ඇගේ එක මගේ එකට වඩා බෙහෙවින් කෙටි විය.


මම බඩුවක් ඉල්ලුවොත් දෙනවද?

විසල් ඇස් තවත් විසල් කර ඈ හිස වම් අතට බරකොට මා දෙස බලා හිඳී…

කියන්නකො මධූ, දෙනවද?

බාගෙට ඇරුණු වීදුරු ජනේලයෙන් වේහගෙන් කැපී එන සුලඟ ඈ අපහසුවෙන් කීකරු කරගත් කෙස් රොදක් ඇද මූණට දමයි.

මොනවද?

මෙතෙක් මා හා සැහැල්ලුවෙන් තෙපළූ වදන්වල ස්වරය මඳක් තෙත් ස්වභාවටක් ගති.

දෙනවනං විතරයි කියන්නෙ….

ඈ එක් කම්මුලක් පමණක් වල ගැසෙනා සුපුරුදු සිනාවෙන් මුව සරසා ඇස් නටවයි.

එහනං නිකං ඉන්න….

ඈ මුව උල් කර පවසයි.

බැරිම තැන මා ඇස් වලින් මට පවසාගත නොහැකි දෙය පෙන්වමි.

ලැජ්ජාවෙන් රතුවූ මුහිණින් හිස දෙපසට වනා ඈ බැරියයි කියයි.

අනේ… මොකක්ද මධූ…

බෑ අනේ…. මිනිස්සුන්ටත් පේනවනෙ. මට ලැජ්ජයි

පේන්නෙ නෑ අප්පා.. මගෙ බෑග් එකට කවර් වෙලානෙ තියෙන්නෙ.

හ්ම්….. එහෙනං පොඩ්ඩ වෙලාවකට විතරයි හොඳද?

එසේ පැවසූ ඈ සුරතේ තිබූ ලා කහ පැහැති ලේන්සුව හෙමිහිට වමතට ගෙන මා සුරත මත සුරත තබා,

ඉල්ලගත්තේ හැමදාටම නේද? ඇසුවාය.

මමත් ඉතිං ඔවු කීවෙමි.

කරුමෙක මහත, ඇගේ නම මගේ නමට වඩා බෙහෙවින් කෙටි විය !

ප/ලි : දිග නම් සහ කෙටි නම්වල ඛේදවාචකය නැවතත් මතක් කර දුන් නිදහස් සිතුවිල්ලේ රවී අයියා ස්තූතියි

Advertisements

36 Responses to ඇගේ එක මගේ එකට වඩා බෙහෙවින් කෙටි විය.

  1. ගොල්ඩ් ෆිෂ්, තේරුණා කිව්වා? හා එහෙනං කියපං මටත් ඇහෙන්න

    කැමතියි


  2. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ හප්පා සමාවෙන්ට ඕන්…
    තේරුම් කරල දෙන්ට බැරියැ??

    කැමතියි

  3. මම මේක දැම්ම හැටියේ දැක්කා ……….. එත් කිසි දෙයක් ඔලුවට වැටුනෙ නැති නිසයි කමෙන්ට් කලේ නැත්තෙ ……… මොකද මට විතරද දන්නෙ නැහැනෙ තේරෙන්නෙ නැත්තෙ ………………. බැලුවාම තව ඉන්නවා …… හිහ් …. හිහ්…….. හැබෑටම ගෝල්ඩ් ෆිෂ් කියමුද බලන්න මොකද වෙලා තියෙන්නෙ කියලා…………..

    කැමතියි

  4. අක්කගේ අත නේද ඉල්ලගත්තේ 😛

    කැමතියි

  5. අනේ නවම් අයියේ මට තේරුනෙත් නෑ … මොකද්ද ඉල්ලගත්තේ ..චෙක් එකක්ද ?

    කැමතියි

  6. පොඩි හින්ට් එකක් දෙන්න මම සුටුස් ගාලා උත්තරේ කියන්නම්

    කැමතියි

  7. Observer says:

    නාකි අපට කොහෙද තේරෙන්නේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ විකාර?
    අපි බැට් ගහපු කාලෙ ගියා බන්.

    කැමතියි

  8. දුමී says:

    නවම් මලේ, මොකක්ද බොලේ ඒ හරුපේ තේරුම ? අත නේද දුන්නෙ. නමක් ගැන කියන්නෙ මක්කෙයි ? අතේ පච්චයක් වත් කොටලා තිබුනද නම ගහලා…..?

    කැමතියි

  9. zee says:

    රවි ගේ බ්ලොග් එක කියෙව්ව නිසා මට නම් තේරුනා….නුවර පෑත්තේ නේද ඔය දිග වෑඩි එවුව වෑඩියම තියෙන්නේ……

    කැමතියි

  10. මේක මහ අසාධාරණයි දෙයියනේ. එක්කො hint එක මේ බ්ලොග් එකේ තියෙන්න ඕනෙ අපි කොහොමද අනිත් blog කියවන්නෙ යන්නෙ දිගටම කියවගෙන ආවෙ නැත්නම්?

    කැමතියි

  11. අප්පෝච්චියේ මට තේරුනේ නෑ නෙව. මොකද්ද නවම් අයියා මේ කතාවේ තේරුම. පහලින් කමෙන්ට් කරන්න.

    මම නම් සිරාම බට ලයිට් එකක් !!!!! 🙂

    කැමතියි

  12. මොනවද නවම් මේ ලියන්නෙ..තේරෙන්න ලියාපන්කෝ!
    (උඹට තේරෙන්නෙ නැතිවුනාට මම පළිද—නවම්) 😉

    කැමතියි

  13. පෝස්ටය කියෙව්වෙමි. ලියා තියෙන දෙය තේරුණ මුත් කියා තියෙන නම් නොතේරුණි. ගොන් කමට වගේ වටපිට බලා අනෙකුන්ගේ කමෙන්ටුත් බැලුවෙමි. උනුත් මං වගේම ගොන් නිසා තවත් මල පැනිනි. ඔහේ කියූ නිසා අර රවි අය්යාගේ අහත් ගිය මුත් පිහිටක් නොලද්දෙමි. අනේ බොල නවම් මචෝ, තේරෙන දෙයක් ලියහන්කෝ බං !!!

    කැමතියි

  14. අගේය අගේය අයියයන්ඩිය .. මේ උඹ ලියු හොඳම පෝස්ට් එක වේය… අපි හැමෝටම එක වගේ (තේ)රී ඇත….

    කැමතියි

  15. ඔන්න නවම් මටත් දැන් තද වෙනවා ………… කමෙන්ට් 13 ක් ම යනකං හිටියා එකෙක්වත් කියන්නෙ නැහැ …….. උඹ පෝස්ට් එකක් දායි කියලා බැලුවා ඒකත් නැහැ ……….. කියපංකෝ යකෝ …………

    කැමතියි

  16. හිනාවෙන්නද අඩන්නද කියලා මට තේරෙන්නේ නෑ

    කැමතියි

  17. හිහි ……..
    මාතෘකාව දැක පැමිනි අයත්,
    රූපය දැක කියවූ අයත්,
    කියවන විට දැනුන සිතුවිල්ල ඔස්සෙම තව දුරටත් කියවූ අයත්,
    අවසානයේ කී දේ, ලියූ දේ නොතේරුන අයත්
    අතර
    ලියු දෙය මගේ මිම්මෙන්
    තේරුම් ගත්ත
    මම
    ෴ සොඳුරැ සිත෴

    ඇය කෙටි විමත් ඔහු දිගු වීමත් අතර ආදරයකට තිත වැටුන ද, මතකය නම් මරණය තෙක් දිගු බව මොනවට කියාපායි….

    කැමතියි

  18. @ සොඳුරු සිත
    ස්තූතියි අක්කෙ ඔයාගෙ මිම්මෙන් වත් මට මේ ප්‍රශ්නෙ විසදල දුන්නට 🙂

    කැමතියි

  19. Ravi says:

    අනේ නවම්, අදමයි මේක දැක්කෙ, සමාවෙන්න…….සමාවෙන්න,

    ඒකත් අර වත් නංගි තමයි පණිවිඩේ කිව්වෙ,……හෙහ්, හෙහ්,

    ස්තූතියි නවම් මා ගැනත් සඳහන් කලාට,

    මට හැබැයි උනේ මළේ, උඹට වෙච්චි එකේ පරස්පරය, හෙහ්……හෙහ්,

    ඇගේ එක දිග විය, අහෝ ඛෙදයකි, ඉරකි, තිතකි, මගේ එක කෙටි විය.

    හත් වලාමෙ, වෙච්චි දේට මක් කොරන්ඩද???

    කැමතියි

  20. Alchemiya says:

    ඉතිං හරි නේ….
    ඇගේ එක ඔයාගෙ එකට වඩා දිග වුනොත් තමයි පුරස්නේ….
    ඒ වගේමයි ඔයාගෙ එක කෙටි වුනා කියලා දුක් වෙන්න එපා…. ලබා උපන් හැටියට තමයි බබා හම්බවෙන්නේ කියලා හිත හදාගන්න…
    මේ වල්කමකට හිතනවා නෙවෙයි… මම නම් හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන්…
    කලාත්මක පැත්තෙන් හිතන්න අපිට බෑ නෙවැ… හැම දේම විද්‍යාත්මක පැත්තෙන් නේ හිතන්නේ….

    කැමතියි

  21. නවම් says:

    කමෙන්ට්ස් දැමූ සියල්න්ටමත්, කෙමෙන්ට් එකෙක් ලියාගන්න තරමටවත් පෝස්ට් එක නොතේරී කරපට් වී ගිය හැමෝටමත් බොහෝමත්ම ස්තූතියි. රවී අයියයි, සොඳුරු සිතයි දෙන්න නම් පැටලිල්ල ලිහාගෙන තිබුන. අමුවෙන්ම ලියල දාන්න බැරි කමට වහෙන් ඔරෝ ලිව්වට මෙච්චර අප්‍රභංශයක් වෙයි කියලනවත් හිතුවෙ නෑ හීනෙකින්වත්.

    කැමතියි

  22. Amila says:

    පට්ට කතාව මචන්…
    මටත් ඔය ගැටලුව ලාවට ලාවට වගේ තියෙනවා…
    හොද වෙලාවට දෙපැත්තෙම අය ඒක ගන වැඩිය සැලකිල්ලක් නෑ…

    නැත්නම් මටත් පලමු ආදරයම ඉරකි තිතකි තමා

    කැමතියි

  23. පින්ග්කිරීම: ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – දෙවන හා අවසාන කොටස « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: