ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

ඔන්න දැං අපි හය දෙනාම බෝඩිම ඉස්සරහ කඩේ ඉඳල ඇවරිවත්ත ටවුම දිහාවට පයින් යනව. පුදුම තරං නිදහසකින් තමයි ඇවිද්දෙ. ඔක්කෝම මේ තනියම ජීවිතේ පටන්ගන්න නෙ හදන්නෙ. හෙට ඉඳල ජීවිතේ ඉස් ඉස්සෙල්ලම කරන රස්සාවට යනව. සම්මුඛපරීක්ෂණයට ගියපු දා ඉඳන් එච්චර ලස්සනන ආයතනයක රස්සාවට යන්න නොඉවසිල්ලෙන් ඉඳියෙ අපි ඔක්කෝම.

මචං හෙට මොනව තියෙයිද දන්නෙ නෑ නේද?

කට්ටක් වෙන එකක් නෑ නේ?

පරණ උන් අපිට ‍රැග් කරයිද?

මොන මැෂින් එකක් හම්බුවෙයිද දන්නෙ නෑ නේ බං?

ඔය වගේ ප්‍රශ්ණ ගමකට. එකෙක් අහල ඉවරවෙනකොට ඒකට උත්තරයක් වෙනුවට තව වෙන එකක් අහනව. ඒ එකකටවත් උත්තර දෙන්න එකෙක්ට එකෙක් දැනං උන්නෙ නැති උනාට එහම ප්‍රශ්ණ අහල හිතේ තිබුන චකිතය සැහැල්ලු කරගත්ත. ඒත් සමහර ප්‍රශ්ණ වලින් හිත කලබල නොවුනාම නෙවෙයි. කොහොම උනත් ගෙදරින් තිබුන බැඳිම් වලින් නිදහස් වෙලා එදා රෑ අපි හයදෙනා පාරෙ ඔහේ ඇවිද්දෙ පුදුම තරම් සැහැල්ලුවකින්.

ඔය කතා අතරෙ අපේ ඇස් නොදැනුවත්වම පාර දෙපැත්තෙ තියෙන හෙල්ලෙන වැට පඳුරු දිහාවට ගියා.

යකෝ…  වැටවල් අස්සෙ කෙල්ලොයි කොල්ලොයි බදාහෙන කළුවරේ.

අපි නිකමට වගේ ආපු පාර දිහා හැරිල බැලුව. ඒවයිත් වැටවල් තාප්ප අයිනෙ යාන්තං අඳුරු තැන් වල කළුපාට ගුලි ගුලි ඉන්නව. හෙට යන රස්සාවෙ ජොලියට ඒ කිසිම දෙයක් දැකල නෑ නෙව අපි. මහ අපරාදයක් !.

ඊට පස්සෙ හය දෙනාම ඒක මතිකව තීරණය කලා ආපහු බෝඩිමට ගිහිල්ල මිසක් රස්සව ගැන කතා කරන්නෙ නෑ කියල. ඔන්න ඊට පස්සෙ අපි හයදෙනාගෙ ඇස් දොලහ දොලොස් පැත්තක.

මචං මේ.. අර බලහංකො ඉස්සරහ ලයිට් කනුවට එහායින්. මොකෝ බං උන් දෙන්න කරන්නෙ. කඳවල් දෙකක් නං පේනව ඒත් එක ඔළුවයිනෙ බං

ෂ්… මචං වම් පැත්ත බලහං යාන්තං ඔළුව හරවන්නෙ නැතුව, අර බයිසිකලේට හේත්තුවෙලා තනියම කොල්ලෙක් මොකෝ කරන්නෙ බං.

හොඳට බලහං, එතන කෙල්ලෙක් ඉන්නව, බොට පේන්නෙ නැද්ද?

ඒ බං. බුදු අම්මෝ නේද ?

කෑ ගහන්න එපා බං, කන්නයි වෙන්නෙ ඇහුනොත් අපි සෙට් එකටම. ඒ දිහා නොබලා යමං.

ඕයි අතන වලියක්ද කොහෙද, කෙල්ල බනිනව නේද, අනේ බං ඒකි අඬනවත් එක්ක. පව් ඕයි !

ඔන්න ඔය වගේ සිද්ධි කෙල කෝටියයි පාර දෙපැත්තෙ. දැං නං සැරින් සැරේ පාර දෙපැත්ත බලලම ඇහේ පොටයි බෙල්ලෙ පොටයි දෙකම යන්න ලඟයි.

ඔයින් මෙයින් ටවුමටම ආව. මගෙ හිතේ හැතැක්ම තුන් කාලක් විතර තියෙන්න ඇති බෝඩිමේ ඉඳං මෙතෙනට. වගක්වත් තිබුනෙ නෑ එච්චර පයින් ආව කියල.

කොත්තුව කාල පැය දෙකක් වත් ගියේ නෑ. ඒත් ලාවට බඩගින්නක් එනව ආයෙමත්. අහන්න දෙයක් යැ, පාර දිගට තිබුන කුරුළුතොරං බලල කොත්තුව එහෙම්පිටින්ම පිච්චිලා ගිහිල්ල. ඒත් ආයෙමත් යන්න වෙන්නත් මේ පාරෙන් හන්ද දැන් මෙහන් මොනවහරි හරි කාල බෝඩිමට ගියොත් ඒ කාපුවටත් වෙන්නෙ කොත්තුවට වෙච්ච දේම තමයි, ඒක හන්ද කඩේකින් මොනවහරි අරන් යනව කියල හිතල කෑම කඩයක් හොයාගෙන යන්න පටන් ගත්ත.

ඔන්න ඉස්සරහම තියෙනව කොළ පාට ටියුබ් ලයිට් දාපු කඩයක්. බල බල ඉන්නෙ මොකටෙයි, අපි හයදෙනාම රිංගුව ඇතුලට.

අයියෙ රෑට කන්න තියෙන්නෙ මොනවද?

බත් කොත්තු ආප්ප නං ඉවරයි ඉවරයි මල්ලි. පාන් තියනව මාළු හොදි එක්ක

හ්ම්… අපේ උන්ගෙ මූණ හරි නෑ. අපි හිතං ආවෙ ආප්පයක්වත් කන්න කියල. එහම එකේ පාං කන්නෙ මොන හිතකින්ද. නෑ එපා කියල ආයෙම එලියට බැහැල වෙන කඩයක් හොයාගෙන ගියා. ඒවයෙත් ඒ ආනිසංසෙමයි. සමහර ඒවයෙ පාං වත් නෑ.

යකෝ මේ ඉඳල ඉඳල රස්සාවකට කියල අපි ආපු පළාත ද කියල හිතුන. වෙන කරන්න දෙයක් නැතිම තැන එකෙක් ආපහු යවල අර කොළ පාට ටියුබ් ලයිට් දාපු කඩෙන් පානුයි හොදියි ගෙන්න ගත්ත. ඒ වෙනකොට අර කලින් තියෙනවයි කියාපු මාළු හොද්දෙන් බාගයක් විකිණිලා කියල මදි හරියට හින්දවාපු පරිප්පුත් දීල. [රෑට පරිප්පු හින්දවන්නෙ ආයෙ හොදිත් එක්ක තිබුනොත් හෙට විකුනන්න බැරි හන්ද වෙන්න ඇති]

දැං ඉතිං ඇවිද්ද ඇති කියල පාං ගෙඩි තුනයි හොදි මල්ලයි අරං අපි හය දෙනා ආපු පාරෙන්ම බෝඩිමට එන්න පිටත් උනා. ඔන්න ඉතිං අර රෙඩ්ලයිට් සෝන් එකට කිට්‍ටු වෙනකොට ආයෙමත් ඇස් නවනව, බෙලි කැරකෙනව එක කෙලියයි. ඇයි ඉතිං ගාල්ලෙ ඉඳපු අපි මේව අහලවත් තිබුන  එකක්යැ. ඉඳල හිටල පාක් එකේදි හරි කො‍ටුවෙදි හරි දැක්කොත් මිසක් කවුද හිතන්නෙ මහපාරවල් දිගට මේ වගේ සැණකෙළි තියෙයි කියල.

ස්.. ස්ස්.. මල්ලිල මේ කොහේද රෑ වෙලා….

අප්පටසිරි ගෑණු වොයිස් එකක්. කවුද මේ නන්නාඳුරන පළාතෙ අපිට මල්ලි කියල කතාකරන අක්ක කියල අපි හැරිල බැලුව. කවුරු හරි කෙල්ලෙක් අපි ඉන්න පැත්තට එනව. ඒත් අඳුරගන්න බෑ. සුවඳක් නං එනව නහය කඩාගෙන යන්න.

ඇයි මල්ලිලට මාව අඳුරන්න බැරිද? ලඟටම ආපු අර කෙල්ල අහනව.

ඩිංගක් වෙලා ගියාට පස්සෙ ඔන්න යාන්තං මතක් වෙනව. මේ අක්ක තමයි අද දවල් අපේ ඇඳ මකුණු මෙහෙයුමට ටිප් එක දීල ගියේ. ඒත් මෙයා මොකෝ මේ රෑ තනියම කරන්නෙ. ඊටත් මේ පාරෙ තනියම කෙල්ලෙක් ?

මම පොඩි වැඩකට එලියට ආව මල්ලි. ආපහු බෝඩිමට යන ගමන්. ඔයාල මුනගැහුන එක හොඳයි. නැත්නං මේ ටික තනියම තමයි යන්නෙ වෙන්නෙ.

අක්කට තේරෙන්න ඇති අපේ සමහර එවුන් තවමත් ඇස් නළලෙ තියං වැටවල්, අතුරු පාරවල් අස්සෙ එබෙනව කියල.

මල්ලිලට මේ පාර දෙපැත්තෙ, වැටවල් අස්සෙ වෙන දේවල් දැකල පුදුමයි නේද? ඉස්සර මෙහේ එනකොට මටත් ඔහොම හිතුන. ඒත් උදේ ඉඳං රෑ වෙනකං මහන මැෂින් එක්ක ඔට්‍ටුවෙන කෙල්ලන්ට නිදහසක් කියල තියෙන්නෙ මේ ඉරිද දවස විතරයි. ඉතිං උන් දවසම විඳින්න කැමතියි. ඒ වෙලාවට පාක් එකක්, මූදු වෙරළක්, කාමරයක් හොයාගන්න නැති එක උන්ගෙ වැ‍රැද්ද නෙමෙයි මල්ලි. ඕව මේ පැත්තෙ ජීවත්වෙන මිනිස්සුන්ට සාමාන්‍ය දේවල්.

හ්ම්.. ඒක නෙමෙයි, අක්ක මොකද රෑ වෙලා කරන්නෙ ?

වැඩට ගිහිල්ල එනගමන් මල්ලි

අක්කත් වැඩකරන්නෙ සෝන් එකේද, අපිත් හෙට ඉඳන් ……. එකේ. අක්ක ඒක දන්නවද?

නෑ මල්ලි මම සෝන් එකේ නෙමෙයි වැඩ කරෙන්නෙ.

එහෙනං?

ඇයි මල්ලි ඔයාට බෝඩිමේ අය කිව්වෙ නැද්ද?

මොකක්ද?

මම ගැන…

නෑ අක්කෙ අපිට කාත් එක්කවත් කතාකරන්න වෙලාවක් තිබුනෙ නෑ නෙ, හවස් වරුවම මකුණොත් එක්ක ඔට්‍ටු වෙන්න උනානෙ.

ඊට වඩා දෙයක් අපිට කතා කරගන්න බැරි උනේ කතාවෙන් කතාව බෝඩිමටම ආපු නිසා.

Advertisements

44 Responses to ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

  1. හ්ම්ම්. මොනා උනත් හිනාවෙවී කතාව කියෙව්වට මේ අකුරු ඇතුලෙන් එළි වෙන්නෙ අසරණ මිනිස්සුන්ගෙ අවුල් වෙච්ච ජීවිත නේද? අනේ මන්ද.

    කැමතියි

  2. මෙ අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත නේද???

    කව්දද මේව වෙනස්වෙන්නෙ???

    කැමතියි

  3. මටනම් හිතාගත්තෑකි ඉතුරු ටික…

    කැමතියි

  4. මාරයාගේ හෝරාව... says:

    නවම් මේක නියම කතා ටිකක එකතුවක් වෙයි වගේ…

    කැමතියි

  5. ..ChAnDiKa.. says:

    තමන්ගෙ විතරක් නෙමේ පවුලේ අයගෙ අනාගතේ වෙනුවෙන් ඈත පලාත් වලින් මේ කලාප වල සේවයට ඇවිල්ල ඉන්න බොහොමයක් සොයුරියන්ගෙ ජීවිත කඳුලු ගංගාවල්. එතනින් ඉතා අතලොස්සක් දෙනාට තමන්ගෙ රස්සාව බේරගන්න කවදාවත් නොහිතන දේවල් වලට පවා මුහුණ දෙන්න වෙනව. ඒ වගේ වෙලාවට ඔවුන් කොතරම් අසරණ වෙනවද? ඒ වගේම බොරැකාරයන්ට සල්ලාලයන්ට අහුවෙලා තමන්ගෙ ජීවිත සහ හම්බකරගත්තු සියල්ල විනාශ කරගන්න තරැණියන් මේ කලාපවල සිටිනවා. වෙන කරන්න දෙයක් නොමැති කමට තමයි ඔවුන් බොහොමයක් දෙනා මේ රස්සාවල් කරන්නෙ. කොයි හැටි වෙතත් සමාජය විසින් “ගාමන්ටි කෙල්ලො, ගාමන්ට් කෑලි” වගේ අපහාසාත්මක නම් වලින් හැඳින්වුවාට රටේ ආර්ථිකය සවිමත් කරන්නට ඔවුනගෙන් සැලසෙන සේවයනම් සුළුකොට තකන්න බැහැ.

    කැමතියි

    • නවම් says:

      ඇත්ත. කලාපෙ බලන්නෙ දාඩිය මහන්සිය හූරන් කාල රොඩ්ඩ එලියට දාන්න. එතනින් එහාට එයාලට සෙවකයන්ගෙන් වැඩක් නෑ. අනික ගොඩක් දෙනා එන්නෙ හද්දා පිටිසර පලාත්වලින්, එහෙම ඇවිල්ල මේකෙ තියන විලම්බීත දැක්කම ඒක තමයි ලෝකෙ කියල හිතගන්නව. එතන ඉඳල උන්ට වරදිනව. අනාරන්ෂාව, නොදැනුවත්කම, අත්දැකීම් නැතිවීම්, වයස තමයි බොහෝමයක් ගෑණුළමයි අසරණ කරන්නෙ.

      කැමතියි

  6. Roshan Eranga says:

    hina yanne ne ban mewata.mama me katha tika kalin ahala tiyenawa.mataka widiyata rivira pattare article list 1k giya.
    meka gena nodanna aya athi macho.eyalata me thiththa aththa therum karala denna.kalape kellek ta nidahasa oni.e nidahasa nisama e kello winasa wena ikamana wedi…
    apema jiwitha neda mewa…

    කැමතියි

  7. වාර්ථාමය චිත්‍රපටියක් හැදුවොත් මොකද?

    කැමතියි

  8. Chejana says:

    මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
    නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර…

    කැමතියි

  9. වාව්! පේරාදෙණියෙ මල් පාරට පස්සෙ මේ වගේ පාරක් ගැන ඇහුවෙ අදයි

    කැමතියි

  10. සෝරෝ says:

    ඒ අක්කා රස්සාවක් නෙවෙයි මම හිතන්නේ එයා කරන්නේ සේවාවක්….. 😀

    කැමතියි

  11. Ravi says:

    නවම්, මතුපිටින් පෙනෙන මවාගත් සුන්දරත්වයට යටින් වැසී තිබෙන ජීවිතේ කටුක යථාර්ථය, මලේ වෙන මොකවත් නෙවෙයි,

    ඔය උඹ දැක්ක හැම දේකම යට හැඟීම්බර අනුවේදනීය කථාවක් තියෙනව නවම්, ඒක තමයි ඇත්ත,

    කැමතියි

  12. sameera says:

    ලස්සන දැකලා ආවට පලගැටියන් පිච්චෙනකොට තමා දන්නෙ ඇවිත් තියෙන්නෙ ඉටි පන්දමකට කියලා.ඇත්තටම හරි දුකක් නෙද අය්යා එ ගැනු ලමයි විදින්නෙ.දිගටම ලියන්න අය්යා.

    කැමතියි

  13. සමහර දේවල් දිහා බලද්දී අපිට පෙන්න මේ මරම මරයි කියලා එටහ් එවගේ ඈතුල එහෙම නෑ හෑම වෙලේම … එහෙම නේද,,?

    කැමතියි

  14. Chinthana says:

    අපේ සමාජෙ එත් අදුරු පැතතක් ගැන හිතට දැනෙන්න ලියන කතාවක් නවම්.නියමයි…………………………
    ඉතුරු ටිකත් ඉක්මනට දාන්න………

    කැමතියි

  15. cricketer says:

    පව් අප්පා.මේක මාර අපරාදයක්.එහෙන් අපේ ගෑනු අරාබි ගිහිල්ලා බාබා ගෙන් සල්ලන් වෙනවා.මෙහේ ගාමන්ට් වල තව අය නිරා දුක් විදිනවා

    කැමතියි

  16. කතාව කියෙව්වාම හිනා යනවා ඒ උනාට අහිංසක ගැහැනු ලමයිගේ ජීවිත ගොඩක් අකාලයේ විනාස වෙනවා කියලා හිතුනම ගොඩක් දුක හිතෙනවා.

    මොනවා කරන්නද ගෑනු ලමයෙක් උනත් ඕවට යන්න කලින් හැගීම් වලට නැතුව බුද්ධියට ඉඩ දීලා හිතන්න ඕනේ.

    කැමතියි

  17. ජීවිතය හොයාගෙන ඉගිලෙන්න හදන ගොඩ දෙනෙකුට නවම් අයියගේ . අද්දැකීම් වැදගත් වේවි . ඉතින් මමත් නිහඬවම නවම්ගේ අද්දැකීම් කියවලා බලනවා .. බලමු .. නවම් කොයිතරම් හයියද කියලා . ! කොයි කොයි දේවල්ද විඳලා තියෙන්නේ කියලා . !

    කැමතියි

  18. කතාව කියවනකොට මටත් එකපාරටම ඔලුවට ආවේ ඒ ළමයිගේ පිටින් නොපෙනෙන ඇතුලින් පත්තුවෙන ගින්දර ගැන. 😦

    කැමතියි

  19. arunishapiro says:

    ගාමන්ට් රස්සා කරන්න කාන්තාවෝ එන්නෙ ගෙවල්වල තියන අගහිඟකම් නිසාම නෙමෙයි. ඒක එක හේතුවක් වුනාට.

    ලංකාවේ ගෙදරක කන බොන විදිය, අඳින හැටි හා හිට ගන්නෙ කොහොම ද කියන එකත් දවස පුරා අරහෙම නැත්නම් මෙහෙම කරන්න කියන්න ඉන්න අය වැඩියි.

    ගමක ඉන්න කෙල්ලෙක්ට නිදහස කියන එක අඩුයි. නිදහස කියන්නෙ කොල්ලෙක් එක්ක යාළුවෙන්න ඉඩකඩ නෙමෙයි. හැම ඉරියව්වක් ගැන ම ගම පුරා, නෑදෑ පරපුර පුරා කතාබහ වීම හා ඉන්නා වැඩිහිටියෝ ඇතුළු ගමේ සියල්ලෝම අවවාද දීමට ඉදිරිපත් වීම. දවස් 365 ම එකම විදියට ගෙවී යෑම.

    අද දවසේ ගාමන්ට් වල මහන කාන්තාවෝ ටික කාලයක් රැකියාව කරලා ආපහු ගෙදර යනවා. කිසිම තෘප්තියක් නොලැබෙන රූකඩ රස්සාවක්. ඒ නිසා ඒ අයව කාලයක් රඳවා ගන්න අපහසුයි. නමුත් එයාල එන්නෙ ටික දවසකට හරි වෙනසක් අත් දකින්න. ටික කාලයක් හරි ‘නිදහසක්’ දකින්න ඉගෙනීමක් නැති ගමේ කෙල්ලකට ඉඩ ලැබෙන්නෙ ඔහොම හරි රස්සාවකට ගියාම.

    ගාමන්ට් කෙල්ලො කියලා පහත් කරලා සලකන කට්ටිය කවුදැයි ඇත්තෙන් ම සොයා බලන්න. ඒ අය තමන්ගෙ ආසාවල් පමණක් ගැන හිතලා වැඩේ කරගෙන මාරු වෙන අය. නැත්නම් මේ ගාමන්ට් කෙල්ලො ‘බිලි’ හා ‘ගොදුරු’ යැයි හඳුන්වන්නෙ එය ගාමන්ට් කර්මාන්තයේ වැරැද්ද යැයි පෙන්වන්න.

    ඒ කාන්තාවන්ට වෙනත් සුදුසුකමක් තිබුණා නම් එයාලා වෙන රැකියාවකට යනවා නේද? නමුත් අපි ගම්බද දුප්පත් කාන්තාවන්ට වෙනත් සුදුසුකම් ලබා දෙන්න ක්‍රම විධියක් දැන් පටන් ගෙන ද?

    ගමේ ඉන්න කෙල්ලො තාත්තලා, මාමලා, සමහර විට සීයලා අතින් පවා දූෂණය වෙන හැටි කාලාන්තරයක් තිස්සේ කොච්චර පත්තරවල වැටුණත් ඒ ගැන ගාමන්ට් කෙල්ලොන්ගෙ අහිංසකත්වය නැතිවෙන හැටි ගැන කෑ ගහන අය කිසිත් ඝෝෂාවක් නඟන්නෙ නැහැ. ගමේ කෙල්ලො වැඩ කරන්න යන ගෙවල්වල පිරිමි අතින් ගැබ්බර වෙන අය ගැන කතා නොකරන අය මැද පෙරදිග ගිහින් දරුවෝ හදාගන එන අය ගැන හරියට කතාබහ.

    මෑත කාලයක දී පාසැල් සිසුවියක් ගෙදර එනකොට මඟ දී දූෂණය කරලා මරා දාපු අය හිරේ විලංගුවේ ගියා ද? මුළු ගමම දැන උන්නත් පුංචි කෙල්ල දූෂණය කරපු දේශපාලනඥයා දඬුවම් ලැබුවා ද? දොස්තරයෙක් තමන් ළඟට ආ ‍රෝගී කාන්තාවට අතවර කරන්න ගිහින් ඇය ජනේලයෙන් පැනලා මිය ගියාට දඬුවමක් ලැබුවා ද?

    මගේ ඥාතී පිටිසර ගම්බද රූමත් තරුණියක් ගමේ රූ රැජින වූවාට පස්සෙ මහ රෑ ඇයගේ ගෙදරට පැනලා පිරිමි කට්ටියක් ඇයව දූෂණය කරලා ගියා.

    ඔන්න ඔහොමයි ලාංකික සමාජය. තාම ලිංගික දූෂණය නිසා හිරේ ගිය කෙනෙක් නැති සමාජයක්.

    එහෙම තත්වය තියෙද්දී කාන්තාව සිය කැමැත්තෙන් කවුරු හරි එක්ක යාළුවෙලා ලිංගික පහසක් විඳීම ගැන කතා කරන්න පෙළ ගැහෙන අය හරි ගොඩක්.

    මගේ යාළුවෙක් ගාමන්ට් ෆැක්ටරියෙ මැනේජර් වෙලා ඉන්ඳැද්දි මහන කෙල්ලෙක් එක්ක යාළුවෙලා එයාව කරකාර බැන්ඳා.

    මගේ ඥාති මල්ලියෙක් ගාමන්ට් ෆැක්ටරියෙ ඉංජිනේරුවා වෙලා ඉන්ඳැද්දි ෆැක්ටරියේ නර්ස් නෝනා එක්ක යාළුවෙලා එයාව බැන්ඳා.

    මගේ තවත් ඥාති මල්ලියෙක් ගෙදර වැඩ කරපු කෙල්ලව බැන්ඳා කියලා එයා එක්ක නෑදෑ පරපුර කතා කරන එක නැවැත්තුවා.

    අන්න එහෙම අයයි මිනිස්සු. අනේ අහිංසක කෙල්ලො මේ ගාමන්ට් ෆැක්ටරි නිසා අතරමං වෙනවා කිය කියා බොරුවට පසුතැවෙන මිනිස්සු ගාමන්ට් කෙල්ලන්ගෙ ‘අහිංසක’ බව උලුප්පලා තමන්ට ප්‍රයෝජනයක් ගන්න උත්සාහ ගන්න අය හැටියට මා දකින්නෙ.

    කාන්තාවක් සිය කැමැත්තෙන් ලිංගික ආශ්වාදය විඳීම කාන්තාව සතු වූ අයිතියක් නොවේ ද?

    කාන්තාවන්ට බලහත්කාරකම් කරන අයට දඬුවම් දීම සමාජයේ වගකීම නොවේ ද?

    හැබැයි අපි අධිකරණය ‘බලු’ යැයි කිව්ව පලියට එයාව හිරේ දානවා. හරියාකාර වැරැද්දක් කරා යයි ඔප්පු කරන්න බැරි වුනාට තමන්ට එරෙහි අයව හිරේ දානවා.

    කැමතියි

    • නවම් says:

      හැමදාම වගේ අදත් අරුණි අක්ක හිතන්න ගොඩක් දේවල් එක්ක කමෙන්ට් එකක් දාල.
      ඔව් කතාවෙ ඊලඟ කොටසෙදි පොඩි ඉඟියක් එන්න තියනව ගාමන්ට් රස්සාවට එන්න තියනෙ එකම හේතුව පවුලේ අඟ හිඟකම් නෙමෙයි කියල. ඒත් ඇතුලාන්තයේ තියෙන්නෙ ආර්ථික ගැටළුම තමයි කියලයි මටනම් හිතෙන්නෙ.

      කලාතුරකින් නිදහස හොයාගෙන එන අයත් ඇති. ඒත් බහුතරයක් නියෝජනය කරන සිද්ධියක එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් උනා කියල සමස්ථ ප්‍රතිඵලය වෙනස් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම අඩුයි. ගමේ තියන බලපෑම් වලින් මිදෙන්න කියල ගාමන්ට් එන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. කීයක් හරි හොයාගත්තම කවදාහරි ස්වාදීන වෙන්න පුළුවන් කියල තියන සිතුවිල්ලට.

      ඔව්, ලංකාවෙ එම්ප්ලොයී ටර්නොවර් එක උපරිමේයම තියෙන ක්ෂේත්‍රය තමයි ඇඟළුම් කම්හල්. ඊට ප්‍රධාන හේතුව, ‍රැකියාවේ අතෘප්තිකර භාවය, බාහිර සමාජයෙන් එල්ලවෙන අප්‍රසන්න බලපෑම්, අත්දැකීම්.

      ලිංගික අතවර වලින් නීතිය සාධාරණය ඉ‍ටුවුන අවස්ථා ගොඩක් තියනව, ඒත් මාධ්‍ය වාර්තා පලවෙන්නෙ ගොඩක්ම ආන්දෝලනයක ලක් වුන සිද්ධි විතරයි. ඒවත් අපි වගේම මාධ්‍යයත් ෆලෝ කරන්නෙ ගොඩක් වෙලාවට මුල් අවස්ථාවෙදි විතරයි. ඊට දුන් දඬුවම වාර්ථාවෙන්නෙ සෑහෙන කාලයක් ගියාට පස්සෙ, මොකද අපේ නීති ඒතරම් ඉක්මන්. ඇතැම් දූෂණ සිද්ධි යටපත් වෙන්නෙ සාක්ෂි වල තියෙන දුවල භාවය මත, ඇතැම් විට පැමිණිළි පාර්ශවය විසින්ම පැමිනිල්ල ඉලා අස්කරගන්නා අවස්ථාවන් තියෙනව. මොකද ප්‍රසිද්ධ නඩු විභාගයකට පස්සෙ ගොඩක් වෙලාවට විත්තිය ඔප්පු උනත්, පැමිණිල්ලට පාරෙ බැහැල යන්න බැරි වාතාවරණයක් ඇති වෙනව. ඒක සමස්ථ සමාජීය ආකල්පවල ගැටළුවක්. ඔයවගේ සිද්ධි බලය ඇති තැන්වල දේශ සීමා විරහිතව යටපත් වෙනව. ලංකාවද, ඇමරිකාවද, අප්‍රිකාවද කියල වෙනසක් නැතුව. ක්‍රියාත්මක වීමේ ප්‍රතිශතයේ වෙනසක් ඇති වුනාට, අඩු වැඩි වශයෙන් තාමත් ක්‍රියාත්මකයි.

      ඒ වගේම කාන්තාවන්ට ලිංගික නිදහස ලැබීමේ කිසිම වරදක් නෑ. කැමති පුද්ගලයෙන් සමඟ, කැමති වෙලාවක ලිංගික තෘප්තිය ලැබීමට කිසිම සීමාවක් තිබිය යුතු නෑ. ඒත් ලිංගිකත්වයට අනිත් මානුශික අවශ්‍යතා වලට වඩා අධිආරෝපනයක් දීපු සමාජයක පරිසරයක කනව බොනව වගේ සාමන්‍යකරනයක් කරන්න තව සෑහෙන කාලයක් අපිට යයි, අමත කරන්න එපා එහෙම වෙන්න හේතු කිහිපයක්ම බලපානව, බටහිර රටවල් වල වයස දහ අට පි‍ටුනට පස්සෙ සමාජය සලකන්නෙ වැඩුන පුද්ගලයෙක් හැටියට, එතන ඉඳන් තනියම ජීවත්වෙන්න කැමතිනම් එතන ඒකට ඉඩක් තියනව, ඒ වෙනකොට ඔවුනුත් මානසිකව හැඩගැහිල ඉවරයි ස්වාධීන වෙන්න. වැඩ වැරදුනාම ආපහු ගෙදර දුවගෙන එන්නෙ නැතුව තනියම කටයුතු කරගන්න.

      නමුත් ලාංකීය සමාජය එහෙම නෑ, වයස දහාට පිරුනම රාජ්‍ය නායකය ‍තෝරාගැනීමේ අයිතිය දුන්නට තමන්ගෙ ලිංගික සහකාරය ‍තෝරාගන්න ඉඩක් නොදෙනගානයි. ඒ වගේම කාන්තාවන්ට ලිංගික නිදහස ලැබීමේ කිසිම වරදක් නෑ. කැමති පුද්ගලයෙන් සමඟ, කැමති වෙලාවක ලිංගික තෘප්තිය ලැබීමට කිසිම සීමාවක් තිබිය යුතු නෑ. ඒත් ලිංගිකත්වයට අනිත් මානුශික අවශ්‍යතා වලට වඩා අධිආරෝපනයක් දීපු සමාජයක පරිසරයක කනව බොනව වගේ සාමන්‍යකරනයක් කරන්න තව සෑහෙන කාලයක් අපිට යයි, අමත කරන්න එපා එහෙම වෙන්න හේතු කිහිපයක්ම බලපානව, බටහිර රටවල් වල වයස දහ අට පි‍ටුනට පස්සෙ සමාජය සලකන්නෙ වැඩුන පුද්ගලයෙක් හැටියට, එතන ඉඳන් තනියම ජීවත්වෙන්න කැමතිනම් එතන ඒකට ඉඩක් තියනව, ඒ වෙනකොට ඔවුනුත් මානසිකව හැඩගැහිල ඉවරයි ස්වාධීන වෙන්න. වැඩ වැරදුනාම ආපහු ගෙදර දුවගෙන එන්නෙ නැතුව තනියම කටයුතු කරගන්න.

      ළමයින්ට ස්වාධීන වෙන්න උගන්නන්නෙ නැති, ලිංගිකත්වය කියන්නෙ එලිපිට කතා නොකලයුතු, මිශනාරි ක්‍රමයට සෑම විටම ලිංගිකව එක්වෙන සමාජයක ගැහැණිය තවමත් අසරණයි. සින්ගල් මදර් සංකල්පය ලංකාවට ගොඩක් දුරයි. කොටල මාරුවෙන කොට්ටෝරුවො සෑහෙන්න වැඩියි එහෙම සමාජයක. ඊටත් පුහු වික්ටෝරියානු සදාචාරය එන්ගලන්තයෙන් බැහැරවෙලා ගොඩක් කල් උනාට ලකාවෙ තාම තියනව. මේ දේවල් ක්‍රමක්‍රමයෙන් ඉවත් වෙලා යාවි. එතකන් කොච්චර කෘතීම නිදහසක් හදන්න හැදුවත් හැමදාම ඒ ප්‍රයත්නය වරදීවි.

      කැමතියි

  20. පින්ග්කිරීම: වයසක (රි)ලව්…. « ගෝල්ඩ් fish ගේ blog ටැංකිය

  21. IndarJ says:

    ගොඩක් ගාමන්ට් වල වැඩකරන ගෑහැණු, ළමයි තමයි පවුලෙ වගකීම කරට අරගෙන තමන්ගෙ පඩියෙන් මුළු පවුලම නඩත්තු කරන්නෙ නංගිල මල්ලිලට උගන්නන්නෙ.
    ඒ වගේම ඒ ගොල්ලො ගේන විදේශ විනිමයෙන් තමයි සම්හරවිට අපිට නොමිලේ අධ්‍යාපනය ලැබෙන්නෙ රෝහලකට ගිහාම නොමිලේ බේත් ටික ලැබෙන්නෙ .

    ඒක නිසා සළු වියනා සන්නාලිය දෙස නොබලන් වපරැසකින්.

    කැමතියි

  22. නවම් රෑට ඔය වගේ ගමන් යන එකනම් ටිකක් භයානකයි නේද ? ඔය මොන අවුරුද්දේ විතරද ?

    අරුණි අක්කාගේ පිලිතුරේ මට කියන්න ඕන හුගක් දේවල් ඔක්කොම වගේ ගැබ් වෙලා තියෙනවා.කටේ රත්තරන් දාන්න තරම් වත්කමක් නෑ.එක හින්දා මේ පුටුවෙම ඉදලා සැලුයුට් එකක් ගහනවා අරුණි අක්කාට එයාගේ නැදැ වෙන අර “මිනිසත්කම දන්න ” මිනිස්සුන්ට.

    සමහර කට්ටිය උඩින් කොමෙන්ට් දාලා සැහෙන්න ශෝකය පල කරලා තියෙනවා.හැබැයි කට්ටියට අමතකයි ඔය ලිංගික ශ්‍රමිකයන් ගාවට යන්නේ මේ පිරිමි අපි කියලා.අපි අපේ ශෝකය ඔහොම ප්‍රකාශ කරලා වැඩක් නෑ.මතකද කාලයක් මන්ත්‍රීවරියකට මහ පාරේදී කුණු හරුපෙන් බැන්නා ඔතන මන්ත්‍රී කෙනෙක් හිටියනම් මොකද වෙන්නේ .අද මන්ත්‍රීවරියකට ඇගේ සැමියා ගහලා හොදටම තුවලා කරලා කෝ ඔය හඩ ! කෝ අපේ ඊනියා වදී කාන්තා විමුක්තිය ඉල්ලන අය , කෝ ? අඩුම ගානේ එක උද්ගෝෂණයක් ? රටේ නීතී හදන තැන ඔහොමනම් අනිත් තැන් ගැන මොන බයිලාද ?

    කතාව දිගටම ලියන්න. බලාගෙන ඉන්නවා කියවන්න

    කැමතියි

  23. ඩිලාන් says:

    මේ වගේ කතාවලට කට්ටිය පිරෙන හැටි,,අම්මෝ….නවම් ඇත්තටම අපේ සමාජේ එක පැත්තක් එලියට එනවා නේද? මේවා නොදන්න අයට හරි වැදගත් වෙයි අපේ සමාජේ මෙහෙම පැත්තකුත් තියනවා කියලා…මේ වගේම මේ කෙල්ලෝ ජීවත් වෙන්න විදින දුකත් ඔයා හොදටම දකින්න ඇති නේද? ඒවත් දාන්න….
    (මට මේ බ්ලොග් එක බලන්න SBU එන්නම ඕනා,අලුත් පොස්ට් එකක් එද්දී ඒක දැනගන්නේ කොහොමද?මම SBU පීරලා තමා නවම් මාවත හොයාගන්නේ)

    කැමතියි

  24. පින්ග්කිරීම: ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස « නවම් මාවත

  25. පින්ග්කිරීම: ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස « නවම් මාවත

  26. පින්ග්කිරීම: කැඩුණු පු‍ටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: