ජීවිතය සොයා කටුණායක ගියෙමි [හිත රිදවූ සමු ගැනීම] – අවසාන කොටස
මාර්තු 9, 2011 ප්‍රතිචාර 42
ජීවිතය සොයා කටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
ජීවිතය සොයා කටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
ජීවිතය සොයා කටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස
බුදු අම්මෝ…. මොකාද යකෝ…. #&8+^#4$%
පහුවදා උදේ පාන්දර මොකෙක්ද එකෙක් බෙරිහන් දෙන සද්දෙට මං උඩගිහිල්ල ඇහැරුනා. තව එක අඩි බාගයක් උඩ ගියානං කාමරේ කොන්ක්‍රීට් ස්ලැබ් එකේ වදිනව මගෙ ඔළු ගෙඩිය. මායි නාලකයයි බුදිය ගත්තු තට්ටු ඇඳේ උව තට්ටුවෙ ඉඳල ස්ලැබ් එකට අඩි හතරක්වත් නෑනෙ. වට පිට බැලුවට මෙලෝ මඟුලක් පේන්නෙ නෑ. අර වේලාසන බැනපු එකා තවමත් මර අඬ දෙනව. එහා පැත්ත හැරිල බැළුව නාලකයත් නෑ ඇඳේ.
අර සද්දෙ අස්සෙන් තව කවුරුහරි, අනේ මචං දැක්කෙ නෑ බං සොරි වෙයන්කො කියල නාහෙන් අඬනව.
මොකද යකුනේ කෑගහන්නෙ, නිදාගන්න දීපල්ල බං
ඔය ලයිට් එක දාහං ඇඳේ යට තට්ටුවෙ එකෙක් කෑගහනව.
ඒක තමයි බං මං මේ කරන්න හදන්නෙ, සුවිච් එක කොහේද බං තිබුනෙ ?
එක විකාරයයි දැං කාමෙරේ. එකෙක් බෙරිහන්දෙනව, තව එකෙක් නාහන් අඬනව, තවත් එවුන් එක එක මඟුල් කිය කිය කෑගහනව. හුන්ඩුවක් විතර කාමරේ මේ සේරම සෙල්ලං නිකං අර ලබ්බෙ තොයිලෙ වගේ.
ආ ……හරි හරි අහු උනා ! කියල කවුරු හරි ස්විච් එක ඔන් කලා.
මගෙ මූණ රත් වෙලා ගියා වගේ, කණ පැත්තෙන් හෙන එලියක් එනව. බැලින්නං බල්බ් එක මගෙ වම් කනට අඟල් තුනක් විතර එහායින්.
ඇඳේ ඉඳගෙනම පල්ලෙහාට එබිල බැළුව, අප්පට සිරි ඊයෙ රෑ බිම බුදියගත්තු එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන ඉන්නව නිකං යකා ගහල වගේ. නාලකය ඌට වඳින්නෙ නැතුව විතරයි. විස්තරේ හොයල බැලින්නං කට්ට කළුවරේ නාලක තට්ටු ඇඳෙන් බැහැල බිම කියල හිතල කකුල තියල තියෙන්නෙ බිම නිදාගෙන උන්න එකෙක්ගෙ මූණ උඩට. උගෙ නහයයි කටයි දෙකම මුගෙ පාදස්පර්ශයෙන් තුවාල වෙලා.
දඩිං දඩිං .. !!
මොකද මචං, ඇයි ඇයි අවුලක් ද?
මොකෝ මල්ලි සතෙක් සර්පයෙක්වත් ද කාමරේ?
අපේ සද්දෙට බය වෙලාද කොහෙද කවුද සෙට් එකක් දොරට ගහනව.
නෑ නෑ අවුලක් නෑ, පොඩි ඇක්සිඩන්ට් එකක් කියල අපි කාමරේ දොර ඇරිය.
හෙන සෙට් එකක් දොරකඩ, සරං කැහැපට ගහගත්තු උන්, තුවා කරේ දාං දත් මැද මැද ඉන්න උන්, වලං, සාස්පාන්, අරං තව කෙල්ලො සෙට් එකක්. සමහර කෙල්ලො ගගා උන්න පොල් බෑයත් අරං ඇවිල්ල එබිකං කරනව කාමරේට. උය උය ඉන්නගමන් සද්දෙට ඇවිල්ලද කොහේද. ඒ අතරෙ සෙට් එකෙන් එකෙක් කාමරේ ඇතුලට ඇවිල්ල විස්තරේ එහෙම බලාගෙන,
හරි හරි, නංගිල, කිසි අවුලක් නෑ. ආපහු පලයල්ල බං කුස්සියට, මේක මේ සිම්පල් කේස් එකක් කියල සෙට් එකම විසුරවල දැම්ම.
අපිත් අර මූණ පොඩිකරගත්තු එකාගෙ මූණ එහෙම හෝදල පිලිවෙලක් කලා. ඒච්චරම අවුලක් නෑ. නහය රතුවෙලා උඩු තොල තඩිස්සි වෙලා විතරයි.
ඒත් ඌ නාහෙන් අඬනව, බලහංකො ඉස් ඉස්සෙලම රස්සවකට යන්න ඇහැක්ද බං මෙහෙම. මළ ගෙදරකට ගියත් එලවගන්න සයිස්නෙ බං මගේ මූණ. කෙල්ලක්වත් සෙට් කරගන්න වෙන්නෙ නෑනෙ බං ෆැක්ටරි එකෙන්. නාලකයා මට තෝ කෑවත් මදී යකෝ !
යාන්තං ඌවත් පවුඩර් දාල සනසල සෙට් එකම ලෑස්ති වෙලා හා හා පුරා කියල රස්සාවට යන්න අර අසරණයවත් ඉස්සර කරන් එලියට බැස්ස.
නිකං බෝඩිමේ මිදුල මල් වත්ත වගේ, පාට පාට කෙල්ලො එකා දෙන්න කමර වලින් එලිට එනව. ඒ අස්සෙ කොල්ලො දෙතුන් දෙනෙකුත් නැත්තෙම නෑ. කොච්චර විච්චූර්ණ කලත් හැම කෙල්ලෙක්ම එකම මොඩ්ල් එකේ. රැළි දාපු කොට සායයි ටී ශර්ට් එකයි හෑන්ඩ් බෑක් එකයි කුඩෙයි.
ඒ අය අස්සෙන් තඩි ට්‍රැවලින් බෑග් එකක් අරන් ඊයෙ රෑ කතාකරපු අක්කත් එනව ඉස්සරහට. එයා ඇඳුමෙන් පැළඳුමෙන්, බැල්මෙන්, ඇවිදින විදියෙන් කතාවෙන් එතන උන්න හැම කෙල්ලෙක්ටම වඩා වෙනස්. කලින් දවසෙ රෑ පාරෙදි හම්බුවෙනකොට වගේ නෙමෙයි ජීන්ස්, ටී ෂර්ට්ස් ඇඳල.
හානේ මල්ලිල දැන්ද යන්නෙ?
ඔව් අක්කෙ, අක්ක දැන් කොළඹ යනවද?
ඔව් මල්ලි, තව පොඩ්ඩකින් මම දන්න අඳුරන වාහනයක් එනව, ඒකෙන් යනව. මේ බෑග් ඔක්කොම උස්සන් බස් වල යන්න අමාරුයිනෙ.
මේ මොකෝ මල්ලිගෙ මූණ ඉදිමිලා..
නෑ අක්කෙ අද උදේ පොඩි ඇක්සිඩන්ට් එකක උනානෙ මූණ පෑගිලා.
අම්මෝ ඇති ඔයින් ගියා. මුකුත් ගෑවෙ නැද්ද ?
මොකව ගාන්නද අක්කෙ, බෙහෙත් මුකුත් ගෙනාවෙ නෑ නෙ අපි එනකොට.
ඉන්න මම ගාව ඇති බඩුවක්, කියල අක්ක බැග් එක ඇරල අරන් දුන්න හරියට ලිප් බාම් ස්ටික් එකක් වගේ එකක්.
මේක ගාගන්න මල්ලි, ඉක්මනට ඔය ඉදිමුම බහී. රස්සාවට ඉස් ඉස්සෙල්ලම යන දවසෙ පිළිවෙලකට යන්න ඕන නෙ.
අක්කත් එක්ක කතා කරන අපි දිහා අනිත් කෙල්ලො, කොල්ලො අමුතු විදියට බලාගෙන අපිවත් ඉස්සර කරන් යනව. ඒත් ඒක අපි එක්කෙනෙක්ටවත් ගානක් උනේ නෑ.
මම මල්ලිල එක්ක කතාකරනව වෙන අය දැකොත් මල්ලිලටමයි හොඳ නැත්තෙ. මල්ලිලට පරක්කු වෙනවත් ඇතිනෙ. මමත් තව පොඩ්ඩකින් වාහනේ ආවම යනව. මල්ලිත් පරිස්සමින් යන්න කියල කිව්ව.
අපි ඔක්කෝටම අක්ක යනකන් එතනටම වෙලා ඉන්න ඕන උනත් එයා කියාපු විදියට ඒකට විරුද්ධ වෙලා ඉන්න හිතුනෙ නෑ.
එහෙනං අපි යනව අක්කේ. කොහේ ගියත් පරිස්සමින්.
එච්චරයි අපිට කියන්න ඉතුරු වෙලා තිබුනෙ. ඒ වෙනකොට අක්කගෙ රස්සාව මොකක්ද කියල අපි හැමෝටම තේරිලා තිබුනත් කිසිම පිළිකුලක්, කේන්තියක්, මහ ජරා ගෑණියෙක් කියල කොහෙත්ම හිතුනෙ නෑ. ඒ අපි හයදෙනා වගේම ජීවිතේ හොයාගෙන ආපු කෙනෙක් කියන සිතුවිල්ල විතරමයි හිතේ තිබුනෙ.
මචං…
අපි නැවතුනා. අපිට බෝඩිම හොයල දුන්න බුද්ධික අයිය.
උඹල දන්නවද අර ඉස්සෙල්ල උඹල අක්ක අක්ක කියල කතාකලේ මොන ජාතියෙ බඩුවකටද කියල ?
ඔව් බුද්ධික අයියෙ.
එහෙනං මේ ඉස් ඉස්සෙල්ල සුභ ගමනක් යන්න තියාගෙන මොන මඟුලකටද බං කතාවට ගියේ, දැං උඹල මුළු බෝඩිමටම නෝන්ඩියි. ඊයෙ රැ උඹලගෙ කාමරේටත් ආව නේද නයිටිය පිටින්. ලැජ්ජ නැද්ද බං.
නෑ බුද්ධික අයියෙ, ඒ මගේ අක්ක ! නාලක කිව්ව.
අපි පස් දෙනාම උගෙ මූණ බැලුව. ඒ මූණෙ හරිම ආඩම්බර හිනාවක් තිබුන.
ඒත් එක්කම කළුපාට පැජරෝඑකක් පාරෙ දූවිලි අවුස්සගෙන අපිව පහුකරන් වේගෙන් ඉස්සරහට ගියා.
ජීවිතය සොයා කටුණායක ගියෙමි – නිමි !
ප/ලි : මම කොච්චරවත් ඕන උනා මේ සීරීස් එක තුවෙනි කොටසින් ඉවරකරල දාන්න. ඒත් මේ අන්තිමට වෙච්ච දේත් නොකියා ගියොත් හිතට මදී වගේ කියල හිතුන.
නාලකයා එල කොල්ලෙක්නේ පස්සේ කොමෙන්ටුවක් දාන්නම් දැනට ගියා
කැමතියිකැමතියි
ලස්සන එහෙත් ජිවිතයේ යථාර්තය කියා දුන් කතා මාලාවක නිමාව….
ඇත්තටම මේ කතා ටික මාරම වටිනවා අයියා. ඒ වගේ තමයි අයියා ලියන ස්ටයිල් එක නම් කියලා වැඩක් නෑ. එල
අරූට නම් මාරම වැඩේ නේ වෙලා තියෙන්නේ. මතක් වෙද්දිත් හිනා. ඒ උනාට පව්. ආහ් තව දෙයක් අහන්න ඕනා. අයියා අර අක්කා එදා ද කොලඹ යන්න පිටත් උනේ ?
කැමතියිකැමතියි
ඔව් මදුරංග ඒ තමයි හිටියට වඩා සුන්දර ජීවිතයක් හොයාගෙන කොළඹ ගිය දවස.
කැමතියිකැමතියි
අනේ මන්දා ඉතින් සමරු කියනවා කරන්න වෙන දෙයක් නැති හින්දා කරනවා කියලා ….
තව කට්ටයක් කියනවා බලෙන් ඇදලා දැම්මා කියලා …
තව කට්ටයක් සතුටින් කරනවා ….
කතාව කොටස් කලට ඒ ඒ දවසේ ඒ ඒ කොට කියෙව්වා ….
කැමතියිකැමතියි
වෘතීයේ නියැලීමේදී තෘප්තියක් ලැබීමත්, තෘප්තිය උදෙසාම වෘත්තීයේ නියැලීමත් දෙකක්. ඔතන තියෙන්නෙ වෘත්තීයේ නියැලීම පිළිබඳ ගැටළුවක් නෙමෙයි. ඒ වෘත්තීය ආගමික හා සමාජීය හරයන් එක්ක සමපාත නොවීමේ ගැටළුවක්. එහෙම නැතුව ගණිකාව මෙන්ම අනෙකුත් රැකියා කරන්නන් සිදුකරන්නෙත් තම ශාරීරික හා මානසික ශ්‍රමය ලබා දී ඊට සරිලන මිලක් ලබාගැනීම. ගණිකා වෘත්තීය පහත්, දුකක් සහිත දෙයක් කියල හිතනකන් ඒක ගැන තියන අනුකම්පාසහගත හෝ වෛරී දැක්ම වෙනස් වෙන එකක් නෑ. එතකන් හැමදාටම මේ වගේ විවාද තියෙයි. ඒත් ඊයෙත් අදත් පැවති ගණිකාව හෙටත් පවතීවි.
කැමතියිකැමතියි
වැප්, ඔයා කියන // කරන්න වෙන දෙයක් නැති හින්දා, බලෙන් ඇදලා දැම්ම නිසා, සතුටින් කරන නිසා// යන සියල්ල අතරින් තමන්ට අවශ්‍ය උවමනාව සපුරාගන්න ඔවැන්න කරනවා කියලා යැයි මම නම් කියන්නෙ!!!
සමාජයෙ අපි හාමුදුරුවරු අපචාර කරනවා දකින්න කැමති නැහැ. ඉතින් අහුවුනාම ඒවා සත්‍යය යැයි විශ්වාස කරන්නෙ නැහැ අහුවෙච්ච එකා විතරක් මානසික ලෙඩෙක් කියලා යට ගහන්න කැමැත්ත වැඩියි. අපේ කාන්තාවෝ අපි හිතන විදියට පමණක් ගුණ යහපත් කියන මතය වෙනස් කරන්න කැමැති නැහැ. ඒක වහගන්නෙ දුප්පත්කම හේතුවක් හැටියට දාලා.
ලැජ්ජා වෙන්න ඕන දේවල් වලට නෙමේ අපි ලැජ්ජා වෙන්නෙ.
කැමතියිකැමතියි
මචන් කතා ටික නං මාරම ලස්සනයි..
නාලක නම් එළම කොල්ලෙක්.. අනිත් කොටසත් ලියනකං බලං ඉන්නවා..
කැමතියිකැමතියි
ස්තූතියි තරිඳු, හැබැයි මේක තමයි මේ සීරීස් එකේ අන්තිම එක
කැමතියිකැමතියි
අපි පොළවෙ පයගහල ඉන්නෙ කියල හිතුවට ඇත්තටම පොළවෙ පයගහල ඉන්න මනුස්සයෙක්ව හම්බුනාම අපි අහසින් පොළොවට ඇදගෙන වැටෙනවා එක පාරටම. ඒ සමුගැනීම නම් මගෙත් හිත සෑහෙන්න රිදෙව්වා.
කැමතියිකැමතියි
පිණිබිඳු,
“අපි පොළවෙ පයගහල ඉන්නෙ කියල හිතුවට ඇත්තටම පොළවෙ පයගහල ඉන්න මනුස්සයෙක්ව හම්බුනාම අපි අහසින් පොළොවට ඇදගෙන වැටෙනවා එක පාරටම.”
ලස්සන කියමනක් ! 😀
කැමතියිකැමතියි
මුල ඉදල අගටම කියෙව්ව… හිතට දැනෙන හිතට වදින කතාවක්… සමාජෙ අපි හැමොම පහත් විදියට සලකන ජීවිත දිහා අලුත් ඇසකින් බලපු හොද කතාවක්.. ලියන ස්ටයිල් එකත් නියමයි. ඔහොම යමු
කැමතියිකැමතියි
ස්තූතියි ගුණේ
කැමතියිකැමතියි
[said]
එහෙනං මේ ඉස් ඉස්සෙල්ල සුභ ගමනක් යන්න තියාගෙන මොන මඟුලකටද බං කතාවට ගියේ, දැං උඹල මුළු බෝඩිමටම නෝන්ඩියි. ඊයෙ රැ උඹලගෙ කාමරේටත් ආව නේද නයිටිය පිටින්. ලැජ්ජ නැද්ද බං.
නෑ බුද්ධික අයියෙ, ඒ මගේ අක්ක ! නාලක කිව්ව.
[/said]
🙂
කැමතියිකැමතියි
😀
කැමතියිකැමතියි
මුලු කතා සීරීස් එකෙන්ම හොඳටම හිතට වැදුනෙ අන්තිමට නාලක කිවුව එක තමා
කැමතියිකැමතියි
ඔව්. අපි පස්දෙනාට මූ ගැන පුදුම හිතුන මෙහෙම එකක් කිව්ව එක ගැන. ඒත් ඌ හරි දේ හරිම වෙලාවට කිව්ව.
කැමතියිකැමතියි
ලස්සනට කථාව ගෙනැල්ලා තියනවා වදිනම තැනකට…
කැමතියිකැමතියි
ස්තූතියි තිස්ස අයියෙ !
කැමතියිකැමතියි
තව ලියන්න තිබුනේ පාට කණ්නාඩි දාගේන් ඉන්න අය ගෑන..
කැමතියිකැමතියි
ඉස්සරහට තව දවස් තියනවනෙ ඉලන්දාරියො. බලමුකො ඒවත් ලියවෙයිද කියල
කැමතියිකැමතියි
ලියන ස්ටයිල් එක ගැනනම් ආයෙ කියලා වැඩක් නෑ… පට්ටයි…..
කැමතියිකැමතියි
ස්තූතියි අනුරධ 🙂
කැමතියිකැමතියි
මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ, 😦 කගේ වරදින් උනත් ඒ අසරණ උන ජිවිත් අපරාදේ , හිතට වදින කතාවක් ගෙනාවට ස්තුතියි
කැමතියිකැමතියි
සිද්ද වෙන දේවල්, සිද්දවෙච්ච දේවල් කාගෙවත් වැරැද්දකට වෙච්ච දේවල් නෙමෙයි. ඒ ඒදේවල්වල හැටි. පැවැත්ම. ඒත් ඉතිං අපි අව්වට වැස්සට දෙකටම අහසට බනින ජාතියක්නෙ. කාගෙ හරි පිටේ වැරැද්ද පැටෙව්වම ජීවත්වෙන්න ලේසියි. ඒකයි මේ ඔක්කොම.
කැමතියිකැමතියි
මෙතන වරදක් විදිහට මන් අදහස් ඒ අක්කට කාත් කවුරුත් නැති එක ගැන
කැමතියිකැමතියි
එක දවසක සිදුවීම් දිහා බැලුවහම ලොකුු කම්පනයක් ඇතිවෙනව. ඒත් අපේ ජීවිත, සමාජය කාලයත් එක්ක වෙනස් වීම බැලුවහම, ඒවා සුළු දේවල්.
ඔය අක්කා සමාජයේ අනිවාර්ය , මග හැරිය නොහැකි, විෂ ප්‍රතිපලයක්. (necessary evil) ඒත් එක්කම ඒ සමාජයේම අවශ්‍යතාවයක්.
මුළු කටුනායකමත් එහෙමයි – necessary evil.
කැමතියිකැමතියි
කතන්දර දකින්නෙ විෂ ප්‍රතිඵලයක් හැටියට.
ඒත් කැමති අයකුට තම ඇඟ විකුණලා සල්ලි උපයාගන්න හැකියාව ලබාදීම ‘විෂ ප්‍රතිඵලයක්’ වෙන්නෙ ඊට නීතිගතව තමන්ගෙ ව්‍යාපාරයක් හැටියට කරගෙන යන්න අවසරය හා කැමති මුදලක් අය කරගන්න ඉඩක් නැත්නම් පමණයි.
රූප සුන්දරියක් තම රූපය පෙන්වලා ගාණක් උපයා ගන්නවා. නිළියක් තම රංගනය පෙන්වලා ගාණක් හොයාගන්නවා. ඉංජිනේරුවරියක් හෝ දොස්තරවරියක් නැත්නම් වෙනත් වෘත්තියක කාන්තාවක් තම මොළය වෙහෙසලා ගාණක් හොයාගන්නවා….. වෙශ්යාවකට කැමැත්තෙන් කරන්න ඉඩ ඇති සමාජයක, තම ‘හැකියාව’ විකුණලා ගාණක් හොයාගන්න අවසරය නැත්තේ ‘ඊනියා සදාචාරත්වය’ නිසා ද?
කැමතියිකැමතියි
lasssna kathawak aiye..okkoma tika kiyewuwa…
කැමතියිකැමතියි
නවම් මල්ලී, //ලබ්බෙ තොයිලෙ// හුඟ කාලෙකට පස්සෙ ඔය කියමන දැක්කෙ. අද ඉන්න මල්ලිලා නංගිලා, දූලා පුතාලා, තොයිල් දැකලා තියෙනවා ද? ලබු දැකලා තියෙනවා ද?!!! 🙂
කැමතියිකැමතියි
හරි අනුවේදනීය කතාවක් නවම්. තිත්ත වුනත් ඕක තමයි ඇත්ත…
කැමතියිකැමතියි
කථාව නම් සුපිරියි….කියලා වැඩක් නෑ, අපිට පුළුවන් ලැම දිහා නොබලා ළය දිහා බලන්න, නමුත් මේ subject එක ඇර වෙන විකල්ප නැතිවම නොවේ නේද..
කැමතියිකැමතියි
ඇත්තටම හරිම අනුවේදනීය කතාවක්… හැබැයි නාලක් කිව්වදේටනම් මම කැමතියි…. 🙂
කැමතියිකැමතියි
මට නං නිකං අවුල් වගේ දැනෙනවා..කටුනායක පැත්ත්තෙ ගිහින් ආවනං හොඳයි වගේ….
කැමතියිකැමතියි
අඩුම ගානේ ඒ අක්කාව කොළඹ එක්කන් යන්න පැජරෝ එකක් ආවා…
ෆිල්ම් හෝල් එකක ටිකට් ගන්නවත් සල්ලි නැති හිඟන්නෙක් එක්ක කඩ ලෑල්ලකට හේත්තු වෙලා වැඩේ ඉවර කරලා දීලා ගනුදෙනුව බේරගන්ඩ වෙන අක්කලත් ඉස්සර ඔය කටුණායකම ඉඳලා තියෙනවා…
කැමතියිකැමතියි
කවුද දන්නේ කතාව මේ වගේ වචනෙකින් ඉවරවෙයි කියලා . සුපිරි අවසානයක් නවම් .
අනුන්ගේ හිත් අඳුරගන්න අපිට පුලුවන්නම් ඒ අයගේ හිත් වල දුක්බර බව අපිට වටහා ගන්න පුලුවන් . එතනින් පස්සේ ඒ අයගේ ජීවිත වල සැබෑ තත්වය වටහා ගන්න පුලුවන් . අනිත් මිනිස්සුන්ගේ හිත් තේරුම් ගන්න මනුස්සයා උත්තරීතර මනුස්සයෙක් . හරියට නාලක වගේ !
කැමතියිකැමතියි
මට මේ කතාව කියෙව්වම මම ඉස්සර බලපු කතාපොතක් මතකෙට එනවා…මීට වඩා හොද අවසානයක් දෙන්න බෑ තමා මේවගේ කතාවලට…
කැමතියිකැමතියි
ඈඩෙනව බන්.
අඩල ඵ්තනින් නතරවෙනවද මිනිස්සුන්ව සත්තු කරන් මේ සිස්ටම්ඵ්ක උඩුයටිකුරු කරන්න හිතාගන්නවද කියල හිත්පල්ලා.
කැමතියිකැමතියි
නාලකයට කියහන් මම ඌට පහක් දැම්ම කියල.
කැමතියිකැමතියි
අනිවා ! ඌ මේක කියවනව
කැමතියිකැමතියි
නාලක කියපු දේ සෑහෙන්න අගය කරනවා….
සංවේදී කතාවක් නවම්…
කැමතියිකැමතියි
පින්ග්කිරීම: කැඩුණු පුටුවෙන් හෙලිනොවූ නීතාගේ හා ඇන්ටාගේ රහස « නවම් මාවත
hadawathe gaburuma tannin mokkado maha pudumakara wedanawak dannawa bro……………
කැමතියිකැමතියි