මාර ෆීලිංස් මචං මේක, මල්බොරෝ පරාදයි !

මේ සිද්ධිය උනේ හරියටම කොයි කාලෙද කියල මතකයක් නැති උනත්, ඕලෙවල් අන්තිම හරියෙ හරි ඒ ලෙවල් මුල හරියෙ වෙන්න ඕන. මොකද ඔය කාලෙ තමයි මගෙ ඔළුවටම හෙනහුරා වහල තිබුනෙ. ඒක හන්දම මං වැඩි හරියක්ම උන්නෙ ඉස්කෝලෙ මහ එපා කරපු උන් සෙට් එකක් එක්ක. ඒත් මං උන් අතරෙ හරියට අර නිශ්ක්‍රීය වායුවක් වෙච්ච ආර්ගන් වගේ. මෙලෝ රහක් නෑ. මට අදටත් හිතා ගන්න බෑ ඇයි මං උන් එක්ක සෙට් වෙලා ඉඳියෙ කියල. සමහර වෙලාවට ඒ මට ඉස්කෝලෙ තිබුන එකම කොම්ෆෝර්ට් සෝන් එක හන්ද වෙන්න ඇති.

ඔය කාලෙ මොන උණකටද මන්ද මළගෙවල් හොයන් යන්නෙ. සමහර වෙලාවට මැරිච්ච එකා ජීවිතේට දැකලවත් නෑ. ඒත් ඉතිං අපේ සෙට් එක ගියාට මට ඔව්වයෙ යන්න ගෙදරින් වැඩිය ඉඩක් නෑ. ඉඳල හිටල ගියත් නොවඳිනා වැඳුම් වැඳල තමයි. හැබැයි මේ මළගෙදර ඉස්කෝලෙ කිට්‍ටුවම හන්ද ගෙදරන් යන්න අවසර දුන්න. ඒත් ඉතින් රෑ නමයට ඉස්සෙල්ල හෙදරට රපෝර්තු කරන්න කියන නියෝගත් එක්ක. එන්නෙ ඉතිං ගියාට පස්සෙනෙ……….

සෙට් එකම රිච්මන්ඩ් කන්ද ස්ටේෂන් එක ලඟට සෙට් වෙලා බලං ඉන්නව පූස එනකං.

මචං කෝ බං මේක. තාම නෑ නෙ.

පොලීසියටවත් මාට්‍ටු උනාද දන්නෙ නෑ.

පිස්සුද බං ඌ ගානට බඩු ගෙනෙයි. මොකෝ ඌ නොදන්න එකෙක්යැ.

අඩෝ අර එන්නෙ බුවා…

යමං යමං.. මොකෝ බං මෙච්චර වෙලා..

රෙද්ද තමයි, පේපර් පැකට් එකක් හොයාගන්න ඇවිද්ද බං. බඩු ඕනතරං ඒත් පේපර් නෑ. අන්තිමට බස් ස්ටෑන්ඩ් එකටම යන්න උනා.

එල එල අවුලක් නෑ, දැං යමං

දැං සෙට් එකම සපුමල් පෙදෙසෙ මළගෙදරට එන්ටර් උනා. අප්පට සිරි මළ ගෙදර හද්ද පාළුයි, ලයි‍ටුත් නෑ. ජෙනියකින්ද කොහෙද ගේ ඇතුලෙ බල්බ් එකක් විතරක් දාල තියනව. ඩිංගක් විතර ඇහැ හුරු උනාම තමයි දැක්කෙ, කට්ටිය ගේ වටේම තියනෙ කෙහෙල් පඳුරු පල්ලෙ සෙට් වෙලා. හරියට අර නිහාල් නෙල්සන්ගෙ ජෙමාගෙ වත්ත වගේ.

අපි ඉතිං මළගෙදරක ගියාට මිණිය බලන්න යන එකක්යැ. ඔය කොළ පෙරලිල්ලට නැති හන්ද කොහේහරි මුල්ලක තියෙන කැරම් බෝඩ් එකක් හිස් වෙනකං බලන් ඉන්නව මිසක්. ඒක හන්ද මේ මළගෙදරත් වෙනසක් නෑ, එහෙම්මම තමයි, පොඩි උන් ටිකක් එලවල කැරම් බෝඩ් එකක් අරක් ගත්ත.

අඩෝ උඹල ආවද එල එල..

කියාගෙන සීය මැරිච්ච ධනුෂ්කය ආව. ඌට සීය මළාට නං ගානක් නෑ වගේ, කට්ටියම දැකල හෙන ජොලි. අපි ඇරෙන්න වෙන ඉස්කෝලෙ වෙන එකෙක්වත් ඇවිල්ල නෑ වගේ. අපිත් යන්න වෙන මළගෙයක් නැතුව ආව මිසක් මූ ඉස්කෝලෙදි දෙන පඬි ටෝක් වලට එන්නෙ හිතෙන්නෙ නෑ. ඇරියොත් ඇත්නං තඩි නයෙක් තමයි. මුගෙ අයිය නාසා එකේ වැඩකරන්නෙ, තාත්ත සව්දි රජමාලිගාවෙ චෙෆ්, ඔන්න ඔය වගේ පට්ට ආතල් බොරු තමයි මූ කියන්නෙ. අපිත් ඉතිං ඔෆ් පීරියඩ් එකක් ආවොත් මේකව ෆෝම් කරල බොරුවක් අහගන්නවමයි. මූත් ඉතිං ඒ වෙලාවට අගේට ෆෝම් වෙනව මදියි කොකියන්න.

පුංචි නංගී…… මෙහේට ඩ්‍රින්ක්ස් මොකවහරි ගේන්නකෝ…. කියල මූ ගේ ඇතුලෙ කාටද බෙරිහන් දෙනව.

ඔන්න ඩිංග වෙලාවකින් ගිණි පෙනෙළි වගේ කෙල්ලො පෝලිමක් එනව එක එක ඒව උස්සං. අපිත් ඉතිං දීල ඇරිය කොනක ඉඳං

මූ මොන බොරුව කිව්වත් මුගෙ නෑදෑ සනුහරේ කෙල්ලො ටික ගැනනං බොරු කියල නැති හැඩයි.

කෝ නංගි ඩ්‍රින්ක්ස්..

ඉන්න අයිය. අක්ක තවම හදනව. මං බලල අරන් එන්නම්.

දැං අපිට ඩිංගක් අප්සට්, මේ රෑ හතට කූල් ඩ්‍රින්ක්ස් බොන්න ඇහැකිය, කෝපි එකක් නං කමක් නෑ. කොහොම හරි ඩිංග වෙලාවකින් දුං දදා නගාල කෝපි ගෙනාව. සෙට් එකම ධනුෂ්කයගෙ ඩ්‍රින්ක්ස් බිව්ව. [පස්සෙ ඌට හෙන කාර් එකක් වැදුන “ඩ්‍රින්ක්ස්” කියලත්. ඒ එදා වැටිච්ච මුල්ම කාඩ් එක.]

කෝපි එහම බීල කට්ටියක් කැරම් ගහන අතරෙ, පූසයි තව එකෙකුයි කෙහෙල් ගාලට වෙලා අර බොහොම අමාරුවෙන් ගෙනාපු බඩු ඔතනව. ඕකට නෙව අපි ආවෙ.

මචං වරෙන් එක එකා.. පූස කතාකරනව.

දැං ඉතිං සෙට් එකේ එක එකා කැරම් අත වෙන වෙන උන් ට දි දී කෙහෙල් ගාලට රිංගනව.

එක පාරටම ධනුෂ්කය කඩං පාත් උනා අපි ඉන්න තැනට. මොකෝ බං අරුං කෙහෙල් ගාලෙ, බෝතලයක් වත් ගෙනාවැයි උඹල?

මොන බෝතල්ද බං. වෙන බඩුවක්. ගිහිං බලහංකො…..

අඩෝ මාරයිනෙ බං උඹල. මචං දියහංකො මටත් ෂොට් එකක් ටැස් කරන්නත් එක්ක. අයිය එවන මල්බොරෝ ගැහුවට ඔව්ව ඇදල නෑ බං.

සෙට් එකටම දැං ආතල්, මේක තවත් නයෙක් ඇරිය.

මචං මේව සෙට් එකම කට ගහපුවනෙ. උඹ පොඩ්ඩක් ඉඳහං මං අලුත් එකක් ඔතල දෙන්නං, එතකන් අපිට කන්න මොනවහරි අරං වරෙන්කො මචං කියල පූස මූව යැව්ව ගෙට. දැං අපිට පුංචි ඉවක් එනව මොකක් හරි ජල්බරියක් තමයි කියල. මොකෝ කියල ඇහුවට පූස කියන්නෙත් නෑ.

නෑ බං මුකුත් නෑ, මං ඌට අළුත් එකක් ඔතල දෙන්නං. උඹල ඔහෙන් ඉඳහල්ල, නැත්නං මෙතනට තවත් උන් පිරෙයි.

ඩිංග වෙලාවකින් ධනුෂ්කය මාරි පෙට්ටි බාගයක් අරන් ආව. කෝ මචං හරිය?

හරි මචං හරි. පු‍ටුවකුත් ඇදන් වරෙන් මෙහාට.

ඔන්න දැං ඉතිං ධනුෂ්කය වැඩේට එන්ටර්…  පූස අරූගෙ කටේ තියෙද්දිම ගිණිකූරක් ගහල පත්තුකරල දුන්න. දුං දාගෙන දැං  හි‍ටු කියල අදිනව. ඩිංගක් විතර මුගෙ දුම වැඩී අනිත් උන්ට වැඩිය. ඒකට ඩිංගක් විතර වැඩිපුර දාල එතුව කියල පූස කියපු හන්ද එච්චර ගානක් නෑ සෙට් එකටම.

මචං මෙකෙ තියෙන්නෙ පට්ට ෆීලින් එකක්නෙ. නිකං පාවෙනව වගේ බං. කන් දෙකට තමයි හෙනම ආතල්…

ඔව් මචං, ගානට ඇදපන්. එතකොට තමයි ආතල් වැඩි. නැත්නං කැස්ස එයි. මනෝ පාරක් දාං අදිනකොට තමයි ගතිය.. පූස උපදෙස් දෙනව.

හ්ම්ම්… ඔව් බං. මල්බොරෝ පරාදයිනෙ මචං මේවට. උඹනං දෙයියෙක් කියල වැටිච්ච කෙහෙල් කඳකට කඳකට කකුල් දෙකත් ගහං උඩ බලං දුං අරිනව. ඌ දැං දිවියලෝකෙ හරියෙ වගේ..

මචං ධනුෂ්කය, දියං බං මටත් ෂොට් එකක්.. කියල සෙට් එකේ තවත් එකෙක් වෙච්ච දිනෙෂ් ඉල්ලුව.

නෑ නෑ…….. ඒක ඌටම ගහන්න ඇරපන්, උඹට ඕන නං වර මගේ බාගෙ දෙන්නං. පූස කියනව.

පිස්සුද මචන්. මේකෙන් බාගයක් ගහපන්. පූස මොකෝ මං මොකෝ…මාර ෆීලින්ස් බං.  ඉඳා ගහපන්..

පූස හි‍ටු කියල දිනෙෂ්ට ඔරවනව. ඌට ඒකෙ වගක් නෑ. අර කොටේ අරං ඇද්ද තඩි උගුරක්.

ක්කැහ්.. ක්කැහ්.. ..ක්කැහ්.. …කරාස්…..තූ….. තුඃ…

මොන රෙද්දක්ද බං මේ මළ ජරාව…

අපි ඔක්කෝටම දැං අන්දොස් වගේ. මොකෝ දීනේෂ් ට උනේ. මොකෝ ඌ පුරුදු නැති එකෙක්ය.

මොකෝ බං දිනේෂ්….. ධනුෂ්කයත් අප්සට් වෙලා.

මහ ජරා රහක්නෙ බං, ඉඳපං බලන්න. කියල ඌ ගොට්ට දිගෑරල නහයට කිට්‍ටු කලා. මෙන්න ඌ ඊටපස්සෙ මහ හයියෙන් හිනා වෙනව. මූට බඩු තැපෑලෙන් ඇවිල්ලද කොහෙද.

යකෝ ධනුෂ්කයො ‍තෝ මෙච්චර වෙලා ඇදල තියෙන්නෙ වේලිච්ච කෙහෙල් පට්ට ඕයි. තොට මේකටත් ෆීලින්ස්ද?……………………………………………..

පූසා මං තොට *&#’?@~.#$ * &#’?@&#’?$%@&#’?@

ප/ලි : ඊට පස්සෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට අළුත් කොල්ලෙක් ආව පරඬැලා කියල.

Advertisements

20 Responses to මාර ෆීලිංස් මචං මේක, මල්බොරෝ පරාදයි !

  1. අපේ ඇත්තෝ මල් වැඩේටනම් එච්චර නැ හැබැයි ඉතින් මල ගෙයකට සෙට් උණාම බයිසිකවලින් ඔය කට රතු වෙන දේවල් දිව යට තියෙන දේවල් එහෙම හුගක් යනවලු.සමහර විට ඒ අපි දවල්ට සෙට් වෙන හින්දද දන්නේ නැ.

    කැමතියි

  2. Anushka says:

    මොන බලු වැඩක්ද යකෝ ඒ කලේ….එක අතකට හොඳයි උගේ පඬි ටෝක් යන්නත් එක්ක

    කැමතියි

  3. asanka says:

    අපෙත් ඔහොම සීන් 1ක් වුනා,උට මල් වඩි නෑ කිය ලොකු සීන් දෑම්ම කොස් වේලිච කොස් කොල දාල එතුවා පෑට්ටෙක්,මුට වදි නෑති නිසා පෑට්ටව තනියම ගහන්න දුන්නා,මෙන්න කොල්ලාට බඩු හොදට,පස්සේ අන්තිම ටික දිගඇරල පෙන්නුවම තමා මුගෙ රෙදි ගෑල වුනේ,දෑනට අවුරුදු 10යකට විතර කලින් වුනු සීන් 1ක් එත් තාම උගේ නමේ මුලට කොස් කොල කෑල්ල දාල තමා කතා කරන්නේ,
    මමත් ගාල්ලේ කොල්ලෝ උබට වුනු කරදරය ගෑන මම දෑක්කා,උබට ඔන උදව්වක් තියනම් ඉල්ලපන් මට පුලුවන් විදියෙන් කරන්නම්.

    කැමතියි

  4. මාරම සීන් එක නේ. මමත් අහලා තියෙනවා සමහර එවුන් කෙහෙල් පට්ටත් අදිනවා කියලා.

    මෙහෙ නම් ඕවා නැහෑ.. පැනිය නම් ගහනවා. කට්ටිය ඊට පස්සේ හඳේ යනවා වගේ පාවි පාවි යනවා. ඉස්සර අපි උසස්පෙල කරන කාලේ තිබ්බා පාම්පරා, බාබුල් වගේ ඒවා. දැන් නම් නැද්ද කොහෙද !!!

    ඒ උනාට ඔය මල ජරාවල් මම නම් අනුමත කරන්නේ නෑ.
    නවම් මාවතට (කසුන්) නම් දැන් ඕවා තහංචි වෙන්ටෑ… දැන් දීග තල ගිහින් නේ.

    කැමතියි

  5. dinesh says:

    නයාට මරු සීන් එක වෙලා තියෙන්නෙ.

    අපේ පැත්තෙනම් අපි හිටපු දවස් වල පාවට්ට කොලයක් එහෙම බේතකටවත් හොයා ගන්න නෑ.බැඳපු අලුත එහෙමත් ඕක මසුරං.හේතුවනම් නවම් අයිය නොදන්නව වෙන්න බෑ. හික්…….

    කැමතියි

  6. අඩෙනවා… කෙහෙල් පට්ට වලට එන ෆීලින්ග්ස් මෙහෙම නම් ඌට මලක් වැදුනම කොහොම හිටීද?

    කැමතියි

  7. හික් හික්!! මටත් අහන්න තියෙන්නෙ අපේ රන් මාලුවා අහපු එකමයි

    කැමතියි

  8. අඩේ පව් බන්!! එකා අයේ ජොයින්ට් එකක් කටේවත් තියන්න නැතුව ඇති

    කැමතියි

  9. dinesh says:

    හරි එහෙනම් ඔන්න මම අද ඉඳල අයිය හොඳේ….

    හෝඩ් ‍ෆිෆ්ට දාපු rply එකනම් පට්ට . හික්……හික්….

    කැමතියි

  10. ඔය වගේම සිදු වීමක් අර සඳරු කියන එකාටත් වෙලා තියනව කියන්නේ ..ඔන්න දවසක් සඳරුලා ගමේ කොල්ලෝ කස්ටියකුත් එක්ක ..මල පහ කරන්න ගිහිං .රු 45 ක ගජ ලාබෙට කස්ටියම මල් මිටක් අරං සුබ මොහොතින් පට්ට වනයකට සෙට් වෙලා මල් සුවඳ බල බලා ඉන්න අතරේ වල් අලියෙකුත් මල් සුවඳට ඇදිලා ආවේ නැතෑ ..කස්ටිය සුං ගාල ඉගිල්ලා ගියා . අලියට ඇපත් නෑ …

    අපේ පැත්තෙත් ඔය මල් වලට ජරාව මික්ස් කරන අලුකුත්තේරුවෝ ඉන්නවා ..හැබැයි ඉතින් අපේ එවුවෝ නම් පාවිච්චි කරන්න 100% පිරිසිදු මල් රේනු.. පුරුදු කාරයට අද්දැකීමෙන් කියන්න පුලුවන් මෙක ඔරිජිනල්ද ..කලවම් ද කියලා ..

    ගොඩක් වෙලාවට ඕවට මික්ස් කරන්නේ හොඳින් වේලාගත් බැබිල ..ඒක නිසා පලමුව සුවඳ බලන්න දෙවනුව ..විඳින්න ..තෙවනුව දෙවු ලොව යන්න ..

    බැබිල වලින් ප්‍රවේසම් වෙනු ..!!

    ජය වේවා !!

    කැමතියි

  11. පට්ට ආතල් සීන් එක.හිනාවෙලා පන යනවා…….

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: