අපේ මාමණ්ඩිගෙ හිතේ තිබිච්ච බය අහවරයි ඕං


හ්ම්…. හැබෑටම මේ කෙල්ලට මංගල්ලයක් හරියන්නෙ නැති හැටි.

මොන හෙනයක් ගහලද මංද. ගේනෙ ගේන එකාගෙ මොකක් හරි ඇදයක් පේනවනෙව මේකිට.

ඕං හාමිනේ මටන මීටපස්සෙ කියනව නෙමෙයි මේකිට මිනිස්සු හොයන්නෙයි කියල. ඔන්න ඔහේ යන්න බැරිනං ගෙදර ඉඳපුවාවෙ. මෙච්චර කල් කන්න දුන්න වගේ ඉතුරුටිකත් ඇහැක් හැටියකට කොරනව. [ඕං බලන්ට අපේ මාමණ්ඩිගෙ හින්නංකිතර මොලේ]

කලබල වෙන්නෙ නැතුව ඉන්න ඒයි. වෙලාව ආවම කෙලීට හරියයි. මොකෝ තාම දීගතල දෙන වයස පහු උනාය. [ඒකත් හැබෑව. වයස හතලිහයි තරුණ පෙණුමැති කියලනෙව පත්තරේ වැඩි හරියක් එව්ව තියෙන්නෙ – අනේ නැන්දම්මේ…]

හැබෑටම මොකෝ දුවේ මේ…

හිත ගිය කවුරුහරි ඉන්නවැයි ඇන්.ටී, ඇස් එකේවත්?

අම්මට විකාර…. [හික්……]

ඔව් ඔව්, අම්මටයි දූටයි දෙන්නටම විකාර. මේව්ව බල බල ඉඳල මටත් දැන් විකාර. ඒක හන්දමද කොහේද එකෙක්වත් කැමති වෙන්නෙ නැත්තෙ. අනේ අම්මප මාත් ඉතුරු උනානෙව මේ නාඩගං බලන්න. ඇයි උලව්වෙ නහින දෙහින කාලෙ අපිට හිත සැනසිල්ලක් නැති හැටි. [දීලත් ඉඳී කියල තමයි බය]

උඹ රටේ ලෝකෙ කරක් ගහන එකී. අර තුන්සීය හැටපස් දවසෙම හෙයි මුල්ලෙ ඉඳපු සෝමෙගෙ බාල කෙලී රජෙක් වගේ එකෙක් එක්ක දීග ගියේ. ඔය හන්දියට ගිය වෙලේ දැකල ඇවිල්ල ගෙදරින් අහල ලු නෙව. [කොයි ගෙයි මුල්ලෙද දන්නෙ නෑ උන්නෙ]

දැං තාත්ත මටත් කියන්නෙ රස්සාවත් නොයා හන්දියෙ කඩේ ගාවට වෙලා ඉන්නෙයි කියලැයි කැන්දං යන්න එනකං?

ට්ලිං ටිලිං……..

අන්න පියුං ඇවිල්ල. බැලුවනං මෙහාටත් ලියුං තියෙයිද කියල.

ආ… මෙන්න…

සුමාන තුනකට කලින් පත්තරේ දාපුවට තාමත් උත්තර එනවැයි… ඔන්න ඔහේ කඩල බැළුවනං.. [වේලි වේලි ඉන්න එකෙක් වෙන්ඩැ මෙච්චර පරක්කු වෙලා]

හ්ම්…… ආ….. මේං මේ කේන්දර කොපියනං ටක්කෙටම හරි වගේ. [අනේ උලව්වේ…..]

අනේ මේ.. ඔහොම හරිය කියල කීයක් නං බැළුවද…

එහම කියන්නෙ එපා ඒයි. ඔන්නෙ ඔහේ ගුරුන්නාන්සෙ අයියට කියල මේකත් බලවගෙන ආවනං. [මොකෝ සල්ලි ගන්නවැයි කියලැයි]

හ්ම්.. කෝ මයෙ සෙරෙප්පු දෙක හොයල ගන්නවකො එහෙනං. ඒක කොයි වෙලාවකවත් තියාපු තැන නෑ නෙ ඇවිදිනවනෙ වත්ත පුරාම.

අන්න ලිඳ ගාව තිබුන මං දැක්ක. ඔහේ ම නෙ දොරකඩ රඹුටං ගහට වඳුරො පැනල කියල සෙරෙප්පු දෙකත් දාල වැට ඉනනකුත් උගුල්ලං ආවෙ. ඒ වෙලාවට ඉතිං සරම ඇ‍ඟේ තියෙනවද කියලත් සිහියක් නෑ නෙ.

ප/ලි : අර ලියුං කරදහියෙ තිබුනෙ මයෙ වේලපත්කඩෙයි කියනවනෙව.
ප/ප/ලි: මොන එහෙකට මේ යෝදි මට බහ දුන්නද කියල උන්දැ තියා දෙයියො වත් දන්නෙ නැතුව ඇති.

Advertisements

49 Responses to අපේ මාමණ්ඩිගෙ හිතේ තිබිච්ච බය අහවරයි ඕං

  1. ඔය කියන්නේ සුදු මැනිකේ අක්කා ගැනවත් ද ? අනේ අනේ නවම් අයියේ.
    නියමෙට ලියලා තියෙනවා:)

    කැමතියි

  2. ආයී නෝනට කියල හැක් කරවගනින්කෝ….කාටද ආඩම්බර?ගම හාමිනේ දෙවෙනි වතාවටත් හැක් කොරහම?

    කැමතියි

    • නවම් says:

      හික් හික්.. මේ පාර පාස්වර්ඩ් එකට දැම්මෙ මගෙ උපන්දිනේ නෙව. උන්දැට හැමදාම ඕක අමතක වෙන එකේ බයක් නෑ ඕං ආයෙ නං.

      කැමතියි

      • Alchemiya says:

        හැබෑට කවදද නවම්ගේ උපන් දිනේ… අපිට කාඩ් එකක් එවන්න….
        ඒක නෙවෙයි ඇන් ටී ඇස් කියන්නෙ අහවල් එකක්ද ? නොදන්න අපිට දැනගන්නත් එක්ක කියමුකො බලන්න….

        අපේ මාමණ්ඩිට නං දෙතුන් පාරක් හාට් ඇටෑක් හැදෙන්න ඇති… මමයි ඇල්කෙමිච්චියි දෙතුන් වතාවක් මාට්ටු වෙලා තියෙනවා…. අනේ ඒ අසරණ මනුස්සයා ඒකි මටම බන්දලා දුන්නා නේ…. (වෙන කවුරුවත් හිටියෙ නැද්ද මන්දා…. )

        කැමතියි

        • නවම් says:

          ඇන්. ටී. ඇස් කියන්නෙ ඔය “බෙහෙත් බඩු” ඉගනගන්න තැන නෙව. ගාල්ලෙ එක නං තියෙන්නෙ මහමෝදර ඉස්පිරිතාලෙට ඩිංගිත්තක් විතර මෙහාට වෙන්න.

          එහෙනං මං වගේම ඇල්කෙමියත් ආනන්තරීය පුන්‍යකර්මයක් නෙව පපුව ඉස්සරහට දාල කොරගෙන තියෙන්නෙ. අසරණ මනුස්සයෙකුගෙ පපුවෙ පත්‍ටුවෙන ගින්දර නිවන එකත් සුළු ප‍ටු යැ.

          කැමතියි

  3. නදී... says:

    නියමෙට ලියල තියනව නවම් අය්යෙ.එක හුස්මට කියෙව්වා.ඒ අක්ක පව්…ඕං ආයෙත් හැක් කොරයි බලාන ඇ…හැබෑට අපේ අම්මලත් ඔකොම කියනවද දන්නෙ නෑ හි හී…මටත් ඔය එක එක් කෙනාව කම්පෙයාර් කරල කියන කතා තමයි අහන් ඉන්නම බැරි.අරය මෙහෙමයි මෙයා මෙහෙමයි.ආ ඒ කෙල්ලට දැන් හොදයි.මෙයා තමයි මේ ඔක්කොම හොයන්නෙ බ්ලා බ්ලා… :/

    කැමතියි

  4. ඕනයා says:

    ඇන්. ටී. ඇස්. එකේ නගාලට කසාද හරියනව අඩුයි . . . . . ඇයි දන්නවද ??? එයාල හැමදාම රෑට “ලයිට් ඕෆ් කරල නිදාගන්න” කියල පු‍ටුවට වෙලා නිදාගන්නවනෙ . . . .

    කැමතියි

  5. හා චූටි මැණිකෙට කියලා ආයෙත් පාරක් හැක් කරගන්න තමා ඔය ඉතින්. එතකොට අපිටත් බැරියැ මේ කතාවෙ චූටි මැණිකෙගෙ වර්ෂන් එක අහගන්න.

    කැමතියි

  6. මළ හත්උලව්වක් වෙනවා තව ඩිංගෙන්. මම කියවද්දිම හොඳවයින් කොමෙන්ට් එකකුත් ලෑස්තිකරගෙනමනේ කියෙව්වෙ.

    මමත් හෝල් එකේ සිංහල පික්චර් බලන්නා වගේ අන්තිම ටික ඈරලා කමෙන්ට් කරා නං මැණිනා නැන්දා හැක් කරන්නෙ මාමගේ එක නෙමේ මගේ බ්ලොගේ……..

    පලි කෑල්ල දැක්කා විතරයි හිතේ තිබ්බ කොමෙන්ට් එක විතරක් නෙමේ කටේ තිබ්බ කෙල චිංගටත් වෙච්ච දෙයක් නැති උනා ඕං මාමේ.

    -මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.

    කැමතියි

  7. මටත් අර අන්තිමට ඇහුව පස්නෙම අහන්න හිතෙනවා බං…

    මොනා වුනාම මොකෝ නවම් අයියගේ සූකීරි කැටේනේ… අර එදා තෙම්මලා හදපු උන හොඳද දැං…? නාකි විසේ.. හැට පැනලත් මුං දෙන්න බය නැතුව වැ​ස්සේ තෙමෙනවනේ…

    කැමතියි

    • නවම් says:

      මාත් ඉඳල හිටල ඒක උන්දැගන් අහනව. අනේ උන්දැට කියන්න උත්තර නෑ නොවැ ඒ වෙලාවට. දත කට පූට්‍ටු වෙලා ඇස් දෙක රතු වෙලා කන් දෙකෙන් දුං එනව විතරයි.

      උණ නං හොඳා, ඇයි අහල නැද්ද හැට පැන්නත් වඳුරො බිමින් යන්නෙ නෑ කියල කතාවක්.?
      එහෙම නැත්නං අඩුම ගානෙ වැඩ බැරි උනත් ගම ගාල්ලෙ කියලවත් ?

      කැමතියි

  8. හිහ්..හිහ්… මේකනම් මරු… සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. පෝස්ට් දෙක තුනක්ම මග ඇරිලා. ඒ ටිකත් කියවලම එන්නම්… 🙂

    කැමතියි

  9. දුකා says:

    මම නම් අපේ මාමන්ඩිට දුන්නු නිදහස ආපහු පොලී එක්කම ගෙවලා තියෙන්නේ මේ දවස්වල (පවුලයි ළමයි දෙන්නම මේ ටිකේ එයාලගේ මහගෙදර ) හික් හික් හික්

    කැමතියි

  10. පට්ටම පට්ටයි හො‍ඳේ….. මේ බ්ලොග් එක මෙච්චර කාලෙකට සෙට් වුනේ නෑනෙ….. 🙂

    කැමතියි

  11. මටනම් මාමන්ඩිලා නැන්දම්මලා පේන්න බෑ . මගේ ජීවිතේ මම බොක්කෙන්ම කරපු තුන් වෙනි ලවු එක කඩා කප්පල් කරන්න මුල් උනේ මගේ වෙන්ඩ හිටපු නැන්දා සහ මාමා . කෙල්ලව දාගන්න එක ගේමක් නෑ .. නැන්දම්මා ඇන් මාමා තමයි වට්ටගන්න අමාරු . නවම් අයියේ ඔයා කොහොමද මාමාව සෙට් කරගත්තේ ? …

    ධනපති පන්තියේ මාමන්ඩිලා හිතාගෙන ඉන්නේ අපිවත් සල්ලිවලට ගන්න පුලුවන් කියලා මටනම් ඒවගේ මාමලා කීප දෙනෙක් ගැනම හොඳ අද්දැකීම් තියනවා ..( මගේ යාලුවන්ගේ කේස් වලදී ) මාමලා නැන්දලා හොඳ උනොත් ආයේ මොකටද අයියේ දෑවැද්දක් ? ඒ හොඳටම ඇති ..

    කැමතියි

  12. සෝරෝ says:

    මාමන්ඩිගේ හිතේ තිබුන බය දැං නැති වෙලා ගිහින් ද……….. 😀

    කැමතියි

  13. kathandara says:

    ඔය මාමණ්ඩි,නැන්දම්ම කිව්වෙ ඉස්සර නෙව.
    දැන් කියන්නේ තාත්ත, අම්ම කියලමයි නේද?

    කැමතියි

  14. නවම් says:

    ඔව් ඔව් දැං එහෙමයි කියන්නෙ. ඒත් ඒකෙන් නියම අර්ථය එලියට එන්නෙ නෑ නේද. සමහර වෙලාවට ඕක හැදෙන්න ඇත්තෙ ඇවැස්ස නෑනා මස්සිනා විවාහ නිසා වෙන්න ඇති. අනික අපි ඉතිං හරිම ආචාරශීලී ජාතියක් නෙව ඒක හන්දම නැන්දමා මාමණ්ඩි කියන් එක දුරස් බවක් ඇතිකරනව කියල හිතල ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න ඇති.

    කැමතියි

  15. manik says:

    අනේ, මේක කියවන්න ලැබුනොත් ගෑණු ළමයට දුක හිතෙයි නේද?
    මැණික්

    කැමතියි

  16. Observer says:

    @ නවම්
    ඇවැස්ස කට්ටිය බැඳ ගත්තට පස්සෙ ආයේ කලින් කිව්ව නැන්ද මාම ආමන්ත්රනේ වෙනස් වෙන්නෙ නැහැ. අත්දැකීමෙන් කියන්නේ.

    කැමතියි

  17. Ravi says:

    අඩේ, මලේ අද නෙව මේක දැක්කෙ, කොහොම මඟ ඇරුනද අනෙ මන්ද,

    පහුවෙලා හරි ආවනෙ බාං, නියමයි, මල් හතයි…….,

    මට වෙච්චි එකක් මතක් උනා ඔන්න, මම අපෙ උන්දැ එක්ක පයිරුපාසානෙ පටං අරං ඔන්න දැන් එයාලයි ගෙදර යන්න සූදානං වෙන කාලෙ හදිස්සියෙම මාමණ්ඩිය අසනීප වෙලා ඉස්පිරිතාලෙ නැවත්තුවයි කියල ඔන්න ආරංචි වෙච්චි,

    මමත් කල්පනා කලා මේ වගෙ චෑන්ස් එකක් ආයෙ කපේකට හම්බුවෙන්නෙ නෑ කියල දනි පනි ගාල ගියා ඉස්පිරිතාලෙට.ඔය වෙනකොට අපෙ හාමිනේ ගෙදෙට්ට විස්තරේ කියල. ගිහිල්ල ඔන්න ලොක්ක බලල එහෙම වංහු කතා කර කර ඉඳල එන්ඩ පිටත් වෙද්දි මුන්දැ කියාපි ” ඔව්ව ඔහොම තමයි, පුතා, කරුමයක් පඩිසන් දෙන්ඩ තියේනං ඉතිං සැක්කරයටත් වලක්වන්ඩ නම් බෑම තමයි ” මාව කරකෝල අතෑරිය වගෙ උනා මේ මොකක්ද යකඩෝ මේ කිව්වෙ කියාල,අසනීපෙ ගැන කිව්වද නැත්නම්……….

    අදටත් මම දන්නෙ නෑ උන්දැ මොනව හිතාගෙන එහෙම කිව්වද කියල,

    පහුවදා හාමිනේ ගෙන් ඕක ඇහුව මම, ” අප්පච්චි ඒ කිව්වෙ අසනීපෙ ගැනද නැහ්නං………..” කියල, ඒ යෝදි ගත්කටටම ” දෙකටම වෙන්ඩැ ” කිව්වෙ නැතෑ,

    කැමතියි

  18. මාමණ්ඩියට එල බෑනෙක්නෙ සැට් වෙලා තියෙන්නෙ………..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: