දාල ගියපු කෙල්ල, කොල්ල ගෙන්නන්න මෙන්න කරනවනං ගුරුකං

නොවරදින අති ප්‍රබල වශී ගුරුකම්

වරු තුනේ සිට අත්දු‍ටු ප්‍රතිඵල ! හරි ගිය පසු අධාර කරන්න !!

මෙවැනි කටයුතු සඳහා බොහෝ ස්ථාන වෙත ගොස් මුලා වී මුදල් නැති කරගත් අය මා වෙත පැමිණ ජයග්‍රහනය ලබාගත් පසු පවසා සිටියේ මෙවැනි ‍රැවටීම් වලට අසුවන දෙස් විදෙස් ජනතාව බේරාගන්නා ලෙසය. පෙර රජ කල සිට පැවත එන හාස්කම් ‍රැසක් අප සතුව ඇත. වසර විස්සකට ආසන්න කාලයක් දහස් ගනන් අපගේ සේවය ලබා ඇත. රජයේ ලියාපදිංචි ආයතනයකි. ලි. ප අංකය 1-2-7-32

ඔබ හැරගිය පෙම්වතා / පෙම්වතිය, සැමියා / බිරිඳ වශී කිරීම, ධන ලාභ, සුරාවෙන් මිදීමට, ‍රැකියා ලැබීමට, සතුරන් දමනයට, එපා අයව ඇත් කිරීමට,

දරු ඵල අහිමි අයට, නඩුහබ/විභාග ජය, විවාහ ප්‍රමාද වීම

ජාත්‍යන්තර කීර්තියට පත් දුගී අසරණ ජනයාට පිහිටවෙන ගුරු හිමිපාණන්

ඔය විතරක් නං මදෑ, මුන්නාන්සෙට තියෙනවයි කියන්නෙ ඔය ඉස්කයිප් එහෙමත්. අවිස්වාස නම් හරි ඉන්න පන්සල ගැනයි තවත් විස්තරයි හරි දැනගන්න කැමතිනං මෙතන කොටල බලන්නකො ලංකාදීප පත්තරේ. මටනං කමක් නෑ. මොකෝ ගිහියන්ට විතරයැ ඔය ඉස්කයිප් කැප. ඒත් චීවරේ දාගෙන මෙහෙම හැරගිය පෙම්වතා /පෙම්වතිය, සැමියා / බිරිඳ වශී කිරීම, ධන ලාභ, එපා අයව ඇත් කිරීමට,දරු ඵල අහිමි අය දරුවො ලබා දීමට, නඩුහබ/විභාග ජය, විවාහ ප්‍රමාද වීම ඉක්මං කිරීම වගේ දේවල් කිරීමත් ඔය උන්නාන්සෙලට කැප ඇති මගෙ හිතේ. නැත්නං මෙච්චර සංඝාධිකරන, අධිකරන සංඝනායක උන්නාන්සේල ඉඳිත්දිත් ඔහොම කරන්න ඇහැකිය හිතුමනාපෙට.

අනික ඉතිං මේ දේවල් කරන්නෙ අහිංසක අසරණ දුගී ජහමනයාට අනුකම්පාවෙන් කියල නෙව උන්නාන්සෙ පත්තරේ දමල තියෙන්නෙ. අසරණයන්ට පිහිට වෙන එක ජාති ජාති පල දෙන පිනක් කියල අමුතුවෙන් කියන්න ඕනෙයි. මිළ මුදල් අයකරන්නෙත් නැතිය කියන්නෙ ඔය කරපු ගුරුකම හරියනකං, අනේ වාසනාවං. ඔය දැන්වීමෙ හීනි අකුරෙන් “සියළු පූජා භාණ්ඩ සැපයිය යුතුය” කියල තියෙන්නෙ හරිම අල්පේච්ච ජීවිතයක් ගතකරන උන්නාන්සෙ ගාව ඔය සුකුරුත්තං බඩු නැති හන්දනෙව. අනික ඔය දැන්වීමෙ උවමනා කරන බඩු ජාති කියල නැත්තෙ ගෙදර ඉඳං උස්සං ඇවිල්ල අසරණ ජනයාගෙ අතපය වෙහෙසන්න මොකටද කියලමයි. හිතේ පුරස්න වලිං හෙම්බත් වෙලා ඉන්න උන්නෙ කරේ තව බඩු පටවන්න හිතක් පපුවක් තියෙන උන්නාන්සෙට ඇහැකිය. ඒක හන්දම උන්නාන්සෙගෙ ජනජය ශාස්ත්‍රාලෙ අහල පහලම ඔය බඩු ගන්න තැං අනන්තවත් ඇතිය කියලයි මටනං හිතෙන්නෙ.

ඔය එකම ජෝඩුවෙ පෙම්වතා දෙන්නව එක් කරන්නෙයි කියලයි පෙම්වතී දෙන්නව වෙන්කරන්නෙයි කියල එහෙම එකම තැනට යනව නෙවෙයි ඕං. එහෙම උනොත් අපේ ගුරු හාමුදුරුවො වැටෙන්නෙ මහ අමාරුවක නෙව. කොහොමෙයි ‍තෝරගන්නෙ කාගෙ වැඩේදැයි කරන්නෙ කියල. අනික ඔය වගේ අමාරුවක උන්නාන්සෙ දමල ආන්න්තරීය පාපකර්මයක්  කොරගන්න කව්ද සතු‍ටු නේද? ඔය නඩු හබ එහෙම විජහට විසඳල දමල අපිව හූරං කන අබ්බගාත් උන්නාන්සෙලටත් වැඩේ දෙන්නයි හදන්නෙ. ඒකනං යසයි කියල මටත් හිතුන. ඒ විතරක් නං මදෑ. මගුල් කපුවන් ටත් කෙළවන්නයි උන්නාන්සෙගෙ කල්පනාව. පන්සල්වල මගුල් ගන්න එකේ ජෝඩු කරන වැඩෙත් එතනම කොලාම මොකෝ කියල උන්නාන්සෙ හිතන්න ඇති.

හැබැයි ඔය සුරාවෙන් මිදීම, ‍රැකියා ලැබීම වගේ දේවල් වලටත් කිරිගහට ඇන්න වගේ හරියන ගුරු කං තියෙන එකේ රාජ්‍ය අනුග්‍රහය අරං දුන්නොත් නරකෙයි අපේ අම්බුලුවාවෙ මහරජතුමෝ? ඔහේට නෙව සාසනේ බාර දීල තියෙන්නෙ එහෙව් එකේ මෙහෙව් උදව්වක් වත් නොකර මොකටෙයි ඉඳල. උන්නැහේටනං මේ බ්ලොග් පඩංගුව බලන්න වෙලාවක් කලාවක් නැතිය කියල මං දන්නව. ඔය වික්ටෝරියා පාක් එකපැත්තෙ යන කවුරුහරි ඉන්නවනං අළුත් ගෙදරටම ගොහිං උන්නැහේට කිව්ව්නං අගෙයි. එහෙම උනොත් ඔය ‍රැකියා විරහිත උපාධිධාරී කට්ටියට රස්සාවලුයි, මතට තිතයි අගේට කිරියාත්මක කොරන්ට හැකි නෙව උන්නාන්සෙගෙ පිහිටෙන්. සමහර වෙලාවට කොල්ලුපිටිය දිහාවෙන් අසපුවක් කාරිය පූජා වෙන්නෙ බැරිත් නෑ.

මහින්ද මහරජතුමයි පොන්සේකා මහ සෙනෙවිතුමයි සැරිං සැරේ වෙන වෙනම ගිහිල්ල පිරිකරක් එහෙම පිදුවට පස්සෙ දෙන්නගෙම හිත් නොරිදා කතාකොරන අපේ මහනායක කාමුදුරුවන් වහන්සේලගෙ පැත්තක් නොගැනීමේ මහා පිලිවෙත හන්දමද මංද උන්නාන්සේලත් මේ අපේ මහ ගුරු හාමුදුරුවොන්ට උදව්වක් පදව්වක් නොකරන්නෙ. සමහර වෙලාවට එක උන්නාන්සෙ කෙනෙකුට අත දීල අනිත් උන්නාන්සෙල අමනාප වෙලා මහා සංඝ බේදයක් ඇතිවෙයිය කියල නිකං ඉන්නව වෙන්නත් ඇති. එහෙමත් නැත්නං සාසනය ‍රැකීම වගේ මීට වැඩිය වැදගත් රාජකාරි උන්නාන්සෙලාට තියෙන හන්ද වෙන්න ඇති කියලයි මටනං හිතෙන්නෙ.

හැබැයි ඔන්න ඉස්සර උන්න රජෙක් නං දුස්සීල උන්නාන්සෙල සිවුරු ගැලෙව්වයි කියල අපේ මැරිචිච ආච්චි කිව්ව ඉස්සර දවසක. අපේ හාමුදුරුවොන්ටනං බය වෙන්න කාරියක් නෑ නෙව. මොකෝ දැං ඔහොම රජාල ඉන්නවයි මේ සිරිලකේ.

මේක බලාපු පිංවතෙක්ගෙන් හරි පිංවතියෙක්ගෙං හරි ආරංචි උනොත් මටත් අපල යන්නෙයි කියල සෙත් සාන්තියක් කොරනවට අමනාපයක් නෑ ඕං මයෙ නං. මටත් හෙනහුරු අපලෙ තිවිල ගෙවුනෙ ඊයෙ පෙරීද නෙව.

ප/ලි : ඉස්කයිපුත් තියෙනවයි කියල තියනෙ හන්ද උන්වහන්සෙම කියවයිද මන්ද මේ වැඩකට නැති හෑල්ල.

eith siwurak dhaagena mehema හැරගිය පෙම්වතා / පෙම්වතිය, සැමියා / බිරිඳ වශී කිරීම, ධන ලාභ, එපා අයව ඇත් කිරීමට,දරු ඵල අහිමි අය dharuwo labaa dheemaට, නඩුහබ/විභාග ජය, විවාහ ප්‍රමාද වීම wagei dheiwal kireemath oya unnaanselata kaepa aethi mage hithei. naethnax mechchara saxGaaDhikarana, aDhikarana saxGanaayaka unnaanseila inndhithdhith ohoma karanna aehaekiya.
Advertisements

32 Responses to දාල ගියපු කෙල්ල, කොල්ල ගෙන්නන්න මෙන්න කරනවනං ගුරුකං

  1. අකුරු පොඩී යකෝ.... says:

    අකුරු පොඩී යකෝ….

    කැමතියි

  2. මේ මොකද කියන්නේ ටැස් කොරලා බලමුද? මටත් හිතයි ඔය සීන් එකේ ඇත්ත නැත්ත ටිකක් බලන්න. හැබැයි ඉතිං ආධාර කරන්නේ හරිගියාම තමා.

    කැමතියි

  3. මේ ආදරවන්තයො එක් කරනව වගේ අපේ මහින්ද මාමිවයි, ෆොන්සේකා මාමිවයි යාලු කරල දෙන්න බැරිද දන්නෙ නෑ..
    හික්ස්!!

    කැමතියි

  4. නවම් says:

    අඩේ ඒක මට කල්පනාවට ආවෙම නෑ නොවැ. ඔය එක එක තැන සත්‍යග්‍රහ කර කර ඉන්නෙ නැතුව මුන්නාන්සෙ හම්බවෙන්න ගියානං අහවරයිනෙ. වැඩේ කොරල දෙයි කිරිගහට ඇන්න වගේ.

    කැමතියි

  5. නියම වැඩකාරයෙක් නේ. හැර ගිය අයව ගෙන්වන එක කරනවා වගේම ඉන්න අයවත් හැර ගිය එවුන් කරන පුලුවන්ද දන්නෙ නෑ නේ. 🙂

    කැමතියි

  6. budhajeewa says:

    බ්ලොගවල්වලට කොමෙන්ටු වැඩිකරගන්න ගුරුකොමක් නැද්ද දන්නෙ නෑ?

    මම බැලුවේ, මොක නැතත්, දරුඵල ලබාදීමේ සේවයක් අපිටත් ආරම්භ කොරතෑකි. 😛

    කැමතියි

  7. dinesh says:

    කට්ටියම හොඳ ප්ලේස් එකක් එහෙම හොයාගෙන වැඩේට සෙට් වෙමුද?දරු ඵල ලබා දෙන වැඩේ මට බාර දෙනවනම් පූජා භාන්ඩ එහෙමත් මම ගානෙම දෙන්න ලෑස්තියි.
    හැබෑටම ලංකාදීපෙ දැන් පි‍ටු දෙකකට කිට්‍ටු වෙන්න තියෙන්නෙ ඔය සීන් එකනෙ.

    කැමතියි

    • නවම් says:

      අපට සිරි, දිනේශ් ගේමට බැස්සොත් නං අපිට බඩු හරි. ඒක නෙමෙයි උඹ කොරොත් නං තැපෑලෙන් තමයි නේද කරන්න වෙන්නෙ. ඒක හන්ද මෙහෙම කරමු. අපි මෙහේ ගල් ගුහාවක් හොයං වැඩ පට ගන්නං. උඹ නිවාඩුවට එහෙම මෙහේ එනකොට කියපන්. අපි ප්‍රචාරයක් අරින්නං මහා බලැති සෘශීවරයෙක් හිමාලයෙන් එනව කියල. පෝලිමේ ඒයි කට්ටිය.

      කැමතියි

  8. Ravi says:

    මේ බොලොග් අවකාසෙත් ඉන්නව නෙව ඔහොම වියෝගින්නෙං දැවි දැවි ඉන්නා උදවිය, ආන්න තැන…. ගියා නං ගොඩ…….

    කැමතියි

  9. මෙච්චර හිත් වෙනස් කොරන බලවත් කට්ටයට බැරි වුනානෙ ප්‍රභාකරන්ගෙ හිත වෙනස් කරන්න. ඒ කාලෙදිම එහෙම කලානම් අපේ කොල්ලො කී දෙනෙක්ගෙ ජීවිත ඉතුරු වෙනවද..

    කැමතියි

  10. මට නම් ඔය උත්තමය ගෙන් ඉල්ලන්න ඉල්ලීම් ගොඩක් තියනවා .

    1 මගේ බීම මටත් නොදැනෙන්න නතර කරලා දෙන්න
    2 අපේ ගමේ ඉන්න වල් අලි රංචුව වීනා වයල හරි එලවලා දෙන්න ඕන
    3 මට ADSL සම්බන්ධතාවයක් අරං ඕන (සල්ලි මං ගානේ)

    ඔය තමා මගේ මූලික ඉල්ලිම් ටික …මෙවුවයෙං එකක් හරි දෙන්න පුලුවන්නම් ඇතෙක් බරට පූජා භාන්ඩ දෙන්ඩ මම සූදානම්

    ජය වේවා !!

    කැමතියි

  11. Anushka says:

    පත්තරේ දැක්කම පිස්සු හැදෙනවා. මාර ටැලන්ටඩ් බුවාල නෙ මේ සිරි ලක් දීපෙ ඉන්නෙ. පොලීසි උසාවි ඕනෙ නෑ. මුන්ට රාජ්‍ය අනුග්‍රහය දුන්නනම් නිකම්ම රටේ දැවෙන ප්‍රශ්න ටික විසඳ ගන්න තිබ්බ.

    කැමතියි

  12. arunishapiro says:

    මං කරපු හූනියම ඔයාල කියවලා තියෙනවා ද මන්දා? කැමති අය ගිහින් බලන්න මෙතැනින්:
    http://arunishapiro.wordpress.com/2010/01/16/%e0%b6%b4%e0%b7%85%e0%b6%b8%e0%b7%94-%e0%b7%80%e0%b7%83%e0%b6%bb%e0%b7%9a-%e0%b6%9a%e0%b7%85-%e0%b7%84%e0%b7%96%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8/

    කැමතියි

  13. රංග says:

    හාමුදුරුවොන්ගෙ Skype ඇඩ්‍රස් එක එවන්නකො බලන්න

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: