථනා කරණවා

    කැමතියි

  15. නවම් says:

    අවුලක් නං නෑ. ඒත් කළකිරීමක්

    කැමතියි

  16. Buddika says:

    Hafoi matath oya dongle nisa hena karadare,gewal paththe un ehema dongle wala case poddk balala denna puluwanda kiyala ehema enwa,karume kiyanne man owa kawadawath use karala na,(man hsdpa yanna one unoth yanne erricson eken,eka ithn polwae gahuwath wada karanwa 😉 huwawi walata wada signaluth hondai) samahra ewa gahuwma error magul enwa,initlize wenna,linux walata pissu kelinwa(drivers wath hoyanna thiyenawayai),mewage AT commands walin wath wadak ganna bane,monawa tiyenwada manda virtual modem ekak wage.server waltanm kohomath baruwa athi

    කැමතියි

  17. Anushka says:

    හාර්ඩ්වෙයාර් කෑලි සම්බන්දයෙන් වෙලා තියෙන රස්තියාදු නිසා ITඑපා වෙනවා. අය්යෝ කොහෙත් එකයි. විකුණ ගන්න කම් විතරයි ආදරේ. ඊට පස්සෙ ඉතින් ඉක පුරා ගැනීමේ මහා මෙහෙයුම් දියත් කරන්න වෙනවා. හොඳ ලිපියක්. මෙහෙම චාටර් සර්විස් එකක් දෙන් එවුන් ගැන මේ වගේ ඕපන් ලියන්න ඕනෙ. එතකොටවත් මෙවුන් ටිකක් හරි හැදෙන්න බලයි නෙ. මේකට පුලුවන් තරම් පබ්ලිසිටි දෙන්න ඕනෙ.

    කැමතියි

  18. Alchemiya says:

    මේව දැක්කාම ආයෙ ලංකාවට ඇවිල්ල පදිංචි වෙන හීනෙ තවත් ඈතට යනවා….
    ලංකාවෙ මොන කස්ටම්ර් සර්විස් වුනත් ලාන්තරස් තමයි…
    Air Port එකෙන් බැහැපු වෙලේ ඉඳලා ආයෙම Air port එකෙන් පිටවෙලා යනකල් එකම සන්තෑසිය.

    දවසක් මම ලංකාවට ඇවිත් බඩු වගයක් ගත්තා MC එකෙන්… උන්ට Credit Card එක swipe කරලා Authorize කරගන්න බැරුව මමමයි ඒකත් කරලා දුන්නේ…..

    කැමතියි

  19. Kathandara says:

    මං 2009 දෙසැම්බරයේ මහරගම සොෆ්ට් ලොජික් එකෙන් ඩයලොග් මොබයිල් මෝඩම් එකක් අරගෙන වින්ද වදේ කොචථචරද කියනව නං, ඒ කතන්දරේ ලියන්න තියා මතක් වෙන කොටත් ලේ නටනවා!

    කැමතියි

  20. dave says:

    oya wage prashnayakadi barima wunoth thiyenawa ayathanayak CONSUMER PROTECTION AUTHORITY kiyala..hungak ayathana budu bayai okata..complain ekak kaloth ehe lawyersla kelinma wadeta bahinawa.[rajaye nisa tikak pramada dosha nam thiyenawa] ath wade sure..mamath ewata face karala thiyena nisa kiyanne..hamogema danaganeema pinisa.

    කැමතියි

  21. අපිත් පාවිච්චි කරන්නෙ ඔය වී කෙයාර් ඕල්වේස් එකක් තමයි. කතා කරල වැඩක් නෑ කෙයාරින් ගැනනම්!!

    කැමතියි

  22. i pol says:

    නියමයි ලිපිය…..හැබැයි මුන්ට රිද්දන්න නම් තව දිගටම ලියන්න ඕන.

    කැමතියි

  23. අපොයි දෙයියනේ පුද්ගලික අංශේත් කෙලවෙලාද අපේ රටේ??

    කැමතියි

  24. ලොකු says:

    මල්ලි,
    මේ කතාවෙ මම දැක්කෙ මොලේ ඈති කෙනෙකුට බිස්නස් එකක් පටන් ගන්න හොඳම අවස්ථාවක්. මේ වගේ දේවල් මුලින්ම මුලින්ම මිනිස්සු ඉවසනවා අළුත් දේවල් නිසා. විකුණන කෙනාකේ රැස්පට් බලනවා. මේක වැඩිපුරම වෙන්නේ ඒ වගේම ක්‍රමය පවතින්නේ, විකල්පයක් නැති නිසා නේද?

    හොඳ සර්විස් එකක් දෙන විකල්පයක් ඉදිරිපත් වුනොත් එයාලටත් බිස්නස් හොඳයි, වැඩ දන්න වැඩ කරන එවුන්ටත් කල දවස හොඳයි නේද?

    කල්පනා කරලා බලන්න…..

    -ලොකු

    කැමතියි

  25. නදී says:

    කථාවෙ අන්තිම ටික ගැනයි මේ සටහන.
    කිරි දෙන අම්මා කෙනෙක් බෙහෙත් බීලා දරුවට කිරි දුන්නහම දරුවටත් හොඳ වෙනවා.(හැබැයි හෙම්බිරිස්සාවට නම් බෙහෙත් නෑ)

    කැමතියි

  26. ඔය ලොකු ලොකු ආයතන බොහොමයක ඉන්න සේවකයො තමන්ගෙන් සේවය ලබාගන්ඩ එන මිනිස්සුන්ව අවතක්සේරු කරන්න යනවනෙ. ගල් පැලෙන බොරු හරියට ඇත්තම වාගේ කියන හැටි නෙ බලන්ඩ වැඬේ … ඕක පුද්ගලික අංශයෙ විතරත් තියෙන ලෙඩක් නෙවෙයි…. රාජ්‍ය අංශයත් එසේමයි.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: