නවම්ට මහ රෑ පොලීසි යන්න සිදුවෙයි [මරණීය තර්ජන]

 

ස.. ස…ර්..

ස..ර්… නැගිටින්නකො වදේ…

කවුද ? [ගෝරනාඩුවක්]

අනේ බුදු සර්.. මං නවම්..

මොකෝ මේ මහ රෑ…

තවම මහ රෑ වෙලා නෑ සර්. දහය පහු උනා විතරයි….

හ්ම් හ්ම්.. කාරණාව කියමු බලන්න්න..

අනේ සර්..මට නිර්ණාමික දුරකතන ඇමතුමකින් මහා අමුතු තර්ජනයක් කලානෙව.

හා.. කිරිමේල් වැඩක්.. කිරිමේල් වැඩක්..

පී. සී……. පීඊඊඊ.. සීඊඊඊ……

නැගිටිනව මිනිහෝ.. මේ මහත්තයගෙ පැමිණිල්ල ලියාගන්නවා විගහට.

ම් ආ…… [තඩි ඈනුමක්]

හ්ම්.. කියමු බලන්න…

අනේ බුදු සර්.. මෙන්න මේකයි උනේ…

මම බොහෝම අහිංසක බ්ලොග් ලියන්නෙක්.

මොකෙක් ?

බ්ලොග් ලියන්නෙක්.. බ්ලොග් ලියන්නෙක්.

හ්ම්… ඉතිං……

මට අද තමයි තේරුනේ බ්ලොග් කෙරුවාව පොලීසි ගානෙ ලගින්න වෙන, වැඩේ නූලෙන් හරි ගැස්සුනොත් බො‍රැල්ලෙ තැටියෙන් කන්න දෙන බෝඩිමේ ලගින්න හරි සිද්දවෙන කාරියක් කියල. අවුරුදු තුනක් වැලිකඩ උන්නු මට එච්චර ගේමකුත් නෑ. ඒත් ලැට් පාටියට එහෙම සෙට් උනොත් බඩු හරිනෙව.

මේ ඔක්කෝටම හේතු උනේ මීට විනාඩි දහයකට විතර ඉස්සෙල්ල නන්නාඳුනන නොම්මරයකින් ආපු තර්ජනාත්මක ඉල්ලීමක්. ඉස්සෙලම සුහදව පටං ගත්ත කෝල් එකේ එහා කෙළවරෙන් කතා කරපු මනුස්සයා මගේ අනන්‍යතාවය එලිකරගන්න ලොකුවට උත්සාහ කලා. මං සෑහන්න උත්සාහ කලා කවුද, මොමවද කරන්නේ කියල නොකිය ඉන්න. ඒත් මිනිහගෙ මහ කපටි වෙලඳ ගැට ඉස්සරහ අසරණ වෙච්ච මං පොලීසිය ලාච්චුවට දායි කියල බයෙන් ඔක්කෝම විස්තර වමාරන අපරාධකාරයෙක් වගේ උනා රාලහාමි.

මං කවුද කියල අඳුනගත්තට පස්සෙ මිනිහ ටෙලිෆෝන් එක මහා කැත ගොරහැඬි කටහඬක් තියෙන මනුස්සයෙක්ට දුන්න. ඒ කටහඬේ මහා මඩ ගතියක් පටලිලා  තිබුනා. මිනිහ ඉස්සෙල්ලම ඉල්ලුවේ වාහනයක්. ගානට තිතට නූලට කරන්නම්, සල්ලි වලින් කිසිම අවුලක් නැ කියල මේ දුරකතන ඇමතුම රහසක් විදියට තියාගන්න කියලත් කිව්වා. කොහොම උනත් මම මිනිහට “මචං” කියල කතා කරපු කීප වතාවකම මට දැඩි ලෙස කිව්ව මිනිහට එහෙම කතා කරන්න එපා, මිනිහ සෑහෙන්න උසස් වගේම සෑහෙන්න වයස කෙනෙක් කියල. මට හිතෙන විදියට රාලහාමි ඒ මනුස්සයට මොකක් හරි පර්සනැලටි ඩිසෝඩර් එකක් තියනව, නැත්නං තමන් උසස්, මට මචං කියන්න එපා කියල කියැයි යැ නේද?

හ්ම් හ්ම්.. පැමිනිල්ලට අදාල දේ විතරක් මෙතන කියන්න. ඔය බරපතල බොරු ලොකු වචන මෙතනට ඕනෙ නැනෙ….

හරි රාලහාමි…

මිනිහ කිව්ව විදියටනං  එතන හතර පස් දෙනක් උන්න. මට වටපිටේ සද්දත් ඇහුනා. මට හිතෙන විදියට උන් කට්ටියම කොහේහරි ගුබ්බෑයමකට සෙට් වෙලා පරණ කෝන්තරයක් පිරිමහගන්න කවුරු හරි මරන්න වගේ ප්ලෑන් එක. මගෙන් ඉල්ලුවෙ සුදු පාට වෑන් එකක්. මම හිතන්නෙ ඒ මිනී මැරුමත් ආණ්ඩුවෙ එකවුන්ට් එකට දාන්නද කොහෙද මුංගෙ ප්ලැන් එක. අනික මං පැසෙන්ජර් සීට් කීයක වාහනයක්ද ඕනෙ කියල ඇහුවම ඌ කියාපි ඩ්‍රයිවින් සීට් එක විතරක් තිබුනම ඇති. මරණ එකාව දාගෙන යන්නයි, කුට්ටි කරන්නයි ඉඩත් ඕනෙ කියල.

ආ තව එකක් සර්.. මට යාන්තං ඇහුන අර පහුගිය දොහේ කොහේද මංද කාන්තාරෙක ඔ‍ටු පට්ටියක කිරි දොව දොව ඉඳල ආයෙම ලංකවට ඇවිල්ල දකුණු කොළඹ ඉස්පිරිතලෙ කිට්‍ටුව ඉන්න මැරයෙක්ගෙ නමකිත් කියවෙනව.

හ්ම්… කවුද ඒ…

ඇයි සර් අර, කළු, කොට මහත, හරියට පන්සල් වල ඉන්න ආලවකය වගේ එකෙක්, අර පහුගිය දොහේ හෙළුවැලෙන් පාරෙ ගිහිල්ල ගෑණු බයකලේ..

ආ.. හරි හරි.. මිනිහ ටිකක් දරුණු මනුස්සයෙක් නෙව. තමුසෙ පොඩ්ඩක් විතර පරිස්සං වෙලා ඉන්නව.

පොඩ්ඩක් විතර පරිස්සං උනාම ඇතිද සෑර්….?

මඟුලක් කතාකරනව.

තමුසෙ මේ කියන්නෙ ඇත්තමයි නේද? මේ රෑ හීනෙන් බයවෙලා කෙලං ආව නෙමෙයිනෙව පොලීසි..

නෑ නෑ බුදු සර්. මං ගාව කෝල් එකේ රෙකෝඩ් එකකුත් තියනව. බොරුනං අහන්නකො මේ.

හ්ම්… එහෙනං කතාව ඇත්ත.

කෝකටත් තමුසෙ ඕක පරිස්සම් කරල තියාගන්නව. ඉස්සරහට මේ කේස් එක ඇදුනොත් ඕව සාක්කි විදියට උසාවියට ඉදිරිපත් කරන්න වෙයි,

හොඳමයි සර්.

ඒක නෙමෙයි තමුසෙට ඔය කියපු එවුන් ඇරෙන්න වෙන කවුද සැක?

හ්ම්.. මට මෙහෙම පොඩි සැකයක් තියෙනව.

කොහොම එකක්ද?

මගෙ මේ ෆෝන් නොම්මරේ දන්නෙ බොහෝම ටික දෙනයි. දන්න එවුන්ගෙනුත් මෙහෙම පජාති වැඩක් කරන්න ඉන්නෙ ඊයෙ හැන්දෑවෙ අපේ ගෙදරට ආපු මැන්ටලයක් විතරයි. ඒත් ඉතිං ඌ ඔය බයිසිකලෙන්ද කොහේද වැටිල කකුල කඩාගෙන ඉන්න එකා. ඔහොම වැඩක් කරයිද මංද.

දැං කාලෙ මිනිස්සු විස්වාස කරන්න් බැ ඕයි.

හ්ම්.. මේ මෙතනින් අස්සං කරනව පැමිනිල්ල හරිය කියල.

හරි සර්..

හ්ම්ම්.. එහෙමනං පරිස්සමින් ගෙදර ගිහිල්ල නිදාගන්නව අපිටත් ඩිංගක් ඇහැ පියවගන්න.

Advertisements

42 Responses to නවම්ට මහ රෑ පොලීසි යන්න සිදුවෙයි [මරණීය තර්ජන]

  1. යට ඊයේ පෙරේදා වෙච්ච නිධාන කතාවක් එහෙම තියනවද …………

    කැමතියි

  2. ඩිලාන says:

    මේක නම් මහා කිරිමිනේල් කේස් එකක පෙර සූජානමක්…දැන් මේ කියන ආලවකයට ඕනා ගේමක් දීලා සුටුස් ගාලා රටින් පනින්න පුලුවන්…මොකක් උනත් නවම් පරිස්සමින් ඉදින්,,,අර බස් වලත් එක එකා ඇඩ් දානවා සුදු වෑන් හොයලා

    කැමතියි

  3. කවුද ඩෝ නවම් අයියට එක එක දේවල් කියලා මරණ තර්ජන දාන එකා !!!!!! මට අහුවෙන්ඩ එපා !!! ඕකව මරලා හංගනවා බොලව් !!

    නවම් අයියට අතක් තියලා බලහන්කෝ මොකද උබලට වෙන්නේ කියලා!!!!

    (මෙලෙස බැනීමෙන් පසු මධුරංග ටික දවසකට රටින් බැහැර වන ලදී :))

    කැමතියි

  4. ඔය කළු මහත හාදය ලං‍කාවෙන් යනකම්ම බඩු හම්බු වෙයි වගේ… 😉

    කැමතියි

  5. සෝරෝ says:

    ඔය කියන කෙනා තව කී දෙනෙක්ගෙන් වාහන ඉල්ලුව ද දන්නෑ නේ ඊයේ………. 😀

    කැමතියි

  6. අම්මප මචෝ . . . . මම නං උඹේ ටැලිපෝං නොම්මරේ ගැන කටෙං කෙල බිඳක් හෙලුවෙ නෑ ඔය එක එකා එක්ක. කෝකටත් මටත් කියන්න තියෙන්නෙ ටිකක් විතර පරිස්සමෙං හිටාං කියලතමයි. මටත් ඔය සිද්දිය කනිං කොනිං ආටංචි උනා . . . . . මම කොලේ කෝකටත් සූජානං සරීරෙ කියල පෝං නිමාගෙන හිටීඑකයි.

    ප.ලි.
    හැබැයි උඹට තිබුනෙ උඹේ ලෑන්ඩ්ලෝඩ් කාරයගෙ කැන්ටරේ හරි සෙට් කරල දෙන්න ඕකුංට . . . . ඔය ඊයෙ පෙරේද රට ඉඳල ආවැයි කියන එකා මහම මහ මදාවියෙක්ලු . . . . එලු ඇට කාල, ඔ‍ටු කිරි හෙම බීල නෙව ඇවිල්ල තියෙන්නෙ . . . .

    ප.ප.ලි.
    වල් ඌරො කැකුන තලනකොට මගුල් කන්න බලං ඉන්න හබං කුකුල්ලුත් ඉන්නව . . . උංගෙං ගොඩක්ම පරිස්සං වෙයං

    කැමතියි

    • නවම් says:

      ඕකනෙව කියන්නෙ හොරාට කලිං කෙහෙල් කැන වැට පනිනව කියල.

      මං ඇහැව්වා උගෙන් කැන්ටරයක් එපාද කියල. මූ කිව්වෙ වෙනද කරන හොර හරක් පටවන බිස්නස් එකට නෙමෙයි මේ පාර වාහන හොයන්නෙ කියල. ඉතිං මං නිකා උන්න.

      ඔව් ඔව්. මම ඔය හබං කුකුල්ලු දෙතුන් දෙනෙක්ව හොයාගත්ත. හැන්දෑ වෙනකොට ඉතුරු එවුනුත් හොයාගන්න බැරිය. බැරිම උනොත් අර රෙකෝඩින් එක පබ්ලිෂ් කරල දානව.

      කැමතියි

  7. manik says:

    මොනව වුනාද? ඇයි වැලිකඩ ඉන්න චූටි මාමට කිව්වේ නැත්තේ?
    මැණික්

    කැමතියි

  8. Luckey says:

    වල් ඌරො කැකුණ තලන කොට හබන් කුකුළන්ට මගුල්ලු…

    හික්ස්….වල් ඌරො….කවුද දන්නෙ නෑ…..හික්ස්..

    කැමතියි

  9. ෂුවර් එකට හොද හරකෙක්ට තමා ගේම දෙන්න යන්නේ, කුට්ටි කරන්න ඉතින් වෑන් එක නම් ඉඩ මදි වෙයි

    කැමතියි

  10. gizza says:

    කොහොම උනත් පරිස්සම් වෙල ඉන්න එක හොදයි නවම් මොකද ඔය යකා අරබියේ යකෙක්නේ

    නවම් මම අද තමා ඉස්සල්ලාම එකක් දෑම්මට මමත් හරිම ආසවෙන් කියවන බ්ලොග් එකක් නවම් මවත් ලියන විදිහනම් එල කිරි .

    කැමතියි

  11. දුමී says:

    මම නම් ඔය නාඳුනන නොම්මරවලින් කෝල් ආවහම ආන්සර් කරන්නෙ නෑ. මමත් ඊයේ දෙයියනේ කියලා ගෙදරට වෙලා මැච් එක කාරිය බලාගෙන ඉන්නකොට ඔය වගේ නාඳුනන නොම්මරයකින් කෝල් දෙක තුනක්ම ආවත් මම නෙමෙයි ඒවට උත්තර දෙන්න ගියේ.

    මොනව උනත් නවම් මලේ පොලෝසි ගිය එක නම් හොඳ වැඩක්. ශරීර ආරක්ෂාව වෙනුවෙන් ඔය වගේ තද තීරණ ගන්න ඕන වෙන වෙලාවල් තියෙනවා….

    කැමතියි

  12. මාරයාගේ හෝරාව... says:

    හුකා ජලා…මටත් ඔහොම කොල් එකක් ආවානේ ඉයේ රෑ..හැබැයි ඒනං වැරදිලා ආව කොල් එකක්…මොකද ඒ කතා කල ඔන කමක් නැති මැන්ටලයා වෙන එකෙක් කියාගෙන හිතලා තමා මට කතා කොලේ.. යකෝ මම මේ මාරයා කිව්වා විතරයි ෆෝන් එක කට් උනා..මං හිතන්නේ නොම්මරේ මාරු වෙන තරමට කතා කරපු එකාට කට් වෙන්න වැදිලා හිටියේ..

    පස්සේ අද බලද්දී පස්සේ ආව මිස් කෝල් දෙහෙකුත් තිබුනා ෆෝන් එකේ..කොහෙද ඊට පස්සේ මං වෙන වැඩකට පැටළුනානේ..ඒකෙන් වැඩේ මිස් උනා මට..නැත්තං මටත් රෑම පොලිසි යන්න වෙනවා..

    නොදකින් මේ රෑට රෑට සෙට් වෙලා අනිත් උන්ට දුක හිතෙන්න කොල් දෙන බේබදු ළමා සමාජයේ මැරයෝ ටික…

    කැමතියි

  13. abeetha says:

    කවුරු උනත් කරලා තියෙන වැඩේ කැතයි…. එහෙම කරන්න හොඳ නෑ මිනිස්සුන්ට. නින්ද කියන්නේ දිව්‍ය සැපතක් නොවැ.. නින්ද කැඩුවානම් වැරදියි….

    මම කිව්වේ පොලිස් රාලහාමිගේ නින්ද ගැන මල්ලි… 😀

    කැමතියි

  14. වැප් says:

    හික් හික් මටත් අවා ඔය කියන කෙනාගෙන්ම කොල් එකක් ….

    හැබැයි මිනිහා යන්න ඇති නඩුව දාන්න මට විරුද්ධව :DDDD

    කැමතියි

  15. අඩෝ කව්ද ඩෝ අපේ නවම් අයියව බය කලේ….? (කව්රු වුනත් මොකෝ ඕකට ගේමක් දෙන්න ඕනේ නම් කියපං, මාත් හෙන සප් ඈ….)

    කැමතියි

  16. අම්මපල්ල මටත් ආවා ඔය කියන අමන රැලගෙන් කෝල් එකක් !!.. (කඳුලු පිහිමින් ) මට අඩෝ කියලත් කතා කලා බං .. (හොටු පිහිමින් ) මගෙ අම්මත් මට අඩෝ කියලා කතා කරලා නෑ බං .. ඔය බය නැති එකයි . බඩ මහත එකයි මාව කිඩ් නැප් කරන්න අපේ ගමට එනවා කියලත් කීවා ..දැන් මම කල්පනා කරන්නේ මම මොකද කරන්නේ කියලා ..

    අනික ඔය අමුවෙන් දුවපු මෑන් අපේ ගමේ ආවොත් මම වසලා හමාරයිනේ .!

    කමක් නෑ මම තීරණයක් ගත්තා . අපේ ගමට ආදෙන්කෝ ! උඹට බැන්න එකටත් එක්ක වාඩුව ගන්නම් .මම කෝකටත් ඊයේ ඔය වෙලාවෙම ගිහිං පොලීසියේ පැමිනිල්ලක් දැම්මා ..

    කැමතියි

  17. …………………”කිමේක්දැ, පොල් කැබැල්ලක් කටින් ගත් කාල වර්ණ යක්ෂයෙක් අප ලුහුබදිනා සෙයකි. ඒකාන්තයෙන් මූ අප මරා කන්නට පැමිණි සෙයකැ“යි සිතු මිනිස්සු මහත් භයින් ත්‍රස්තව හිස් ලූ ලූ අත දිවයන්නට විය.

    ඉදින් මූ එක්පාදයක් තබන විට උන්ගේ උදරය දෙවරක් කම්පා වෙයි………………………….

    කැමතියි

    • දුමී says:

      අහෝ, සුදු සඳුන් කැබැල්ලක් අතින් ගත් මහෞෂධයෙක් වන් වූ දුමියාට මේ කරනා අපහාස, කරන්නාවූ මුළු ලොව නොඋහුලවනා ගෝරනාඩු, මෙලොව වසනාවූ, තිස් තුන් කෝටියක් වූ දේව සභාව බාරයේ විභාගයට ගෙන චෝදනා කරන්නවුන්ට ඇවැසි දඬුවම් දෙනු……!

      කැමතියි

    • දුමී says:

      බුදුන්ටත් ගල් පෙරල්වූ දේවදත්තයන් සිටියාවූ මේලොව, මේ පෘතග්ජනජෙක් වූ දුමියාට, ශ්‍රී ලංකා දේශයට සැපත් වී මොහොතක් ගත වෙන්නට පෙර , උහුලන්නට වූ අතොරක් හිරි හැර උහුලන්නට ඇවැසි වාසනාව හා ශක්තිය උදා වේවා…! ඒ වාගෙම ද්වේශ සහගත චෝද්නා කරන්නවුන් සහ, දුමියාගේ ශ්‍රී දේහය විකෘති කොට රූපයට නගන්නට වලිකන දත කන සෑම සිත්තරෙකුටම නැවතත් පින්සලක්, පැන්සලක් අතින් ගන්නට නොහැකි ලෙස ඇඟිලි කොරවී, උලුක් වී යෑමට සිදුවේ යැයි සක් සුදක් සේ පැහැදිලියි…!

      කැමතියි

    • නවම් says:

      එසේ යැ.. බුදුන් කල තුන් බියෙන් විසාලා මහනුවර ඇලළී ගියේ කෙසේද, එසේම මේ ඩුබායි ඔ‍ටුවාගේ ලංකාගමනයෙන් මුළු මහත් සිරිලකම අමනුෂ්‍ය භීතියකින් ඇලළී ගොසිනි.

      මේ දිනයන්හි එම ආලවක වන් පුරුෂයාණෝ දිනපතා සිය සහචරයන් හා එක්ව දූ කෙළියේ යෙදෙමින් නැහැමින් රහමෙර පානය කරමින් මහත්වූ කළබගෑණියක් කරන්නාහුයැ..

      උනුගේ සහචරයනුද මෙහි පසු විපාක ගැන නොසලකා මෙය මහත් වාසනාවකැයි සිතා ඔහුගේ හැඹිලියෙන් ආහාර බුදිති.

      කැමතියි

  18. හූ……හූ…….. ඩුබායි ඔටුවා……

    කැමතියි

  19. Observer says:

    ඌරො රැල එකතු වෙලා කැකුණ තලනව එහෙනං ඈ……

    කැමතියි

  20. හසී says:

    හිකිස්‌ මරු මරු ඒවා සිද්ද වෙලානේ 🙂

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: