කම්මල් කාරයාට කියන වගනම්….

කිණිහිරේ තියල ඔය විදියට
උඩ පැන පැන තැළුවොත්
කැඩිල යාවි කෑලි වලට
කිසිම හැඩයක් ගන්න කලියෙන්
මේ අළුත් යකඩෙ රත්වෙලා නෑ තවමත්

අමු යකඩෙ ලේ පාට ගැහෙනකං
අඟුරු හොඳට අවුලන්න
මයිනහම අදින්න තනියෙං
ඔය වැල් දඬු අතට වාරුවක් නැත්නං
වැඩ ඉගෙනගන්න ආපු ගැටයට කිව්ව්නං
ගිණියං කරල දෙයි අපූරුවට

ඌ හොඳ දස්සය වැඩට
ඊයෙ හවා මං බලාන රොටී වඩන ගමං
පිළිකන්නෙ මහ ඕසෙට වැවිල තිබුන
කබරොස්ස ගාලම මරල දානව තනියෙං

උඹල අපි නැතිකාලෙක
කරුමාන්තෙට යනකලක්
තියෙන්නත් එපැයි

Advertisements

26 Responses to කම්මල් කාරයාට කියන වගනම්….

  1. Anushka says:

    කොහේ හරි තැනකදී කම්මල් කාරයෙක් ගැන කියවෙනව නම් මට මතක් වෙන්නෙම “රංසිරි ගේ සංග්‍රාමය” නව කතාව. පසු කාලෙක ඒක ටෙලි නාට්‍යක් විදිහටත් ආවා. කම්මල් කාරයට හිටියෙ සුමින්ද සිරිසේන. රංසිරි ට රඟපෑවෙ ජගත් බෙනරගම.

    කැමතියි

  2. වානේ පන්නරය ලැබූ හැටිද..හික්ස්…
    මට මුල් පාර තේරුනේ නෑ..ආයේ කියෙව්වම තමා සැගවුනු අර්තය වැටහුනේ….

    කැමතියි

  3. ```Outsider``` says:

    නියමයි.
    ඔබ ලියපු හොඳම එක මේක කියලයි මට හිතෙන්නෙ.

    කැමතියි

  4. Ravi says:

    නවම්,

    දාල තියෙන පින්තූරෙත් එක්ක කියෙව්වම මට අමුතුම අර්ථ කථනයක් මැවුනා,

    අපූරුයි,ඇත්තටම,

    කැමතියි

  5. මේකා මාර පොරක්නේ… ඒ පාර කවිත් ලියනවා…

    කෝ බොල මට දෙනව කිව්ව පැල මද?

    කැමතියි

  6. SANDIKA says:

    ලස්සනයි.
    මේකටත් පොඩ්ඩක් ඔලුව දාල බලමු..
    mathakathotupala.blogspot

    කැමතියි

  7. අයියගෙ කවි කෙරුවාව නම් අපූරුයි. පින්තූරෙත් එක්ක කවිය ගත්තම තවත් අපූරුයි.

    කැමතියි

  8. අඩේ…. මාරම ලස්සන කවි සෙට් එකක් නෙ. නවම් මාවතේ අයියට කවි ලියන්නත් පුලුවන් කියලා දන්නේ අදයි !!! 🙂

    කැමතියි

  9. arunishapiro says:

    කවිය රසයි. තවත් කවිකාරයෙක් එකතුවෙනවා හොඳයි හොඳයි!!

    [මල්ලි පොඩ්ඩක් බලනවා ද ඔයාගෙ පිටුව අරිද්දී පරිගණකය වයිරස් ගැන දිගට හරහට අවවාද දාන්නෙ ඇයි කියලා? ඉස්සර එහෙම නෑ.]

    කැමතියි

    • නවම් says:

      හ්ම්ම්…. මොකද වෙන්න යන්නේ මට….. මම මෙහේ පී.සී, මැක් පහ හයකම චෙක් කලා එක එක වෛරස් ගාඩ් තියෙන. මට නම් එහෙම අවුලක් පෙන්නුවෙ නෑ. කෝකටත් කියල කමෙන්ට්ස් වල තිබුන ලින්ක්ස් ඔක්කොම අයින් කලා. දැන් වත් බලමු. මගෙ තාක්ෂණික දැනුම නං අල්පයි. දන්නෙ කෙනෙක් කිව්වනං මෙහෙම වෙන්නෙ ඇයි කියල ලොකු උදව්වක්.

      කැමතියි

  10. මම මේක දැකලා බලන්න එනකොට එරර් මැසේජ් එකක් දුටුවා !! ඊයේ ..මට ඔයාගේ බ්ලොග්ට එන්න බැරි උනා ..

    අදයි ඕං මම ආවේ ..

    නවම් අයියා කවි ලියන සුන්දර සිතක් ඇති සිතෙන් තරුන කොලු ගැටයෙකි .. මගේ නිගමනය එයයි !

    කැමතියි

    • නවම් says:

      ඔව් ඊයෙ අරුණි අක්කත් කිව්ව මගේ බ්ලොග් එකේ මොකක්හරි අවුලක් තිබුන කියල. මං හිතන්නෙ දැන් හරි.

      නවම් අයියා කවි ලියන සුන්දර සිතක් ඇති “සිතෙන් තරුන කොලු ගැටයෙකි”

      මොකක්ද බොල ඒ කතාව. නවම් හිතෙන් විතරක් නෙමෙයි ගතෙනුත් තරුණයි ! තවම විසි නමයක් උනෙත් නෑ ඕං.

      කැමතියි

  11. කවිය වෙනම කියවනකොට හිතේ මැවෙන අදහසයි පිංතුරේ බලලා ඒ ගැන හිත හිත කියවනකොට ලැබෙන අදහසයි වෙනස්

    බොහොම ස්තුතියි සහෝ

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: