ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – දෙවන හා අවසාන කොටස

ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – පලමු කොටස

එතැන් සිට ඈ මගේ මිතුරියක් විය……..

මධූ…..

ඈ මා හා සුහදව දෙඩූ පළමු සම වයස් ගැහැණු නොනෑයා ය. එහෙයින්ම මා ඈ කෙරේ ආකර්ශණය විය. ඒ ආකර්ශණයට ආදරය යැයි නම් තැබීමට මා උත්සුක නොවෙමි. ඇතැම් විට එය මුලින්ම සෙල්ලම් බඩුවක් අතට ලැබී උඩ යට කරකවමින් පුදුම වී පසුව පොලොවේ ගසා ඉන් නැ‍ඟෙනා ශබ්දයට අත්පොඩි තැලූ මාගේ පුංචි පුතුපැටියාගේ සිතේ ඇතිවූ සිතුවිල්ලකට සම වන්නට ඇත.

ආදරය….. ඊට අරුත් දෙන්නට මා නොදනිමි. උත්සාහ නොකලෙමි, නොකරන්නෙමි.

ඈ හා අමතර පන්ති අහවර වූ පසු බසයේ නැඟී ගියෙමි. ඈගේ බස් වියදම් දැරීමි. ඉඳ හිටක රටකජු ගොට්ටක්, අයිස් ක්‍රීමයක් රස බැළුවෙමු. එනමුදු අත්වැල් පටලවා නොගත්තෙමු. සිනාසෙන විට වල ගැහෙන කම්මුල් සිප නොගත්තෙමි. ඈ හා කතාකරනට දෙයක් මට නොවීය. ඈ ලඟ නම් අනන්තවත් මාතෘකා තිබිනි, එනමුදු ඈද “අපි” ගැන කතා නොකලාය. වැරදී හෝ ඈ මුවින් එවන් බසක් පිටවූ කල මා ගොළුබෙලි ක‍ටුව තුලට වන්නෙමි.

දිනක් ඈ ඈ ගැන කතා කළාය. නොනවත්වාම කතා කළාය. හඬමින් කතා කළාය.

ඈගේ පියා හා මව තනි කැමැත්තෙන් විවාහ වී ඇත. එහෙයින්ම මා පිය උරුමයන් ඔවුනට අහිමි විය. නෑයන් හැරගොසිනි, නෑයන් හැරගිය හෙයින් නොනෑයනුත් හැරගොසිනි. සියල්ලන්ගෙන්ම තනිවූ ඔවුන් ඈ ලද පසු තම තමන්ගේ ලෝකවල දිවි ගෙවන්නට පුරුදුවී ඇත. මව නැති තැන පියාද පියා නැති තැන මවද ඈ අසල විය. එනමුදු දෙදෙනාම එක වර නැත. ඈ මා දකුණු උරයේ හිස රන්දා හඬාවැටිනි. අහිමිවීම් සියල්ල හමුවේ හිමිවූ එකම වස්තුව ම යැයි පැවසීය

අහස ගුගුරුවා අනෝරා වැසි වැටිනි. වෙනදා වට වැසි වලට අගල් සෑදී බේරුන මඩ තට්‍ටුවම උසුලාගෙන වැසිදිය ගලා ගියේය. මා මෘදු විය. සියුම් විය. ඈට මා හැර අන් සරණක් නැතැයි සිතීමි.

මා ඈ හිස සිම්බෙමි…

ඒ මාගේ ආදරයේ ඇරඹුමයි…… !

ඉන් අනතුරුව ඔබ සැමගේ ආදරයන් මෙන් අපේ ආදර කතාවද ඉදිරියට ගලා ගියේය. ගාළු කො‍ටුව හා ධර්මපාල උද්‍යානය අනෙක් පෙම්වතුන්ගේ රජදහන් වෙද්දී අප දුරගමන් බස් රථවල පසුපස අසුනට සීමා වීමු. ඉන් අප ශිෂ්ඨ පෙම්වතුන් වෙන්නට යත්න දැරුවෙමු. ඒ සෑම ගමනකම ඈ මා උරයේ හිස රන්දා සැහැල්ලු වූවාය. මා සුරත ඈ සුරතේ පැටලී තිබිනි. එවන් මොහොතක ඉඳහිට මා සුලැඟිල්ලේ වවා තිබූ නියපොත්තෙන් ඈ අල්ල කිතිකැවීමි. ඒය ඈ හා මා පමණක්ම දැන හුන් සොඳුරු අවස්ථාවක් විය.

මා ඒ ඇඟෑලුම් කමට ආදරය යැයි පැවසූවද අද එය ආදරයම නොවේයැයි හැ‍ඟේ. එය අනුකම්පාවක් පමණක්ද නොවේ, වඩා නිවැරදිව පවසන්නේනම් එය කුතුහලය, බිය, ත්‍රාසය, ස්පර්ශය, ලිංගිකාකර්ශණය හා තවත් මොනවාදෝ කිහිපයක සංකලනයකි. එහි කැපකිරීමක්, විඳදරාගැනීමක්, සමසුන්ගෙන කරනා සාකඡාවක්, විවෘත වීමක්, බඩගින්නේ හින්ඳ අනෙකාගේ කුස පිරවීමෙන් ලබනා සතුටක්, කොහෙත්ම නොවිනි. මා ඇය ඉදිරියේ හොඳම පිරිමි ළමයා වන්නටත් ඈ මා ඉදිරියේ හොඳම ගෑණුළමයා වන්නටත් පොරයකි තිබුනේ.

දිනක් මා ඈ හා මාතර මූහුදු වෙරළේ ඇවිද ගෙදර පැමිණි පසු නොරුස්නා මුහුනින් යුතුව තාත්තා හැඳුනුම් පාතක ඡායාපිටපතක් මට දික් කලේය. එහි කොටස් තුනකින් යුතු නමක් රෝස පැගැයෙන් හයිලයිට් කර තිබුනි. ඒ ඇගේ හැඳුනුම්පත ය.

මා සටහන් කලේ සිදුවිය යුතුයැයි මා සිතූ අවසානය මිස ආවසානය සිදුවූ අයුරුම නොවේ.සත්‍ය අවසානය මෙයට වඩා බොහෝ දිගුය, ඒ හා සබැඳි බොහෝ අතුරු කතා පවතී. වල දැමූ අතීතය කැණීම හිතූ තරම් පහසු නොමැත. සුව වූ තුවාල නැවතත් තියුණු සැතකින් පෑරීමේදී දැනෙනා වේදනව දරාගත නොහැකි හෙයින් මා මෙතනින් නවතිමි.

ප/ලි : මින් මතු නොතේරෙන පෝස්ට් පලකිරීමේදී පරිස්සම් වෙමි.

ප/ප/ලි : එදා මේ සම්භන්ධව දැරූ අදහසට හාත්පසින්ම විරුද්ධ අදහසක් මා අද දරමි. එදා මා දොස් කී කිසිවෙකුටත් අද  දිනයේ දොස් නොකියමි. සියල්ලම සිදුවිය යුතුව තිබූ හොඳම අයුරින් විසඳී ඇත.

Advertisements

29 Responses to ඇගේ එක කොටවී මගේ එක දිගවීමේ ඛේදවාචකය – දෙවන හා අවසාන කොටස

  1. අනේ අයියේ මට කතාව ඒ තරම්ම තේරුනේ නෑ. අන්තීමට මොකෑ උනේ. මට චුට්ටක් පහදලා දෙන්න. මොකද මම බට ලයිට් එකක් !!!

    කැමතියි

  2. Alchemiya says:

    කන්දක් විලි ලා මී බෙට්ටක් වැදුවා වගේ වැඩක්නේ….
    කෝ හොඳ හරිය ?

    කැමතියි

  3. හොඳම හරිය ලියන්න බැහැ නොවැ.. චූටි මැනිකේ අක්කා දැක්ක දාට…

    මං හිතන්නේ මේකතාව නම් අක්කා දන්නවා ඇති.. ඒත් අපි දන්න ටික විතරමද දන්නේ නෑ..

    කැමතියි

  4. asanka says:

    වාසගමේ අව්ලක් වගේ මටනම් හිතෙන්නේ…

    කැමතියි

  5. dimuthu says:

    “සුව වූ තුවාල නැවතත් තියුණු සැතකින් පෑරීමේදී දැනෙනා වේදනව දරාගත නොහැකි හෙයින් ”

    😦 😦 😦

    me ude idanuth mata wela thiyenne e de tamai

    කැමතියි

  6. divula says:

    හ්ම්ම්…
    දුක් බරයි..
    තාමත් අපේ සමාජය ඕව පස්සෙ යන එක ගැන කනගාටුයි..
    මටත් ඕක ලාවට ලාවට වගේ ආව. හොඳ වෙලාවට දෙපැත්තෙම අය වැඩිය ඕක බලන්න අවේ නෑ..

    කමක් නෑ නවම් අය්යේ…
    හැම දේම වෙන්නෙ හොඳටයි කියල ඉන්න

    කැමතියි

  7. දුමී says:

    නවම් මලේ…!

    නිකන් සිරා නවකතාවක් කියවගෙන කියවගෙන පොතේ අන්තිම පිටුවට යනකොට ඒ පිටුව වේයෝ කාල වගේ හැඟීමක් මට නම් ආවෙ….. මටත් වැදුනේ නෑ මොකක්ද සීන් එක කියලා.

    ඒකත් ඔය ඉරා ගත්ත වෙලාවෙම කියලා දැම්මනම් ආපහු මැහුම් දැම්මට පස්සෙ ඉරාගන්න වෙන්නෙ නෑ නේද ? 😀

    කැමතියි

  8. වල දැමූ අතීතයක් ගොඩ ගන්න එකේ කොහෙත්ම වැඩක් නෑ අයියේ. ඒත් අපේ ලාබාල වියේ අපේ හිත් වලට වැටුණු ඒ සමනළ ආදරයේ හැඟීම ඊට පස්සෙ කවුරු අපේ ලෝකෙට ආවත් ඒ විදිහට දැනෙන්නෙ නෑ. මම දන්නෙ එච්චරයි. යුතුකම් වගකීම් කැපකිරීම් එක්ක ආදරයක් තියේවි. ඒත් අර සමනළ ආදරේ නෙමෙයි.

    කැමතියි

  9. දිනිත් says:

    ඇයි යකඩො….මේක අර පළවෙනි පෝස්ට් එකට එහානෙ…….මේක පැහැදිලි කිරීමේ පෝස්ට් එක කියල නේද කිව්වෙ ?

    කමක් නැහැ ඉතින් අමාරුමනම් මොනව කරන්නද ?

    කැමතියි

  10. අල්ලලා දාපං මචං ඕවා ………… දැන් උඹ කොච්චර හොඳට ඉන්නවද ……….. ඒක ගැන සතුටු වෙයන් ……. උඹට ජය ………

    කැමතියි

  11. Ravi says:

    නවම් මලයො, කෑවයිං කෑවෙ නෑ මෙහෙම පරිප්පුවක් නැද්ද? මට මතක වෙන්නෙ අර කොහොල්ලෑ බබාගෙයි හාවගෙයි කතාව,

    පළමු ප්‍රේමය ඇතිවීමට හේතුවන කරුණු කාරණා සහ පලමු ප්‍රේමය විඳීමෙහිදී ඇතිවන හැඟීම් ගැන උඹ ලියල තියන එව්ව නම් මම හිතන්නෙ බහුතරයක් තරුණ තරුණියන් ගැන බැලුවම සම්පූර්ණ ඇත්ත. මම ගැන බැලුවොත් නම් ආයෙ කියන්ඩ දෙයක් නෑ, හරියටම හරි,

    වැදගත්ම දේ මල්ලි උඹ ඒ සිතුවිලි හරියටම සටහන් කරල තියෙනවා. බොහොමත්ම අපූරුවට. හෙහ්……..හෙහ්,…..හරිම අගෙයි,

    / ප/ප/ලි : එදා මේ සම්භන්ධව දැරූ අදහසට හාත්පසින්ම විරුද්ධ අදහසක් මා අද දරමි. එදා මා දොස් කී කිසිවෙකුටත් අද  දිනයේ දොස් නොකියමි. සියල්ලම සිදුවිය යුතුව තිබූ හොඳම අයුරින් විසඳී ඇත. /

    අන්න ඒකම තමයි මල්ලි රන්බණ්ඩා කිව්වෙත්, එකම වෙනස රන්බණ්ඩා එදා කාටවත් දොස් කිව්වෙත් නෑ, අද කියන්නෙත් නෑ, මමත් එහෙමයි…..හෙහ්, හෙහ්, සියල්ල සිදුවන්නේ හොඳම විදිහට නොවුනද සිදුවීමට නියමව ඇති පරිදිය.

    කැමතියි

  12. සනත් says:

    හත්වලාමෙ වෙච්චි දේට මක් කොරන්නද?

    ප/ලි – සොයුර මෙවැනි කාරණා වලදීද පස්මහ බැලුම් බැලිය යුතුමය………..

    කැමතියි

  13. තාරක Dilsh@n says:

    හයිලයිට් කරල තිබුන එකේ අවුලක් වගේ…
    එහෙනම් චූටි මැණිකෙ අක්කට කියල අහවර වෙලා එයට කිව්වනමි ඉතුරු ටික දාන්න කියල

    කැමතියි

  14. මලා ඔක්කොම කියෙව්වට දැන් තමා තේරුනෙ…හ්ම්ම්ම්…හයිලයිට් කතාවෙන් තමා ඒ ටිකත්…

    කැමතියි

  15. මටත් අන්තිම ටික හරියට තේරුනේ නැහැනේ….. 😦

    කැමතියි

  16. මටත් තේරුනේ නෑ නවම් අයියේ ඒත් මට හිතෙනවා ඔයා මේක ලියන්නේ මහා බයකුත් හිතේ තියාගෙන කියලා . මම හරිද ? කොහොම උනත් නවම් ලියපු කතා අතුරින් මම කැමතිම කතාව මෙන්න මේක .මේ කතා තුනටම මම ආසයි

    මට හිතෙන විදිහට ගෑනුළමයා අඩු කුලේවත්ද ? . තරහගන්න එපා මම හිතුවේ තාත්තා ඔයාට පෙන්වන්න යන්නේ ඒක කියලයි ..මම හරිද ?

    කැමතියි

  17. සඳරු…… දරුවො … ඔයාට තෙරුම් ගන්න බැහැ නවම්ගෙ හිත.

    මට හැඟෙන විදිහට නවම් කතාව ලියන් යද්දි , නවම්ට නවම්ගෙ සිත ගැනම ඇති වුන තන් ගැනම ඇතිවුන කලකිරීම මුසු දුකක් නිසා හිටපු ගමන් කතාව බ්‍රෙක් ගහලා බ්‍රෙක් පෑගුවත් කතාව එක හැල්මෙම නැවතුමට ඇවිත්.

    ලොකු මතක අමතක කරපු කෙනෙක් ට ලිවීම කියන්නේ ,ඒ මතක තුල ආයෙ ආයෙ ජීවත් විමක්, ඒ හැම මොහොතක්ම ආයෙ ආයෙ විඳීමක් , විදවීමක් . ලියන්නෙක් , කොයි තරම් අමතක කරල දාලා හිත හදා ගෙන හිටපු සිද්දියක් ආයෙ ලියනව කියන්නේ, ලියල ඉවර වෙන කොට ඇස් කඳුළීන් තෙත් වෙනවා. …. නවම්… කොයි හැටි වුනත් මේ කතාව මේ ඇති.

    හැමදේම වෙන්නෙ හොඳට.

    සදරු…. හිත හාරන්න එපා සඳරු…..

    කැමතියි

  18. Observer says:

    දුමී කිව්ව ටිකම තමා කියන්න තියෙන්නෙ.

    කැමතියි

  19. nasaraniya says:

    අම්මපා මගේ කතන්දරේමයි තියෙන්නෙ. මමත් ඒක එහෙම වෙච්ච එක ගැන අදටත් සන්තෝස වෙනවා. පොඩි දුකක් වත් හිතේ නෑ. වෙන්න තිබුන දේවල් වෙන්න තියන හොඳම විදියටයි වෙන්නෙ.වුනේ. සමහර වෙලාවට අපේ කතාවල් කියන්න කියලා පටන් ගත්තට ඒක කියන්න ගත්තම තයි අපිට ඒ කතාව් ආයෙ මතක් කරන්න බෑ කියලා තේරෙන්නෙ. ඔහොම යන් මස්සිනා…

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: