විජ්ජුලතාගේ සහ මේඝලතාගේ කොහු කෑම 18+

උඩින්ම 18+ කියල දැම්මා. ඔන්නෙ නොකිව්වයි කියන්න එපා හාමිනේ…………..

තොම්සන් ඇන්ඩ් තොම්සන් –  විජ්ජුලතා සහ මේඝලතා ඔය යුගල දේක ගැන නොදන්න කෙනෙක් ලංකාවෙ ඉන්නවනං බොහෝම කලාතුරකින් වෙන්න ඕනෙ. තොම්සන්ල ගැන කොහොම වෙතත් ලතා ල දෙන්න ගැන නං ගොඩක් දෙනා දන්නවනෙ.

නොදන්න කෙනක් ඉන්නවනං ඕං,

තොම්සන් ඇන්ඩ් තොම්සන් කියන්නෙ ටිං ටිං කතා මාලාවෙ ඉන්න හැමතිස්සෙම පොට වරද්දාගෙන මහා අලකලංචි වලට මූණ දෙන්න සිද්දවෙන නිඹුල් රහස් පරීක්ෂකයො දෙන්නට.

විජ්ජුලතා සහ මේඝලතා කියන්නෙ අපේ පීතෘ ඝාතක කාශ්‍යප රජ්ජුරුවො හදාපු ආලකමන්දාව, සීගිරියෙ ඉන්න උඩුකය නිරුවත් ගෑණුන්ට. පැහැපත් ඡවි කල්‍යානයක් ඇති ගෑණු විජ්ජුලතා සහ අඳුරු පැහැති ඡවිකල්‍යානයක් ඇති ගෑනුන්ට මේඝලතා කියල නම් තිව්වෙ පරණවිතාන මහත්තය කියලයි මම අහල තියෙන්නෙ.

එකිනෙකා ගැලපුනාට යුගල් දෙකක් විදියට තොම්සන්ලා සහ ලතාල කොහෙත්ම පෑහෙන්නෙ නෑ නෙ. ඒත් පෑහිච්ච එකම අවස්ථාවක් තිබුන අපි ජූහස් හන්දියෙ ඉස්කෝලෙ ඉන්න කාලෙ.

සත්‍ය නම් පාවිච්චි කිරීම අපහාස නඩුවක් වැටෙන්න බොහෝම හොඳ පොටක් හන්ද මේ කතාවෙ කතානායකයන් දෙන්න කෝලිය සහ දිලීප කියල හඳුන්වන්නම්. මේ වෙකොට කෝලිත ඇමරිකාවෙ ජාත්‍යන්තර සම්භන්ධතා පිළිබඳ උපාධියක් හදාරනව. දිලීප දන්තවෛද්‍යවරයෙක්. උන් දෙන්න ඉස්සර උන්නු විදියට අපි හිතුවෙ මැටි අලි දෙන්නෙක් වගේ ඔහේ ඉඳල මැරිල යයි කියල, ඒ තරමටම ඇබ්නෝමල් කැ‍රැක්ටර්ස් දෙකක්.

ඉස්කෝලෙ නමය වසරෙදි විතර තමයි මුන් දෙන්න සෙට් වෙන්නෙ. දෙන්නම ඇවිදිනකොට උකුල පැද්දෙනව, කතා කරනකොට අනේ, මෙයා වගේ වචන සෑහෙන්න පිටවෙන චරිත දෙකක්. ඒ කාලෙ මුන් දෙන්න ගෑණුන්ගෙ ඇද කුද හොයන එකමයි වැඩේ. ඉස්කෝලෙ එක මිස් කෙනෙක්වත් මුන් දෙන්නගෙ විචාරයන්ගෙන් බේරිලා නෑ. විද්‍යාපීඨ පුහුණු ගුරුවරියො එන කාලෙට මුන් දෙන්න බැහැල වැඩ. කොල්ලොත් මුන් දෙන්න ෆෝම් කරල ආතල් ගන්නව. කාලයක් කතාවක් තිබුන මුන් දෙන්න ජීවතේටම කසාද බඳින්නෙ නෑ කියල ගිවිසුමක් ලියල ලේ වලින් අත්සන් කලා කියලත්. [දිලීප නං දැනට මාස හයකට විතර උඩදි ග්‍රැන්ඩ් වෙචිමක් අරන් පවුල් පන්සල් උනා.]

මුන් දෙන්නගෙ නුහුගුණ වැඩ හන්දම කට්ට්ය එක  එක නම් දාල තිබුන. ඒවයින් මුලින්ම ජනප්‍රිය උනේ තොම්සන් ඇන්ඩ් තොම්සන් කියන එක තමයි. ඒකටත් වැඩිපුරම හේතුවක් උනේ උන් දෙන්නත් ඒ නම් දෙකට බොහෝම කැමතිවීම. තව ස්කලී ඇන්ඩ් මෝල්ඩර් කියලත් පොඩි කාලයක් යනකන් නමක් තිබුන උන් දෙන්නට. ඒ කාලෙ නං උන් දෙන්න එක්ස් ෆයිල්ස් එකේ ලෝගෝ එක දාල උන් දෙන්නගෙ නම් එහෙම ලියපු අයි.ඩී කාඩ් දෙකකුත් තියාගෙන උන්න. ඒක නම් තවත් කොල්ලො කීපදෙනක් අතරෙ බෝවෙලා ගියා මාත් ඇතුළුව. [විළි ලැජ්ජයි මතක්වෙනකොට ඒව]

සිංහල පොතේ සීගිරිය ගැනද කොහේද තුබුන පඩමක් උගන්නන කාල් මුන් දෙන්නගෙ නම් දෙක රෙජිස්ටර් උනා “විජ්ජුලතා සහ මේඝලතා” කියල. ඕක නං සෑහෙන කාලයක් තිබුන අමතක නොවී. තාමත් අපේ ක්ලාස් වල උන්න අයටනම් ඔය නම් දෙක කිව්ව ගමන් මේ ඩබල ටක් ගාල මතක් වෙනව.

ඔය පන්තියෙ ඉන්න නාහට නාහන කොල්ලො හැමදාම වගේ මුන් දෙන්නව මොකක් හරි බයිට් එකකට අල්ලගන්නව. ඔන්න එක දවසක් මෙහෙම බයිටක් යනව.

මචං දිලීප, උඹලයි අම්මට ගරාජ් එකක් තියනව නේද?

නෑ ඒක තාත්තගෙ අනේ..

පලයං බොරු නොකිය. උඹලයි තාත්තට තියෙන්නෙ වෑන් එකක්නෙ

නෑ මනුස්සයො, වෑන් එක අම්මගෙ.

ඔය උඹ දන්න තරම තමයි. වෑන් එක අම්මගෙ නං තාත්ත හැමදාම අම්මගෙ ගරාජ් එකට වෑන් එක දාන්නෙ කොහොමෙයි ?

අනේ ඔයා දන්න තරම තමයි. වෑන් එක පාක් කරන්නෙ ගරාජ් එක ලඟ මිසක් ඇතුලෙ නෙමෙයි.

ඒ මොකෝ…….?

ගරාජ් එක හැදුවෙ කාර් එක දාන්නනෙ. වෑන් එක දාන්න ඉඩ මදී.

අනේ බං. උඹ දන්න කෙහෙල්මල, උඹ නිදාගත්තම වෑන් එක පාක් කරන්නෙ ගරාජ් එකේ තමා.

අනේ ඔයා පලයං බොරු කියන්නෙ නැතුව.

ඔන්න ඔය වගේ ඩබල් මීනිං කතා අනන්තයි ඌ ඉන්න තැන්වල.

දවසක් ඔය කොළු නඩේම මුන් දෙන්නත් එක්ක ඔට්‍ටුවක් අල්ලල ඉස්කෝලෙ ඇරුනම ගේට්‍ටුව ගාවට යනකන් පුළුවන් නම් පොඩි වාක්‍යයක් කිය කිය යන්න කියල. මුන් හරක් දෙන්නත් ඉතිං “ඔන්න කුණුහර්ප නං බෑ හොඳේ” කියල ටක් ගාල පැනල ඔට්‍ටුව බාරගෙන.

නෑ නෑ කුණු හරුප නෙමෙයි කියල කොල්ලො ටිකත් වාක්‍යය මුන් දෙන්නට පාඩම් කරවල.

උඩ ගෑණු ඉස්කෝලෙයි අපේ ඉස්කෝලෙයි ඇරිල ගේට්‍ටුව ගාවට යනකන් යන්නෙ එකම පාරෙනෙ. ඉතිං අපේ කොල්ලො දෙන්නත් වගේ වගක් නැතුව අර උගන්නපු වාක්‍යය කියව කෙල්ලො කොල්ලො මැදට කියව යනව මෙන්න මෙහෙම.

ඒ කොහු කාලයි මේ කොහු කන්නේ //
මේ කොහු කාලයි ඒ කොහු කන්නේ…..//

Advertisements

50 Responses to විජ්ජුලතාගේ සහ මේඝලතාගේ කොහු කෑම 18+

  1. මාරයාගේ හෝරාව... says:

    හෆොයි…
    අපි නරක් වෙනවා බොල මේවා කියවලා….

    කැමතියි

  2. 😀 😀
    පට්ට ඩබල. තාමත් ඒ කොහු කාලා මේ කොහු කනවද දැන්නේ? 😀

    කැමතියි

  3. අනේ නවම් අයියා…. ඒ දෙන්නට සිදෙන්න වැදුනද?

    ඒක… කාලයි මේක …කන්නේ….

    කැමතියි

  4. ඉකේ….මේ මොන වලත්තයෙක් ද…අපි 18 ට වැඩි උනාට කනකට අහන් ඉන්න පුලුවන් දේවල් ද මේ කියන්නේ…කොටු කොටු දාන්ඩ සීයේ….අපි චූටි කුක්කු පැටව්….

    කැමතියි

  5. XXX says:

    julgaha skul eke karapu kiyadu dewal mathak wenakotath pissu hadenawa mathakada pahala kade hitapu akkala denna.. ara akkala dennage kade.. mata nam me lagadith ara sudu akka meet una,
    e kale wechcha dewal nam kochchara thiyanawada kiyanna…

    කැමතියි

  6. XXX says:

    mathakada issara hitapu mis la set eka thawama mathak wenawa mata nam

    කැමතියි

  7. king says:

    එල එල සොඳුරු පාසල් කාලය

    තෙත්තියන් කතාව දනන්වද කස්ටිය ?

    කැමතියි

    • නවම් says:

      තෙත්තියන් ? අහවල් දෙයක්ද ඒ…

      කැමතියි

        • “තෙත්තියන්
          නිකම් කියනවාට කියනුවා මිස බොහෝ දෙනකු මේ වචන වහරන්නේ නියම අරුත දැන ගෙන නො වේ. මේ වූකලි දෙමළ වදනෙකැයි ඇතැමකුට සිතෙනු ඇති. එහෙත් එය දෙමළ නො වේ. දෙමළ හැඩයක් පමණි ඇත්තේ.

          තෙත්තියන් යන්නෙන් ඇතැමකු අදහස් කරන්නේ අවි ආයුධ මුවහත් කිරීම ය. තව ඇතැමුන් අදහස් කරන්නේ අවි ආයුධ මුවත් තැබීමෙන් පසු මළ නො බැඳීම සඳහා තෙල් ඩිංගක් ගෑම ය. මේ දෙක ම නියම වචනය හා සමඟ ගෑවිලා යන නමුත්, සම්පූර්ණයෙන් නිවැරදි නො වේ.

          තෙත්තියන් යන්නේ නිරුක්තිය පැරැණි පොත් පිංචකින් හමු වූ බව විලියම් අල්විස් පඩිතුමා පසුගිය සතියේ ටෙලිෆෝන් මඟින් දැනුම් දුන්නේ ය.

          හමු වී ඇති ඒ පොත් පිංච කුඩා අත්පොතක් බඳු එකකි. එහි මුල අග ඉරී ගොස් ය. ඒ වූකලි වැල්ලවත්තේ වෙස්ලියන් මුද්‍රණාලයෙන් නිකුත් වු පොතක් බව දැක්වෙන සඳහනක් තිබී ඇත.

          එක් කලෙක දී ඔය වැස්ලියන් මුද්‍රණාලයෙන් වටිනා පොත් පිට වු බව පැරුන්නෝ දනිති. මේ පොත් පිංචෙහි තෙත්තියන් ගැන සඳහන් වී ඇත්තේ පරිවර්තනයක් ලෙසිනි. “ Set teeth of a saw ”යන්නෙනි මේ ‘තෙත්තියන්’ යන්නට ප‍්‍රභවය ලැබී ඇත්තේ.

          මෙහි ඉංගිරිසියෙන් කියන්නේ කියතක දත් කැපීම ය. කියතක දත් කපන්නේ එකක් වමට එකක් දකුණට බරව ය. එයිනි ගස් වැනි දැඩි දේ කැපිය හැකි වන්නේ.

          මේ ඉංගිරිසි යෙදුමේ බඥඥබඩ යන්න බලාගෙන ය “තෙත්තියන්” යන්න හැදී ඇත්තේ. පහු පහු වන විට ‘මුවත් තැබීම’ යන අරුත ද එන්නට ඇති.”

          http://www.silumina.lk/punkalasa/20080518/_art.asp?fn=ar0805189

          කැමතියි

  8. වැප් says:

    තු තු තු මොනවද මේ ලියලා තියෙන්නේ … :DDD
    මමම කොටු දාලා මම ලේන්සුව අරන් බැලුවා :DDDDD

    කැමතියි

  9. Anushka says:

    අඩේ මරුවට තියෙන්න ඇතිබං….කොහු කවිය කිය කිය යනකොට….

    කැමතියි

  10. කරුමක්කාරයෙකුගේ දින සටහන් says:

    ෆට්ට ඩබලක් නේ. ගරාජ් එකේ කතාව තමා එළම හික් හික්.

    කැමතියි

  11. ඇත්තට කාර් එක දාන්න හදපු ගැරෙජ් එකේ වෑන් එක දාන්න බැරිද?…….

    පට්ටම පට්‍ටයි නවම් අයිය… ඒ කොහු කාලයි මේ කොහු කන්නේ… 😉

    කැමතියි

  12. මේ කතන්දරේ කියෙවුවට පස්සෙ මමත් පාරදිගේ යන ගමනුයි බස් එකේ යන ගමනුයි ඔය වාක්‍ය දෙක කියව කියව ගියා. (හිතෙන් කියව කියව ගියේ)

    කැමතියි

  13. එල කතාව එලම වාක්‍ය දෙක .. මමත් අපේ පන්ඩිතයෙකුට මේක කියන්න දෙන්න ඕන ..කියලා වැඩක් නෑ .. කොහොම හරි වෙලාවට තමයි බොරු නම් භාවිතා කරලා කතාව ලීවේ . නැත්තම් යාලුවෝ දෙන්නා ලංකාවට ඇවිදින් නවම් අයියට *කලා යාවි .. නේද ..

    කැමතියි

  14. දැනට අවුරුදු කීපෙකට කලින් (මෑත කාලේ) මටත් ඔය වගේ සීන් එකක් වුනා බන් . . විලි ලැජ්ජාවේ බැරුවා . . .වෙලාවක ඒ සීන් එක ලියන්නම් දිග වැඩි නිසා දැන් බෑ මචෝ මේකේ ලියන්න. . පව් බන් ඒ ඩබල . . හික්ස්

    කැමතියි

  15. අවුලක් වෙන්න නැතුව ඇති බං. ඔය විස්තර කොරපු විදියට මොන කොහුවක්වත් ඕකුන්ට කන්න බෑ කියල හිතල ඕක ඇහිච්ච බවලත්තුයි බලවත්තුයි නිකා ඉන්න ඇති.

    කැමතියි

  16. දෙකක් නැතත් ඔයි වගේ එකෙක් හිටියා අපේ එකේ. අම්මපා මට ඌව මතක් වුනා බං. “අනේ ඔයා පලයං“ කියන කොට…

    කැමතියි

  17. BenZ says:

    පට්ට කතාව මචන් …
    මාත් උබේ ස්කොලේම තමා
    මෙච්චර දවස් උබේ බ්ලොග් එක කියෙව්වා විතරයි. අද තමයි මුලින්ම comment කරේ හරිය

    කැමතියි

  18. අම්මපා මේ කොල්ලො නම්…. කියනවා ඇරෙන්න මම වෙන මොනා කියන්නද?

    කැමතියි

  19. මගෙ පංතියෙත් හිටිය ඔයිං තුන්දෙනෙක්ම . . . . සෝක් ට්‍රිබල අෆ්ෆ . . . . ෆං සාගරයයි . . . කතා ගොඩයි . . . . ලියන්න විදියක් නෑ උං දෙන්නෙක්ම මගෙ බ්ලොග බලනව . . . .
    හරිම සුවීට් උං බනිද්දි . . . . .”ඔයාගෙ ***ට **න්න . . . . ” කියල

    කැමතියි

  20. පට්ටම ආතල්නෙ බං උමලා උන් දෙන්නගෙන් අරං තියෙන්නෙ ………… මාර වාක්‍ය දෙක මචං ………..

    කැමතියි

  21. දුමී says:

    ඉකේයියා…. ඕගොල්ලො අලිම අලි වල් අනේ…!

    කැමතියි

  22. පරක්කු වෙලා හරි පට්ටම ආතල් කතාවක් කියෙව්වේ. මරු මරේ මරු !!!!!!!

    කැමතියි

  23. amila says:

    බටකොළ ආච්චිලා වාගේ නොවැ..
    පට්ටයි නවම්

    කැමතියි

  24. රට ගිය එකානං තාම කොහුකනවා ඇති මයෙ හිතේ….. එහෙ ඇති පදං කොහු තියෙනවනේ නේද?

    කැමතියි

  25. Sahan says:

    mama me dennagen dileepa ekka wada karala thiyanawa. julgaha iskoledi. dannam hodatama wenas.ayyage blog eka digatama baluwata mulinma comment kale me kathawa dakkama….. 🙂 🙂

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: