කුහකයා සහ අසහනේ


ඔහොමද බූරුවො ආදරේ කරන්නෙ,
උඹලා ඔය මොනවද කරන්නෙ,
බස් එකේ මුල්ලෙ තුරුළු වෙලා
සෙනඟ දිහා හොරෙන් බලං

පාක් එකේ කාක් වසුරු අස්සෙ
ගෙවිච්ච රබර් ක‍ටු දෙක තට්ටමට තියං
ගහක් යට වාඩිවෙලා කුඩෙං වහං
ඔහොමද යකෝ ආදරේ කරන්නෙ

තොපි අහල නැද්ද ආදරේ පූජනීයයි කියල
ප්‍රේමය රාගයෙන් තොරයි කියල
නිසි වයසට එනෙකං හි‍ටු
තොපිලට කුලප්පුව

වරෙව් මං එක්ක පෝලිමේ
අද දෙන්නං තොපි සේරටම
ටවුම මැදිං සෙනඟ අස්සෙන්
යමව් ගෙවල් වලට කියල බන්දල දෙන්න
කාලකණ්නි හැත්ත

මොකෝ බොල ‍තෝ අඬන්නෙ
හුජ්ජ ගියැයි කලිසමේ
ඒපාර මේකිත් අඬන්න තියාගත්ත
මොකෝ තොට මාරු උනැයි මෙතනම

යකෝ හරි වයස එනකං ඉවසල හි‍ටු
මේ මං උන්නෙ, එකියෙක් දිහා නෑ ඇහැක් ඇරල බැලුවෙ
තොපිලට අසහනේ,
ඒකයි මේ හෙණේ !

Advertisements

47 Responses to කුහකයා සහ අසහනේ

  1. Ravi says:

    අම්මප තොපිට නම් හෙණ ගහනව,
    බලාපියව් යකුනේ,
    තොපිලගෙ මෙ අවලං වැඩ අල්ලන්ඩ ආව නිසා,
    මගෙ රාජකාරි කීයක් නම් පාඩු උනාද?

    අද මම හිතාගෙන හිටියෙ,
    අර කුඩු ගෙන්නන මන්තිරිය කූඩු කරන්ඩ,
    ඇමතිගෙ ගෝලයගෙ කසිප්පු අල්ලන්ඩ,
    අර ටවුමෙ කඩ වලින් කප්පම් ගන්න එවුන්ගෙ අඬු කඩන්ඩ,
    අර කුලියට මිනී මරන එකා කූඩු කරන්ඩ,

    ඒ කිසිදෙයක් කරගන්ඩ බැරි උනානෙ උඹලගෙ මේ මඟුල නිසා,
    අම්මප, මේ රට අර ආසියාවෙ මොකක්ද එක කරන්ඩ බැරි උඹල හින්දම තමයි,

    කැමතියි

  2. ඒ….නවම් අයියේ…කොහේද බොල ඉදියේ…
    අපි කොරන වැඩ දැන ගත්තේ කොහොමෙයි….අනේ මීට පස්සේ මෙහෙම ලව් කොරන්නේ නෑ,,මම වයස එනකල් ඉවසලා ඉන්නම්…කාටවත් කියන්න එපා..
    ඔව්..මට අසහනේ තමා :))

    කැමතියි

  3. මං මුළු කවියටම (වගේ එකට) ආසයි, ඒත් බං අර අන්ති​ම කවිය වගේ එකේ දෙවෙනි පේලියට නම් ආසාම නැහැ.. අපි නොදන්නවැයි උඹගේ තරම….

    කැමතියි

  4. කලු මල්ලි says:

    ඕකට අපේ ලොක්කො නම් කොයන්නෙ “කිචිය” කියල…ඉලව්වේ කිචිය ..

    කැමතියි

  5. kumaraya says:

    උන් දුප්පත් නිසානෙ ඔහොම වෙන්නෙ.
    සල්ලි තිබුණ නම් උනුත් වැදගත් විදිහට ලව් කරාවි…

    කැමතියි

  6. ඔය සිද්දියම 2001 මාතර බීච් එක අයිනෙ හිටපු අහිංසකයො ටිකකටත් උනා නෙවැ….

    කැමතියි

  7. dinesh says:

    නොදෝමකින් ඔය ජරා හැත්ත.
    නිසිවයසට එනකන්……හුහ්….එතකොට teen ආතල් දෙන්නෙ පොලිසියෙන්ද??
    මටනම් බල්ලන්ගෙනුයි,පොලිසියෙනුයි මාර අපලයක් තිබුනෙ ඒදවස්වල.
    උඹේ කවි ටිකනම් මසුරං මචං.

    කැමතියි

  8. dinesh says:

    ඒ….වැරදුනා.මෙව්ව කවියැ……හික්…..”අදහස් ටික”

    කැමතියි

  9. abeetha says:

    ඇයි දිනේශ්, ඇතුගල…. ඇතුගලටත් සුමාන දෙකකට සැරයක් පොලිසියෙ මහත්තුරු එනවා පෙමතුන් හොයන්න….. එක පාරක් නම් කාලා ගියේ….

    කැමතියි

  10. මට කවද හරි දෙවියන්ගෙන් වරයක් හම්බ උනොත් මුලින්ම කරන්නෙ ලංකාවෙ පොලිසි ඔක්කොම වහල දානවා………….

    කැමතියි

  11. budhajeewa says:

    “තොපිලට අසහනේ,
    ඒකයි මේ හෙණේ !”

    Note the word “තොපි”. It is the most important point of this! Think again, who has “අසහනේ”? They or Him?

    කැමතියි

  12. අම්මෝ නවම්ගේ සැර…
    කතාව ඇත්ත. නිසි වයසට එනකන් ඉන්නේ නැතුව ගස් ගල් අස්සේ කරන්නේ ආදරයක් නෙමෙයි. රාගයට ආදරය කියලා හිතාගෙන ඉන්නේ.

    මොනවා උනත් උන්ව බන්දලා ඩෙන්න හැදුවම මාර බයක් නේ තියෙන්නේ.. 😉

    කැමතියි

  13. arunishapiro says:

    පාඩම් වලටම ඔළුව ඔබන් ඉන්න බැරි අයට වෙන යන්න තැන්, කරන්න දේවල් නැතිවුනාම වෙන මක්කයෑ කරන්නෙ ලව් කරන්නෙ නැතුව!!! රාළහාමි ඉතින් රකින්න හදන්නෙ නිතියනෙ.

    කැමතියි

  14. ..ChAnDiKa.. says:

    පට්ටයි කියන්නෙ පට්ටම පට්ටයි… 😀

    කැමතියි

  15. දැං 7වසර 8 වසර යන්තං පාස් කරානම් පදුරු ගානේ යන්නෙ නෑ බං.. කෙලින්ම රූම් එකක් අස්සෙ තමයි.. හික්… අප්පේ අපේ උං දැං ඇමෙරිකාවට වඩා දියුණුයි..

    කැමතියි

    • dinesh says:

      අද්දැකීමෙන් කිව්වද මන්ද…??
      හික්….ගම්පහ පොට් එකක් තියනව,සෙනසුරාද උදේ 11ට විතර රෙසෙප්ෂන් එකේ මේසෙ යට බැලුවනම් අර 9වසරෙ ලොකු ගනන් පොතුත් හොයා ගන්න පුළුවන්.ඇතුලට යනකොටම පිළිගැනීමේ නිළධාරිණිය අයිඩින්ටිය නෙමෙයි ඉල්ලන්නෙ,”පොත් ටික තියල ඇතුලට යන්න” කියල කියන්නෙ.හික්….හික්…..

      කැමතියි

  16. ලස්සනට ලියලා තියෙනවා…. කියන්න වචන නැහැ… 🙂

    කැමතියි

  17. ගස් ගල් කපුටු වසුරු පිරුන පාර්ක් . බස් එකේ පෙම් මුල්ල මෙවිව අයිති නිර්ධන පන්තියේ කොල්ලන්ට
    . තරු 5හේ හෝටල් කාමර අයිති ධනපති පන්තියේ පුතුන්ට …
    ඉතින් එලියේ ඉඳන් ලෝකෙට පේන්න ආදරේ කරන එකාද නැහැද්ච්ච ?
    කාමරේ ඇතුලේ ඉඳන් ලෝකෙට හොරෙන් ආදරේ කරන එකාද නැහැදිච්ච ?

    නවම්! කවියක් නොවන මේ කවිය පට්ටයි…..

    කැමතියි

  18. Beetle says:

    පුස්සන් සුදුස්සන් වෙන මේ අමුතු ඇටේ…
    කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ…

    මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ…
    පටලය බලාගෙන කල්චර් කන්‍යාවේ…

    අහවල් එකත් උන්ටම පරවේණි වුණි…
    දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි…

    මේ ඩෝං පුතාගේ ෆැන්ටෑස්ටික් කවි පන්තියක මතක හිටිය පද කීපයක්… 😀

    කැමතියි

  19. අන්තිමට වෙන්නෙ මොකද්ද දන්නවද? බන්කුවක් උඩ කුඩයක් අස්සෙ ඉන්න දෙන්නෙ නැති උනාම කීයක් හරි හොයාගෙන මුන් යන්නෙ හෝටල් කාමර වලට. එතකොට ඔය සුචරිතවාදියො නවත්තන්න හදන “අසහනේ” කිස් එකකින් එහාට නොයා තියෙයිද. අනේ මන්ද ඕවා කොහෙන් කෙලවර වෙයිද කියලා.

    කැමතියි

  20. ඔය නිසි වයස කියලා කියන්නේ කීයද අවුරුදු 40 ක් 50 ක් විතර වුණාමද

    අපෝ ඔය රාලහාමිලා ගැන කතා කරලා වැඩක් නෑ.කලුතර කැලිඩෝ එකේ දවසක් යාලුවෝ (යෙහෙලියොත් ) හිටියා අපිට නොමිලෙම ට්‍රන්ස්පොර්ට් දුන්නා පොලිසියටම.ගොල්ඩ් නම් විස්තර දන්නවාත් ඇති.

    හැබැයි පානදුර පරණ පොලිස් අධිකාරි කාර්‍යාලය ඉස්සරහා දැන් කරන පිස්සු දැක්කාම නොමිලේම අකුරු තුනේ ෆිල්ම් එකක් බලා ගන්න පුලුවන්.

    ඔය අසහනේ ඔය වයසේ නැත්නම් නාකි වෙලාද තියෙන්නේ ඔනේ ?

    කැමතියි

  21. Chinthana says:

    මෙන්න මෙහෙමමයි ගාල්ලෙ කොටුවෙ ගිහිං පොලීසියට මාට්ටුවෙච්ච සෙට් වලට පොලීසියෙ මාමලා කියන්නෙත්.නවම් අයියාගෙ අත්දැකීමක්ද?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: