පොලීසියෙන් දඩගහන්න අපිට, හුහ්……. එව්ව කොහේද !

අපේ වෙන්ඩ ලෝයර් මහත්තය දැන් ඉතින් වෙලා ලෝයර්නෙ. මිනිහ ඔය ක්ලැරිකල් එක්සෑම් එහෙම පාස් වෙලා යුධ හමුදාවෙ සිවිල් ස්ටාෆ් ගිහිල්ල ඉන්නකොට තමයි ලෝ කරන්න පටන්ගත්තෙ. මිනිහ අරින නයින්ගෙ හැටියට මගෙ හිතේ මිනිහට පුදුම ආත්ම විශ්වාසයක්  තමයි තිබුනෙ ලෝයර් කෙනෙක් උනොත් ගොඩම තමයි කියල.

ඕක ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම දැකල තිබුනට ඊට සෑහෙන කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ දැනට අවුරුදු හතරකට විතර කලින් තමයි යාළුවෙක් උනේ. මේකයි ඒ සිද්ධිය….

මිනිහයි මමයි ගියේ ගාල්ලෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට. එකෙ මිනිහ ඉගෙනගත්තෙ දොස්තර කෙනෙක් වෙන්න. මං නං ඉතින් තුන් හිතින්ම හිතං උන්නෙ ඉංජිනේරුවෙක් වෙන්න. අපේ වෙලාවටද රටේ වෙලාවටද මංද විභාගෙට කෙලවුනානෙ.

ඒ කාලෙ ඔහොම එකෙක් අපිට අල්ලපු පන්තියෙ උන්නද කියල හොයාගන්න බැරි ගානට තමයි මේක ඉඳියෙ. ඔළුව පොතේ ඔබාගෙනමයි බැලුවොත් ඇත්නං. හරිම පිලිවෙලකට තමයි මිනිහ ඇන්දෙ පැලැන්දෙත්. වැඩිය ඕනෙ නෑ මේක පු‍ටුවෙ වාඩි වෙන්නෙත් හොඳට පු‍ටුව පිහිදාල අර ගෑණු ළමයි වාඩිවෙන්න කලින් පස්ස පැත්ත අතගාල ගවුමෙ ‍රැළි  පොඩිනොවෙන්න වාඩිවෙනව වගේ අතින් කලිසමත් ඇදල. ඔය වගේ දේවල් හන්දම ඕකට ඉස්කෝලෙ කාඩ් එකක් තිබුන “මැරය” කියල.  මං ඉතිං තව විස්තර නොකිව්වට හිතාගන්න පුළුවන් නෙමොනවගේ චරිතයක්ද කියල මේ.

දැන් ආපහු වර්තමානයට……

දවසක් අර මගෙ අතිජාත සහෝදර ම්ත්‍රයගෙන් කෝල් එකක් එනව.

මචං උඹ කොහේද බං ඉන්නෙ?

ඔ‍ෆිස් බං.

උඹ කොහේද ඉන්නෙ බං, මෙලෝදෙයක් ඇහෙන්නෙ නෑනෙ.

මේ සාගරික එකේ එන ගමන් බං.

ඒක නෙමෙයි, උඹෙ යාලුවෙක් ඉන්නව මෙතන, කතාකරන්න ඕන කියල වදේ, දෙන්නද?

කව්ද ?. දීපං බලන්න.

හෙලෝව්…… [ඔය කාලෙ වෙනකොට මගෙ හෙලො එක අන්තිමට “ව්” එකක් එහෙම ඇවිල්ල මොඩිෆයි වෙලා තිබුනෙ]

අඩෝ…..

හෙලෝව්……

ආච්චිට හාල් ගරන්න තොට මොකෝ වෙලා තියෙන්නෙ?

මට දැං වැඩේ අප්සට්, කව්ද මේ…… මෙහෙම කතාකරන එකෙක් මගෙ මතකයේ නං නෑ, වැරදිලාවත්ද? ඒත් ඉතිං මටම කියල දුන්න කෝල් එකක්නෙ මේක. මට ඩිංගක් විතර මළ පැනහනත් එන්නෙ. ඒත් ඉතිං අනිත් පැත්තෙ ඉන්නෙ කව්ද නොදැන හරි ප්‍රතිචාරයක් දෙන්න බෑ නෙ. ඒක නිසා මං ආපහු,

කවුද මේ කතාකරන්නේ…. කියල ඇහුව විතරයි….

අඩෝ තොට දැං අපිව මතක නැද්ද යකෝ.. උඹ ලොකු මිනිහෙක්ද *** කියාපි

මගෙ පරණ යාළුවෙක් බීලවත්ද කියල දැං සැකයි. ඒත් ඉතිං මහ පාන්දර සාගරිකා එකේ කොළඹ එන එකෙක්ට බොන්න වෙලාවක් සෙට් වෙන්නෙ නෑ නෙ.

අනේ මචං මට සිරාවටම අඳුරගන්න බෑ. කව්ද කියල කියහන්කො..

අඩෝ මං **** ය බං.

හ්ම්ම්…. බොලේ කව්ද **** කියන්නේ…. ඔය නමින් තුන් හතර දෙනක්ම උන්න මතකයි ඉස්කෝලෙයි ටියුෂන් ක්ලාස්වලයි. ඒත් මට නිච්චි වෙන්නෙම නෑ. ඒත් ඉතිං මේ අර තුන් හතර දෙනාගෙන් එකෙක් වෙන්න ඇති කියල හිතන් මම ඌ අඳුරනව වගේ,

අඩේ මචං මට උඹව අඳුරගන්න බැරි වුනානෙ. වොයිස් එහෙම වෙනස් වෙලානෙ. අනික දැන් සෑහෙන කාලෙකින්නෙ බං. ඉතිං ඉතිං කියහංකො, මොකද දැන් උඹ කරන්නෙ මචං?

දැං මම ආමි හෙඩ්ක්වාර්ටස් ඉන්නෙ බං.

අඩේ සිරානෙ……

ඔන්න ඔහොම ජාම බේරගෙන කතාකරල කලින් මට කෝල් එකක් කියල මූට ෆෝන් එක දුන්න එකාට මූ ආපහු ෆෝන් එක දුන්න.

මචං කවුද බං අර කතා කලේ. මට ඌ අඳුරගන්න බැරි උනානෙ.

ඒ අර ****  මැරයනෙ  බං.

ඔන්න ඔහොමයි මිනිහ ඇඟට දැනෙනෙ යාලුවෙක් උනේ. ආමි එකට ගියාට පස්සෙ උගෙ ඈලි මෑලි දුබල ගතිය ලෑලි කෑලි වලින් වහලද කොහෙද.

දැං ඉතිං මෙක කියවන කාටහරි මාත් එක්ක යාළු වෙන්න ඕනනම් කතාකරන විදිය දන්නවනෙ. [පිස්සුනං කෙලින්න එපා]

දැං ඉතිං අතුරු කතාදෙකම හමාරයි, ආපහු කියාගෙන ආපු කතාවට.

හික්කඩුව දිහාවෙ අපේ යාළුවෙක්ගෙ අම්ම කෙනෙක් අන්ත්‍රාවෙලා. අපි තුන්දෙනා [ලෝයරුයි, සහෝදරයයි, මමයි] මළ ගෙදර යන්න කතාකරන් ඔ‍ෆිස් ඇරිල සාගරිකා එකේ යනව. මම ඇරෙන්න අනිත් උන් දෙන්නම ඉන්නෙ බද්දෙගම දිහාවෙ හන්ද ලෝයර්ගෙ ගෙදර ගිහිල්ල උන්ගෙ මස්සිනාගෙ මෝටර්සයිකලේ යන්න තමයි කතාකරගත්තෙ. දැන් ගියාට මොකද හෙල්මට් දෙකයි තියෙන්නෙ. ආපි තුන්දෙනෙක් ඉන්නව. පැනපු ගමන් කියාපි අර ලෝයර්,

අවුලක් නෑ බං, උඹල දෙන්න දාගනිල්ල, මට අවුලක් නෑ කියල.

යකෝ පොලීසියෙන් ඉඳියොත් දඩකොලයක් ෂුවර්.

බය වෙන්නෙ එපා බං. ආමි එකේ අපිට දඩකොල ලියන්නෙ මොන පොලීසියෙන්ද. අපේ ඔ‍ෆිස් අයි.ඩී එකයි ආමි කැප්ටන්කෙනෙක්ගෙ අයි.ඩී එක වගේමයි, අවුලක් උනොත් මම දෙන්නං ටෝක. බය නැතුව වර.

මුගෙ හැටි දන්න නිසාද කොහෙද මස්සිනා කොහෙන්ද මන්ද අහල පහල ගෙදරකින් ලබු කට්ටක් වගේ පරණ හෙල්මට් එකක් ගෙනැත් මූට දුන්න. දැං පොරගෙ හිතට අප්සට් වගේ. නෝන්ඩි සීන් එකනොවැ.

මොන හෙල්මට්ද අයියෙ මට. මෙන්න මේක ගිහිල්ල දෙන්න.

එන පොට හොඳ නැතිහන්ද, අපි දෙන්න යන්තං කියල කියල බොහොම අමාරුවෙන් මේකව හෙල්මට් එකේ ඔබං ට්‍රිබල් දාල බද්දෙගම හික්කඩුව පාරෙ රෑ 8.00 විතර පදිනව. මේක මැදිං වාඩි වෙලා මං පිටිපස්සෙ බොහොම අමාරුවෙන් එල්ලිලා වගේ ඉන්නව. ඒ මදිවට මුගෙ ලොකු කතා සේරමත් අහන්න ඕන. ට්‍රිප් ගිහිල්ල චෙක් පොයින්ට් වලින් ඔ‍ෆිස් අයි.ඩී එක පෙන්නල ගියපු හැටි, කලර් ලයිට් වල නවත්තන්නෙ නැතුව ගිහිල්ල දඩ නොකා බේරුන හැටි… කතා එලෝ කෝටියයි.

ගෝනපිනුවල හන්දිය හරියට එනකොට පාර හරහා බැරියර් එකක් දමං ඉස්සරහින් ටෝච් ගහං ඉන්නව පොලීසියෙන්. අපි මොකටෙයි බය වෙන්නෙ, හෙල්මට් තියනව, පදින එකාට ලයිසන් තියනව. එකම් අවුල බයිසිකලේ තුන්දෙනෙක් යන එක, ඒත් ඉතිං මේ හදිස්සි මළගෙදරක යනව කියල ශේප් එකක් දාගන්න බැරි වෙන එකක් නෑනෙ. අනික වෙන්ඩ ලෝයර් කෙනෙක් වෙන ආමි කාරයෙකුත් ඉන්නෙ මේ.

කොහේද මේ තුන්දෙනෙක් දාගෙන රෑ යන්නෙ..

යාලුවෙක්ගෙ අම්මකෙනෙක්ගෙ මළගෙදරක යනව සර්.. කියල පැද්ද එකා කියනව.

ආ මේ අර එහා හන්දියෙ තියන එකද?

ඔව් සර්..

කෝ ගන්න බලන්න ලයිසන් ඉන්ෂුවරන්ස් එහම.

ආ සර්…

කෝ මේ ඉන්ෂුවරන්ස් එක ගියසතියෙ එක්ස්පයර්ඩ් නෙ.

වෙන්න බෑ රාළහාමි, අයිය ගියසතියෙ නෙ රීනිව් කලේ. කෝ දෙන්න බලන්න. කියල ලෝයර් ගත්ත අතට. හතර වටේටම කරකවල බලල ඩිංග වෙලාවකට පස්සෙ අපි ගාවට ඇවිල්ල රහසින් වගේ,

මචං සිරාවට මේක එක්ස්පයර්ඩ් නෙ. දැං මොකද අපි කරන්නෙ.

අපි උඹෙ අයි.ඩී එක පෙන්නල ෂේප් එකක් දාගනිමු බං.

පිස්සුද මචං, හෙල්මට්, ලයිසන් වගේ නෙමෙයි ඉන්ෂුවරන්ස් කේස්. හරියන්නෙ නෑ බං, අනික නිකං නෝන්ඩි වෙන්න වෙන්නෙ. පොලීසියයි ආමි එකයි මේ ඉදවස් වල අවුල් බං.

ඉති මොකද කරන්නෙ. හිටහං බලන්න කියල බයිසිකලේ පැදපු එකා අර රාළහාමි ලඟට ගියා.

සර්, ඇත්තටම මේකෙ ඉන්ෂුවරන්ස් එක්ස්පයර්ඩ් කියල අපි දැනං උන්නෙ නෑ. මෙ හදිස්සියට මළගෙදර යන්න ඉල්ලගත්තු බයිසිකලයක්. මං සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කරන්නෙ. හෙට උදේම අක්කරෙයිපත්තු යන්න තියෙනව එහේ හොස්පිට්ල් එකේ වැඩකට. නැෂනල් අයි.ඩී එකත් නැතිවෙලා හන්ද ලයිසන් එක ගත්තොත්නං මාව ලොකු අමාරුවක තමයි වැටෙන්නෙ. අදට විතරක් යන්නම් සර්…

හ්ම්…. සෞඛ්‍ය අමාත්‍යංශයේ  කිව්ව නේද වැඩ කරන්නෙ. මොනවද තමුන් එහේ කරන්නෙ.

මම බයෝ මෙඩිකල් ටෙක්නීශියන් කෙනෙක් සර්.

තේරුනා වගේ රාළහාමිත් ඩිංගක් වෙලා මිනිගෙ මූණ බලාගෙන ඉඳල හ්ම්ම්…. මළ ගෙදර තියෙන්නෙ එහා වංගුවෙනෙ. ඒක හන්ද දෙන්නෙක් විතරක් බයිසිකලේ යනව. එක්කෙනෙක් පයින් යනව කියල කිව්ව.

අපිත් ඉතිං බොහෝම ස්තූතියි රාළහාමි කියල හක්කෙ පනුවො කාපු දත් පේන තරං හිනාවෙලා එතනින් මාරු උනා.

පයින් ගියේ කවුද කියල හිතාගන්න පුළුවන් නේද?

Advertisements

36 Responses to පොලීසියෙන් දඩගහන්න අපිට, හුහ්……. එව්ව කොහේද !

  1. Alchemiya says:

    චාටර් හතයි නේද ?
    ඉතිං තමුන්නැහෙලා අර වෙන්ඩ ලෝයර්ට මොකවත් කිවුවෙ නැතෙයි පොළව පලාගෙන යන්න හිතෙන්න ?
    ආ…. ආපහු යන්නත් වෙන්න ඇත්තේ ඌත් එක්කමනේ….

    කැමතියි

  2. පයින් ගියේ කවුද කියල හිතාගන්න පුලුවන්. ඒක නෙමෙයි. ඔයාලා මොකද දිවුල් වලට ජූල් කියන්නෙ. ශක්තිය මනින ඒකකයද කොහෙදනෙ ජූල් කියන්නෙ.

    කැමතියි

  3. වෙන්න ලෝයර්ටනම් හොඳම වැඩේ. මමත් දන්න කොල්ලෙක් හිටියා ඔය වගේ. කටින්ම තමා බතල හිටවන්නේ. එයානම් තාම ලෝයර් උනේ නැහැ. හැබැයි ඒ වගේ තමයි වැඩ කරන්නේ. 😀

    කැමතියි

  4. බයිසිකලේ තුන්දෙනා දාල ගියපු මතකයන් නම් ඕනෙ තරම් තියනව …
    වෙන්ට ලෝයර් වගේ එවුන් හදන්න බෑ… ඕකුන්ට මොනව කිව්වත් ඒ වගේම තමයි

    කැමතියි

  5. පව් අප්පා අහිංසක කොල්ලා…. මේ අර රාළහාමි ඊට පස්සේ හම්බුනේ නැද්ද? මොකද ඌට හොඳට ඉංග්‍රීසි පුළුවන් වගේ…

    කැමතියි

  6. dinesh says:

    හික්…හික්…මට මතකයි බුවාව.අර කලින් දවසක් ට්‍රිප් එකක් යන්න ගිහින් චා උන මෑන් නේද?පට්ට බොරුත් කියල ඇති දෙකක් අහ ගත්තෙ නැති එක…”ගිය සතියෙ රිනීව් කලේ…..”

    දවසක අපේ පොරකුත් ඔහොම මාට්‍ටු වෙලා පස්සෙ පොලිස් බුවාට කියල “එහෙම කරන්න එපා සර්…..අපි මොනා හරි කරමු..” කියල.ඊට පස්සෙ ඒ බුවා අනිත් මෑන්ට කියනවලු “ඒ…..බලපන්කො මූ මට මොනවද කරන්න කතා කරණව ” කියල.

    කැමතියි

  7. ලෝයර්ට වස චාටර් එක නේ !!!
    ඔහොම තමයි ලොකු ලොකු ටෝක් issue කරන උන්ට හැමදාම වෙන්නේ. ඒකට පොලව පලාගෙන යන්න හිතෙන්න ඇතිනේ වෙච්ච චාටර් එකට. 🙂

    කැමතියි

  8. arunishapiro says:

    වරණාත්මක දඬුවම් රටාව පතුරුවන්න දායක වීම නම් මල්ලී රටටත් තමන්ටත් හොඳ නැහැ. පුංචි අය කරන පුංචි වැරදි කමක් නැති වුනාම ලොකු අය ‍කරන ‍ලොකු වැරදිත් කමක් නැති වෙනවා.

    කැමතියි

  9. arunishapiro says:

    නවම් මල්ලි,
    රක්ෂණ සහතිකය නැතිව යන්න දුන්නම නිලධාරියා නීතිය රැක්කෙ නැහැ. එහෙම යන්න දීපු එක ඔයාලගෙ විශේෂ තත්වය සලකා බලා තනි තීරණයකින් නොහොත් අල්ලපු ගමේ මරණ ගෙදරකට යන නිසා කියල විශේෂත්වයක් කළා. ඉතින් ඕක පුංචි දෙයක්නෙ. වැඩි වැරැද්දක් නැහැනෙ කියලා හිතන්න හැමෝම හුරු වෙනවා.

    දැන් ඇස්ටින් මාර්ටින් එකෙන් පිඹගෙන යන ලොකු ලොක්කෙක්ට මුකුත් නොබලා නිලධාරියා සැලියුට් ගහලා යන්න දෙනවා. ලොකු වැරැද්දක් නෙමේ කියලා ඒකත් හිතන්න හුරු වෙනවා.

    මෙහෙම හුරු වෙන සමාජයක නීති මොනවට ද තියෙන්නෙ කියලා වගකීමක් නැහැ. විශේෂ අවස්ථාවල දී කැඩුවට කමක් නැහැ කියලා හිතන්න හුරු වුනාම අවසානයේ විශේෂ අවස්ථාව ගැන එකඟ නොවන තරමට ආවත් වැරැද්ද නිවැරැද්ද හඳුනා ගන්න බැහැ.

    ඒකයි ලොකු ලොක්කන්ගෙ වැරදි හා අඩුපාඩු ගැන කියන්න මැළි නොවන අපි පොඩි අයගෙත් අඩුපාඩු හා වැරදි දැක්කම කියන්න ඕන!

    කැමතියි

    • නවම් says:

      අරුණි අක්කට ඒකෙ වෙනස තදින්ම දැනෙන්න ඇත්තෙ ඔයා ඉන්න රටේ මාර්ග නීති තදින්ම ක්‍රියත්මක වෙන හන්ද වෙන්න ඇති. අපිට මේක පුරුදු වෙලාම ඔය කියන වෙනස අඳුර ගන්න බැරි තරමටම සාමාන්‍යකරනය වෙලා. කොච්චරටමද කියනවනම් පව් ඔන්න ඔහේ යන්න දෙමු කියල කියන තරමටම.

      කැමතියි

      • arunishapiro says:

        නවම්,
        ඔව්. ඒක නිසා තමයි මේ සමාජයේ ජීවත්වීම ප්‍රියදායක වෙන්නෙ. ඈත එපිට කාලෙක මෙහෙත් එහෙම නීති ක්‍රියාත්මක වුනේ නැහැ. ටෙඩ් කෙනෙඩි කියන සෙනෙට් සභිකයා බීලා වාහනයකින් ගිහින් තරුණියකගෙ මරණයත් සිද්ධ කළාට එයාට කිසි දඬුවමක් දුන්නෙ නැහැ.

        ඒත් අද වෙනස්. කැලිෆෝර්නියා ආණ්ඩුකාරයාව හිටපු ආර්නෝල්ඩ් ස්වාස්ට්ස්නේගර් එයාගෙ පොර්ෂා එක නීති විරෝධීව නවත්තලා තිබිච්ච නිසාත්, තවත් දවසක ‍අධික වේගයෙන් ගියා කියලාත් එයා පාලන බලයේ ඉන්න කාලේ දී ම කිහිප වතාවක් දඩ ගෙව්වා.

        බුෂ් පුතා ජනාධිපති කාලේ එයාගෙ දුව ජෙනා බුෂ් වයස අඩු අයට තහනම්ව තිබිය දී බාර් එකක මත්පැන් පානය කරලා අහුවෙලා නඩු යන්නත් වුනා.

        නීතියක වටිනාකම හැමෝටම එක ‍විදියට ක්‍රියාත්මක වෙනවා නම්. රටක් හදාගන්න නම් පුංචි අපිත් මොන ම නීතියක් වත් නොකඩා ඉන්න ඕන. එතකොට ලොකු පාලකයන්ට ඇඟිල්ල දික් කරලා ඔබ පමණක් නීතිය කැඩුවා කියන්න හැකියාව ලැබෙනවා.

        කැමතියි

  10. udaya says:

    එල… මරු කතාව…!!!
    වතාවක් අපිට මොණරාගල යන්න උනා ස්කෝලෙ ටීචර් කෙනෙක්ගෙ අම්මගෙ මළගෙදරක. ගියෙ රත්නපුරේ ඉඳන්. වාහනේ හොයාගෙන ආව එකා මගක් යනකොට තමයි කිවුවෙ ලයිසන් ඉන්ෂුවරන්ස් නැ කියල. අනික ඒ දවස් වල හවස 6.30 න් පස්සෙ උඩවලව ජලාශයයේ බැම්ම උඩින් යන්න දෙන්න නැ, ආරක්ෂක හේතූන් මත. අපි ඇත්තම කිවුවා චෙක්පොයින්ට් එකට. හමුදාවෙන් කොච්චර හොඳට සැලකුවද කියනව නම්, අපි ආයෙ මහ රැ එනකොට කතාකරල කියන්න කිවුවා ජලාශයයේ බැම්ම උඩින් එන්න දෙන්නම් කියලා. ඒ විදිහටම අපිට එන්න දුන්නා. හැබැයි ඒ හැමදේම ලැබුනෙ ස්කෝලෙ යුනිෆෝම් එකේ පිහිටෙන් තමයි.
    මොනව වුනත් වැරදි වැඩ පුරුද්දට ගන්න නම් හොඳ නැ…. 🙂 🙂

    කැමතියි

  11. අන්න ලෝයර්ලා ..මම කේස් එකක් දාගත්තොත් අනිවා අල්ලන්නේ ඔය ලෝයර් තුමාව .. ඇත්තටම නවම් අයියේ යාළුවා ලෝයර් උනාද ? නැත්තං තවම වෙන්ඩ බලං ඉන්නවද ?

    මට පරක්කු උනේ මට සිග්නල් නෑ ඒකයි …යාන්තං අමාරුවෙන් අමාරුවෙන් අමාරුවෙන් තමයි නෙට් එකට එන්නේ … මමනම් තවම එක දඩ කොලයක් කාලා නෑ මයෙ ජීවිතේටම …කොහොමද ?

    ජය වේවා !!

    කැමතියි

  12. රංග says:

    ඔය කියන ඉස්කෝලෙ මගෙත් යාලුවො ගොඩක් හිටියා. ඒත් උඹලට වඩා අවුරුදු ගානක් වැඩිමල් මම හිතන්නේ. 97 A/L

    කැමතියි

  13. පොලිසියනම් දැන් අන්තිමයි කියලා වැඩක් නැ.පොලිස් කාරයන්ට වරදක් කියන්නත් බැ.උන්ව තෝරපු උන්දැල තමයි වගකියන්න ඔනේ.

    අරුණි අක්කා කියනවා වගේ නීතිය හැමෝටම තියෙනවා නම් ඉතින් හොදයි අක්කේ . ඒ වුණාට නීතිය ක්‍රියාත්මක කරන අයට අණ දෙන ඇත්තෝට කොන්දක් නැත්නම් මොකද කරන්නේ / අනික දුප්පත් පොලිස් කරයා බෙල්ලත් බේර ගන්න එපයි නැත්නම් පඩියට කෙසේ වෙතත් පැන්ෂන් එකටත් කෙල වෙනවානේ .

    කැමතියි

  14. ඉන්දික සදරුවන් says:

    ” හ්ම්…. සෞඛ්‍ය අමාත්‍යංශයේ කිව්ව නේද වැඩ කරන්නෙ. මොනවද තමුන් එහේ කරන්නෙ.

    මම බයෝ මෙඩිකල් ටෙක්නීශියන් කෙනෙක් සර්.”
    බයෝ මෙඩිකල් ටෙක්නීශියන් නවම් ද යාලුවද?.

    කැමතියි

  15. ඉන්දික සදරුවන් says:

    යාලුවගෙ නම ග** ක** ද?

    කැමතියි

  16. මධූ says:

    අයියෙ මේ නවම් මාවත නම් සිරාම බ්ලොග් 1ක්.. පොඩ්ඩක් මේ පැත්තට ආවම ආපහු යන්න හිතෙන්නෙම නෑ…
    ___ගාල්ලෙ කොල්ලෙක්

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: