ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – පලමු කොටස

මධූ…..

ඈ මගේ ප්‍රථම ආදරය යැයි සලකා පමණක් මෙතුවක් කල් මා ප්‍රේමයෙන් බැඳුනාවූ ගැහැණු පරාණ සියල්ලෙන්ගෙන්ම මුදුනෙන් තැබිය හැක. ප්‍රේමය අතින් නම් ඈ ‍රැ‍ඳෙන්නේ පා මුලට මඳක් ඉහලිනි. මුදුන් අත්තේ පීදුනු තලමලට, මාගේ අවසාන ප්‍රේමයට අලගු තැබීමටවත් ඈ සමත් නැත. එසේ පවසන්නේ වෙන යමක් පවසා හිස බේරාගෙන ගෙදර යාමට නොහැකි නිසා නොව වෙන යමක් පැවසීමට තරම් මට හිත් නොදෙනා නිසාය.

ඈ මට මුලින්ම තවත් එක් ගැහැණු ළමයෙක් පමණක්ම විය. ඒ මා ගැහැණුන්ට බිය වූ කාලයයි. මේ හේතුව නිසායැයි අද ද පැහැදිළිවම නොතේරෙන යමක් නිසා මම ඔවුනට බිය වීමි. පාසැල් නිමවී හෝ අමතර පන්තියක් නිමවී මා බසයේ ගෙදර යන්නේ ගැහැණු ළමුන් වැඩිපුර නොගැවසෙන රියදුරු අසුනත් ඉදිරි අසුනත් අතරෙහි ඇති ඉඩෙහිය. කොන්දොස්තර මොනවා කියූවත් මා එතනින් හෙල්ලෙන්නේ නැත. එසේ නැතිනම් පෝලිමේ හිඳ හෝ අසුනක ජනේලය පැත්තේ කෙළවරක වාඩිවී ය. අසුනේ ඇති ඉතිරි ඉඩෙහි පිරිමි කෙනෙකු මිස සම වයස් ගැහැණු ළමයෙකු අසුන් ගත් අවස්ථා ඇත්තේ ඉතාමත් මඳ වශයෙනි. ඇතැම් විටක අසුන කරා ඇදෙනා ඔවුන් දු‍ටු විට මාගේ මුහුනේ ඇ‍ඳෙනා විකාර රූපී සිතුවම් විසින් ඔවුන් මවෙතින් පලවා හරින්නට ඇත. කම් නැත, මා සැහැල්ලුවෙන් ගෙදර යමි.

එක් දිනක්, දිනය කවදා දැයි මතක නැත. එහෙත් ඒ අනෝරා වැහි වට දිනයක් බව ඈගේ හැකිලූ කළු කුඩයෙන් මා හිසට වැ‍ටුණු දියබිඳුවල සීතල දැනුදු මට සිහිපත් කරයි. බස් රියේ කවුළුවෙන් බේරෙන දිය වැල් හා පාරේ අනිත් පැත්තේ තෙමී තෙමී යන මිනිසුන් වෙත මාරුවෙන් මාරුවට ඇස් නාභිගත කරමින් බස් රියේ නොතෙමී යන මාගේ දැහැන බිඳූ කුඩ කාරිය දෙස දවා හළුකල හැකි බැල්මක් හෙලීමි. ඈට මා තෙමන වගක් නැත. මා මෙන්ම ඈ ද ජනේලයෙන් එහා දෑස් රඳවා සිටී. මම නැවතත් ඈ දෙස බලමි, ඈ හොඳටම තෙමී ඇත. නිළ ඇඳුමට කළු හෝ සුදු මිස රෝස පැහැති තිසරපට නුසුදුසු වග ඈ නොදන්නා හැඩයි. ඇතැම් විටෙක දැන උන්නත් එක දිගට සතියක් පමණ වසිනා වැස්ස ඈට වෙනත් ‍තෝරාගැනීමකට ඉඩක් නොතබන්නට ඇත. දැන් බසයෙන් එලියේ තෙමෙනා මිනිසුන් ගැන මට වගක් නැත. ඈ ඇතැම් විටෙක පාසැල් ශිෂ්‍යනායිකාවන්ගෙන් හෝ විනයාචාරිණියගෙන් බැනුම් අසන්නට ඇත. පව් !

පව් ?.. මා කෙල්ලන්ට අකමැතිය. ඔවුන් ගුප්තය. තනිවූ විටක ක‍ටුවතුලට වැදෙනා ඉබ්බියන් මෙන් හැසිරෙන ඔවුන් රංචුගැසුන විටෙක නඟනා දෙමලිචි නාදයට මා අකමැතිය. එය මා අපහසුවකට පත්කරයි. එවන් තැනකින් විගසින් පලා යෑමට මට උවමනාවක් නිරායාසයෙන්ම ඇති වේ. එසේ නමුදු මේ මොහොතේ මා සිතුවිළි වෙනස් වී ඇත. අසුනෙන් නැඟිට යාමට හිත් නොදේ. ජනේලයෙන් ඉවත බලා සිටීමට සිත් නොදේ. ඈ දෙසම නැවත නැවතත් බැලීමට සිත් දේ. එනමුත් තෙමුනු නිළ ඇඳුම, රෝස තිසරපට මා ඇදෙස බැලීම වලකයි. මා දමනනය වෙමි.

එතනින් එය අහවර විය, ඉන් සතියකට පසු රූමස්සල කඳු මුදුනේ පැවති ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ වාර්ශික කඳවුරේදී නැවතත් ඈ හමු විය. රෝසපාට….. හ්ම්.. නැවතත් මා දමනය විය යුතුය. එසේ නොමැතිවුවහොත් ෆෝවර්ඩ් රෝල්ස් ලැබිය හැක. දිවා විවේකයේදී ඈ හට මා අසලින් වාඩිවීමට සිදුවිය. මෙය කඳවුරකි, බසයේ මෙන් නැඟිට යාමට නොහැකිය. ගිණි ගහන අව්වේ තනකොල නොමැති පිට්ටනියක රත් වූ බොරළු මත වාඩිවෙන්නට සිදුවූ මා මඳින් මඳ රත් වේ, කන් දෙක අසලින් පටන්ගෙන හිස දක්වා රස්නය පැතිරේ..

අදත් වැස්සොත් නියමයි….

ඇයි රස්නෙයිද?

ඈ මා හා කතා කරයි. දඩිං.. බිඩිං.. දෙමෝලෙන් කොටන සහල් එක මෝල්ගස් පහරෙන් පිටි වී යයි. කට කෑවත් පැවසිය යුතුය, ෆෝවර්ඩ් රෝල් බැරිනම් ඕන උලව්වක්,

නෑ.. අදත් පාට බලාගන්න තිබුන එදා වගේ..

මොන?

මා ඇයට නිධාන කථාව පැවසීමි.

මෝඩයා.. මෝඩයා….. මෝඩයා……..

ඒ මිත්‍රත්වයේ ඇරඹුමයි.

Advertisements

31 Responses to ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – පලමු කොටස

  1. Ravi says:

    හෙහ්, හෙහ්, නවම්……… උඹටත් මහ ජංජාලයක් නෙව උනේ අනෙ අම්මප,

    පෝස්ට් ලියනව මදිවට එව්වට පැහැදිලි කිර්‍රිම් විදිහට ආයෙත් අලුතෙන්ම එකක් නම් බැරුවාය, කොටස් හතර පහකින්වත් අහවරක් කොරන්ඩ බැරි කතාවක්ම ලියන්ඩයි සිද්ද උනේ……හප්පොච්චියේ,

    අවුලක් නෑ, ඔක්කොම වෙන්නෙ හොඳටයි කියල අර කවුදත් කිව්වලුනෙ, ඒ වගේ මේ වැඩෙන් උනේ අපිට තව අපූරු කතාවක් කියවන්ඩ ලැබුණු එකයි.

    / මුදුන් අත්තේ පීදුනු තලමලට, මාගේ අවසාන ප්‍රේමයට අලගු තැබීමටවත් ඈ සමත් නැත. එසේ පවසන්නේ වෙන යමක් පවසා හිස බේරාගෙන ගෙදර යාමට නොහැකි නිසා නොව වෙන යමක් පැවසීමට තරම් මට හිත් නොදෙනා නිසාය. /

    අපොයි නවම්, මේ උපමාව නම් හරි නෑ ගොයියෝ, ඇයි යෝදයො, තල මලක් පිපුනයි කියන්නෙ ගහේ අවසානය නෙව, සුදු මැණිකෙ දැක්කොත් උඹට කොහොමත් ඔලු ගෙඩිය බේර ගන්ඩ වෙන එකක් නම් නෑ……හෙහ්, හෙහ්,

    කැමතියි

  2. Observer says:

    ඒ පාර මොකාටද එන්න එන්නෙ?

    කැමතියි

  3. Ravi says:

    නවම්,

    තව පෝස්ට් එකක් ලියහං මල්ලි, මේ පෝස්ට් එක ලිව්වෙ ඇයිදැයි පැහැදිලි කොරල, නැත්නම් බොට විසුමක් වෙන එකක් නැහැ,……අනේ කාලේ…..වනේ වාසේ….කිව්වලු,

    කැමතියි

  4. තව එකෙක් ඉවර වෙන්නට මුල පිරීම කියලා නම දැම්මොත් මොකො

    කැමතියි

  5. කුප්ප කතාවක් කියල තියෙන්නේ නවම් අයියා. 🙂

    කැමතියි

  6. අහන්න අමතක උනා අයියා. මොනවද ෆෝවර්ඩ් රෝල්ස් කියලා කියන්නේ. දන්නේ නැති නිසයි අහන්නේ.

    කැමතියි

  7. asanka says:

    මේක කියෙව්වාම මටත් පොඩි සීන් එකක් මගේ ප්‍රතම ලවත් මධු කියලා කෙල්ලෙක් අයියා කිව්ව විදියටම කෙල්ලන්ගේ මුදුනා වුනාට ආදරේ පෑත්තෙන් නම්.බොහොම පහලින් ඉන්නේ….

    කැමතියි

  8. නවම්ට සිදු වූ දෙයහි හාත්පසින්ම ප්‍රති විරුද්ධ හැගීම් වලට මම ද එකල මුහුණ දුන්නෙමි. තනියම ඉන්නා විට ඔරවා ගෙන , ගොරවා ගෙන හෝ ඉතාම අහිංසක මුහුණක් මවාගෙන විසිටන පිරිමි ළමයින් රංචු ගැසුන විට දොඩවන වාචාල වලට මම අකමැත්තෙන් සිටියෙමි.

    ඉහළම අත්තේ පිපි , සුවඳම මල හිමි විමට තරම් නුඹ වාසනාවන්ත වූ නිසා සිතේ සතුටක් උපදී.

    නවම් . . .

    පිරිමි ළමයින් , ගැහැණු ළමයින්ගේ සුන්දර ඇඳුම් ගැන මෙතරම් උනන්දුවන්නේ ඇයි දැයි මා සිතට නිතරම නැගෙන ප්‍රශ්ණයකි. සමහර විට ඒ ඔවුන්ගේ වරදක් නොව. ඔවුන් සතු පිරිමි ජාන වල ගුණයක් විය හැක. සැබැවින්ම එය රාගික සිතුවිල්ලක් පමණකැයි මා සිතා සිටියෙමි. එය වැරදි නේ ද?

    කැමතියි

    • නවම් says:

      මම හිතන්නෙ ඕක ලංකාවෙ බහුතරයක් කෙල්ලන්ට, කොල්ලන්ට තියෙන ගැටළුවක්, එකිනෙකාව තේරුම් ගැනීම. දෙගොල්ලොම එකිනෙකා ගැන හිතන්නෙ හරිම ගුප්ත විදියට, අමුතු සතෙක් දිහා බලන විදියට.

      පිරිමි ළමුන් ගැහැණු ළමුන්ගේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්නේ රාගික සිතුවිල්ලක් නිසාමයි. ඒක සමහර විට love Making තරම් දුර නොයන්න පුළුවන්. ඒත් රාගය නෑ කියල බොරු කියන්න බෑ.

      කැමතියි

  9. හාපෝ… වනචරයා… කිනිතුල්ලා… බිලිංපල්ලා….

    ඉතුරු ටික ලියන්නේ මේකට කමෙන්ට් කීයක් විතර වැටුනමද බං?

    කැමතියි

  10. Alchemiya says:

    ඕවා ඔහොම තමයි…..
    මගේ කතා නම් ප්‍රසිද්ධියේ ලියන්න බැරි නිසා මම හිතේ තියන් ඉන්නවා….
    ලිව්වොත් මං එක්කෝ හිරේ, නැත්තං වල පල්ලේ…..
    අනේ අම්මපා….

    කැමතියි

  11. agi says:

    ඉක්මනට ඉතුරු ටික ලියන්න.

    කැමතියි

  12. මමත් බලාගෙන හිටියේ ඉවසිල්ලක් නැතිව මොකක්ද මේ දිග එක මොකක්ද කොට එක කියලා . හරි නවම් නිධාන කතාවේ ඉඳලම අපිට කතාව කියන්නයි යන්නේ මෙච්චර දවසක් පොඩි කුතුහලයකින් හිටියා ….අද ඉඳන් ටිකෙන් ටික නවම් ගේ ලස්සන කතාවක් බලන්න හැකියි ..

    ඒ අස්සේ මටත් මොනාදෝ මතක් උනා ..!

    කැමතියි

  13. හනේ හැබෑටම බලලා තියෙන දේවල්…. 😀

    කැමතියි

  14. මට වෙලාවක් සෙට් වුනේ දැන් තමා මේ පැත්තෙ එන්න ……………… ඔය පැහැදිලි කරන්න පටන් අරන් තියෙන්නෙ …….. යකෝ හෙන කුප්ප කතාවක්නෙ උඹ ඒ කෙල්ලට කියලා තියෙන්නෙ …….. ඔය කොහොම කිව්වත් කෙල්ලොත් ආසයි ඔය වගේ කතා අහන්න ………….

    කැමතියි

  15. නවම් says:

    කෝ කෝ අරින්න කට මේ මසුරං ඩිංග දාන්නෙ.

    කැමතියි

  16. පින්ග්කිරීම: ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – දෙවන හා අවසාන කොටස « නවම් මාවත

  17. GG says:

    මටත් මේ වගේ සිද්දියක් වෙලා තියෙනවා campus කාලේ.හෙබයි ඒ තිසර පට නෙමේ අනිත් යට ඇඳුමේ උඩ පටිය……..nice blog piece anyway!

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: