ජීවිතය සොයා කටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස
මාර්තු 7, 2011 ප්‍රතිචාර 40
ජීවිතය සොයා කටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
ජීවිතය සොයා කටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
බෝඩිමේ ගේට්ටුවෙන් ඇතුලට ආව විතරයි “මම යන්නම් මල්ලී” කියාගෙන අක්ක අපිව ඉස්සරකරන් ගියා. වත්ත ඇතුලෙ තියෙන හාඩ්වෙයාර් එකේ එලියෙ පැත්තෙ උස බිත්තියෙ බෝඩිම පැත්තට හරවල හයිකරල තිබුන ෆ්ලෑෂ් ලයිට් එකේ එලියට පිටුපාල අක්ක යනව. එතකොටයි අපි දැක්කෙ අක්ක ඇවිදිනකොට කොච්චර හැඩද කියල. වළලු කර වටේට පටියක් එතිච්ච අඩි උස සපත්තු දෙකක් දාල ඇවිදින නිසාද මන්ද දණපොල්කට්ට ගවට දිහ තට්ටු තට්ටු රැළි සාය උකුල පැද්දෙන පැද්දෙන පැත්තට යනව. අද දවල් අපේ කාමරේ ලඟදි දැක්ක විදියටම කොණ්ඩෙ උඩට උස්සල තනි කරලට ගොතල පෝනි ටේල් එකක් දාල, ඒකත් ඇවිදින තාලෙට පිටේ වදිනව. හෑන්ඩ් බෑග් එක වම් අතෙන් පද්ද පද්ද එයා හරිම සැහැල්ලුවෙන් යනව.
වෙලාව රෑ දහය හමාර විතර වෙලා නිසා හැමෝම තම තමන්ගෙ කාමරවල. ඒත් හැම කාමරේකම වහපු දොරවල් වල යටින් එන කහ එලිය කියනව ඒ කවුරුවත් නිදි නෑ කියල. අපි, අපේ කාමරේට ගිහිල්ල ඇඳුම් මාරුකල හයදෙනාම අර ෂවර් පේලියෙන් රෑ කියල බලන්නෙ නැතුව නාගත්ත. ඇයි හෙට වැඩට යනකොට පිළිවෙලකට යන්න එපැයි. අනික බුද්ධික අයිය වෙලාසනම කියල තිබුන උදේට තියෙන පෝලිමේ රඟේ. අපිට ඕන උනේ නෑ ඉස් ඉස්සෙල්ලම රස්සවට යන දවසෙ බාත් රූම් පොලිමක් නිසා පරක්කු වෙලා යන්න.
නා කියාගෙන කාමරේට ඇවිල්ල එක පිඟානක් අරන් අර හින්දපු පරිප්පුයි මාළු හොදියි එකට දාල පාං වාටියකින්ම කවලං කලා. බවගින්න වැඩිකමටද මන්ද පුදුම සුවඳයි. අපිට කෑම තියාහන්න මේසයක්වත් තිබුනෙ නෑ ඒ කාමරේ. බුද්ධික අයිය ඇඳපොලු වලට උඩින් මෙට්ටෙ දාන්න ඉස්සෙල්ල එලාගන්න කියල දීපු මල් පත්තර පිටු ටිකක් බිම එලාගෙන හොදි පිඟාන මැදින් තියල වටේට වාඩිවෙලා පාන් ගෙඩි තුන බාගෙ බාගෙ අතින්ම කඩල බෙදාහෙන හොදිවල පොඟවන් කන්න පටන් ගත්ත.
මල්ලිල මම කරදරයක්ද දන්නෙ නෑ කරන්නෙ…
මෙන්න අක්ක ආයෙමත් අපේ කාමරේ දොරකඩ. හැමෝම තම තමන්ගෙ කාමරවල නිසා අපි අපේ දොර වහන්න හිතුවෙ නෑ.
මල්ලිල මොනවහරි වැඩක් නම් මම යන්නම්.
අපි හොදි පිඟාන වටකරන් වාඩිවෙලා ඉන්න නිසා එයාට පේන්නෙ නෑ අපි කරන්නෙ මොනවද කියල.
නෑ නෑ අක්කෙ අපි මේ පාං කනව. අක්ක කාලද ඉන්නෙ ?
මම එහෙන්ම කාලනෙ මල්ලි එන්නෙ.
එයා අපිට නොකියන මොකක් හරි කතාවක් තියෙනව කියල හිතුන නිසා අපි කාටවත් අහන්න හිත් දුන්නෙ නෑ එහෙන් කියල කිව්වෙ කොහෙන්ද කියල.
කමක් නෑ අක්කත් එන්න, පාං කෑල්ලක් කමු අපිත් එක්ක.
එහෙම කියල අපි පොඩ්ඩක් එහාට වෙලා රවුමෙ ඉඩක් හදල දුන්න. ඒත් අපිත් එක්ක වාඩි වෙන්නෙ නැතුව අපි දුන්න පාං කෑල්ලට හොදි ඩිංගක් වක්කරහෙන දොර ගාවට ගිහිල්ල පඩියෙන් වාඩි උනා. ඒ සමහර විට එයා රෑ ගවුමක් ඇඳන් උන්න නිසා වෙන්න ඇති කියලයි අපිට හිතුනෙ.
දොර පඩිය උඩ වාඩිවෙලා උළුවස්සට හේත්තු වෙලා ගවුම ඇදල කකුල් දෙකත් වහගෙන තාප්පෙට උඩින් පේන තරු නැති අහස දිහා බලාගෙන අක්ක හෙමීට පාං කෑල්ල කනව.
අපිට එතන ඉන්න අමාරු තරං නිහඬයි. කිසිම දෙයක් එයාගෙන් අහන්නත් බෑ මොන විදියට තේරුම් ගනීද කියල හිතට බයයි.
එක නිසා එයාට එහම්මම ඉන්න ඇරල අපි කිඹුල්ලු කිරිමැටි ගිලින්න වගේ පාං ගිලිනව. වේලාසන රහට දැනිච්ච හොද්ද දැං මෙලෝ රහක් නෑ.
මල්ලිල මම ගැන මොනව හිතනව ඇතිද නේද? නරක ගෑණියෙක් කියල හිතෙනව ඇති නේද, නැතිනං කොල්ලො විතරක් ඉන්න කාමරේකට මේ රෑ එන්නෙ මොන කෙල්ලද නේද?
නෑ අක්කෙ, අපි එහෙම හිතුවෙ නෑ.
හිතුවත් මගෙ තරක් නෑ මල්ලි. මම නරකයි කියල මූණට නොකිව්වට මේ බෝඩිමේ ඉන්න හැම කෙනෙක්ම දන්නව මං ගැන. හෙට හවස් වෙනකොට මල්ලිලත් දැනගනී. ඒත් මොන එකකටද මන්ද මං ආස නෑ මං ගැන මේ මල්ලිල වෙන කෙනෙක්ගෙන් අහනවට. හේතුවක් කියල කියන්න මට තේරෙන්නෙ නෑ. ඒත් මං ආසයි ඇත්තටම මං කවුද කියල දන්න දෙතුන් දෙකෙක්වත් මේ බෝඩිමේ තියල යන්න.
තියල යන්න?
ඔව්, තියල යන්න මල්ලි…….
මමත් මේ බෝඩිමේ ඉන්න අනිත් කෙල්ලො වගේම ගම රට අතෑරල දාල මෙහේ රස්සාවට ආපු කෙල්ලෙක්. ඒත් මට මෙහේ රස්සාවකට එන්න හේතු උනේ නංගිලට මල්ලිලට උගන්නන්න නෙමෙයි, උකස් වෙච්ච ගේ දොර ඉඩ කඩං බේරගන්න නෙමෙයි. වයසක අම්ම තාත්තට කන්න බොන්න දෙන්න නෙමෙයි. මට ඒ කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ.
හ්ම්….. එහෙන මෙයා වැඩ වරද්දගෙන ගෙදරින් පැනල ආපු පොහොසත් පවුලක කෙල්ලෙක් ! ඔහොම කතාවක් ඊයෙ පෙරේද පත්තරේක තිබිල කියෙව්ව මතකයි.
එහෙනං ඇයි අක්ක මෙහේ ආවෙ?
මට ඒ කිසිම දෙයක් තිබුනෙ නැති නිසා මල්ලි.
ඒ කියන්නෙ?
මම මතක ඇති කාලෙක ඉඳල හිටියෙ ළමා නිවාසෙක.
අපිට කාපු පාං කෑලි හිරවුනා. මාළු හොදියි පරිප්පුයි ඉස්පොල්ලෙ ගියා. දවාලෙ උණුවතුරෙ දමල මරාපු මකුණො සිය දහස් ගුණයකින් වැඩිවෙලා ඇවිල්ල පස්ස පැත්ත කනව වහේ දැනුන. හෙට රස්සාවට යනව කියල මෙච්චර වෙලා හිතේ තිබ්ච්ච සතුට එහම්මම නැතිවෙලා ගියා.
මම හෙට උදේම කොළඹ යනව මල්ලි. මෙහේ රස්සාව කරන්න අමාරුයි. කොළඹ ගියා කියල ලේසි වෙන්නෙ නෑ කියල මං දන්නව. ඒත් කීයක් හරි වැඩිපුර හොයාගෙන කවද හරි මටයි කියල ජීවිතයක් ගොඩනඟා ගන්න මමත් ආසයි මල්ලි. මේ රස්සාව හැමදාම කරන්න බෑනෙ කියල ආයෙම අර හිස් අහස දිහා බලාගෙන ලොකු හුස්මක් හෙළුව.
ඒ කතාවට හූ මිටි තියන්නවත් අපේ කල්පනාව හොඳ තත්වයක නෙමෙයි තිබුනෙ ඒ වෙලාවෙ.
පාං කෑල්ල මාළු හොදියි පරිප්පුයි එක්ක හරි රහයි මල්ලි, අක්ක පොඩි එකෙක් වගේ එහෙම කියල දොරකඩට වෙලා තව ඩිංගක් වෙලා අපි දිහා බලාගෙන ඉඳල,
මම එහෙනම් යන්නම්. මල්ලිලට හෙට ඉඳල අලුත් ජීවිතයක් නේද. බුදුසරණයි ! කියල ගියා.
ඔන්න මමයි මුල්ම කොමෙන්ට් එක දැන්මේ.
මට හිතා ගන්න පුලුවන් පස්සේ දවසේ කට්ටිය අක්කා ගැන මොකක්ද කිව්වේ කියලා අපේ කට්ටිය කියන්නත් කලින් දෙවන කොටසේදී නිගමනය කරලාත් තිබ්බානේ.මටත් ඔය වගේ අත්දැකීම් ගොඩක් තියෙනවා.සමහර ඒවා මම ලියලත් තියෙනවා.බලමු තාම හිත හදා ගන්න බැරුව ඉන්නේ සමහර කතා ලියන්න.
කැමතියිකැමතියි
ස්තූතියි උදේ පාන්දරම මේ පැත්තෙ ආවට. ඉඩක් තියන විදියට ලියන්න ක්ෂිතිජ, මොකද ඔයා ලියන දේවල්වල හිතන්න දෙයක් හැමදාමත් ඉතුරු වෙලා තියනවනෙ.
කැමතියිකැමතියි
අප්පට සිරි හිතාගෙන උන්නු දේ නෙවෙයි උනේ… මට හිතෙන්නේ ඔයාලට එවේලේ අම්බානෙට දුක හිතෙන්න ඇති නේද?
කැමතියිකැමතියි
දුකක් කියල කියන්න අමාරුයි. ඒක හරිම සංකීර්ණ හැඟීමක් බං, අදටත් එච්චර අපහසුතාවයකට පත් වෙලා නෑ මම තවම.
කැමතියිකැමතියි
ඔයාලගේ මූණු ටික ඒ වෙලාවේ කොහොමට තියෙන්න ඇතිද කියලා මට හිතා ගන්න පුලුවන්.
කැමතියිකැමතියි
මං හිතන්නෙ ඒ වෙලාවෙ අපි ඩීප් ෆ්‍රීසර් එකේ දාපු කුකුල්ලු වගේ ඉන්න් ඇත්තෙ.
කැමතියිකැමතියි
“ඒත් මං ආසයි ඇත්තටම මං කවුද කියල දන්න දෙතුන් දෙකෙක්වත් මේ බෝඩිමේ තියල යන්න.
තියල යන්න?
ඔව්, තියල යන්න මල්ලි…….”
මෙන්න මේ කෑල්ල මට තේරුණේ නෑ අයියෙ. ඇයි එයා තියල යන්න කියන්නෙ.
කැමතියිකැමතියි
අන්තිම හරිය හොඳට කියෙව්වොත් තේරෙයි ඇයි එහෙම කිව්වෙ කියල.
“මම හෙට උදේම කොළඹ යනව මල්ලි. මෙහේ රස්සාව කරන්න අමාරුයි. කොළඹ ගියා කියල ලේසි වෙන්නෙ නෑ කියල මං දන්නව. ”
ඊට පහුවදා අක්ක ඒ බෝඩිමෙන් යනව කොළඹ.
කැමතියිකැමතියි
අපි හැමෝම කවද හරි අපේ ඇත්ත කතාව දන්න කෙනෙක් ඉතුරු කරල යන්න ආසයි. ඒ, කවද හරි එයා විසින් අපි ගැන සමාජයේ තියෙන වැරදි මතය නැතිකරයි කියල.
කැමතියිකැමතියි
මිනිසුන්ගේ ගිවිත අපි එලියේ ඉදන් බලනවාට වඩා ගොඩක සංකීරනයි…
කැමතියිකැමතියි
ඔව් ඉලන්දාරිය, අපි දකින්නෙ මීස්සුන්ගෙ ජීවිත වලින් බොහෝම පොඩ්ඩයි. ඒ පොඩ්ඩ දිහා බලල තව කෙනෙක්ව විනිශ්චය කරන එක මහා අපරාදයක් !
කැමතියිකැමතියි
“ඒත් මං ආසයි ඇත්තටම මං කවුද කියල දන්න දෙතුන් දෙකෙක්වත් මේ බෝඩිමේ තියල යන්න”
මම හිතන්නෙ ඒ මේ නිසයි
“ඒත් කීයක් හරි වැඩිපුර හොයාගෙන කවද හරි මටයි කියල ජීවිතයක් ගොඩනඟා ගන්න මමත් ආසයි මල්ලි”
ඇගේ අදහස, ඉන්න අනිත් අයට නරක ගෑනියෙක් විදියට පෙනෙන, ඇයත් ඇත්තටම අනික් හැම දෙනා වගේම හොද ජීවිතක් ගතකරන්න හිතාගෙන ඒ රස්සාව කරන බව දන්න දෙතුන් දෙනෙක් හරි තියල යන්න වෙන්න ඇති
අනේ මන්ද ..ජීවිත ගැන පුදුමයි
කැමතියිකැමතියි
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ. ඇත්තටම ඒ අක්කා කරපු රස්සාව මොකද්ද ? අද සිංදුවේ තියෙන විදිහේ රස්සාවක් ද ?
දෙමව්පියෝ නැති කල දරුවන්ට අත්වෙච්ච ඉර ණමෙන් ටිකක්. ඒ අක්කා ගැන නම් දුකයි අයියා. දැකලා නැති උනත් කොහේ හිටියත් ඒ අක්කගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා පතනවා.
කැමතියිකැමතියි
ඕව් ලැම මිසක් ළය නොපෙනෙ ලඳක්.
කැමතියිකැමතියි
හප්පුච්චේ….මක්කා උනේ,,,,,,හිතාගෙන හිටපුවා නෙමේ නේ බොලේ
කැමතියිකැමතියි
එහෙනං මොනාද බොලා හිතාගෙන උන්නෙ ඈ…?
කැමතියිකැමතියි
aahh…oka aththa saho…e ayage pita diha balanawa misak (pita kiuwe rupe) athula balanne hari aduwen.eth ehema beluwa kiyala eyalata hoda jiwithayak denna puluwan weida….?
කැමතියිකැමතියි
මම හිතුවා කාලාපේ ජීවිතවල සිඋන්දරත්වයක් ලියන්න තියනවද?මේ වගේ කතා තමා තියෙන්නේ
කැමතියිකැමතියි
කලාපෙ සුන්දර ජීවිත බොහෝම අඩුයි ඩිලාන්. මේවගේ මීටත් වඩා කටුක කතා අනන්තවත් ඇති.
කැමතියිකැමතියි
බලපන් මට කලින් කතාව මිසින් වෙලා.ඒකනම් දෙපාරක්ම කියෙව්ව.බලපන් මට පලවෙනි කොටසෙන්ම මීටර් උනේ.ඔය පෝනිටේල් දාපු කෑල්ල.හරියටම හරිනෙ.නේද?කවුරුවත් කැමැත්තෙන් ඕක කරන්නෙ නෑ.හැබැයි සමහරු මෝඩ කමටත් එන්ටර් වෙනව.කොහොම උනත් ටිකක් දුක්බරයි වාගෙ.
කැමතියිකැමතියි
ඒකනෙව කියන්නෙ වැඩකාරයාට බොරු බෑ කියල. 😀
කැමතියිකැමතියි
කැමතියිකැමතියි
හරි හරි අහස දිහා බලලා හූල්ලලා වෑඩක් නෑ..
දෑන්වත් මේ කුනු උන සිස්ටම් ඵ්ක වෙනස්කරන්න හිතට ගමු.
නෑත්නම් මේ තුප්පහි සමාජක්රමයේ ඉලග ගොදුර අපේම කෙනෙක් වෙන්න පුලුවන් …..
සමහර විට ඔබම වෙන්නත් පුලුවන් !!!!!!
කැමතියිකැමතියි
හන්ස, සිස්ටර්ම් වෙනස් කරන කතාවල් සුරංගනා කතා. කිසිවෙකුට සිස්ටර්ම් වෙනස් කරන්න බෑ. ඒත් තනි තනි පුද්ගලයා වශයෙන් වෙනස් උනොත් කාලයක් යනකන් සිස්ටර්ම් එක වෙනස් වෙයි. එහෙම නැතුව සම්පූර්ණ පද්ධතියම වෙනස්කරන්න් කතාකරන එක දේශපාලකයන්ගෙ හාන්සිපුටු තර්ක වගේ පුහු දෙයක්.
කැමතියිකැමතියි
@ හන්ස,
“මේ කුනු උන සිස්ටම් ඵ්ක වෙනස්කරන්න හිතට ගමු.”
මේ හලෝ, කුණු සිස්ටම් වෙනස් කරන්න කළින් මගේ බ්ලොග් එකේ ලින්ක් එක හොරකම් කර කර කොමෙන්ට් දාන එක නවත්වලා හිටියොත් හොඳා.
කැමතියිකැමතියි
මගේ කතාව නම් එදා හිටන් අදත් ඉන්න ළඟ යාළුවෝ සේරම දන්නවා.
විශ්ව විද්‍යාලයේ අවසන් වසර පටන් ගනිද්දී අපේ තාත්තයි අම්මයි තරහා වෙලා තාත්තා කාටවත් නොකියාම ගෙදරින් පිටවෙලා ගියා. අම්මා ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගිහින්. මම අවසන් වසර ඉවර කළේ යෙහෙළියකගෙ ගෙදර නැවතිලා. පාන් ගෙඩියක් ගන්න කඩවත බේකරියකට ගිය දවසක පාන් මිල ඉහළ ගිහින්. ඉතිරි ටික ඉල්ල ගත්තෙ කඩේට ආපු යාළුවෙක්ගෙන්. සල්ලි කීයක් හරි හොයාගත්තෙ ටියුෂන් දීලා. ලොකුම වියදම මාසෙට ගන්න බස් සීසන් කාඩ් එක. සීසන් කාඩ් වලංගු නැති තැනක යන්න වුනාම පයින් හැතැප්ම ගණන් ඇවිද්දා. තාත්තා දාලා ගියාට එයා තාත්තා නිසා මට කොහෙද මහපොළ?!! ප්‍රතිඵල ආ දවසේ කියන්න කෙනෙක් නැහැ, අම්මා ගේ විකුණලා පිටරට ගිහින්. මම පිටරට ඉගෙන ගන්න යන්න ශිෂ්‍යත්වය ආ දවසේ ඉතිරි කරගත්තු රුපියල් මාරු කළාම කැනඩා ඩොලර් 100 යි අතේ තිබුනෙ මුළු වස්තුවට. පිටරට අරන් යන්න අළුත් ඇඳුමක් තිබුනෙ නැහැ. කන්න නැතුව නිදා ගත්තත්, අළුත් ඇඳුම් නැතිව, රස්සාවක් ලැබෙයි ද, ශිෂ්‍යත්වයක් ලැබෙයි ද, ඉන්න ගෙයක් ලැබෙයි ද යනාදිය හිතාගන්න වත් බැරි කාලයක් තිබුණත්, අනාගතය කොහොම හරි යයි ද කියලා කිසිම ලකුණක් නොතිබුණත්, කිසිම මොහොතක දී ඇඟ විකුණලා ගොඩ එන්න ඕනා යැයි හිතට ආවේ නැහැ.
මම තාත්තා හා කවදාවත් අමනාප නැහැ. එයා මට මාළු නොදුන්නට මාළු බාන හැටි කියලා දුන්න. මම අම්මා එක්ක අමනාප නැහැ. එයාගෙ මානසික ඇද වැටීම ගැන තාත්තාට වඩා මට අවබෝධ වුනා. මම දියුණු වුනේ මගේ මොළය වෙහෙසලා, ඇඟ විකුණලා නෙමේ. කීයක් කොහොමින් හරි ඉක්මණින් හොයාගන්න හදන්නෙ කට්ට කන්න අකමැති අය. ප්‍රතිපත්ති ගරුක නොවන අය. මගේ අත්දැකීම් නිසා මම කවදාවත් ඇඟ විකුණන එක දුප්පත්කමට පිළියමක් යැයි සිතන අයට සමාවක් දෙන්නෙ නැහැ. ඊට වඩා ඒක කරන්නෙ ඒකට තමන් කැමති නිසා යයි කියන අවංක අයට මම කැමතියි!!!
කැමතියිකැමතියි
මම බලන් හිටියෙ කවුරුහරි මේ පොස්ට් සීරීස් එකේ මෙන්න මේ වගේ කමෙන්ට් එකක් දායි කියල.
මම හිතනෙ නෑ හැමෝටම අරුණි අක්කට වගේ හයිය, සමාජ අවබෝධය තියෙන හිතක් ඇති කියල. අර අක්කත් අරුණි අක්කගෙ ගොඩට නොවැටුනේ ඒක නිසා වෙන්න ඇති. අධ්‍යාපන මට්ටම් අතරෙ ලොකු වෙනසක් තියනව, ගැටෙන සමාජ මට්ටම් අතරෙ වෙනසක් තියනව. අරුණි අක්කම කියල තියනව තාත්ත මාළු බාල නොදුන්නට මාළු අල්ලන්න කියල දුන්න කියල. එතනත් ලොකු වෙනසක් තියනව. ඒක නිසා මම හිතන්නෙ නෑ එකිනෙකට වෙනස් ලක්ෂ දෙකක වෙනස් පරිසර සාධක, සමාජ සාධක එක්ක ගැටෙන දෙන්නෙක් එකම විදියට ජීවිතයේ තීරණ හන්න ඕන කියල.
ගණිකාවක් ඒ වෘත්තීයේ යෙදෙන්නෙ තමන් ඒකට කැමති නිසාමයි කියන්න එකටත් මගෙ සීයට සීයක එකඟ තාවයක් නෑ. ඒත් අකමැත්තෙන් රස්සාවක් කරන්නත් බෑ, ඒ කියන්නෙ ඔවුන් ඒ වෘත්තීයෙන් යම්කිසි තෘප්තියක් ලබනවා ඇති. ඒකට ඔවුන් ඒ අවස්ථාවේ ඉන්න මානසික තත්වයත් බලපානව. ඇතැම් විටෙක හුදු යාන්ත්‍රික සම්භන්දයකටත්, ඇතැම් විටෙක සංවේදනා සහිත සම්භන්දයකටත් ඔවුන් යනවා ඇති. කොහොම වුනත් මම හිතන්නෙ නෑ ලංකාවෙ මේ වෘත්තීයෙ යෙදෙන කිසිම කෙනෙක් තෘප්තියක් ලැබුවත් එලිපිට ඒක පිළිගනී කියල. මේ මට හිතෙන හැටි මිසක් ඔවුන් ගැන ගැඹුරු අධ්‍යනයක් කරල නොවෙන නිසා මේක සත්‍යම නොවෙන්න ඕනතරම් ඉඩ තියෙනව.
කැමතියිකැමතියි
හිතුවට වඩා දිගට මේ සාකච්චාව යනවා.ඒ වගේම හුගක් වැදගත් කොමෙන්ටුත් තියෙනවා.
අරුණි අක්කේ ඔයා දකින්වා වගේ ලෝකෙ දකින්න හැමෝටමට බැ ඒකට පෙර පිනුත් ඔයා වගේ එක්කෙන්ක්ගේ මග පෙන්වීම තියෙන්න ඔනේ.
ලංකාවේ ඉන්න ලිංගික ශ්‍රමිකයෝ ගත්තෝත් ඉන් හුගක් අය අට පාස් නෑ ඔය ගොල්ලෝ තමා ලිංගික ශ්‍රම වෙලද පොලේ පහලම ස්ථරයේ ඉන්නේ.හුගක් වෙලාවට විදී ඒ වගේ බීච් වල ඉන්නේ ඔය වගේ අය.ඒ ගොල්ලන්ට නිවැරදි මග පෙන්වීමක් ලැබුනේ නැති හින්දයි මේ ත්ත්ත්වයට පත් වෙලා ඉන්නේ.හම්බෙන තුට්ටු දෙක බේබදු මිනිහටයි දරුවන්ටයි වියදම් කලාම ඊලග දවසේ ආයිත් පරන පුරුදු රස්සාවටම එනවා.
මේ ගොල්ලන්ට නිවැරදි මග පෙන්වීම වගේ පවුලේ ඉන්න කාලකණ්නි ටික හොද මගට ගත්තෝත් අනිවාර්යෙන්ම ඔය රස්සාවෙන් අයින් වෙන එක ෂුවර්.මේ ගොල්ලෝ මේක කරන්නේ වෙන මොන විසදුමක්වත් නැති හින්දා කියලා මට හිතෙන්නේ
තව ස්ථරයක් ඉන්නවා උසස් පන්තියේ මේ ගොල්ලෝ මේකට පෙලබෙන්නේ හේතුව හුගක් වෙලාවට ඒ ගොල්ලන් සුපෝගබෝහී ජීවිත රටාවකට හුරු වීම නිසා කියලා මට හිතෙන්නේ.ගමට කීයක් හරි යවලා ඉතුරුටික මේ ගොල්ලෝ වියදම් කරන්නේ තමන්ගේ ජීවින රටාවට.මේ ගොල්ලෝ ලේසියෙන් සාමන්‍ය ජීවිතයට ගන්න බැ.මොකෝ මේ ගොල්ලන්ගේ ජීවින තත්ත්වයට සරිලන විදියට රස්සාවක් දෙන්න බැ.හුගක් වෙලාවට මේ ගොල්ලෝ උගත් රූමත් ඒ වගේම බුද්ධිමත් නෑ කියලා කියන්න බැ.
අනිත් කට්ටිය තමා වක්‍ර ලෙස මේ වට මැදිහත් වෙන අය.සමහර විට ආයතන ප්‍රධානියාට හරි වෙනත් අයට ලිංගික අල්ලස් දීම මත තමා මේ ගොල්ලෝ මේකට පෙලබෙන්නේ.මේ ගොල්ලන්වත් ලේසියෙන් ගොඩ ගන්න අමාරුයි.
මම එකග වෙන්නේ නැ මේ ගොල්ලෝ මේ කරන දෙයෙන් සියයට සීයක් තෘප්තිමත් වෙන්වා කියලා මොකෝ හිතන්න තමන් නිදා ගන්න මිනිහා මොකාද කියලා දන්නේ නැ ඉතින් මේ ගොල්ලන් අතර තියෙන බැදීම නිකම් මුදලාලියි පාරිභොගියා අතර තියෙන බැදිම වගේ එකක්.හැබැයි මින් කොටසක් මම හිතෙන විදියට මේක සාධාරනීකරනය කරලා තෘප්තිමත් වෙනවා වෙන්න ඇති විශෙෂයෙන්ම උසස් තත්තවයේ ලිංගික ශ්රමිකාවන් මොකෝ ඔවුන්ට ඉන්නේ සිමීත නැවත් නැවත පැමිනෙන පාරිභෝගිඅකයන් ඉතින් ඔවුන් සමග මානසික බැදීමත් ඇති කර ගැනීම අසීරු වන්නේ නැ.
කැමතියිකැමතියි
නවම් අයියේ මේ කතාව ගැන නම් කියල වැඩක් නැහැ.උපරිමයි……….. හිතට දැනෙනව නියමෙට.මම නවම් අයියල තරම් වයසක කෙනෙක් නොවුනට මටත් ඔය වගේ දේවල් ගොඩක් අහන්න දකින්න ලැබිල තියෙනවා.ඒත් මට නවම් අයියට වගේ මේ විදියට හිතට දැනෙන්න ලියන්න තෙරෙන්නෙ නැහැ.මොකක් කිවුවත් අන්තිමට ටෙක්නොලජි කෑල්ලක් වැටිලා ඒක චාටර් වෙනවා.ඒ නිසා මම මගේ කතා ලියන්නේ නහැ.ඒත් නවම් අයියා නිසා මගේ ඒ මතක අලුත් වෙනවා.
කැමතියිකැමතියි
මම නම දැක්කම උන්නෙ අපේ අබේසුන්දර ගොයිය ඇවිල්ල කියල, මොකෝ විමසුම ලියන්නෙ උන්දැනෙ. බොලං මම වයසයි කියල කවුද කිව්වෙ ඈ? තාම විසි ගනන්වල අන්තිම ගැට්ටෙ ඉන්න. මටත් මේ ලිවිල්ල එච්චර හොඳට කරන්න බෑ බං. ඒත් ඔන්නෙ ඔහේ ලියනව.
කැමතියිකැමතියි
ඇත්තටම හිතට බරක් දැනෙන කථාවක්.. ඒත් මම අරුණි අක්කගේ කථාවට එකඟයි. මොකද අපි ට කට්ට කන්න පුළුවන් නම්. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවානම්. ජීවිතය ජයගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.
කැමතියිකැමතියි
ඇත්ත, ඒත් හැමෝටම එච්චර ධෛර්යයක් නෑ. අවබෝධයක් නෑ. එහම හැමෝටම පුළුවන් නම් ලෝකෙ මීට වඩා සෑහෙන්න වෙනස් තැනක් වෙන්න තිබුන.
කැමතියිකැමතියි
මේ අක්කා හරිද වැරදිද කියලා තර්ක කලොත් දෙපැත්තටම අදහස් ඕනේ තරම් තියෙනවා …
සමහරවිට මීටත් වැඩියෙන් අසරණ වුන කෙනෙක් මට හම්බවුනා නවම්… මම මෙතන ලියලා තියෙනවා වෙලාව තියෙන වෙලාවක බලන්න…
කැමතියිකැමතියි
අක්කා හරි හෝ වැරදියි කියල තීරණය කරන්න කිසිම වෙලාවක මට හිතිල නෑ. මොකද මම ඒ ජීවිතේ ගැන දන්නෙ බොහොම පොඩ්ඩයි. එක පැයක දෙකක කතාබහකින් මිනිස්සු විනිශ්චය කරනැක මහ අපරාදයක්. ඒ මොනව උනත් අක්ක තමන්ගෙ හිතත් එක්ක එයා කරන දේ සාධාරණීයකරනය කරගෙන තිබුන කියලයි මටනම් හිතුනෙ.
කැමතියිකැමතියි
නවම් ලස්සන කතාවක් ලියල තියෙනව. හැබැයි හැමෝම කමෙන්ට් කරන්නෙ කතාවෙ හොඳ නරක ගැන නෙවේ. ටිකක් අයාලෙ යනව වගේ. ඒ නිසා මාත් ඒ පැත්තටම කතා කරන්නම්.
ඕක ලෝකෙ පැරණිම රස්සාවනෙ. බුදුන්ගෙ කාලයෙත් හිටිය අම්බපාලි කියල කෙනෙක්. එයාලට කියන්න නගර ශෝභිනියො කියල. නගරය අලංකාර වෙන්නෙ එයාල නිසා. එයාල ළඟට යන්න පුළුවන් උණෙත් රජවරු , සිටුවරු වගේ අයට විතරයි.
අමරසිරි පීරිස් මහත්තයගෙ සිංදුවෙන් කියවෙන විදියට තමන්ගෙ අම්ම තාත්තවත් නෑකම් නොකියන ජාතියක්. කැමැත්තෙන්ම ඔය රස්සාව කරන කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ.
එයාල කරන්නෙත් සේවයක්. ඉල්ලුමට සැපයුම.
හරක් මරන නිසා , මිනිස්සු මස් කනව. මිනිස්සු හරක් මස් කන නිසා හරක් මරනව. ඒවගෙ.
අන්තිමට පොලිසියට කොටුවෙන්නෙත් ගැහැණියමයි. පිරිමියා හැම වෙලාවෙම සුද්ධවන්තයි.
කැමතියිකැමතියි
එක එක්කෙනාගෙ දෛවය වෙනස්. ඇඟ විකුණන එක ගොඩක් අය කැමැත්තෙන් නොකරන බව විශ්වාසයි. ඒත් තමන්ගේ ඉරණම අනුව අනෙකුන්ගේ ඉරණම විනිශ්චය කරන්න ගියොත් එහෙම සිතුවිලි පහල වෙන්න පුඵවන්. වැඩි හරියක් එහෙම නිගමන වලට බැස ගන්නෙ සමාජයේ උසස් හෝ දැන උගත් අයයි. මන්ද ඒ අය සැම විටම සමාජ ප්‍රතිරූපයක හෝ උගත්කමක් විසින් හසුරවන ලබන්නවුන් පමණක් බැවිනි.
එහෙත් මේ තත්වයට ඇද වැටෙන්නට සිදුවන ඉරණමට තමන් ගොදුරු නොවීම සහ ඉන් කෙසේ හෝ වැලකීමට තමන්ට හැකියාව ලැබීම යන කරුණු පදනම් කරගෙන තමන් නිවැරැදි බව සහ තමන් නොවැටුණු තැන වැටී සිටින්නන් වැරැදිය යන නිගමනයට එළඹීම ස්වෝත්තමවාදී හිතඵවක් මිස මනුෂ්‍යත්වය හෝ සමාජයේ අරයේ සිට පරිවාරය දැකීමක් නොවේ.
පුද්ගලිකව මම මෙම වෘත්තිකයින් පහත් යැයි නොසිතමි. එසේම ඔවුන් වැරැදි යැයිද නොසිතමි. එහෙත් ඔවුන් වැටී සිටින තත්වයට නොවැටුණ අය පවසන දේට වඩා ඒ තත්තවයට නොවැටී සිටින්නට නොහැකි වූ ඔවුන්ගේ හදවත් තුළින් පමණක් ඔවුන්ව දකින්නට වෙහෙසෙමි.
ඒත් ඇඟ නොවිකුණන තත්වය ඉක්මවා ගිය ලෙස සතුටු වෙන බොහෝ සමාජයේ වැජඹෙන ප්රතිරූපයන් මනුෂ්‍යත්වයම විකුණන හැටිත්, සමාජයටම හානිකර වූ වටපිටාවක් සකසමින් පවතින බවත් ඔවුන්ට නොපෙනුනද බොහෝ අය පෙනෙති. ඉතින් උසස් වන්නේ හෝ පහත් වන්නේ මොනදේද යන්න නිගමනය කල යුත්තේ සැබැවින් දකින්නාය.
කැමතියිකැමතියි
නවම් අයියේ .ඔයාගේ කටුනායක කතා මාලාව නියමයි . . ඔයා ගෙන්දගම් පොලවට බැහැපු කාලේ විඳගත්ත කටුක අද්දැකීමක් අකුරුවලට හරපු හැටි පුදුමයි නවම් ..
ඔයා ලියලා තියන අක්කලා . දෙවර්ගයක් ඉන්නව කියන එකත් මම මතක් කරන්න කැමතියි . එක වර්ගයක් තමන්ගේ නැතිබැරි කම අසරන කම නිසා . සුලඟට ගහගෙන ඇවිල්ලා . පාරේ තැන තැන රැඳිලා ඉන්නවා . උං ගැන හදවතින්ම දුක් වෙනවා
අනෙක් වර්ගය .
” මල්ලි යමුද ?”
“අපෝ බෑ වද නොදී යනවද ! ”
“නොදකින් මූ වගේ පො***යෙක්”
අන්න දෙවැනි වර්ගේ කට්ටිය ..
කැමතියිකැමතියි
පින්ග්කිරීම: ජීවිතය සොයා කටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස « නවම් මාවත
කතාව කොහෙන්දෝ මම දැක්කම කියවන්න කියලා බල කලා වගේ උනා. මම හිතන්නේ අරුණිගේ බ්ලොග් එකෙන් වෙන්න ඕනේ මම ආවේ. ඒත් කියවලා කොමන්ට් එකක් නොදාම යනවා කියලා හිතුවට අරුණිගේ කතාවට ඒක ඉඩ දුන්නේම නෑ.
අරුණි කියන දේ මාත් කියනවා. කොටින්ම අපි ජීවිතේ ගොඩාක් අගහිඟකම් එක්ක ඉදිරියට ආව අය. ඒත් එකම වෙලාවක වත් ඇඟ විකුනලා සල්ලි හොයන්න හිතිලා නෑ.
ඒ අය වගේ අය ගැන කොටින්ම මටත් තරහක් තියෙන්නේ. ඒත් අද තව වෙනකම්වත් මට ඒ මිනිස්සු දිහා වැරදි කෝනයකින් නම් බලන්න හිතිලා නෑ.
මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මගේ අල්ලපු ගෙදරට නිතර ආවේ සමාජ පිලිගැනීමක් තියෙන කෙනෙක්. මුදල් යහමින් තියෙන කෙනෙක්. ඒත් එයා මගේ අල්ලපු ගෙදරට ආවේ ඔය වගේ රස්සාවකට. කොටින්ම කියනවා නම් මට අදටත් ඒක මතක් වෙද්දි දැනෙන්නේ හිරිකිත බවක්. ඔය සමාජේ ඔය වගේ දේවල් කරන්නේ අනෙ කියලා ලොකුවට කෑගහන උන් තමයි ඔය වගේ දේවල් කරන්නේ… කොටින්ම මේ කියන කෙනාට දෙන්න සමාවක් මට නම් අදටත් හොයා ගන්න බෑ. …
කැමතියිකැමතියි
පින්ග්කිරීම: කැඩුණු පුටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස « නවම් මාවත