වරා මලයි කුමාරයයි [අළු යට ගිණි පුපුරු නොනැසී- පසුවදනක්]

මං දැනං උන්න කවදහරි උඹට මාව පුච්චල දාන්න ඇහැක්වෙයි කියල. ඒත් මෙච්චර……

අපිට අයිති නොවෙච්ච, අපිට වෙනස් කරන්න බැරි වෙච්ච හේතු හන්ද දෙපැත්තකට යන්න උන දා මං කීයටවත් හිතුවෙ නෑ උඹ නොහෙල්ලී එතනම ඉඳියි කියල කොච්චර කිව්වත්.

ඒත් සෑහෙන්න දුරක් ගිහිල්ල නිකමට වගේ හැරිල බලද්දි ඈතම ඈත පුංචි තිතක් වගේ වගේ නොහෙල්ලී මං දාල ආපු තැනමයි උඹ.

එදා මගෙ පපුව පිච්චෙද්දිත් ඇහිපිල්ලමක් යට කඳුල හංගන් තවත් ඉස්සරහටම හියේ උඹව නොපෙනී යාවි කියල හිතල. අනික මං හිතුව වරා මලකට හුලං හමන අතට නොපාවී ගොඩක් කල් ඉන්න බැරි වේවි කියල.

මට පස්සෙ හමාපු හුලං වලට උඹ ඩිංගක් විතර සැරින් සැරේ හෙල්ලෙනකොට මං සතු‍ටු වුනා ඒ හුලං එක්ක පාවෙලා යයි කියල. එහෙම උනානං මගෙ හිතට සැහැල්ලුවක් දැනේවි. ඒත් ඒ එක හුලඟකටවත් උඹව ගොඩක් දුර ගෙනියන්න බැරි වුණා කියල දැනගත්තම මම ආපහු පිච්චුණා.

ඉස්සර උඹේ සුවඳට ඇදෙන වෙන සමනල්ලු ගැන උඹ ඇවිල්ල නියපොත්තෙන් මගෙ අත කොනිතිගගහ කියනකොට මට දැනිච්ච ඉරිසියාව කොච්චරද කියල මට තවම අමතක නෑ. මං දැනං උන්න උඹ අමුතුම මලක් කියල. එහෙම නැත්නං උඹ මේ ත‍ටු කැඩිල හම ගියපු සමනලයට විතරක්ම මෙච්චර ආදරේ වෙන්නෙ කොහොමද. මං හරිම ආඩම්බරයෙන් උන්නෙ ඒ හන්ද. ඒත් ඒකටම කවද හරි දවසක මාව පුච්චල දාන්න පුළුවන් වෙයි කියල හීනෙන්වත් හිතුනෙ නෑ මට.

අද මං ගොඩක් දුර ගිහින් කූඩුවකුත් හදල. ආදරෙන් මාව බලාගන්න කිරිල්ලියෙකුයි පුංචිම පුචිම කුරුළු පැටියෙකුයි ඉන්න ඒක හරිම උණුහුම් කූඩුවක්, ඒත් උඹ තවමත් උඹ පුංචි තිතක් වගේ මං දාල ආපු තැනම. හරියට අර  නපුරු මන්තරකාරිගෙ සාපයෙන් ගල් ගැහුන කුමාරි තමන් සාපයෙන් බේරගන්න කුමාරය එනකං බලං ඉන්න වගේ. ඒත් කුමාරය එන්න බැරි තරං ඈතක ඉන්නෙ කියල කිව්වට කන්‍යාරාමයක් ඇතුලෙ ගල් වෙච්ච කුමාරිට ඇහෙන්නෙ නෑ.

මේ ආරංචිය අහපු චූටිමැණිකෙ නං හරියට දුක් වෙලා කිව්ව පුතු පැටිය ඩිංගක් විතර එලියට පහලියට ගෙනියන්න තරං ලොකු උනාම ගිහිල්ල බලල එමු කියල. ඒත් මට මාවම ෂුවර් නැති හන්ද මොකවත්  නොකිය උන්න.

අළු යට තියෙන ගිණිපුපුරු වලට හුලං පිඹින්න මං බයයි. වැරදිලාවත් ගිණිපුපුරක් වීසිවෙලා ආවොත් පරඬැල් කූඩුව ඇහිපිල්ලං ගහන්න කලිං ගිණිගනියි.

ප/ලි : අළු යට ගිණි පුපුරු නොනැසී…. වලට ලියන පලවෙනි සහ අන්තිම පසුවදන මේක වෙනවනං මං කැමතියි. ඒත් …… මංද…

Advertisements

23 Responses to වරා මලයි කුමාරයයි [අළු යට ගිණි පුපුරු නොනැසී- පසුවදනක්]

  1. udaya says:

    අම්මෝ….! උඹත් ලියන්නෙ මාර සබ්ජෙක්ට් තමයි. ඕව ඉතින් හැමදාම දුක තමයි, ඒත් ඉහින් මොනව කරන්නද. නොකරත් බෑ නේ…. හිහ්..හිහ්… 😀

    කැමතියි

  2. Anushka says:

    දේව මන්දීරෙ
    වැතිරී බැතියෙන්
    පුදසුන අභියස
    ආයාචනා කරම්
    දැවෙන සිතින්
    සංකා සෝදුක් නිවන ලෙසේ

    උඹේ වයිෆ් වගේ කෙනෙක් ලබන්න උඹ හැබෑම වාසනාවන්තයි. ආදරයයි විරහවයි එළිපිටම විඳින්න හුඟ දෙනෙකුට වාසනාව නෑ.

    කැමතියි

  3. මොන ප්‍රශ්න ආවත් නොසෙල්වී ඉන්න පුළුවන් හිතක් තියෙන එකත් ලොකු වාසනාවක්. ඒ අතින් අයියට ලැබිලා තියෙන්නේ දාහකින්වත් හොයාගන්න බැරි බිරින්දෑ කෙනෙක්. ඒවගේ ආදරයක් ලබන්න අයියා ගිය ආත්මේ ලොකු පිනක් කරලා ඇති මයේ හිතේ.
    ඔයාලගේ ජිවිත සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා !!!!!!

    (අර ඉරිසියා කතාව නම් මටත් උනා. කාලයක් මම යාලු වෙලා හිටපු කෙල්ලෙක් ඔහොම කියද්දී මටත් ඉරිසියා හිතුනා. හි…හි..)

    කැමතියි

  4. අනේ මං නම් දන්නේ නෑ ඕවා. ඒත් අර වරා මල පවු කියලා නම් හිතෙනවා. ආයෙත් පුරුදු සුළඟ එනකන් බලාගෙන ඇති. ඒත් වරා මලකට ඒ තරම් හයිය හිතක්…?

    කැමතියි

  5. dinesh says:

    මචං මෙව්වටනම් මොනාවත් කියන්න යන්නෙ නෑ ඕං.දැන් සේරම ඉවරයි.මොකද සුළං පාර වැදුනොත් ආයෙත් ගින්දර ඇවිලෙන්න තියන ඉඩ කඩ බොහොම වැඩියි.බුදු අම්මෝ…උඹ ඔහොම හිටපන්.
    ඔය විදියෙ පරණ වරාමල් වල ලස්සන බලන්න ගිහින් මගෙ යාළුවෙකුට වරා මලයි,දෙළුම් මලයි දෙකම නැති උනා.

    කැමතියි

  6. Ravi says:

    හරිම සංවේදියි නවම්,මොනව කියන්නද හිතාගන්න බැහැ, හිතේ නලියන දහසක් හැඟුම් එලියට ඇදල අත්ල මත තියාගෙන ඒ දිහා බලාගෙන ලිව්ව කියල වගෙ දෙයක් මට හිතෙනව,

    කැමතියි

  7. මොනා කියන්න ද? තේරෙන්නෙ නැහැ….

    ඔයා එයාව දාලා ගිහින් නැහැ… තාමත් හිතින් බදා ගෙන ඉන්නවා… එයාටත් දවසක එයාට හිමි ආදරය ලැබේවි….

    අනේ මන්ද ? දාලා ගියපු…අතහැරල ගියපු එකම වරා මලක් නෙමෙයි ලෝකෙ තියෙන්නේ….

    කැමතියි

    • නවම් says:

      තවම මං බදං ඉන්නව ? මගෙ අම්මෝ මේ කමෙන්ට් එක පබ්ලිශ් කරල අද මං ගෙදර යන්න නෙමෙයි. පොල්ලක් අරං චූටී මැණික ගේට්‍ටුව ගාව ඉඳියොත් ඔන්න හෙට ඉඳල මං ආපහු බ්ලොග් කරල අහවරයි.

      ඒත් මං කමන්ට් කපන්නෙ කොටන්නෙ නෑනෙ ගුටි කෑවත් කුණුහරුප තිබුනොත් මිසක්.

      කැමතියි

  8. පලමු පෙමක මතක වී
    කොහේද සිට ඇය ආවා
    අතීත මතකය අතරේ
    සුවඳ දිදී ඇය ආවා ……….

    පිරිමියෙකුට තමන්ගේ ප්‍රථම ප්‍රේමයත් . ගැහැනියකට තමන්ගේ අවසන් ප්‍රේමයත්
    කිසි දිනක අමතක කල නොහැක .

    නවම් අයියේ . හිනිවට දෙකක් නවා ගෙන ඔන්න ඕක අමතක කරලා දාල සතුටෙන් ඉඳපං .. (මට හිතෙන්නෙම නවම් අයියා ලඟදීම හොඳ හෝටලේකින් කනවා ..

    ජය වේවා!!

    කැමතියි

  9. අකීකරු හිත says:

    මම නම් කියන්නේ ආයෙමත් යන්න එපා එයාව බලන්න..ඒක තවත් දුකක් වෙයි

    කැමතියි

  10. දකුනේ හිත.... says:

    මම මේ නවම් මාවතට දාන පලවෙනි ප්‍රතිචාරය වුනාට…නවම් මාවත මම නිතරම කියවන බ්ලොග් එකක්…එකේ කතා විලාශය ඉතාම ලස්සනයි….ඇත්තටම චූටි මැණිකෙ වගේ බිරිඳක් ලබන්න නවම් බොහෝම පින් කරල ඇති…ඒ වගේම නවම් වගේ සැමියෙක් ලබන්න එයත් පින් කරල අති…අය්යේ කියන්න තියෙන්න මෙච්චරයි මම වගේම උබත් දකුනෙ හිතක්…එහෙම වීම ආඩම්බරයක් ඒ වගේම සමහර සටහන් ඉතාම සංවේදීයි දිගටම ලියන්න…..

    කැමතියි

  11. පින්ග්කිරීම: චූටි මැණිකෙට ආදරෙන්…… « නවම් මාවත

  12. මල්ලී..! says:

    නෑනට අදරේ කරපු පලවෙනි එකත් අන්තිම එකත් මම නේමේයි කියල මම දන්නව, එත් ඒ අදරේ මම තරම් වින්ද එකෙක් ඉන්නවද කියල මම දන්නේ… අවුරුදු 6ක් එකම කේල්ලට අදරේ නොකියා අදරේ කරලා.. අන්තිමේට.. අත පිහිදගේන, හිත හදාගෙන පැත්තකට උනේ මම හින්දා, කවුරුවත් අඩන්න ඔනේ නැති හන්දා.. එත් එ අදරේ මාව ගේනාවා දුර.. එ හීන වලින් ආපු දුරක මම තාම නැවතිලා ඉන්නවා.. ජීවිතේට ගොඩක් දේවල් දුන්න එ අදරේ දිහා මම අදත් බලන්නේ ගොඩක් සුබවාදී විදිහට.. නැති බලාපුරොත්තු විතරයි.. එත් ඒ අදරේත් එක්ක ගොඩනැගුන අත්ම විස්වාසය, අධිශ්ඨානය මට ගොඩක් වට්නවා.. මම මම ගැන දැනගත්තේ… මම මාව ඉගන ගත්තේ එ අදරේත් එක්ක.. එයා මගේ මගේ මතකේන් ඈත කොනක ඉන්නවා, එත් එයා අද මේ රටේත් නෑ.. එත් ඒ මම එදා කරපු ඒ අදරේට තාම අදරේයි, එත් ගැනු ලමයට නේමේයි..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: