ඉරිසියාව, සදාචාරය සහ වැලන්ටයින් [දෙබසක්, ඔබ සහ ඇය නොවේ]

නෙරංජන්
ම්…..
බලන්නකො අනේ….
මේ ඇඳුම මට ලස්සනයි නේද?
ම්ම්…. ඔයාට පුංචි වැඩිවෙයි.
මෝඩය…. කියනවකො,
අනේ මන්ද…. කොටයි නේද?
ඊටත් පපුවත් ඇරිලනෙ
අනේ යනව යන්න ඉරිසියාකාරය
මං මේක ගන්නව.
හ්ම්..
ඒක නෙමෙයි සමාධි ඔයා හෙට මොකද කරන්නෙ
ඇයි……?
නෑ හෙට වැලන්ටයින් නෙ
අපෝ ඔයා ඒව සමරනවද?
ඇයි ඔයා නැද්ද?
එදාට අපි අර භාවනා වැඩසටහනට යනව.
හ්ම්ම්….
මොකද හ්ම්… කියන්නෙ
නෑ නිකං
ඔන්න ඔන්න මූණ කරක් කරගත්ත
හරි හරි අනේ.. අපි අනිද්දට යමුකො ඒකටත් එක්ක.
එහෙනං මේක ඇඳන් එන්න හොඳද ?
අනේ මූණෙ තියෙන මනමාල හිනාව.. හොරා..

——————————————————————————————————–

ගොඩක් දෙනා මෙහෙම නෙමෙයිද? දැං ඉතිං කියයි,

අනේ අපි නෑ ඔහොම
පලයන් යන්න ඩෝ උඹ හිතුවද අපි එහෙමයි කියල

ඒකනෙ මම හැමෝම නොකිය ගොඩක් දෙනා කියල කිව්වෙ. [මටත් ගැලවිල්ලක් තියෙන්න එපැයි]  ඒත් හිතේ ඇතුලෙම, මම කියන්නෙ පතුලෙම මෙහෙම නෙමෙයිද? ඩිංගක් විතර හාරල බලන්නකො මං කියෙනවට.

Advertisements

37 Responses to ඉරිසියාව, සදාචාරය සහ වැලන්ටයින් [දෙබසක්, ඔබ සහ ඇය නොවේ]

  1. වැලන්ටයින් දවසට පන්සල් යන එක නම් හොදයි. 🙂

    කැමතියි

  2. වැලන්ටයින් දවස රජයේ ප්‍රසිද්ධ නිවාඩු දවසක් කරන්න ඕන …

    කැමතියි

    • නවම් says:

      අපි දැඩි සේ විරුද්ධය. අපි දැන් බැඳලාය. අපිට හැමදාම වැලන්ටයින් හෙයින් [ඉඳ හිට වලියක් නොයන්නේද නොවේ. (ඕෆ් ද රෙකෝඩ් :- ඊට පසු දා මගේ ප්‍රියතම දවසකි. තරහ වෙච්ච අයගෙන් මට රජ සැලකිලිය)] තුන්සීය හැටපස් දවසේම ගෙදරට වී සිටිනු බැරිය. එහෙම උනොත් කන්න දෙන්නේ කවුදය ?

      කැමතියි

  3. දැන් කාලේ හැදෙන ගැනු ලමයි තමයි අහිoසක පිරිමි ලමයින්ව නරක් කරන්නේ.

    කැමතියි

  4. අපි ඉතින් එක්සෑම් ගැන දන්නෙ කොහොමෙයි අපිව ඒවට ගන්න මොකෙක්වත් නෑ නෙව…

    කැමතියි

  5. මාරයාගේ හෝරාව... says:

    ඒ විදියත් නරකම නැත…
    අපිනං මස් කන්නේ නැත..හොදි කෑවට කමක් නැත…

    කැමතියි

    • නවම් says:

      අඩේ මෙන්න හොදි කෑවට කමක් නැතිලු. බලාගෙන ගියාම එහෙමත් නරක නැත. එතකොට කවුරු හරි අහුවොත් ‍තෝ මස් බුදින්නෙහිද කියල, ගත් කටටම කියන්න බැරිය නැත නැත ස්වාමීනි, මා මස් බුදින්නේ නැත කියල. මොකෝ ඊට පස්සෙ හොදි පමණක් ‍තෝ බුදීන්නේද කියල අහන එකක්යැ නේද?

      කැමතියි

  6. Alchemiya says:

    //එහෙනං මේක ඇඳන් එන්න හොඳද ?
    අනේ මූණෙ තියෙන මනමාල හිනාව.. හොරා..//

    මම නම් කියන්නේ ඕකත් ගලවලාම එන්න කියලා….. 😉

    (අනේ මූණෙ තියෙන වල්කම !….. වලත්තයා )

    කැමතියි

  7. මේ පින්තූරේ ඉන්න දෙන්නා මොකද කරන්නේ? කරුවලට් පේන්නේ නැ හරියට?

    කැමතියි

  8. දන්නවනේ ඉතිං අපි ගැන… අපි නෑනේ ඕවට…

    කැමතියි

  9. නියම ලිපියක් මචෝ! මටත් ඔය ඕනෙ නැති විකාර පෙන්නන්න බෑ

    කැමතියි

  10. Anushka says:

    වැලන්ටයින් නුඹ විසින්
    මෙතුවක් කල් උදුරාගත්
    මගේ ප්‍රජා අයිතිය
    මට දෙනු..
    ඕන් නොකිව්වයි කියන්න එපා උඹ (my FB kawi)

    කැමතියි

  11. Chinthana says:

    අපෝ මගෙ ***** නම් ඔහොම නෑ.

    කැමතියි

  12. Malli says:

    අනේ එ පින්තුරේ දේන්නේක් ඉන්නවා නේ.. හික් හික්…! ඉස්සෙල්ලා දැක්කේ එකයි..! අපේ කැම්පස් එකේත් මේ වගේ තමා.. ඇතට ඒකයි.. ලගට දෙකයි. හේ හේ…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: