පවුරු බිඳ නොදමා පිළිස්සී මියයමි – කිසිවෙකු මා වැරදියැයි නොකියනු ඇත එවිට !


මා අවට බොහෝ උණුසුම් ය ගිණියම් ය
මඟ දෙපස දැඩි ‍රැසින් කාශ්ඨක වූ පවුරුය
ඉන් ගත දවනා ගිණි සුලං මිස අන් කිසිවක් හමා නොයේ
කලෙක මා සතැපවූ සැනැසූ මේ පර්වතමය
අද දිනයේ හිත් පිත් නැතිලෙස මා පෙලන්නේ…….

විටෙක දරණු බැරි තරම් වේදනාවකින් පතුල් දැවේ
මා ගමන් කරනා මඟ අතුරා තුබූ පාවාඩ සුල‍ඟේ ගොසිනි
දෙපස උල් වූ ක‍ටු ඇති මල් වැරූ රෝස පඳුරුය
ගත දැවටී සම් මස් විනිවිද ගියද මට වේදනාවක් නොදැනේ
මේ මා මිය යමින් ගමන්ගන්නා ජීවිතයේ රුදු මාවතයි……

මින් ඔබ්බෙහි වෙනත් පෙත් මං ඇතිදැයි නොදනිමි
ගත දැවූවද මේ පවුරු පවසයි රකිනා වග මා මෘගයන්ගෙන්
එහෙයින්ම පවුරු සිඳලනු, නව මං සොයනු නොහේ
එසේ සිඳලූහොත් මා පාපතරයෙකු වෙනු නො අනුමානය
සුදනුන් ඔවුනත ඇති කැට කැබැලිති මුගුරුවලින් මා තලනු ඇත
එහෙයින් මා මිය යමි මේ විසල් පවුරු මැද දාහයෙන් පීඩිතව…….

එකල්හි ඔවුන් පැමිනෙනු ඇත පිරුවට ‍රැගෙන
වණ කැලැල් ගහන ඕජස් ගලන සිරුර ‍රැගෙන යාමට
තබනු ඇත දෙනෝදාහක් මැද පිරිසිඳුකොට විලවුන් ගල්වා
කඳුළු පිරිණු ඇස් ඇති හිස් හදවත් ඇත්තවුන් එකත්පස්ව හිඳිනු ඇත
එනමුදු කිසිවෙකු මා හදවත නොදකිනු ඇත කෙදිනකවත්
පවුරු බිඳගොස් නිල්ල පිරුණු තනකොල ගොල්ලේ වැතිර සිටිනා….



Advertisements

20 Responses to පවුරු බිඳ නොදමා පිළිස්සී මියයමි – කිසිවෙකු මා වැරදියැයි නොකියනු ඇත එවිට !

  1. මට මේක තේරෙන්නේ නෑ බොලන්….චූටි මොලේට දරා ගන්න බෑ

    කැමතියි

  2. Prasanna says:

    හරි හරි මට නම් තේරුනා… සහරා කාන්තාරේ ගැනනේද මේ නියන්නේ… ලස්සනයි නවම් අයියේ…

    අනේ බං රත්ගමයා කියන්නා වගේ අපි තමා චූටියි බං… දවස් 2ක් විතර නිවාඩු දාලා තමා , මේක කියවලා තේ​රුම් ගන්න වෙන්නේ… මේං බලපං මේ… ඈන්ජිම බෝර් වෙලා … උඹේ කවිය කියවන්න ගිහින්…

    කැමතියි

  3. මට තේරුනෙත් නෑ. අනේ මන්දා මම ටියුබ් ලයිට් ද කොහෙද. පත්තු වෙන්න වෙලා යනවා. 😦

    කැමතියි

  4. Ravi says:

    පවුරු බිඳ දමා සුණු විසුණු කොට,
    නික්මයමි, තණ නිල්ලෙ වැතිර ඉමි,
    ගත නිවන සිහිල් මඳ පවන් සුව විඳ ගනිමි,
    සහසකුත් දනන් මුවගින් නැඟෙන,
    රොස් පරොස් බස් තඹයකට වුවද නොතකමි.

    කැමතියි

  5. arunishapiro says:

    මාත් රවි හා එකතු වෙමි!!!!!!!
    “සහසකුත් දනන් මුවගින් නැඟෙන,
    රොස් පරොස් බස් තඹයකට වුවද නොතකමි.”

    කැමතියි

  6. අම්මපා බෑ බං නවම් අයියේ මටත් මේක තේරුම් ගන්න බෑ . හැබැයි ඉතින් ලියවිලා තියන වචන වල ලස්සනට මම හරිම ආසයි . ඒත් තේරුම දන්නේ නෑ බං . මට හිතෙනවා හෙන පට්ට බරසාර තේරුමක් ඇති කියලා ….

    අඩේ දැන් මට මේක තේරෙනවා .! මේ ලියලා තියෙන්නේ අරක ගැන ! ජීවිතය ගැන

    කැමතියි

  7. දුෂ්කරය කියා
    හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිප ගනිමු
    හෙට මලක් වනු පිණිස

    කැමතියි

  8. අම්මෝ සෑහෙන්න බර පතලයි. කවි වලින් උත්තර දෙන්න, මට කවි ලියන්න තේරෙන්නේ නැහැ… 😦
    මේකනම් පට්ට ලස්සනයි… 🙂

    කැමතියි

  9. ඩිෂ්ටිඩිඩින් says:

    ඉතින් ඔච්චර උණුසුම්නම් ගිණියම්නම් අබාන්ස් එකෙන් A/C එකක් ගත්තනම් ඉවරයිනේ. දැන් ඕන් පොළි රහිතව ගෙවන්නත් දෙනවා.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: