ක්‍රෙස්කැට් – වින්ඩෝ ෂොපින්


නැත දනින් පහලට ඇඳ කිසිවෙක් එහි

ඇතොත් වැරදී  නැඹ හෝ සිරි මවයි

නෙක විසිතුරු පැලඳි හීන් දිගු පා සරති

ලොබිය පුරාවටත් දුවන පඩිපෙලෙහිත්

නැහැය කෙලින් තැබූ හී සර නෙතින්

විටෙක නවතී ගමන් දැක අරුමෝසම්

දෑත් පි‍ටුපසට බැඳ පිරික්සති තියුණු දෙනෙතින්

අඩියක් පසුපසට විටෙක අඩියක් පෙරට තබමින්

නැවෙමින් ඉදිරියට නැවතත් පසුපසට

සෑහීමකට පත් නොවුණු හැඩයකි මුහුනේ

මීට වඩා ලාබෙට ඇති පිටකො‍ටුවේ

සිතින් පමණකි නැත මුවින් පිටවුනේ

එසිරි දැක රෝමෝද්ගමනය නොවන්නේද

හුදී ජනයාගේ…….

Advertisements

24 Responses to ක්‍රෙස්කැට් – වින්ඩෝ ෂොපින්

  1. මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැත, සිංහල වුවද අලුත් නොතේරෙන වචන ඇත ………….

    කැමතියි

  2. නෙත පිනවීමට පමණක් වින්ඩෝ ශොපිං.
    කාලය ගෙවා දැමීමට වින්ඩෝ ශොපිං.
    කෙල්ල එක්ක ඩේ අවුට් එකකට වින්ඩෝ ශොපිං.
    AC සුව විඳින්නට වින්ඩෝ ශොපිං.

    කැමතියි

  3. අපි ඔව්වා දන්නේ නෑ… තාම පොඩි එවුන්නේ…. ඔය අත්දැකීම් වෙන්න ඇති නේද?

    කැමතියි

  4. අපොයි ඔව්. ඕවයින් බඩු ගන්න ගියාම අතේ තියෙන තුට්ටුවටත් කෙල වෙනවා. මාත් දවසක් එම් සී එක පැත්තේ ගිහින් රවුමක් දාලා ආවා. බඩු ගන්නම නෙමෙයි. වෙනසකටත් එක්ක. නියමයි. මාරම කෙල්ලෝ ගොඩක් තමා.

    අයියගේ කවි නිකන් ගුත්තිල කාව්‍ය වගේ නේ. ඒ ශෛලිය තමා තියෙන්නේ.. ලස්ස්නයි කවි සැට් එක 🙂

    කැමතියි

  5. නවම් says:

    ඒකත් ඉතිං මගේ වැඩක් තමා. ඒකයි ඔය සමාන කමක් පේන්න ඇත්තෙ 😀

    කැමතියි

  6. වල් නවමා…….චික්….මාලු විසේ ගහලා ද කොහේද වල් වෙලා

    කැමතියි

  7. දුකා says:

    ඔය ක්‍රෙස්කැට් එකේ දකින දකින ඒවා ගන්න ගියොත් අපේ නංගීලට අර ලෝකේ පැරණිම රස්සාව කොරන්න වෙනවා නවම් කොලුවෝ

    කැමතියි

    • නවම් says:

      මං ඒත් බැලුව එහම බල බල යන්නෙ එහෙම නංගිලද කියල 😀

      පහුගිය දොහේ ගියා ඒකෙ තියන ස්ටේෂනරි සාප්පුවට, අපෙ අප්පෝ බලන්න එපැයි ඒකෙ බඩුවල ගනං. කිව්වට විස්වාස කොරන්ට අය්යෙ ඇක්සයිස් පොත් තියෙනෙවනෙව රුපියල් එකදාස් දෙසීයටත්. මයෙ සරුවාංගෙම වෙවුලල දාඩියත් දැම්ම ඕං අර හීතල කොරපු කඩේ ඇතුලෙදි.

      කැමතියි

  8. හෙහ් හෙහ් . . . . මාත් හරි ආසම වැඩක් තමා ඕං වින්ඩෝ සොපිං

    කැමතියි

  9. නවම් says:

    හික්.. මොකක් කිව්ව. උඹහැත් යනවැයි ඔව්වයෙ කරක්ගහන්න.

    කැමතියි

  10. Binz says:

    මානව විද්යාව හරි වෙනත් ඕනැම විදියකට මිනිස්සු ගැන අද්යයනයක් කරන්න ඕන නම් ලංකාව කියන මේ ඩුප්පත් රටේ ඉන්න තවත් සමාජයක් ගැන ඉගෙන ගන්න ඔය ෂොපින්ග් මෝල් කියන තැන් නියමයි.එකම දේ එතනට ගිහින් අපි මොලේ මෝල් කරගන්නෙ නැතිව ඉන්න ඕන.

    කැමතියි

  11. වැප් says:

    අවුරුද්දකට විතර කලින් දවසක් මාත් ගියා ක්‍රෙස්කැට්…. මටත් ඉතින් හෙණ ආසාවක් ඇති උනා ඩෙනිමක් ගන්න.. ගාන හයදාස් ගානක්ද කොහෙද…. බැලුවා බැලුවා මං තෝරන පාට නැහැ … ඊලඟ ස්ටොක් එකට එයි කිව්වා…. ඒ පාට … දැන් ඇවිත් ඇති යන්න ඔනේ බලන්න …

    කැමතියි

  12. වැදිලාද මොන හෙනයක්
    එන්නෙ නෑ මේ ලෝකෙ රහක්
    වැහිලාද අහුබුදුවෙක්
    කෝ මේකෙ එළි සමයක් ?

    🙂

    කැමතියි

  13. අපිට ඉතින් වින්ඩෝ සොපින් කරන්න තරම් දියුනු කඩ අසාප්පු නෑ නේ ! සොපින් කරනවා නම් අනිවා කඩේ ඇතුලටම යන්න ඕන ,

    කැමතියි

  14. මරු කවි ටික…. මමනම් ආස නැහැ වින්ඩෝ ශොපිං වලට. දෙයක් ගන්න ඕන නම් ගියා..ගත්තා..ආවා. මම ඉතින් වින්ඩෝ ශොපිං කියලා යනවනම් යන්නේ ඉතින් පොත් කඩේකට තමයි. ගිහිල්ලා පැය ගානක් බලල බලලා හරියන පොතක් හම්බ උනේ නැති උනොත් එනවා.

    ක්‍රෙස්කැට් එකේ, විජිතයාපා බුක්ශොප් එකේනම් වින්ඩෝ ශොපිං කරන්න පුලුවං. එළියේ තියෙනවනේ පොත් රාක්ක් දෙක තුනක්… 🙂

    කැමතියි

  15. Bindi says:

    අදමයි මේ කවි පිටුව පළාතේ ආවේ . ඔයා කැමති සදැස් වලටද නිසදැස් වලටද නවම් . මන් මේ අහන්නේ මගේ බ්ලොග් එකේ කවි වාදය ඇවිලිලා නිවිලා . කැමති නම් ඇවිත් පිදුරු ටිකක් දාල යන්න කියන්න .
    නෙලුම් විල

    http://nelumwila.blogspot.com/2011/07/blog-post_08.html

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: