මෙය සත්‍යක් නම් මුන්ට දිය යුතු දඬුවමක් හිතාගත හැකිද?

මෙම සටහන ඊ-මේල් පණිවුඩයක් හරහා මට ලැබුනු එකකි.

Advertisements

29 Responses to මෙය සත්‍යක් නම් මුන්ට දිය යුතු දඬුවමක් හිතාගත හැකිද?

  1. රජකාලේ දීපු දඞුවම් දෙන්න ඕන ………………..
    උල තියන එක, ඉරන එක, කටු ඉඹුල වගේ ඒවා ……………

    කැමතියි

  2. asanka says:

    නොදකින් පර බල්ලෝ,මුන්ව හම ගහන්න ඕනනේ,

    කැමතියි

  3. Hasitha says:

    වාණිජකරණයට ලක්වුණු සමාජයක මිනිස් ජීවිතයක වටිනාකම හරි අඩුවෙන් ගණන් අරගෙන තමන්ගේ ලාභය ගැන හිතන්න පුරුදුවෙලා තියෙන්නේ 😦

    කැමතියි

    • නවම් says:

      ඔය සමාගම් මහාපරිමානයෙන් මිනිස් ජීවිතවල වරිනාකම අවතක්සේරු කරද්දි අපි හැමෝමත් සුළු වශයෙන් හෝ මිනිස් ජීවිත අවතක්සේරුකරල අහවරයි. පාරට දාන කුණු ටික, වත්තෙ පහල තියෙන වතුර පිරිච්ච වලං කෑලි, යෝගට් කෝප්ප, හබරල ගාල හොඳම උදාහරණ.

      කැමතියි

  4. මාරයාගේ හෝරාව... says:

    මෙය මෙසේ පල කලාට ස්තූතියි නවම්…

    කැමතියි

  5. නදී... says:

    අනේ දෙය්යනේ,මමත් උපන්නෙ රජරට,ඒදා ඉදන් මේ දක්වා අපේ ගමේ මිනිස්සු කී දෙනෙක් නම් වකුගඩු රෝගෙ නිසා අකාලෙ මියැදුනාද? මේක ඇත්ත නම් අදාල අයට නිසි දඩුවම් දියයුතුයි.

    කැමතියි

  6. Buwa says:

    මේක ඇත්තක්ද ? පලවෙනි ගැටලුව ඒක . මොකද ඔය පරීක්ෂන කරපු මහත්තයා බටහිර විද්‍යාව එක්ක තරහකින් ඉන්න පොරක් එහෙම නැතුව මිනිස්සුන්ගෙ ජීවිත ගැන ආදරේට වැඩ කරන පොරක් නෙවෙයි .

    සත්‍යක් නම් ලංකාවේ නීතියෙන් දැනටමත් තහන්ම් ආසනික් අඩංගු රසායන මෙච්චර කාලයක් ගේන්න දුන්නේ කව්ද ?

    පරීෂන ප්‍රතිපල සත්‍ය නම් දැනටමත් රට පුරා වෙලඳ සැල් වල තියන ඔය රසායන ද්‍රව‍ය විකුනන එක වලක් වල නියෝග නිකුත් කරන්නෙ නැද්ද ?

    ආරංචියේ හැටියට නම් ඔය කතන්දරේට ඔතන නම් සඳන්හන් නොවෙන අනෙක් සමාගම් ටිකත් මාට්ටු වෙලාලු (ඔය වෙබ් අඩවියමයි කියන්නේ )

    දැනට පරීක්ෂන කරගෙන යනවාය කියලයි නිල වශයෙන් කියන්නේ . ප්‍රතිපලය මට හිතෙන විදිහට නම් මෙහෙම වෙයි . ඔතන ඉන්න සමාගම් අතරින් බොහෝ විට එකක දෙකක ආසනික් අහුවෙනවාමයි . ඊට පස්සෙ ඒ අයට විරුද්ධව ක්‍රියා මාර්ගත් ගනියි . හැබැයි ආසනික් තිබුනත් නැතත් අනික් සමාගම් වලින් ආසනික් අහුවෙන්නෙ නැ . ඊට පස්සේ ජාතියට වින කරපු රසායන ඇල්ලීම ගැන දේශප්‍රේමී පරීක්ෂකයින්ට වගේම මහ තැනටත් ගරු බුහුම ලැබෙයි (සමහර බ්ලොග් කරුවොත් ඒ වැඩේට උදව් කරයි ) , අපිත් සතුටු වෙයි . ඊට පස්සේ බේරුන උන් අපිට ආසනික් කවයි

    මෙහෙම තමා ලංකාවෙ මෙච්චර කලෙ උනේ බලමු මේ පාර වෙනසක් තියෙයිද කියල

    කැමතියි

  7. ආසනික් ප්‍රශ්නේ එක හරියටම දැනගත්තේ මේක කියෙව්වට පස්සේ…

    කැමතියි

  8. “කවුරු හරිද නොව කුමක් හරිදැයි සොයමු”.මේ කතාව නිවැරදිනම් (පුද්ගලිකව නම් මම මේ ප්‍රවෘත්තිය විස්වාශ කරනවා) වැරදිකරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි.

    කැමතියි

  9. arunishapiro says:

    මහා පරිමාණ සමාගම් වලින් භාණ්ඩයක් රට ඇතුලට ඒම නැවතීමේ බලය ඇත්තේ රට ඇතුලේ ඉන්නා අයට ද? මහා පරිමාණ සමාගම් වලට ද?

    සම්පාදිත නීති ක්‍රියාත්මක කරන බලය දී ඇත්තේ කාට ද? මෙම සිද්ධියේ දී රේගු නිලධාරීන්ට ද? රටේ ජනාධිපතිවරයාට ද?

    රේගු නිලධාරීන්ට මරණ තර්ජන ආවේ පිටරටින් ද? නැත්නම් ලංකාවේ මහා පරිමාණ සමාගම් ආයෝජන ඇති ලාංකිකයන්ගෙන් ද?

    සීමිත පිරිසකට පිටරටින් ආනයන කරන්නට අවසර දී ඇති නිසා දේශීය වශයෙන් කිසිවක් නිර්මාණය නොවීම පිටරට නිර්මාණ වරද ද? ලාංකික සැලසුම් වරද ද?

    ආසනික් ටෙස්ටින් කිට් එකක් කඩේකට ගිහින් ගන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් ද? මිල නොව වෙළඳපොලේ එවැන්නක් විකුණන්නට තියෙනවා ද?

    කැමතියි

    • නවම් says:

      රට ඇතුලෙ ඉන්න අය සමාගම් වලින් යැපෙන කොට කටයි **යි දෙකම වහගෙන තමයි ඉන්න ඕනෙ

      රේගු නිළදාරීන්ට තමයි, ඒත් කවුරු හරි දේශපාලකයෙක් එපා කිව්වොත් වැඩේ ලත් තැනම ලොප් වෙනවනෙ

      සමාගම විදේශීය නම් ලාකාවෙ කෙනෙක් හරහා ක්‍රියාත්මක උනත් බලපෑම විදෙශීයයි.

      දේශීය වශයෙන් සිදුවන නිශ්පාදනයන් අවම වීමටට හේතුව සීමිත පිරිසකට පමණක් ආනයනටය අවසර දීම කියල කියන්නේ කොහොමද?

      නිශ්පාදනයේ මිනිස් ජීවිතවලට තර්ජනයක් වන දෙයක් අඩංගු නම් දේශීයද විදේශීයද කියල කිසිම ගැටළුවක් නැ

      ලාංකීය සැලසුම් වල වරද තමයි

      හැම දෙයක්ම තනිවම කරගන්න බැරි නිසා තමයි ඒ ඒ දේවල් සඳහා ආයතන පිහි‍ටුවල තියෙන්නෙ, රජයක් තියෙන්නෙ.

      කැමතියි

  10. Ravi says:

    නවම්, මේ වැඩේ සංදර්ශනයක් වෙන්ඩ ඉඩ නොදී අපි යථාර්තවාදීව කල්පනා කරල බලමුද?

    1. රේගු නිලධාරීන් මේ කරල තියෙන්නෙ එයාලගෙ රාජකාරිය. ඒ මිනිස්සුන්ට පඩි ගෙවන්නෙ ඔහොම හානිකර රසායන ද්‍රව්‍ය රට තුලට ගෙන එන එක වළක් වන්න තමයි. රේගු නිලධාරීන් තම රාජකාරිය කලාය කියන්නෙ දේශ ප්‍රේමී පට්ටම ප්‍රධානය කලයුතු තරම් මහානුභාව සම්පන්න වික්‍රමයක්ද කියල මටනම් ගැටලුවක් මතු වෙනවා.

    2. තමන්ගෙ රාජකාරිය කරන්නට පෙර රටේ ජනාධිපතිව දැනුවත් කරන්නට සිදුවීමෙන්ම අද රට වැටී ඇති තත්වය ගැන මොකක්ද හිතෙන්නෙ? ඒ කියන්නෙ ඔය කියන බහු ජාතික සමාගම් ඒ තරමට බලගතුයි කියන එකද? එහෙම නැත්නම් ජනාධිපතිට විතරක් පහළ බලවතුන්ගේ ආරක්ෂාව ඒ සමාගම් වලට ලැබෙනව කියන එකද?

    3. අනික් වැදගත් කාරණේ තමයි ඔය අහු උනෙ කන්ටේනර් හතක් විතරයි. මෙතෙක් කාලයක් මේ රටට ඔය වගෙ වස අඩංගු කන්ටේනර් කී දාහක් ගෙනෙන්ඩ ඇද්ද? රේගු නිලධාරීන්ට රටට ගෙන්වන හැම කන්ටේනරයම පරීක්ෂා කරන්න බැරි බව ඇත්ත. ඒත් ඔය කෘමි නාශක සහ පොහොර වල වස අඩංගුය කියල රට පුරාම මහ ආන්දෝලනයක් ඇති උනාට පස්සෙ වත් රේගුවට කල්පනා උනේ නැද්ද අඩේ මේ වැඩේ මහ අපරාදයක් නෙව, අපි කොහොම හරි කරල මේ ජාතික අපරාදය නවත්වන්න ඕන කියල.මෙතනත් මේ වැටලීම කරල තියෙන්නෙ පැමිණිල්ලක් ආවට පස්සෙ…..

    4.ඔය කියන පුවත්පත් සාකච්ඡාවෙදි රේගු නිලධාරීන්ගෙන් කිසි කෙනෙක් මෙහෙම ඇහුවෙ නැහැනෙව අම්මප, “මීට කලිනුත් වැටලීම් කිරීමට පෙර ජනාධිපති දැනුවත් කරනවාද?” ” ජනාධිපති දැනුවත් කලයුතුමනම් ඒ සඳහා ඔබගේ ප්‍රධානියා වන රේගු අධ්‍යක්ෂ ජනරාල් හරහා පහසු සහ විධිමත් ක්‍රියා පටිපාටියක් තිබියදී ජනාධිපති මාධ්‍ය ඒකකයට දැනුම් දුන්නේ මන්ද?” ” ඔය කියන බ්‍රහස්පතින්දා ගෙන්නුවේ ආසනික් අඩංගු පළමු බහලුම් තොගයද? එසේ නොමැතිනම් මීට පෙර මෙවන් වස අඩංගු බහලුම් නිදහසේ වරායෙන් පිට වීමට වගකිව යුත්තේ කවුද? ”

    මේ වගෙ මාධ්‍ය සංදර්ශන පවත්වන කොට එහිදී නොකියන කරුණු ගැන කල්පනා කරන එක තමයි වැදගත් වෙන්නෙ මම හිතන විදිහට.

    කැමතියි

    • නවම් says:

      01. කිසි සේත්ම නැත. එනමුත් දේශපාලකයන්ට නතුවී නීතිය ක්‍රියත්මක නොකරන පිරිසක් අතරින් යමෙක් මෙහෙම කලා නම් ඒක අගය කල යුතුයි. ඒත් ඒකෙන් එලිවන නිරුවත වහගන්න්න අත් දෙක විතරක් මදී.

      02. සල්ලි වලට ඔක්කොම යටයිනෙ.

      03 04. තර්කයක් ඇත්තෙම නෑ

      කැමතියි

  11. මේක පලකලාට ස්තූතියි අයියේ මමනම් මේ වගේ දෙයක් ගැන මොනවත් දැනං හිටියේ නෑ … මොනවා කියන්නද ඉතින් සල්ලි වලට විතරක්ම කෑදර උදවියත් මේ ලෝකේ ඉන්නවා නේ ..

    කැමතියි

  12. Rachitha Senevirathne says:

    Muchan mama blog ekak patan gatta. Podi sup ekak denawada prasidda koranna.

    http://rachithasenevirathne.wordpress.com/

    කැමතියි

  13. ishara says:

    ආසනික් වකුගඩු අමාරුවලට වඩා බොහොම භයානක තවත් අනතුරු ඇති කළ හැකි දෙයක්..මෙය මිනිස් පරිහරණයට නුසුදුසුයි කියන එක ඔය නලින් ද සිල්වා මහත්තයා ඉගෙන ගෙන දැන් ගරහන බටහිර විද්‍යාවෙන්ම පෙන්වල දීලා තියෙනවා … මටත් තියෙන මූලිකම ගැටළුව මෙතරම් කාලයක් මෙය සිදු වෙනකන් අපේ නිළධාරීන් මොකද කලේ ? .. තව කාරණයක් මේ වගේ උවදුරු රෑ එලි වෙන කොට සිදු වෙන ඒවා නොවෙයි… රේගු නිළධාරීන් මේ පිළිබඳව නිශ්චිතවම ප්‍රකාශ කලේ කිසිම පරීක්ශාවකින් තොරවද ? .. ලංකාවට එන හැම කෘෂි රසායනක්ම පරීක්ෂාවට ලක් කරන බව මම අහල තියෙනවා.. මේක නුවර ගන්නෝරුවේ ස්ථානයක සිදු වෙන්නනේ..මේ අය කරන මූලිකම දෙය තමයි නිෂ්පාදකය සඳහන් කර තිබෙන සංඝටක වලට අමතරව හානිදායි වන යමක් ඇත්දැයි පරීක්ෂා කිරීම ..ලංකාවේ මෙවැනි ලිපි පළ කරන්නේ බොහොම කරුණු සඳහන් නොකර… මේ රසායන වල ආසනික් අඩංගු බව සනාථ කලේ කොහොමද කියල එලි කරනව නම් මම වඩාත්ම සතුටුයි .. මොකද මේක මහ ලොකු පරීක්ශවක් නෙවේ..නිසි උපකරණ තියෙනව නම්… හොඳම විකල්පය තමයි කෘෂි රසායන භාවිතා නොකර සිටින එක .. විශේෂයෙන් කෘමි නාශක..මොකද කෘමින්ට හානිකර වන බොහොමයක් රසායන කාලයත් එක්ක මිනිස්සුන්ට බලපෑම් ඇති කරනව.. .. ඔය වකුගඩු අමාරුවට අමතරව පිළිකා සම්බන්ධ යම් බියක් ඇති වෙලා නැද්ද ? ..මොකද ආසනික් විශවීමක් නම් වකුගඩු මරණ වලට වඩා පිළිකා මරණ බලාපොරොත්තු වෙන්න වෙයි .. බොහොම ඛේදවාචකයක්..නමුත් මහජනයාට නිසි කරුණු කවුරුවත් ලබා දෙන්නේත් නැහැ.. මේකත් දේශපාලන ගොහොරුවක් කර ගනියි අවසානයට .. නවම් මේ ලිපිය පළ කලාට ගොඩක් ඉස්තුතියි.. තාක්ශනික විස්තරක් සහිතව ලිපියක් පල වුවොත් පල කරන්න මේ සම්බන්ධව

    කැමතියි

  14. මේ කණගාටුදායක තත්වය ගැන දැණුවත් කරන්න එක්වූ නවම් මාවත හා සහෘද බ්ලොග්කරුවන්ට බොහෝම ස්තුතියි.

    ඊයේ ඩේලි මිරර් හි පලවූ පුවතක් අනුව කෘමීනාෂක ආදිය අනුමත කරන අධිකාරීන් විසින් ප්‍රශ්ණයට සුදුහුණු ගෑමේ ප්‍රයත්නක යෙදිලද සැකයක් මතුවේ. ඒ පුවත පහතට සබැඳිය ඔස්සේ:

    http://print.dailymirror.lk/news/front-page-news/46669.html

    කැමතියි

  15. මුන්ට දෙන්න ඕනේ මොන දඩුවමක් ද කියලා තාම හිතා ගන්න බෑ. ඒ තරමටම කරලා තියෙන වැඩේ කුජීතයි.

    කැමතියි

  16. මගේ ගම තියෙන්නෙත් රජරට පලාතෙ. ඒ පැත්තෙ මිනිස්සු 50කට 1ක් වගේ වකුගඩු අමාරු වලින් පෙලෙනවා. නිට්ටාවට සුව වෙන්න කියලා බෙහෙතකුත් නෑ. මේවා ගෙන්නපු මිනිස්සුන්ට නම් සහ ගහනවා.

    කැමතියි

  17. heshan 4771 says:

    දැනට අපිට ලොකු බලපෑමක් මේ වෙන දේවලට විරුද්දව කරන්න අමාරු වෙන්න පුළුවන් . ඒත් මේවා හොදට හිතේ තියාගෙන ඉන්න .අපි වගේ අපේ පවුල් වල ජීවිත ආරක්ෂාව ගැන හිතල මේවට විරුද්දව එළියේ සටන් කරන්න බයේ ඉන්නේ නැති පිරිසක් අනාගතේ බිහි වෙන්න පුළුවන් දැනටමත් බිහිවෙලා ඉන්න පුළුවන් . උන් සටන් පටන් ගත්ත දවසට තිරය ඉස්සරහට එන්න බැරි උනත් තිරය පස්සේ ඉදන් හරි සටනට උදව් කරන්න .නැත්තම් අපේ මුතුන්මිත්තෝ ජීවිත පරිත්ත්යාගෙන් රක ගත්ත අපේ පරපුර උරුමය බිස්නස් කාරයෝ ටිකක් එකතු වෙලා විනාස කරලා දමයි . අපිත් අපේ රටට තියෙන නය ගෙවා ගන්න බැරිව මැරිලා යයි. අපේ දරුවන්ට ඉපදෙන්න රටක නැති වෙයි . ඉපදුනත් සුද්දන්ගේ පුක ලෙවකකා ඉන්න වෙයි.මේක අපේ රට . මේක දැනටත් මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ වෙන දෙයක් වෙද්දෙන් කියල ඉදරිපත් වෙන මිනිස්සු නිසා. උනුත් දැන් හොදටම හති වැටිලා වගේ ඉන්නේ.උන්ව විනාස වෙලා යනකන් නිකන්ම මොන කරන්නද කියල බලන් ඉන්න එපා .බය නම හැංගිලා හරි ඔය බල්ලන්ට පොඩි ගලකින් හරි ගහන්න. එක මේවට කතා කරන මිනුස්සුන්ට ලොකු හය්යක් වෙයි .

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: