බෑ බෑ මට බොන්න බෑ … මක්කිව්ව, ලෙමන් ජින් ! එහනං ඔන්න ඔහේ ගහමු බං.

ඉස්සර මම හැම සතිඅන්තයේම ගාල්ලෙ ගෙදර ගියාම නොවරදවාම සෙට් වෙන තැනක් තමයි වන්මෝ ගෙ ෆෝන් රෙපෙයාරින් ෂොප් එක. කරාපිටියෙ ජනක අයියලගෙ කඩේ උඩතට්‍ටුවෙ තමයි ඕක තිබුනෙ. ඔතනට මම එක්කම සෙට් වෙන අනිත් එකා තමයි රෝල. අපි තුන්දෙනාම ජූල්හන්දියෙ ඉස්කෝලෙට තමයි ගියේ, ඒ කාලෙ ඔය වන්මෝ එක්ක වැඩි ඇයි හොඳයියක් නොතිබුනාට ඉස්කෝලෙ කාලෙන් පස්සෙ හෙනම ‍ෆිට් එකක් උනා. මොබයිල් ෆෝන් අරුමයක් වෙච්ච ඒකාලෙ උගෙ කඩේ නිකං අමුතුම තැනක් මට. ඉඳල හිටල කැඩිච්ච ෆෝන් එහම දෙනව අපිට මස් කරන්න.

ඕක කියන තරමක් කියන්නෙ අතේ පැලවෙන බොරු. ඌත් දන්නව ඌ කියන බොරු අතේ පත්තු කියල ඒත් වගක් නැතුව තව බොරුවක් කියනව. නිකං ඒක උගේ හොබි එකක් වෙලා තිබුනෙ. කොච්චර රහට බොරු කියනවද කිව්වොත් ඌ මොකක් හරි කිව්වම අගහෙන ඉන්න උන් කියනව “වන් මෝ” කියල. කාලයක් යනකොට උගෙ නමට වඩා මේක ප්‍රසිද්ධ උනා ඉස්කෝලෙම.

ඉතිං සුපුරුදු විදියටම මං එදාත් ගෙදර ගිහිල්ල හැන්දෑවෙ පහට විතර ගියා මුගෙ ගුබ්බෑයමට. ඔය කාලෙ වෙකකොට මුගෙ බිස්නස් එහෙම අම්බානකට බැහැල බොරු කියලමද කොහේද ක්ලයන්ට්ස්ලට. අනික උගෙ ව්‍යාපාර පරිපාලනයනම් අන්තිමයි. දවසෙ කලෙක්ෂන් එකෙන් හැන්දෑවට බොනව, සාක්කු හිස් කරන් ගෙදර යනව.

එදා මං යනකොට වෙනද වගේම රෝල වේලපහින්ම ඇවිල්ල.

මචං මොකෝ කරන්නෙ රෝල අහනව මගෙන්..

ඕන මඟුලක් බං

අඩේ අද බොමුද බං ?

වන්මෝ එහෙම ඇහුවෙ වෙනද නොකරන දෙයක් වගේ

හා….

රෝල ගත් කටටම කිව්ව. බොන්න තියනවනං ආයෙ ඌට වෙන මඟුලක් ඕන නෑ. පහුගිය මාසෙ රට ඉඳල අපේ ගෙදර එනගමන් බෝතලයක් උස්සන් ආවෙ [මං ඒක අල්ලපු ගෙදර එකාට දීල උගෙන් බියර් කෑන් ටිකක් ඉල්ලගත්ත තාම ඒකත් ෆ්‍රිජ් එකේ]

මං දන්නව දැන් මට තට්‍ටු වෙන පොටක් තමයි කියල. මොකෝ ගිය සති දෙකේම අරුන් දෙන්න බිව්වෙ උන්ගෙ සල්ලි වලින්. අද මගේ දවස. එදා මං බියර් බෝතලයක් එක්ක අරු දෙන්න ගත්තු බීෆ් ඩෙවල් එකෙන් බාගයක්ම කාපු එක තමයි කලේ. අන්තිම ෂොට් එකට උන් දෙන්නට ඉතුරු උනේ ළූණු පෙති හතරපහකුයි මාළු මිරිස් පෙති ටිකකුයි විතරයි. මං දන්නව මුං දෙන්න ඒ ඇරියස් එකත් මගෙන් අද අල්ලනව කියල.

හා හරි හරි යමල්ල කියල කරාපිටියෙන් ගාළු බස් එකක නැඟල ටවුන් ආව. බොන්න යන ගමනක් හන්ද බස් ස්ටෑන්ඩ් එකෙ මැදින් යන්නෙ නැතුව සවුත්සිලෝන් එක ඉස්සරහින් වැටිල තියෙන පාරෙන් දැන් යනව මෝඩ ඇල පාරෙ බාර් එකට. වැරදිලාවත් ස්ටෑන්ඩ් එක මැදින් ගියොත් ආයෙ කොළඹ කිවුඑක පැත්තෙන් එලියට බහින්න වෙන්නෙ කොල්ලො පෝලිමක් එක්ක. උන් සේරටම බොන්නදෙන්න ගියොත් මට අවුරුද්දක පඩි එකතුකලත් මදි සයිස්.

වෙනද වගේම මං එලියෙ ඉඳිද්දි රෝලයි වන්මෝයි ඇතුලට ගිහිල්ල බඩු ගෙනාව.

කෝ බං මට බියර් ගත්තෙ නැතෙයි බොලා ?

අද මොන බියර්ද බං, මරු බඩුවක් ගත්තෙ අද, ඔන්න ඔහේ ගහමු බං, මේක වැඩි අමාරුවක් නෑ.

මොකක්ද බං ඒ?

ලෙමන් ජින් බං.

ලෙමන් ජින් හ්ම්… නම නං වැඩිය අවුලක් නෑ. ලෙමන් නේ.. අරක්කු තරං කට හාරං යන්නෙ නැතුව ඇති. අනික මං ඇති තරං ලෙමන් බීල තියෙන්නෙ තාත්තලගෙ ගමේ ගියාම. එහේ තේ වතුවල තේ පඳුරු එක්ක හරි හරියට ලෙමන් ගස් නෙ.

ඕන වෙඩිමක් කියල “හා හා එහෙනං කමක් නෑ බීලම බලමු”

කියල අපි තුන්දෙනා ඇල අයිනෙ චීනගෙ චයිනීස් එකට ගියා බයිට් එකට ඩෙවල් එකක් දාගන්න. වෙන චයිනීස් කඩවල් වගේ නෙමේ මේක ඇත්තටම කරන්නෙ චීනෙකුයි පොරගෙ චීනියි. විනාඩි දහයකින් ඩෙවල් එක රෙඩී. ඒකත් අරං ආයෙම දැං අපි කො‍ටුතාප්පෙ දිහාට ඇවිදං එනව.

“මචං පොඩ්ඩක් ඉඳපං” කියල වන්මෝ වඩේ කරත්තයකින් රුපියල් දෙකේ වඩේ මල්ලකුත් අරං උගෙ තඩි කලිසං සාක්කුවෙ ඔබාගත්ත. ෂුවර් එකටම ගියපාර මං උන් දෙන්නගෙ ඩෙවල් එක වේලපහම ඉවරකරපු නිසා වෙන්න ඇති. ඒක හන්ද ම අහන්න ගියේ නෑ වඩේ මොකටෙයි කියල. නිකං ඉල්ලං කෑමක්නෙ ඒක.

තුන් දෙනාම රෑන්පාට් ගිහිල්ල කො‍ටුවෙ පන්සලයි ආමි කෑම්ප් එකයි අතරෙ තැනින් තැන ගල් ගෙඩි තියන හීතල තනකොල බිස්සෙ සනීපෙට වාඩිවුනා. හරියටම අපිට මීටර් විස්සක් තිහක් විතර ඉස්සරහින් තියන කො‍ටුබැම්මට මුවාවෙලා ඉර බැහැගෙන යනව. පොඩ්ඩක් පල්ලහායින් සෙට් එකක් ක්‍රිකට් ගහනව. ඔය ඉන්ටර්නැෂනල් මැච් වගේ නෙමෙයි අපේ කට්ටිය බෝලෙ පේන්නෙ නැතිවෙනකං සෙල්ලං කරනවනෙ. ඊට තවත් ඩිංගක් එහායින් පවුල් පිටින් ඇවිල්ල ඔහේ වාඩිවෙලා ඉන්නව. සමහර පොඩි උන් තනකොල බිස්ස පුරාම දුවනව පස්සෙන් එලවන් එන අම්මලගෙන් බේරෙන්න. ඒ අස්සෙ කො‍ටුබැම්මෙ කපොළු අස්සෙන් ජෝඩු කුඩ අකුලන් ඇඳුම් එහෙම පිළිවෙලකට හදාගෙන එලියට බහිනව රෑ වෙන්න කලින් ගෙදර යන්න. ඉස්සෙල්ලම බහින්නෙ කොල්ල. ඌ වට පිට බලල අණතුරක් නැත්නං කෙල්ලත් බස්සවාගන්නව බිමට. ආයෙ ඉතිං එතන ඉඳං හරිම නිවිච්ච ජෝඩුව අත් පටලවාගෙන පිට්ටෙනියෙ මැදින් දුවන පොඩි එකෙකුගෙ දෙන්නෙකුගෙ ඔළු අතගාගෙන හෙමීට පල්ලම් බහිනව.

ආ මචං…

මං වටපිට බල බල ඉන්න අතරෙ අරුන් දෙන්න බෝතලේ කඩල බාර් එකෙන්ම ගත්තු ප්ලාස්ටික් කෝප්පෙට මගෙ වඩියත් වක්කරල.

චියර්ස්….. සිරිපාල…. කියල සව්දිය පුරන්න ගත්ත.

හප්පේ නහයට කිට්‍ටු කරන්න බෑ නෙව මේකෙ ගඳ. නිකං ඔළුව කැරකෙනව වගේ. එහෙමයි කියල වීසිකරන්නෙයි. නහය වහං දීල ඇද්ද උගුරක්.

බුදු අම්මෝ….

“මචං අප්සට් නං තව ස්ප්‍රයිට් ටිකක් දාගනින්” කියල රෝල මට ස්ප්‍රයිට් බෝතලේ දික් කලා. මාත් ආයෙ කට කපල වක්කරගත්ත.

ම්….. දැන් නං අර කලින් පාර වගේ පල් රහයි සැරයි නෑ. වෙනද වගේ ඩෙවල් එකේ මස් කෑලි ‍තෝරගෙන දෙනව වැඩේ.

ඩිංගෙන් ඩිංග මාත් කෝප්ප දෙකකට විතර වග කිව්ව. හැබැයි ඉතිං ස්ප්‍රයිට් කෝප්පෙකට ලෙමන් ජින් බින්දු තුනහතරක් විතර දාගෙන තමයි. ඒ අතරෙ අරුන් දෙන්න බෝතලේ අඩිය බල්ලත් ලෑස්තිය.

මට දැං එනව හෙන චූ බරක් ! මචං මං හාවෙක් අල්ලන්න යනව කියල ඩිංගක් එහාට වෙන්න තිබුන ගල් පොත්තක් උඩට නැඟල කො‍ටු තාප්පෙ දිහාට චූකරනව. අපෙ අප්පෝ ඇඟට වදින මූදු හුල‍ඟෙ සනීපෙ. කියල වැඩක් නෑ.

ඔහ්.. එකපාරටම නිකං පපුව හිරවෙන්න වගේ ආව. ආයෙ බඩ ඇතුලෙ ඉඳල මොකක්හරි පෙනහැල්ලයි අනිත් දේවලුයි උඩට තල්ලු කරනව වගේ.

ඕක්… ඕ…….

යටින් චූ යනව උඩින් කබරය පාරක් බොහොම සනීපෙට යනව. මම දන්නෙ නෑ වෙන කවුරුවත් ඔහොම අද්දැකීමක් විඳල තියනවද කියල. මහ අමුතුම දෙයක් ඔය දෙකම එකට වෙනකොට.

ඊට පස්සෙනං ඔන්න මට අම්බානෙක අමාරුයි. පපුවම දනව. අර ගිලපු මස් කැලි ආපහු ගියපයින්ම ආපහු ආවනෙව කඩාගෙන. ඒ ආපු වේගෙට උගුර තුවාල වෙලාද කොහේද. ඔළුවත් කැරකෙනව හරි වේගෙන්. ඩිංගක් එතනම වාඩිවෙලා ආයෙ උතුර දකුණ මීටර් වුනාම පල්ලම් බැහැල අරුන් දෙන්න ඉන්න තැනට ගියා. උන් දෙන්නටනං වගේ වගක් නෑ. තනකොල බිස්සෙ උඩුබැලියන් අතට හාන්සිවෙලා තරු ගනන් කරනව.මාත් උන්ට සෙට් උනා තරු ගනං කරන්න. මොන ගනන් කිරිල්ලක්ද ,මේ ගනන් කරන තරුව තව ඩිංගකින් දෙකක් තුනක් වෙනව. ඩිංගවෙලාවකින් මං ඒක අතෑරල දැම්ම.

මචං යමංද දැං. තව පරක්කු උනොත් බස් නැතිවෙයි බං.

හ්ම්.. වෙලාව කීයද බං.

දහයයි කාලයි බං.

බුදුඅම්මෝ..මගෙ වෙරි කොහෙන්ගියාද මන්ද. යමං යමං කියල දඩි බිඩි ගාල නැගිට්ට. ඒත් ඒ නැගිට්ට වේගෙන්ම ආපහු වීසිවෙලා ගිහිල්ල පස්ස ඇනුන බිම.

වන්මෝ මගේ අතින් අල්ලල නැගිට්ටෙව්ව. ආයෙ ඌ නෙමෙයි මගේ අත අතෑරියෙ ස්ටෑන්ඩ් එකට එනකන්ම. මට සිහියක් නෑ ඒ අතරෙ වෙච්ච මේලෝදෙක් ගැන. බස් ස්ටෑන්ඩ් එක හද්දා පාළුයි. බද්දේගම බස් නවත්තන තැන ඈතින් බස් එකක් තියනව වගේ දැකල අරුන් දෙන්න මාව එතනට එක්කන් ගියා.

මචං රෝල, ඇපල් ගෙඩියක් අරන් වරෙන් මචං අර කඩෙන් කියල ඉස්සරහ නයිට් කඩේකට වන්මෝ අරූව යැව්ව.

ඇපල් මක්කටෙයි බං මේ රෑ, අක්කගෙ පොඩි එකාටෙයි?

නෑ බං බොට

මට අහවල් එකකටෙයි ඇපල් ?

උඹ ඔහොම ගෙදර ගියොත් එලවගන්නව ෂුවර්, ඉඳා..  මේක කාපන් එතකොට ඔය අමාරුව අඩුවෙයි කියල රෝල ගෙනාපු ඇපලෙ දුන්න.

ප/ලි : ඊට පැය බාගෙකට පස්සෙ හිරිඹුර හන්දියෙන් බහිද්දි ආයෙ කොල්ල සිංහය වගේ බස් එකේ එක පඩියක් මිස් කරන්නෙ නැතුව ගානට බැස්ස. ඔය මං බීපු අන්තිම දා. ඊට පස්සෙ ඕනෙනං බියර් එකක් බොන්න ඇති වැඩිම උනොත්.

ප.ලි : මටත් රයිටර්ස් බ්ලොක් සෑදී ඇත. හපෝ…… !
ප.ප.ලි : අවුරුදු දවසෙ තාත්තයි මාමයි දෙන්න බියර් වලට වැඩේ දීල තිබුන මටත් හොරෙන්.

Advertisements

46 Responses to බෑ බෑ මට බොන්න බෑ … මක්කිව්ව, ලෙමන් ජින් ! එහනං ඔන්න ඔහේ ගහමු බං.

  1. sameera says:

    ලෙමන් ඔච්චර අමාරුද ? වෙන්ඩ බෑ

    කැමතියි

  2. වැප් says:

    හ්ම් … අපිට නැහැනේ ඔයි වගේ අත්දැකිමක්

    කැමතියි

  3. ලෙමන් ජින් වදින්නේ තැපෑලේ… කියල වැඩක් නෑ ෆන් එක… මම එක පාරක් ටැස් කරලා තියෙනවා. එදා ගෙදර ගියේ මල්ලිව ගෙන්න ගෙන උගේ කරේ… භාගයක් දුරට යද්දී සේප්…

    අර දෙකම එක පාර වෙන සීන් එක තමා මරු… මට හිතෙන්නේ නවම් අයියා චූ නාන්න ඇති නේ…?

    කැමතියි

  4. asanka says:

    නියම ඇඩෙන්චර් ගමනක්නේ…අපිනම් සෙට් වෙන්නේ රෑම්පාට් එක උඩ…උඹ කීවත් වගේ චීනගේ කෑම නම් මරු.ඒත් ඉතින් උගෙ බොන්න දෑන් නෑ නේ.පාලය ගවට ගියොත් ඉතින් උගේ හම්පඩ රයිස් එකයි වතුර දාපු සෝසුයි තමයි.දෑන් ඉතින් කොටුවෙ සෙට් වෙන්නත් බෑ නේ බන් හදිස්සියෙවත් පොලිසිය පෑන්නොත් බඩුම තමයි….

    කැමතියි

    • නවම් says:

      ගාල්ලෙ කොල්ලෙක්ම තමා කො‍ටුවෙ බොනකොට තියෙන ආතල් එක දන්නෙ. අපරාදෙ එහෙනං ඒ ආතල් වලටත් පොලීසිය පොල්ලක් දාලද.
      කතාකරන්න එපා පාලයගෙ පොට් එක. හප්පා චාටර්නෙ උගෙ රයිස් එක. බුවා ඔය කළුවැල්ලෙ හරියෙ “දුන්හිඳ” කියල පොට් එකකුත් ඒ දවස් වල කලා නේද?

      කැමතියි

  5. ඔච්චර අමාරුවෙන් මොකටෙයි බිව්වේ.

    කැමතියි

  6. Ravi says:

    හෙහ්, හෙහ්…..ඔන්න මලේ මටත් මත්පැං හා මුත්තරා ගැන කතාවක් මතක් උනා.

    මේ අකරතැබ්බෙ උනේ, පරාක්කරම සමුද්දරේ පල්ලෙහා පැත්තෙ දවසක සැට් වෙච්චි වෙලාවක.

    මට එදා නයා ගැහුව වගෙ කලිම්ම වැදුනා. එහෙම දවස් තියෙනවනෙ. මම හිතන්නෙ තත් කාලය, ගිරහ පිහිටීම් වගෙ මොනවයින් හරි බල පෑමක් ඇති.

    අනික් එවුන්ට ගානක් වත් නැහැ. ” උඹ පොඩ්ඩක් ඇලවෙලා හිටු එහෙනං” කියල ගහනව හිටු කියල.

    ටිකකිං මට ආව, යටි බඩ පුපුරන්ඩ වාගෙ මුත්තරා බරක්. හෙමිහිට ගල් ගෙඩි එහෙම අල්ලගෙන, නැග්ග වෑ කන්ද දිගේ මැදක් හරියට. ඒ කරල මහ ගලකට හේත්තුව දාල එහෙම, බර හෑල්ලු කිරිල්ල පටං ගත්ත. මාර හුළඟ, මාවත් විසි වෙන්ඩ වගේ.

    ටිකකිං මට ඇහෙනව අපෙ එවුන්ගෙ කතා බහ.

    ” ඒයි, මළ කෙලියයි බං, වහින්ඩ එනව වගේනෙ ”

    ” උඹට ඩෝප්ද බං? මොන වැස්සක්ද, මේ අහසෙ එක වලාකුළක්වත් නැතුව”

    ” නෑ, නෑ, බං මේ හිරිකඩක් එන්නෙ, මේ බලාපංකො ”

    ” අඩේ ඇත්තම තමයි, අනික මේ…….ම්ම්ම්ම්ම්, මේ වැහි බිංදුවල මහ වහුතු ගඳකුත් එනවනෙ බං, හපොයි……..ගන්දස්සාරෙ බැහැ නෙව ”

    ” අඩෝ, ආං අර ……..පුතා, අතන හුජ්ජ කරනවා. යකෝ මූ කෑවම හිත් වදිනවද? “

    කැමතියි

  7. ආයෙමත් බේබදු කතා රැල්ල හිස ඔසවාගෙන එනවද මන්දා.

    කැමතියි

  8. ශික් විතරක් මේ සයිබරේ ඉන්න තරමක් ඉන්නෙ බේබද්දො නෙව . . . . මෙවුව අහල නොබොන අපිටත් බොන්න හිතෙයිද මන්ද ???

    කැමතියි

  9. Observer says:

    ඕනය, සය්බර් සැණකෙළියට ඇවිල්ලත් කිව්වෙ අද නං බොන්න බැහැ, හාමිනේත් එක්ක ආවෙ, කාටත් පේනවනෙ එයා ඉන්න තත්වෙ, ඒ ඇරෙන්න තව රෝද තුනේ එකක ආවෙ එහෙම කියල.ඒ වුනාට ජාතිය {බ්‍රෑන්ඩ්} එක බලල ඒ ජරාව නං බොමු කියල එහෙම ලාවට, අනිත් එවුන්ට මදි වෙන්නත් එක්ක ඇන ගත්ත.

    කැමතියි

  10. Anushka says:

    මම නං ඔව්වට නෑ ඕන්න..එකපාරක් දුංකල කෑල්ලක් එක්ක බුලත් විටක් කාල නන්නත්තාර වෙලා හිටියා. ඉතින් අපි නොබොන සෙට් එකේ

    කැමතියි

  11. “බද්දේගම බස් නවත්තන තැන ඈතින්”

    ඔය තියෙන්නේ අපේ රූට් එකත් ගැවිලා…ඒක නෙවේ අයියා කොයි හරියෙයි?හිරිඹුර?

    කැමතියි

  12. Alchemiya says:

    සාටර් නේ….
    අපි නං බොනකොට බොන්නෙ අයිස් කැට ටිකක් දාගෙන එහෙම පිළිවෙලකට…. ඒ වගේමයි වැදීගෙන එනව වගේ දැනෙනකොට දෙයියනේ කියලා නවත්තන්න සිහිය තියෙනවා… ඒ නිසාම තවම කබරයා දාන්න වැදිලා නෑ…..

    ඒක නෙවෙයි හැබෑටම… හිරිඹුර කොහි හරියෙයි ඔහේ හිටියෙ…

    කැමතියි

    • නවම් says:

      හිරිඹුර හන්දියයි උළුවිටිකෙ ඉස්කෝලෙයි අතරෙ, පන්සලටත් මෙහායින් පාරක් තියෙනව වම් අතට හැරෙන්න. ආං ඒ පාරෙ තමයි අපේ ගාල්ලෙ ගෙවල් තියෙන්නෙ.

      කැමතියි

      • Alchemiya says:

        අයියෝ ඔය පාරෙ මම ගිහින් තියෙනවා අනන්තවත්…
        ඔය පාර පටන් ගන්න තැන තමයි මහින්දෙ බුද්ධාගම උගන්නපු බුද්ධදාස සර්ගෙ ගෙදර තියෙන්නේ…
        ටිකක් දුර ගියාම මගෙ යාළුවෙක්ගේ අයියා කෙනෙක්ගේ ගෙදරක් තියෙනවා… අපි එහේ පාඩම් කළා.. යාළුවගෙ නම පියතිස්ස, ගියේ ඇලෝසියස් එකට…
        ඒ යාළුවගෙම ඥාති සහෝදරයෙක් හිටියා චාමර කියලා… දන්නවත් ඇති…
        යාළුව හිටිය ගෙදර අයියා හෙන ඉලෙක්ට්‍රොණික් වැඩ කාරයා… කරාපිටියෙ පැත්තේ ඉලෙක්ට්‍රොණික් බඩු කඩේකුත් තිබුණා….
        දන්නවද බලන්න මේ විස්තරේ..

        කැමතියි

  13. Beetle says:

    මේක කියවද්දි පරණ සිද්ධියක් මතක් වුණා… ඉස්කෝලේ යන කාලේ අපි යාළුවෝ තුන් දෙනෙකුටත් හිතුනා බොන්න… උවමනාවකට නෙවෙයි නිකං අත්හදා බලන්නත් එක්ක… ඔන්න තාප්පෙන් පැනලා, අම්මයි තාත්තයි දෙන්නම ඔ‍ෆිස් යන එක යාළුවෙකුගේ ගෙදර ගිහින් යුනිෆෝම් ගලවලා බෑග් වල දාගෙන තුන්දෙනාම උගේ ඇඳුම් ඇඳගෙන පිටත් වුණා…

    ඔන්න ඔය හොරණ පැත්තේ රබර් වත්තක් වගේ ප්ලේස් එකක පොඩි දොල පාරක් එහෙම ගලාගෙන එන පොට් එකක්…මට නම හරියටම මතක නැහැ…ඇලකන්ද වගේ නමක් තමයි මතක… තිත්ත කසාය බොනවා වගේ කෙළ ගහ ගහ අමාරුවෙන් බෝතල් බාගයක් විතර බිව්වා… ඉතුරු ටික බීගන්න බැරුව හැලුවා… මට නම් ඔළුව කැරකෙනවා ඇරෙන්න මෙළෝ අවුලක් තිබුණේ නෑ, අනිත් උන් දෙන්නා නම් කියවනවා කියවනවා ඉවරයක් නෑ… සිංහල මල පොතේ අකුරක් බෑ වගේ ඉංග්‍රීසියෙන් විතරයි කතාව…

    වැඩි වෙලාවක් ගියේ නෑ එක පාරම පොලිස් ජීප් එකක් ඇවිත් බ්‍රාස් ගාල නැවැත්තුවා… හිංදි පිචෑර් එකක වගේ පොලිස්කාරයෝ ගස් ගල් පෙරලගෙන දුවගෙන ආවා… මෙච්චර වෙලා එතන හිටියද කියලා අපිවත් දැනගෙන හිටියේ නැති කපල් දෙක තුනක් බෙල්ල මුලින්ම අල්ලගත්තා…සමහර උන් දුවන්න ගිහින් වැටිලා එක කළබලයයි… අපි නම් නැගිට්ටෙවත් නෑ… පොලිස් කාරයෙක් ළඟටම ඇවිල්ලා යන්න කතා කරනකල් …

    මගේ අනිත් උන් දෙන්නට එකසිය ගානට වැදිලා… එකෙක් කබරයා දානවා නිකන් ගිනි නිවන හමුදාවේ හෝස් එකෙන් වතුර විදිනවා වගේ… කොහොම හරි කපල්ස් ටික ඉස්සෙල්ලාම ජීප් එකට නග්ග ගත්තා… ඉඩ තියෙන තැනක් බලලා මාත් වාඩි වුනා… ඔලුව කැරකෙන හින්දා දෙකට නැවිලා හිටගෙන යන්න අමාරුයිනේ… අරුන් දෙන්නට නගින්න කිව්වම උන් දෙන්නා නගින්නේ නැතුව ඉංග්‍රීසියෙන් අයිනේ සීට් එකට රංඩු වෙනවා… පොලිස් කාරයින්ටත් හිනා… එක පාරම අරූ ඕක් ගාලා වමනේ පාරක් විද්දා රාළහාමිගේ පොලිෂ් කරපු සපත්තුව ගාවින්ම ලෑන්ඩ් කලේ… යන්තම් බුවා වැඩකෑල්ලක් දාලා බේරුණා…

    සමහරවිට කට්ටියට තේරෙන්න ඇති ජීප් එකත් හෝදන්න වෙන කුණු සීන් එකක් තමයි කියලා, කොහොමහරි මටත් බහින්න කියලා ටිකක් දුරින් තියෙන තේ කඩයක් පෙන්නලා ඒකට ගිහින් දෙහි ටිකක් ඉල්ලගන්න කියලා කාරුණිකව උපදෙස් දීලා උන් යන්න ගියා…

    ඊට පස්සේ ගෙදර ගිය හැටි ලියන්න ගියොත් මේක පෝස්ට් එකට වැඩිය දිග වෙනවා… ඒක නිසා මෙතනින් නවත්තන්නම්… 🙂

    කැමතියි

  14. මලිය says:

    ඔන්න මම අත ඉස්සුවා, මට ඔය සීන් එක වෙලා තියනවා, කියනවා වගේ නෙමේ ඕක බොක්කෙන්ම පට්ට ආතල්, මට ඕක බොක්කටම වැදුනෙ නුවර’එළියෙ ඉදල පල්ලම් බහිද්දි වංගුත් එක්ක සැප කනේ, කන අතේ

    කැමතියි

  15. උඩින් කබරයා. ඉස්සරහින් 1. පිටිපස්සෙන් 2ත් යන්න තිබුනේ.
    ෆන් ආතල් තමයි ආ…

    කැමතියි

  16. අපෝ ලෙමන් ජින් නම් මයි ෆේවරිට් අතේ ඇති ගනනට වදින දෙයක් ඕන නිසා මම වැඩි පුරම ගහන්නෙත් ඒවම තමයි ලෙමන් ජින් බීවම මගේ උගුරත් අවුල් යනවා . අන්න ඒ අවුලනම් හොඳාකාරවම මටත් තියනවා . අනික මම ලෙමන් ජින් ගහන්නේ ඔය සැන්ඩි එක්ක නෙවේ . අමුවෙන් .. එහෙම ගහද්දී සාමාන්‍යයෙන් අමුතුම ආතල් එකක් තියනවා . අඩො වීරයා වගේ කියන්නේ එක පාරක් ඇරෙන්න මම බීපු ඉතිහාසේ කිසිම දවසක කබරයා දාලා නෑ…. මුල්ල පටස් ගහපු දවසේනම් ගියා

    නවම් අයියේ රයිටර් බ්ලොක් කියන්නේ මොකද්ද ?

    කැමතියි

  17. නවම් says:

    රයිටර්ස් බ්ලොක් ගැන අපේ කතන්දර සූරීන් ලියපු පෝස්ට් එකෙකින් තමයි මාත් ඒ ගැන දැන ගත්තෙ. ඔය කියන්නෙ මෙලෝදෙයක් ලියාගන්න බැරිවෙන එකටනෙ. මොකක් උනාද මංද. මේදවස් වල ලියවෙනව හොරයි.

    කැමතියි

  18. වැඩ බැරි වුනත් ගම ගාල්ලෙ කියන්නෙ නිකන්ද අයියෙ……මම කරාපිටියෙ බුවෙක් තමා ආයුබොවන්ඩ…..

    කැමතියි

    • නවම් says:

      හහ් ! ගජංමලයෝ… කුරුං ගුරුං නං නිතරම මේ පැත්තෙ එනව නෙව. සන්තෝසයි අඳුරගත්තට. දැං කරාපිටියෙ කොමර්ශල් බැංකුව තියන තැන තමයි ඔය මම කියාපු ෆෝන් ෂොප් එක තිබුනෙ. අපි එහෙනං අහල පහල නෙව ඉඳල තියෙන්නෙ. අවුරුදු දෙක තුනකින්ම ඔය පැත්තෙ එන්න බැරිඋනා නෙව.

      කැමතියි

  19. ඔව් ඔව් මම දන්නව පොට් එක..අයියව අඳුරගත්ත එකටත් සතුටුයි.

    කැමතියි

  20. nihal says:

    මමත් හොඳට බීපු කොල්ලෙක් .. හරිය..?
    අපෙ යාලුවෙක් හිටිය දල්පයා කියල. අපි කාටවත් ඌ පෙන්නන්න බෑ බොනවෙලාවට. ඌ බොන එකෙක් නෙවෙයි. ඒ උනාට බයිට් එක ඉවර කරනවා.ඔහොම බීපු දාක, බස් ස්ටර්යික් දවසක කොළඹ ඉඳල ගම්පහ වතුරුගමට පයින් ගියා කීවාම කවුරුවත් විශ්වාස කරයිද මන්ද ?

    කැමතියි

  21. බීලා කබරයා යනවා කියන්නෙ හොදි ඕන්නෑ………….

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: