වෙන්ඩ ලෝයර් ගේ තඩි බොරුව සහ ස්වයං නිවාස අඩස්සිය

මේක ලියල තියන්න ඕන කියල මතක් වුනේ අපේ ගෝල්ඩ් ‍ෆිෂ් ලියපු, උන්දැගෙ සිරීපාදෙ ගමනයි අකේලේ හම් අනුංගෙ කෙල්ලංගෙ අතින් අල්ලං නැග්ග කතාවයිගෙයි කියෙව්වට පස්සෙ. ගමනෙ විස්තර කියනව කිව්වට සේරම ලියන්න හිතක් නෑ. මොකෝ ඕක ට දවස් දෙකක්ම ගිය හන්ද සේරම ලියන්න ගියොත් මට වෙන වැඩක් නැතිවෙයි, කියවන්නත් එපාවෙයි.

අපිට වෙච්ච් ලොකුම අභග්ගයයි තව එක අතුරු කතාවකුයි ලියල දානව කියල බොහොම අමාරුවෙන් හිතත් එක්ක එකඟතාවයක් ඇතිකරගත්ත.

ඉස් ඉසෙල්ලම අතුරු කතාව ලියල ඉඳිමු, සෙස්ස පස්සට

මේ ගමන යන්න සෙට් උනේ මගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක්. එක්කෙනෙක් මං අර කලින් පෝස්ට් එකකදි කියාපු සහෝදරය. ඇත්තටම මේ ගමන යන්න අපේ තව එකෙක් එන්න උන්නෙ. අන්තිම මොහොතෙ උගෙ ලෝ කොලේජ් එකේ යාලුවොත් එක්ක ඇනුවල් ට්‍රිප් එකක් යන්න සෙට් වෙලා ඌ ආවෙ නෑ. අපිනං කිව්ව ඔය ලෝයර්ස් ල එක්කයන ට්‍රිප් චාටර්, වර අපිත් එක්ක සිරීපාදෙ යන්න කියල, කව්ද මංද තව ජිඟිරි පාං ගෑණු ළමයෙකුත් යනව කියල මූ බෑම කිව්වනෙ පොලොවෙ හැපිල. මූ අති පංඩිතය හන්ද කෙල්ලො කැමතිම නෑ මේකට. අපි මූ ව සිරීපාදෙ එක්කං ගිහිල්ල යන්තං හරියාගෙන එන්න වගේ තිබුන මුගෙ වැඩේ ගැස්සිලා ගියොත් එහෙම මූටත් අර “මගේ පුංචි රෝසමලේ” සින්දුවෙ වීඩියෝ එකේ ඉන්න ලෝයර් වගේ තමයි ඉන්න වෙන්නෙ. අනික මරන්න ගෙනියන හරකෙක් වගේ අඬන එකෙක් එක්ක සිරීපාදෙ යන්න බැරිහන්ද අපි තුන්දනා විතරක් යනව කියල ඔන්න වෙසක් පෝයට දවස් තුනක් කලින් කො‍ටුවෙ ස්ටේශන් එකට ආව බදුලු කෝච්චියට. අපි ඉති අපායට ගියත් කලිං යන උන් නෙ, කෝච්චියට පැයක්ම තියෙනව වැඩිපුර. කම්මැලි කමටත් එක්ක අර අනිත් යාලුවට කතාකරල බලමු උගෙ ට්‍රිප් එක කොහොමද කියල හිතල ඔන්න ඌට කෝල් කලා.

මචං අපිනං දැං කො‍ටුවෙ ස්ටේශන් එකේ. උඹ කොහෙද මචන්?

මූ උත්තර දෙන්නෙ නෑ..

හෙලෝ හෙලෝ…… මචන් ඇයි, ඇහෙන්නෙ නැත්ද?

ඇහෙනව යකෝ.. මං කාමරේ.

යකෝ මෙච්චර විගහට බොලා නුවරගියාද, එල එල.

එල? රෙද්ද තමයි. මං ගෙදර ඕයි.

ගෙදර අහවල් දෙයක් කරනවද මූ…….

හොයල බැරින්නං, ඒ දවස් වල නුවර පැත්තෙ කඳු නාය යන හන්ද උන් ටික නුවර ගමන කැන්සල් කරල, උණව‍ටුනෙ යන්න තීරණය කරල. ගාල්ලෙ ඉන්න එකාට උණව‍ටුනට මොන ඇනුවල් ට්‍රිප් ද. මූගෙ මළ පැනිල්ල කොච්චර්ද කියනවනං මූ උන්ට කියල ඒ සැරේ උගෙ වෙන යාලුවො ටිකක් එක්ක සිරීපාදෙ යනව කියල. ඒ කියන්නෙ අපි නෙව. ලැජ්ජාවට අපිට කිව්වෙ නෑ නුවර ට්‍රිප් එක කැන්සල් කියල. අනික මූ දීපු පොර ටෝක් වලට ආපහු ඔය යකාට රෙද්දක් ඇඳන් කියන්න බෑ.

ඔන්න ඔහොමයි ඌට ට්‍රිප් දෙකම මිස් උනේ. හොඳම හරිය ඕක නෙමයි. ට්‍රිප් එක ආපු සෙට් එක නවතින්න ‍තෝරෙගෙන තියෙන්නෙ මුගෙ ගෙවල් හතර පහකට එහායින් තියෙන හොටෙල් එකක්

මූ අර උගෙ ලෝයස්ලට කිව්වෙ සිරීපාදෙ යනව කියලනෙ. ඉතිං වැරදිලාවත් මූ අහල පහල ඉන්නව දැක්කොත් උගෙ ඉදිරි වෘතීය ජිවිතේට හොඳ නෑ කියල අපි සිරීපාදෙ ගිහින් එනකන් ම මේක කාමරේට වෙලා දවස් දෙකක්ම හැංගිලා උන්න.

ඕං අපේ යාළු ලෝයර්ලගෙ වග. මුං කතාකරන ණඩු වලටත් බඩුම තමයි

ප/ලි : ඔය කිව්වෙ සිරීපාද ගමනෙ අතුරු කතාවනෙ. අනිත් කතාව තමයි ඕං ඊලඟ පෙට්ටියෙ එන්නෙ. හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට කියල තියෙනව නෙ.

Advertisements

16 Responses to වෙන්ඩ ලෝයර් ගේ තඩි බොරුව සහ ස්වයං නිවාස අඩස්සිය

  1. අර යාලුවා පොර ටෝක් දුන්නට හොද වැඩේ වෙලා තියෙන්නේ. ඔයවගේ අපේ බැච් එකෙත් හිටිය පොර ටෝක් දෙන සාධාරණ කොටෙක්. මොනිහගේ වැඩ වලට වැඩ තියෙන්නේ පොර ටෝක්.

    සිරිපාද ට්‍රිප් එක නම් ෆන් ඇති නේ. ඒ ට්‍රිප් එකේ ටස මුසු තැන් තියෙනවා නම් ඉදිරි බ්ලොග් සටහන් වලින් ලියන්න.
    ජයවේවා !!!!

    කැමතියි

    • නවම් says:

      හෙට අනිද්දම ඉතුරු කොටසත් දාන්නම්කො.

      කැමතියි

    • Gamith... says:

      මේ යාලුවා…. ඔන්න වරද්ද ගත්තු පොට. සිරිපාදෙ කියන්නෙ ට්‍රිප් එකක්වත් ෆන් ගන්න ගමනක්වත් නෙමයි. නොදෝකිං උඔල නං……… ඕක වන්දනා ගමනක්.

      කැමතියි

      • නවම් says:

        කේන්ති ගන්න එපා ගමිත්, මං ඔය ගමන ගියේ විනෝද ගමනක් විදියට.හැබැයි ශ්‍රද්ධාවෙන් පද්මෙ වැන්ද

        කොහේ හරි දුරක තියෙන ලඟම කෙනෙක්ගෙ නොවෙන මළ ගෙදරක මං කට්ටියක් එක්ක වාහනේක යනවනං සින්දුවක් දෙකක් කියාගෙන තමයි යන්නෙ. හැබැයි මිණිය වටේ අපි සින්දු කියන්නෙ නෑ. ඒ යුතු විදියට ආචාර කරල එනව.

        අනුරධපුරේ වන්දනාවෙ යනවනං අතරමග වැවකින් නාල, සමහර වෙලාවට එතනම බැදල දෙන වැව් මාළුවෙක් එක්ක බත් ඩිංගක් කාල සිංදුවකුත් කියං ගියාට ශ්‍රී මහා බොධියට බයිල කිලය නෙමෙයි ගාථා කියල වඳින්නෙ.

        මං හිතන්නෙ ඒක සාමාන්‍ය දෙයක්. එහෙම නැතුව ගෙදර ඉඳන්ම තුන්සරනේ කියාගෙන වන්දනාවෙ යනසිරිතක් මං අහල නෑ ඕං

        වැඩි වයසක් නැති [මං හිතන්නෙ හතලිහට අඩුයි] ඔබතුමාත් මං හිතන්නෙ නැ ඔයිට වෙනස් විදියකට හැසිරෙනව ඇති කියල. හැබැයි එහම වන්දනා ගමනක් මුල ඉඳන් අගටම ඔබතුමා කියන විදියට යනවනං මේං මගෙ ආචාරය. මොකෝ මං තාම පෘතුග්ජනයි නොවැ.

        කැමතියි

  2. ෂා ඉල්ලං කෑම නියමෙට ප්‍රගුණ කරපු සිරා ලෝයර් කෙනෙක්නේ බං. දැනුත් මිනිහා ඔහොමමද දන්නේ නෑ නේද? මේ ඒක නෙවේ ආයේ යද්දී ලෝයර්ව එක්කන් යමං.

    අනිත් කතාව ඉක්මනට දාපං බං. සෙල්ලං බලන්න ඕනෙ එළිවෙන්න කලිං.

    කැමතියි

  3. පලකල සැනින් ඔබේ ලිපිය සින්ඩියේ පෙලගස්වාගන්න, අදම ඔබත් ඔබේ බ්ලොග් අඩවිය “සින්ඩි ලංකා” හි ලියාපදිංචි කරගන්න.
    ලාංකීය බ්ලොග් කරුවන්ගේ බ්ලොග් සින්ඩිය “සින්ඩි ලංකා”

    කැමතියි

  4. pinibindu says:

    අයියෝ දවස් දෙකක් නිවාස අඩස්සිය කොහොමද වැඩේ. තමන් තමන්ටම දඬුවම් දී ගත්තා වගේ වැඩක්

    කැමතියි

  5. dinesh says:

    හික්….හික්……මෑන්ට මරු වැඩේ වෙලා තියෙන්නෙ.අර එලිවෙන ජාමෙට උන සීන් ටික ලියමුකො ඉක්මනට.

    කැමතියි

  6. නවම් says:

    එහෙනං හෙට දවල් වෙන්න කලිං කොටල දාන්නංකො

    කැමතියි

  7. එල එල නවම් ඔහොම යං . ..නියම සිද්දිය . යාලුවත් මේක බලන්න ඇති මයෙ හිතේ . අපි අනික් කතා ටිකත් බලන්න පට්ට ආසාවෙන් ඉන්නේ . ඒකත් ඉක්මනටම ලියලා දාපන් මචං

    ජය වේවා !!

    කැමතියි

  8. සෝරෝ says:

    හෆ්​ෆෝයි………….. සාටර් කේස් එක………. 😀

    කැමතියි

  9. පින්ග්කිරීම: සිරීපාද මුත්තාගේ ගාන්ඨාර ගැහිල්ල හා නඩේ ගුරා « නවම් මාවත

  10. පින්ග්කිරීම: පොලීසියෙන් දඩගහන්න අපිට, හුහ්……. එව්ව කොහේද ! « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: