නංගි, ඔයාව අද හවසට උස්සනව. බුදුඅම්මෝ එපෝ……………

මචං මං අරකිව හෙට හවස අදිනව කොහේට හරි. ඒකි එළ කෑල්ල බං. මං මුල් දවසෙම හිතුව බඩුව තමයි කියල. දැන් නං වැඩේ ෂුවර් මචං. සී-ලයින් එක එල නේද? ගානත් ෂේප් බං එතන.

අම්මට සිරි‍, තෝ ඒකිව සෙට්කරගත්තද. උඹ නං මාර බුවා තමයි බං.

**** කෑල්ලනෙ ඒකි.

මාර *** නෙ බං ඒකිගෙ. එල එල..

අඩෝ පුළුවන් නං අපිටත් සෙට්කරහංකො ඕකිව.

පෙට්ටිගලවත්තෙ වී. ටී. ඒ එකේ පිටිපස්සෙ තියෙන ගරාවැ‍ටුන බිල්ඩිමට වෙලා දවල් කෑමෙන් පස්සෙ දුමක් අදිනගමන් අපේ යාළුවො සෙට් එක චමින්දයට එහෙම කියනකොට මං නිකං එකපාරටම පුංචි වෙලා ගියා වගේ දැනුන. මායි පරණෙයි මූනට මූන බලාහත්තෙ දුකෙන් වගේ. ඔය කියන කෙල්ල අපි දෙන්නත් දැකල තිබුන.

අපි වී.ටී.ඒ එකට යන්නෙ එක එක පැතිවලින් එන යාලුවො ඔක්කොම බස් ස්ටෑන්ඩ් එකට එකතු වුනාට පස්සෙ හන්ද අපි එතන විනාඩි පහලවක්, විස්සක් හැමදාම උදේට ‍රැ‍ඳෙනව. ඒක හන්දම ඔය කියන ගෑණු ළමයත් මුනගැහෙනව ගොඩක් දවස් වලට. අරුං කියපු විස්තර සේරම ඇත්ත. හරිම හැඩයි. බලන බලන උන් පුච්චල දාන ඇස් දෙකක් තිබුනෙ. කොට සායෙන් පේන දනහිස් දෙක දැකල අහකබලං යන්න තරං මගෙත් හිත පාලනය නොවුනු දවස් අනන්තයි. අඩිය තියනකොට ලා රෝසපාට වෙන චූටි විළුඹට කළු පාට පටි පටි තියෙන සෙරෙප්පු දෙක හරිම හැඩයි.

මගෙ හිතටත් ඒ ළමය ගැන මොන මොනවද හිතිල තිබුනෙ. ඒත් චමින්දයගෙ හිතෙත් ඒ කෙල්ල ගැන තියෙනව කියල මට තේරිච්ච හන්ද මං තරඟ නොකරම පහුබැස්ස. මං දැනං හිටිය චමින්දයට මාත් එක්ක කිසිම තරඟයක් නැතිවග. පරදින තර‍ඟෙකට බැහැල ආපහු වී.ටී.ඒ එකේ ඔළුව කෙලිං තියන් ඉන්න බැරි විත්තිය පරණෙ මීට කලින් වතාවක උදාහරණෙකින්ම පෙන්නල තිබුනෙ.

මොකෝ මචං උඹ අද අප්සට් එකේ වගේ.

නෑ මචං පරණෙ, අරූ අරකිව අදින්නනේ හදන්නෙ.

මොකෝ උඹට දුකයිද? නිකං ඉඳිං, එකිට හොඳනං අපිට මොකෝ බං.

එහෙම නෙමෙයි බං. උඹයි මායි දන්නවනෙ අපේ එකාගෙ හැටි. ඌ ඔය රට යනකං පාළුවට වගේ නෙ ඕක කරන්නෙ. ඒකි පව්නෙ බං. අපි කෙල්ලට කියමුද බං?

යකෝ තොට මෝල් ද කෙල්ලෙක් හන්ද කොල්ලො තරහ කරගන්න ?. අනික ඒකි උඹෙ කවුද මචං. ඒකි ඔය කඩ කෑල්ලක් නෙ බං. උන්ට ඕව ගානක් නෑ. බැළුවම පෙන්නෙ නැද්ද තියෙන අමාරුව. මීට කලිං අනන්තවත් උන් ඕකි ඇදල ඇති බං.

සාම්ප්‍රදායික අවුරුදු විස්සෙ කොළු කතාවෙන් පරණෙ උත්තර දුන්න. ඒත් මගෙ හිතට නං හරිම නෑ. මූ මේ කෙල්ලව සී-ලයින් රෙස්ටොරන්ට් එකට එක්ක ගියොත් නං සිම්පල් වලින් නවතින්නෙ නැතිවිත්තිය මං හොඳටම දැනං උන්න.

බෑ මචං අපි හෙට උදේට බස් ස්ටෑන්ඩ් එකේදි අරුං එන්න කලිං මේකිට විස්තරේ කියමු බං. උඹට බැරිනං පැත්තකින් ඉඳපං. මං කියන්නං.

උඹට ඕනෙ මගුලක් කරගනින්. ගුටි කෑවොත් මං නෑ හරිය..?

ඊට පහුවෙනිද උදේ මමයි පරණෙයි පුරුදු විදියටම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ල අර ගෑණු ළමයට විස්තරේ කිව්ව. ඇස් දෙක උඩ තියන් බය වෙලා වගේ බලං ඉඳල අපි දෙන්නට වැන්දත් මදියි කියල මහ ගොඩක් ස්තූතිකලා. එතකොට තමයි මගෙ හිතට සැනසීමක් ආවෙ. කෝකටත් කියල මේ විතරේ චමින්දයට දැනගන්න තියන්න එපා කියලත් කිව්වෙ වැරදිලාවත් ඌ දැනගත්තොත් ගමකට කන්න වෙනවග දැනං උන්න නිසා.

තවත් අහවල් දෙයකටද මෙතන තවත් බලං ඉන්නෙ. අනිත් උන් එන්න කලිං යමං කියල පරණෙ මාවත් ඇදන් වී.ටී.ඒ එක ගියා. දැන් ඉතිං අපි දෙන්න මුකුත් නොදන්න ගානට කොල්ලොත් එක්ක කතා කර කර ඉන්නව. එතකොටම අපේ සෙට් එකත් ආව.

අඩෝ ! බොලා දෙන්න කොයිවෙලාවෙද ආවෙ ? අපි උඹල එකනං හෙන කට්ටක්නෙ බස් ස්ටෑන්ඩ් එකේ කෑවෙ, තව ඩිංගෙන් පොලීසියෙනුත් කනව මදි පාඩුවට.

නෑ මචං මට දුමක් දාන ඕන උනා, ඊයෙ හංගපු කොටයක් තිවුන ඒකයි බං කලිං ආවෙ. කියල පරණෙ යන්තං වැඩේ ෂේප් කලා.

චමින්දයගෙත් මූනෙ වෙනසක් නෑ. වෙනද වගේම හිනා වෙලා ගූඩ්මෝනිං මචාල කියාගෙන තමයි ඌ ආවෙ. දැං ඉතිං මගෙ හිතටත් හරි. අර කෙල්ල කියල නෑ මූට සිද්ධිය. මොකෝ මූ දැනගෙන උන්න නං මෙලහකට පැත්තකට ඇදල අරං අර කලිං දවසක මුගෙ බත් එක හොරෙන් කාපු චමිලයට දුන්න වගේ බිම දාගෙන දීල අපේ අම්මටවත් මාව අඳුනගන්න බැරිවෙන්න.

මචන් වරෙන්කො පොඩ්ඩක් මෙහාට.

ඇයි මචන්?

මට අරකි අද උදේ වෙච්ච දේ කිව්ව බං.

බඩුම තමයි ඉවරයි නේද? දැං මගෙ පපුවන් දෙමෝලෙන් පිටිකොටනව වගේ එන සද්දෙ මූටත් ඇහෙන සයිස්. යස අගේට ඉඳපු මට මේ කොහෙද යන කෙල්ලෙක් හන්ද වෙන්න යන දෙයක්. වට පිට බැලුව පරණෙවත් ඉන්නවද කියල. ඌට මගේ වගක් නෑ, කොල්ලො සෙට් එකත් එක්ක වට වෙලා කාගෙද බත් එකක් කනව.

උඹ මේක ගනං ගන්න එපා මචං. මං ඒක කරන්නෙ සිරාවට නෙමෙයිනෙ. මට ඕකෙ ගානක් නෑ. කොහෙවත් යන එකියෙක් හින්ද මට උඹත් එක්ක ඇරගන්න උවමනාවක් නෑ මචං. අනික උඹ ඒකිට එහෙම කිව්ව කියල මට පාඩුවක් උනේ නෑ. මෙහේ ඉඳල උඹට නෝට් උනොත් හරි නෑ කියල වීක් එන්ඩ් එකේ එකියි මායි කතරගම යන්න සෙට් කරගත්ත. උඹ ඒකට බාල්දියක් නොපෙල්ල ඉඳහංකො. කියල මගෙ පිටට තට්‍ටුවක් එහෙම දාල, වරෙන් මචං අද මං ගෙනාවෙ කෙහෙල් කොලේ බත් කිව්ව.

baae machax api heta udheita bas staaend ekeidhi arux enna kalix mekita wistharei kiyamu bax. uMata baerinax paeththakin inndhapax. max kiyannax.
Advertisements

51 Responses to නංගි, ඔයාව අද හවසට උස්සනව. බුදුඅම්මෝ එපෝ……………

  1. Alchemiya says:

    Sorry dot com තමයි…
    පව් අහිංසකයි කියලා හිතන් හිටපු බඩුව ඔයාටත් ගේම දීලා…

    කැමතියි

  2. නවීන් says:

    මේක නම් කොළු සංහතියටම හොද පාඩමක්..

    කැමතියි

  3. abeetha says:

    අනුන්ගෙ මඟුල් වලට අත දාන්නෙ නැතුව හිටපන්…. සමාජ සේවය කරන්න ඕන ඒ වගේ උන්ට. ඔය විදිහට පාඩමක් ඉගෙන ගත්ත එක හොඳයි හොම්බ තලාගත්තට වඩා…

    කැමතියි

  4. හීනියට ඔලුව අත ගාල කෙලි සංහතියටම ටොක්කක් ඇන්නද මන්දා. මොනා උනත් අපූරුවට ලියල තියෙනවා. ඔයාගෙ භාෂා ශෛලියට මම කැමතියි.

    කැමතියි

  5. budhajeewa says:

    :O

    මේක ප්‍රබන්ධයක් හෝ නැතා, ඕන එකෙක්ගෙ හිත හොඳ වැඩි කම තමයි හෙනේට හිටින්නේ!

    කැමතියි

  6. Bunny says:

    හොද වැඩේ ඔනේ නැති මගුල් වලට *** දෙන්න ගියාට 😛

    ලියන විදියත් හුරුයි..!
    ගාල්ලෙ ඒකක්..
    දන්න කියන එකෙක් වගේ..

    කැමතියි

  7. blog gadol says:

    හික් හික්!!! මටනං කතාවෙ බාගයක් කියවද්දිම තේරුනා මොකද වෙන්න යන්නෙ කියලා. ඒ උඹ ලියන විදිහෙ අවුලක් නිසා නෙවෙයි. කෙල්ලන්ගෙ සාමාන්‍ය හැසිරීම ඕක නිසයි (මගේ අත්දැකීම් අනුව)

    ලස්සනට ලියලා තියනවා මචෝ. දිගටම මේ වගේ ඒවා ලියපං. මටත් මේ දවස්වල කියවන්න ඒවා නැතුව වේලි වේලි ඉන්නෙ

    කැමතියි

  8. දුමී says:

    ඉකේයියා… නෝටිම නෝටි කෙල්ලෝ….! හොඳම හොඳ වැඩේ ඔයාට..! ඕනෙ නැති ඒව කරන්ට යනවට….!

    කැමතියි

  9. අනේ මන්දා බං උඹට පිස්සුද කියලා. අනුනුගේ *ත්*වල් බොට මොකටද? වෙලාවට අර යකා උඹට නෙළුවේ නැත්තේ…

    කැමතියි

  10. නවම් මමනම් කෙලින්ම කොල්ලට කියනවා ඌ කරන්න යන වැඩේ හරි නැ කියලා.(ඇත්තෙන්ම මම එහෙම දෙසැරයක් කියලා තියෙනවා ).මම කියන්නේ ගහ ගන්න යන්න නෙම්.හරි යාලුවෙක්නම් ඉතින් කියන දේ අහන්නේ නැතෙයි.කෙල්ලෙක්ගේ හිත එක්ක සෙල්ලම් දාල රවට්ටලා දානවට වඩා හොදයි සල්ලිවලට ඕක කරන එක්කෙනෙක්ට සල්ලි දීලා අවශ්‍ය සේවය ගන්න එක.හැබැයි ඉතින් ගැනු ලමයට ප්‍රශ්ණයක් නැත්නම් අපිට මොකෝ.අනික නොදන්න එකාට කියනවාට වඩා දන්න යාළුවට තමන්ගේ ප්‍රතිපත්තිය අදහස කියන එක ඇගට ගුණයි නැත්නම් යාලු කමටත් කෙල වෙනවානේ .

    කැමතියි

  11. නියම කෙල්ලෝ ..
    සමහර විට නවම් අයියේ චමින්දට කලින් ඔයා ඉස්සර උනානම් මොනව වෙන්න තිබුනද ? සමහරවිට ඔයාට කතරගම යන්න තිබුනා ..හිතෙන් මවා ගන්න නවම් සහ කෙල්ල ..බස් එකේ පස්ස සීට් එකේ වාඩි වෙලා කතරගම යනවා ..ගිහිං කාවඩි නටනවා …ෂා කොච්චර ගතිද !

    ඇත්තටම මේකද බං උනේ උඹ අයියේ ගුටිකෑවේ නැද්ද ? හං ගන්න දෙයක් නෑ මට හෙමීට කියපං ..කෑව නේ ?

    ඒක නෙවේ ඔයාගේ මැනිකේ මේක දැක්කද ? 🙂 එයාගෙන් ගුටි කෑවයි ?

    ජය වේවා !!

    කැමතියි

  12. Anushka says:

    මචන් නවම් උඹේ සමාජ සේවෙ නවත්තන්න එපා බං. ඒක දිගටම ගෙනියපං. චේතනාව හොඳ නිසා උඹ ගුටි නොකා ඒ වෙනුවට කෙහෙල් කොලේ බත් කයි.

    කැමතියි

  13. arunishapiro says:

    පුංචි ගැටළුවක් … හ්ම්.. දැන් චමින්ද කැමැති නම් ඒ කෙල්ල කැමති නම් මෙතැන තියන ප්‍රශ්නය මොකක් ද? ඇයි මේ හැමෝම කෙල්ල නරකයි කියන්නෙ? චමින්ද රට යනකන් පාළුවට කරන දේ කෙල්ල කරතොත් වැරදි ඇයි?

    කැමතියි

  14. කෙල්ලෝ කවුරුද වරදේ නොබැදෙන.
    (ඔහොම කියන්නේ මම නම් නෙමෙයි. )

    හොදක් කරන්න ගියාමත් වෙන දේවල් තමයි. ඔය කෙල්ල කවදාහරි හොද ලෙඩක් හදාගෙන තමයි අන්තිමේදි නතර වෙන්නේ. කෙල්ලෝ කොයන ජාතිය විශ්වාස කරන්න හොද නෑ අයියා !!!

    ඒ උනාට මල් තියලා වඳින්න සුදුසු දේවතාවියෝ වගේ කෙල්ලොත් ඒ අතරේ ඉන්නවා කියලා අමතක කරන්න ඕනේ නෑ.

    (අද නම් ප්‍රමාද උනා ලිපිය කියවන්න. ඒ උනාට උපරිම රස වින්ඳා )

    කැමතියි

  15. හසිත says:

    ගෑනු ජාතිය ජාරා ජාතිය, ගලේ ගහලා මරා දාපිය
    පිරිමි ජාතිය උතුම් ජාතිය, දු‍ටුව තැන දන නමාපිය

    මෙතනදී ඔය දෙකෙන් මොකද්ද හරි කියලා මට තේරෙන්නේ නැහැ.!!!

    කැමතියි

  16. hangura says:

    hondata liyala tiyenawa machoo, adamai blog 1ta awe, okkoma post kiyawanna hituna, 10 witarama danata kiyauwa.

    කැමතියි

  17. dinesh says:

    ඔයා ඉතිං ලව් කරන්න ගිහින්නේ…

    හික්…..ඔහොම කිව්වට ඒ වෙලාවට එයා ගැන දුක හිතෙනව නේ බං.ඒ රෝස පාට දේවල් ගැන හිතුනම…අරූ නිකම්ම කෙලල යනවනෙ කියල හිතුනම..

    කැමතියි

  18. පින්ග්කිරීම: ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස « නවම් මාවත

  19. miltan says:

    වැඞෙ මරු දිගටම කරගෙන යන්න

    කැමතියි

  20. miltan says:

    තව deයක් තියෙනවා කියන්න blog eakak liyana kota horen kiyawanna eanna eapa kiyala

    කැමතියි

  21. malmi says:

    මේ ඔයා ආයේ කොහේ හරි ගිහින් ඉල්ලන් කනකොට අපිටත් කියන්න ඈ. අඩුගානේ මනුස්සකමට කෙල ගිලින්නවත්

    කැමතියි

  22. Ieam Noon says:

    “බැළුවම පෙන්නෙ නැද්ද තියෙන අමාරුව. මීට කලිං අනන්තවත් උන් ඕකි ඇදල ඇති බං.”

    කෙල්ලට කඩා ගන්නම හෙන අමාරුවක් තිබිල.පරණේ කියපු දේ හරි… ඔයින් ගියා මදැයි…

    කැමතියි

  23. මෙච්චර පරණ එව්වට සාමාන්‍යයෙන් කමෙන්ට් දාන්නෙ නෑ… ඒත් බන් අයියෙ මෙහෙම වැඩක් කරන්න උ‍ඹට කොයි තරම් නම් මොලයක් තියෙන්න ඇද්ද ඒ කාලෙ…. ‍ලොල්..

    කැමතියි

  24. පිස්සු හොඳ එකෙන් හැදුනා… අළුත් පෝස්ට් එකෙන් දුන්නු පරන පෝස්ට් එකක ලින්ක් එකක තිබුනු තවත් ලින්ක් එකකින් ආවේ…

    ඔබා මාමා තමා මට නවම් අයියව හඳුන්වලා දුන්නේ ඒ එදා අවුරුදු උත්සවේ අයියා ඔබා මාමාට යනවා කියලා ගියාට පස්සේ…..

    කැමතියි

  25. නිර්නාමික says:

    Ehema nathi ganu lamayinuth innawa. Hondad!

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: