හෘදසාක්ෂියක් නැති මිනිසා ! [වෛද්‍යවරයෙකි සිත් රෝගී වූ]



මෑත දිනයක මා හට නවලෝක රෝහලට යා හැකිදැයි විමසා දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ මා ගාල්ලේ සිටි කල අසල්වැසි වූ පිළිකාවකින් ජීවිතයේ අවසන් සමය ගෙවනා අම්මා කෙනෙකුට ඇගේ වෛද්‍යවරයා හමුවීමට නොම්මරයක් ගැනීමටය. ඇ ඇගේ ජීවිතයේ අවසාන කාලපරිඡේදය ඉමහත් ශාරීරික මෙන්ම මානසික වේදනාවකින් ගෙවන්නියකි. එහෙයින් එදින උදෑසන කෙතරම් රාජකාරි බහුල වූවද එය අතපසු කිරීමට බැරි ඉල්ලීමකි.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

කවදටද?

පුළුවන් තරම් ඉක්මනට, හෙට උනත් කමක් නෑ.

මේ සතියෙ ඉෂූ කරන නොම්මර ඉවරයි. ආයෙම ඩොක්ටර් එන්නෙ දොලොස් වෙනිද.

එහෙනම් මට දොලොස්වෙනිදට ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නකො.

එහෙම බෑ. අද තුන් වෙනිදනෙ. දොලොස්වෙනිදට සතියකට කලින් තමයි ඒ වීක් එකට ඇපොයින්ට්මන්ට් ඉෂූකරන්නෙ.

එහෙමද, එහෙනම් මම ආයෙම එන්නම්.

<><><><><><><><><><><><><>

ලයනල් අංකල්, මම නවලෝකෙට ගියා. ඒත් ඇපොයින්ට්මන්ට් එකක් ගන්න වෙන්නෙ දොලොස්වෙනිදට තමයි. ඊට මෙහා දවස් ඔක්කොම බුක්.

කමක් නෑ පුතා, අම්මගෙ බෙහෙත් තවම තියනවනෙ. එහෙනම් වරද්දන්නෙ නැතුව දොලොස්වෙනිදට නොම්මරයක් ගන්න හොඳද?

හරි අංකල්, මම ගන්නම්.

<><><><><><><><><><><><><>

මම ආයෙම කියාපු දවසෙ ඇපොයින්ට්මන්ට් එක ගන්න ඕනමයි කියල හිතාගෙන ගෙදරින් ආවට අමතක වෙලා ඔ‍ෆිස් එකටම ආව. ඒ ඇවිල්ලත් මතක් උනේ පැය තුනක් විතර ගියාට පස්සෙ. ඒගමන සේරම වැඩ පැත්තක දාල ගියා නවලෝකෙට නොම්මරයක් ගන්න.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට  ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

පුළුවන්, නොම්මර විසි හය,ඩොක්ටර් එන්නෙ හවස හතහමාරට. ඇපොයින්ට්මන්ට් එක අට හමාර විතර වෙයි.

කමක් නෑ මිස්. දෙන්න.

තවුසන්ඩ් රුපීස්.

ඕකේ හියර්.

තෑන්ක්ස්

ආයෙම මම ඔ‍ෆිස් එකේ. තව පොඩ්ඩක් විතර වැඩ කරගෙන යනකොට මතක් උනා රෑ අටහමාරට ලෙඩා පෙන්නල ඉවරවෙනකොට අඩුම තරමෙ නමයවත් වෙයි, මේ මිනිස්සුන්ට ගෙදර යන්න බස් නැතිවෙයි නේද කියල.

ඒක නිසා ආයෙමත් නවලෝකෙට ගියා ඊට පස්සෙ දවසකවත් කලින් නොම්මරයක් ගන්න පුළුවන්ද බලන්න. මේ වෙනකොට ඇපොයින්ට්මන්ට් එක දාල පැය හතරක් විතර ගිහිල්ල.

එතනදි ආයෙම කල්පනා වුනා රෑ හත හමාරටනම් දොස්තර නවලෝකෙට එන්නෙ මීට වඩා වේලාසන එන වෙන හොස්පිට්ල් ඇති නේද කියල, ලංකා හොස්පිට්ල් එකටයි, ආසිරි එකටයි කෝල් කරල බැළුව. ආසිරි එනව හවස හතරට. එහමනං මේකෙ ඇපොයින්ට්නම්ට් එක කැන්සල් කරගත්තනම් හරිනෙ.

මිස්. මම මේ අද උදේ දාපු ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කරගන්න ඕන

කවුද ඩොක්ටර්

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන ඩොක්ටර්”

සොරි ! ඩොක්ටර් කියල තියෙන්නෙ ඇපොයින්ට්මන්ට් කැන්සල් කරන්න එපා කියල.

හ්ම්…….

එහෙමනං මට මේ රිසිට් එකේ not refundable කියල ලියල දෙනවද?

ඇයි ඒ.. ?

මේක ගාල්ලෙ ලෙඩෙක්ට දාපු ඇපොයින්ට්මන්ට් එකක්. මගේ එකක් නෙමෙයි, දැන් මේකෙන් වැඩක් නෑ

ඇයි ඒ.. ?

ලෙඩා අද දැන් පොඩ්ඩකටකලින් නැති උනා !

මම බොරුවක් කිව්වෙ එහෙම කිව්වමවත් සල්ලි ආපහු දෙයි කියල හිතාගෙන. මොකද මැරිච්ච ලෙඩෙක්ගෙන් සල්ලිගන්න බෑනෙ මනුස්සයෙකුට.

ඒ වුනත් අපිට සල්ලි රිෆන්ඩ් කරන්න බෑ. ඔයාට ඩොක්ටර් මුනගැහෙන්න වෙනව. එතකොට සමහරවිට ඩොක්ටර්ගෙන් ආයෙම සල්ලි ඉල්ලගන්න පුළුවන්.

මට රුපියල් දාහ සෑහෙන්න ලොකු දෙයක් උනත් එතන ඒකට රණ්ඩු වෙනවට  වඩා ඔ‍ෆිස් එකේ මට වැඩ තිබුන නිසා මම ආයෙම මුකුත් නොකියා ආව.

කොහොම උනත් මට දොස්තර ගැන පුදුමහිතුන. ඊටත් වඩා නවලෝකෙන් මට දීපු ප්‍රතිචාරය හරිම අප්‍රසන්නයි. මම සල්ලි බැන්දෙ දොස්තර සහ රෝගීන් අතර අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන රෝහලට. ඇයි එයාලට මුදල් ආපසු දෙන්න බැරි. ඇයි මම ඒක කරන්න දොස්තර මුනගැහෙන්න ඕන. ඊටත් මගේ ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කලානම් වෙන කෙනෙක්ට ඒ වෙලාව දෙන්න ඕන තරම් ඉඩ තිබුන. මොකද එදා ඉඳල සතියකට පස්සෙ තමයි ඇපොයින්ට්මන්ට් ඩේට් එක තිබුනෙ.

එදා හැන්දැවෙ ගෙදර යන්න කලින් ආසිරි හොස්පිට්ල් එකට ගිහිල්ල ආයෙම රුපියල් එක්දාස් පනහක් දීල වේලාසන නොම්මරයකට සල්ලි බැන්ද. දැං මම ගාව එකම ලෙඩා, එකම දවසට, එකම දොස්තරට සල්ලි බැඳපු රිසිට් දෙකයි.

<><><><><><><><><><><><><>

දහවෙනිද ඒ කියන්නෙ ඇපොයින්ට්මන්ට් ඩේට් එකට දවස් දෙකක් තියෙද්දි මට ආසිරි හොස්පිට්ල් එකෙන් කෝල් එකෙක් ආව.

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර් දොලොස්වෙනිද දාපු ඇපොයින්ට්මන්ට් ඔක්කොම ඊට කලින් දවසට ෂෙඩියුල් කරල, ඒක නිසා පේෂන්ට් එන්න ඕන දොලොස්වෙනිද නෙමෙයි එකොලොස් වෙනිද.

එහෙමද?

එතකොට වෙලාව. මම එහෙම ඇහුවෙ ආයෙම අර මිනිස්සු ගාලු යන්න ඕන නිසා.

කලින් වෙලාවම තමයි.

ඔ.කේ. තෑන්ක්ස්.

කලින් ලෙඩාට හොල්ලන්න බැරිවෙච්ච ඇපොයින්ට්මන්ට් එක දොස්තර කිසිම වගකීමක් නැතුව වෙනස්කරල. ලෙඩ්ඩු එන්නෙ කොච්චර දුරක ඉඳලද, වේලාසන ඇපොයින්ට්මන්ට් එකක් දාගන්නෙ අනිත් වැඩ රාජකාරි එක්ක ගැ‍ටුමක් ඇතිවෙන එක වලක්වාගන්න නේද, හදිස්සියෙවත් ලෙඩාට ඒ වෙනස්කරපු දවසට එන්න බැරිවුනොත් මොකද කරන්නෙ. ඒ වගේ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නැතුව දොස්තර දවස වෙනස්කලා.

ඉතිං අර මනුස්සය සේරම වැඩ පැත්තක තියල එකොලොස් වෙනිද එයාගෙ අම්ම එක්ක කොළඹ ආව. මමත් හොස්පිට්ල් එක ලඟට ගියා  සල්ලි බැඳපු රිසිට් එක එයාලට දෙන්න.

එහෙම දීල එන්න හදනකොට මතක් උනේ තවත් සල්ලි බැඳපු රිසිට් එකක් මගේ ලඟ නේද කියල. නවලෝකෙන් කිව්වනෙ දොස්තර මුණගැහිල සල්ලි ආපහු ඉල්ලගන්න පුළුවන් වෙයි කියල. ඒක නිසා අර මනුස්සයට විස්තරේ සේරම පැහැදිලි කරල ඒ රිසිට් එකත් දුන්න දොස්තර එක්ක කතාකරල බලන්න කියල.

ටික වෙලාවකින් අම්මව පෙන්නගෙන ඒ මනුස්සය එලියට ආව. මම ඇහුව මොකද උනේ කියල, මෙන්නෙ මෙහෙමයි කතාව වෙලා තියෙන්නෙ.

ඩොක්ට, මම ගාල්ලෙ නිසා කොළඹ ඉන්නෙ යාළුවෙකුට කියල තමයි ඇපොයින්ට් එක ගහ්තෙ. එයා ඉස්සෙල්ල නවලෝකෙට සල්ලි බැඳල තිබුනෙ හෙටට. ඒත් ඇපොයින්ට්මන්ට් එකේ වෙලාව ‍රැ අට හමාර නිසා ඩොක්ටර් ආසිරි එකට ඊට කලින් එනව කියල ආයෙම සල්ලි බැඳල තිබුන මෙහෙන්. නවලෝකෙන් කිව්ව කලින් ඇපොයින්ට්මන්ට් එකේ සල්ලි ඩොක්ටර් මුනගැහිල ඉල්ලගන්න පුළුවන් කියල. පුළුවන් වෙයිද ඩොක්ටර්?

දෙන්න රිසිට් එක බලන්න.

ආ.. මේකට රිෆන්ඩ් කරන්න බෑ. ඒ සල්ලි දැනටනත් නවලොකෙන් බෑන්ක් කරල ඇති මගෙ එකවුන්ට් එකට. අනික ඇපොයින්ට්මන්ට් එකක් ගන්නකොට පොඩ්ඩක් හොයල බලන්න එපැයි.

එච්චරයි !

Advertisements

53 Responses to හෘදසාක්ෂියක් නැති මිනිසා ! [වෛද්‍යවරයෙකි සිත් රෝගී වූ]

  1. ඔය දොස්තර මහත්තයා ළඟට මමත් ගිහින් තියෙනවා අපේ තාත්තාව අරගෙන. දැන්නම් තාත්තාට හොඳටම හොඳයි.
    මටත් වෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇපොයින්මන්ට් එකක් ගන්න ගිහින් හොඳ වැඩක් උනා. අපේ අක්කට එක පාරක් හොඳටම අමාරු ලෙඩක් හැදිලා ඩොක්ට කෙනෙක්ට කෝල් කලා අක්කාව පෙන්න ගන්න. කෝල් කලහම කියනවා අද ඩොක්ටර් ළඟට යන්න නම් සතියකට කලින් ඇපොයින්මන්ට් එකක් දාන්නලු. ඉතින් ලෙඩා අසනීප වෙන්න සතියකට කලින් අපි දැනගෙන ඉන්න ඕනා ලෙඩා අසනීප වෙනවා කියලා. එහෙම නැත්නම් අසනීප වෙලා සතියකින් තමයි බෙහෙත් ගන්න වෙන්නේ. ඒ වෙලාවේ හැටියට තව සතියක් හිටියනම් අක්කා මෙලහකට කොහේද දන්නේ නැහැ. 🙂

    කැමතියි

  2. මනුස්සකම බල්ලට ගිහින් තියෙන්නෙ. මට තේරෙන්නෙ නෑ අයියෙ පුදුම කලකිරීමක් දැනෙන්නෙ.

    කැමතියි

  3. kamal says:

    namuth me doctor karapu sewa nam kiyala nima karanna be kalekata kalin.eth dan meya wenas welada?
    hoyala balanna oni

    කැමතියි

  4. නවීන් says:

    Dr. මහේන්ද්‍ර සිල්වා ගාවට යන්න රත්තරන් මනුස්සයෙක්.. ඔය මිනිහට මිනිස්සු කැමතිම නැ මචන්.. දැන් හොදම සහ කරුණාවන්තම දොස්තර මහත්තයෙක් තමයි Dr. මහේන්ද්‍ර සිල්වා..

    කැමතියි

  5. මුගේ අම්මගේ කාලකන්නි බල්ලෙක් නේ..ගොබ්බයා…කන කුඩු වෙන්න දෙන්න තියෙන්නේ ඕකට පොලීසි යන්න හරි..සල්ලි ටිකක් ලැබෙනකොට හිතන් ඉන්නේ උගේ ආච්චි ගස්වලින් කඩලා උගේ බැන්කු ගිනුමට දානවා කියලා ගස් බල්ලා…
    ජයන්ත බලවර්ධන වෙන්න ඇති නම..පොඩ්ඩ්ක් හොයලා බලන්න ඕන ඕකා ගැන..
    හැම ඩොක්ටම එහෙම නෑ අයියේ…ඔය වගේ සල්ලි පස්සේ දුවන කාලකන්නි හැත්තවල් ඉන්නවා තාම…රුපියල් 100ට දවසේ කුලියට වැඩ කරන මිනිස්සු ඉන්න රටේ රදවසට රුපියල් 90000ක් විතර හම්බ කරන කාලකන්නියා ඒකෙන් රුපියල් 1000ක් ආයේ දෙන්න බෑ කිව්වම…නොදකින් ගස් ගොබිලා…
    කොහොම පාස් උනාද දන්නේ නෑ කබරගොයා..මොලේ තිබ්බට පපුවක් නෑ…

    කැමතියි

    • eBuwa says:

      වෙඩින් වල පොටෝ ගන්න අය එක වරුවට රුපියල් 75,000ක් හොයනව. මුන්ට කිවුවට රු. 1000ක් අඩු කරයිද? එදාට වෙඩිම කැන්සල් වුණොත් මේ අය ඇඩ්වාන්ස් එක ආයේ ගෙවනවාද?

      මම දොස්තරෙක් නෙවෙයි. ඒත් මෙතන කොමෙන්ට් දාපු ගොඩ දෙනෙක්ට තියෙන්නේ තමන් ඉගෙන ගත්තු දෙයින් හම්බ කරන දොස්තරල ගැන ඉරිසියාවක්. බිස්නස් කාරයෝ මීට වඩා හම්බ කලාට ඔය කට්ටියට ගානක් නෑ. මොකද ඒ අය උගත් නැති නිසා. පොලිටික්කොත් එහෙමයි. 99%ක් දොස්තරල සල්ලි පස්සේ දුවනවා වගේ කතා කියන්නේ ඔන්න ඔය හීන මානේ හින්දයි.

      හැම රසාවේම හොඳ නරක මිනිස්සු ඉන්නවා. නමුත් ඒ අය පොඩි ගාණයි ඉන්නේ. ඔයාලා කැමති වුණත් නැතෙත් ඒක වෙනස් කරන්න බෑ. මොකද හැම රස්සාවම සමාජයේ හරස් කඩක් නිසා.

      පොඩි ළමයින්ට බේත් දෙන දොස්තර කෙනෙක් බේත් ඩෝස් වැරැද්දුවා කියන ඇල්කෙමියගෙ කතාව ගොන් ජෝක් එකක් කියල බුවා හිතන්නෙ, මොකද ළමයි ඉන්න ඕන කෙනෙක් දන්නව ළමයගෙ බර කිරල චැනල් චිට් එකේ දාල තමයි දොස්තර ගාවට යවන්නේ. එක්කෝ ඇල්කෙමියා යන්න ඇත්තේ හොරෙක් ගාවට, නැත්තං බොරු කියනවා.

      කැමතියි

      • නවම් says:

        වෛද්‍යවරයෙක් ගණුදෙණු කරන්නෙ ජීවිතයක් එක්ක කියන එක අමතක කරන්න එපා. ඒක තවත් එක් බිස්නස් එකක් කියල පැත්තකට දාල අනිත් දේවල් එක්ක සාමාන්‍යකරණය කරන්න කොහෙත්තම බෑ. පිළිකා රෝගියෙක් කියන්නෙ මරණය අතේ තියාගෙන ජීවත් වෙනකෙනෙක්. එහෙම එකම ලෙඩෙක් ගෙන් දෙපාරක් සල්ලි ගන්න තරම් තියෙන්නෙ කැත, දූෂණය නොවෙච්ච හිතක් කියල කියන්න පුළුවන්ද?

        කැමතියි

        • eBuwa says:

          දොස්තරල ගණුදෙනු කරන්නේ ජීවිත එක්ක නම්, ඒකට හරියන්න වැටුපක් ගෙවන්න ඕන. දොස්තරල ලක්ෂ 2ක් පඩි ඉල්ලුවම කුලප්පු වෙන බ්ලොග් කාරයෝ ඉන්න රටේ දොස්තරල කරන සේවය එහෙමයි කියල පිළි ගන්න අය අඩුයි. කරදාසි එක්ක ඔට්ටු වෙන මගේ පඩියයි, නවක දොස්තර කෙනෙක්ගේ පඩියයි එක ගාණ. දොස්තරල විෂේශ නං, එහෙම නැත්තං වෙනත් රස්සාවක් විෂේශ නං, ඒකට විෂේශ විදියට පඩි ගෙවන්න ඕන. ඒකත් වෙන රස්සා වගේම රස්සාවක් නං අනික් අය කරන දේ කරන්නත් දොස්තරලට ඉඩ දෙන්න ඕන. කේක් ගෙඩිය අරගන්නයි, ඒක කපලා කන්නයි දෙකම කරන්න බෑ.

          ආණ්ඩුවෙන් ඇතිවෙන්න පඩි ගෙවනව නං, මේ සිද්ධි ඇති වෙන්නේ නෑ. ඇමතිවරු සුර සැප විඳිම සල්ලි වලින්, බිස්නස් කාරයෝ කට්ටි පැන, පැන නොගෙවා ඉන්න බදු වලින්, දුප්පත් මිනිහව සූරගෙන කන මුදලින් සොච්චමකින් මේ වැඩේ කරන්න පුලුවං.

          කැමතියි

          • Lankan Hero says:

            මචන්.. ඔය දොස්තරලට අතේ සතේ නැතුව ඉන්න කාලේ මහපොලත් ගෙවා ගෙවා උගන්වන්න වියදම් කාලේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.. දොස්තරලා ඉගන ගත්තු දෙයින් හම්බ කර ගත්තට අපට කමක් නෑ, අපි කියන්නේ බලු වැඩ කරන්න එපා කියල…

            කැමතියි

          • eBuwa says:

            “මචන්.. ඔය දොස්තරලට අතේ සතේ නැතුව ඉන්න කාලේ මහපොලත් ගෙවා ගෙවා උගන්වන්න වියදම් කාලේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.”

            දොස්ත්‍රලා විතරක් නෙවෙයි මිත්‍රයා, ඉංජිනේරුවෝ, බැංකු නිළධාරීන්, කලා උපාධිකාරයො, නීතිඥයෝ ඔක්කොටම මහපොළ ගෙවන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි. ඇයි දොස්තරල විතරක්? බලු වැඩ කිරීම කවුරු කරත් වැරදි. ඇයි මේ එක කොට්ඨාශයකට විතරක් වැරදි පටවන්නේ?

            කැමතියි

            • Nish says:

              කොහොමද කියන්නේ එක කොට්ටාශයකට විතරක් වරද පටවනවා කියල? වැරැද්ද කවුරු කරත් වැරැද්ද මයි. නවම් කරලා තියෙන්නේ දොස්තර කෙනෙක් කරපු වැරැද්දක් පෙන්නලා දීපු එක. ඉංජිනේරුවෙක් වැරැද්දක් කරත් ඒවත් කියාවි. හංගන්න දෙයක් නැහැ…….. පටලවගන්න එපා Ebuwa. මෙතන කියලා තියෙන්නේ රස්සාව ගැන ප්‍රශනයක් නෙමෙයි. මනුස්ස කම ගැන ප්‍රශ්නයක්.

              කැමතියි

  6. නවම් says:

    හා හා කොළුවො පරිස්සමෙන්. අනුන්ගෙ රෙද්දවල් වලට ලේ පුච්චගන්නෙ මක්කටෙයි බං.

    කැමතියි

  7. ඔන්න ඕකුං වගේ උන් නිසා තමයි වෙදකම ඉවර වෙලා තියෙන්නේ.99%කටත් වඩා වෙද්දු ඔහොමයි.ඕකුන්ට මතක නෑ උන්ට ඉගැන්නුවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා.අන්තිමට ඒ මිනිස්සුන්ගෙන්ම සල්ලිතු හූරගෙන කනවා.
    බහුතරය ඔය වගේ යක්කු නිසා නිරපරාදේ මනුස්සකම තියෙන සුළුතර වෙද්දුත් බැනුම් අහනවා.
    ඔය වගේ බලු වැඩ කරන එවුන්ට නම් පරිසංදෙන්න ඕන.කාලකන්නි යක්කු.

    කැමතියි

  8. දොස්තරලා ගැන කතා කරන්න එපා… සමහරු දෙවිවරු වගේ… සමහරු නෙදකිං විතරක්…

    කොහොමත් මට ඉක්මනින්ම නවම් අයියගේ උදව් ඕනේ වෙන පාටක් පෙන්නුම් කරනවා…

    කැමතියි

  9. නවම්. මේක මුදල් පස්සෙ යන සමාජයක් යාලු. උබටට්වත් මටවත් මේක වෙනස් කරන්න අමාරුයි.

    කැමතියි

  10. බයියා says:

    ඕකට තමයි e-chanelling තියෙන්නෙ…

    කැමතියි

  11. Omesh says:

    මනුස්සයෙක් වුනාම මොලයක් විතරක් නෙවෙයි…කරුනාවන්ත හදවතක් තියෙන්න ඕන..දුක කියන දේ දැනෙන්න ඕන…එහෙම වුනාම තමා… ” වන සිව්පාවුන් වැනි මිනිසුන් ලඟ දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත කියල කටක් ඇරලා කියන්න පුලුවන්….” කොහොම වුනත් සක්….. මීට හොදයි කියලා හිතේනවා…අනික නවම් සල්ලි ඔලුව උඩ තියෙන (නෝ) මිනිහා ගාව මනුස්ස කම තියෙන්නේ කකුල් දෙක යට…

    කැමතියි

  12. asanka says:

    කොච්චර ඉගනගත්තත් වෑඩක් නෑ මනුස්සකම කියන දේ නෑතුව.රු1000 අපිට ලොකු ගානක් කියල මම හිතන්වා.මොකද රු 50 ක් නෑතිව අතේ නතුව අපි හිටපු දවස් ඔනතරම් තියන්වා.ඒත් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් මගේ අතේ තියන විදියට උදව් කොරන්වා.ඒ දේන්නේ ආයි බලපොරොත්තුවෙනුත් නෙමෙයි.මටනම් හිතෙන්නේ ගොඩක් සල්ලි හම්බකරන මිනිස්සු සල්ලි පස්සේ දුවනවා.ඒ මිනිස්සු සල්ලි වලට කෑදර කම වෑඩි.හවසට අඩියක් ගහල රෑට පාන් බාගයක් කාලා ඉන්න අපි ඉට වඩා කොච්චර හොද්ද කියලා මේ ලිපිය කියෙව්වාම මට හිතුනා….

    කැමතියි

  13. මුල් පිටුව භාවිතයට උපදෙස් සුබස ගැන
    මෙහෙමත් දොස්තරලා ! මේ මිනිස්සුන්ට සල්ලි නැතුවද ? එහෙම නැත්තං මනුස්සයෝ නෙවිද ? . පොඩ්ඩ මිස් වෙන්න බෑ ලොඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන්නවා . වෛද්‍ය වෘත්තිය කොයිතරම් උතුම්ද ? ඒ නම කැත කරන්නේ මේ වගේ සල්ලි පෙරේතකමේ දුවන දොස්තරලා තමයි .

    නවම් මේ මට ගිය සතියේ වෙච්ච සිද්ධියක් . මගේ යාළුවෙකුගේ අත කැඩිලා එයා එක්ක රෝහලට ගියා අත පෙන්නලා බෙහෙත් කරගන්න මැච් එක බලබලා හිටපු ඩොකා . ඕවරයක් ඉවර වෙලා ඇඩ් එකක් දාපු හැටියෙම මගේ යාලුවාගේ අත එක පාරටම අතහැරලා . මේසේ උඩ තිබ්බ පෑන අතට ගත්තා . යාළුවට කෑ ගැහුණා ….. ඔන්න ලංකාවේ ලස්සන ….

    කැමතියි

  14. ඩිලාන් says:

    ඇත්තටම මටත් මගේ සීයා,ආච්චී,මල්ලී කෙනෙක් පිළිකා රෝගෙත් එක්ක දුක් විදලා සීයා විතර්යි ඉතුරු උනේ,,මේ කියන දොස්තර ගාවට තමා මුලින්ම සීයව පෙන්නුවේ,ඒත් ටික දවසකින්ම මාරු කරලා මහේන්ද්‍ර පෙරේරා බේත් කලේ පස්සෙ,අනිත් දෙන්නත් එයාගෙන්. බලවර්දන ඇත්තටම සල්ලි වලට විතරයි,,මිනිහා තමා අපේ රටේ ඉන්න දක්ශයා,,ඒ තරමටම දක්ශයි,,අත් ගුනෙත් පිහටලම තියනවා,,අනිතිම සල්ලි පෙරේතයා,, මහේන්ද්‍ර පෙරේරා ඇත්තටම සුපිරි,අපේ මල්ලි අවුරුදු 4ක් තිස්සේ එයාගෙන් බෙහෙත් කලේ ලියුකේමියාවට,,අනිතිමේදී නැති උනා,,ඒත් මල්ලියා ඒය එක්ක මාර එකතුවක් තිබුනේ ඩොක්ටගේ ගෙදරත් යනවා,හැම ඉරිදා රෑම ඩොක්ට ඔන්ලයින් ඉන්නවා ,,මල්ලියා එයා එක්ක කතා කරනවා.අවුරුදු 2ක් විතරම මල්ලිගෙන් චැනල් කරනවට දොස්තර ගාස්තුව ගත්තේ නෑ,,,මල්ලි නැති උන වෙලාවේ ඩොක්ට ඇඩුවා අපි ඉස්සරහම එයා කිවුවේ මින් පස්සෙ මෙහෙම ලෙඩෙක් එක්ක එකතු වෙන්නේ නෑ කියලා.අපි සල්ලිකාරයෝ නෙමේ සේරම වියදම්කරලා බේත් කලේ ආසිරි එකෙන්,ඒක හින්දම මහේන්ද්‍ර පෙරේරා ලොකු උදවු කලා අපිට. ඔයා කියන ඩොක්ට දුප්පත් මිනිස්සුන්ගෙන් උනත් සල්ලි කඩන්නම තමා යන්නේ,,හැබයි චැනල් වල මිනිස්සු පිරිලා.

    කැමතියි

  15. ඒ අතින් විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහත්තයා දාහකින් හොයන්න බැරි රත්තරං මනුස්සයෙක්.

    කැමතියි

  16. arunishapiro says:

    ලංකාවේ වෛද්‍ය වෘත්තිය විකෘති පදනමකින් බිහිවෙන්නක්. වෛද්‍ය විද්‍යාලයන්ට තෝරා ගැනෙන්නෙ තරඟ විභාගයන් ඉහළින් ජයගත් සුළු අතලොස්සක්. එතැන දී තවමත් පළාත් ක්‍රමය සාධකයක් ද ‍නොදනිමි.

    මුදල් හම්බ කළ හැකි ප්‍රමාණය මත යම් වෘත්තියක් සඳහා අධ්‍යාපනයේ නිරත විය යුතු යැයි තීරණය වෙන විදියට ලාංකික පාසැල් අධ්‍යාපනය පවා සැලසුම් සකස් වෙලා තියෙන්නෙ.

    වෛද්‍ය පීඨයට හෝ ඉංජිනේරු පීඨයකට තේරිච්ච අයෙක් ඒවාට නොයා වෙන උසස් අධ්‍යාපනයක් සොයන්නේ ඉතා කලාතුරකින්. එම සංඛ්‍යාවේ අඩුව ඉහත කියපු විකෘති පදනමේ ප්‍රතිඵලයක්. වෘත්තියකට යොමු වෙන්නේ සල්ලි හොයනු පිණිසයි යන්න විකෘති පදනම සකස් කිරීමේ දී ඇතුල් කරපු ‘සබ්ලිමිනල් මෙසෙජ්’ එකක් වගෙ.

    මගෙ යෙහෙළියක් රාගම වෛද්‍ය විද්‍යාලයේ උගන්වපු ඉංග්‍රීසි පංතියේ, ගෙදර බලපෑම නිසා වෛද්‍යවරයෙක් විය යුතුම යැයි බලහත්කාරයෙන් එවූ තරුණ‍ සිසුවෙක් දිවිනසා ගත්තා. එයාට වෛද්‍යවරයෙක් වීමට උවමනාවක් තිබ්බෙ නැහැ. ඊට කවුරුත් සවන් දුන්නේ නැහැ.

    එහෙම දිවිනසා නොගත් ඒත් ඉතා අකමැත්තෙන් වෘත්තියේ යෙදෙන අයගෙන් බෙහෙත් ගන්න වුනාම කොහොම ද?!!!

    පුංචි සන්දියේ ගෙදරින් මහණ කරපු නිසා සාසනේ ඉන්න වෙච්චි හාමුදුරුවරු වගේ ද?!!

    කැමතියි

  17. Alchemiya says:

    අපේ අම්මටත් ඔය වගේම සිද්ධියක් වුනා. ඇයට දියවැඩියා තත්ත්‍වයක් ඇවිත් එක ඇක ග්ලූකොමා වගේ තත්ත්‍වයක් ආවා… ධර්මරත්න කියන ඇස් දොස්තර කෙනෙක් දවස් ගාණක් රු 4000 ගණනේ ගෙවලා චැනල් කළා… මේ ගෑණි සමහර දවස්වලට බලන්නෙ වත් නැතිව සල්ලි ගන්නවා… අන්ත්මට මම මෙහේ ඉඳන් කෑගැහලා මකුළොලුව මහත්තයා ගාවට යැව්වා…
    දැන් බෙහෙත් ගන්නේ කරාපිටියෙන්… ඒක ඊට වඩා හපන්…කිසිම වැඩකට නැති බෙහෙත් ජාති 3 ක් අම්මට වැඩිපුර දීලා… අන්තිමට සීනි ඇඟේ මදි වෙලා අසනීප… ඊට පස්සේ යන්තම් රුහුණු රෝහලේ දොස්තර කෙනෙක් ව චැනල් කරලා දැන් ඒ මහත්තයා නිති පතා අම්මව බලනවා… අර බෙහෙත් වර්ග තුනම නවත්වලා… දැන් නම් දෙයියනේ කියලා සනීපයි….

    ලංකාවෙ දොස්තරලා හිතන් ඉන්නේ ඒ අය දෙවිවරු වගේ කියලා… වඳින්න සළකන්න ඕන කියලා… ඒයාල දන්නේ නෑ ඒගොල්ලො ඉාගන ගත්තේ රටේ ජනතාවගේ සල්ලි වලින් කියලා… ඒ වගේම ඒ ගොල්ලොත් අමනිත් අය වගේ සේවයක් කරල්නේ කියලා හිතන්නේ නෑ..
    සල්ලි සල්ලි සල්ලිම තමයි… මහලොකුවට විශ්ව විද්‍යාලයේ ඉන්න කොට අයිතීන් වෙනුවෙන් සටන් කරනවා.. ඒ වුනාට උන් එකෙක්වත් ලෙඩ්ඩුන්ගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියා කරන්නේ නෑ…

    මේ ඔය කියන දොස්තරලාගේ දැනුම ගැන තවත් උදාහරණයක්
    ගිය වතාවේ ලංකාවට ගියාම, පැටියට පොඩි කැස්සක් හැදුනා… ටිකක් දරුණුවට වගේ ගිය නිසා ආසිරි එකේ ඩොක්ට කෙනෙක්ව චැනල් කළා.. වෙන කවුරුවත් නෙවෙයි ඇල්කෙමිච්චිගේ නෑ දුරින කෙනෙක් වන නෝන කෙනෙක්… මේ මනුස්සයා පැටියව විනාඩි 5 ක් විතර බලලා දුන්නෙ නැතෑ ලොකෙු බෙහෙත් වට්ටෝරුවක්… මම ඇහැවුවා පැටියා සමහර බෙහෙත් වලට ආසාත්මිකයි ඒ නිසා මේ බෙහෙත් හරියනවද කියලා.. “නෑ නෑ ඕවා හැමෝටම හරියනවා“ කියලා සැර වුනා…. ඒ වදිවට අවුරුදු තුනේ ළමයට දෙන්න කිවුවේ වැඩිහිටියන්ට දෙන් බෙහෙතක වැඩිහිටි මාත්‍රාව….
    කොහොම වුනත් මම බෙහෙත් ගැන පොඩ්ඩක් දන්න නිසා Internet එකේ බලලා ඒ බෙහෙත් දෙන එක නැවැත්වුවා…

    ලංකාවෙ දොස්තරලා බෙහෙත් දෙන්නේ Medical rep ලාට ඕන විදියට මිසක් ලෙඩාගෙ ලෙඩේට නෙවෙයි….
    අවාසනාව කියන්නේ ලංකාවෙ මාධ්‍ය මේවට මොකුත් කියන්නේ කරන්නේ නැති එකයි…

    කැමතියි

  18. eBuwa says:

    [ලංකාවෙ දොස්තරලා හිතන් ඉන්නේ ඒ අය දෙවිවරු වගේ කියලා… වඳින්න සළකන්න ඕන කියලා… ඒයාල දන්නේ නෑ ඒගොල්ලො ඉාගන ගත්තේ රටේ ජනතාවගේ සල්ලි වලින් කියලා… ]

    හිකිස්, ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන, පිට රටකට වෙලා ඉන්න ඇල්කෙමියට දොස්තරල ගැන මේ විවේචනේ කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය ගැන මට හිනා ගියා

    කැමතියි

    • Alchemiya says:

      පිට රටට වෙලා ඉන්නේ ආසාවට නෙවෙයි… ඒ වගේම මම පිටරට හිටියත් මගෙන් වෙන්න පුළුවන් උපරිම දේ ලංකාවට කරනවා…. ඒ ගැන කතාකරන්නත් මට අයිතියක් තියෙනවා…

      කැමතියි

    • arunishapiro says:

      @ eBuwa,
      //ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි// පමණක් කීම වැරදියි. ඇයි වාර්ෂිකව ලංකාව ගන්න පිටරට ආධාර මුදල්? ‍ඒවා නැතිව රට ගෙන ගිය වසරක් තියනවා ද? ලංකා‍වේ ඉගෙන ගත්තු නිසා හැමෝම ලංකාවට වෙලා හිටියොත් (ඒ ආධාර මුදල් වලින් කාලා බීලා) රටට යන කල දසාව ගැන ඩිංගක් හිතලා බලන්න.

      කැමතියි

    • eBuwa says:

      @ඇල්කෙමියා
      හික්ස්, ඔන්න ඔය විදියටම දොස්තරලා දිහා නොබලන එක තමා තියෙන පුදුමෙ. තමුංව කොටු කරලා ප්‍රශ්නෙ ඉදිරිපත් කලාම ඔය වගේ නිදහසට කාරණා බොහොම ඉදිරිපත් වෙනව. ඇල්කෙමියා හිතන්නෙ ඩොක්ටර්ස්ල ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නේ ආසාවට කියලද? ඩොක්ටර් කෙනෙක්ට සේවයට සුදුසු පඩියක් ගෙවුවොත්, තමුන්ගෙ පවුල, ළමයි එක්ක ඉන්න තියෙන කාලෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වලට යොමු කරයි කියල හිතනවද?

      @අරුණි
      ඇත්ත, හැමෝම ඉගෙන ගන්නේ මිනිස්සුන්ගේ බදු මුදලිනුයි, විදේශ ආධාර වලිනුයි. ඒත් ඒ ආධාර වලින් ඉගෙන ගෙන උපාධි ගහපි අරුණි, ලංකාවට තඹ සතේක විදේශ විනිමයක් එවනවද? අර්ණි තමුංගෙ සුද්ද එක්ක ජොලියේ ඔහෙට වෙලා, අපේ මිනිස්සුනෙ සල්ලි වලින් ගත්තු දැනුමෙන් සුද්දට සේවය කරනව. ඒ අතර මිනිස්සුන්ගෙ මුදල්වලින් ඉගෙන අරගෙන, මෙහේ මිනිස්සුන්ටම සේවය කරන මිනිස්සුන්ට බණිනව. සුද්දගේ භාෂාවෙන් ඕකට ලස්සන වචනයක් තියෙනව. අරුණි ඒක දන්නව ඇති.

      කැමතියි

  19. මේවගේ පල් වැඩ කරන එවුන් හින්දා වෛද්‍ය සේවය මිනිස්සුන්ට එපා කරනවා. අඩුම ගානේ මූට චුට්ටක් හිතලා බලන්න තිබ්බනේ. ඉගෙන ගත්තට වැඩක් නෑ. හිතක් පපුවක් නෑ.

    කැමතියි

  20. හර්ද රෝග , පිලිකා වගේ ලෙඩ මාරාන්තික වගෙම සුව කරන්නත් අධික වියදම යනවා .නමුත් ලෙඩ දුක් හැදෙන්නේ මිනිස්සුන්ගේ සල්ලිකාරකම් ගැන හිතල නෙවෙයිනෙ .

    ඒවගෙම මේ ලෙඩ දුක් ලංකාවෙ බොහොම සුලබයි අදකාලෙ.නමුත් ලෙඩුන් තරමට මේවට ප්‍රතිකාර කරන රෝහල , බේත් , වයිද්යවරු සුලබ නැහැ

    වෘතියකින් මුදල් හදල් හම්බකිරීම වරදක් නෙවේ .නමුත් ලංකාවෙ වයිද්ය වරු මේ වගේ දේවල් ගැනත් හිතන්න ඕනේ . වයිද්ය වරුන්ගෙන් බිස්නස් කාරයෙක් වත් පොලිටික්කෙක් වත් මගුල් පොටෝ ගහන කෙනෙක්වත් නෙවේ අපි බලාපොරොත්තු වෙන්නෙ .

    තව දෙයක් කියන්න ඕනෙ.අපේ රටේ වයිද්ය වෘතියට පිවිසීම , වයිද්ය වරයෙක් වීම සමාජය බොහොම නම්බුකාර කරල සලකන දෙයක් .ඒ නිසාම ගොඩක් වයිද්ය වරු , වයිද්ය සිසුන් දෙපිරිසම මවාගත්තු අනවශ්ය මාන්නෙකින් වැඩ කරන වෙලාවල් මට අනන්තව මුන ගැහිල තියෙනවා .

    කැමතියි

  21. Chinthana says:

    නවම් අයියගෙ නම් ඇත්ත කතාව අයියේ.ඕක තමා තත්වේ ඒ වගේමයි මේ වගේ සත්තු නිසා හොද මිනිස්සුන්ගෙත් නම කැත වෙනවා.මේක දොස්තරලට විතරක් නෙමෙයි හැම රැකියාවකම මේ වගේ අය ඉන්නවා.

    මට නම් අයියේ කියන්න තියෙන්නේ අහිංසක මිනිස්සු ලෙඩ නොවී මේ වගේ උන් ලෙඩ වේවා……….! කියල තමයි.

    කැමතියි

  22. hare :-) says:

    දොස්තරල ගැන මට නම් ඕන තරං අත්දැකීම් තියෙනවා. වෙලා තියෙන්නෙ හැමෝටම වෙනව වගේ දොස්තරලටත් තමන්ගෙ සේවය රස්සාවක් වෙලා තියෙන එක. ඒ නිසා ඒක ඔහේ කරන එකක් වෙලා.. අර වගකීම අනතුර ගැන වැටහීම දිය වෙලා දැණෙන්නෙ නැතිව ගිහින්. අර බස් කොන්දොස්තරල පාරෙ ඉන්න මගීන්ට ‘කෑලි’ විධියට සලකනව වගේ තමයි සමහර දොස්තරලා ලෙඩ්ඩුන්ට සලකන්නෙත්. ඔය අතරෙ ඉන්නවා කටක් ඇරල දොස්තර කියල කියන්න පුළුවන් අයත්.

    කැමතියි

  23. panadol says:

    මෙහෙමයි. ලංකාවේ බොහොමයක් දොස්තරලා හිතන් ඉන්නේ තමන් අන් අයට වඩා උසස් බැවින් අනෙකුත් අය තමන්ට ගරු කළ යුතුය හා ප්‍රමුඛතාවය දිය යුතු බවයි. කරුමෙට සමාජයේ සමහරක් ද කරන්නෙත් එයමයි. මම දන්න කෙනෙක් ඉන්නවා කඩේකටවත් යන්නෙ නැහැ.වාහනයෙ seat එක උඩ වෙද නලාව ඒ මදිව ට DOCTOR කියල විශාල badge එකක්.

    අනිත් අතට හොඳට establish වෙනකොට අඩු ගණනේ වයස 40 ක් වත් වෙනවා. ඉතින් 60 වෙනකොට retire වෙනවා. ආණ්ඩුවේ ඉස්පිරිතාලේ වැඩ නැතිවුණාම ක්‍රමයෙන් practice එක පිරිහිලා යනවා. ඉතින් උපරිම හම්බකරන්න තියෙන්නේ අවුරුදු 20 යි. උදේ 7 ට ලෙඩ්ඩු බලන්න පටන් ගන්නවා. 8.30 සිට 4.00 වෙනකම් රජයේ සේව ය කියලා හිතමු. ආපහු 4.00 ට පටන් ගත්තාම රවුම ගිහින් එනකොට 11.00 යි. සල්ලි ලැබුනාට නුවරඑලියෙ වත්තට අවුරුද්දකට දවසක් වත් යන්න ලැබෙන්නෙ නැහැ. බෙන්ස් එක ගත්තට කොළඹ traffic එකේ hospital ගානෙ යනවා මිසක විනෝදයක් නැහැ. ආපසු හැරිල බලන කොට wife කවුරුහරි එක්ක ගිහින්.

    කැමතියි

  24. නවම්,

    eBuwa කියල තියෙන දේවල් බො‍හොමයකට මමත් එකඟ වෙනවා. අපි කොච්චර කිව්වත්‍ දොස්තර කෙනෙක් මනුස්සකම දැනගන්න ඕනෙ දෙවි කෙනෙක් වෙන්න ඕනෙ කියල අපිට අමතක වෙනව ඒකත් එක රස්සාවක් කියල. ලංකාව ඇතුලෙ මේ තත්වය අන්තයි ඉස්සර ඉඳන්. දොස්තර ‍කෙනෙක් කියන්නෙ රස්සාවක්. දෙවි කෙනෙක් නෙවෙයි. අපි ඒක අමතක කරල දොස්තරව දෙවි කෙනෙක් විදියට බලන්න ගියාම එයාගෙ මනුස්ස ගතිගුණ අපිට පේන්නෙ රාස්ස ගතිගුණ වගේ.

    අනිත් එක “සල්ලි පස්සෙ යනවා” කිය කිය බනින අනිත් අය මෙතන කමෙන්ට් එකක් දැම්මට පස්සෙ කරන්නෙත් ඒකම නේද කියල අමතක කරලා. අපි කොච්චර බොරුවෙන් වහගෙන ඉන්න හැදුවත් අපි ඉන්නෙ මූල්‍යමය අගය කේන්ද්‍ර කර ගත්ත ආර්ථිකයක් ඇතුලෙ. වෙන විදියකට කියනවනම් ධනවාදය ගේ ඇතුලෙ පැල පදියම් වුනත් අපි ‍ඒක දකින්න ප්‍රතික්ෂේප කරනව. අපි කැමති වුනත් නැතත් සල්ලි බොහොමයක් දේවල් වල තීරණාත්මක දෙයක් වීම නවත්තන්න බැහැ. ඒක තමයි හැටි. මට ඔට්ටු අල්ලන්න පුලුවන් මෙතන බොහොම සැරට දොස්තර සල්ලි පස්සෙ යනව කියල බැනල තියෙන අයව රහසේ නිරීක්ෂණය කලොත් ඒ ටිකම බලාගන්න පුලුවන් කියල.

    අපි අපි ගැන ටිකක් අවංක වුනොත් මේ තත්වය මීට වැඩිය වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි. අපිව සුදු තැනකට දාලා දොස්තරව කලු තැනකට නොදා අපියි දොස්තරයි එකම සුප් එකකට දැම්මොත් අන්න හරි.

    රත්ගමයා: මනුස්සකම මැනල බලලා උසස් අධ්‍යාපනයට ගන්නේ නැහැ. උසස් අධ්‍යාපනයට ගන්නෙ දැනුම මැනලා බලලා. ඒක තමයි හැටි.

    කැමතියි

  25. ඔහොම දොස්තරල උඩ තියල අපිම තමයි වැරැද්ද කරල තියෙන්නේ.

    කැමතියි

  26. පින්ග්කිරීම: kottuCopy › 19. තවත් එක් වෛද්‍යවරයෙක් | Just another Doctor

  27. ela says:

    නවලොකෙ ඉන්නෙ මහ හරක් බන්.. මම දවසක්.. ඩොකෙක් appointment කර.. එත් රූම් එක හොය ගන්න බරි උනා.. මම කීප පාරක් කිව්ව.. මට ඈහෙන්නෙ නෑති නිස ලියල දෙන්න කියල.. එත් හෑමොම කිව්ව එහෙම බෑ අරහෙට ගිහින් බලන්න කියල….

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: