බඳින්න කලිං දා…..

එදා තමයි දවස !  පැයෙන් පැයට චූ බර හැදෙනව. කොහේ තියෙන ඒවද මංද එච්චර.  වතුර බිව්වෙත් වෙනද බොන ගානම තමයි. ගෙදර කට්ටියටනං එච්චර සිහියක් නෑ ඕක දකින්න තරං සේරමල ඒ වෙලාවෙ ගජරාමෙට වැඩ. වැරදිලාවත් කවුරුහරි දැක්කනං එහෙම කල්ප කාලාන්තරේකට හරියන්න කතා අහගන්න තිබුන. මොකෝ කව්ද හිතන්නෙ පැයෙන් පැයට ඔය අමාරුව හැදෙනො කියල, අහල තියෙන්නෙ බය උනාම අනිත් අමාරුව හැදෙනව කියල නෙ.

කොහොමින් කොහොම හරි එදා හැන්දෑ වෙනකොට ඔය අමාරුව අඩුවෙලා ගියාට, යටිබඩ දිහාවෙන් ඔන්න එනව අමුතු හිරියකුත් එක්ක දැවිල්ලක්. ඕක මට සීගිරි නැගල පහල බලද්දිත් ඇවිල්ල තියෙනව. ඉස්සර පොඩි කාලෙ අඹ ගහේ මුදුනෙ අත්තටම නැග්ගමත් එනව. හැබැයි වැඩි අමාරුවක් නං නෑ. පොඩි ජොලි ගතියකුත් දැනෙනව. රෑ වෙන්න රෑ වෙන්න වැඩියි වගේ. ඒත් ඉතිං මේ හෙට උදේ පාන්දර බඳින්න්න ඉන්න කොල්ලෙක්ට කාටවත් කියන්න පුළුවන් දෙයක් යැ මේ වෙන්නෙ.

ඉවසං ඉඳල කොහොම හරි අමාරුවෙන් නිදාගන්න ඇඳට ගියා. මොන……. නින්ද එන්නෙ නෑ…. නින්ද පලකො. හෙට නැත්නං පෝරුවෙ කිරන්න තමයි වෙන්නෙ. ඉතිං කිව්වම අහල නින්ද පල……

ග්ර්ර්ර්.. zzzzzzz……. ග්ර්ර්ර්ර්……… zzzzzzzz…..

හ්ම්ම්ම්… මේ මොකක්ද මගේ ඔළුව උඩින් පා වෙන්නෙ ?

කළු පාටට ගුලියක් වගේ…….. යකෙක් ද?

ඔව් ඔව් යකෙක් තමයි, මේ තියෙන්නෙ මගෙ ඔළුවට උඩින් උගෙ කළු පාට කකුල් දෙක, ඊට උඩින් තඩි බඩ, දිලිහෙන බුරි තුනක්ම තියෙනෙව මූට. ඊටත් උඩින් දිහම දිග අත් දෙක. ඔළුවක් නං පේන්න නෑ. මූ ඔළුව නැති යකෙක් නේද?……. මහ සෝනත් අර වලස් ඔළුව හයිකරන්න කලිං මෙහෙම තමයි ඉන්න ඇත්තෙ.

ඕයි නැගිටහං……

අප්පටසිරි යකා නේද මේ කතාකරන්නෙ.

නැගිටහං බං. වගේ වගක් නැතුව දපල ඉන්න හැටි, උඹද මං ද අද බඳින්නෙ..?

යකා දන්නෙ කොහොමෙයි මං බඳින්න ඉන්න වග. අපේ තාත්ත වැරදිලා මූටත් මගුල් කිව්වවද්ද?

හැබෑමයි, මට ඈහුන මඟුල් කියන්න ලයිස්තුව හදනකොට තාත්ත, ඔය යක්කුන්ට නොකිය පස්සෙ මූණවත් බලන්නෙ කොහොමෙයි කියල අම්මත් එක්ක කතා වෙනව. ෂුවර් එකටම මේ තාත්ත ඉන්වයිට් කරපු යකෙක්….

උඹෙ සරම ඉනේ නේද? මං ලයිට් එක දාන්න හදන්නෙ..

මං අහල තියෙන යක්කු කරන්නෙ අත දිගෑරල පිටට ගහනව, කෑ ගහං ඇඟට පනිනව, බො‍ටුව කඩං රීරි බොනව කියල විතරයි. ඒත් මේ යකා අහන දේවල් වලිං නං හිතාගන්න ඇහැකි මූ මොන යකෙක්ද කියල. මූ නං වල් යකෙක් වගේ. දැං මට වෙන්න යන දේ හිතාගන්න ඇහැකි… බුදු අම්මෝ…… !!!!

මං බිත්තිය පැත්තට හැරුන බයටම. එක පාරටම ලයිට් එක දැම්ම. වහං ඉන්න ඇහිපිය රතුපාට උනා එලියට.

නැගිටහං බං, දැං පාන්දර පහයි කියල හීතල අතකින් යකා මගෙ උරේ අල්ලල පැත්ත පෙරලුව…

මං ඒත් ඇස් පියාගෙන..

ඇරපං යකෝ ඇහැ..

අඩේ මෙන්න යකාත් මට යකා කියනව. මට කේන්ති ගිහිල්ලත් නෙමෙයිනෙ ඉන්නෙ. ඉතිං මං යකා වෙන්නෙ කොහොමෙයි.

කෝකටත් කියල එක ඇහැක් විතරක් ඇරල බැළුව.

අප්පටසිරි අනිත් ඇහැත් ඇරල බැලින්නං මේ මගෙ එහා පැත්තෙ ඇඳේ බුදියගත්තු බෙස්ට්මන් නෙව.

එතකොට කෝ අර යකා….

මං උඩ බැලුව ඇඳේ හාන්සි වෙලා ඉඳංම. යකෙක් නං නෑ,

මගෙ මගුල් කෝට් එකනං කලිසමත් එක්ක එල්ලී එල්ලී ඉන්නව ඉහට උඩිං සිවිලිමේ අමුනපු නෙට් කොක්කෙ.

maha soenath ara walas oLuwa hayikaranna kalix mehema thamayi inna aeththe
Advertisements

64 Responses to බඳින්න කලිං දා…..

  1. Alchemiya says:

    හයියෝ…..
    මට නම් හරියට නින්ද ගිය අන්තිම දවස එදා තමයි……..
    මටත් පුංචි ලෙඩක් තිබුණා… රෑට කවුරු හරි ඇඟේ ගෑවුනොත් ඇහැ ඇරෙනවා…..
    ඉතින් ඒ ලෙඩේ හොඳ වෙන්න සෑහෙන කළක් ගියා…

    කැමතියි

  2. ඕයි මට මුකුත් ලියන්න විදියක් නෑ… යකෝ.. හිනා යනවා…

    උඹ කරොත් කරන්නේ ඔය වගේ වැඩක්. දැන් ඉතිං බලපං මේක මකත් වෙච්චී මට හිනා යනකොට අහල පහල එවුන් මගේ දිහා බලන විදිය ගැන හිතලා.

    කැමතියි

  3. මට ත් වෙඩිමට කලින් දවසේ හොදට නින්ද යයිද දන්නෙ නෑ. මාර වැඩේ වෙන්නේ එහෙම් උනොත් !!!
    අයියටත් වෙන්නේ මාරම සීන් නේ. ඇත්තටම බෙස්ට්මන් යකෙක් වගේ ද ? හි හි හි 🙂

    කැමතියි

  4. :කලින් දැනගෙන ඉන්න එක හොඳයි වගේ 😀

    කැමතියි

  5. ඔක්කොටම හරියනව අර දාල තොයෙන ෆොටෝ එක. අපොයි.

    කැමතියි

  6. අපිටත් හොද අත්දැකීම් මේවා.බදින්න කලින් කෝකටත් එක්ක ගිහින් බ්ලඩ් ටෙස්ට් පාරක් දාගන්න ඕනේ.ඇද පල්ලෙ ගියොත් එහෙම(යනවට කිව්ව නෙමෙයි.)

    කැමතියි

  7. ආහ් නවම් … යක්කුන්ට බුරි තුනක් තියා ..එක බුරියක් වත් නැහැ කියලයි මම අහල තියෙන්නේ…ඒ යක්කුන්ට ආවේණික ලක්ෂණයක් ලු.( බුරියක් නැහැ… පස්සක් නැහැ)

    ඔන්න ඔය කියන හැඟීම මටත් දැනිල තියෙනවා…

    “ හරියට බඩේ සමණල්ලු පියාඹනවා වගේ “ පුංචි කිතියක්.. ඒත් කිතියක් නෙමෙයි… හරියට කියන්න බැහැ මොකක් කියල… බලන් ගියහම ඒක ලෙඩක් නෙමෙයි කියල මේ කතාව කියෙවුවම මම තේරුම් ගත්ත. හිහි…

    බලන් ගියහම නවම්…. නවම්ම තමයි යකා ….. ඇයි යකාගේ ඇඳුම නෙව හැගර් එකේ එල්ලි එල්ලි තිබිල තියෙන්නේ….

    කැමතියි

  8. දෙය්යනේ කියලා මට ඔහොම කරදරයක් නෑ..මෙහෙම සීන් තියෙනවා කියලා දැනගත්තු එක හොදයි…
    අපි පැනලා යන්න නේ ඉන්නේ……

    කැමතියි

  9. Anushka says:

    මම නම් දැන් ඉඳලම බය වෙලා බං ඉන්නෙ…මටත් යක්කු පෙනෙයිද?

    කැමතියි

  10. Kathandara says:

    දැන් ඉතිං බලාගෙන ඉන්න වෙනවා ඊලඟ පෝස්ට් එක එනකං, පහුවදා හීනෙන් සුරංගනාවක් දැක්ක හැටි ගැන කතාව කියවන්න!

    කැමතියි

  11. වෙරංගා says:

    ඒ නවම් අයියේ..,
    මේක කියවද්දී මට නම් මතක් උනේම හිච්චි කාලේ අත්තම්මා කියාපු ගොරොක් ගහේ යකා රාළමයි

    කැමතියි

  12. අර බුරි 3නව වගේ පෙන්න ඈත්තේ කොට් බෑයේ බොත්තම් 3ක් වෙන්න ඈති.. ..

    අපිටනම් තව බය වෙන්න කල් තියනවා..

    කැමතියි

  13. රොයිලි ප්‍රනාන්දු says:

    දැන ගත්තු එකත් හොඳා. 😛

    කැමතියි

  14. පැතුම් says:

    මටත් තව මාස 2යි බොලේ තියෙන්නෙ…හෆෝයි…. 🙂

    කැමතියි

  15. පැතුම් says:

    ඔය බය විල්ලට ප්‍රී වෙඩින් සින්ඩ්‍රොම් කියල ලු කියන්නේ… හික්…

    කැමතියි

  16. dinesh says:

    මට තාම හිනා බං.සුපිරි ලියවිල්ලක් නොවැ තියෙන්නෙ උඹේ.මටනම් අ* පාරක් ගහල විනාඩි විස්සයක් යනකොට මොන මඟුල තිබුනත් නින්ද යනවා.ඒ උනාට ඔය දවසෙ තමා වැඩේ…..
    අඩේ පෝරුවෙ ඉන්නකොට පරණ සීන් එහෙම මතක් වෙන්නෙ නෑ නේ බං. හික්…..හික්…..

    කැමතියි

  17. හික් හික්!! හපොයි……….මේවා කියෙව්වමනං බයත් හිතෙනවා

    කැමතියි

  18. මාරයාගේ හෝරාව... says:

    හා ඒ කතාව හරි..
    ඊළග දවස ගැනත් දාහං බලන්න…

    අපිටත් දැන කියාගන්න..මේ බඳින එක හොඳයිද නැත්තං ඉතිරි ටිකත් මෙහෙමම ගෙවනවද කියලා…

    කැමතියි

    • නවම් says:

      අවංකවම කියන්නෙයි එහෙනං, බය නැතුව බැඳහං බං. ඔය අනිත් බැඳපු එව්වො නොබැඳපු උන්ට බඳින්න එපා කියන්නෙ සම්පූර්ණ ඉරිසියාවට ඕං. උං කැමති නෑ තව එකෙක් ආතල් එකේ ඉන්නවට. බොරු නං හිතල බලනවකො මොකද සමහර උන් පලවෙනි කසාදෙන් ඩිවෝස් වෙලා ආයෙමත් බඳින්නෙ කියල. වදේ කඩපු එකා නෙව පැණි වල රහ දන්නෙ.

      කැමතියි

  19. dinesh says:

    මාර ලොක්කට දාපු කොමන්‍ටුව හා බැඳේ.. (දිව දොට්ට…).

    කැමතියි

  20. නවම් ලියූ ඒ බ්ලොග් ලිපිය කියැවීමෙන් පසු සියොලඟම දහඩියෙන් තෙමීයන අයුරු මට දැනුනි . වහ වහා දිව ගිය මම බීමට යමක් ඇද්දැයි අහු මුලු ගස් වැල් මල් පඳුරු අතර සෙවීමට පටන්ගත්තෙමි බීමට කිසිවක් නැත අහෝ ! මා වැනි බිලින්ඳෙක් . මාගේ අවාසනාවදට එසේත් නැතිනම් නවම්ගේ දකුනේ ශ්‍රී මුඛයේ අඬහැරයද යන්න නොදනීමි . මම අද පටන් ලිවිං 2 ගෙදර් සම්බන්ධයක් ඇඹීමට තරයේ සිතාගත්තෙමි .

    කැමතියි

  21. ishara says:

    බුදු අම්මෝ බය කරනවෝ … මටත් තව මාස කීපයකින් ඔය දවස එනෝ … :/

    කැමතියි

  22. lakmal says:

    හැබැට පෙනුනෙ යකාගෙ බුරියමද ඇ…………….???

    කැමතියි

  23. හිහ්..හිහ්… මරු කතාව.. හැබැයි මටනම් වෙඩින් එකට කලින් දවසේ රෑ හොඳට නින්ද ගියා. උදේ ඇහැරුනෙත් පුදුම අමාරුවකින්. හැබැයි පාසල්ටනම් නින්ද ගිහින් තිබුනේ නැද්ද කොහෙද. මොකද සැරින් සැරේ මට කෝල් කරලා තිබුනා.. 😀

    කැමතියි

  24. මේක තමයි අර පූර්ව විවාහ සන්නිය කියන බයානක රෝගෙ හී හී

    කැමතියි

  25. Ravi says:

    නවම් මල්ලි, මටත් බඳින්ඩ කලින් දවසෙ පාන්දර වෙනකල්ම නින්ද ගියේ නම් නැහැ, ඒ හැබැයි බොට වගේ යක්කු පෙරේතයො පෙනිල එහෙම නෙවෙයි,

    මයෙ දෙවෙනි මනමාලයට හිටිය එකා, ( ඒකා මගෙ හොඳම යාලුවෙක්ගෙ මලයා ) ආවෙ පාන්දර තුනට විතර නෙව,ඒ දවස් වල මිනිහ වැඩ කලේ කොළඹ, මගෙ මඟුල තිබ්බෙ නුවර නෙව, ඉතිං මේ යකා එනකල් බඩේ ගින්දරෙන් ඔන්න මම හිටියෙ, ඇයි දෙයියෝ සාලෙ මූ ආවෙම නැත්නම් දෙවෙනි මනමාලයෙක් ඔය හදිස්සියෙ කොහෙං හොයන්නද?

    ඒ කාලෙ ඔය මොබයිල් පෝං කියන එව්වත් එච්චරම සුලබ නැහැ නෙව, ඉතිං මක්ක වෙලාද කියල දැන ගන්ඩ විදිහකුත් නැහැ, මූ දැං එයිදෝ, දැං එයිදෝ කියල මමත් ඇහැරගෙනම හිටියා,

    ඔන්න පාන්දර දෙකත් පහු වෙලා මූ ආපි, ගෙට ගොඩ උනේම හිනා වීගෙන “අයිය බය උනාද? මම එන්නෙ නැති වෙයි කියල?” කියල අහගෙන, මම ඉතිං දත් මිටි කාගෙන කිව්ව “පිස්සුද බං මොන බයක්ද? මම මේ ෆුල් රිලැක්ස් මෝඩ් එකේනෙ හිටියෙ, උඹ නාවට මේ ගමේ ඕන තරම් එවුන් ඉන්නව දෙවෙනි මනමාලයන්ට යන්ඩ සූදානම් වෙලා, අඬ ගහන පරක්කුව විතරයි තියෙන්නෙ, ගිහිං මොනව හරි කාල බුදියගං, මගෙං මොනවත් අහගන්නෙ නැතුව”කියලා,ඌට මැරෙන්ඩ හිනා,

    කැමතියි

    • නවම් says:

      ඔය අවුල මටත් බෙස්ට්මන්ගෙන් තිබුන, මම ඒකව බුක් කරල තිබුනෙ මාස හයකකත් ඉස්සර, ඒත් ඒකට කැම්පස් එකේ එක්සෑම් එකක් කියල අන්තිම මාසෙ කිව්වනේ. මං ඉතිං උගෙ නෑදෑ සනුහරේ ඔක්කෝම මතක් කලා. මට උගේ එක්සෑම් එකන් වැඩක් නෑ නෙව. මගෙ මඟුලනෙ ලොකු මට. ආයෙ යන්තං නහයෙන් අඬල වැඩේ ශේප් කරගත්ත. ඌ මඟුලට විනාඩි පහක් තියල තමයි පොත පැත්තකින් තිව්වෙ. 😀

      කැමතියි

  26. //උඹෙ සරම ඉනේ නේද? මං ලයිට් එක දාන්න හදන්නෙ

    ඇ බන් ඔයා සරම නැතුවත් නිදා ගන්නවද ?

    මන්දා බැන්ද දවසට ගැනු ලමයාට ලයිට් දාගෙන නිදී ගන්න කිව්වොත් මම අනාතයි.

    කැමතියි

  27. මන්දා මගේ නැදැ වෙන අයියා කෙනෙක්ගේ මගුල් ගෙදර මනාලිට අදින්න නැගිටින්න කිව්වේ 2 ට මනමාලයාට 3 ට හැබැයි උඩ රට විදියට.එහෙම බැලුවම නිදහස් ජිවිතයේ අන්තිම දවසෙත් හොදට දොයි ගන්න බැනේ

    කැමතියි

    • නවම් says:

      අම්මෝ මුල් ඇඳුම අඳිනව කියන්නෙ මාරම කට්ටක්, ඕක හරියට ඇඳම හෙනම බරයි. ආයෙ චූ කරන්නවත් බෑ. මගෙ නෑදෑ වෙන අයිය කෙනෙක් පෝරුවෙදි කලන්තෙ දැම්ම ඒකෙ අමාරුවට.
      චූටි මැණිකෙත් නම් උදේ හයට පටන් අරන් නමය වෙනකොට වැඩ ටික ඉවරකරගෙන තිබුන. මට නම් විනාඩි හතලිස්පහකට වැඩිය ගියේ නෑ. 😀

      කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: