නෝටිම නෝටි අක්කෙක් එක්ක මෝඩ මල්ලි බබෙක්. හපොයි … !
පෙබරවාරි 5, 2011 ප්‍රතිචාර 67
මට මේ කතාව මතක් උනේ ගෝල්ඩ් ෆිෂ් ගෙ ඇටේ හිරවෙච්ච කතාවෙ ඉන්න ඉශාර අක්ක හන්ද. හැබැයි ඒ වගේ ෂෝයි කතාවක් නෙමෙයි, පොඩ්ඩක් විතර නෝටි අක්කෙන් ගෙ කතාවක්. ලියනවද නැද්ද කියල හිත හිත ඉඳල ඔන්න ඔහේ ලියල දානව කියල හිතුව.
ඉස්සර අවුරුද්දකට පාරක් තාත්තලගෙ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යනව. ඉස්සර කිව්වට තාමත් ඒ අය ට්‍රිප් එක යනව. ඒත් තාත්ත දැන් රිටයර්ඩ් නිසා අපිට යන්න චාන්ස් එකක් නෑ. ඊටත් දැං පවුල් පන්සල් වෙලානෙ. ඕක ට්‍රිප් එකක් කිව්වට පී.එස්.එම්.පී මීටිමකට සහභාගී වීම තමයි මූලිකම පරමාර්ථය. ඒත් ඉතිං කට්ට්ය ඕක ට්‍රිප් එකකට හරවන් උන්නෙ දවස් තුන විතර. ඕකට ලංකාව පුරාම තියෙන පළාත්පාලන ආයතනවල සාමාජිකයො එනව. කොහොම හරි තාත්තත් එක්ක මම ගියපු හැම එකක්ම තිබුනෙ දුර පලාත්වල හන්ද ඒ වෙනකොට හත වසරෙ විතර ඉඳපු පුංචි මටනම් නියම ට්‍රිප් එක.
තාත්තයි, අනිත් අංකල්ලයි ඉන්නෙ බස් එකේ පිටිපස්සෙම. උයන්න පිහන්න ගෙනියන හැලිවලං සේරමත් එයාල ඉන්න හරියෙ සීට් යට. තඩි වතුර බූලිය පිටිපස්සෙ දොර ලඟ පඩිය උඩ තියන කණුවට ගැටගහල. ඊලඟට ඔෆිස් එකේ වැඩකරන ඇන්ටිලයි, අර පිටිපස්සෙ වාඩිවෙලා ඉන්න අංකල්ලගෙ ඇන්ටිලයි. ඊටත් ඉස්සරහින් ඒ අංකල්ල ඇන්ටිලගෙ දූල සෙට් එක, ඉස්සරහින්ම කොළු නඩේ. ඕක තමයි සාමාන්‍යයෙන් පිටත් වෙනකොට වාඩි වෙන පිලිවෙල. ඒත් ඉතිං ටික වෙලාවකින් පිටිපස්සෙන් බෝතල් සද්ද වෙනකොට පස්ස හැරිල රවන ඇන්ටිලට කීකරු අංකල්ල පේලියක් දෙකක් ඉස්සරහට වෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි.
ඉස්සර තුන හතර පන්තිවල ඉන්නකොට ඉස්කෝලෙ ඇරිල මාත් තාත්තත් එක්ක ඔෆිස් යනව. ඉතිං එහෙම ගියාට මට වස කම්මැලියි ඕකෙ ඉන්න. වයසක අංකල්ල ඇන්ටිල එක්ක අවුරුදු දහයක විතර කොළුපැටියෙක් මොනව කරන්නද. ඒත් ඉතිං එහෙමයි කියල පැත්තකට වෙලා ඉන්න ඇහැක් වයසක්ය ඒ. මොකක් හරි බාල්දියක් පෙල්ලගන්නවමයි කොහොම හරි. මට මහ වාචාල කටක් තිබුනෙ ඒකාලෙ එයාල එකක් කියනකොට මං දෙකක් කියල. ඉතිං කට්ටියටම මාව හොඳම බයිට් එකක් වෙලා තිබුනෙ.
ඔන්න ඔහොම බයිට් වෙලාම මට හරිම කැමති ඇන්ටි කෙනෙක් උන්න තාත්තගෙ ස්ටාෆ් එකේ. මං ඔෆිස් යන එක නැවැත්තුවට පස්සෙ ඒ ඇන්ටි දැකල තිබුනෙම නෑ, මෙන්න බොලේ එයත් අර මැද හරියෙ වාඩිවෙලා ඉන්නව.
ආනේ…. පුතා දැං ලොකුයි නේ…… මෙහාට එන්නකො බලන්න….
අප්පට සිරි මෙන්න මට කතාකරනව අර ගෑණු ගොඩ මැදට. ඉස්සර ඔය තැනක් නොතැනක් නොබල රිංගුවට දැං මං ඕවට නෑ කියල මෙයා දන්නෙ නෑ වහේ, අනික ඊට ඉස්සරහ පේලියෙ ඉන්නෙ ගෑණු ළමයි රොත්ත. ඔය වයසෙදි මට ගෑණු ළමයි දිරවන්නෙම නෑ. මොකද මන්ද ඒ. අනික එතන වාඩිවෙන්න කියල ඉඩක්වත් නෑ.
අයියෝ ලැජ්ජ වෙන්න එපා පුතා එන්න.
ලොකු දුව…. පොඩ්ඩක් එහාට වෙලා මේ මල්ලියට වාඩිවෙන්න ඉඩ දෙන්නකො.
අප්පට සිරි මේ ඇන්ටිගෙ දූ ද. හෙන ලොකුයි නෙ.
අක්කත් දැං එයාගෙ සීට් එකේ ජනේලෙ පැත්තෙ මුල්ලෙ ඉඩක් දුන්න. වස ලැජ්ජාවයි. මාත් එක්ක ඉස්සරහ පෙලේ වාඩිවෙලා උන්න කොළු නඩෙත් නෝන්ඩියට වගේ බලනව
මාත් ඉතිං කරන්න දෙයක් නැතිකමට වාඩු උනා අර මුල්ලෙන්. මං ඉතිං දැං වගේම ඉස්සරත් හරිම තුනී හන්ද ඕන ඉඩක අගේට පැක් වෙන්න පුළුවන්.
අර ඇන්ටි ඉන්නෙ මට පිටිපස්සෙ සීට් එකේ. දැං මගෙ බෙල්ලත් එක්ක රිදෙනව එයැයි අහන ඒවට පස්ස හැරි හැරි උත්තර දීල. ඒ වෙනකොටත් හරියටම ඇරිල නොතිබිච්ච මගෙ වාචාල කතා වලට මගෙ ලඟ වාඩිවෙලා ඉන්න අක්කටත් හිනා. ඒ වෙනකොට පිටිපස්සෙ සීට් එකක ඉඳපු අංකල්ල සෙට් එක ගානට පදං වෙලා හීනියට සින්දුවක් එහෙම අල්ලං එනව. ඔය ඇන්ටිගෙ අංකල් තමයි ලීඩ් සිඟර්. ඔයින් මෙයින් එයැයිට මාව අමතක වෙලා අංකල්ට ෆුල් සප් එක දෙන්න පටන්ගත්ත.
මල්ලි මොන ඉස්කෝලෙද?
හා ඇන්ටි ඉවර වෙනකොට අක්ක. යකෝ මේක මහ වදයක් උනානෙ. අරහෙ කොළු නෙඩේ නැගල යන සින්දුවක් ගහනව. මට එතනට යන්නත් නෑ. හපොයි මදෑ මං ට්‍රිප් එකක් ආව.
ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ….
ෂා… මම ලබන සතියෙ ඉඳන් ඔයාලගෙ ඉස්කෝලෙට උඩහින් තියෙන රීපං ඉස්කෝලෙ ට්‍රේනින් එනව.
බලං ගියාම මෙයැයි උගන්නන අක්කෙක්.
මේ වෙනකොට අපි අනුරාධපුරේ දිහාවට කිට්ටුකරල. ඔන්න නාගනිල්ල කියල ඇල්ලුව මොකක්ද වැවකට. අපේ තාත්ත ඉන්නකං මං නායි වැවක. දාහක් නීති නෙ. අනේ මං ඉතිං හිතිං බැන බැන වැව් බැම්මෙ වාඩිවෙලා ඉන්නව. අනිත් උන් ජබුං කියල වතුරට පනිනව.
මොකෝ මල්ලි භාවනා කරනවැයි. යං නාන්න..
මට නිකංම තාත්ත දිහා බැලුන…
අක්කට වැඩේ තේරුනා. අනේ අංකල් මල්ලි නාන්න ආසාවෙනෙ ඉන්නෙ. මං පරිස්සමින් එක්කයන්නම්. අපේ අම්මත් ඉන්නවනෙ.
හ්ම්….. එහෙනං පරිස්සමට එක්කයන්නකො. පුතා අක්කත් එක්කම ඉන්න ඕන.
අනේ අම්මේ මට අක්කව බදාගෙන ඉඹින්න හිතුන, මේ ඉතිං මං මෙච්චර වෙලා හිතින් බැන බැන උන්න අක්කනේ.
යං මල්ලි ඇඳුමක් දාගෙන නාන්න.
නෑ අක්කෙ මෙහෙම හොඳයි, කොහොමත් මේ ෂෝට කුණු ගෑවිලා, නාල වෙන එකක් ඇඳගන්නං. කියල යන්තං ඒක ශේප් කරගත්ත. නැත් නං වස ලැජ්ජාවයි වෙන්නෙ. තාත්ත වැවේ නාන්න නොදෙන වග දන්න හන්ද මං එහෙම ඇඳුම් ගෙනාවෙ නෑ නෙ.
හා එහෙනං යංකො කියල අල්ලගත්තෙ නැතෑ මගෙ අතිං. අපෙ අප්පෝ වස ලැජ්ජාවයි. අක්ක කෙනෙක් උනත් කෙල්ලෙක්නෙ දෙයියනේ. මං අත ගසල දාල යන්න හැදුව විතරයි. පිටිපස්සෙන් දුවන් ඇවිල්ල මගෙ බඩ හරහට අත්දක දාල බදාගත්ත.
හා හා මල්ලි. ඔන්න ඔහොම චන්ඩි වැඩ කරනවනම් මං තාත්තට කියනව.
මං දැනං උන්න මේකි තාත්තට කිව්වොත්නං බඩුම තමයි, අනිත් උන් නාන කං මට බලං ඉන්න තමයි වෙන්නෙ. ගිරේට අහු වෙච්ච පුවකෙ වගේ මට කර කියාගන්න දෙයක් නෑ. එතනින් පස්සෙ මං කීකරු මල්ලි වෙලා අක්කත් එක්ක වැවට බැහැල නෑව ආයිත් මදි නොකියන්න. ඒත් ඉතිං අක්ක ලඟින් හෙල්ලෙන්න බෑ. ඩිංගක් විතර එහාට යනකොට කෝ මල්ලි මෙහාට එන්න කියල මගෙ අතින් හරි කකුලෙන් හරි ඇදල ලඟට ගන්නව. ඉඳල හිටල එහෙම එකපාරටම ඇදල ගත්තම අක්කගෙ ඇඟේත් වදිනව මාව. ලැජ්ජාවෙ බෑ. එයැයිටනං ගානක්වත් නෑ
ඔහොම ඇතිවෙනකං නාල වැව් බැම්මෙ වාඩිවෙලා උයාගෙන ආපු කෑම එහෙම කාල ආපහු එදා ගමනාන්තය වෙච්ච මිහින්තලේ ස්ටේෂන් එකේ විශ්‍රාම ශාලාවට යන්න බස් එකට නැග්ග. මෙන්න බොලේ අක්ක මගෙ අතින් ඇදං කලිං වාඩිවෙලා උන්න සීට් එකටම එක්ක ගියා. මං උන්නෙ එතන ඉඳන්වත් අර කොල්ලො සෙට් එකත් එක්ක සින්දුවක් කියන්න. උන්ටත් දැන් නං මං කියල එකෙක් උන්න කියලවත් මතක නැතුව වගේ. ඇයි ඉතිං නැග්ග වෙලේ ඉඳං මං අර කෙල්ලන්ගෙ සීට් පේලියෙ මුල්ලෙමනෙ.
අක්කගෙ කට රිදෙන්නෙ නැද්ද මංද කියවන කියවිල්ලට. මට නං උත්තර් දීලම එපාවෙලා උන්නෙ ඒ වෙනකොට. ඒ මදිවට වංගුවක් ගන්න හැම සැරේකම මාව ජනේලෙ පැත්තට තදවෙනව. අක්ක කරේ ඒ වෙලාවට. යකෝ මේක මළ වදයක් උනානෙ. මට දැං මුලින්ම මාව මේ අමාරුවෙ දාපු ඇන්ටිත් එක්ක හොඳටම මළ. පස්ස හැරිල බැලින්නං එයා නාල කාල සනීපෙට සීට් එකට ඔළුව තියං නිදි.
අක්කගෙන් බේරෙන්න බැරිම තැන මං බොරු නිදිමතක් අරං බස් එකේ ජනේල ගැට්ටට ඔළුව තියාගත්ත. ජනෙල් වීදුරුවෙන් කැපිල එන හුලං පාර කෙලින්ම මගෙ දකුණු කනේ. ඒ හෝ හෝ ගෑවිල්ලට බොරුවටවත් නිදාගන්න ඇහැකිය.
ආනේ මල්ලියට නිදිමතයිද, ඔහොම නිදාගන්න බෑනෙ. එන්න මගෙ උකුලට.
බුදුඅම්මෝ.. අක්ක කියන දේවල්, අර නාන්න යනකොට වෙච්ච දේවල් හන්ද බය වෙලා උන්න මට දැං තවත් අප්සට්. වැරදිලාවත් අර ඉස්සරහ ඉන්න කොල්ලෙක් දැන්න්කොත් ආයෙම ඉස්කෝලෙ ගිහිල්ල හමාරයි. මෙයාට ඒවයෙ ගානක් තියෙනෙවය.
නෑ අක්කෙ, නිදිමතක් නෑ. මං නිකං හේත්තුවෙලා හිටියෙ. කියල යාන්තං ඒ මාරකෙන් බේරුනා. ඔය වගේ අතුරු කරදර සැහෙන්න ගොඩකට පස්සෙ යාන්තං මිහින්තලේ ස්ටේශන් එකේ විශ්‍රාම ශාලාවට ආව.
බඩු මළුත් කර තියන් බහින කට්ටිය පස්සෙන්, ආ මල්ලි ඔයාටත් කියල අක්ක රෝල් කරල දුන්න පැදුරත් ඇදං මාත් බැස්ස.
ඔය විශ්‍රාම ශාලාව තියෙන්නෙ ස්ටේෂන් එකට පිටිපස්සෙ තියෙන ලොකු ඉඩමක. වෙලාව හය හමාරට විතරට ඇති. ඈතින් යාන්තං හඳ පායල, ඒත් තවමත් හඳ එළිය මදී මිදුල පුරාවට වැවිල තිබුන කොහොඹ ගස්වල හෙවනැල්ල බිම දිහේ අඳින්න තරම්.
දැං ඉතිං සේරමල ඇඟපත සෝදගෙන, රෑට කෑම උයන කට්ටිය කුස්සිය පැත්තටත්, අනුමත වෙන කට්ටිය තව පැත්තකටත් වෙලා. තවත් සෙට් එකක් අනිත් කෙළවරේ හෙන බජව්වක්. මමත් බජව්ව පැත්තෙන් හීනියට සෙට් වෙලා ඉන්නව. සෙට් උනා කිව්වට මං කියාපු සින්දුවක් නෑ. කියන ඒවට මදුරුවො තලන්නහේ අප්පුඩි ගගහ ඉන්නව. එදා විතරක් නෙමෙයි තවමත් මට හරියකට සින්දුවකට තාලයක් අල්ලගන්න බෑ ඕං. ඩිංගවෙලාවකින් මට ඒක එපා උනා, තාත්තත් ඩිංගක් අනුමතවෙලා කුස්සි පාටියෙ අංකල්ල සෙට් එකත් එක්ක පැරණි රසාංග පොලිෂ් කරකර ඉන්නව දැකල මං ඒ පැත්තට ගිහිල්ල ලිපක් ගාව ඇණ තියාගත්ත උණුහුමට.
හා පුතා මොකද මෙ ලිප ගාව කරන්නෙ පුච්චගන්නද හදන්නෙ. අර යාළුවො ඉන්න දිහාවට ගිහිල්ල සින්දුවක් කියන්නකො. හ්ම්ම් යන්න යන්න, කියල තාත්ත මං එලවගත්ත.
ඒක තමයි මල්ලි මොකද මේ උයන තැන්වල කරන්නෙ. අපි යන් අර කට්ටිය ඉන්න පැත්තට, කියල කොහේද ඉඳං අක්ක ඇවිල්ල මගෙ අතින් අල්ලගත්ත.
අම්මෝ අක්කගෙ අතේ රස්නෙ. මං මේ ලිප ලඟ ඉඳලත් හෙන හීතලේ. මෙයා රත් වෙලා.
මල්ලියො, අපි යන්ද ස්ටේෂන් එක පැත්තට. මට ඔය සින්දු කියන පැත්තට යන්න කම්මැලී අයියො. අනික ලස්සනට හඳත් පායල තියෙනවනෙ.
ඉන්න අක්කෙ, සාලියා…….. උඹත් එනවද, අපි ස්ටේෂන් එක පැත්තට යනව.
ආනේ…. ! එයාත් එනවද අපිත් එක්ක ? ආ එහෙනං විනාඩියක් ඉන්න මල්ලි මං නංගිලාටත් එන්න කියන්නං.
නංගී……
ප/ලි : මට තේරෙනෙකොට සෑහෙන කල් ගිගිල්ල, එතකොට පෙරහැරේ අලිබෙටිත් වේලිලා තිබුනෙ.
මූත් බලං ගියාම මරු බඩුවක්නේ… අයියේ උඹේ කතාව මට වැඩිය පට්ටයි බං… කෝ ඉතිං ටියුබ් ලයිට් පත්තු වෙන්නේ පහුවෙලානේ ඒකනේ සීන් එක…
මට ඔය වගේ අක්කා කෙනෙක් හිටියනම් එහෙම… මමයි හඳ බලන්න ස්ටේෂන් එකට එක්ක යන්නේ ඕං….
කැමතියිකැමතියි
මම නොදන්නවැයි උඹෙ හැටි.
කැමතියිකැමතියි
අතට ගත්ත එක කටට දා ගන්න පින නෑ කියන්නෙ ඕවට මල්ලි…. 😀
කැමතියිකැමතියි
අනේ මං අතට ගත්තෙ නෑ නෙව කටට දාගන්න. එපා කියද්දි එයාමනෙ දුන්නෙ. අනේ මං පව් !
කැමතියිකැමතියි
ඇති ඔයින් ගියා …තව ටිකෙන් හඳ විතරක් නෙවෙයි තරු ත් බලන්න තිබුණා…!
කැමතියිකැමතියි
ඕක තමයි කරුමෙ කියන්නෙ බං
කැමතියිකැමතියි
සික්………….. 😀
කැමතියිකැමතියි
හා.. මොකෝ ෂික් කියන්නෙ. බුදුඅම්මෝ යැ 😉
කැමතියිකැමතියි
“ඉර හඳ තරු පායන තුරු අපි මැරෙන්නෙ නැ”
චුත වෙනව මිසක්..
කැමතියිකැමතියි
තව ඩිංගෙන් චුත වෙන්න තිබුන මට එදා
කැමතියිකැමතියි
අපිත් ඉතින් ඔය වගේ ගොන් මෝඩ වැඩ කරල තියෙනව, ඒත් ඉතින් ප්‍රසිද්ධියෙ කියන්න බෑ බෑ වගේ… හිහ් හිහ්… 😛 😀
කැමතියිකැමතියි
ඔන්න ඔන්න ඉතිං ලැජ්ජා හිතිල. ඔට්ටු නෑ. කොටල දාන්න ඔන්න ඔහේ
කැමතියිකැමතියි
අනේ බං මටනම් සිරාවටම අර අන්තිම හරිය තේරුනේ නෑ. තව ටිකක් පැහැදිලි කොරල කියහන්කෝ
කැමතියිකැමතියි
හපොයි බං උඹ. ඔයිට වැඩිය වචනයක් වත් කියන්න බෑ. ආයෙ එහෙම උනොත් මේකත් ටැබූ වෙනව
කැමතියිකැමතියි
දෙයියෝ සාක්කි නවම්, බොටත් වෙන කෙලි අම්මප!
කැමතියිකැමතියි
අනේ ඉතිං රවියො මං හිච්චි එකා කාලෙ නොදන්න කමටනෙව මේව උනේ 🙂
කැමතියිකැමතියි
නොදking…
ඒ කිව්වට ඔය සූටි කාලෙ ඔව්වෑ රහක් ගුණක් තේරෙනවැයි නේද?
කැමතියිකැමතියි
ආයෙත් අහල, නිකං දිය ලබු ගෙඩියක් නෑව වහේ තියෙයි. හත්පොලේ ගාගනී මේලෝ රහක් නොතේරුනත්
කැමතියිකැමතියි
පලි : මචං අක්ක තාම ඇවේලබල්නං කියන්න කියහං ඈහ්,
කාලෙකින් ට්‍රිප් එකක් ගියෙ නෑ
කැමතියිකැමතියි
අඩේ අයියා මටත් ඒ ගමන්ම කියපං… සිරිපාදේ ගියාට හඳ දැක්කේ නැහැනේ බං.
කැමතියිකැමතියි
හොඳ වෙලාවට උඹ හඳ නොදැක්කෙ. හඳ පායෙන කාලෙට පිස්සු තදවෙනව කීයල අහල නැද්ද?
කැමතියිකැමතියි
ඒ අක්ක දැං ටීචර් කෙනෙක් බං, බැන්ඳල ළමයි එහෙමත් ඉන්නව.
කැමතියිකැමතියි
e akkage 4n number ekak nadda machan thiyanawa nam diyanko
කැමතියිකැමතියි
උම්බ හොද එකානෙ බන්.එක හින්දා අවුලක් නෑ.
කැමතියිකැමතියි
මොන හොඳක්ද මචං මගේ. ඒ කාලෙ මං මෙලෝ රහක් නෑ, දැං කියලත් ඉතිං වෙනසක් නෑ 🙂
කැමතියිකැමතියි
heh
umbe hamine meke thiyena replies dakkoth blog liyawillatath kela weida manda !
කැමතියිකැමතියි
එවුව කියන්න බෑ. සඳුද දවල් වෙන්න කලින් මුකුත් පෝස්ට් කරල තිබුනෙ නැත්නම් මට බඩු හම්බවෙලාය කියල හිතාගත්තට කාරි නෑ. 🙂
කැමතියිකැමතියි
ඔය විදියටම් අක්කටත් හිතෙන්න ඇති නේද?
කැමතියිකැමතියි
ethakota akkata aurudu 22k wath wenna athine ethakota umbata wayasa kiyada
කැමතියිකැමතියි
මට එකොලහක් නැත්නං දොලහක් වෙන්න ඇති
කැමතියිකැමතියි
ඉකේයියා බන් අයියේ……අර ගෝල්ඩ් ෆිසාට වෙන සීන් තව හොදයි මෙව්ව එක්ක….
කැමතියිකැමතියි
මලේ උඹ රත්ගමෙයි හැබෑටම? මගෙත් ඉස්කෝලෙ යාළුවො උන්න ඔය පැත්තෙ. හැබැයි උං කොරපු මදාවි වැඩ වල හැටියට දැං ගම්පලාතෙ නෑ මගෙ හිතේ
කැමතියිකැමතියි
ඉකේ බොලේ අයියේ මම සිරාවටම රත්ගම නෙව…මේ පැත්තෙන් යන දවසක හන්දියට ඇවිල්ලා පොඩි හූවක් කියාපන් කෝ….මම එන්නම් ඩින් ගාලා….හන්දියට හූවක දුර බලේ මම ඉන්න්නේ
කැමතියිකැමතියි
අම්බානෙක කන්නවෙයිද දන්නෙ නෑ රත්ගම හන්දියෙ හූ කියල
කැමතියිකැමතියි
මටත් ඔය වගේ ෂෝයි අක්කියෙක් හම්බවෙලා තියනව . එයා මාව හැමදාම හමබ උනාම එයාගේ පරන ලවු ඉස්ටෝරි මතක්කරමින් අඬනවා …අඬලා මාව බදාගෙනත් අඬනවා ..පවු අහිංසකී..ඉස්කෝලේ හොස්ටල් එකේ තනියම ඉන්නේ ඒකයි ..
මට වැලි තලප ගෙනල්ලා දෙනවා . හැලප ගෙනෙල්ලා දෙනවා ..කොහෙං ගේනවද මන්දා ? හොස්ටල් වල ඔවුව හදන්න පුලුවනෑ .ආ. ඒත් කොහොමහරි එයා හොස්ටල් එකේ ආප්ප හදනවා ..වන්ඩු හදනවා..කොහොම හදනවද මන්දා ?
..මම කන්නං කියලා අරගෙන පස්සේ බල්ලට දුන්නා .. අපරාදේ දැන්නම් හිතෙනවා කාලා දැම්මනම් හරි කියලා .
නවම් අයියා .. ගිය නුවන ඇතුන් ලවා ඇද්දවිය නොහැක …
කැමතියිකැමතියි
එසේය එසේය. එත් ඒ නුවන ගිය එකමයි කාරිය
කැමතියිකැමතියි
නවම් මාවතත් හම්බවෙලා තියෙන්නේ මාර අක්කා කෙනෙක් නේ. කල මෝඩකම් දැන් මතක් වෙලා වගේ. හික්ස්
දැන් ඒ අක්කා බැදලා එහෙම ඇති නේ ?
කැමතියිකැමතියි
ඔව් මධුරංග ලමයි එහෙමත් ඉන්නව. මට දවසක් නුගේගොඩදි මුනගැහුන. ඒත් මං නොදැක්ක වගේ ගියා. පරණ දේවල් මතක් වෙලා ලැජ්ජා හිතුනොත්.. පව්නෙ බං. කවුරු කවුරුත් එකපාරක් හරි ගොං කං කරනවනෙ.
කැමතියිකැමතියි
චිකේයියා මුන්ගෙ තියෙන කැත හිත්. ඒ අක්ක මේ චූටි මල්ලියට හඳ පෙන්නනයි ස්ටේෂම පැත්තට යන්න කථා කරල තියෙන්නෙ. නැතුව වෙන අහවල් එකක් කොරන්න නෙවෙයි.
ආ ඒක නෙවෙයි.. අක්ක පට්ට කෑල්ලක් ද මචං
කැමතියිකැමතියි
රංගත් මට බටර් පාර ගාල අන්තිමට අක්ක ගැනමයි නේ අහන්නෙ. හැඩක් කියන්නෙ හැඩම නෑ, කටු සරීරෙ. ඒත්……..
කැමතියිකැමතියි
කට්ටෙ සොමිය දන්නේ උරපු එකානේ……..
ඔයාල දන්නේ නෑ කටු ඇණෙනකොට තියෙන සනීපෙ…. අත්දුටුවයි සත්තයි…..
කැමතියිකැමතියි
අපිත් ඔය කටුවල රස දන්නෝ….. කටු ඒව, කොට ඒව තමයි වැඩිය රහ.
කැමතියිකැමතියි
අම්මට සිරි,
ඉස්සර පත්තර වල කියවපු ඇඩම්ස් ඔන්ලි කතාවක මුල ටික වගේ……
ඇඟේ මයිල් කෙළින් වේගෙන එනකොට මෙන්න මෙයා කතාව නවත්තලා….
අර ටී වී එකේ බේ වොච් බලනකොට හොඳ සීන් එකක් ඒගෙන එනකොට කොටු දානව වගේ….
මටත් ඔහොම සීන් නම් වෙලා තියෙනවා…
මම ඕවා දාන්නේ නැත්තේ ඇල්කෙමිච්චි දැක්කොත් පවුල් ජීවිතේ ඉවර වෙන නිසා….
මම හිතන්නේ වේ ගාල්ලේ අක්කලාගේ හැටියක් ද කොහෙද…..
කැමතියිකැමතියි
අනේ කොටු දාල වහන්න දෙයක් උනේ නෑ ඇල්කෙමියො. මං හය හතර නොතේරෙන අහිංසක කොලුපැටිය. ඒකාලෙත් දැං වගේමයි. අනේ ඉතිං චූටි මැණිකෙනං හිනා වෙවී කියවනව මිසක් ගුටි දෙන්නෙ නෑ.
කැමතියිකැමතියි
ෂිහ්… මදැයි බලා උන්නා…. දැන් ඉතිං අර හිතේ මවාගෙන හිටපු සීන් ඔක්කෝම ඩිලීට් කරන්න වෙනවා….
ෂැහ්…. හරිම කැත වැඩේ වුනේ….
අපිටත් ඒව හය හතර නොතේරෙන කාලෙ ඉඳලා දෙළහ දහතුන පන්ති පහු වෙනකල් වෙච්චි දේවල්….. ඒවා කියන්න නම් අර ශාංගාර සාහිත්‍ය පිටුව වගේ එකක් ඕපන් කරන්න වෙනවා….
කැමතියිකැමතියි
ඕං ඇල්කෙමිච්චිගෙන් කන්නයි හදන්නෙ. මං එහෙම ඔය මඟුල්වලට නෑ. 🙂
කැමතියිකැමතියි
ඒ උනාට නවම් මාවතේ අක්කා නොගිය එකත් හොදයි. නැත්නම් අරම වගේ හොද බිරිඳක් ලැබෙන්නේ නෑනේ. ඒක නිසා සතුටු වෙන්න
කැමතියිකැමතියි
සන්තෝසයි කියෙන්නෙ ඒකෙ උපරිමේ….
කැමතියිකැමතියි
හයියෝ! මෙහෙමත් අපරාදයක්…
කැමතියිකැමතියි
අනේ මේ. උඹලට වෙච්ච දේවල් වල හැටියට මේව මොන අපරාදද? 😉
කැමතියිකැමතියි
නවම් සහෝ… සිද්ධිය නම් හොඳටම විස්තරේ තියෙනවා… ඒත් end එක අප්සැට් නේ… තාමත් පොඩි කාලේ වගේ ටියුබ් ලයිට් ගති නැතුව ඇති මයෙ හිතේ… අපිටත් එය ජාතියේ වැඩ වෙලා තියෙනවා ඔං… ඒ දවස්වල පසුතැවුනට දැන් බැලුවම නම් වලේ නොවැටුන එක ගැන මාර ආඩම්බරයි. එබ සහෝ ටත් එසේම වෙන්ටෑ… ජයවේවා…
කැමතියිකැමතියි
අයෙත් අහල. සන්තෝසෙ දෙකොනෙන් බේරෙනව 🙂
කැමතියිකැමතියි
අනේ උඹ ..ඔය කතාවෙ අග ටික පට්ටපල් බොරු…මූ ෂුවර් එකටම ස්ටේෂන් එක පැත්තට යන්න ඇති. දැන් මුගේ වයිෆ් ට බයේ නිකන් බබා වෙන්න හදන්නෙ…
කැමතියිකැමතියි
ෂ්……. කෑගහන්න එපා බොල. චූටිමැණිකෙට ඇහුනොත් විසුමක් වෙන්නෙ නෑ මෙතන. බත් කාඩ් එකත් කැන්සල් වෙන්න බැරි නෑ
කැමතියිකැමතියි
අපරාදේ…….
කැමතියිකැමතියි
මොන අපරාදයක්ද? 😉
කැමතියිකැමතියි
පින්ග්කිරීම: ජංගි කතාවක් – කෙල්ලන් ඉන්න තැන් හොයන අළුත් ක්‍රමයක් « නවම් මාවත
මුලින්ම නොදොකිං..
දෙවනුව.. ඔව් බං අයියේ මටත් ඔය වයසෙදි කෙල්ලො පේන්න බැ තමා 😀 😀
කැමතියිකැමතියි
ඇත්තටම මොකටද ඒ අක්කා නවම් අයියාව එතනට එක්ක යන්න හැදුවෙ?
කැමතියිකැමතියි
හඳ පෙන්නන්න නෙව මල්ලි මට. 😉
කැමතියිකැමතියි
හප්පා ඇත්තද? වෙලාවට ඒ අක්කා බේරිලා……. නැත්තම් පව් අක්කා..
කැමතියිකැමතියි
නොදොකිං..දෙන දෙයියෝ ටොකු ඇණලා දීලත් මිස්කොරන්…
කැමතියිකැමතියි
දෑන් නවම්ට හිතෙනවා ඈති අපරාදෙ තනියම නොගියෙ කියලා …..
කැමතියිකැමතියි
ඒ කාලෙනම් එහෙම හිතුන. ඒත් මොකකින් මොකක් වෙයිද දන්නෙ නෑනෙ. ඒක නිසා එදා එහෙම උනේ හොඳට කියල අද හිතෙනව 🙂
කැමතියිකැමතියි
ලින්ක් තුනක් දිගෙ ගිහිල්ලයි මේ මංගල්ලෙ කියවන්න ආවේ. මදැයි!
කැමතියිකැමතියි
ඇය් පුතේ ඒ දවස් වල බත් කැවේම නැද්ද?
කැමතියිකැමතියි
aiye meeke ithuru tika nthei
කැමතියිකැමතියි